Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
කොරියන් යුද්ධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරියන් යුද්ධය -4

1950 ජූනි ආක්‍රමණයෙන් පසුව උතුරු කොරියාවට එරෙහි යුද යාන්ත්‍රණය දියත් කිරීමට ජනාධිපති ටෲමන්ව වඩාත්ම පොළඹවනු ලැබුවේ එවකට ඇමරිකානු රාජ්‍ය ලේකම් Dean Gooderham Acheso විසින් බව පැවසෙන අතර එම කාරණයට ටෲමන්ද කෙතරම් ඇළුම් කළේද කියතොත් ඇමරිකානු යුද හමුදාවේ ප්‍රධානීන් පවා කොරියානු අර්ධද්වීපය කොමියුනිස්ට්වාදයට එරෙහිව නැගී සිටීමට සුදුසු ස්ථානයක් නොවේ යයි පවසද්දීත් උතුරු කොරියාවට එරෙහි යුද ක්‍රියාමාර්ගය ඔහු අනුමත කළේය. කෙසේවෙතත් දෙවන ලෝක යුද්ධයෙන් පසු තවත් එවන් යුද්ධ ඇතිවීම වැලකීමට හා රටක් එක එල්ලේම තවත් රටක් හිතුමතේ ආක්‍රමණය වැලැක්වීම යනාදී කාරණා ප්‍රධාන කොට එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිකර ඇති නිසා ඇමරිකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියද මෙම යෝජනාවට පක්ෂව ලැබිය යුතු වූ අතර ඇමරිකානු කොන්ග්රස් මණ්ඩලයද සිය සොල්දාදුවන් කොරියානු යුද පෙරමුණ යැවීමට එකඟ විය යුතු විය. කෙසේවෙතත් 1949 දී චීනය කොමියුනිස්ට්කරණය වූ පසු එයට හිමි එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය, ඇමරිකානු නාවික බලය යොදවා ආරක්ෂාකළ තායිවානයට හිමිව තිබු නිසා එයටද විරෝධය පාමින් නිශේද බලයද හිමි සෝවියට් දේශය ආරක්ෂක මණ්ඩලය වර්ජනය කළ අතර අනෙක් අතින් සෝවියට් නායක ස්ටාලින් හට අවශ්‍ය වූයේ කොරියානු යුද පෙරමුණට ඇමරිකානු බටයන් පෙරටු කොටගත් එක්සත් ජාතින්ගේ හමුදාව යෙදවීම තුලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු ඇමරිකානු බලල් අතක් බව ලෝකයට පෙන්වීමට බවද ඇතැම් මූලාශ්‍ර වල සදහන් වේ.

ඇමරිකාවේ තත්ත්වය මෙසේවෙද්දී කොරියානු අර්ධද්වීපයේ දකුණු කොටසේ තත්ත්වය 1950 අගෝස්තුව වන විට නරකම අතට හැරී තිබුනි. දකුණු කොරියානු හමුදාව ගැන නම් කතා කිරීම අර්ථ ශුන්‍ය වන අතරඑහි ඒවන විට රැදී සිටි ඇමරිකානු හමුදාවට පවා තත්ත්වය පාලනය කර ගත නොහැකිව දකුණු කොරියාව යනු කොරියානු අර්ධද්වීපයේ ගිනිකොන දිග කෙළවර පූසාන්/බූසාන් නගරය කේන්ද්‍රගත කරගනිමින් පැවතුන සැතපුම් 50-50 කොටසකට කොටුවී පැවතුනි.

දකුණු කොරියානු හමුදාවට අවශ්‍ය යුදායුධ නොපැවතීම, දුර්වල පුහුණුව මෙන්ම දූෂිත හා මර්ධනකාරී Rhee පාළනය කෙරේ ජනතා කැමැත්ත නොමැතිවීම එදා දකුණු කොරියාව අත්පත් කරගැනීමට උතුරු කොරියාවට පහසුවක් විය.

මේ වන විට එක්සත් ජාතීන්ගේ අනුමැතියද සහිතව සුපුරුදු පරිදි ඇමරිකානු හමුදා නායකත්වය හා වැඩි දායකත්වය ඔස්සේ බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියානු, නවසීලන්ත, තුර්කි ආදී රටවල් කිහපයකම හමුදා දායකත්වයද සහිතව දුෂ්ඨ උතුරු කොරියානු සතුරා විනාශ කිරීමට පෙරමුණ ගත් අතර ඒකාබද්ධ හමුදා අණදෙන නිළධාරියා ලෙස ජනරාල් ඩග්ලස් මැක් ආතර් පත් කරනු ලැබූ අතර කොරියානු යුද පෙරමුණට ඇමරිකානු 8 වන හමුදාව එක් විය. එහි අණදෙන නිළධාරී හා ජනරාල් මැක් ආතර්ගේ දෙවැනියා වූයේ ලුතිනන් ජනරාල් වොල්ට්න් වෝකර්ය.

ඒ වන විට දකුණු කොරියානු ආණ්ඩුවක් නමට හෝ පැවති Busan පුදේශය වට කොට දැවැන්ත ප්‍රතිරෝධයක් උතුරු කොරියානුවන් වෙතින් එල්ල වී පැවතුන අතර එම ප්‍රතිරෝධය මැඩ පැවැත්වීමට ගොඩබිම් ප්‍රහාරයකට වඩා ඔවුන්ට පිටුපසින් පහර එල්ල කිරීමට මුහුදින් ගොස් දකුණු කොරියාවට ගොඩබැසීම වඩාත් සුදුසු බව ඒ වන විට හමුදා සේවයේ වසර 47 ක් සේවය කළ හා පළමු හා දෙවන ලෝක යුද්ධ දෙකෙහිදීම දස්කම් පෑ හා අතිශයින්ම කීර්තියට පත් හමුදා ජනරාල්වරයෙකු වූ ඩග්ලස් මැක් ආතර් තීරණය කළේය.

ඒ අනුව ඇමරිකාව ප්රමුඛ එක්සත් ජාතීන්ගේ හමුදා ජපානයට ආසන්නව පිහිටි කොරියානු දකුණු-ගිණිකොන දිගින් නොව කොරියානු අර්ධද්වීපයේ බටහිරින් පිහිටි සෝල් නුවරට සැතපුම් 22 ක් එපිටින් පිහිටි Incheon වෙත ගොඩ බැසීමයි (an amphibious landing). මෙසේ මුහුදින් ගොස් සතුරු ප්‍රදේශයකට පහරදීමකට ගොඩ බැසීමක් සිදුවන්නේ දෙවන ලෝක යුද්ධයේදී ප්‍රංශයේ නොමැන්ඩ් වෙරළට ගොඩබැස සිදු කළ D-Day මෙහෙයුමට පසුව හා පිළිපීනයේ Leyte වෙත ගොඩබැසීමට පසුවයි. මෙවැනි සටන් ඉතා තිරණාත්මක හා විනාශකාරී වන අතර D-day මෙහෙයුමේදී ඇතැම් ඇමරිකානු සොල්දාදුවන්, ජර්මන් මැෂින් තුවක්කු ප්‍රහාරවලට ලක්ව මිය ගියේ එකදු වෙඩිල්ලක් හෝ තබා ගැනීමට ඉඩක් නොලැබී වන අතර එම යුද්ධයේදී පළමු දිනයේදී දෙපාර්ශවයෙන්ම සොල්දාදුවන් 10,000 බැගින් මිය ගිය බවද සදහන් වේ. කෙසේවෙතත් මෙම පෙර අවධානම තිබුනද කෙසේවෙතත් මෙම අනපේක්ෂිත ගොඩබැසීම උතුරු කොරියානුවන් අපේක්ෂා නොකළ නිසා හෝ ඔවුන්ගේ හමුදා වැඩි ප්‍රමාණයක් බූසාන් වෙතට දැඩි ප්‍රතිරෝධයක් එල්ල කිරීමට යොමුකර තිබූ නිසා හෝ ඇමරිකානු ගොඩබැසීම කිසියම් අයුරකින් දැනගෙන සිය දේශසීමා ආරක්ෂා කර ගැනීමට උතුරු දෙසට නැවත යොමු කර තිබූ නිසා එකසත් ජාතීන්ගේ (UN) හමුදා බලාපොරාත්තු වූ දැඩි ප්‍රහාරයක් එල්ල නොවූ අතර සාර්ථක ලෙස 1950 සැප්තැම්බර් 15 වන දින Incheon වෙත ගොඩ බැසීම සිදු වුනි. මෙම මුහුදින් ගොඩබිමට පැමිණීමේ මෙහෙයුමට නාවිකා යාත්‍රා 261 කින් මැරීන් සොල්දාදුවන් 80,000 ක් Incheon වෙතට පිවිසියේ ඉතා අඩු හානියකින් බවද සදහන් වේ.

[QUOTE="tharakanilupul, post: 17575667, member: 504068"] [SIZE=5][COLOR=DarkRed][B] [COLOR=Navy]කොරියන් යුද්ධය -4[/COLOR][/B] 1950 ජූනි ආක්‍රමණයෙන් පසුව උතුරු කොරියාවට එරෙහි යුද යාන්ත්‍රණය දියත් කිරීමට ජනාධිපති ටෲමන්ව වඩාත්ම පොළඹවනු ලැබුවේ එවකට ඇමරිකානු රාජ්‍ය ලේකම් Dean Gooderham Acheso විසින් බව පැවසෙන අතර එම කාරණයට ටෲමන්ද කෙතරම් ඇළුම් කළේද කියතොත් ඇමරිකානු යුද හමුදාවේ ප්‍රධානීන් පවා කොරියානු අර්ධද්වීපය කොමියුනිස්ට්වාදයට එරෙහිව නැගී සිටීමට සුදුසු ස්ථානයක් නොවේ යයි පවසද්දීත් උතුරු කොරියාවට එරෙහි යුද ක්‍රියාමාර්ගය ඔහු අනුමත කළේය. කෙසේවෙතත් දෙවන ලෝක යුද්ධයෙන් පසු තවත් එවන් යුද්ධ ඇතිවීම වැලකීමට හා රටක් එක එල්ලේම තවත් රටක් හිතුමතේ ආක්‍රමණය වැලැක්වීම යනාදී කාරණා ප්‍රධාන කොට එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිකර ඇති නිසා ඇමරිකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියද මෙම යෝජනාවට පක්ෂව ලැබිය යුතු වූ අතර ඇමරිකානු කොන්ග්රස් මණ්ඩලයද සිය සොල්දාදුවන් කොරියානු යුද පෙරමුණ යැවීමට එකඟ විය යුතු විය. කෙසේවෙතත් 1949 දී චීනය කොමියුනිස්ට්කරණය වූ පසු එයට හිමි එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය, ඇමරිකානු නාවික බලය යොදවා ආරක්ෂාකළ තායිවානයට හිමිව තිබු නිසා එයටද විරෝධය පාමින් නිශේද බලයද හිමි සෝවියට් දේශය ආරක්ෂක මණ්ඩලය වර්ජනය කළ අතර අනෙක් අතින් සෝවියට් නායක ස්ටාලින් හට අවශ්‍ය වූයේ කොරියානු යුද පෙරමුණට ඇමරිකානු බටයන් පෙරටු කොටගත් එක්සත් ජාතින්ගේ හමුදාව යෙදවීම තුලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු ඇමරිකානු බලල් අතක් බව ලෝකයට පෙන්වීමට බවද ඇතැම් මූලාශ්‍ර වල සදහන් වේ. ඇමරිකාවේ තත්ත්වය මෙසේවෙද්දී කොරියානු අර්ධද්වීපයේ දකුණු කොටසේ තත්ත්වය 1950 අගෝස්තුව වන විට නරකම අතට හැරී තිබුනි. දකුණු කොරියානු හමුදාව ගැන නම් කතා කිරීම අර්ථ ශුන්‍ය වන අතරඑහි ඒවන විට රැදී සිටි ඇමරිකානු හමුදාවට පවා තත්ත්වය පාලනය කර ගත නොහැකිව දකුණු කොරියාව යනු කොරියානු අර්ධද්වීපයේ ගිනිකොන දිග කෙළවර පූසාන්/බූසාන් නගරය කේන්ද්‍රගත කරගනිමින් පැවතුන සැතපුම් 50-50 කොටසකට කොටුවී පැවතුනි. දකුණු කොරියානු හමුදාවට අවශ්‍ය යුදායුධ නොපැවතීම, දුර්වල පුහුණුව මෙන්ම දූෂිත හා මර්ධනකාරී Rhee පාළනය කෙරේ ජනතා කැමැත්ත නොමැතිවීම එදා දකුණු කොරියාව අත්පත් කරගැනීමට උතුරු කොරියාවට පහසුවක් විය. මේ වන විට එක්සත් ජාතීන්ගේ අනුමැතියද සහිතව සුපුරුදු පරිදි ඇමරිකානු හමුදා නායකත්වය හා වැඩි දායකත්වය ඔස්සේ බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියානු, නවසීලන්ත, තුර්කි ආදී රටවල් කිහපයකම හමුදා දායකත්වයද සහිතව දුෂ්ඨ උතුරු කොරියානු සතුරා විනාශ කිරීමට පෙරමුණ ගත් අතර ඒකාබද්ධ හමුදා අණදෙන නිළධාරියා ලෙස ජනරාල් ඩග්ලස් මැක් ආතර් පත් කරනු ලැබූ අතර කොරියානු යුද පෙරමුණට ඇමරිකානු 8 වන හමුදාව එක් විය. එහි අණදෙන නිළධාරී හා ජනරාල් මැක් ආතර්ගේ දෙවැනියා වූයේ ලුතිනන් ජනරාල් වොල්ට්න් වෝකර්ය. ඒ වන විට දකුණු කොරියානු ආණ්ඩුවක් නමට හෝ පැවති Busan පුදේශය වට කොට දැවැන්ත ප්‍රතිරෝධයක් උතුරු කොරියානුවන් වෙතින් එල්ල වී පැවතුන අතර එම ප්‍රතිරෝධය මැඩ පැවැත්වීමට ගොඩබිම් ප්‍රහාරයකට වඩා ඔවුන්ට පිටුපසින් පහර එල්ල කිරීමට මුහුදින් ගොස් දකුණු කොරියාවට ගොඩබැසීම වඩාත් සුදුසු බව ඒ වන විට හමුදා සේවයේ වසර 47 ක් සේවය කළ හා පළමු හා දෙවන ලෝක යුද්ධ දෙකෙහිදීම දස්කම් පෑ හා අතිශයින්ම කීර්තියට පත් හමුදා ජනරාල්වරයෙකු වූ ඩග්ලස් මැක් ආතර් තීරණය කළේය. ඒ අනුව ඇමරිකාව ප්රමුඛ එක්සත් ජාතීන්ගේ හමුදා ජපානයට ආසන්නව පිහිටි කොරියානු දකුණු-ගිණිකොන දිගින් නොව කොරියානු අර්ධද්වීපයේ බටහිරින් පිහිටි සෝල් නුවරට සැතපුම් 22 ක් එපිටින් පිහිටි Incheon වෙත ගොඩ බැසීමයි (an amphibious landing). මෙසේ මුහුදින් ගොස් සතුරු ප්‍රදේශයකට පහරදීමකට ගොඩ බැසීමක් සිදුවන්නේ දෙවන ලෝක යුද්ධයේදී ප්‍රංශයේ නොමැන්ඩ් වෙරළට ගොඩබැස සිදු කළ D-Day මෙහෙයුමට පසුව හා පිළිපීනයේ Leyte වෙත ගොඩබැසීමට පසුවයි. මෙවැනි සටන් ඉතා තිරණාත්මක හා විනාශකාරී වන අතර D-day මෙහෙයුමේදී ඇතැම් ඇමරිකානු සොල්දාදුවන්, ජර්මන් මැෂින් තුවක්කු ප්‍රහාරවලට ලක්ව මිය ගියේ එකදු වෙඩිල්ලක් හෝ තබා ගැනීමට ඉඩක් නොලැබී වන අතර එම යුද්ධයේදී පළමු දිනයේදී දෙපාර්ශවයෙන්ම සොල්දාදුවන් 10,000 බැගින් මිය ගිය බවද සදහන් වේ. කෙසේවෙතත් මෙම පෙර අවධානම තිබුනද කෙසේවෙතත් මෙම අනපේක්ෂිත ගොඩබැසීම උතුරු කොරියානුවන් අපේක්ෂා නොකළ නිසා හෝ ඔවුන්ගේ හමුදා වැඩි ප්‍රමාණයක් බූසාන් වෙතට දැඩි ප්‍රතිරෝධයක් එල්ල කිරීමට යොමුකර තිබූ නිසා හෝ ඇමරිකානු ගොඩබැසීම කිසියම් අයුරකින් දැනගෙන සිය දේශසීමා ආරක්ෂා කර ගැනීමට උතුරු දෙසට නැවත යොමු කර තිබූ නිසා එකසත් ජාතීන්ගේ (UN) හමුදා බලාපොරාත්තු වූ දැඩි ප්‍රහාරයක් එල්ල නොවූ අතර සාර්ථක ලෙස 1950 සැප්තැම්බර් 15 වන දින Incheon වෙත ගොඩ බැසීම සිදු වුනි. මෙම මුහුදින් ගොඩබිමට පැමිණීමේ මෙහෙයුමට නාවිකා යාත්‍රා 261 කින් මැරීන් සොල්දාදුවන් 80,000 ක් Incheon වෙතට පිවිසියේ ඉතා අඩු හානියකින් බවද සදහන් වේ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom