Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොරෝනා රෝගීන් සියලූ දෙනා දින 4කදී සුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ කුළුබඩු අතුරින් ගම්මිරිස් හා කුරුඳු හැරුණ විට ඉතා වැදගත් ස්ථානයක් හිමිවන බෝගයක් ලෙස සාදික්කා සැලකිය හැකිය. මෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ මේ බෝගය මඟින් සාදික්කා හා වසාවාසි ලෙස කුළුබඩු ආකාර දෙකක්ම ලබාගත හැකිවීමයි. මෙහි ඵලයෙහි බීජයේ ඇති මදය නැතහොත් භ්රෑණ පෝෂය සහ කලලයේ එකතුව සාදික්කා ලෙස හඳුන්වයි. එම බීජය වටා දැලක් ලෙස පිහිටා ඇති තරමක් ප්‍රත්‍යස්ථ ස්වභාවයක් ගන්නා රතු පැහැති ආවරණය නැතහොත් බීජ කවචය වසාවාසි ලෙස හඳුන්වයි. මේ නිසා සාදික්කා අනෙකුත් කුළුබඩු බෝගවලට වඩා වැදගත් අපනයන කෘෂිකර්ම බෝගයකි.

පාරිසරික සාධක හා ව්‍යාප්තිය

සාදික්කා ඝර්මකලාපීය රටවල පමණක් හමුවන සදාහරිත බෝග ශාක විශේෂයකි. ප්‍රධාන වශයෙන් ග්‍රෙනෙඩාව, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, චීනය හා ඉන්දියාව යන රටවල බහුලව වගා කෙරේ. ශ්‍රී ලංකාවේ මැදරට ප්‍රදේශයේ තෙත් හා අතරමැදි කලාපවල පහසුවෙන් වගා කළ හැකිය. වසර පුරා හොඳින් විසිරුණ වර්ෂා පතනයක් සහිත (මි.මී. 1500 – 2000), ජලය හොඳින් බැසයන කාබනික ද්‍රව්‍ය බහුලව ඇති පසක් සහිත ප්‍රදේශ ඉතාමත් සුදුසු වේ. සාමාන්‍ය උෂ්ණත්වය සෙ.ග්‍රේ. 25 – 27 පරාසයක් සහිත ප්‍රදේශ වඩාත් හිතකර වේ. ක්ෂේත්රයේදී මුල් වසර 4 -5 කාලය තුල ප්‍රමාණවත් පරිදි සෙවණ තිබිය යුතු අතර, එය කාලයත් සමඟ ක්‍රමයෙන් අඩුවී ඉන් පසු කාලයේදී වැඩි අස්වැන්නක් ලබාගැනීම සඳහා හොඳින් සූර්යාලෝකය ලබාදිය යුතුවේ.

සාදික්කා ශාකයේ උද්භිද විද්‍යාත්මක ලක්ෂණ

මෙම ශාකය සදාහරිත, සාපේක්ෂව විශාල ලෙස වැඩෙන වෘක්ෂයක් වන අතර මීටර් 15 -20 පමණ උසට වර්ධනය විය හැකිය. බීජ මඟින් ඇතිවන ශාකයේ ඍජුව ඉහලට වැඩෙන ප්‍රධාන කඳක් සහ ඉන් හරස් අතට ඇතිවන හරස් අතු ගණනාවකින් යුක්තය. වියන බොහෝවිට කේතු ආකාර හැඩයක් ගන්නා අතර ඇතැම්විට ගෝලාකාර විය හැකිය. (රූපය 01).

පත්‍ර සරලය. ඒකාන්තර වින්‍යාසයක් පෙන්වයි. මතුපිට පෘෂ්ටය තද කොළ පැහැයක් ගනී. පුෂ්ප කහ පැහැතිය. තරමක මාංසලය. ඉතා කුඩාය (සෙ.මී. 1 ක් පමණ). සාදික්කා ශාකය ද්විගෘහි වේ. එනම් එක් ශාකයක හටගන්නේ පූමාංගී (පුරුෂ) හෝ ජායාංගි (ස්ත්‍රී) පුෂ්ප වර්ගවලින් එක් ආකාරයක් පමණි. මේ නිසා පුෂ්ප අනිවාර්යයෙන්ම ඒක ලිංගික වේ. ඉතාමත්ම කලාතුරකින් ඒක ගෘහී ශාක හමුවේ. එනම් එම ශාක වල පූමාංගී සහ ජායාංගී පුෂ්ප එකම ශාකයේ හටගනී. පුෂ්ප ආකාර දෙකම එකම කාලයේ හටගන්නා අතර හැමවිටම සිදුවන්නේ පර පරාගනයකි.

ඵලය මාංසලය. අෂ්ටිලයකි. තනි බීජයක් සහිතය. ගෝලාකාර හෝ ඕවලාකාර හැඩයක් ගනී. කුඩා කාලයේ ළා කොළ පැහැයක් ගන්නා අතර හොඳින් මේරූ විට කහ හෝ තැඹිලි පැහැයක් ගනී. (රූපය 02) අතු වල එල්ලී ඇති ඵල හොඳින් මේරූ විට පහළ කෙළවරින් පමණක් ඵලාවරණය කොටස් දෙකකට වෙන්වන ලෙස පුපුරා විවෘත වන අතර එවිට ඇතුළත ඇති දුඹුරු පැහැති බීජය සහ ඒ මත තද රතු පැහැති දැළක් ලෙස පිහිටන බීජ කවචය (වසාවාසි) ඉතාමත් අලංකාර ලෙස දිස් වේ. ඵලාවරණය සාපේක්ෂව ඝනකම් හා මාංසල වන අතර කහ පැහැතිය. බීජ කවචය අතු බෙදුන දැලක් ලෙස බීජාවරණය මත පිහිටයි. තරමක් ප්රත්යස්තය. බීජාවරණය තද දුඹුරු පැහැතිය. තුනී ශක්තිමත් කටුවකි. බීජය තුල ඇති මදය ලෙස හඳුන්වන ලා දුඹුරු පැහැති ව්‍යුහය සාදික්කා වල වැදගත්ම කොටසයි. මෙහි අධික ලෙස තෙල් අඩංගු වේ. මේ කොටස සැදී ඇත්තේ කළලය සහ භ්රෑණපෝෂය එකතුවීමෙනි.

සාදික්කා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය

මෙම බෝගයේ හඳුනාගත් ප්‍රභේද නොමැති අතර රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනයේදී තෝරාගත් මවුශාකවලින් බීජ ලබාගත හැක. එහිදී සාපේක්ෂව වැඩි ඵල ප්‍රමාණයක් හටගන්නා ශාක (ඵල >10,000) මෙන්ම සාපේක්ෂව විශාල ඵල සහිත මව්ශාක වලින් බීජ ලබාගනියි. සාදික්කා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය ප්‍රධාන වශයෙන්ම සිදුකරන්නේ බීජ මගිනි. මේ සඳහා හොඳින් මේරූ ඵල වලින් බීජ ලබාගත යුතුවේ. එම බීජ වල ප්‍රරෝහණ හැකියාව දින කිහිපයකින් නැතිවී යන නිසා ඵල නෙළාගැනීමෙන් දින 2 – 3 ක් ඇතුලත සිටුවිය යුතුය. මෙහි බීජාවරණය ශක්තිමත් හෙයින් ප්‍රරෝහණය තරමක් ප්‍රමාද වෙයි. මේ නිසා කලලයට හානියක් නොවන පරිදි බීජාවරනය තරමක් පලුදු කිරීම මඟින් ප්‍රරෝහණය තරමක් ඉක්මන් කරගත හැකිය.

රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනයේදී බීජ මුලින්ම වැලි පාත්තිවල ප්‍රරෝහණය කිරීමෙන් පසු බඳුන් වලට මාරුකිරීම වඩාත් සුදුසු වේ. සිටුවීමෙන් පසු බීජ පැළවීම සඳහා සති 6 ක පමණ කාලයක් ගතවෙයි. ප්‍රරෝහණය ආරම්භ වී පත්‍ර 2 ක් හොඳින් දිග හැරුන අවස්ථාවේදී බඳුන් වලට මාරුකළ හැකිය. මේ සඳහා සෙ.මී. 20 X 12 ප්‍රමාණයේ පොලිතීන් බඳුන් කොහුබත්, මතුපිට පස්, හොඳින් දිරූ ගොම හා වැලි සමප්රමාණවලින් ගත් මිශ්‍රණයකින් පුරවා අවශ්‍ය බඳුන් සකස්කර ගත හැක. තවානෙහි මාස 15 – 18 ක් ගතවූ පසු ක්ෂේත්රයේ ස්ථාපනය සඳහා වඩාත් සුදුසු වේ (රූපය 03).

බද්ධ පැළ නිෂ්පාදනය

සාදික්කා බීජ පැළ ලබාගැනීම වඩාත් පහසු කාර්යයක් වුවද, එහි අවාසිදායක ලක්ෂණයක් වන්නේ එම පැළවලින් අඩක් පමණම පිරිමි ගස් බවට පත්වීමයි. තවද, ඒවායේ ගැහැනු හෝ පිරිමි බව හඳුනාගත හැක්කේ පැළ සිටුවා වසර 6 – 7 ක් පමණ ගතවීමෙන් පසුවයි. වැඩි වශයෙන් ගැහැණු පැළ නිෂ්පාදනය කරගත හැකිනම් ඒ මඟින් ක්ෂේත්රයේදී වැඩි අස්වැන්නක් ලබාගත හැකිවේ. මේ නිසා බීජ පැළ වෙනුවට බද්ධ පැළ නිෂ්පාදනය මඟින් ගැහැනු පැළ වැඩියෙන් ලබාගත හැකිනම් එය වඩා වාසි සහගත වෙයි.

සාදික්කාවල ගැහැනු පැළ පමණක් නිෂ්පාදනය කළ හැකි වර්ධක ප්‍රචාරණ ක්‍රම ගණනාවකි.

1. කූඤ්ඤ බද්ධය - Wedge grafting

2. පැළුම් රිකිලි බද්ධය - Cleft grafting

3. ආරුක්කු බද්ධය - Approach grafting

4. අංකුර බද්ධය - Bud grafting

5. පාංශු අතු බැඳීම - Soil layering

6. ගූටි ක්‍රමයට අතු බැඳීම - Gootee layering

සාදික්කා සඳහා ඉහත ක්‍රම සියල්ල භාවිතා කල හැකි වුවද ඒවායින් අප බහුලවම භාවිතා කරනු ලබන්නේ පැලුම් රිකිලි බද්ධයයි (රූපය 04). මෙහි සාර්ථකත්වය 80% ක් පමණ වන අතර ඒ සඳහා පුහුණු බද්ධකරුවන් අවශ්‍ය වේ. එසේම සිටුවීමට සුදුසු පැළ සකස් කර ගැනීම සඳහා වසරක් පමණ කාලයක් ගත වේ. අතු බැඳීමේ ක්‍රම පහසුවෙන් භාවිත කළ හැකි වුවද, ඒ මඟින් ද පැළයක් නිසි අයුරින් සකස්කර ගැනීම සඳහා වසරකට වැඩි කලක් ගතවෙයි. එහෙත් ආරුක්කු බද්ධය (රූපය 05) මඟින් ඊට වඩා පහසුවෙන් පැළ නිෂ්පාදනය කරගත හැකි අතරම වසරකට අඩු කාලයකින් සිටුවීමට සුදුසු පැළයක් සාදාගත හැකිවෙයි.

එහෙත් මේ සෑම වර්ධක ප්‍රචාරණ ක්‍රමයක්ම බීජ මඟින් පැළ නිෂ්පාදනයට වඩා තරමක් අසීරු, කම්කරු ශ්‍රමය වැයවන හා පුහුණු බද්ධකරුවන් අවශ්‍ය වන කාර්යයක් නිසා තවමත් වැඩි වශයෙන්ම තවාන් හිමියන් පැළ නිෂ්පාදනය කරනු ලබන්නේ බීජ මඟිනි. දැනට භාවිතවන පැලුම් රිකිලි බද්ධය හෝ නැතහොත් ආරුක්කු බද්ධය මඟින් පැළ නිෂ්පාදනය කිරීමෙන් ගැහැනු පැළ නිෂ්පාදනය කිරීමට අමතරව තවත් වාසි කිහිපයක් අත්වෙයි. එනම් සාපේක්ෂව කෙටි කලකින් අස්වනු ලැබීම ආරම්භ වන අතරම (වසර 3- 4 ක් ඇතුළත) සාපේක්ෂව උසින් අඩු ශාකයක් පවත්වා ගනිමින් ඒකක භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබාගැනීමටද හැකිවෙයි.

ආචාර්ය ආනන්ද සුබසිංහ

[QUOTE="dxx, post: 25930479, member: 386171"] [IMG]https://i.imgur.com/9ku0pNy.jpg[/IMG] ශ්‍රී ලංකාවේ කුළුබඩු අතුරින් ගම්මිරිස් හා කුරුඳු හැරුණ විට ඉතා වැදගත් ස්ථානයක් හිමිවන බෝගයක් ලෙස සාදික්කා සැලකිය හැකිය. මෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ මේ බෝගය මඟින් සාදික්කා හා වසාවාසි ලෙස කුළුබඩු ආකාර දෙකක්ම ලබාගත හැකිවීමයි. මෙහි ඵලයෙහි බීජයේ ඇති මදය නැතහොත් භ්රෑණ පෝෂය සහ කලලයේ එකතුව සාදික්කා ලෙස හඳුන්වයි. එම බීජය වටා දැලක් ලෙස පිහිටා ඇති තරමක් ප්‍රත්‍යස්ථ ස්වභාවයක් ගන්නා රතු පැහැති ආවරණය නැතහොත් බීජ කවචය වසාවාසි ලෙස හඳුන්වයි. මේ නිසා සාදික්කා අනෙකුත් කුළුබඩු බෝගවලට වඩා වැදගත් අපනයන කෘෂිකර්ම බෝගයකි. [B]පාරිසරික සාධක හා ව්‍යාප්තිය[/B] සාදික්කා ඝර්මකලාපීය රටවල පමණක් හමුවන සදාහරිත බෝග ශාක විශේෂයකි. ප්‍රධාන වශයෙන් ග්‍රෙනෙඩාව, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, චීනය හා ඉන්දියාව යන රටවල බහුලව වගා කෙරේ. ශ්‍රී ලංකාවේ මැදරට ප්‍රදේශයේ තෙත් හා අතරමැදි කලාපවල පහසුවෙන් වගා කළ හැකිය. වසර පුරා හොඳින් විසිරුණ වර්ෂා පතනයක් සහිත (මි.මී. 1500 – 2000), ජලය හොඳින් බැසයන කාබනික ද්‍රව්‍ය බහුලව ඇති පසක් සහිත ප්‍රදේශ ඉතාමත් සුදුසු වේ. සාමාන්‍ය උෂ්ණත්වය සෙ.ග්‍රේ. 25 – 27 පරාසයක් සහිත ප්‍රදේශ වඩාත් හිතකර වේ. ක්ෂේත්රයේදී මුල් වසර 4 -5 කාලය තුල ප්‍රමාණවත් පරිදි සෙවණ තිබිය යුතු අතර, එය කාලයත් සමඟ ක්‍රමයෙන් අඩුවී ඉන් පසු කාලයේදී වැඩි අස්වැන්නක් ලබාගැනීම සඳහා හොඳින් සූර්යාලෝකය ලබාදිය යුතුවේ. [B]සාදික්කා ශාකයේ උද්භිද විද්‍යාත්මක ලක්ෂණ[/B] මෙම ශාකය සදාහරිත, සාපේක්ෂව විශාල ලෙස වැඩෙන වෘක්ෂයක් වන අතර මීටර් 15 -20 පමණ උසට වර්ධනය විය හැකිය. බීජ මඟින් ඇතිවන ශාකයේ ඍජුව ඉහලට වැඩෙන ප්‍රධාන කඳක් සහ ඉන් හරස් අතට ඇතිවන හරස් අතු ගණනාවකින් යුක්තය. වියන බොහෝවිට කේතු ආකාර හැඩයක් ගන්නා අතර ඇතැම්විට ගෝලාකාර විය හැකිය. (රූපය 01). පත්‍ර සරලය. ඒකාන්තර වින්‍යාසයක් පෙන්වයි. මතුපිට පෘෂ්ටය තද කොළ පැහැයක් ගනී. පුෂ්ප කහ පැහැතිය. තරමක මාංසලය. ඉතා කුඩාය (සෙ.මී. 1 ක් පමණ). සාදික්කා ශාකය ද්විගෘහි වේ. එනම් එක් ශාකයක හටගන්නේ පූමාංගී (පුරුෂ) හෝ ජායාංගි (ස්ත්‍රී) පුෂ්ප වර්ගවලින් එක් ආකාරයක් පමණි. මේ නිසා පුෂ්ප අනිවාර්යයෙන්ම ඒක ලිංගික වේ. ඉතාමත්ම කලාතුරකින් ඒක ගෘහී ශාක හමුවේ. එනම් එම ශාක වල පූමාංගී සහ ජායාංගී පුෂ්ප එකම ශාකයේ හටගනී. පුෂ්ප ආකාර දෙකම එකම කාලයේ හටගන්නා අතර හැමවිටම සිදුවන්නේ පර පරාගනයකි. ඵලය මාංසලය. අෂ්ටිලයකි. තනි බීජයක් සහිතය. ගෝලාකාර හෝ ඕවලාකාර හැඩයක් ගනී. කුඩා කාලයේ ළා කොළ පැහැයක් ගන්නා අතර හොඳින් මේරූ විට කහ හෝ තැඹිලි පැහැයක් ගනී. (රූපය 02) අතු වල එල්ලී ඇති ඵල හොඳින් මේරූ විට පහළ කෙළවරින් පමණක් ඵලාවරණය කොටස් දෙකකට වෙන්වන ලෙස පුපුරා විවෘත වන අතර එවිට ඇතුළත ඇති දුඹුරු පැහැති බීජය සහ ඒ මත තද රතු පැහැති දැළක් ලෙස පිහිටන බීජ කවචය (වසාවාසි) ඉතාමත් අලංකාර ලෙස දිස් වේ. ඵලාවරණය සාපේක්ෂව ඝනකම් හා මාංසල වන අතර කහ පැහැතිය. බීජ කවචය අතු බෙදුන දැලක් ලෙස බීජාවරණය මත පිහිටයි. තරමක් ප්රත්යස්තය. බීජාවරණය තද දුඹුරු පැහැතිය. තුනී ශක්තිමත් කටුවකි. බීජය තුල ඇති මදය ලෙස හඳුන්වන ලා දුඹුරු පැහැති ව්‍යුහය සාදික්කා වල වැදගත්ම කොටසයි. මෙහි අධික ලෙස තෙල් අඩංගු වේ. මේ කොටස සැදී ඇත්තේ කළලය සහ භ්රෑණපෝෂය එකතුවීමෙනි. [B]සාදික්කා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය[/B] මෙම බෝගයේ හඳුනාගත් ප්‍රභේද නොමැති අතර රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනයේදී තෝරාගත් මවුශාකවලින් බීජ ලබාගත හැක. එහිදී සාපේක්ෂව වැඩි ඵල ප්‍රමාණයක් හටගන්නා ශාක (ඵල >10,000) මෙන්ම සාපේක්ෂව විශාල ඵල සහිත මව්ශාක වලින් බීජ ලබාගනියි. සාදික්කා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය ප්‍රධාන වශයෙන්ම සිදුකරන්නේ බීජ මගිනි. මේ සඳහා හොඳින් මේරූ ඵල වලින් බීජ ලබාගත යුතුවේ. එම බීජ වල ප්‍රරෝහණ හැකියාව දින කිහිපයකින් නැතිවී යන නිසා ඵල නෙළාගැනීමෙන් දින 2 – 3 ක් ඇතුලත සිටුවිය යුතුය. මෙහි බීජාවරණය ශක්තිමත් හෙයින් ප්‍රරෝහණය තරමක් ප්‍රමාද වෙයි. මේ නිසා කලලයට හානියක් නොවන පරිදි බීජාවරනය තරමක් පලුදු කිරීම මඟින් ප්‍රරෝහණය තරමක් ඉක්මන් කරගත හැකිය. රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනයේදී බීජ මුලින්ම වැලි පාත්තිවල ප්‍රරෝහණය කිරීමෙන් පසු බඳුන් වලට මාරුකිරීම වඩාත් සුදුසු වේ. සිටුවීමෙන් පසු බීජ පැළවීම සඳහා සති 6 ක පමණ කාලයක් ගතවෙයි. ප්‍රරෝහණය ආරම්භ වී පත්‍ර 2 ක් හොඳින් දිග හැරුන අවස්ථාවේදී බඳුන් වලට මාරුකළ හැකිය. මේ සඳහා සෙ.මී. 20 X 12 ප්‍රමාණයේ පොලිතීන් බඳුන් කොහුබත්, මතුපිට පස්, හොඳින් දිරූ ගොම හා වැලි සමප්රමාණවලින් ගත් මිශ්‍රණයකින් පුරවා අවශ්‍ය බඳුන් සකස්කර ගත හැක. තවානෙහි මාස 15 – 18 ක් ගතවූ පසු ක්ෂේත්රයේ ස්ථාපනය සඳහා වඩාත් සුදුසු වේ (රූපය 03). [B]බද්ධ පැළ නිෂ්පාදනය[/B] සාදික්කා බීජ පැළ ලබාගැනීම වඩාත් පහසු කාර්යයක් වුවද, එහි අවාසිදායක ලක්ෂණයක් වන්නේ එම පැළවලින් අඩක් පමණම පිරිමි ගස් බවට පත්වීමයි. තවද, ඒවායේ ගැහැනු හෝ පිරිමි බව හඳුනාගත හැක්කේ පැළ සිටුවා වසර 6 – 7 ක් පමණ ගතවීමෙන් පසුවයි. වැඩි වශයෙන් ගැහැණු පැළ නිෂ්පාදනය කරගත හැකිනම් ඒ මඟින් ක්ෂේත්රයේදී වැඩි අස්වැන්නක් ලබාගත හැකිවේ. මේ නිසා බීජ පැළ වෙනුවට බද්ධ පැළ නිෂ්පාදනය මඟින් ගැහැනු පැළ වැඩියෙන් ලබාගත හැකිනම් එය වඩා වාසි සහගත වෙයි. සාදික්කාවල ගැහැනු පැළ පමණක් නිෂ්පාදනය කළ හැකි වර්ධක ප්‍රචාරණ ක්‍රම ගණනාවකි. 1. කූඤ්ඤ බද්ධය - Wedge grafting 2. පැළුම් රිකිලි බද්ධය - Cleft grafting 3. ආරුක්කු බද්ධය - Approach grafting 4. අංකුර බද්ධය - Bud grafting 5. පාංශු අතු බැඳීම - Soil layering 6. ගූටි ක්‍රමයට අතු බැඳීම - Gootee layering සාදික්කා සඳහා ඉහත ක්‍රම සියල්ල භාවිතා කල හැකි වුවද ඒවායින් අප බහුලවම භාවිතා කරනු ලබන්නේ පැලුම් රිකිලි බද්ධයයි (රූපය 04). මෙහි සාර්ථකත්වය 80% ක් පමණ වන අතර ඒ සඳහා පුහුණු බද්ධකරුවන් අවශ්‍ය වේ. එසේම සිටුවීමට සුදුසු පැළ සකස් කර ගැනීම සඳහා වසරක් පමණ කාලයක් ගත වේ. අතු බැඳීමේ ක්‍රම පහසුවෙන් භාවිත කළ හැකි වුවද, ඒ මඟින් ද පැළයක් නිසි අයුරින් සකස්කර ගැනීම සඳහා වසරකට වැඩි කලක් ගතවෙයි. එහෙත් ආරුක්කු බද්ධය (රූපය 05) මඟින් ඊට වඩා පහසුවෙන් පැළ නිෂ්පාදනය කරගත හැකි අතරම වසරකට අඩු කාලයකින් සිටුවීමට සුදුසු පැළයක් සාදාගත හැකිවෙයි. එහෙත් මේ සෑම වර්ධක ප්‍රචාරණ ක්‍රමයක්ම බීජ මඟින් පැළ නිෂ්පාදනයට වඩා තරමක් අසීරු, කම්කරු ශ්‍රමය වැයවන හා පුහුණු බද්ධකරුවන් අවශ්‍ය වන කාර්යයක් නිසා තවමත් වැඩි වශයෙන්ම තවාන් හිමියන් පැළ නිෂ්පාදනය කරනු ලබන්නේ බීජ මඟිනි. දැනට භාවිතවන පැලුම් රිකිලි බද්ධය හෝ නැතහොත් ආරුක්කු බද්ධය මඟින් පැළ නිෂ්පාදනය කිරීමෙන් ගැහැනු පැළ නිෂ්පාදනය කිරීමට අමතරව තවත් වාසි කිහිපයක් අත්වෙයි. එනම් සාපේක්ෂව කෙටි කලකින් අස්වනු ලැබීම ආරම්භ වන අතරම (වසර 3- 4 ක් ඇතුළත) සාපේක්ෂව උසින් අඩු ශාකයක් පවත්වා ගනිමින් ඒකක භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබාගැනීමටද හැකිවෙයි. [I] ආචාර්ය ආනන්ද සුබසිංහ[/I] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom