Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොවිඩ් ගොඩදාන "දෙහි කොල" දෙකේ බෙහෙත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Original Post

https://www.facebook.com/ravinath.wijesekara/posts/10224401720165600

සියල්ලෝම කියවත්වා.

“සමහරවිට” බොහෝ ගණනක් ජීවිත බේරා ගැනීමට හැකි වේවි.

කොවිඩ් 19 අත්දැකීම්...!

අගෝස්තු 14 වෙනි සෙනසුරාදා උදෑසන මා අවදි වූයේ සෙම්ගෙඩි සෑදීගෙන එන විට දැනෙන උගුරේ අපහසුව හා සමාන දැනීමක් සමඟය. එදින දවස පුරා යන්තමින් දැනුණු හිස රිදීමක් හැර වෙනත් ලොකු ප්‍රශ්නයක් නොවීය. මේ වෙන විට මා දිනපතා, එක හුස්මකින් ගණන් කිරීමේ හැකියාව පරීක්ෂා කිරීම ආරම්භ කර තිබිණි. උණ නැත. දිව යටින් උපකරණය තබා පරීක්ෂා කිරීමේදී පවා මගේ උෂ්ණත්වය පෙන්වන්නේ 97.2ට අඩුවෙනි. සමහරවිට, උණ කටුවේ (Thermometer) ලෙඩක් විය හැකිය. කොහොමටත් මා කූල් කොල්ලෙකි.

සෙනසුරාදා රාත්‍රී ආහාර වේල සාදා තිබුණේ ලුණු අඩුවෙනි. කෑමෙහි කිසිම ගතියක් නැත. බඩ ගින්න නිසා බත් කටවල් කිහිපයක් අනුභව කර ඉතිරිය වීසි කර දැමුවෙමි.

ඉරිදා (අගෝස්තු 15) උදෑසන උගුරේ අපහසුව වැඩි වී ඇති බව දැනිණි. ඒ මදිවාට ඔලුවත් යන්තමින් රිදෙන්නේය. හෙම්බිරිස්සාව හැදෙන්නට එනවා වගේ දැනේ. ශරීර උෂ්ණත්වය (දිව යට) පරීක්ෂා කළෙමි. 98.1 කි. බෙල්ලේ පිටුපස කැක්කුමක් අලුතින් සෑදී තිබිණි. නිවසේ සිටින බැවින් කාමරයමට වී සිටියෙමි. දවසම ෆෑන් එකක් දමා සිටි නිසාදෝ පැයෙන් පැයට පරීක්ෂා කළත් ශරීර උෂ්ණත්වයේ සැලකිය යුතු වැඩිවීමක් නොමැත. උපරිමය තිබුණේ 98.7ය. හවස් වෙන විට එම අගයත් අඩුවිය. මා සාමාන්‍යයෙන් අධි රුධිර පීඩනයට භාවිතා කරන ඖෂධ (Losartan Potassium 50mg / Ecosprin 75mg) හැරුණු විට කොත්තමල්ලි වේල් දෙකක් පමණ මේ වන විට ලබා ගෙන තිබිණි. උදෑසන දුම් ඇල්ලුවෙමි. වෙනසක් නැත. ක්‍රමානුකූලව අපහසුතා වර්ධනය වන බව හැඟෙමින් තිබිණි. එය බොහෝ විට දවසම එකම ආසනයක වාඩි වී පරිගණකයේ එල්ලී සිටීම නිසා බව සිතුවෙමි.

කෙසේ වෙතත් නරකම දේ අපේක්ෂාවෙන් සිටි බව මෙහි සඳහන් කළ යුතුය.

නිවසේ සිටින දිනවල හවස් වෙන විට බුලත් විටක් කන්නටම සිතේ. නිවසට ආසන්න කඩෙන් ගෙන්නා ගත් බුලත් විටක් සැපීමි. බුලත් පුවක් හුණු දුම්කොළ කුරුඳු සහ කරාබුනැටි සහිත විටක් ඒදා ගත් විට එය රස සංකලනයකි. එම සුපුරුදු රසයන් විටෙහි නොතිබුණු බව මතකයට නැගේ. නිකම් ලී කැබලි සපන විට මුවට දැනෙන හැඟීමට ආසන්න මොකක්දෝ එකක් පමණක් තිබුණු බවත්, විටෙහි සුපුරුදු රසය නැති නිසා එපා වූ බවත් මතක් වුණේ පසුවදා වැඩේ හරියටම නිගමනය කිරීමෙන් පසුව ය.

සඳුදා (අගෝස්තු 16) උදෑසන දත් මදින විට දන්තාලේපයේ රස නොදැනෙන බවත්, සුවඳ කිසිසේත් නොදැනෙන බවත් (එය මින්ට් සුවඳති ලෙමන් රසැති දන්තාලේපයකි) කිසිම රසත් නැති බවත්, නිකන් මැටි වැනි යමක් මුවෙහි ඇති බවත් හැඟිනි. “නරකම දේ” මටත් ආසාදනය වී ඇති බව තේරුම් යමින් තිබිණි.

මා ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා දෙකම ලැබූ අයෙක් වුවත් මාත්‍රා දෙක අතර පරතරය මාස 5කුත් සති දෙකක් විය. වෙනත් කිසිදු පැණියක් හෝ කෙමක් කොරෝනා වැළැක්වීම පිණිස ලබා ගෙන නොමැත. විද්‍යාත්මක සාක්ෂි අනුව එන්නත් දෙකම ලබා ගත්තත් කොරෝනා ආසාදනය විය හැකිය.

මේ මොහොත වන විට උගුරේ අපහසුව යම් තරමකින් වේදනා දෙන තත්වයක් දක්වාත් නාසය සිරවූ ගතියක් දක්වාත්, කොන්ද පිටුපස වේදනාව, බෙල්ල පිටුපස වේදනාව, කකුල්වල දහ වැලමිට සන්ධිවල වේදනා සිදධාලේප තැවරීමට සිතෙන තරම් වර්ධනය වී තිබුණේ ය. මා මිත්‍ර, රාගම රෝහලේ වෛද්‍ය අසංග වික්‍රමසිංහ මහතා හට දුරකතනයෙන් අමතා රෝග ලක්ෂණ පවසා සිටියෙමි. ඔහු පැවසුවේ නිවැසියන් හා මුසු නොවී හැකිතාක් තනිවම සිටින ලෙසත් හෙට වෙන තුරු ඉවසා සිට ඇන්ටිජෙන් පරීක්ෂණයක් කර ගන්නා ලෙසයි. ඇන්ටිජෙන් කර ගැනීමට ආසන්නම නගරය වරකාපොල යි. පළාත් අතර ගමනාගමනය දැඩි ලෙස සීමා කර ඇති බව රජය නිවේදනය කර තිබිණි. මා බස්නාහිර පළාතේ කොනේ ය. වරකාපොළ සබරගමු පළාතේ ය. දේශසීමා පැනීම ලේසි නැත. නිට්ටඹුවට යා යුතුය. අවම වශයෙන් ත්‍රීවීල් රථයක් කැන්දා ගත යුතුය. ඇත්ත කිව්වොත් මොන තරම් යාළු මිත්‍රයන් වුවත් මඟහරින බව සහතිකය. බොරු කියා එක්ක එක්ක යාම මගේ ප්‍රතිපත්තිය නොවේ. මට රෝගය ආසාදනය වූ බව සැබෑය. නමුත් මගෙන් කිසිවෙකුටවත්, අවම වශයෙන් නිවසේ කිසිවෙකුටවත් රෝගය බෝ නොවිය යුතුය. මා මිය ගියත් මගේ ප්‍රතිපත්තිය එයයි. ප්‍රශ්න ගොඩකි. ඩොක්ටර් මොනවා කිව්වත්, මට ලෙඩේ ඇවිත් දැයි සැක හැර දැන ගැනීමේ උවමනාවක් මට තිබුණත් ඇන්ටිජෙන් එකක් හෝ පීසීආර් එකක් කර ගැනීමට යාම මා සමඟ ගමන් කරන සෙසු අයත් අවදානමක හෙළිමක් කියා හැඟීමක් ඇතිවිනි.

ගඳ සුවඳ දැනීම අඩුවීමක්ද, නැත්නම් මා හට සිදුවූ වැරදීමක්ද කියා තහවුරු කර ගැනීමේ දැඩි වුවමනාවක් ඇති විය. නිවස ඉදිරිපිට වැවී තිබෙන මදුරුතලා ගස සොලවා බැලුවෙමි. වෙනදා ගස සොලවා තත්පර ගණනික් පරිසරයම සුවඳවත් වේ. නැත. යන්තමින්වත් නොදැනේ. වත්තේ ඉහල කොටසේ යකිනාරං, දෙහි, නාරං, සහ ගඳපාන වැනි, පත්‍ර පොඩිකළ විට ප්‍රබල සුවඳක් හමන ශාක තිබේ. වත්තේ ඉහලට යාමට ගල් පඩි දිගේ නගින විට වෙනදා නොතිබුණු හතියක් මහන්සියක් දැනුනත් යකිනාරං පැලය අසලට ගොස් කොළයක් පොඩි නාසයට හොඳටම කිට්ටු කර බැලුවෙමි. හැකිතාක් නාසයට ලංකොට ඉඹ බැලුවෙමි. කිසිදු සුවඳක් නැත. වඩා සැර සුවඳක් සහිත ගඳපාන ශාකයත් ඒ අසලම නිසා එහි කොළයක්ද පොඩිකර බැලුවෙමි. එහිත් සුවඳක් නැත. යන්තමින් මොනවාද දැනේ. නමුත් සුපුරුදු ආකර්ශණීය ටර්පන්ටයින් වැනි ආවේනික සුවඳ දැනෙන්නේ නැත. දැන් වැඩේ තහවුරුය. අතේ ෆෝන් එකද තිබුණු නිසා පඩිපෙලෙහි වාඩි වුණෙමි. එතන සිට ෆේස්බුක් බලමින් කල්පනා කළේ ඉදිරි කටයුතු කර ගන්නා ආකාරයයි. ඔළුව පිස්සන් කොටුවක් වගේය.

රස දැනීම අඩුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීමේ හැඟීමක් ඇතිවිය. වාඩිවී සිටි තැනට වම් පැත්තෙන් මා විසින්ම සිටවූ පැලයක කොළ දෙකක් කඩා සරමෙහි පිස දමා සැපුවෙමි. කිසිම රසක් නැත. කඩදාසි කෑල්ලක් කෑවා හා දැනේ. ඊයේ රාත්‍රියේ සැපූ බුලත් විටෙහි රසයක් නොදැනී නිකන් ලී කෑලි සපනවා වගේ හැඟීමක් තිබුණු බවත් ජරා පුවක් යැයි සිතමින් බුලත්විටය වීසි කළ බවත් මතක් වූයේ එවිට ය. කෑම රස නොවීමට හේතුව පැහැදිලිව තේරුම් ගැනීමට හැකි වූයේ එම තිත්ත කොළයේ රසය නොදැනීම තේරුම් ගැනීමෙන් පසුව ය.

එන දේට මුහුණ දීම හැර වෙන කිරීමට දෙයක් නැත. ෆේස්බුක් එකේ දුටු හුස්ම ගැනීමට නොහැකිව වද විඳින මිනිස් මුහුණු මැවී පෙණිනි.

[QUOTE="Hipapotemas, post: 26797059, member: 385626"] [SIZE=5]Original Post[/SIZE] [URL='https://www.facebook.com/ravinath.wijesekara/posts/10224401720165600'][SIZE=5]https://www.facebook.com/ravinath.wijesekara/posts/10224401720165600[/SIZE][/URL] [SIZE=5]සියල්ලෝම කියවත්වා. “සමහරවිට” බොහෝ ගණනක් ජීවිත බේරා ගැනීමට හැකි වේවි. කොවිඩ් 19 අත්දැකීම්...! අගෝස්තු 14 වෙනි සෙනසුරාදා උදෑසන මා අවදි වූයේ සෙම්ගෙඩි සෑදීගෙන එන විට දැනෙන උගුරේ අපහසුව හා සමාන දැනීමක් සමඟය. එදින දවස පුරා යන්තමින් දැනුණු හිස රිදීමක් හැර වෙනත් ලොකු ප්‍රශ්නයක් නොවීය. මේ වෙන විට මා දිනපතා, එක හුස්මකින් ගණන් කිරීමේ හැකියාව පරීක්ෂා කිරීම ආරම්භ කර තිබිණි. උණ නැත. දිව යටින් උපකරණය තබා පරීක්ෂා කිරීමේදී පවා මගේ උෂ්ණත්වය පෙන්වන්නේ 97.2ට අඩුවෙනි. සමහරවිට, උණ කටුවේ (Thermometer) ලෙඩක් විය හැකිය. කොහොමටත් මා කූල් කොල්ලෙකි. සෙනසුරාදා රාත්‍රී ආහාර වේල සාදා තිබුණේ ලුණු අඩුවෙනි. කෑමෙහි කිසිම ගතියක් නැත. බඩ ගින්න නිසා බත් කටවල් කිහිපයක් අනුභව කර ඉතිරිය වීසි කර දැමුවෙමි. ඉරිදා (අගෝස්තු 15) උදෑසන උගුරේ අපහසුව වැඩි වී ඇති බව දැනිණි. ඒ මදිවාට ඔලුවත් යන්තමින් රිදෙන්නේය. හෙම්බිරිස්සාව හැදෙන්නට එනවා වගේ දැනේ. ශරීර උෂ්ණත්වය (දිව යට) පරීක්ෂා කළෙමි. 98.1 කි. බෙල්ලේ පිටුපස කැක්කුමක් අලුතින් සෑදී තිබිණි. නිවසේ සිටින බැවින් කාමරයමට වී සිටියෙමි. දවසම ෆෑන් එකක් දමා සිටි නිසාදෝ පැයෙන් පැයට පරීක්ෂා කළත් ශරීර උෂ්ණත්වයේ සැලකිය යුතු වැඩිවීමක් නොමැත. උපරිමය තිබුණේ 98.7ය. හවස් වෙන විට එම අගයත් අඩුවිය. මා සාමාන්‍යයෙන් අධි රුධිර පීඩනයට භාවිතා කරන ඖෂධ (Losartan Potassium 50mg / Ecosprin 75mg) හැරුණු විට කොත්තමල්ලි වේල් දෙකක් පමණ මේ වන විට ලබා ගෙන තිබිණි. උදෑසන දුම් ඇල්ලුවෙමි. වෙනසක් නැත. ක්‍රමානුකූලව අපහසුතා වර්ධනය වන බව හැඟෙමින් තිබිණි. එය බොහෝ විට දවසම එකම ආසනයක වාඩි වී පරිගණකයේ එල්ලී සිටීම නිසා බව සිතුවෙමි. කෙසේ වෙතත් නරකම දේ අපේක්ෂාවෙන් සිටි බව මෙහි සඳහන් කළ යුතුය. නිවසේ සිටින දිනවල හවස් වෙන විට බුලත් විටක් කන්නටම සිතේ. නිවසට ආසන්න කඩෙන් ගෙන්නා ගත් බුලත් විටක් සැපීමි. බුලත් පුවක් හුණු දුම්කොළ කුරුඳු සහ කරාබුනැටි සහිත විටක් ඒදා ගත් විට එය රස සංකලනයකි. එම සුපුරුදු රසයන් විටෙහි නොතිබුණු බව මතකයට නැගේ. නිකම් ලී කැබලි සපන විට මුවට දැනෙන හැඟීමට ආසන්න මොකක්දෝ එකක් පමණක් තිබුණු බවත්, විටෙහි සුපුරුදු රසය නැති නිසා එපා වූ බවත් මතක් වුණේ පසුවදා වැඩේ හරියටම නිගමනය කිරීමෙන් පසුව ය. සඳුදා (අගෝස්තු 16) උදෑසන දත් මදින විට දන්තාලේපයේ රස නොදැනෙන බවත්, සුවඳ කිසිසේත් නොදැනෙන බවත් (එය මින්ට් සුවඳති ලෙමන් රසැති දන්තාලේපයකි) කිසිම රසත් නැති බවත්, නිකන් මැටි වැනි යමක් මුවෙහි ඇති බවත් හැඟිනි. “නරකම දේ” මටත් ආසාදනය වී ඇති බව තේරුම් යමින් තිබිණි. මා ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා දෙකම ලැබූ අයෙක් වුවත් මාත්‍රා දෙක අතර පරතරය මාස 5කුත් සති දෙකක් විය. වෙනත් කිසිදු පැණියක් හෝ කෙමක් කොරෝනා වැළැක්වීම පිණිස ලබා ගෙන නොමැත. විද්‍යාත්මක සාක්ෂි අනුව එන්නත් දෙකම ලබා ගත්තත් කොරෝනා ආසාදනය විය හැකිය. මේ මොහොත වන විට උගුරේ අපහසුව යම් තරමකින් වේදනා දෙන තත්වයක් දක්වාත් නාසය සිරවූ ගතියක් දක්වාත්, කොන්ද පිටුපස වේදනාව, බෙල්ල පිටුපස වේදනාව, කකුල්වල දහ වැලමිට සන්ධිවල වේදනා සිදධාලේප තැවරීමට සිතෙන තරම් වර්ධනය වී තිබුණේ ය. මා මිත්‍ර, රාගම රෝහලේ වෛද්‍ය අසංග වික්‍රමසිංහ මහතා හට දුරකතනයෙන් අමතා රෝග ලක්ෂණ පවසා සිටියෙමි. ඔහු පැවසුවේ නිවැසියන් හා මුසු නොවී හැකිතාක් තනිවම සිටින ලෙසත් හෙට වෙන තුරු ඉවසා සිට ඇන්ටිජෙන් පරීක්ෂණයක් කර ගන්නා ලෙසයි. ඇන්ටිජෙන් කර ගැනීමට ආසන්නම නගරය වරකාපොල යි. පළාත් අතර ගමනාගමනය දැඩි ලෙස සීමා කර ඇති බව රජය නිවේදනය කර තිබිණි. මා බස්නාහිර පළාතේ කොනේ ය. වරකාපොළ සබරගමු පළාතේ ය. දේශසීමා පැනීම ලේසි නැත. නිට්ටඹුවට යා යුතුය. අවම වශයෙන් ත්‍රීවීල් රථයක් කැන්දා ගත යුතුය. ඇත්ත කිව්වොත් මොන තරම් යාළු මිත්‍රයන් වුවත් මඟහරින බව සහතිකය. බොරු කියා එක්ක එක්ක යාම මගේ ප්‍රතිපත්තිය නොවේ. මට රෝගය ආසාදනය වූ බව සැබෑය. නමුත් මගෙන් කිසිවෙකුටවත්, අවම වශයෙන් නිවසේ කිසිවෙකුටවත් රෝගය බෝ නොවිය යුතුය. මා මිය ගියත් මගේ ප්‍රතිපත්තිය එයයි. ප්‍රශ්න ගොඩකි. ඩොක්ටර් මොනවා කිව්වත්, මට ලෙඩේ ඇවිත් දැයි සැක හැර දැන ගැනීමේ උවමනාවක් මට තිබුණත් ඇන්ටිජෙන් එකක් හෝ පීසීආර් එකක් කර ගැනීමට යාම මා සමඟ ගමන් කරන සෙසු අයත් අවදානමක හෙළිමක් කියා හැඟීමක් ඇතිවිනි. ගඳ සුවඳ දැනීම අඩුවීමක්ද, නැත්නම් මා හට සිදුවූ වැරදීමක්ද කියා තහවුරු කර ගැනීමේ දැඩි වුවමනාවක් ඇති විය. නිවස ඉදිරිපිට වැවී තිබෙන මදුරුතලා ගස සොලවා බැලුවෙමි. වෙනදා ගස සොලවා තත්පර ගණනික් පරිසරයම සුවඳවත් වේ. නැත. යන්තමින්වත් නොදැනේ. වත්තේ ඉහල කොටසේ යකිනාරං, දෙහි, නාරං, සහ ගඳපාන වැනි, පත්‍ර පොඩිකළ විට ප්‍රබල සුවඳක් හමන ශාක තිබේ. වත්තේ ඉහලට යාමට ගල් පඩි දිගේ නගින විට වෙනදා නොතිබුණු හතියක් මහන්සියක් දැනුනත් යකිනාරං පැලය අසලට ගොස් කොළයක් පොඩි නාසයට හොඳටම කිට්ටු කර බැලුවෙමි. හැකිතාක් නාසයට ලංකොට ඉඹ බැලුවෙමි. කිසිදු සුවඳක් නැත. වඩා සැර සුවඳක් සහිත ගඳපාන ශාකයත් ඒ අසලම නිසා එහි කොළයක්ද පොඩිකර බැලුවෙමි. එහිත් සුවඳක් නැත. යන්තමින් මොනවාද දැනේ. නමුත් සුපුරුදු ආකර්ශණීය ටර්පන්ටයින් වැනි ආවේනික සුවඳ දැනෙන්නේ නැත. දැන් වැඩේ තහවුරුය. අතේ ෆෝන් එකද තිබුණු නිසා පඩිපෙලෙහි වාඩි වුණෙමි. එතන සිට ෆේස්බුක් බලමින් කල්පනා කළේ ඉදිරි කටයුතු කර ගන්නා ආකාරයයි. ඔළුව පිස්සන් කොටුවක් වගේය. රස දැනීම අඩුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීමේ හැඟීමක් ඇතිවිය. වාඩිවී සිටි තැනට වම් පැත්තෙන් මා විසින්ම සිටවූ පැලයක කොළ දෙකක් කඩා සරමෙහි පිස දමා සැපුවෙමි. කිසිම රසක් නැත. කඩදාසි කෑල්ලක් කෑවා හා දැනේ. ඊයේ රාත්‍රියේ සැපූ බුලත් විටෙහි රසයක් නොදැනී නිකන් ලී කෑලි සපනවා වගේ හැඟීමක් තිබුණු බවත් ජරා පුවක් යැයි සිතමින් බුලත්විටය වීසි කළ බවත් මතක් වූයේ එවිට ය. කෑම රස නොවීමට හේතුව පැහැදිලිව තේරුම් ගැනීමට හැකි වූයේ එම තිත්ත කොළයේ රසය නොදැනීම තේරුම් ගැනීමෙන් පසුව ය. එන දේට මුහුණ දීම හැර වෙන කිරීමට දෙයක් නැත. ෆේස්බුක් එකේ දුටු හුස්ම ගැනීමට නොහැකිව වද විඳින මිනිස් මුහුණු මැවී පෙණිනි. ⬇️⬇️⬇️[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom