Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොලොම්බා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වේලාව: දහවල අහාරයෙන් පසු

ස්ථානය: නිකන් ඉන්න බැරි මෝඩයෝ

අවස්ථාව: ලෙක්චර්ස්

ලෙක්චර් එක කරන්නේ "කොලොම්බා" ලෙස අන්වර්ථ නාම ලත් ගුරුවරයෙකි.දැනට ආයතනයෙන් විශ්‍රාම ගොස් තවමත් සිසුන්ට උගන්වන්නෙක්.සමහරුනට ඔහු කොලොම්බා වන්නේ ඔහුගේ නාමයෙන් බිඳී ආ දෙයක් ලෙසයි. එහෙත් තවත් සමහරෙකුට ඔහු කොලොම්බා වන්නේ කොලොම්බියාවේ සිදුවූ ජන්ම විපර්යාසයකින් ඇති වූවෙකු ලෙසයි.කෙසේ වෙතත් ජීවිතයේ මාහට හමුවූ ගුරුන් අතරින් වඩාත්ම නිද්‍රාශීලී ගුරුවරයා ලෙස මොහු හඳුන්වන්න පුලුවන්.මෙය වඩාත් සාක්ශාත් වන්නේ ඔහුගේ හැසිරීමේ ආකාරයටම ඔහුට ඉගැන්වීමට සිදුවන විෂයයන් නිසාවෙන්.නමුදු ඔහුගේ ඉගැන්වීම ආයතනයේ සිටින එකම එක ගුරුවරියකට පමණයි දෙවනි වෙන්නේ.ඔහු ගැන යම් හැඳින්වීමක් කලහොත් දැනටද ඉදිරියේ සිටිමින් මෙලෝ රහක් නැති දේවල් මුමුණමින් සිටින අතර, තමන් පිලිබඳ අතිශය පොර ටෝක් දෙන්නෙකි.

මාතෘකාවට අනුව මා මේ කියනා දෙය වැරදිය.එහෙත් මා අතිශය නිද්‍රාශීලීව සිටින නිසාවෙන් මාගේ මේ මොන්ගල් ගද්‍යකරණය ඉවසන ලෙස ඉල්ලමි.මට ඇත්තටම රතුඉර දම් වෙන තෙක් මල පැන තිබුනද, එයට ප්‍රධාන හේතුව කොලොම්බා නොවන්නේය.එයට ප්‍රධාන හේතුව අපෙ හෝල් එකේ හතර වටින් එල්ලී සිටින මේ කරුම වායුසමීකරන යන්ත්‍රයි.හෙයා ඩ්‍රයර් එකකින් මෙන් "හෝස් හෝස්" ගාමින් මාගේ මුහුනටම,එසේත් නැත්නම් කුඩා මොලයටම ඉලක්ක කර මෙය වදින්නට හේතු මම කල්පනා කර බැලුවෙමි.මා මුලින්ම සිතුවේ සිය පුත්‍රයාගේ සුව පහසුව තකා අප්පිලා ඇත්තෝ පැමිණිල්ලක් කරන්නට ඇතැයි කියාය.මන්දයත් මෙයට ඇතුළු වූ දා පටන් මෙලෝ සමීකරනයක් නැති පංකාවක් ඔහේ කැරකෙන ශාලාවක ආතල් එකේ සන්තෝසෙන් සිටි අපව,ටික දිනකින් නව ගොඩනැගිල්ලක් සාදා එහි ලැග්ගවීම සම්බන්ධවය.සමහර විටෙක මෙයින් අත්මිදෙන්නට නොහැකිව මවිසින් වායුහුඃමීකරනය යට ස්ථානයක වාඩිවී බැලූ අතර, එය එතරම් නරක නැතිමුත් මගේ කරුමෙට සමහර වෙලාවට වතුර බිංදු හිසට සහ පොතට වැටීම හේතු කොටගෙන එයද අසාර්ථක විය.මෙහි බිංදු යනු සෝමේ මාමි ගේ බිංදු නොවන බැවින් "කවුද යකෝ බිංදු?" කියා නොවිමසන මෙන් ඉල්ලමි.

මට ගුරුවරයෙකුට අපහාස කිරීමට කිසිම හිතක් නොමැත.මෙම කොටස එකතු කලේ මම මෙය පලකරන අවස්ථාවේදීය.මන්දයත් මා ලෙක්චරයක සිටිනා විට මාගේ අපහාස සිත ඉතාමත් දියුණු මට්ටමක සිටින ලෙසක් මට හැඟේ.තවද මෙය කියවීමෙන් පසු මාහට බැන, තමන් හොඳ දරුවන් වීමට බලා සිටිනා පිරිසක්ද ඇති හෙයින් මා පවසන්නේ, මේ කිසිවකුත් මා හොඳ සිහියෙන් නොසිටි අවස්ථාවකදී ලියන ලද ඒවා බවය.නැවතත් කතාවට. . .

උක්ත පුද්ගලයා මේ දැන් පිටුපස අසුන් අසලට පැමිණ නැවත ඉදිරියට ගියේය.මටනං මොහු පේන්නෙම මඩොල්දූවේ ධර්මසිංහ මහතා මෙනි.උපාලි ගිනිවැල්ලේට අනුව මොහුත් ගුඩු පොල් ගෙඩියකි.මම මොහු ගැන සිතුවෙමි.මට සිතාගත හැකිය.මොහුගේ ගෙවල් පැත්තේ මදුරුවන් මිය යන ක්‍රම දෙකකි.එකක් මොහුගේ ලේ බී නිදිමත වැඩිවී, බිත්ති වල හැප්පීමෙනි.අනෙක් ආකාරය නම් ලේ බිවු සැනින් ඇඳ උඩම නින්ද ගොස්, ඇඟට යටවීමෙනි.මට එක්වරම ඔහුගේ පසුගිය උපන්දින සාදය සිහිවිය.එක්පසක දනහිස ගාවට ගවුම් ඇඳ එය ඉන ගාවට පලාගෙන සිටින යුවතියන් පිරිසකි.ඒ ඔහුගේ මී මිණිබිරියන් වියහැක.මොහොතකින් සාදය ඇති ශාලාව වෙත මිනිසුන් අටදෙනෙකු විසින් වසන ලද යම් දෙයක් ගෙනෙන ලදී.මා මුලින් සිතුවේ උපන්දින ත්‍යාගය වශයෙන් නුදුරේදී ප්‍රයෝජනයට ගැනීමට ගෙන ආ මිණී පෙට්ටියක් විය හැකි බවයි.නැත එය උපන්දින කේක් ගෙඩියකි.මීමිණිබිරියන් වන තෙක් පරම්පරාවක් පැමිණ සිටියද මේ සා විශාල කේක් ගෙඩියක් කෑ නොහැක.ආසන්න වශයෙන් පර්චසයක් පමණය.කාරණය වැටහුනේ මදකිනි.අවුරුදු ගනණට ඉටිපන්දම් ගැසීමට හැකි වනසේ කේක් ගෙඩිය සාදා තිබිණි.මා දැන් මහළු වියේ කියා ගීතය ගැයීමෙන් පසු ගිනි නිවන හමුදාව පැමිණියේ ඉටිපන්දම් නිවීමටය.මටත් මේ වෙලාවට එන්නේ මහා කරුම අදහස්ය.වයිට් බෝඩ් මාකර් එකක් හොයාගෙන පොර එලියට ගියේය.එහා පැත්තේ සිටිනා කැනහිලා මාගේ දකුණු බාහුවට මහ හයියෙන් ගසා අහක බලාගත්තේය.ඌ මා උගන්නා අතරතුර එක එක දේවල් ලියනවාට අමුම මළය.ඌටද කුණුහරුපයක් කියා ඊලඟ ඡේදය ලියමි.

හදිස්සියේ බඩගින්නක් ආවේය.වෙලාව බැලුනි.දෙකයි කාළය.අවසන් වතාවට බත් චුට්ටක් බඩට දාගත්තේ දොලහයි හතලිස් පහටය.පැය එකහමාරකින් මෙලෝ දෙයක් බඩට නැත.මට බඩගිනිය.අම්මාගේ "පවුල් අලුවා" මතක් විය.පවුල් අලුවා යන නම තබන ලද්දේ අප්පිලා ඇත්තෝය.අපේ අම්මා හදන අලුවා අතිශය රසය.බොරු නොවේය.අම්මපා ය (මෙච්චර දිවුරලාත් විශ්වාස නොකරන උන්ට කුද ගහගන්නා ලෙස කියමි.).රස උනාට ලොකුය.පවුලකට එකක් කෑ හැකි බැවින් අප්පොච්චියා එයට පවුල් අලුවා කියයි.මා වතුර චුට්ටක් ඉල්ලගෙන මුවේ ලාගතිමි.අපේ එවුන් කසිකබල් පුටු උඩ ආපිෆෝම් සුවය ලබති.මේ සියල්ල වන් ඇන්ඩ් ඔන්ලි කොලොම්බා නිසාය.ශාලාවේ ජනේලයෙන් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව පෙනුනි.එය දුර්වර්ණ වී ගොසිනි.මා එහිදී ඩිග්‍රිය ගැනීමට පෙර ආණ්ඩුවට කෝල් එකක් දමා එය සුද්ධ කරන ලෙස කිව යුතුය.හැබෑවටම එයට බොහෝකල් ඇත.මට නිකමට මගේ රිපීට් ෆෝම් එක මතක් විය.එය ඇත්තේ රහසිගත ස්ථානයකය.ඒ අම්මිලා ඇත්තන්ගෙනුයි, අප්පිලා ඇත්තන්ගෙනුයි වහන් කරන්නටය.නිකමට හෝ බලා පිළිකුල් භාවනාව කිරීමට ගෙදර ගිය වහාම එය සෙවිය යුතුය.ඊටත් පෙර මොනවාහරි බඩට දමා ගත යුතුය.පාණ්ඩුව සෑදීම නිසා මාගේ බඩ ඉදිරියට නෙරා ඇත.

මහ මුචලින්දට මාගේ ඇඳුම් ගැන දුක හිතී ඩෙනිමක් ගැනීමට රුපියල් දෙදාහක්ම පුදකලේය.ගෙදර ගොහින් මොනවාහරි කන විට මා මිය යා සිටින්නට පුලුවන.එහෙයින් බම්බලපිටියෙන් මොනවාහරි බඩට දමාගැනීමට රුපියල් දෙසීයක් බැහැර කලේය.ඩෙනිමකට රුපියල් එක්දාස් පන්සීයකට වඩා කිසිසේත් නොසෑහේ.ඒ නිසා තවත් තුන්සීයක් ඉතිරිය.යනගමන් සරසවියට ගොඩවැදුනොත් ඒ තුන්සීයද මහා ධානපතියෙකුට පුදකල හැක.මගේ අප්පොච්චියාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනය.ඒ වැඩි වැඩියෙන් ලැබෙන සියල්ල මට ලැබෙන්න ඕනය.ඉදිරියෙන්ම ඉන්න උන්ටික බොරුවට ඔලුව වනමින් සිටී.උන්ටද නිදිමත වැඩිවී විය හැක.මැද පේලි වල උන්ගේ නලළ බිම ගෑවෙන අතර මගේ මෙහා පැත්තේ එකා ස්කයිප් එකේ ගෑනිත් එක්ක මල් කඩයි.උගේ ගෑනි රටය.අනිත් පැත්තේ එකා කරන්නේ තනි ප්‍රෝඩාවය.ඊටත් එහා පැත්තේ එකා පෙරවගෙන බුදිය.මට තවත් ලියන්නට නොහැකි අතර, මාත් ඔහේ සැතපෙමි.

අනේමන්දා. . .මම නිදිමතේ ලියපුවා පසුව කියවද්දී මටම මොන්ගල් සෙයක් හැඟේ.ඔබටත් ඔලුව කැරකෙන්න ගත්තානම් ගැත්තාට සමාවන්න.

[QUOTE="hasiwebmail, post: 7375460, member: 21500"] [SIZE="5"][COLOR="Blue"]වේලාව: දහවල අහාරයෙන් පසු ස්ථානය: නිකන් ඉන්න බැරි මෝඩයෝ අවස්ථාව: ලෙක්චර්ස් ලෙක්චර් එක කරන්නේ "කොලොම්බා" ලෙස අන්වර්ථ නාම ලත් ගුරුවරයෙකි.දැනට ආයතනයෙන් විශ්‍රාම ගොස් තවමත් සිසුන්ට උගන්වන්නෙක්.සමහරුනට ඔහු කොලොම්බා වන්නේ ඔහුගේ නාමයෙන් බිඳී ආ දෙයක් ලෙසයි. එහෙත් තවත් සමහරෙකුට ඔහු කොලොම්බා වන්නේ කොලොම්බියාවේ සිදුවූ ජන්ම විපර්යාසයකින් ඇති වූවෙකු ලෙසයි.කෙසේ වෙතත් ජීවිතයේ මාහට හමුවූ ගුරුන් අතරින් වඩාත්ම නිද්‍රාශීලී ගුරුවරයා ලෙස මොහු හඳුන්වන්න පුලුවන්.මෙය වඩාත් සාක්ශාත් වන්නේ ඔහුගේ හැසිරීමේ ආකාරයටම ඔහුට ඉගැන්වීමට සිදුවන විෂයයන් නිසාවෙන්.නමුදු ඔහුගේ ඉගැන්වීම ආයතනයේ සිටින එකම එක ගුරුවරියකට පමණයි දෙවනි වෙන්නේ.ඔහු ගැන යම් හැඳින්වීමක් කලහොත් දැනටද ඉදිරියේ සිටිමින් මෙලෝ රහක් නැති දේවල් මුමුණමින් සිටින අතර, තමන් පිලිබඳ අතිශය පොර ටෝක් දෙන්නෙකි. මාතෘකාවට අනුව මා මේ කියනා දෙය වැරදිය.එහෙත් මා අතිශය නිද්‍රාශීලීව සිටින නිසාවෙන් මාගේ මේ මොන්ගල් ගද්‍යකරණය ඉවසන ලෙස ඉල්ලමි.මට ඇත්තටම රතුඉර දම් වෙන තෙක් මල පැන තිබුනද, එයට ප්‍රධාන හේතුව කොලොම්බා නොවන්නේය.එයට ප්‍රධාන හේතුව අපෙ හෝල් එකේ හතර වටින් එල්ලී සිටින මේ කරුම වායුසමීකරන යන්ත්‍රයි.හෙයා ඩ්‍රයර් එකකින් මෙන් "හෝස් හෝස්" ගාමින් මාගේ මුහුනටම,එසේත් නැත්නම් කුඩා මොලයටම ඉලක්ක කර මෙය වදින්නට හේතු මම කල්පනා කර බැලුවෙමි.මා මුලින්ම සිතුවේ සිය පුත්‍රයාගේ සුව පහසුව තකා අප්පිලා ඇත්තෝ පැමිණිල්ලක් කරන්නට ඇතැයි කියාය.මන්දයත් මෙයට ඇතුළු වූ දා පටන් මෙලෝ සමීකරනයක් නැති පංකාවක් ඔහේ කැරකෙන ශාලාවක ආතල් එකේ සන්තෝසෙන් සිටි අපව,ටික දිනකින් නව ගොඩනැගිල්ලක් සාදා එහි ලැග්ගවීම සම්බන්ධවය.සමහර විටෙක මෙයින් අත්මිදෙන්නට නොහැකිව මවිසින් වායුහුඃමීකරනය යට ස්ථානයක වාඩිවී බැලූ අතර, එය එතරම් නරක නැතිමුත් මගේ කරුමෙට සමහර වෙලාවට වතුර බිංදු හිසට සහ පොතට වැටීම හේතු කොටගෙන එයද අසාර්ථක විය.මෙහි බිංදු යනු සෝමේ මාමි ගේ බිංදු නොවන බැවින් "කවුද යකෝ බිංදු?" කියා නොවිමසන මෙන් ඉල්ලමි. මට ගුරුවරයෙකුට අපහාස කිරීමට කිසිම හිතක් නොමැත.මෙම කොටස එකතු කලේ මම මෙය පලකරන අවස්ථාවේදීය.මන්දයත් මා ලෙක්චරයක සිටිනා විට මාගේ අපහාස සිත ඉතාමත් දියුණු මට්ටමක සිටින ලෙසක් මට හැඟේ.තවද මෙය කියවීමෙන් පසු මාහට බැන, තමන් හොඳ දරුවන් වීමට බලා සිටිනා පිරිසක්ද ඇති හෙයින් මා පවසන්නේ, මේ කිසිවකුත් මා හොඳ සිහියෙන් නොසිටි අවස්ථාවකදී ලියන ලද ඒවා බවය.නැවතත් කතාවට. . . උක්ත පුද්ගලයා මේ දැන් පිටුපස අසුන් අසලට පැමිණ නැවත ඉදිරියට ගියේය.මටනං මොහු පේන්නෙම මඩොල්දූවේ ධර්මසිංහ මහතා මෙනි.උපාලි ගිනිවැල්ලේට අනුව මොහුත් ගුඩු පොල් ගෙඩියකි.මම මොහු ගැන සිතුවෙමි.මට සිතාගත හැකිය.මොහුගේ ගෙවල් පැත්තේ මදුරුවන් මිය යන ක්‍රම දෙකකි.එකක් මොහුගේ ලේ බී නිදිමත වැඩිවී, බිත්ති වල හැප්පීමෙනි.අනෙක් ආකාරය නම් ලේ බිවු සැනින් ඇඳ උඩම නින්ද ගොස්, ඇඟට යටවීමෙනි.මට එක්වරම ඔහුගේ පසුගිය උපන්දින සාදය සිහිවිය.එක්පසක දනහිස ගාවට ගවුම් ඇඳ එය ඉන ගාවට පලාගෙන සිටින යුවතියන් පිරිසකි.ඒ ඔහුගේ මී මිණිබිරියන් වියහැක.මොහොතකින් සාදය ඇති ශාලාව වෙත මිනිසුන් අටදෙනෙකු විසින් වසන ලද යම් දෙයක් ගෙනෙන ලදී.මා මුලින් සිතුවේ උපන්දින ත්‍යාගය වශයෙන් නුදුරේදී ප්‍රයෝජනයට ගැනීමට ගෙන ආ මිණී පෙට්ටියක් විය හැකි බවයි.නැත එය උපන්දින කේක් ගෙඩියකි.මීමිණිබිරියන් වන තෙක් පරම්පරාවක් පැමිණ සිටියද මේ සා විශාල කේක් ගෙඩියක් කෑ නොහැක.ආසන්න වශයෙන් පර්චසයක් පමණය.කාරණය වැටහුනේ මදකිනි.අවුරුදු ගනණට ඉටිපන්දම් ගැසීමට හැකි වනසේ කේක් ගෙඩිය සාදා තිබිණි.මා දැන් මහළු වියේ කියා ගීතය ගැයීමෙන් පසු ගිනි නිවන හමුදාව පැමිණියේ ඉටිපන්දම් නිවීමටය.මටත් මේ වෙලාවට එන්නේ මහා කරුම අදහස්ය.වයිට් බෝඩ් මාකර් එකක් හොයාගෙන පොර එලියට ගියේය.එහා පැත්තේ සිටිනා කැනහිලා මාගේ දකුණු බාහුවට මහ හයියෙන් ගසා අහක බලාගත්තේය.ඌ මා උගන්නා අතරතුර එක එක දේවල් ලියනවාට අමුම මළය.ඌටද කුණුහරුපයක් කියා ඊලඟ ඡේදය ලියමි. හදිස්සියේ බඩගින්නක් ආවේය.වෙලාව බැලුනි.දෙකයි කාළය.අවසන් වතාවට බත් චුට්ටක් බඩට දාගත්තේ දොලහයි හතලිස් පහටය.පැය එකහමාරකින් මෙලෝ දෙයක් බඩට නැත.මට බඩගිනිය.අම්මාගේ "පවුල් අලුවා" මතක් විය.පවුල් අලුවා යන නම තබන ලද්දේ අප්පිලා ඇත්තෝය.අපේ අම්මා හදන අලුවා අතිශය රසය.බොරු නොවේය.අම්මපා ය (මෙච්චර දිවුරලාත් විශ්වාස නොකරන උන්ට කුද ගහගන්නා ලෙස කියමි.).රස උනාට ලොකුය.පවුලකට එකක් කෑ හැකි බැවින් අප්පොච්චියා එයට පවුල් අලුවා කියයි.මා වතුර චුට්ටක් ඉල්ලගෙන මුවේ ලාගතිමි.අපේ එවුන් කසිකබල් පුටු උඩ ආපිෆෝම් සුවය ලබති.මේ සියල්ල වන් ඇන්ඩ් ඔන්ලි කොලොම්බා නිසාය.ශාලාවේ ජනේලයෙන් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව පෙනුනි.එය දුර්වර්ණ වී ගොසිනි.මා එහිදී ඩිග්‍රිය ගැනීමට පෙර ආණ්ඩුවට කෝල් එකක් දමා එය සුද්ධ කරන ලෙස කිව යුතුය.හැබෑවටම එයට බොහෝකල් ඇත.මට නිකමට මගේ රිපීට් ෆෝම් එක මතක් විය.එය ඇත්තේ රහසිගත ස්ථානයකය.ඒ අම්මිලා ඇත්තන්ගෙනුයි, අප්පිලා ඇත්තන්ගෙනුයි වහන් කරන්නටය.නිකමට හෝ බලා පිළිකුල් භාවනාව කිරීමට ගෙදර ගිය වහාම එය සෙවිය යුතුය.ඊටත් පෙර මොනවාහරි බඩට දමා ගත යුතුය.පාණ්ඩුව සෑදීම නිසා මාගේ බඩ ඉදිරියට නෙරා ඇත. මහ මුචලින්දට මාගේ ඇඳුම් ගැන දුක හිතී ඩෙනිමක් ගැනීමට රුපියල් දෙදාහක්ම පුදකලේය.ගෙදර ගොහින් මොනවාහරි කන විට මා මිය යා සිටින්නට පුලුවන.එහෙයින් බම්බලපිටියෙන් මොනවාහරි බඩට දමාගැනීමට රුපියල් දෙසීයක් බැහැර කලේය.ඩෙනිමකට රුපියල් එක්දාස් පන්සීයකට වඩා කිසිසේත් නොසෑහේ.ඒ නිසා තවත් තුන්සීයක් ඉතිරිය.යනගමන් සරසවියට ගොඩවැදුනොත් ඒ තුන්සීයද මහා ධානපතියෙකුට පුදකල හැක.මගේ අප්පොච්චියාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනය.ඒ වැඩි වැඩියෙන් ලැබෙන සියල්ල මට ලැබෙන්න ඕනය.ඉදිරියෙන්ම ඉන්න උන්ටික බොරුවට ඔලුව වනමින් සිටී.උන්ටද නිදිමත වැඩිවී විය හැක.මැද පේලි වල උන්ගේ නලළ බිම ගෑවෙන අතර මගේ මෙහා පැත්තේ එකා ස්කයිප් එකේ ගෑනිත් එක්ක මල් කඩයි.උගේ ගෑනි රටය.අනිත් පැත්තේ එකා කරන්නේ තනි ප්‍රෝඩාවය.ඊටත් එහා පැත්තේ එකා පෙරවගෙන බුදිය.මට තවත් ලියන්නට නොහැකි අතර, මාත් ඔහේ සැතපෙමි. අනේමන්දා. . .මම නිදිමතේ ලියපුවා පසුව කියවද්දී මටම මොන්ගල් සෙයක් හැඟේ.ඔබටත් ඔලුව කැරකෙන්න ගත්තානම් ගැත්තාට සමාවන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom