Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොණ්ඩයා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලු රෙද්දකින් ඇස් බැදලා

හෝස් පයිප්පවලින් පොලුවලින් ගැහුවා

රටම දන්න කොණ්ඩය කතා කරයි

* මේ සිද්ධිය නිසා එයා මාව දාල ගියා

* සේයා මැරුවා කියලා කිව්වේ පොලිසියෙන් තවත් ගුටිකන්න බැරි නිසයි

මම ඔහු දෙස බලා සිටියෙමි. මිනිස්සු ඔහුට වනචාරියකු යෑයි කීහ. අමු මස් බුදින්නකු බවද කීහ. ඇතැමුන් ඔහුට හෙණ ඉල්ලීය. ඔහු එල්ලා මරා දැමිය යුතු යෑයි කෑගසන්නට වූහ. කාලකණ්ණි තිරිසනා යෑයි කියමින් ශාප කර කාරා කෙළ ගැසූ අයද ඒ අතරේ සිටියහ. මම තව තවත් බලා සිටියෙමි.

මේ මා දකිනුයේ එවන් වූ වනචාරියකුද? නැත. කිසිසේත්ම නැත. යෞවනයේ නව විලාසිතාවට අනුව වවා ඇති කොණ්ඩය මනාව පීරා, සෝදා පිරිසිදු කරන ලද වස්ත්‍රයකින් ඔහු සැරසී සිටින්නේය. දෙනෙතේ ඇත්තේ ඉතාම අසරණ වූ බැල්මකි. ඉතින් හේ වනචාරියකු වන්නේ කෙසේද? එසේ නම් මිනිසුන් ඔහුට වනචාරියා යෑයි කීවේ ඇයි? ඒ පොලිසියේ කීමටය. ඔහුට ඒ අධම සහතිකය දුන්නේ පොලිසිය විසිනි.

කොටදෙණියාවේ සේයා සදෙව්මි ඝාතනයේ විමර්ශන සිදු කරන්නට ගොස් පොලිසිය ඔහුට ඒ සැහැසිකම කළේය. එකී විමර්ශනයේදී කොටදෙණියාව පොලිසිය හත් පොළේ ගා ගනිද්දී ඒ කටයුත්ත භාර ගත් සීඅයිඩීය පළමුව කීවේ දැරිය ඝාතනයේ සැකකරු වන්නේ කොටදෙණියාව අකරන්ගහ ගමේ ඉංගම්මාරුවේ සිටි දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා කියාය.

නමුත් අවසානයේ පොලිසියේ නිරුවත රට ඉදිරියේ ප්‍රදර්ශනය වෙද්දී වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි මත අධිකරණය මගින් දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් ආදරණීය කොණ්ඩයා එකී චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබීය. එසේ නිදහස් වූ දා පටන් ඔහුට සිදු වූයේ කුමක්ද යන්න අනෙකකුගෙන් නොව ඔහුගෙන්ම අසා දැන ගැනීමේ දැඩි වුවමනාවක් අපට තිබිණ.

ඒ අන්කිසිවක් නිසා නොව, ඒ අසරණයාට සාධාරණයක් සිදුවිය යුතු නිසාය. ඉතින් අපි වෙහෙසුනෙමු. ආදරණීය කොණ්ඩයා මොහොතකට හෝ අල්ලා ගන්නට උත්සාහ කළෙමු. අවසානයේ අපට එය කළ හැකි විය. සේයා ඝාතන චෝදනාවෙන් නිදහස් වුවද වෙනත් නඩු කටයුත්තක් සඳහා අධිකරණයට රැගෙන එන මොහොතක "දිවයින ඉරිදා සංග්‍රහය" ඔහු වෙතට සමීප විය.

එය පහසුවෙන් කළ කටයුත්තක් නම් නොවීය. සියල්ලන්ගේ ඇස් වසා ඉතා සූක්ෂම මෙහෙයුමක යෙදෙන්නට එහිදී අපට සිදුවිය. අසරණ වූ දෙනෙතකින් යුතුව ඔහු මා ඉදිරියේ නතර වූයේ එහිදීය. මා නැවතත් ඔහු දෙස බලා සිටියෙමි. අවසානයේ ඔහුගේ හඬ අවදිකරන්නට උත්සාහ කළෙමි.

"දුනේෂ්.. මොකක්ද ඔයාට වුණේ..?

මගේ විමසීමත් සමගම සැණෙකින් ඒ ඇස් රතුවී දිලිසෙන්නට විය. මේ ඔහුට දුක දිය කරන්නට ඉඩ දියයුතු මොහොතය. ඉතින් මම නිහඬ වූයෙමි. අවසානයේ ඔහු සිය බිඳුණු හඬ මා ඉදිරියේ අවදි කරන්නට විය.

"පොලිසිය මට ගැහුවා.. මට හොඳටම ගැහුවා.. මම ඉගෙන ගත්තේ පහේ පන්තියට විතරයි.. ඒ දවස්වල අපේ තාත්තා හැමදාම බීගෙන ඇවිත් අම්මටයි අපිටයි ගහනවා.. ඒ වෙලාවට මායි අයියයි ගෙදරින් එළියට දුවනවා.. මහ රෑට අපි පාරේ අගුපිලවල්වල නිදා ගන්නේ..

"මේ නිසා තමයි මගේ පාසල් ගමන නතර වුණේ.. තාත්තගේ බීම නිසා ගෙදර අගහිඟකම් ගොඩාක් තිබුණා.. ඒවා ඉදිරියේ මායි, අක්කයි, අයියයි, මල්ලියි, අම්මයි වේලක් ඇර වේලක් කාලයි ජීවත් වුණ දවස් අනන්තයි.. තාත්ත මුල් තැන දුන්නේ බීමට..

"ඉස්කෝලේ යන එක නැවත්තුවට පස්සේ ගෙදර අඩුපාඩු නිසාම මම අපේ ගමේ කඩේක වැඩට ගියා.. හම්බවෙන කීය හරි අම්මගේ අතට ගෙනත් දුන්නා.. එහෙම ටික කාලයක් ඉඳලා ගෙවල් පැත්තේ තිබුණු පාපිසි වැඩපළක වැඩට ගියා.. ළමයෙක් වුණාට එදා ඒ විදිහට තමයි මගේ ළමා කාලය ගෙවිලා ගියේ.. කොහොම හරි අපි ලොකු වුණා.. තරුණ වයසට ආවට පස්සේ කුලී වැඩ කරන්න පටන් ගත්තා..

"කුලී වැඩකරන එක එපා වෙලා 1996 මම යුද හමුදාවට බැඳෙන්නත් හැදුවා.. ඒත් ඒ දවස්වල මගෙත් එක්ක ගමේ ගෑණු ළමයෙක් යාලුවෙලා හිටියා.. හමුදාවට ගිහින් මැරෙයි කියලා බයට එයා යන්න දුන්නේ නැහැ.. එයා මට ගොඩක් ආදරය කළා..

ප්‍රේමය සුන්දරය.. එවන් වූ පළමු ප්‍රේමයක් දුනේෂ්ටද තිබී ඇත. මිනිසුන් අතරමංවී විවිධ චෝදනා කළද ඔහු ඒ ප්‍රේමයේ මිහිර විඳින්නටද ඇත. සුන්දර හදවතක් නැත්තකුට පෙම් කළ හැකිද? දුනේෂ් ඒ ප්‍රේමණීය අතීතය සිහිපත් කළේ මෙසේය.

"මගේ ඒ සම්බන්ධය නතර වුණා.. එයාලගේ තාත්තට ගොඩක් සල්ලි තිබුණා.. මම ඉගෙනගෙන නැති කුලී වැඩ කරන කොල්ලෙක් නිසා එයාගේ ගෙදරින් සම්බන්ධය නවත්තන්න කියලා බල කළා.. අන්තිමේ දවසක් ගෑණු ළමයගේ තාත්තා පොලිසියට ගිහින් මාව ගෙන්නලා කලගෙඩිහේන පැත්තේ තියෙන පන්සලකට අරගෙන ගියා..

ඒ ගිහින් කිව්වා එයාගේ දුවත් එක්ක තියෙන සම්බන්ධය නවත්තනවා කියලා පොලිසිය ඉස්සරහදී පන්සලේ අත තියලා දිව්රන්න කියලා.. ඉතින් මට කරන්න දෙයක් තිබුණේ නැහැ.. මම දිව්රුවා.. එතනින් එහාට මගේ ඒ ආදර කතාව නතර වුණා.. හැමදේම අමතක කරලා මම කුලී වැඩ කරලා අම්මවයි මල්ලිවයි බලා ගත්තා.. එතකොට මට අවුරුදු විස්සක් විතර ඇති. මට ඉගෙන ගන්න නොලැබුණාට මම මල්ලිට ඉගැන්නුවා..

"මේ අතරේ තමයි දවසක් අපේ අයියා කසාද බැන්දා කියලා අක්ක කෙනෙකුත් අරගෙන ඇවිත් අපේ ගෙදර වත්තේ වෙනම පැලක් හදාගෙන පදිංචි වුණේ.. අයියගේ බිරිඳ හරිම වසයි.. එයා අපේ අම්මටත් ගහනවා.. අයියගේ කසාදේ වැඩි කලක් තිබුණේ නැහැ.. අවුරුද්දකට විතර පස්සේ ළමයි දෙන්නෙකුත් ඉන්දැද්දී ඒ ගෑනි අයියව දාලා ගියා.. ඊට පස්සේ අයියත් ගෙදරින් ගියා..

ළමයි දෙන්නව අම්මට භාර ගන්න වුණා.. එතකොට අයියගේ පුතාට වයස මාස තුනයි.. ගියා ගියාමයි අපේ අයියා ඒ දරුවෝ දෙන්නා දිහාවත් එතනින් පස්සේ ඇහැක් ඇරලා බැලුවේ නැහැ.. ඒ බරත් වැටුණේ අම්මගේ කර උඩට.. අන්තිමේ කුලී වැඩ කරලා හොයන තුට්ටු දෙකෙන් ඒ ළමයි දෙන්නටත් කන්න බොන්න දුන්නේ මම.. බැරිකම නිසාම අන්තිමේ අපේ අම්මා අයියගේ දුවව එයාගේ බිරිඳගේ ගෙදරට ගිහින් දුන්නා.. පුතාව අපි තියා ගත්තා.."

දුනේෂ් ප්රියාශාන්ත හෙවත් ආදරණීය කොණ්ඩයා මතින් මත්වී සිටින්නකු යෑයිද ඇතැම්හු කීහ. මේ ඒ පිළිබඳ දුනේෂ් කළ අනාවරණයයි.

"මම පාපිසි වැඩපළේ වැඩ කරන කාලේ දවසක් දෙකක් එතන වැඩ කරපු කොල්ලොත් එක්ක එකතු වෙලා ගංජා බිව්වා. ඒත් ඒවා බිව්වට පස්සේ මට කිසි දෙයක් මතක නැතුව යනවා.. ඒ නිසා මම ඒක නැවත්තුවා.. කුලී වැඩකරලා ගන්න සල්ලි ටික අම්මට දීලා හවසට අරක්කු ටිකක් බොන්න පුරුදු වුණා.. ඉන් එහාට බුලත් විටක් කනවා ඇරෙන්න වෙන දෙයක් මම කරලා නැහැ..

මෙරට සමාජය ඔහුට සොරකු යෑයිද අමුමස් බුදින වනචාරියකු යෑයිද කියනු ලැබිණි. මේ ඊට දුනේෂ් දුන් පිළිතුරය.

"අපේ ගමේ ඉන්නවා මගෙත් එක්ක තරහා කෙනෙක්.. එයා තමයි ඒ හැම කතාවක්ම ප්‍රචාරය කරලා තිබුණේ.. මම කවදාවත් යක්ෂයෙක් වගේ හැසිරිලා නැහැ.. සොරකම් චෝදනාවක් මට එල්ල වෙන්නෙත් එක සිද්ධියක් නිසා.. මම කිව්වනේ හවසට අරක්කු ටිකක් බිව්වා කියලා..

"ඒ දවස් ටිකේම මට කුලී වැඩක්වත් හම්බ වුණේ නැහැ.. ඔය අතරේ දවසක් ගමේ යාලුවෙක් කම්බි රෝලක් අරගෙන ඇවිත් විකුණමු කිව්වා.. අරක්කු ටිකක් බොන්න සල්ලිත් නැති නිසා මම ඔහුත් සමග ගමේ කොනක තිබුණ යකඩ බඩු කඩේකට ඒක වික්කා.. විකුණලා අපි දෙන්නා ඒ සල්ලිවලින් බිව්වා..

ටික දවසකට පස්සේ පොලිසියෙන් ඇවිත් මාව අරගෙන ගියා කම්බි රෝලක් හොරකම් කළා කියලා.. ඒකට තමයි මට හොරා කියන්නේ.. මම කරපු හොරකම ඒක..

සේයා සිද්ධියත් සමග දුනේෂ් යනු ඊට පෙරද ළමා අපචාරයක් සිදු කළ එකකු යෑයිද චෝදනා කෙරිණ. මේ ඔහු කියන්නේ ඒ ළමා අපචාරයේ කතාවය.

අපේ ගමේ හිටියා චමින්ද කියලා කෙනෙක්.. එයාලගේ ගෙදර කසිප්පු විකිණුවා.. දවසක් පොලිසියෙන් පැනලා චමින්දගේ කසිප්පු අල්ලන් ගියා.. ඒවෙලේ ඔහු මට කතා කරලා කිව්වා එයා වෙනුවට නඩුවට ඉදිරිපත් වෙන්න බේර ගන්නම් කියලා..

ඉතින් මම ඉදිරිපත් වුණා.. ඔහු මාව ඇප තියලා පොලිසියෙන් බේර ගත්තා.. ඒත් නඩුවට ආවේ නැහැ.. අන්තිමට උසාවියෙන් මට දඩයක් නියම කරලා තිබුණා.. මම උසාවි ගියේ නැති නිසා පොලිසිය මාව හොයන්න ගත්තා.. ඒ කරදරයෙන් බේරෙන්න බැරි තැන දවසක් මම ගිහින් චමින්දට කිව්වා දඩේ ගෙවලා මාව නිදහස් කරන්න කියලා.. ඔහු එතකොට කිව්වා උඹට ඕනේ නම් ගෙවා ගනින් මම දැන් බිස්නස් එක නවත්තලා තියෙන්නේ කියලා..

එදා මායි චමින්දයි අතරේ බහින්බස් වීමක් සිද්ධ වුණා.. ඒ දවස්වල ඔහුට හිටිය අවුරුදු පහළවක විතර දුවෙක්.. මම බැන්නට පස්සේ චමින්ද ගිහින් පොලිසියේ පැමිණිල්ලක් දාලා තිබුණා මම එයාගේ දුවට අතවර කරන්න හැදුවා කියලා.. ඒක තමයි මට එල්ල වුණු ළමා අපචාර චෝදනාව.. ඒ නඩුවෙන් දැන් මම නිදහස් වෙලා ඉන්නේ..

දුනේෂ් ප්රියශාන්තගේ අතීත කතාව එසේ වෙද්දී ඔහුගේ ආත්මයම කැලලක් වූ සේයා ඝාතනයේ සැකකරුවකු වීමේ කතාවද ඔහු කියන්නට විය. ඒ මෙසේය.

"සේයා දරුවා අතුරුදන් වෙනකොට මම හිටියේ ඉංගම්මාරුවේ අක්කලාගෙ ගෙදර.. මාස තුනක විතර ඉඳන් එහේ හිටියේ.. මම එහේ ගිහින් අක්කත් එක්ක එයා වැඩකරපු වැඩපළේ වැඩට ගියා.. ඒ ගත්ත පඩියෙන් තමයි අම්මට සල්ලි දුන්නේ..

එදා සිකුරාදා දවසක්.. මායි අක්කයි වැඩ ඉවරවෙලා අක්කගේ දුවවත් එක්කගෙන ගෙදරට ආවා.. අපි එනකොට අපේ අයියත් එහේ ඇවිත් හිටියා.. එදා මස්සිනාට පඩි ලැබෙන දවස.. ඔහු සවස අරක්කු බෝතලයකුත් අරගෙන ගෙදරට ආවා.. පස්සේ මායි මස්සිනයි රෑ අරක්කු බීලා නිදා ගත්තා.. ඒත් අයියා බොන්න බැහැ කිව්වා..

එදා රෑ මායි අයියයි එකතැන නිදා ගත්තේ.. මට රෑ 10.00 ට විතර තේරුණා අයියා මගේ පපුවට උඩින් පැනලා යනවා.. මම ඒක ගණන් ගත්තේ නැහැ.. පහුදා උදේ බලනකොට එයා ඇඳගෙන හිටිය සරම හොඳටම තෙමිලා වැලේ දාලා තිබුණා.. ඇහුවම කිව්වේ මාළු දැලක් දාන්න ගියා එතකොට තෙමුණා කියලා..

එදා තමයි සේයා අතුරුදන් වුණේ.. පහුවෙනිදා පොළට ගිහින් ඇවිත් අක්කයි අපිට කිව්වේ ගමේ ළමයෙක් නැති වෙලා කියලා.. එතකොටත් අයියයි මායි එහේ හිටියේ.. පස්සේ අයියා සෙනසුරාදා සවස 3.00 විතර බතුත් කාලා යන්න ගියා.. මේ අතරේ ඉරිදා සේයාගේ මිනියත් හම්බවුණා.. ඒත් මට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ..

මම තවත් දවස් පහක් විතර එහේ හිටියා.. ඒ ඉන්න අතරේ තමයි කොටදෙණියාවේ පොලිසියේ මහත්තුරු දෙන්නෙක් අපේ ගෙදරට ඇවිත් මගේ හැඳුනුම්පත ඉල්ලලා කටඋත්තරයක් ගත්තේ.. පොලිසියෙන් එන වෙලාවේ මම තනියෙන් අක්කලගේ ගෙදර නිදාගෙන හිටියේ.. අක්කයි දුවයි ලොකු දුවලගේ ගෙදර ගිහින්.. මගේ හැඳුනුම්පත තිබුණේ අක්කා ළඟ..

පොලිසිය මගෙන් කටඋත්තර ගන්න වෙලේ අක්කා ගෙදරට ආවා.. පස්සේ පොලිසියේ අය මගේ හැඳුනුම්පත ඉල්ලගෙන බලාලා යන්න ගියා.. මම අක්කලගේ ගෙදරට ඇවිත් හිටියේ පොලිස් නිලධාරියෙක්ට ගහපු සිද්ධියකින් බේරෙන්න.. ඒ වගේම පරණ නඩු දෙකකට උසාවි නොගිය නිසා මට වරෙන්තු කරලත් තිබුණා.. පොලිසිය ඇවිත් ගියාට පස්සේ මට බය හිතුණා මාව අහුවෙයි කියලා.. ඒ නිසයි මම අක්කලගේ ගෙදරින් ගියේ..

මම ගියේ ගමට.. ගිහින් අම්මටත් සිද්ධිය කියලා.. ගෙදර හිටියා.. ඒ අතරේ තමයි සීඅයිඩී එක සේයා සිද්ධියට අපේ අයියව අල්ලලා තිබුණේ.. අයියා ඇල්ලුවට පස්සේ තමයි මට ආරංචි වුණේ ඒ මිනී මැරුමට මාව හොයනවා කියලා.. ඒ වෙලාවේ මට උන් හිටි තැන් අමතක වුණා.. මට හිතා ගන්න බැරුව ගියා මොනවද කරන්නේ කියලා..

මගේ කල්පනාව නැතුව ගියා වගේ වුණා.. මම ගෙදරින් එළියට ගිහින් කුඹුරක පැදුරක් දාලා රෑට එතන හිටියා.. ඒ පොලිසියෙන් බේරෙන්නේ කොහොමද කියලා හිත හිතා.. මම හැංගුණේ ඒ ප්‍රශ්නයට මට මුහුණ දෙන්න තරම් ශක්තියක් නොතිබුණ නිසා.. නැතුව මම සේයාව මරපු නිසා නෙමෙයි.. ඒත් අන්තිමට පොලිසිය ගම වට කරලා මහා යකෙක් අල්ලනවා වගේ මාව අල්ල ගත්තා.. ඇල්ලුව ගමන් කළේ පෝර උරයක් මගේ ඔලුවට දාලා බෙල්ල ළඟින් ගැටගහපු එක..

ඒ ඔහු සඳහන් කළේ ඔහුව සිඅයිඩීයට කොටු වුණු ආකාරය ය. දුනේෂ් ප්රියශාdන්ත පාපතර ඝාතකයකු යෑයි සමාජය දෙස් දෙවොල් නගන්නට ගත්තේ එතැන් සිටය.. නමුත් පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුට සිදුවූ දේ ආදරණීය කොණ්ඩයා අපට කීවේ මෙසේය.

"මාව අල්ලගත්තට පස්සේ සීඅයිඩී එකට ගෙනාවා.. ඒ ගෙනත් ලොකු මහත්තයෙක් ළඟට දැම්මා.. එවෙලෙ තමයි මගේ ඔලුවට දාපු පෝර උරේ ගැලෙව්වේ.. පස්සේ ලොකු මහත්තයා කිව්වා "අපි සේයා මරපු කතාව හොයාගෙන ඉවරයි.. උඹ දැන් ළමය උස්සපු විදිහයි, දූෂණය කරපු විදිහයි, මරපු විදිහයි විතරක් කියපන්" කියලා..

මට දෙන්න උත්තර තිබුFණ් නැහැ.. මම මොනවා කියන්නද? මම කිව්වා සර් මම මුකුත් දන්නේ නැහැ කියල.. එවෙලේ ලොකු මහත්තයා අනිත් අයට කිව්වා මූව ගෙනිහිල්ලා එල්ලලා නෙමේ මරලා හරි අහගන්න කියල.. එයා එහෙම කිව්වා විතරයි ආයෙත් කලු රෙද්දකින් මගේ ඇස් බැඳලා කාමරයකට අරගෙන ගිහින් හෝස් පයිප්පවලිනුයි.. පොලුවලිනුයි හොඳටම ගැහුව්වා..

මම වැඳ වැඳ කිව්වා අනේ බුදු සර් මම කළේ නැහැ කියලා.. ඒත් ඔවුන් විනාඩි විස්සක් විතර මට ගහලා පස්සේ ඇහුවා උඹේ අයියා දැන් උඹ ඉස්සරහට ඇවිත් කතාව කිව්වොත් උඹ පිළිගන්නවද කියලා.. කිසි දෙයක් දන්නේ නැති නිසා මම හා කිව්වා.. පස්සේ ඔවුන් අයියව අරගෙන ආවා.. ඒ ගෙනාවම අයියා එක පාරටම කියන්න ගත්තා "ඇයි මල්ලි උඹ එදා රෑ මට ඇවිත් කිව්වේ ළමයෙක්ව උස්සලා කැලේට විසි කරලා ආවේ කියලා.. ඇයි දැන් බොරු කියන්නේ කියලා.. මට කිසි දෙයක් අදහා ගන්න බැරුව ගියා..

අයියා එහෙම කිව්වහම පොලිසියේ අය මට ආයෙත් ගහන්න ගත්තා.. මාව වැසිකිළියක දාගෙනත් ගැහුවා.. අන්තිමේ ගුටි කන්න බැරි නිසා ඔවුන් අහන හැම දේටම මම ඔව් කිව්වා..

ඔබ දන්නේද සේයා ඝාතනයේ සැකකරුවකු ලෙස සීඅයිඩිය පිස්සු හැදුණාක් මෙන් දුනේෂ්ව එසේ කොටු කර ගනිද්දීද ඔහු ප්‍රේම වන්තයෙකි. ඇය දෙමළ තරුණියකි.. ඒ ප්‍රේමය දැන් ඔහුට අහිමි වී ගොස්ය.. දුනේෂ් ඒ කතාව දුක්බර හඬකින් යුතුව මෙසේ වචන කරන්නට විය.

"එයා ගාමන්ට් එකක වැඩට ගියේ.. මට ගොඩක් ආදරෙන් හිටියා.. අපේ නැන්දගේ දුවත් එක්ක තමයි ඒ ළමයා වැඩට ගියේ.. මම එයාව යාලු කර ගත්තේ නැන්දගේ දුවගේ මාර්ගයෙන්.. දවස් තුනක් මම එයාව හම්බවෙලත් තියෙනවා.. එයාගේ ගම නුවර.. ඒත් මේ සිද්ධියෙන් පස්සේ එයත් මගෙන් ඈතට ගියා.. මාව දාලා එයා රස්සාවෙනුත් අස්වෙලා යන්නම යන්න ගිහින්..

ඒ වචන ටික කියද්දී ඔහුගේ දෙනෙත් අගින් පුංචි කඳුළක් ඇද වැටෙනු මම දුටුවෙමි. එහෙත් සැණෙකින් මා වෙතින් දෙනෙත් ඉවතට ගත් දුනේෂ් එය පිසලූ අයුරු මේ දැනුදු මගේ මතකයේ වේ. මංමුලාවූ වූ පොලිස් විමර්ශනයක් හමුවේ ඔහුට සිදුවූ අසාධාරණය කොතෙක් වී තිබේද?

අවසානයේ ඔහු වෙහෙසන්නට බැරි නිසාම තවත් කියන්නට යමක් ඇතිදැයි මම දුනේෂ්ගෙන් විමසා සිටියෙමි. මගේ ඒ ප්රශ්නයේදී මඳක් නිහඬව සිටි ඔහු අවසන් වශයෙන් කීවේ මෙවැන්නකි.

"දැන් හැම දෙයක්ම වෙලා ඉවරයි.. මගේ හිතේ කා ගැනවත් තරහක් නැහැ.. හැබැයි මගේ අයියට නම් අයියා කියන්න දැන් මට ලැඡ්ජයි.. මම හැමොගෙන්ම එකම එක ආයාචනයක් කරනවා.. අනේ මම ආයෙත් සමාජයට ආවහම මට කරදර කරන්න එපා.. මම කාටවත් වරදක් කළේ නැහැ.. මගේ අම්මත් බලාගෙන මට ඉන්න දෙන්න. ඒ වගේම මේ සිද්ධිය නිසා දැන් මගේ අක්කගේ දුවට පාසල් යන්න බැරුව ඉන්නවා.. එයාට ඒ දේ වුණේ මම එහේ හිටපු නිසා.. මම හැමෝගෙන්ම ඉල්ලන්නේ ඒ දරුවට ඉස්කෝලේ යන්න විදිහක් හදලා දෙන්න කියලා..

උබලට මොකද හිතෙන්නේ....

[QUOTE="ishan_s, post: 19182944, member: 294322"] [CENTER][IMG]https://scontent-hkg3-1.xx.fbcdn.net/hphotos-xft1/v/t1.0-9/12038009_10207910973602171_7300354433309460160_n.jpg?oh=06ee424239810b036b59af0de64e324b&oe=56C72D96[/IMG][/CENTER] [SIZE="3"][CENTER]කලු රෙද්දකින් ඇස් බැදලා හෝස් පයිප්පවලින් පොලුවලින් ගැහුවා රටම දන්න කොණ්ඩය කතා කරයි * මේ සිද්ධිය නිසා එයා මාව දාල ගියා * සේයා මැරුවා කියලා කිව්වේ පොලිසියෙන් තවත් ගුටිකන්න බැරි නිසයි මම ඔහු දෙස බලා සිටියෙමි. මිනිස්සු ඔහුට වනචාරියකු යෑයි කීහ. අමු මස් බුදින්නකු බවද කීහ. ඇතැමුන් ඔහුට හෙණ ඉල්ලීය. ඔහු එල්ලා මරා දැමිය යුතු යෑයි කෑගසන්නට වූහ. කාලකණ්ණි තිරිසනා යෑයි කියමින් ශාප කර කාරා කෙළ ගැසූ අයද ඒ අතරේ සිටියහ. මම තව තවත් බලා සිටියෙමි. මේ මා දකිනුයේ එවන් වූ වනචාරියකුද? නැත. කිසිසේත්ම නැත. යෞවනයේ නව විලාසිතාවට අනුව වවා ඇති කොණ්ඩය මනාව පීරා, සෝදා පිරිසිදු කරන ලද වස්ත්‍රයකින් ඔහු සැරසී සිටින්නේය. දෙනෙතේ ඇත්තේ ඉතාම අසරණ වූ බැල්මකි. ඉතින් හේ වනචාරියකු වන්නේ කෙසේද? එසේ නම් මිනිසුන් ඔහුට වනචාරියා යෑයි කීවේ ඇයි? ඒ පොලිසියේ කීමටය. ඔහුට ඒ අධම සහතිකය දුන්නේ පොලිසිය විසිනි. කොටදෙණියාවේ සේයා සදෙව්මි ඝාතනයේ විමර්ශන සිදු කරන්නට ගොස් පොලිසිය ඔහුට ඒ සැහැසිකම කළේය. එකී විමර්ශනයේදී කොටදෙණියාව පොලිසිය හත් පොළේ ගා ගනිද්දී ඒ කටයුත්ත භාර ගත් සීඅයිඩීය පළමුව කීවේ දැරිය ඝාතනයේ සැකකරු වන්නේ කොටදෙණියාව අකරන්ගහ ගමේ ඉංගම්මාරුවේ සිටි දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා කියාය. නමුත් අවසානයේ පොලිසියේ නිරුවත රට ඉදිරියේ ප්‍රදර්ශනය වෙද්දී වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි මත අධිකරණය මගින් දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් ආදරණීය කොණ්ඩයා එකී චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබීය. එසේ නිදහස් වූ දා පටන් ඔහුට සිදු වූයේ කුමක්ද යන්න අනෙකකුගෙන් නොව ඔහුගෙන්ම අසා දැන ගැනීමේ දැඩි වුවමනාවක් අපට තිබිණ. ඒ අන්කිසිවක් නිසා නොව, ඒ අසරණයාට සාධාරණයක් සිදුවිය යුතු නිසාය. ඉතින් අපි වෙහෙසුනෙමු. ආදරණීය කොණ්ඩයා මොහොතකට හෝ අල්ලා ගන්නට උත්සාහ කළෙමු. අවසානයේ අපට එය කළ හැකි විය. සේයා ඝාතන චෝදනාවෙන් නිදහස් වුවද වෙනත් නඩු කටයුත්තක් සඳහා අධිකරණයට රැගෙන එන මොහොතක "දිවයින ඉරිදා සංග්‍රහය" ඔහු වෙතට සමීප විය. එය පහසුවෙන් කළ කටයුත්තක් නම් නොවීය. සියල්ලන්ගේ ඇස් වසා ඉතා සූක්ෂම මෙහෙයුමක යෙදෙන්නට එහිදී අපට සිදුවිය. අසරණ වූ දෙනෙතකින් යුතුව ඔහු මා ඉදිරියේ නතර වූයේ එහිදීය. මා නැවතත් ඔහු දෙස බලා සිටියෙමි. අවසානයේ ඔහුගේ හඬ අවදිකරන්නට උත්සාහ කළෙමි. "දුනේෂ්.. මොකක්ද ඔයාට වුණේ..? මගේ විමසීමත් සමගම සැණෙකින් ඒ ඇස් රතුවී දිලිසෙන්නට විය. මේ ඔහුට දුක දිය කරන්නට ඉඩ දියයුතු මොහොතය. ඉතින් මම නිහඬ වූයෙමි. අවසානයේ ඔහු සිය බිඳුණු හඬ මා ඉදිරියේ අවදි කරන්නට විය. "පොලිසිය මට ගැහුවා.. මට හොඳටම ගැහුවා.. මම ඉගෙන ගත්තේ පහේ පන්තියට විතරයි.. ඒ දවස්වල අපේ තාත්තා හැමදාම බීගෙන ඇවිත් අම්මටයි අපිටයි ගහනවා.. ඒ වෙලාවට මායි අයියයි ගෙදරින් එළියට දුවනවා.. මහ රෑට අපි පාරේ අගුපිලවල්වල නිදා ගන්නේ.. "මේ නිසා තමයි මගේ පාසල් ගමන නතර වුණේ.. තාත්තගේ බීම නිසා ගෙදර අගහිඟකම් ගොඩාක් තිබුණා.. ඒවා ඉදිරියේ මායි, අක්කයි, අයියයි, මල්ලියි, අම්මයි වේලක් ඇර වේලක් කාලයි ජීවත් වුණ දවස් අනන්තයි.. තාත්ත මුල් තැන දුන්නේ බීමට.. "ඉස්කෝලේ යන එක නැවත්තුවට පස්සේ ගෙදර අඩුපාඩු නිසාම මම අපේ ගමේ කඩේක වැඩට ගියා.. හම්බවෙන කීය හරි අම්මගේ අතට ගෙනත් දුන්නා.. එහෙම ටික කාලයක් ඉඳලා ගෙවල් පැත්තේ තිබුණු පාපිසි වැඩපළක වැඩට ගියා.. ළමයෙක් වුණාට එදා ඒ විදිහට තමයි මගේ ළමා කාලය ගෙවිලා ගියේ.. කොහොම හරි අපි ලොකු වුණා.. තරුණ වයසට ආවට පස්සේ කුලී වැඩ කරන්න පටන් ගත්තා.. "කුලී වැඩකරන එක එපා වෙලා 1996 මම යුද හමුදාවට බැඳෙන්නත් හැදුවා.. ඒත් ඒ දවස්වල මගෙත් එක්ක ගමේ ගෑණු ළමයෙක් යාලුවෙලා හිටියා.. හමුදාවට ගිහින් මැරෙයි කියලා බයට එයා යන්න දුන්නේ නැහැ.. එයා මට ගොඩක් ආදරය කළා.. ප්‍රේමය සුන්දරය.. එවන් වූ පළමු ප්‍රේමයක් දුනේෂ්ටද තිබී ඇත. මිනිසුන් අතරමංවී විවිධ චෝදනා කළද ඔහු ඒ ප්‍රේමයේ මිහිර විඳින්නටද ඇත. සුන්දර හදවතක් නැත්තකුට පෙම් කළ හැකිද? දුනේෂ් ඒ ප්‍රේමණීය අතීතය සිහිපත් කළේ මෙසේය. "මගේ ඒ සම්බන්ධය නතර වුණා.. එයාලගේ තාත්තට ගොඩක් සල්ලි තිබුණා.. මම ඉගෙනගෙන නැති කුලී වැඩ කරන කොල්ලෙක් නිසා එයාගේ ගෙදරින් සම්බන්ධය නවත්තන්න කියලා බල කළා.. අන්තිමේ දවසක් ගෑණු ළමයගේ තාත්තා පොලිසියට ගිහින් මාව ගෙන්නලා කලගෙඩිහේන පැත්තේ තියෙන පන්සලකට අරගෙන ගියා.. ඒ ගිහින් කිව්වා එයාගේ දුවත් එක්ක තියෙන සම්බන්ධය නවත්තනවා කියලා පොලිසිය ඉස්සරහදී පන්සලේ අත තියලා දිව්රන්න කියලා.. ඉතින් මට කරන්න දෙයක් තිබුණේ නැහැ.. මම දිව්රුවා.. එතනින් එහාට මගේ ඒ ආදර කතාව නතර වුණා.. හැමදේම අමතක කරලා මම කුලී වැඩ කරලා අම්මවයි මල්ලිවයි බලා ගත්තා.. එතකොට මට අවුරුදු විස්සක් විතර ඇති. මට ඉගෙන ගන්න නොලැබුණාට මම මල්ලිට ඉගැන්නුවා.. "මේ අතරේ තමයි දවසක් අපේ අයියා කසාද බැන්දා කියලා අක්ක කෙනෙකුත් අරගෙන ඇවිත් අපේ ගෙදර වත්තේ වෙනම පැලක් හදාගෙන පදිංචි වුණේ.. අයියගේ බිරිඳ හරිම වසයි.. එයා අපේ අම්මටත් ගහනවා.. අයියගේ කසාදේ වැඩි කලක් තිබුණේ නැහැ.. අවුරුද්දකට විතර පස්සේ ළමයි දෙන්නෙකුත් ඉන්දැද්දී ඒ ගෑනි අයියව දාලා ගියා.. ඊට පස්සේ අයියත් ගෙදරින් ගියා.. ළමයි දෙන්නව අම්මට භාර ගන්න වුණා.. එතකොට අයියගේ පුතාට වයස මාස තුනයි.. ගියා ගියාමයි අපේ අයියා ඒ දරුවෝ දෙන්නා දිහාවත් එතනින් පස්සේ ඇහැක් ඇරලා බැලුවේ නැහැ.. ඒ බරත් වැටුණේ අම්මගේ කර උඩට.. අන්තිමේ කුලී වැඩ කරලා හොයන තුට්ටු දෙකෙන් ඒ ළමයි දෙන්නටත් කන්න බොන්න දුන්නේ මම.. බැරිකම නිසාම අන්තිමේ අපේ අම්මා අයියගේ දුවව එයාගේ බිරිඳගේ ගෙදරට ගිහින් දුන්නා.. පුතාව අපි තියා ගත්තා.." දුනේෂ් ප්රියාශාන්ත හෙවත් ආදරණීය කොණ්ඩයා මතින් මත්වී සිටින්නකු යෑයිද ඇතැම්හු කීහ. මේ ඒ පිළිබඳ දුනේෂ් කළ අනාවරණයයි. "මම පාපිසි වැඩපළේ වැඩ කරන කාලේ දවසක් දෙකක් එතන වැඩ කරපු කොල්ලොත් එක්ක එකතු වෙලා ගංජා බිව්වා. ඒත් ඒවා බිව්වට පස්සේ මට කිසි දෙයක් මතක නැතුව යනවා.. ඒ නිසා මම ඒක නැවත්තුවා.. කුලී වැඩකරලා ගන්න සල්ලි ටික අම්මට දීලා හවසට අරක්කු ටිකක් බොන්න පුරුදු වුණා.. ඉන් එහාට බුලත් විටක් කනවා ඇරෙන්න වෙන දෙයක් මම කරලා නැහැ.. මෙරට සමාජය ඔහුට සොරකු යෑයිද අමුමස් බුදින වනචාරියකු යෑයිද කියනු ලැබිණි. මේ ඊට දුනේෂ් දුන් පිළිතුරය. "අපේ ගමේ ඉන්නවා මගෙත් එක්ක තරහා කෙනෙක්.. එයා තමයි ඒ හැම කතාවක්ම ප්‍රචාරය කරලා තිබුණේ.. මම කවදාවත් යක්ෂයෙක් වගේ හැසිරිලා නැහැ.. සොරකම් චෝදනාවක් මට එල්ල වෙන්නෙත් එක සිද්ධියක් නිසා.. මම කිව්වනේ හවසට අරක්කු ටිකක් බිව්වා කියලා.. "ඒ දවස් ටිකේම මට කුලී වැඩක්වත් හම්බ වුණේ නැහැ.. ඔය අතරේ දවසක් ගමේ යාලුවෙක් කම්බි රෝලක් අරගෙන ඇවිත් විකුණමු කිව්වා.. අරක්කු ටිකක් බොන්න සල්ලිත් නැති නිසා මම ඔහුත් සමග ගමේ කොනක තිබුණ යකඩ බඩු කඩේකට ඒක වික්කා.. විකුණලා අපි දෙන්නා ඒ සල්ලිවලින් බිව්වා.. ටික දවසකට පස්සේ පොලිසියෙන් ඇවිත් මාව අරගෙන ගියා කම්බි රෝලක් හොරකම් කළා කියලා.. ඒකට තමයි මට හොරා කියන්නේ.. මම කරපු හොරකම ඒක.. සේයා සිද්ධියත් සමග දුනේෂ් යනු ඊට පෙරද ළමා අපචාරයක් සිදු කළ එකකු යෑයිද චෝදනා කෙරිණ. මේ ඔහු කියන්නේ ඒ ළමා අපචාරයේ කතාවය. අපේ ගමේ හිටියා චමින්ද කියලා කෙනෙක්.. එයාලගේ ගෙදර කසිප්පු විකිණුවා.. දවසක් පොලිසියෙන් පැනලා චමින්දගේ කසිප්පු අල්ලන් ගියා.. ඒවෙලේ ඔහු මට කතා කරලා කිව්වා එයා වෙනුවට නඩුවට ඉදිරිපත් වෙන්න බේර ගන්නම් කියලා.. ඉතින් මම ඉදිරිපත් වුණා.. ඔහු මාව ඇප තියලා පොලිසියෙන් බේර ගත්තා.. ඒත් නඩුවට ආවේ නැහැ.. අන්තිමට උසාවියෙන් මට දඩයක් නියම කරලා තිබුණා.. මම උසාවි ගියේ නැති නිසා පොලිසිය මාව හොයන්න ගත්තා.. ඒ කරදරයෙන් බේරෙන්න බැරි තැන දවසක් මම ගිහින් චමින්දට කිව්වා දඩේ ගෙවලා මාව නිදහස් කරන්න කියලා.. ඔහු එතකොට කිව්වා උඹට ඕනේ නම් ගෙවා ගනින් මම දැන් බිස්නස් එක නවත්තලා තියෙන්නේ කියලා.. එදා මායි චමින්දයි අතරේ බහින්බස් වීමක් සිද්ධ වුණා.. ඒ දවස්වල ඔහුට හිටිය අවුරුදු පහළවක විතර දුවෙක්.. මම බැන්නට පස්සේ චමින්ද ගිහින් පොලිසියේ පැමිණිල්ලක් දාලා තිබුණා මම එයාගේ දුවට අතවර කරන්න හැදුවා කියලා.. ඒක තමයි මට එල්ල වුණු ළමා අපචාර චෝදනාව.. ඒ නඩුවෙන් දැන් මම නිදහස් වෙලා ඉන්නේ.. දුනේෂ් ප්රියශාන්තගේ අතීත කතාව එසේ වෙද්දී ඔහුගේ ආත්මයම කැලලක් වූ සේයා ඝාතනයේ සැකකරුවකු වීමේ කතාවද ඔහු කියන්නට විය. ඒ මෙසේය. "සේයා දරුවා අතුරුදන් වෙනකොට මම හිටියේ ඉංගම්මාරුවේ අක්කලාගෙ ගෙදර.. මාස තුනක විතර ඉඳන් එහේ හිටියේ.. මම එහේ ගිහින් අක්කත් එක්ක එයා වැඩකරපු වැඩපළේ වැඩට ගියා.. ඒ ගත්ත පඩියෙන් තමයි අම්මට සල්ලි දුන්නේ.. එදා සිකුරාදා දවසක්.. මායි අක්කයි වැඩ ඉවරවෙලා අක්කගේ දුවවත් එක්කගෙන ගෙදරට ආවා.. අපි එනකොට අපේ අයියත් එහේ ඇවිත් හිටියා.. එදා මස්සිනාට පඩි ලැබෙන දවස.. ඔහු සවස අරක්කු බෝතලයකුත් අරගෙන ගෙදරට ආවා.. පස්සේ මායි මස්සිනයි රෑ අරක්කු බීලා නිදා ගත්තා.. ඒත් අයියා බොන්න බැහැ කිව්වා.. එදා රෑ මායි අයියයි එකතැන නිදා ගත්තේ.. මට රෑ 10.00 ට විතර තේරුණා අයියා මගේ පපුවට උඩින් පැනලා යනවා.. මම ඒක ගණන් ගත්තේ නැහැ.. පහුදා උදේ බලනකොට එයා ඇඳගෙන හිටිය සරම හොඳටම තෙමිලා වැලේ දාලා තිබුණා.. ඇහුවම කිව්වේ මාළු දැලක් දාන්න ගියා එතකොට තෙමුණා කියලා.. එදා තමයි සේයා අතුරුදන් වුණේ.. පහුවෙනිදා පොළට ගිහින් ඇවිත් අක්කයි අපිට කිව්වේ ගමේ ළමයෙක් නැති වෙලා කියලා.. එතකොටත් අයියයි මායි එහේ හිටියේ.. පස්සේ අයියා සෙනසුරාදා සවස 3.00 විතර බතුත් කාලා යන්න ගියා.. මේ අතරේ ඉරිදා සේයාගේ මිනියත් හම්බවුණා.. ඒත් මට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ.. මම තවත් දවස් පහක් විතර එහේ හිටියා.. ඒ ඉන්න අතරේ තමයි කොටදෙණියාවේ පොලිසියේ මහත්තුරු දෙන්නෙක් අපේ ගෙදරට ඇවිත් මගේ හැඳුනුම්පත ඉල්ලලා කටඋත්තරයක් ගත්තේ.. පොලිසියෙන් එන වෙලාවේ මම තනියෙන් අක්කලගේ ගෙදර නිදාගෙන හිටියේ.. අක්කයි දුවයි ලොකු දුවලගේ ගෙදර ගිහින්.. මගේ හැඳුනුම්පත තිබුණේ අක්කා ළඟ.. පොලිසිය මගෙන් කටඋත්තර ගන්න වෙලේ අක්කා ගෙදරට ආවා.. පස්සේ පොලිසියේ අය මගේ හැඳුනුම්පත ඉල්ලගෙන බලාලා යන්න ගියා.. මම අක්කලගේ ගෙදරට ඇවිත් හිටියේ පොලිස් නිලධාරියෙක්ට ගහපු සිද්ධියකින් බේරෙන්න.. ඒ වගේම පරණ නඩු දෙකකට උසාවි නොගිය නිසා මට වරෙන්තු කරලත් තිබුණා.. පොලිසිය ඇවිත් ගියාට පස්සේ මට බය හිතුණා මාව අහුවෙයි කියලා.. ඒ නිසයි මම අක්කලගේ ගෙදරින් ගියේ.. මම ගියේ ගමට.. ගිහින් අම්මටත් සිද්ධිය කියලා.. ගෙදර හිටියා.. ඒ අතරේ තමයි සීඅයිඩී එක සේයා සිද්ධියට අපේ අයියව අල්ලලා තිබුණේ.. අයියා ඇල්ලුවට පස්සේ තමයි මට ආරංචි වුණේ ඒ මිනී මැරුමට මාව හොයනවා කියලා.. ඒ වෙලාවේ මට උන් හිටි තැන් අමතක වුණා.. මට හිතා ගන්න බැරුව ගියා මොනවද කරන්නේ කියලා.. මගේ කල්පනාව නැතුව ගියා වගේ වුණා.. මම ගෙදරින් එළියට ගිහින් කුඹුරක පැදුරක් දාලා රෑට එතන හිටියා.. ඒ පොලිසියෙන් බේරෙන්නේ කොහොමද කියලා හිත හිතා.. මම හැංගුණේ ඒ ප්‍රශ්නයට මට මුහුණ දෙන්න තරම් ශක්තියක් නොතිබුණ නිසා.. නැතුව මම සේයාව මරපු නිසා නෙමෙයි.. ඒත් අන්තිමට පොලිසිය ගම වට කරලා මහා යකෙක් අල්ලනවා වගේ මාව අල්ල ගත්තා.. ඇල්ලුව ගමන් කළේ පෝර උරයක් මගේ ඔලුවට දාලා බෙල්ල ළඟින් ගැටගහපු එක.. ඒ ඔහු සඳහන් කළේ ඔහුව සිඅයිඩීයට කොටු වුණු ආකාරය ය. දුනේෂ් ප්රියශාdන්ත පාපතර ඝාතකයකු යෑයි සමාජය දෙස් දෙවොල් නගන්නට ගත්තේ එතැන් සිටය.. නමුත් පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුට සිදුවූ දේ ආදරණීය කොණ්ඩයා අපට කීවේ මෙසේය. "මාව අල්ලගත්තට පස්සේ සීඅයිඩී එකට ගෙනාවා.. ඒ ගෙනත් ලොකු මහත්තයෙක් ළඟට දැම්මා.. එවෙලෙ තමයි මගේ ඔලුවට දාපු පෝර උරේ ගැලෙව්වේ.. පස්සේ ලොකු මහත්තයා කිව්වා "අපි සේයා මරපු කතාව හොයාගෙන ඉවරයි.. උඹ දැන් ළමය උස්සපු විදිහයි, දූෂණය කරපු විදිහයි, මරපු විදිහයි විතරක් කියපන්" කියලා.. මට දෙන්න උත්තර තිබුFණ් නැහැ.. මම මොනවා කියන්නද? මම කිව්වා සර් මම මුකුත් දන්නේ නැහැ කියල.. එවෙලේ ලොකු මහත්තයා අනිත් අයට කිව්වා මූව ගෙනිහිල්ලා එල්ලලා නෙමේ මරලා හරි අහගන්න කියල.. එයා එහෙම කිව්වා විතරයි ආයෙත් කලු රෙද්දකින් මගේ ඇස් බැඳලා කාමරයකට අරගෙන ගිහින් හෝස් පයිප්පවලිනුයි.. පොලුවලිනුයි හොඳටම ගැහුව්වා.. මම වැඳ වැඳ කිව්වා අනේ බුදු සර් මම කළේ නැහැ කියලා.. ඒත් ඔවුන් විනාඩි විස්සක් විතර මට ගහලා පස්සේ ඇහුවා උඹේ අයියා දැන් උඹ ඉස්සරහට ඇවිත් කතාව කිව්වොත් උඹ පිළිගන්නවද කියලා.. කිසි දෙයක් දන්නේ නැති නිසා මම හා කිව්වා.. පස්සේ ඔවුන් අයියව අරගෙන ආවා.. ඒ ගෙනාවම අයියා එක පාරටම කියන්න ගත්තා "ඇයි මල්ලි උඹ එදා රෑ මට ඇවිත් කිව්වේ ළමයෙක්ව උස්සලා කැලේට විසි කරලා ආවේ කියලා.. ඇයි දැන් බොරු කියන්නේ කියලා.. මට කිසි දෙයක් අදහා ගන්න බැරුව ගියා.. අයියා එහෙම කිව්වහම පොලිසියේ අය මට ආයෙත් ගහන්න ගත්තා.. මාව වැසිකිළියක දාගෙනත් ගැහුවා.. අන්තිමේ ගුටි කන්න බැරි නිසා ඔවුන් අහන හැම දේටම මම ඔව් කිව්වා.. ඔබ දන්නේද සේයා ඝාතනයේ සැකකරුවකු ලෙස සීඅයිඩිය පිස්සු හැදුණාක් මෙන් දුනේෂ්ව එසේ කොටු කර ගනිද්දීද ඔහු ප්‍රේම වන්තයෙකි. ඇය දෙමළ තරුණියකි.. ඒ ප්‍රේමය දැන් ඔහුට අහිමි වී ගොස්ය.. දුනේෂ් ඒ කතාව දුක්බර හඬකින් යුතුව මෙසේ වචන කරන්නට විය. "එයා ගාමන්ට් එකක වැඩට ගියේ.. මට ගොඩක් ආදරෙන් හිටියා.. අපේ නැන්දගේ දුවත් එක්ක තමයි ඒ ළමයා වැඩට ගියේ.. මම එයාව යාලු කර ගත්තේ නැන්දගේ දුවගේ මාර්ගයෙන්.. දවස් තුනක් මම එයාව හම්බවෙලත් තියෙනවා.. එයාගේ ගම නුවර.. ඒත් මේ සිද්ධියෙන් පස්සේ එයත් මගෙන් ඈතට ගියා.. මාව දාලා එයා රස්සාවෙනුත් අස්වෙලා යන්නම යන්න ගිහින්.. ඒ වචන ටික කියද්දී ඔහුගේ දෙනෙත් අගින් පුංචි කඳුළක් ඇද වැටෙනු මම දුටුවෙමි. එහෙත් සැණෙකින් මා වෙතින් දෙනෙත් ඉවතට ගත් දුනේෂ් එය පිසලූ අයුරු මේ දැනුදු මගේ මතකයේ වේ. මංමුලාවූ වූ පොලිස් විමර්ශනයක් හමුවේ ඔහුට සිදුවූ අසාධාරණය කොතෙක් වී තිබේද? අවසානයේ ඔහු වෙහෙසන්නට බැරි නිසාම තවත් කියන්නට යමක් ඇතිදැයි මම දුනේෂ්ගෙන් විමසා සිටියෙමි. මගේ ඒ ප්රශ්නයේදී මඳක් නිහඬව සිටි ඔහු අවසන් වශයෙන් කීවේ මෙවැන්නකි. "දැන් හැම දෙයක්ම වෙලා ඉවරයි.. මගේ හිතේ කා ගැනවත් තරහක් නැහැ.. හැබැයි මගේ අයියට නම් අයියා කියන්න දැන් මට ලැඡ්ජයි.. මම හැමොගෙන්ම එකම එක ආයාචනයක් කරනවා.. අනේ මම ආයෙත් සමාජයට ආවහම මට කරදර කරන්න එපා.. මම කාටවත් වරදක් කළේ නැහැ.. මගේ අම්මත් බලාගෙන මට ඉන්න දෙන්න. ඒ වගේම මේ සිද්ධිය නිසා දැන් මගේ අක්කගේ දුවට පාසල් යන්න බැරුව ඉන්නවා.. එයාට ඒ දේ වුණේ මම එහේ හිටපු නිසා.. මම හැමෝගෙන්ම ඉල්ලන්නේ ඒ දරුවට ඉස්කෝලේ යන්න විදිහක් හදලා දෙන්න කියලා..[/CENTER][/SIZE] [SIZE="6"][COLOR="Red"][CENTER]උබලට මොකද හිතෙන්නේ.... :dull::oo:[/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom