Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොඹල කුණු ප්‍රශ්නෙට තිත.. 😍😍😍
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීතොටමුල්ල මානව ඛේදවාචකය හා කසළින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය

2017 වර්ෂයේ සිංහල අවුරුදු දිනයේ මීතොටමුල්ල ප්‍රදේශයේ සිදුවුණු ඛේදවාචකය ඔබ සියලුදෙනාටම මතක ඇතැයි සිතමි. එදින මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී 33 දෙනෙක් එයට බිලිවී, සිය ගණනකට තමන්ගේ නිවාස අහිමිවීම, ලංකා ඉතිහාසයේ කුණු කන්දක් නාය යෑමෙන් සිදුවූ පළමු මානව ඛේදවාචකය විය.

මෙම කුණු කන්ද පිටුපස බරපතල කතාවක් ගැබ්වී තිබුණි. දශක දෙකක් තුනක් තිස්සේ පටන් මේ රටේ විද්‍යාත්මක ක්‍රමවේදයකට කසල බැහැර කිරීමට ගත් සෑම උත්සාහයක්ම මහජන විරෝධතා හා දේශපාලන විරෝධතා නිසා අත්හැර දැමීමට සිදුවිය. කිරුලපන ප්‍රදේශයේ තිබූ තිබුණු කුණු මෝල හා ජීව වායු පද්ධතිය නිසි ආකාරයට නඩත්තු නොකර වසා දැමුණි. අනතුරුව ක්‍රම ක්‍රමයෙන් මට්ටක්කුලිය, බ්ලූමැණ්ඩල්, කොටිකාවත්ත, මීතොටමුල්ල හා කරදියාන ප්‍රදේශවල දැවැන්ත කුණු කඳු ගොඩගැසුණි.

එවකට පරිසර අමාත්‍යවරයා වශයෙන් මෙම කසල ප්‍රශ්නයට මා විසින් විසඳුමක් ගෙන එනු ලැබූවද එයට ද විරෝධතා එල්ල විය. එම විරෝධතා නොතකමින් අප විසින් දොම්පේ ප්‍රදේශයේ විද්‍යාත්මක කසල රඳවනයක් සැකසීමට මධ්‍යම පරිසර අධිකාරිය හරහා ක්‍රියා කළේය. එපමණක් නොව ‘පිළිසරු’ වැඩපිළිවෙල යටතේ කසල වෙන් කිරීම, කසලින් කොම්පෝස්ට් පෙහොර සැකසීම වැනි කටයුතු ආරම්භ කරන ලදි. මේ රටේ බොහෝ දෙනෙක් මේ පිළිබඳව විවේචන කර තිබේ. ඇතැම් ආචාර්ය මහාචාර්යවරු කතා හා දේශන පවත්වා තිබේ. විදේශගතවී තිබේ.

කසළ කළමනාකරණය සම්බන්ධයෙන් මා විශේෂයෙන්ම නම් දෙකක් සඳහන් කර සිටිමි. ඒ නිමල් ප්‍රේමතිලක හා සුමිත් පිලපිටියයි. මෙම දෙදෙනා බලංගොඩ හා වැලිගම ප්‍රදේශවල කසළ කළමණාකරනය විධිමත්ව සිදුකර අපට ප්‍රායෝගික ආදර්ශයක් ලබාදීමට කටයුතු කළේය. ඒ ආදර්ශය ඔස්සේ යමින් එදා ‘පිළිසරු’ ව්‍යාපාරය මෙහෙයවූ මධ්‍යම පරිසර අධිකාරියේ ලාල් ප්‍රනාන්දු මැතිතුමා ඇතුළු පිරිස් විධිමත් කසළ අංගන රට පුරාම ඇතිකිරීමට කටයුතු කරන ලදි. නමුත් ඒ තුළින් කොළඹ කසල ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණු අතර මීතොටමුල්ල කසල ජාවාරමක් බවට පරිවර්ථනය විය.

කොළඹ නගරය ලස්සන කිරීමට මල් පෝච්චි නිර්මාණය කළද කොළඹ නගරයේ කුණු මීතොටමුල්ලේ ගොඩගැසී මානව ඛේදවාචකයක් නිර්මාණය වීමට හේතුවිය. විධිමත් ක්‍රමවේදයක් නොමැතිවීමෙන් කොළඹ නගරයේ කුණු ගෙනයෑමට ස්ථානයක් නොමැති වූ අතර ඊට විරෝධතා ද ඇති විය. කොළඹ නගරය කුණුවලින් වැසී අවසානයේ ඩෙංගු මාරයාට සිය ගණන් පිරිස ගොදුරු වන තත්ත්වයක් නිර්මාණය විය.

එම තත්ත්වය මත එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මා අමාත්‍ය ධුරය දැරූ මහනගර අමාත්‍යාංශයට මෙම කසළ කළමනාකරණය කිරීමේ වගකීම බාරදුනි. අප විසින් සති දෙකක් තුළ කොළඹ නගරයේ කසල සම්පූර්ණයෙන්ම ඉවත්කොට කසල වෙන්කිරීමේ ක්‍රමවේදයක් ඇති කර කොළඹ කසල මුදල් බවට පරිවර්ථනය කළ හැකි ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙක් ආරම්භ කරන ලදි. කෙරවලපිටියේ තාවකාලික මධ්‍යස්ථානයක් ආරම්බ කර පොහොර නිපදවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර කසලින් විදුලිය නිපදවන ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා ද කටයුතු කරනු ලැබීය.

2014 වර්ෂයේදී කොළඹ නගර සභාවත්, නාගරික සංවර්ධන අධිකාරියත් මීතොටමුල්ල ප්‍රදේශයේ කසලින් විදුලිය නිපදවන ව්‍යාපෘතියක් ඇති කිරීමට උත්සාහයක් ගෙන තිබුණි. නමුත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තිබූ ඉඩමට කොළඹ නගර සභාව විසින්ම කුණු දැමීම හේතුවෙන් එම ව්‍යාපෘතියට ඉඩම අහිමි වී තිබුණි. විධිමත් විදුලි අයක්‍රමයක්, විධිමත් පරිසර අධ්‍යයනයක්, කසලින් විදුලිය නිපදවූවාට පසු ඉතුරුවන ඉහළින් පාවෙන හා ඝන අළුවලට (Fly ash & Bottom Ash) විසඳුමක් ද එම ව්‍යාපෘතියේ නොතිබිණ. අප විසින් විධිමත් පරිසර අධ්‍යයනයක් සිදුකර, විධිමත් ඉඩමක් තෝරාගෙන, අපද්‍රව්‍ය ගෙනයන ස්ථානයක් ඇතිකිරීමේ පරමාර්ථයෙන් යුතුව මෙම ව්‍යාපෘති තුනම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදි.

මේ අතුරින් ගම්පහ ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට තිබූ ව්‍යාපෘතිය, ව්‍යාපෘති බලපත්‍රය විකුණා මුදල් කිරීමේ ව්‍යාපාරයක් වී තිබූ හෙයින් අවලංගු කිරීමට සිදුවිය. කරදියාන ව්‍යාපෘතිය ලබාගත් පුද්ගලයා වෙනත් කාරණා මත මූල්‍යමය වශයෙන් බංකොලොත්වීම නිසා එම ව්‍යාපෘතියද අත්හැර දැමීමට සිදුවිය. මෙම ව්‍යාපෘතීන්හි භාරකාරත්වය බස්නාහිර කසළ කළමණාකරන අධිකාරියට ලබාදීමට අප විසින් කටයුතු කරන ලදි.

මේ අතුරින් සාර්ථකව නිමකළ ව්‍යාපෘතිය වූයේ, අද කෙරවලපිටියේ විවෘත වෙන Aitken Spence ආයතනයේ ව්‍යාපෘතියයි. ඒ පිළිබඳව අප සතුටු වන්නෙමු.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී විදුලි අය ක්‍රමයක් තනා ගැනීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමේදී ලංවිම පවසන ලද්දේ, විදුලි ඒකකයක් සඳහා ලබාදිය හැකි උපරිම මුදල රුපියල් 23 ක් බවයි. නමුත් ඇතැම් අවස්ථාවල ඩීසල් බලාගාර වලින් විදුලි ඒකකයක් මිලදී ගැනීම සඳහා රුපියල් 90 ක් වැය කරන බව මේ රටේ සියලු දෙනා දනී. නමුත් අප ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියට ලංවිම ප්‍රතිචාරය වූයේ එයයි. ඒ අවස්ථාවේදී මහජන උපයෝගීතා කොමිසම විසින් විධිමත් අය ක්‍රමයක් අප වෙත සකස් කර ලබාදුන් අතර මුදල් අමාත්‍යාංශය, විශේෂයෙන්ම එහි ලේකම්තුමා මැදිහත් වී ඉතිරි මුදල මුදල් අමාත්‍යාංශයෙන් පියවීමට හා පළාත් පාලන ආයතනවලින් අය කරන ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන ලදි. ඒ පිළිබඳව සියලුදෙනාටම අපගේ ගෞරවනීය ස්තුතිය පිරි නමන්නෙමු.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට නම් අනිවාර්යෙන්ම කසල වෙන්කළ යුතුය. අපගේ කසල වල පවතින වාෂ්ප ප්‍රමාණය වැඩි හෙයින් මේ සඳහා පිටතින් යොදන බලශක්තිය වැඩි විය හැකිය. එහෙයින් රුපියල් 36.20 ක් වැනි මුදලකට මෙය සිදුකළ හැකිද යන ප්රශ්නය ද පැනනගී. එමෙන්ම වා තලයට මුදා හරින Fly Ash, ඒ වගේම පහලින් නිපදවෙන ඝන අළු (Bottom Ash) වලට විසඳුමක් අවශ්‍යය. ඒවායෙන් ගඩොල් සකස් කිරීම සිදු කරන බව ඇතැම් අය පවසති. නමුත් එය කොපමණ සාර්ථකව සිදුකළ හැකිද යන්න පිළිබඳව සොයා බැලිය යුතුය. එසේ නොවුනොත් මේ ව්‍යාපෘතියත් අසාර්ථක වියහැකි බව කිව යුතුය.

අප විසින් නිර්මාණය කළ අරුවක්කාලු ව්‍යාපෘතිය මඟින් දිනකට කසල ටොන් 1200 ක් කළමනාකරණය කළ හැකිය. එම ව්‍යාපෘතිය 2020 මාර්තු මාසයේ විවෘත කිරීමට කටයුතු යොදා තිබුණද, 2021 මාර්තු ආසන්න වුවත් මේ වනතුරු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී තිබේ. එවකට අප විසින් එය ක්‍රියාත්මක කර කොළඹ නගරයේ කසල ගෙනයාම සිදු කරන ලද නමුත් අද වන විට මුතුරාජවෙල වටිනා පරිසර පද්ධතිය කුණු කන්දක් ගොඩගසා විනාශ කරමින් තිබෙන ආකාරය දැකගත හැකිය.

කයිවාරු නොගසමින් හැකි ඉක්මනින් මෙම ව්‍යාපෘතිය අවසන් කර, මේ රටේ කසල ප්රශ්නය විසඳීමට පියවර ගැනීම බස්නාහිර පළාත් කසළ කළමනාකරණ අධිකාරිය, කොළඹ නගර සභාව, අරුවක්කාලු ව්‍යාපෘතිය හා විශේෂයෙන්ම ආණ්ඩුව සතු ප්‍රධාන වගකීමකි.

අවුරුදු 40 ක් තිස්සේ මේ රටේ දේශපාලන බලපෑම මත පසුපසට ගිය යුද්ධය වගේම කුණු වූ, පල් වූ කසල ප්රශ්නය විසඳීම සඳහා විද්‍යාත්මක විසඳුම් ගැනීමට කැප වූ සියලු දෙනාටම, මේ රටේ පළමු විද්‍යාත්මක කසළ අංගනය ඉදිකිරීමට මුල් වූ, කොළඹ නගරයේ කසල එකතු කිරීම විධිමත් කිරීමට කටයුතු කිරීමට හැකිවූ, කසලින් විදුලිය නිපදවන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පුරෝගාමී මෙහෙවරක් කිරීමට හැකිවූ පුද්ගලයෙකු වශයෙන් මාගේ ගෞරවය මේ අවස්ථාවේ පිරිනමමි.

පාඨලී චම්පික රණවක

[QUOTE="pavanruka, post: 26141426, member: 528723"] [CENTER][B][SIZE=7]මීතොටමුල්ල මානව ඛේදවාචකය හා කසළින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය[/SIZE][/B][/CENTER] 2017 වර්ෂයේ සිංහල අවුරුදු දිනයේ මීතොටමුල්ල ප්‍රදේශයේ සිදුවුණු ඛේදවාචකය ඔබ සියලුදෙනාටම මතක ඇතැයි සිතමි. එදින මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී 33 දෙනෙක් එයට බිලිවී, සිය ගණනකට තමන්ගේ නිවාස අහිමිවීම, ලංකා ඉතිහාසයේ කුණු කන්දක් නාය යෑමෙන් සිදුවූ පළමු මානව ඛේදවාචකය විය. මෙම කුණු කන්ද පිටුපස බරපතල කතාවක් ගැබ්වී තිබුණි. දශක දෙකක් තුනක් තිස්සේ පටන් මේ රටේ විද්‍යාත්මක ක්‍රමවේදයකට කසල බැහැර කිරීමට ගත් සෑම උත්සාහයක්ම මහජන විරෝධතා හා දේශපාලන විරෝධතා නිසා අත්හැර දැමීමට සිදුවිය. කිරුලපන ප්‍රදේශයේ තිබූ තිබුණු කුණු මෝල හා ජීව වායු පද්ධතිය නිසි ආකාරයට නඩත්තු නොකර වසා දැමුණි. අනතුරුව ක්‍රම ක්‍රමයෙන් මට්ටක්කුලිය, බ්ලූමැණ්ඩල්, කොටිකාවත්ත, මීතොටමුල්ල හා කරදියාන ප්‍රදේශවල දැවැන්ත කුණු කඳු ගොඩගැසුණි. එවකට පරිසර අමාත්‍යවරයා වශයෙන් මෙම කසල ප්‍රශ්නයට මා විසින් විසඳුමක් ගෙන එනු ලැබූවද එයට ද විරෝධතා එල්ල විය. එම විරෝධතා නොතකමින් අප විසින් දොම්පේ ප්‍රදේශයේ විද්‍යාත්මක කසල රඳවනයක් සැකසීමට මධ්‍යම පරිසර අධිකාරිය හරහා ක්‍රියා කළේය. එපමණක් නොව ‘පිළිසරු’ වැඩපිළිවෙල යටතේ කසල වෙන් කිරීම, කසලින් කොම්පෝස්ට් පෙහොර සැකසීම වැනි කටයුතු ආරම්භ කරන ලදි. මේ රටේ බොහෝ දෙනෙක් මේ පිළිබඳව විවේචන කර තිබේ. ඇතැම් ආචාර්ය මහාචාර්යවරු කතා හා දේශන පවත්වා තිබේ. විදේශගතවී තිබේ. කසළ කළමනාකරණය සම්බන්ධයෙන් මා විශේෂයෙන්ම නම් දෙකක් සඳහන් කර සිටිමි. ඒ නිමල් ප්‍රේමතිලක හා සුමිත් පිලපිටියයි. මෙම දෙදෙනා බලංගොඩ හා වැලිගම ප්‍රදේශවල කසළ කළමණාකරනය විධිමත්ව සිදුකර අපට ප්‍රායෝගික ආදර්ශයක් ලබාදීමට කටයුතු කළේය. ඒ ආදර්ශය ඔස්සේ යමින් එදා ‘පිළිසරු’ ව්‍යාපාරය මෙහෙයවූ මධ්‍යම පරිසර අධිකාරියේ ලාල් ප්‍රනාන්දු මැතිතුමා ඇතුළු පිරිස් විධිමත් කසළ අංගන රට පුරාම ඇතිකිරීමට කටයුතු කරන ලදි. නමුත් ඒ තුළින් කොළඹ කසල ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණු අතර මීතොටමුල්ල කසල ජාවාරමක් බවට පරිවර්ථනය විය. කොළඹ නගරය ලස්සන කිරීමට මල් පෝච්චි නිර්මාණය කළද කොළඹ නගරයේ කුණු මීතොටමුල්ලේ ගොඩගැසී මානව ඛේදවාචකයක් නිර්මාණය වීමට හේතුවිය. විධිමත් ක්‍රමවේදයක් නොමැතිවීමෙන් කොළඹ නගරයේ කුණු ගෙනයෑමට ස්ථානයක් නොමැති වූ අතර ඊට විරෝධතා ද ඇති විය. කොළඹ නගරය කුණුවලින් වැසී අවසානයේ ඩෙංගු මාරයාට සිය ගණන් පිරිස ගොදුරු වන තත්ත්වයක් නිර්මාණය විය. එම තත්ත්වය මත එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මා අමාත්‍ය ධුරය දැරූ මහනගර අමාත්‍යාංශයට මෙම කසළ කළමනාකරණය කිරීමේ වගකීම බාරදුනි. අප විසින් සති දෙකක් තුළ කොළඹ නගරයේ කසල සම්පූර්ණයෙන්ම ඉවත්කොට කසල වෙන්කිරීමේ ක්‍රමවේදයක් ඇති කර කොළඹ කසල මුදල් බවට පරිවර්ථනය කළ හැකි ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙක් ආරම්භ කරන ලදි. කෙරවලපිටියේ තාවකාලික මධ්‍යස්ථානයක් ආරම්බ කර පොහොර නිපදවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර කසලින් විදුලිය නිපදවන ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා ද කටයුතු කරනු ලැබීය. 2014 වර්ෂයේදී කොළඹ නගර සභාවත්, නාගරික සංවර්ධන අධිකාරියත් මීතොටමුල්ල ප්‍රදේශයේ කසලින් විදුලිය නිපදවන ව්‍යාපෘතියක් ඇති කිරීමට උත්සාහයක් ගෙන තිබුණි. නමුත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තිබූ ඉඩමට කොළඹ නගර සභාව විසින්ම කුණු දැමීම හේතුවෙන් එම ව්‍යාපෘතියට ඉඩම අහිමි වී තිබුණි. විධිමත් විදුලි අයක්‍රමයක්, විධිමත් පරිසර අධ්‍යයනයක්, කසලින් විදුලිය නිපදවූවාට පසු ඉතුරුවන ඉහළින් පාවෙන හා ඝන අළුවලට (Fly ash & Bottom Ash) විසඳුමක් ද එම ව්‍යාපෘතියේ නොතිබිණ. අප විසින් විධිමත් පරිසර අධ්‍යයනයක් සිදුකර, විධිමත් ඉඩමක් තෝරාගෙන, අපද්‍රව්‍ය ගෙනයන ස්ථානයක් ඇතිකිරීමේ පරමාර්ථයෙන් යුතුව මෙම ව්‍යාපෘති තුනම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදි. මේ අතුරින් ගම්පහ ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට තිබූ ව්‍යාපෘතිය, ව්‍යාපෘති බලපත්‍රය විකුණා මුදල් කිරීමේ ව්‍යාපාරයක් වී තිබූ හෙයින් අවලංගු කිරීමට සිදුවිය. කරදියාන ව්‍යාපෘතිය ලබාගත් පුද්ගලයා වෙනත් කාරණා මත මූල්‍යමය වශයෙන් බංකොලොත්වීම නිසා එම ව්‍යාපෘතියද අත්හැර දැමීමට සිදුවිය. මෙම ව්‍යාපෘතීන්හි භාරකාරත්වය බස්නාහිර කසළ කළමණාකරන අධිකාරියට ලබාදීමට අප විසින් කටයුතු කරන ලදි. මේ අතුරින් සාර්ථකව නිමකළ ව්‍යාපෘතිය වූයේ, අද කෙරවලපිටියේ විවෘත වෙන Aitken Spence ආයතනයේ ව්‍යාපෘතියයි. ඒ පිළිබඳව අප සතුටු වන්නෙමු. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී විදුලි අය ක්‍රමයක් තනා ගැනීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමේදී ලංවිම පවසන ලද්දේ, විදුලි ඒකකයක් සඳහා ලබාදිය හැකි උපරිම මුදල රුපියල් 23 ක් බවයි. නමුත් ඇතැම් අවස්ථාවල ඩීසල් බලාගාර වලින් විදුලි ඒකකයක් මිලදී ගැනීම සඳහා රුපියල් 90 ක් වැය කරන බව මේ රටේ සියලු දෙනා දනී. නමුත් අප ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියට ලංවිම ප්‍රතිචාරය වූයේ එයයි. ඒ අවස්ථාවේදී මහජන උපයෝගීතා කොමිසම විසින් විධිමත් අය ක්‍රමයක් අප වෙත සකස් කර ලබාදුන් අතර මුදල් අමාත්‍යාංශය, විශේෂයෙන්ම එහි ලේකම්තුමා මැදිහත් වී ඉතිරි මුදල මුදල් අමාත්‍යාංශයෙන් පියවීමට හා පළාත් පාලන ආයතනවලින් අය කරන ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන ලදි. ඒ පිළිබඳව සියලුදෙනාටම අපගේ ගෞරවනීය ස්තුතිය පිරි නමන්නෙමු. මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට නම් අනිවාර්යෙන්ම කසල වෙන්කළ යුතුය. අපගේ කසල වල පවතින වාෂ්ප ප්‍රමාණය වැඩි හෙයින් මේ සඳහා පිටතින් යොදන බලශක්තිය වැඩි විය හැකිය. එහෙයින් රුපියල් 36.20 ක් වැනි මුදලකට මෙය සිදුකළ හැකිද යන ප්රශ්නය ද පැනනගී. එමෙන්ම වා තලයට මුදා හරින Fly Ash, ඒ වගේම පහලින් නිපදවෙන ඝන අළු (Bottom Ash) වලට විසඳුමක් අවශ්‍යය. ඒවායෙන් ගඩොල් සකස් කිරීම සිදු කරන බව ඇතැම් අය පවසති. නමුත් එය කොපමණ සාර්ථකව සිදුකළ හැකිද යන්න පිළිබඳව සොයා බැලිය යුතුය. එසේ නොවුනොත් මේ ව්‍යාපෘතියත් අසාර්ථක වියහැකි බව කිව යුතුය. අප විසින් නිර්මාණය කළ අරුවක්කාලු ව්‍යාපෘතිය මඟින් දිනකට කසල ටොන් 1200 ක් කළමනාකරණය කළ හැකිය. එම ව්‍යාපෘතිය 2020 මාර්තු මාසයේ විවෘත කිරීමට කටයුතු යොදා තිබුණද, 2021 මාර්තු ආසන්න වුවත් මේ වනතුරු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී තිබේ. එවකට අප විසින් එය ක්‍රියාත්මක කර කොළඹ නගරයේ කසල ගෙනයාම සිදු කරන ලද නමුත් අද වන විට මුතුරාජවෙල වටිනා පරිසර පද්ධතිය කුණු කන්දක් ගොඩගසා විනාශ කරමින් තිබෙන ආකාරය දැකගත හැකිය. කයිවාරු නොගසමින් හැකි ඉක්මනින් මෙම ව්‍යාපෘතිය අවසන් කර, මේ රටේ කසල ප්රශ්නය විසඳීමට පියවර ගැනීම බස්නාහිර පළාත් කසළ කළමනාකරණ අධිකාරිය, කොළඹ නගර සභාව, අරුවක්කාලු ව්‍යාපෘතිය හා විශේෂයෙන්ම ආණ්ඩුව සතු ප්‍රධාන වගකීමකි. අවුරුදු 40 ක් තිස්සේ මේ රටේ දේශපාලන බලපෑම මත පසුපසට ගිය යුද්ධය වගේම කුණු වූ, පල් වූ කසල ප්රශ්නය විසඳීම සඳහා විද්‍යාත්මක විසඳුම් ගැනීමට කැප වූ සියලු දෙනාටම, මේ රටේ පළමු විද්‍යාත්මක කසළ අංගනය ඉදිකිරීමට මුල් වූ, කොළඹ නගරයේ කසල එකතු කිරීම විධිමත් කිරීමට කටයුතු කිරීමට හැකිවූ, කසලින් විදුලිය නිපදවන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පුරෝගාමී මෙහෙවරක් කිරීමට හැකිවූ පුද්ගලයෙකු වශයෙන් මාගේ ගෞරවය මේ අවස්ථාවේ පිරිනමමි. පාඨලී චම්පික රණවක [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom