කොරෝනා වෛරසයට එරෙහි සටනින් මිනිසාට ජය ලැබේවි ද?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    කොරෝනාවෛරසයේ ආගමනය ගෝලීය හදිසි තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරනු ලැබීමෙන් පසු ගතවී ඇත්තේ හය මසකුත් දින කීපයක් පමණි.

    පසුගිය ජනවාරියේ අග භාගයේ දී එම නිවේදනය නිකුත් වූ දිනය වන විට කොරෝනාවෛරස් රෝගීන් දස දහසකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබුණු අතර පුද්ගලයින් 200කට අධික සංඛ්‍යාවක් මරණයට පත් වී තිබුණි.

    ඒ සියලු රෝගීන් සහ මරණ වාර්තා වී තිබුනේ චීනයෙන් මිස වෙනත් කිසිදු රටකින් නොවේ.

    එවක් පටන් ලෝකය සහ අපගේ ජීවිත විශාල වෙනසකට භාජනය විය. එසේ නම් අප සියළු දෙනා එක්වී සිටින්නේ මානව වර්ගයා සහ කොරෝනාවෛරසය අතර ඇරඹි යුද්ධයකට ය.

    මුළු පෘථිවි තලය දෙස පුළුල්ව නිරීක්ෂණය කළහොත් දිස් වන්නේ රළු චිත්‍රයකි.

    ලොව පුරා දැනට තහවුරුකර ගෙන ඇති කොරෝනාවෛරස් ආසාදිතයන්ගේ ගණන මිලියන 19කට අධිකය. ඊට ගොදුරු වී හත් ලක්‍ෂයක් මිය ගොස් ඇත.

    වසංගතය ආරම්භයේ දී රෝගීන් ගණන ලක්ෂයකින් ඉහළ යාමට සති කීපයක් ගතවිය. දැන්, ලක්‍ෂයේ සන්ධිස්ථාන පැය කීපයකින් සලකුණු වෙයි.



    "තීව්‍ර සහ ඉතා බරපතළ වසංගතයක් වේගවත් වන අවස්ථාවක අතරමැද අපි තවමත් සිටින්නේ. මේක ලෝකයේ හැම ජන කොට්ඨාශයක් වෙත ම ගිහින් තියෙන්නේ," ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මාගරට් හැරිස් මා සමඟ පැවසුවාය.

    මෙය එක් වසංගතයක් වුවත් එය තුළ ඇත්තේ එක් කතාවක් නොවේ. කොවිඩ් 19 යේ බලපෑම ලොව තැනින් තැනට වෙනස් ය. ඔබ වෙසෙන රටින් එපිට පවතින යතාර්ථය ඔබට නොපෙනී යාම ඉතා පහසුය.

    නමුත් සියලු ලෝක වාසීන්ටම පොදු වූ එක් කරුණක් තිබේ. ඔබේ නිවහන ඇමසන් වනාන්තරයේ තනා තිබුනත්, සිංගප්පුරුවේ අහස උසට තැනූ මහල් ගොඩනැගිල්ලක මුදුනේ හෝ එක්සත් රාජධානියේ ගිම්හාන සැණකෙළියක් පැවැත්වෙන වීදියක ඔබ ජීවත් වුවත් මෙම වෛරසය පැතිර යන්නේ සමීප මානව ඇසුර මතය. අප එකිනෙකා සමීප වන තරමට එහි ව්‍යාප්තිය පහසු වනු ඇත.

    මෙම වෛරසය චීනයේ ආරම්භ වූ දා පටන් අද දක්වාම මෙය සත්‍යයක් ලෙස පවතී.

    ඔබ ලෝකයේ කොතැනක සිටියත් එතැන පවතින තත්වය මෙම පොදු ධර්මතාවයෙන් පැහැදිලි කෙරෙනු ඇත. අනාගතය කෙබඳු වේදැයි තීරණය කෙරෙන්නේ ද එමගිනි.

    මේ වන විට ලතින් ඇමරිකානු කලාපයේ තත්වය නරක ය. ඉන්දියාවේ වසංගත තත්වය බරපතළ වෙමින් පවතී. හොංකොං හි නිරෝධායන මධ්‍යස්ථාන තුළ මිනිසුන් රඳවා ඇත්තේ ඇයි දැයි මින් පැහැදිලි වනු ඇත. දකුණු කොරියාව තම වැසියන්ගේ ජංගම දුරකථන සහ බැංකු ගිණුම් දෙස පවා ගසාගෙන සිටින්නේ ඇයි දැයි මින් පැහැදිලි වෙයි. යුරෝපයේ සහ ඔස්ට්‍රේලියාවේ ලොක්ඩවුන් නීති ලිහිල් වෙද්දී වසංගතය පාලනය කර ගැනීමට දුෂ්කර වී ඇත්තේ මන්දැයි ඉන් කියාපායි. එක්සත් රාජධානිය සාමාන්‍ය ජන ජීවිතය "නව සාමාන්‍යයක්" කරා ගෙනයාමට උත්සාහ කිරීමට හේතුව ද එයින් මොනවට පැහැදිලි වෙයි.

    "මේක මේ ග්‍රහලෝකය පුරාම පැතිර යන වෛරසයක්. අපි සෑම කෙනෙකුටම ඉන් බලපෑමක් ඇති වෙනවා. මේක මිනිසාගෙන් මිනිසාට පැතිරෙනවා. අපි හැමෝම එකිනෙකාට බැඳී ඇති බවයි ඉන් ඉස්මතු වෙන්නේ," ලන්ඩන් නුවර St George's විශ්වවිද්‍යාලයේ වෛද්‍ය එලිසබෙටා ග්රොපෙලි පැවසුවාය.

    "මෙය සංචාරය කිරීම ගැන විතරක් නෙවෙයි. කතා කිරීම සහ එකට එක් වී කාලය ගතකිරීමත් මීට අදාලයි. මානවයින් හැටියට අපි කවුරුත් කරන්නේ මේවා තමයි." ඇය තවදුරටත් පැවසුවාය.

    එකට එක්වී ගීතයක් ගායනය කිරීම වැනි ඉතාම සරල ක්‍රියාකාරකමකින් පවා වෛරසය ව්‍යාප්ත වනු ඇත.

    ඇතැමුන්ට ඉතා සුළු රෝග ලක්ෂණ මතු කරමින් හෝ කිසිදු රෝග ලක්ෂණයක් මතු නොකරමින්, එහි ව්‍යාප්තිය හොර රහසේ සිදු කිරීමට තරම් මෙම වෛරසය සමත් ය. එමෙන්ම ඇතැමුන්ට මාරාන්තික වී, අසාධ්‍ය රෝගීන්ගෙන් රෝහල් පුරවා දමන්නට තරම් සාහසික වීමටත් මෙම වෛරසය සමත් ය.

    "මේක තමයි අපේ කාලයේ පැමිණි පරිපුර්ණ ම වසංගත වෛරසය. අපි දැන් ජීවත් වෙන්නේ කොරෝනාවෛරස් යුගයේ." වෛද්‍ය හැරිස් පැවසුවාය.

    කෙනෙකුගෙන් තවත් අයෙකුට මෙම වෛරසය සංසරණය වීමට ඇති හැකියාව බිඳ දැමීම සාර්ථක වූ අවස්තාවක් ගැන කල්පනා කළහොත් වැඩි අවධානයක් යොමු වන්නේ නවසීලන්තය දෙසටය.

    ඔවුහු කල්තියා ක්‍රියා කළහ. එවකට රට තුළ සිටියේ ආසාදිතයන් කීප දෙනෙකු පමණි: රට වසා දැමූහ. දේශ සීමාවට මුද්‍රා තැබූහ. දැන් ආසාදිතයෙකු වාර්තා නොවන තරම් ය. ජන ජීවිතය බොහෝ සෙයින් නැවත යථා තත්වයට පැමිණ ඇත.

    මොන්ගෝලියාව "වැඩේ හොඳට කරල"
    මූලික කර්තව්‍යයන් නිවැරදිව ඉටු කිරීම මගින් සහනයක් ලැබූ දිළිඳු රටවල් ද නැත්තේ නොවේ.

    චීනයේ දේශ සීමාවෙන් දීර්ඝතම කොටස යාවී ඇත්තේ මොන්ගෝලියාවට ය. වෛරසයේ ආරම්භය චීනයෙන් සිදු වූ බව අපි දනිමු. එහෙයින් මොන්ලිගෝයාවට මෙම වෛරසය සාහසික වන්නට ඉඩ තිබුණි. නමුත් ජුලි මාසය වනතුරු කිසිදු ආසාදිතයෙකුට අධිසත්කාර ඒකකයේ පිහිට අවශ්‍ය වූ බව වාර්තා නොවිණි. අද වන විට එරටින් වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 293 දෙනෙකු පමණි. එකදු මරණයක් හෝ සිදු නොවිණි.

    "ඉතා සීමිත සම්පත් ප්‍රමාණයක් තිබියදී මොන්ගෝලියාව වැඩේ හොඳට කරල තියෙනවා. ඔවුන් ආසාදිතයන් වෙන් කළා. සමීප සබඳතා හඳුනාගත්තා. එම සමීපතයන් හුදෙකලා කළා." London School of Hygiene and Tropical Medicine හි මහාචාර්ය ඩේවිඩ් හේමාන් පැවසීය.

    ඔවුහු වහාම පාසල් වසා දැමුහ. විදෙස් සංචාර සඳහා සීමා පැනවූහ. මුහුණු ආවරණ පැළඳීම සහ නිතර අත් සේදීම කල්තියා ප්‍රවර්ධනය කළෝ ඔවුහු ය.

    එසේනම් මෙම වසංගතය නිමා වන්නේ කවදාද?

    දැනටමත් ඖෂධීය ප්‍රතිකාර පවතී. ඩෙක්සමෙතසෝන් (Dexamethasone), ස්ටෙරොයිඩ ගණයට අයත් මිලෙන් අඩු ඖෂධයකි. ඇතැම් අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත එමගින් ආරක්ෂා වූ බව පෙනී ගොස් තිබේ. නමුත් කෝවිඩ් රෝගීන් සියලු දෙනාම මරණයෙන් ගලවා ගැනීමට හෝ සියලු නීති රීති ඉවත් කිරීමට මෙම ඖෂධය පමණක් ප්‍රමාණවත් නොවේ.

    ස්වීඩනය ගත් ක්‍රියාමාර්ගය දීර්ඝකාලීනව සාර්ථක වේදැයි බොහෝ දෙනා විමසිල්ලෙන් නිරීක්ෂණය කරති. ඔවුන් රට ලොක්ඩවුන් කළේ නැත. නමුත් වැඩිහිටි නිවාස තුළ සිටි පිරිස ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වීම තුළ අසල්වැසි රටවලට වඩා ඉතා ඉහළ මරණ අනුපාතිකයක් ස්වීඩනයෙන් වාර්තා විය.

    "බ්‍රැඩ් පිට් ලා (Brad Pitt) නොවෙයි."
    සරලව ම කිවහොත්, සාමාන්‍ය ජීවන රටාවට ලෝකය යළි පැමිණීමේ අපේක්ෂාව අමුණා ඇත්තේ එන්නතක් මතය. මිනිසාට ප්‍රතිශක්තිය ලබා දීම මගින් වෛරසයේ පැතිරීමට ඇති හැකියාව බිඳ දැමිය හැකිය.

    මේ වන විට, සායනික අත්හදා බැලීමේ ක්‍රියාදාමයේ තුන්වැනි අදියරට පැමිණි එන්නත් හයක් තිබේ. ඉන් එක් එන්නතක් හෝ සත්‍යවශයෙන් ම වෛරසයට එරෙහිව ක්‍රියාශීලී වන බවට සනාථ කර ගැනීම සඳහා පවතින තීරණාත්මක අදියර මෙයයි.

    බොහෝ ඖෂධ ඇණහිට ඇත්තේ ද අවසාන කඩුල්ල අසල ය. එම නිසා "එන්නතක් සොයාගත් විට" යන යෙදුමට වඩා "එන්නතක් සොයා ගතහොත්" යන යෙදුම සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති.

    "මිනිස්සු විශ්වාස කරන්නේ එන්නතක් කියන්නේ හොලිවුඩ් චිත්‍රපටයක් වගේ කියල. විද්‍යාඥයෝ එන්නතක් සොයා ගැනීමට වෙහෙසෙනවා. පැය දෙකක චිත්‍රපටයක නම් ඉතා ඉක්මනින් අවසානයට ළඟා වෙනවා. නමුත් විද්‍යාඥයෝ කියන අය, තමන්ටම එන්නත විදගෙන 'දැන් අපි ඔක්කොම ආරක්ෂිතයි' කියල ප්‍රකාශ කරන බ්‍රැඩ් පිට් ලා (Brad Pitt) නොවෙයි." ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මාගරට් හැරිස් ප්‍රකාශ කළාය.

    BBC