Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොරෝනා සහ ජීවිතාවබෝධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා සහ ජීවිතාවබෝධය( සිංහල බේත්.)

[ දෙමාපිය - දූ දරු , සහෝදර , ඥාති , මිත්‍ර , සමාජ , යන සකලවිධ සබඳතා දෙවෙනි , තුන්වෙනි , නැත්නම් පැත්තකට දමලා පරිභෝජනවාදය කියන නැවේ නැගිලා ධනවාදය කියන සප්ත මහා සාගරයේ ඉමක් , කොනක් , නිමාවක් , නොදැන ඔහේ ගිය මානවයා බෙල්ල මුළින්ම අල්ලලා නවත්තලා. යන්නේ කොහේද හිතන්න ඉන්ටවල් එකක් දීලා.]

මේ සංසාරෙට වෙනිවැල්ගැට ටිකක් තම්බලා නොබීපු අය වෙනිවැල්ගැට හොය හොයා කඩවල් ගානේ යනවා.කිඹිහිල්ලක් ගියගමන්,හොටුදියර ඩිංගක් ගියගමන් ," ස්පෙෂලිස්ට් " කෙනෙක් චැනල් කරපු කට්ටිය කොත්තමල්ලි ගහන්න අරන්.හොද්ද්කට දාන්න කඩවල්වල කහ නෑ.කහදියර ගේ වටේ ගහන්න අරන් ගිහින්.හෝටල් වගේ ලොකු ගෙවල් වලත් මෙන්න බොලේ පෙරුම්කායම්. කොහොඹ කොළත් එල්ලලා.

සිංහල බේත් හේත් , සියවස් ගනනාවක් කරගෙන ආපු වෙදකමට හෙදකමට අදාල ක්‍රියාකාරකම් , ස්වභාවික ප්‍රතිශක්තිකරණ පද්ධති ප්‍රකුර්තිමත් කිරීම් , ආදිය ගැන බටහිර වෛද්‍යවරුත් TV ඉස්සරහට ඇවිත් ධනාත්මකව කතා කරන්න පටන් අරන්. අතෑරලාදාපු ඒ දේවල් ගැන පරීක්ෂණ කරන්නත් පටන් අරන්ලු.

ප්රභාකරන් කිව් විදියට සිංහලයට මතක තියෙන්නේ සති දෙකක් විතරක් නිසා මේ කතා ඔක්කොම වාශ්ප වෙලා කට්ටියම ආයි චූන් එකේ අර කිව් නැවේ නැගලා යන්න පටන් ගන්නත් පුළුවන්.ඒත් අර ඉන්ටවල් එක ඉවරවෙන බෙල් එක නම් ඉස්කෝලේ ඉන්ටවල් ඉවරවෙන සුනංගුවට නම් වදින එකක් නෑ.මොකද වසංගත රෝග එන සුනංගුවෙන් යන්නෙ නෑ.

අතීතයේ යකඩ ඇණයක් ඇණුනාම , බෝතල් කට්ටකට කැපිලා ලේ යහමින් ගියාම , අපට වෙනිවැල්ගැට තම්බලා බොන්න දුන්නා.ටෙටනස් එක උනේ ඒක.

පොඩි එකාගෙ බඩ බුරුළට ගියාම ඉරිවේරිය ටිකක් තම්බලා දුන්නා.වැඩේ ගොඩ දාගන්න ඒකෙන්ම පුළුවන් උනා. " බඩ යනකොට බෙලි දෙනවා, බෙලි දෙනකොට බඩ යනවා " . ඒ කීමෙන් වැඩේ තේරුම් ගන්න.

කිරිකැටියා නාවලා ඉවර උනාම රතුකල්කය ගම්මිරිස් ඇටේක ප්‍රමාණයට අරන් තනකිරෙන් දිය කරලා පෙව්වා. දෙය්යනේ කියලා සෙමක් ආවේ නෑ.පැටියට මාස කීපයක් ගියාම කළුකල්කය කොත්තමල්ලි තැම්බූ වතුරෙන් දියකරල අර විදියට දුන්නා. සෙමක් ආවොත්.

කොහොම නමුත් මේ කල්කය දීම් බටහිර වෛද්‍යවරු කිච කරලාම දැම්මා. හැබැයි ඒ , ඒවා කිසිම විද්‍යාත්මක පරීක්ෂණයක් මේ දක්වා නොකරපු තත්ත්වය තුළ , හුදෙක් අපේ ඒවා පීචන් ඒවා බව පූර්වාපේක්ශණය කරලා.

ගමේ අපි හෙම්බිරිස්සාව ටිකක් තදේට හැදුනාම දෙහි කොළ හරි, ආඩතෝඩා කොළ හරි වගේ දෙයක් කට පුංචි මුට්ටියකට දාලා තම්බලා , බෙඩ් ෂීට් එකකින් සිව්ගතම වසාගෙන මුට්ටියේ කටට මූණ අල්ලන් විනාඩි ගනනක් හිටියා.ඉහින් කණින් දාඩිය එනකන් ඉඳලා තමයි ෂීට් එක ඉවත් කළේ.

ඒකත් ගොඩේ බයියන්ගේ අව්ද්යාත්මක දෙයක් ලෙසයි බොහෝ වෛද්‍යවරු හුවා දැක්වුයේ.නාසයේ ඇති " පක්ෂ්ම " විනාශ වෙනවා කීවා.

කොරෝනා වලින් පස්සේ TV එකට එන දොස්තරවරු දැන් එය හොඳයි කියනවා. දුම් ඇල්ලීම්, කහවතුර ඉසීම් , කොහොඹ කොළ එල්ලීම් , හොඳ බවත් ඒවායේ විද්‍යාතමක වටිනාකම් සෙවීමට පර්යේෂණ කරන බවත් , කියනවා.

අපි පොඩිකාලේ අපේ දෙමාපියන් අවුරුද්දකට වතාවක් අනිවාර්යයෙන්ම " බඩ යන්න " බේත් දුන්නා.අපිට දුන්නේ අදින් වසර විස්සකට විතර කලින් දිවියෙන් සමුගත් මොරවක එස්.පී. ලියනගේ ගම්පහ වෙදමහත්තයාගේ විරේක බේත.තාත්තා උදේ පාන්දරම ඒ බේත් ගුළිය සියඹලා ඉස්මෙන් දිය කරලා අපි තුන්දෙනාටම දුන්නා.

අටට විතර පටන් ගත්තම දවල් දොළහ වෙනකොට හත් අට වතාවක් බඩ ගිහින්.උදේ මුලින්ම යන එක අම්මා ගනන් ගන්නේ නෑ. ඒ කළින් රෑ කාපුවා ලු. ඊට පස්සෙ ඒවා තමයි ගානට වැටෙන්නෙ.හොද්ද වගේ යන " බඩුත් " එක්ක කිරිපණුවෝ විතරක් නෙමේ අඟලේ දෙකේ තුණේ දිග පණුවොත් ඉඳහිට යනවා.කිරිපණුවෝ නම් පණ පිටින් නළිය නළිය ඉන්නවා.අනෙක් කෙනාගේ පණුවා දිග උනොත් කව්රුහරි කෑගහලා අම්මාට කියනවා.අම්මා ඇවිත් පණුවා බලා ශෝක් කියනවා.

එදා දවල්ට තැම්බුම් හොද්ද එක්කයි බත්.එතකන් කැඳ වතුර විතරයි . කහට තේ උනත් දෙනවා.රෑට පතෝල දියකිරෙන් හදල ඒවත් එක්කයි බත්.පසුදා පත්තියම් දවස. නෝමල් කෑම . තෙල් කෑම බෑ. වැඩිය මහන්සිවෙන වැඩ තහනම්.පස්සෙන්දා ඉදන් නෝමල්.

ටිකක් ලොකු උනාම අරළු බිව්වේ.අරළු කළං 8 ක් හෝ 10 ක් කුඩු කර සිදුරු කරපු තැඹිළි ගෙඩියක කළින් දවසේ දාලා තියලා පින්නේ තියනවා.පස්සෙන්දා උදේ ඒක පෙරලා බොනවා.

මේ නිසා ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් සකස්වී ප්‍රතිශක්තීකරණ වර්ධනයක් ඇතිවෙනවා යැයි කියනවා.ඉස්සර ලෙඩකට කසාය දෙන්න කළින් ඉස්සර වෙලාම කරන්නේ අර විදියට බඩ සුද්ධ කරන එක.

වසර ශතක ගනනවක් තිස්සේ කරපු මේ බඩ සුද්ධකිරීම බටහිර වෛද්‍යවරු සාකල්‍යයෙන්ම ප්‍රතික්ෂේප කළා.ඔවුන් කීවේ කුඩාන්ත්‍රයේ හා මහාන්ත්‍රයේ අත්‍යවශ්‍ය ශ්ලේෂ්මළ ස්ථරයට මේනිසා හානි පැමිණෙන බවයි.

ඔවුන් එසේ නිගමනය කළේ කිසි විද්‍යාත්මක පරීක්ෂණයක් කරලා කියා කොහෙත්ම හිතන්න බෑ.

සිංහල ක්‍රමයට ලෙඩට හේතු වෙන කාරක තුනයි. වා - පිත් - සෙම් ඒවායි.

ගමේ මිනිසුන් " පිත " යැවීමට අපූරු දෙයක් කළා. හොඳට කිතුල් රා බී ඇඟිළි දෙකක් උගුරටදමා වමනය කරවීමට සැළැස්වීමයි.තදකහ පාටට තල්ලි තල්ලි යන්නේ පිත යැයි කියනවා. ඇතැම් අය මාස තුන හතරකට වරක් වල් හබරල අල කෑවා.එවිට අර්ශස් සෑදෙන්නේ නැතැයි කියනවා.

මෙවැනි කරුණු තවත් ඕනෑතරම් ඇති.ඒ ඒ දේවල් ප්‍රාදේශීය වශයෙන් වෙනස් අයුරින් ඇති. මේවා විද්‍යාත්මක පරීක්ෂණවලට යොමුවියයුතුයි. ඊට හඬක් නැංවිය යුතූය.කොරෝනා වගේ වසංගත ආවාම එන සුනංගුවෙන් යනවා කියා හිතනවා නම් ඒක අඥාණ සිතුවිල්ලක්.

ඒ විතරක් නෙවෙයි , පරිසර උශ්නත්වය වැඩිවීම , ග්ලැසියර දියවීම් වැනි තත්ත්ව අනිවාර්යයෙන්ම සිදුවෙනවා.කොරෝනා වැනි නව වෛරස ජනිතවීම එහි අනිවාර්ය ප්‍රතිපලයක්.

මේවාට ඔරොත්තු දීමේ හැකියාව ඇති අය ඒවාට අනුවර්තනය වෙනවා.පරිසරයට අනුවර්තනය විය නොහැකි අයට දිවියෙන් සමුගැනීමට සිදුවෙනවා.

( තුෂාන් රාජවසම් )

[QUOTE="cat123, post: 25282224, member: 51090"] [SIZE="5"][B]කොරෝනා සහ ජීවිතාවබෝධය( සිංහල බේත්.) •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• [ දෙමාපිය - දූ දරු , සහෝදර , ඥාති , මිත්‍ර , සමාජ , යන සකලවිධ සබඳතා දෙවෙනි , තුන්වෙනි , නැත්නම් පැත්තකට දමලා පරිභෝජනවාදය කියන නැවේ නැගිලා ධනවාදය කියන සප්ත මහා සාගරයේ ඉමක් , කොනක් , නිමාවක් , නොදැන ඔහේ ගිය මානවයා බෙල්ල මුළින්ම අල්ලලා නවත්තලා. යන්නේ කොහේද හිතන්න ඉන්ටවල් එකක් දීලා.] මේ සංසාරෙට වෙනිවැල්ගැට ටිකක් තම්බලා නොබීපු අය වෙනිවැල්ගැට හොය හොයා කඩවල් ගානේ යනවා.කිඹිහිල්ලක් ගියගමන්,හොටුදියර ඩිංගක් ගියගමන් ," ස්පෙෂලිස්ට් " කෙනෙක් චැනල් කරපු කට්ටිය කොත්තමල්ලි ගහන්න අරන්.හොද්ද්කට දාන්න කඩවල්වල කහ නෑ.කහදියර ගේ වටේ ගහන්න අරන් ගිහින්.හෝටල් වගේ ලොකු ගෙවල් වලත් මෙන්න බොලේ පෙරුම්කායම්. කොහොඹ කොළත් එල්ලලා. සිංහල බේත් හේත් , සියවස් ගනනාවක් කරගෙන ආපු වෙදකමට හෙදකමට අදාල ක්‍රියාකාරකම් , ස්වභාවික ප්‍රතිශක්තිකරණ පද්ධති ප්‍රකුර්තිමත් කිරීම් , ආදිය ගැන බටහිර වෛද්‍යවරුත් TV ඉස්සරහට ඇවිත් ධනාත්මකව කතා කරන්න පටන් අරන්. අතෑරලාදාපු ඒ දේවල් ගැන පරීක්ෂණ කරන්නත් පටන් අරන්ලු. ප්රභාකරන් කිව් විදියට සිංහලයට මතක තියෙන්නේ සති දෙකක් විතරක් නිසා මේ කතා ඔක්කොම වාශ්ප වෙලා කට්ටියම ආයි චූන් එකේ අර කිව් නැවේ නැගලා යන්න පටන් ගන්නත් පුළුවන්.ඒත් අර ඉන්ටවල් එක ඉවරවෙන බෙල් එක නම් ඉස්කෝලේ ඉන්ටවල් ඉවරවෙන සුනංගුවට නම් වදින එකක් නෑ.මොකද වසංගත රෝග එන සුනංගුවෙන් යන්නෙ නෑ. අතීතයේ යකඩ ඇණයක් ඇණුනාම , බෝතල් කට්ටකට කැපිලා ලේ යහමින් ගියාම , අපට වෙනිවැල්ගැට තම්බලා බොන්න දුන්නා.ටෙටනස් එක උනේ ඒක. පොඩි එකාගෙ බඩ බුරුළට ගියාම ඉරිවේරිය ටිකක් තම්බලා දුන්නා.වැඩේ ගොඩ දාගන්න ඒකෙන්ම පුළුවන් උනා. " බඩ යනකොට බෙලි දෙනවා, බෙලි දෙනකොට බඩ යනවා " . ඒ කීමෙන් වැඩේ තේරුම් ගන්න. කිරිකැටියා නාවලා ඉවර උනාම රතුකල්කය ගම්මිරිස් ඇටේක ප්‍රමාණයට අරන් තනකිරෙන් දිය කරලා පෙව්වා. දෙය්යනේ කියලා සෙමක් ආවේ නෑ.පැටියට මාස කීපයක් ගියාම කළුකල්කය කොත්තමල්ලි තැම්බූ වතුරෙන් දියකරල අර විදියට දුන්නා. සෙමක් ආවොත්. කොහොම නමුත් මේ කල්කය දීම් බටහිර වෛද්‍යවරු කිච කරලාම දැම්මා. හැබැයි ඒ , ඒවා කිසිම විද්‍යාත්මක පරීක්ෂණයක් මේ දක්වා නොකරපු තත්ත්වය තුළ , හුදෙක් අපේ ඒවා පීචන් ඒවා බව පූර්වාපේක්ශණය කරලා. ගමේ අපි හෙම්බිරිස්සාව ටිකක් තදේට හැදුනාම දෙහි කොළ හරි, ආඩතෝඩා කොළ හරි වගේ දෙයක් කට පුංචි මුට්ටියකට දාලා තම්බලා , බෙඩ් ෂීට් එකකින් සිව්ගතම වසාගෙන මුට්ටියේ කටට මූණ අල්ලන් විනාඩි ගනනක් හිටියා.ඉහින් කණින් දාඩිය එනකන් ඉඳලා තමයි ෂීට් එක ඉවත් කළේ. ඒකත් ගොඩේ බයියන්ගේ අව්ද්යාත්මක දෙයක් ලෙසයි බොහෝ වෛද්‍යවරු හුවා දැක්වුයේ.නාසයේ ඇති " පක්ෂ්ම " විනාශ වෙනවා කීවා. කොරෝනා වලින් පස්සේ TV එකට එන දොස්තරවරු දැන් එය හොඳයි කියනවා. දුම් ඇල්ලීම්, කහවතුර ඉසීම් , කොහොඹ කොළ එල්ලීම් , හොඳ බවත් ඒවායේ විද්‍යාතමක වටිනාකම් සෙවීමට පර්යේෂණ කරන බවත් , කියනවා. අපි පොඩිකාලේ අපේ දෙමාපියන් අවුරුද්දකට වතාවක් අනිවාර්යයෙන්ම " බඩ යන්න " බේත් දුන්නා.අපිට දුන්නේ අදින් වසර විස්සකට විතර කලින් දිවියෙන් සමුගත් මොරවක එස්.පී. ලියනගේ ගම්පහ වෙදමහත්තයාගේ විරේක බේත.තාත්තා උදේ පාන්දරම ඒ බේත් ගුළිය සියඹලා ඉස්මෙන් දිය කරලා අපි තුන්දෙනාටම දුන්නා. අටට විතර පටන් ගත්තම දවල් දොළහ වෙනකොට හත් අට වතාවක් බඩ ගිහින්.උදේ මුලින්ම යන එක අම්මා ගනන් ගන්නේ නෑ. ඒ කළින් රෑ කාපුවා ලු. ඊට පස්සෙ ඒවා තමයි ගානට වැටෙන්නෙ.හොද්ද වගේ යන " බඩුත් " එක්ක කිරිපණුවෝ විතරක් නෙමේ අඟලේ දෙකේ තුණේ දිග පණුවොත් ඉඳහිට යනවා.කිරිපණුවෝ නම් පණ පිටින් නළිය නළිය ඉන්නවා.අනෙක් කෙනාගේ පණුවා දිග උනොත් කව්රුහරි කෑගහලා අම්මාට කියනවා.අම්මා ඇවිත් පණුවා බලා ශෝක් කියනවා. එදා දවල්ට තැම්බුම් හොද්ද එක්කයි බත්.එතකන් කැඳ වතුර විතරයි . කහට තේ උනත් දෙනවා.රෑට පතෝල දියකිරෙන් හදල ඒවත් එක්කයි බත්.පසුදා පත්තියම් දවස. නෝමල් කෑම . තෙල් කෑම බෑ. වැඩිය මහන්සිවෙන වැඩ තහනම්.පස්සෙන්දා ඉදන් නෝමල්. ටිකක් ලොකු උනාම අරළු බිව්වේ.අරළු කළං 8 ක් හෝ 10 ක් කුඩු කර සිදුරු කරපු තැඹිළි ගෙඩියක කළින් දවසේ දාලා තියලා පින්නේ තියනවා.පස්සෙන්දා උදේ ඒක පෙරලා බොනවා. මේ නිසා ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් සකස්වී ප්‍රතිශක්තීකරණ වර්ධනයක් ඇතිවෙනවා යැයි කියනවා.ඉස්සර ලෙඩකට කසාය දෙන්න කළින් ඉස්සර වෙලාම කරන්නේ අර විදියට බඩ සුද්ධ කරන එක. වසර ශතක ගනනවක් තිස්සේ කරපු මේ බඩ සුද්ධකිරීම බටහිර වෛද්‍යවරු සාකල්‍යයෙන්ම ප්‍රතික්ෂේප කළා.ඔවුන් කීවේ කුඩාන්ත්‍රයේ හා මහාන්ත්‍රයේ අත්‍යවශ්‍ය ශ්ලේෂ්මළ ස්ථරයට මේනිසා හානි පැමිණෙන බවයි. ඔවුන් එසේ නිගමනය කළේ කිසි විද්‍යාත්මක පරීක්ෂණයක් කරලා කියා කොහෙත්ම හිතන්න බෑ. සිංහල ක්‍රමයට ලෙඩට හේතු වෙන කාරක තුනයි. වා - පිත් - සෙම් ඒවායි. ගමේ මිනිසුන් " පිත " යැවීමට අපූරු දෙයක් කළා. හොඳට කිතුල් රා බී ඇඟිළි දෙකක් උගුරටදමා වමනය කරවීමට සැළැස්වීමයි.තදකහ පාටට තල්ලි තල්ලි යන්නේ පිත යැයි කියනවා. ඇතැම් අය මාස තුන හතරකට වරක් වල් හබරල අල කෑවා.එවිට අර්ශස් සෑදෙන්නේ නැතැයි කියනවා. මෙවැනි කරුණු තවත් ඕනෑතරම් ඇති.ඒ ඒ දේවල් ප්‍රාදේශීය වශයෙන් වෙනස් අයුරින් ඇති. මේවා විද්‍යාත්මක පරීක්ෂණවලට යොමුවියයුතුයි. ඊට හඬක් නැංවිය යුතූය.කොරෝනා වගේ වසංගත ආවාම එන සුනංගුවෙන් යනවා කියා හිතනවා නම් ඒක අඥාණ සිතුවිල්ලක්. ඒ විතරක් නෙවෙයි , පරිසර උශ්නත්වය වැඩිවීම , ග්ලැසියර දියවීම් වැනි තත්ත්ව අනිවාර්යයෙන්ම සිදුවෙනවා.කොරෝනා වැනි නව වෛරස ජනිතවීම එහි අනිවාර්ය ප්‍රතිපලයක්. මේවාට ඔරොත්තු දීමේ හැකියාව ඇති අය ඒවාට අනුවර්තනය වෙනවා.පරිසරයට අනුවර්තනය විය නොහැකි අයට දිවියෙන් සමුගැනීමට සිදුවෙනවා. ( තුෂාන් රාජවසම් )[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom