Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
කොත්තු, පරාටා, ෆ්‍රයිඩ් රයිස් තවත් එක්ක කන#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොත්තු, පරාටා, ෆ්‍රයිඩ් රයිස් තවත් එක්ක කන&#35

පහසුවට හෝ කටට රස ගැන හිතා බලා ඔබ කොත්තු,පරාටා හා ෆ්‍රයිඩ් රයිස් ආහාරයක් වශයෙන් ගන්නට පුරුදු වී සිටින්නෙකු නම් ඉතා පැහැදිලිව මේ ගැනද දැනගත යුතුය. එනම් මේ ආහාර තෘෂ්ණාව පසුපස නම් හෘද රෝග මාරයාද ළඟ ළඟම ඔබ සොයා පැමිණෙන බවය.

අද නාගරික ජනතාවගේ කාර්යබහුල ජීවන රටාවත් සමග ඔවුන්ගේ ආහාර වේලද වෙනස්ව ගොසිනි. විශේෂයෙන්ම රාත්‍රී ආහාර රටාව කොත්තු, පරාට, ෆ්‍රයිඩ් රයිස් වැනි කෙටි කෑමවලට සීමාවී තිබේ. දවසේ මෙහෙවර නිමා කර නිවසට පැමිණෙන අතරතුර සයිවර් කඩ, චීන අවන්හල්, ආපනශාලා සහ ජංගම කෑම කඩවලට ගොඩවී රාත්‍රී ආහාරය සඳහා බොහෝ දෙනෙක් මෙවැනි කෙටි ආහාර මිලදී ගැනීමට පෙළඹී සිටිති.

නමුත් කුසගින්න නිවා ගැනීමට යැයි සිතා ඔබ මිලදී ගන්නේ ආහාර වේල සමග කෑම කඩ හිමියාගෙන් ඔබට හිමි වන්නේ හෘදයාබාධ ඇතුළු රෝගාබාධ ගොන්නක් බව ඔබ නොදන්නවා විය හැකිය.

කඩහිමියා මෙන්ම පාරිභෝගිකයාද, මෙම ජීවන රටාව වෙනස් කිරීමට කැමති නැත. මේ තත්ත්වය වෙනස් කිරීමට පාරිභෝගිකයාට නොහැකි වී ඇත්තේ රාත්‍රියට නිසි ආහාරවේලක් ලබා ගැනීමට මිනිසුන්ට තැනක් නොමැති වීම නිසාය. රාත්‍රියට ඇත්තේ සයිවර් කඩවල් පමණි. ඒ නිසා ඔවුහු කැමැත්තෙන් මෙන්ම අකමැත්තෙන්ද වස විස කති. කඩහිමියාද වැඩි ලාභයක් හා පහසුවක් ලබාගැනීම පිණිස ජනතාවට ඒවා විකුණති. විශේෂයෙන්ම නාගරික ජනතාවගෙන් බහුතරයක් රාත්‍රී ආහාර වේල සපයා ගනු ලබන්නේ මෙම කෑම කඩවල් හරහාය. මේ වන විට නාගරික ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් ස්ථූලභාවයෙන් , දියවැඩියාවෙන්, අධිරුධිර පීඩනයෙන් හා හෘදයාබාධ, රුධිරගත කොලෙස්ටේරාල්වලින් පෙළෙන්නට මූලික හේතුව වී ඇත්තේ මේ ආහාර රටාවයි.

මේදය, රසකාරක, සීනි, ලුණු, අධික ලෙස ආහාරයට ගත් පුද්ගලයින්ගේ ශරීරයේ රුධිරගත ලිපිඩ සංයුතියේ පැහැදිලි වෙනසක් ඇති වී තිබෙන බව වෛද්‍යවරු පෙන්වා දෙති. මෙසේ රුධිරයේ අහිතකර මේද පැවතීම “ලිපිඩ ෆොප්රයිඩ්” යනුවෙන්ද හඳුන්්වනු ලබයි. මෙම ලිපිඩ සංයුතිය තුළ “ට්‍රයිග්ලිසරයිඩ්, එල්.ඩී.එල්, වී.එල්.ඩී., කොලෙස්ටේරාල්” නමැති ශරීරයට අහිතකර මේද කොටස් වැඩි වශයෙන් පවතී. ඒ අනුව රාත්‍රී කෑම කඩවලින් දිනපතා ෆ්‍රයිඩ් රයිස්, කොත්තු හා පරාට වැනි ආහාර වර්ග ගන්නා පුද්ගලයින්ගේ රුධිර ගත අහිතකර මේද කොටස් වැඩිවීමට පටන් ගනී.

රුධිරයේ මේද සංයුතියේ මෙම අහිතකර වෙනස් වීම රුධිර නාළවලට සෘජුවම බලපානු ලබයි. එය ඔබව බෝනොවන රෝග ගණනාවක් වෙත කැන්දගෙන යනු ලබයි.

මිනිස් සිරුරේ සෑම අවයවයකටම රුධිරය සපයනුයේ රුධිර නාළ හරහාය. හෘද පේශී පටකයන්ට රුධිරය සපයන වෙනම රුධිර නාළ පද්ධතියක්ද තිබේ. අපගේ ශරීරයේ ලිපිඩ සංයුතියේ අහිතකර වෙනස්වීම රුධිර නාළවල ඇතුළත ආස්තරණය ඝනවීමට හේතුවේ. මෙය “ඇතරෝස් ස්කේලෙරෝසිස්” නැමති තත්ත්වය ලෙස හඳුන්වනු ලබයි. මෙම තත්ත්වය හෘද පේශීවලට රුධිරය සපයන රුධිර නාළවලට පමණක් නොව ශරීරය පුරාම පිහිටි රුධිර නාළවලට බලපාන තත්ත්වයකි.

මෙසේ රුධිර නාළ ආස්තරණය ඝන වීම රුධිරයේ කැටි ඇති වීමට හේතුවක් වේ. හෘදයට රුධිරය සපයන නාළ පද්ධතිය ඇතුළත ආස්තරණය මෙසේ ඝනවීම හේතුවෙන් පෙර කී රුධිර කැටි එහි හිරවීමට ඉඩ තිබේ. මෙසේ රුධිර කැටි හිරවීමෙන් හෘද පේශීවලට අවශ්‍ය තරම් රුධිරය නොලැබේ. මෙවිට එම හෘද පේශී මිය යනු ලැබේ. “හෘදයාබාධයක්” යනුවෙන් අපි හඳුන්වන්නේ මෙම තත්ත්වයයි.

හෘදයාබාධ හැරුණු කොට රුධිර නාළවල ඝන වීමද රුධිර පීඩනය ඉහළ දැමීමට හේතුවේ. රුධිර පීඩනය හෙවත් පේරෂර් එක ඇතිවීමටද මෙම රුධිර නාළ ඇතුළත බිත්තිය ඝනවීම හෙවත් “ඇතරෝස් ස්කේලෙරොසිස්” නැමති තත්ත්වය හේතු වේ. රුධිර නාළ හරහා රුධිරය ගමන් කිරීමේදී නාළ බිත්ති ඝනව තිබිමෙන් ඒ තුළ ඇති කරන පීඩනය වැඩි වේ. මෙසේ රුධිර නාළ තුළ ඇති වන පීඩනය “පේරෂර්” එක යනුවෙන් හඳුන්වනු ලබයි.

මෙම ආහාර වර්ග තුනම නිෂ්පාදනය කරන්නේ පාන් පිටි වලිනි. මේවා දියවැඩියා රෝගය ඇති කිරීමට හා උත්සන්න කිරීමට හේතු වෙන බවද නොරහසකි. එපමණක් නොව මෙම ආහාර සමග ඉස්සන්, පොකිරිස්සන්, දැල්ලන්, කූනිස්සන් වැනි කළපු ආශ්රිත මත්ස්‍ය වර්ග කරියක් ලෙස සකස් කර ආහාරයන් ගතහොත් ශරීරයේ කොලෙස්ටේරාල් ප්‍රමාණය ඉහළ යනු ඇත. බොහෝ විට මෙම ආහාර සමග ඒවාද විකුණන බව අපි දනිමු. එපමණක් නොව කොත්තු සෑදීම සඳහා බිත්තර යොදා ගන්නා බැවින් එහි කහ මදයේ ඇති ඉහළ සංයුතියක් සහිත කොලෙස්ටේරාල් විසින් ද තත්ත්වය තවත් බරපතළ කරනු ඇත.

සාමාන්‍යයෙන් මිනිසුන්ගේ අක්මාව තුළ සිරුරට අවශ්‍ය කොලෙස්ටේරාල්නිෂ්පාදනය කරනු ලබයි. මෙසේ නිෂ්පාදනය කරනු ලබන කොලෙස්ටේරාල්වලට අමතරව අපි පිටතින් ගන්නා ආහාර මගින්ද විශාල වශයෙන් කොලෙස්ටේරාල් ශරීරයට ඇතුළු කරනු ලබන්නෙමු. ඉහත අප දැක්වූ තත්ත්වය ගැන සලකා බලන කළ මෙය අපේ ජීවන පැවැත්මට කොතරම් නම් අහිතකර වන්නේද යන්න පිළිබඳව තේරුම් ගැනීම අපහසු නොවේ.

කොත්තු ,පරාටා සහ ෆ්‍රයිඩ් රයිස් ගැන තවදුරටත් විමසා බලන්නේ නම් මෙම ආහාරවලට එකතු වන ලුණු ප්‍රමාණය ඉතා විශාල බව මූලිකව දැකිය හැකි කරුණකි. අපි ආහාරය සඳහා එකතු කර ගන්නා අධික ලුණු ප්‍රමාණය රුධිර පීඩනය මෙන්ම හෘදයාබාධ ඇති කිරීමට හේතු වෙනු ඇත. අධික ලුණු ප්‍රමාණයක් දේහ ගතවීම හේතුවෙන් රුධිරයේ වූ තරල ප්‍රමාණය ඉහළ දැමෙන අතර එමගින්ද රුධිර පීඩනයද වැඩි වේ.

ඒ හැර ආහාර රස කර ගැනීමට භාවිතා කරන “මොනසෝඩියම් ග්ලුටමේට්” නැමති රසකාරකය රුධිර පීඩනය පමණක් නොව ස්නායු ආබාධ ඇති කිරීමටද හේතු වේ. මෙහි ඇති “සෝඩියම්” මගින් රුධිරගත තරල ප්‍රමාණය වැඩි කරවයි. මෙය රුධිර පීඩනය වැඩි කිරීමට හේතු වේ. මෙම රසකාරකයේ අන්තර්ගත “ග්ලුටමේට්” මිනිසාගේ ස්නායු පද්ධතිය ආක්‍රමණය කිරීමට හේතුවේ.

චීන කෑම සහිත අවන්හලකින් ආහාර ගැනීමෙන් පසු ඒ හැම කෙනෙකුටම වාගේ අධික තිබහක් හා හිසරදයක් දැනෙන බව මේ වන විටත් වෛද්‍යවරු විසින් නිරීක්ෂණය කර තිබේ. එයට ප්‍රධාන හේතුව වන්නේ එහි පිළියෙළ කරන ආහාරවලට “සෝඩියම් ග්ලුටමේට්” නැමති රසකාරකය විශාල වශයෙන් යෙදවීමයි.

කඩ කෑමට පුරුදුව සිටින අප මිලදී ගන්නා ආහාර බොහෝ විට පිළියෙළ කරනු ලබන්නේ ගැඹුරු තෙලේ බැද ගැනීමෙනි. නමුත් ගැඹුරු තෙලේ බැදගන්නා ආහාර පිළිිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු කාලය දැන් එළඹ ඇත. මන්දයත් එක්වරක් භාවිතයට ගත් තෙල් නැවත නැවත ආහාර බැද ගැනීමට කිසි විටෙකත් භාවිතා නොකළ යුතු බව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇති බැවිනි. නමුත් ඔබ මිලට ගන්නා විවිධ ආහාර වර්ග කීප වාරයක් තාච්චියේ තෙල් හිස්වන තුරුම බඳින ලද ඒවා බව ඔබ නොදන්නවා විය හැකිය.

තෙල් කීප වරක් රත් කිරීමේදී එහි අන්තර්ගත “සිස්” නැමැති ස්වභාවය “ට්‍රාන්ස්” නැමති තත්ත්වය බවට පත්වේ. මෙය ශරීරයට කොහෙත්ම අවශ්‍ය නොවන මේදයකි. මෙම ට්‍රාන්ස් මේදය රුධිර නාළ බිත්ති හානියට පත් කිරීම හා ෙසෙල විනාශ කිරීමට මූලික වෙයි.

දරුවන්ට බදින ලද අලපෙති, කට්ලට්ස්, රෝල්, පැටිස් වැනි ආහාර ලබා දීමට අද බොහෝ දෙමව්පියෝ පෙළඹී සිටිති. නමුත් එවැනි ආහාර දරුවාට ලබා දීමෙන් ඔවුන් විසින් තම දරුවාට කරනු ලබන්නේ මාරක අනතුරක් බව ඔවුන් නොදන්නවා ඇති. නමුත් ස්වාභාවික පොල් තෙල්වල මෙම ට්‍රාන්ස් මේදය අන්තර්ගත වන්නෙ නම් එය ඉතා සුළු වශයෙනි. එම නිසා ඔබ ආහාර සඳහා තෙල් වර්ග භාවිතා කරන්නේ නම් එය ස්වාභාවික පොල්තෙල්ම විය යුතුය.එය ඔබගේ මෙන්ම පවුලේ සාමාජිකයන්ගේද ශරීරයට හිතකර වේ.

එහෙත් මේ වන විට විවිධ ව්‍යාපාරිකයින් පොල්තෙල් වෙනුවට ජනතාවට විවිධ කෘත්‍රිම තෙල් වර්ග සුදුසු බව අගවමින් අසත්‍ය පණිවුඩ ලබා දීමට පෙළඹී තිබේ. මෙම අසත්‍ය පණිවුඩ ද මිනිසුන් ලෙඩ ගොඩකට කැන්දාගෙන යාමට හේතු වී ඇත.

උදෑසන පාසල් යන ඔබගේ දරුවාට ගේ ළඟට පැමිණෙන පාන් විකුණන වාහනවලින් විවිධ පිටි ආශ්රිත කෑම වර්ග ලබා දීමට ඔබ පෙළඹී සිටී. නමුත් අද දවසේ මෙවැනි බොහෝ බේකරි නිෂ්පාදනයන් සඳහා භාවිතා කරන “ලාඩ්” නැමැති මේදය ශරීරයට බෙහෙවින්ම අහිතකර බව ඔබ නොදන්නවා විය හැක. ඒ අනුව මෙවැනි ආහාර දරුවාට ලබා දීමද ඔබේ දරුවා කුඩා කාලයේ සිටම රෝග ගණනාවකට ගොදුරු කිරීමට වැඩිහිටි ඔබගේ දායකත්වය ලබාදීමකි.

මේ ආකාරයට ශරීරය ලෙඩ කරවන ආහාර රටාවන්ට පුරුදු පුහුණු වූවා මදිවාට ජනතාව මේ වන විට ව්‍යායාමවලින් මිදීමද බරපතළ තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. ඔවුන්ගේ ශරීරයට ඇතුළත් වන අධික මේදය දහනය කිරීමට අද දවසේ හැකියාවක් නොමැත. මන්ද අප මේ වන විට කය වෙහෙසා වැඩ කිරීම අත් හැර මනස පමණක් වෙහෙසා වැඩ කිරීම දක්වා අනුවර්ථනය වී සිටින බැවිනි.

ඒ නිසා අඩුම වශයෙන් තමන්ගේ දරු පරපුර හෝ ෆ්රයිඩ්රයිස්, පරාට හා ගැඹුරු තෙලේ බැද ගන්නා ලද ආහාර රටාවෙන් මුදවා ගැනීමට දෙමව්පියන්, ගුරු භවතුන් ඇතුළු වැඩිහිටියන් ඉටා ගත්තොත් එය තම දරුවන්ට පමණක් නොව සමස්ත රට ජාතියටම කරනු ලබන මහඟු සත්කාරයයක් බව කිවයුතුව ඇත. මක්නිසාද යත් රටේ අනාගතය මේ ඔබේ ආදරණීය දරු පැටවුන් වන බැවිනි.

ශ්‍රියානි විජේසිංහ

ලක්බිම

[QUOTE="EUMA175, post: 17309158, member: 378405"] [b]කොත්තු, පරාටා, ෆ්‍රයිඩ් රයිස් තවත් එක්ක කන#[/b] [SIZE="5"]පහසුවට හෝ කටට රස ගැන හිතා බලා ඔබ කොත්තු,පරාටා හා ෆ්‍රයිඩ් රයිස් ආහාරයක් වශයෙන් ගන්නට පුරුදු වී සිටින්නෙකු නම් ඉතා පැහැදිලිව මේ ගැනද දැනගත යුතුය. එනම් මේ ආහාර තෘෂ්ණාව පසුපස නම් හෘද රෝග මාරයාද ළඟ ළඟම ඔබ සොයා පැමිණෙන බවය. අද නාගරික ජනතාවගේ කාර්යබහුල ජීවන රටාවත් සමග ඔවුන්ගේ ආහාර වේලද වෙනස්ව ගොසිනි. විශේෂයෙන්ම රාත්‍රී ආහාර රටාව කොත්තු, පරාට, ෆ්‍රයිඩ් රයිස් වැනි කෙටි කෑමවලට සීමාවී තිබේ. දවසේ මෙහෙවර නිමා කර නිවසට පැමිණෙන අතරතුර සයිවර් කඩ, චීන අවන්හල්, ආපනශාලා සහ ජංගම කෑම කඩවලට ගොඩවී රාත්‍රී ආහාරය සඳහා බොහෝ දෙනෙක් මෙවැනි කෙටි ආහාර මිලදී ගැනීමට පෙළඹී සිටිති. නමුත් කුසගින්න නිවා ගැනීමට යැයි සිතා ඔබ මිලදී ගන්නේ ආහාර වේල සමග කෑම කඩ හිමියාගෙන් ඔබට හිමි වන්නේ හෘදයාබාධ ඇතුළු රෝගාබාධ ගොන්නක් බව ඔබ නොදන්නවා විය හැකිය. කඩහිමියා මෙන්ම පාරිභෝගිකයාද, මෙම ජීවන රටාව වෙනස් කිරීමට කැමති නැත. මේ තත්ත්වය වෙනස් කිරීමට පාරිභෝගිකයාට නොහැකි වී ඇත්තේ රාත්‍රියට නිසි ආහාරවේලක් ලබා ගැනීමට මිනිසුන්ට තැනක් නොමැති වීම නිසාය. රාත්‍රියට ඇත්තේ සයිවර් කඩවල් පමණි. ඒ නිසා ඔවුහු කැමැත්තෙන් මෙන්ම අකමැත්තෙන්ද වස විස කති. කඩහිමියාද වැඩි ලාභයක් හා පහසුවක් ලබාගැනීම පිණිස ජනතාවට ඒවා විකුණති. විශේෂයෙන්ම නාගරික ජනතාවගෙන් බහුතරයක් රාත්‍රී ආහාර වේල සපයා ගනු ලබන්නේ මෙම කෑම කඩවල් හරහාය. මේ වන විට නාගරික ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් ස්ථූලභාවයෙන් , දියවැඩියාවෙන්, අධිරුධිර පීඩනයෙන් හා හෘදයාබාධ, රුධිරගත කොලෙස්ටේරාල්වලින් පෙළෙන්නට මූලික හේතුව වී ඇත්තේ මේ ආහාර රටාවයි. මේදය, රසකාරක, සීනි, ලුණු, අධික ලෙස ආහාරයට ගත් පුද්ගලයින්ගේ ශරීරයේ රුධිරගත ලිපිඩ සංයුතියේ පැහැදිලි වෙනසක් ඇති වී තිබෙන බව වෛද්‍යවරු පෙන්වා දෙති. මෙසේ රුධිරයේ අහිතකර මේද පැවතීම “ලිපිඩ ෆොප්රයිඩ්” යනුවෙන්ද හඳුන්්වනු ලබයි. මෙම ලිපිඩ සංයුතිය තුළ “ට්‍රයිග්ලිසරයිඩ්, එල්.ඩී.එල්, වී.එල්.ඩී., කොලෙස්ටේරාල්” නමැති ශරීරයට අහිතකර මේද කොටස් වැඩි වශයෙන් පවතී. ඒ අනුව රාත්‍රී කෑම කඩවලින් දිනපතා ෆ්‍රයිඩ් රයිස්, කොත්තු හා පරාට වැනි ආහාර වර්ග ගන්නා පුද්ගලයින්ගේ රුධිර ගත අහිතකර මේද කොටස් වැඩිවීමට පටන් ගනී. රුධිරයේ මේද සංයුතියේ මෙම අහිතකර වෙනස් වීම රුධිර නාළවලට සෘජුවම බලපානු ලබයි. එය ඔබව බෝනොවන රෝග ගණනාවක් වෙත කැන්දගෙන යනු ලබයි. මිනිස් සිරුරේ සෑම අවයවයකටම රුධිරය සපයනුයේ රුධිර නාළ හරහාය. හෘද පේශී පටකයන්ට රුධිරය සපයන වෙනම රුධිර නාළ පද්ධතියක්ද තිබේ. අපගේ ශරීරයේ ලිපිඩ සංයුතියේ අහිතකර වෙනස්වීම රුධිර නාළවල ඇතුළත ආස්තරණය ඝනවීමට හේතුවේ. මෙය “ඇතරෝස් ස්කේලෙරෝසිස්” නැමති තත්ත්වය ලෙස හඳුන්වනු ලබයි. මෙම තත්ත්වය හෘද පේශීවලට රුධිරය සපයන රුධිර නාළවලට පමණක් නොව ශරීරය පුරාම පිහිටි රුධිර නාළවලට බලපාන තත්ත්වයකි. මෙසේ රුධිර නාළ ආස්තරණය ඝන වීම රුධිරයේ කැටි ඇති වීමට හේතුවක් වේ. හෘදයට රුධිරය සපයන නාළ පද්ධතිය ඇතුළත ආස්තරණය මෙසේ ඝනවීම හේතුවෙන් පෙර කී රුධිර කැටි එහි හිරවීමට ඉඩ තිබේ. මෙසේ රුධිර කැටි හිරවීමෙන් හෘද පේශීවලට අවශ්‍ය තරම් රුධිරය නොලැබේ. මෙවිට එම හෘද පේශී මිය යනු ලැබේ. “හෘදයාබාධයක්” යනුවෙන් අපි හඳුන්වන්නේ මෙම තත්ත්වයයි. හෘදයාබාධ හැරුණු කොට රුධිර නාළවල ඝන වීමද රුධිර පීඩනය ඉහළ දැමීමට හේතුවේ. රුධිර පීඩනය හෙවත් පේරෂර් එක ඇතිවීමටද මෙම රුධිර නාළ ඇතුළත බිත්තිය ඝනවීම හෙවත් “ඇතරෝස් ස්කේලෙරොසිස්” නැමති තත්ත්වය හේතු වේ. රුධිර නාළ හරහා රුධිරය ගමන් කිරීමේදී නාළ බිත්ති ඝනව තිබිමෙන් ඒ තුළ ඇති කරන පීඩනය වැඩි වේ. මෙසේ රුධිර නාළ තුළ ඇති වන පීඩනය “පේරෂර්” එක යනුවෙන් හඳුන්වනු ලබයි. මෙම ආහාර වර්ග තුනම නිෂ්පාදනය කරන්නේ පාන් පිටි වලිනි. මේවා දියවැඩියා රෝගය ඇති කිරීමට හා උත්සන්න කිරීමට හේතු වෙන බවද නොරහසකි. එපමණක් නොව මෙම ආහාර සමග ඉස්සන්, පොකිරිස්සන්, දැල්ලන්, කූනිස්සන් වැනි කළපු ආශ්රිත මත්ස්‍ය වර්ග කරියක් ලෙස සකස් කර ආහාරයන් ගතහොත් ශරීරයේ කොලෙස්ටේරාල් ප්‍රමාණය ඉහළ යනු ඇත. බොහෝ විට මෙම ආහාර සමග ඒවාද විකුණන බව අපි දනිමු. එපමණක් නොව කොත්තු සෑදීම සඳහා බිත්තර යොදා ගන්නා බැවින් එහි කහ මදයේ ඇති ඉහළ සංයුතියක් සහිත කොලෙස්ටේරාල් විසින් ද තත්ත්වය තවත් බරපතළ කරනු ඇත. සාමාන්‍යයෙන් මිනිසුන්ගේ අක්මාව තුළ සිරුරට අවශ්‍ය කොලෙස්ටේරාල්නිෂ්පාදනය කරනු ලබයි. මෙසේ නිෂ්පාදනය කරනු ලබන කොලෙස්ටේරාල්වලට අමතරව අපි පිටතින් ගන්නා ආහාර මගින්ද විශාල වශයෙන් කොලෙස්ටේරාල් ශරීරයට ඇතුළු කරනු ලබන්නෙමු. ඉහත අප දැක්වූ තත්ත්වය ගැන සලකා බලන කළ මෙය අපේ ජීවන පැවැත්මට කොතරම් නම් අහිතකර වන්නේද යන්න පිළිබඳව තේරුම් ගැනීම අපහසු නොවේ. කොත්තු ,පරාටා සහ ෆ්‍රයිඩ් රයිස් ගැන තවදුරටත් විමසා බලන්නේ නම් මෙම ආහාරවලට එකතු වන ලුණු ප්‍රමාණය ඉතා විශාල බව මූලිකව දැකිය හැකි කරුණකි. අපි ආහාරය සඳහා එකතු කර ගන්නා අධික ලුණු ප්‍රමාණය රුධිර පීඩනය මෙන්ම හෘදයාබාධ ඇති කිරීමට හේතු වෙනු ඇත. අධික ලුණු ප්‍රමාණයක් දේහ ගතවීම හේතුවෙන් රුධිරයේ වූ තරල ප්‍රමාණය ඉහළ දැමෙන අතර එමගින්ද රුධිර පීඩනයද වැඩි වේ. ඒ හැර ආහාර රස කර ගැනීමට භාවිතා කරන “මොනසෝඩියම් ග්ලුටමේට්” නැමති රසකාරකය රුධිර පීඩනය පමණක් නොව ස්නායු ආබාධ ඇති කිරීමටද හේතු වේ. මෙහි ඇති “සෝඩියම්” මගින් රුධිරගත තරල ප්‍රමාණය වැඩි කරවයි. මෙය රුධිර පීඩනය වැඩි කිරීමට හේතු වේ. මෙම රසකාරකයේ අන්තර්ගත “ග්ලුටමේට්” මිනිසාගේ ස්නායු පද්ධතිය ආක්‍රමණය කිරීමට හේතුවේ. චීන කෑම සහිත අවන්හලකින් ආහාර ගැනීමෙන් පසු ඒ හැම කෙනෙකුටම වාගේ අධික තිබහක් හා හිසරදයක් දැනෙන බව මේ වන විටත් වෛද්‍යවරු විසින් නිරීක්ෂණය කර තිබේ. එයට ප්‍රධාන හේතුව වන්නේ එහි පිළියෙළ කරන ආහාරවලට “සෝඩියම් ග්ලුටමේට්” නැමති රසකාරකය විශාල වශයෙන් යෙදවීමයි. කඩ කෑමට පුරුදුව සිටින අප මිලදී ගන්නා ආහාර බොහෝ විට පිළියෙළ කරනු ලබන්නේ ගැඹුරු තෙලේ බැද ගැනීමෙනි. නමුත් ගැඹුරු තෙලේ බැදගන්නා ආහාර පිළිිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු කාලය දැන් එළඹ ඇත. මන්දයත් එක්වරක් භාවිතයට ගත් තෙල් නැවත නැවත ආහාර බැද ගැනීමට කිසි විටෙකත් භාවිතා නොකළ යුතු බව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇති බැවිනි. නමුත් ඔබ මිලට ගන්නා විවිධ ආහාර වර්ග කීප වාරයක් තාච්චියේ තෙල් හිස්වන තුරුම බඳින ලද ඒවා බව ඔබ නොදන්නවා විය හැකිය. තෙල් කීප වරක් රත් කිරීමේදී එහි අන්තර්ගත “සිස්” නැමැති ස්වභාවය “ට්‍රාන්ස්” නැමති තත්ත්වය බවට පත්වේ. මෙය ශරීරයට කොහෙත්ම අවශ්‍ය නොවන මේදයකි. මෙම ට්‍රාන්ස් මේදය රුධිර නාළ බිත්ති හානියට පත් කිරීම හා ෙසෙල විනාශ කිරීමට මූලික වෙයි. දරුවන්ට බදින ලද අලපෙති, කට්ලට්ස්, රෝල්, පැටිස් වැනි ආහාර ලබා දීමට අද බොහෝ දෙමව්පියෝ පෙළඹී සිටිති. නමුත් එවැනි ආහාර දරුවාට ලබා දීමෙන් ඔවුන් විසින් තම දරුවාට කරනු ලබන්නේ මාරක අනතුරක් බව ඔවුන් නොදන්නවා ඇති. නමුත් ස්වාභාවික පොල් තෙල්වල මෙම ට්‍රාන්ස් මේදය අන්තර්ගත වන්නෙ නම් එය ඉතා සුළු වශයෙනි. එම නිසා ඔබ ආහාර සඳහා තෙල් වර්ග භාවිතා කරන්නේ නම් එය ස්වාභාවික පොල්තෙල්ම විය යුතුය.එය ඔබගේ මෙන්ම පවුලේ සාමාජිකයන්ගේද ශරීරයට හිතකර වේ. එහෙත් මේ වන විට විවිධ ව්‍යාපාරිකයින් පොල්තෙල් වෙනුවට ජනතාවට විවිධ කෘත්‍රිම තෙල් වර්ග සුදුසු බව අගවමින් අසත්‍ය පණිවුඩ ලබා දීමට පෙළඹී තිබේ. මෙම අසත්‍ය පණිවුඩ ද මිනිසුන් ලෙඩ ගොඩකට කැන්දාගෙන යාමට හේතු වී ඇත. උදෑසන පාසල් යන ඔබගේ දරුවාට ගේ ළඟට පැමිණෙන පාන් විකුණන වාහනවලින් විවිධ පිටි ආශ්රිත කෑම වර්ග ලබා දීමට ඔබ පෙළඹී සිටී. නමුත් අද දවසේ මෙවැනි බොහෝ බේකරි නිෂ්පාදනයන් සඳහා භාවිතා කරන “ලාඩ්” නැමැති මේදය ශරීරයට බෙහෙවින්ම අහිතකර බව ඔබ නොදන්නවා විය හැක. ඒ අනුව මෙවැනි ආහාර දරුවාට ලබා දීමද ඔබේ දරුවා කුඩා කාලයේ සිටම රෝග ගණනාවකට ගොදුරු කිරීමට වැඩිහිටි ඔබගේ දායකත්වය ලබාදීමකි. මේ ආකාරයට ශරීරය ලෙඩ කරවන ආහාර රටාවන්ට පුරුදු පුහුණු වූවා මදිවාට ජනතාව මේ වන විට ව්‍යායාමවලින් මිදීමද බරපතළ තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. ඔවුන්ගේ ශරීරයට ඇතුළත් වන අධික මේදය දහනය කිරීමට අද දවසේ හැකියාවක් නොමැත. මන්ද අප මේ වන විට කය වෙහෙසා වැඩ කිරීම අත් හැර මනස පමණක් වෙහෙසා වැඩ කිරීම දක්වා අනුවර්ථනය වී සිටින බැවිනි. ඒ නිසා අඩුම වශයෙන් තමන්ගේ දරු පරපුර හෝ ෆ්රයිඩ්රයිස්, පරාට හා ගැඹුරු තෙලේ බැද ගන්නා ලද ආහාර රටාවෙන් මුදවා ගැනීමට දෙමව්පියන්, ගුරු භවතුන් ඇතුළු වැඩිහිටියන් ඉටා ගත්තොත් එය තම දරුවන්ට පමණක් නොව සමස්ත රට ජාතියටම කරනු ලබන මහඟු සත්කාරයයක් බව කිවයුතුව ඇත. මක්නිසාද යත් රටේ අනාගතය මේ ඔබේ ආදරණීය දරු පැටවුන් වන බැවිනි. ශ්‍රියානි විජේසිංහ ලක්බිම[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom