කොටි හඩ නිහඩයි ...

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
කොටි හඩ නිහඩයි ...

ශවේන්ද්‍රගේ අභියෝගයට පැය 48 යි - චැනල් ෆෝ නිහඬයි.

2011 ජූනි 24 සිකුරාදා- පස්වරු 06:43


ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඇතුළත් චිත‍්‍රපටයක් විකාශය කළ චැනල් ෆෝ නාළිකාවට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කළ අභියෝගයට පැය 48 ක් ගත වී ඇතත්, අදාළ නාළිකාව ඊට මෙතෙක් ප‍්‍රතිචාර දක්වා නැහැ. නිව්යෝර්ක් එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශී‍්‍ර ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම අභියෝගය කළේ රාජ්‍ය නොවන සංවිධාන 03 ක් එක්ව, අදාළ චිත‍්‍රපටය නිව්යෝර්ක් හීදි ප‍්‍රදර්ශනය කළ අවස්ථාවේදීයි. එහිදී අදාළ පාර්ශව නැගූ සියළු ප‍්‍රශ්නවලට නොබියව පිළිතුරු දුන් මේජර් ජෙනරාල්වරයා අදාළ චිත‍්‍රපටය මිනිත්තු 50 කට ආසන්න කාලයක් විකාශය කළේ නම් ඊට පිළිතුරු දීමටද මිනිත්තු කිහිපයක් නාළිකාව විසින් ලබාදිය යුතු බවද, ප‍්‍රකාශ කළා. ඉන් අනතුරුවද, නිව්යෝර්ක් එක්සත් ජාතීන්ගේ ශී‍්‍ර ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිතවරයා ලොව පිළිගත් අනෙකුත් මාධ්‍ය ආයතනවලින්ද මෙම ඉල්ලීම කර තිබෙනවා. එහෙත් මාධ්‍ය නිදහස පිළිබඳ අගයන ලොව පිළිගත් කිසිදු මාධ්‍ය ආයතනයක් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කරුණු දැක්වීමට මෙතෙක් මිනිත්තු කිහිපයක් වෙන්කර දී නැහැ. මේ වනවිට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිව්යෝර්ක් නුවර සිටින අතර, චැනල් ෆෝ නාළිකාවේ ශී‍්‍ර ලංකාවට එරෙහි චිත‍්‍රපටය නිර්මාණය කළ කැලම් මැක්රිද සිටින්නේ නිව්යෝර්ක් නුවරයි.