Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Today at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
කොස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙඩියට කොස් කියති ඉදුණම වේය වැල

අත්තක් උඩ බුම්මාගෙන...

ශ්‍රී ලාංකික ජන ජීවිතය නිබඳව තුරුලතා සමඟ බැඳී පවතී. මේ අතුරින් අති විශේෂ ජීවිතය හා බැඳි පවත්නා ශාක වර්ග කීපයකි. "බත් නැති දා කොස්" යනුවෙන් ජනවහරට එක්වූ කොස් පිළිබඳව ජන කතා, ජනකවි, තේරවිලි, සුරල්, රබන් පද හා ප්රස්ථා පිරුළු ආදී රැසක් වේ.

එම නිසා "බත් ගසින්" ඔප නැංවුණු ජන සාහිත්‍යයක් අපට ඇත. මෙම ජනශ්රැතිය තුළින් සිංහලයන් කොස් ගසට දක්වන බුහුමන පමණක් නොව එහි අගය වැදගත්කමද සපුරා තහවුරු කරයි.

කොස් - මොරාසේ (MORACEDE) කුලයට අයිතිය. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ආටෝකාපස් - ඉන්ටෙග්රා (ARTOCARPUS INTEQRAFORST) වේ ගී්රක් - බසින් ආටෝස් යනු - බ්‍රෙඩ් (පාන්) කාපස් නම් පෘට් - පලතුරු යන්නයි ඒ අනුව පාන් මෙන් සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගත හැකි අතුරු අහරක් ලෙස කොස් විග්රහ කර ඇත.

ඝර්ම කලාපයේ සදාහරිත වර්ණයෙන් යුක්ත වෘක්ෂය වන කොස් ගසේ ජන්ම භූමිය ගැන මත දෙකක් වේ. එක් මතයක් නම් මලයාව මෙහි නිජ බිම බවයි, අනික් මතය ඉන්දියාවේ කේරළයේ උපත ලබා ලංකාවට පැමිණි බවය. "කෙරළි" පසු කලෙක "හෙරළි" යනුවෙන් කට වහරට එක්ව ඇත.

එක් ජනකතාවකට අනුව මෙම විසල් ගෙඩි වර්ගය, මිනිසුන් අනුභව කර නැත. ඒ බිය නිසාය. මෙම වටිනා ආහාරය ගස් යට වැටී කුණු වී විනාශ වීම ගැන සක් දෙවිඳුන් බෙහෙවින් දුකට පත් විය.

ඔහු මහලු වේශයක් මවාගෙන ගැමි ගෙදරකට පැමිණ ඇත. තමා අධික කුසගින්නෙන් පෙළෙන බවත් ගෙවත්තේ ඇති කොස් ගෙඩියක් කඩා එය පලා මදුළු ගලවා තම්බාදෙන ලෙසත් බගෑපත් ඉල්ලීමක් කළේය. එහෙත් ගැමිලිය කියා ඇත්තේ මෙම ගෙඩි වර්ගය කෑ විට ඒවා විෂ වී මරණයට පත් වන බවයි. මහලු වෙස් ගත් සක් නැවත නැවත දැඩි ලෙස පෙරැත්ත කරන්නට වීම නිසා මෙම වධයෙන් මිදීමට ඇය කොස් ගෙඩිය කඩා මදුළු ගලවා ඔහු කී ලෙස ළිප මත තබා තම්බන්නට වූවාය.

කොස් ක්‍රමයෙන් තැම්බී එන විට මිහිරි ප්‍රසන්න සුගන්ධය නිසා ගැමි ළියට ඉවසුම් නැති විය. බඩගින්නේ පසු වූ මහල්ලා ගැන සිතන්නට පවා ඇයට නොහැකි වූයේ එම සුවඳ දරාගත නොහැකි වීම නිසාය. ඇය හොරෙන්ම කොස්වල රස බැලීය. මේ දුටු මහල්ලා "හොරෙන් කෑ ලිය" - කියා කෑ ගැසීය. එය පසුව හෙරළි බවට පත් වූ බව ජන කතාවේ එයි. විශේෂයෙන් ලංකාවේ දකුණු පළාතේ කොස් හඳුන්වන්නේ හෙරළි නමිනි. ඉංගී්රසියෙන් "ජැක්" කියාද "වක්ති" හින්දියෙන්ද "ටජිකා" මලයා බසින්ද හැඳින්වෙන කොස් දෙමළ බසින් "පිලාකා" වේ.

සිංහල ජන සාහිත්‍යයේදී කොස් පිළිබඳව විවිධාකාර කවි කියවී ඇත.

ගසට නමකි මල පිපුණම වෙන නමකි

ගැටයට නමකි ලොකු වෙන කොට වෙන නමකි

ගෙඩියට නමකි ගෙඩි ඉදුණම වෙන නමකි

මෙතුන් පදේ තෝරාලා කියන් සකී

ගසට කොස් කියති මල නම් පනා මල

ගැටයට පොළොස් ලොකු වෙන කොට නිකිනි බොල

ගෙඩියට කොස් කියති ඉදුණම වේය වැල

මෙතුන් පදේ තේරුම මේ විලස බල

කොස් පිළිබඳව තවත් තේරවිලි කවියක් වන්නේ - එය මවකට උපමා කිරීමය. දරුවන් පිරිවරාගත් මව කෙතරම් ආඩම්බරද? කොස් ද එසේය.

අත්තක් උඩ බුම්මාගෙන

කටු රෙද්දක් පොරවා ගෙන

බඩේ පැටව් පුරවාගෙන

නාකි වුණත් කඳුළු සලයි

අත්ත උඩ කොස් ගෙඩිය නොසැලී ඇත. කටුව ඉතා ඝණකමය. මදුළු ඇගේ දරුවන්ය. කොස් ඇට ඊළඟ පරපුර වේ. වයසට ගියත් යනු ඉදී වැටුණත් කොහොල්ලැ වැගිරීම හිඟ නැති බවයි.

අත්තේ පනත්තේ කොහොඹේ ලියක් ඇති

ඒ කීගේ බඩේ දරු තුන්සිය හැටක් වෙති

එක් ගැමියෙක් මේ දෙපදය කී විට අනික් තැනැත්තා එය සම්පූර්ණ කරයි.

උන්ගෙන් එකෙක් හිරු දෙවියන්ට ජාතකී

මේ තුන් පදේ තෝරාලා කියන් සකී

හිරු දෙවියන්ට මෙහි පිතෘත්වය පවරා ඇත. විශ්වයේ පැවැත්මට එනම් ගහකොළ හිරුගෙන් යෑපෙන බව ජීව විද්‍යාත්මක සාධකයකි.

නෑනා මස්සිනා විවාහය ගැමි සමාජගත සාම්ප්‍රදායක උරුමයක් වේ. එහෙත් මෙම මස්සිනා ගැන කිසියම් මෝරා නොගිය විරසකයක් නැන්දා තුළ තිබෙන්නට ඇත. එම විරහ වේදනාව බෑනා නැන්දාට කියා පෑවේ අපූර්ව පරිකල්පනයකිනි.

තරුව තිබෙන්නේ හැමදාමය නැන්දේ?

හෙරළිය තිබෙන්නේ තුන් මාසෙයි නැන්දේ?

නුඹේ අයියට දා පුතෙකිය මම නැන්දේ

පැණි වරකා බෑය මට හැංගුවේ ඇයි නැන්දේ?

මෙහි "පැණිවරකා බෑය" යනු රූමත් නෑනන්ඩිය නොවන්නේද?

සවුදම් කවි විනෝදය පිණිසම නිර්මාණය වූ ඒවාය. කලවැදි සවුදමටද කොස් අමතක වී නැත.

කල වැද්දෙක් කොස් ගහකට වැදිලා

වැල ගෙඩි බරු ගහ තෙයි

උන්ගේ පැටියන් ඒවා කාලා

අතු දිග දුව පනි තෙයි

කෝඳුරු හැත්තක් ඒකට වැදිලා

පණ ටික නහ ගනි තෙයි"

පැණි වරකා ගසට හෙන ගැසීමක් ගැන ජනකවියා කියන්නේ උපදේශාත්මක අදහසක් ගෙන හැර පෑමටය.

තනි විමනේ සිටි මුත් දුක නැති වෙද්ද?

පැණි මීයේ කෑ මුත් සිත නැති වෙද්ද?

මිණි බරණින් සැදි මුත් ගත නොදිරද්ද?

පැනි වරකා ගස මුත් හෙන නොවදිද්ද?

මෙහි පැණි වරකා ගස යනුවෙන් අර්ථකථනය කරන්නේ වරකා ගසටම නොවේ. උපදේශයක් සිත් කා වදින ලෙස කීමට මෙම සංකේතය යොදා ගැනීම ගැමියාගේ විවේක බුද්ධිය කියා පාන්නකි. එසේම යුද්ධයත්, කඩුවත්, කොසුත්, එකට සමීප කළේ තවත් ප්‍රබල උපදේශයක් දෙමිනි.

ඇස නැති දා පොත ගත්තේ කියන්න ද?

දත නැති දා උක් දඬු ගිනි තපින්න ද?

වෙර නැතිදා ගහ ගත්තේ දිනන්න ද?

යුද ඇති දා නැති කග කොස් කොටන්න ද?

රබන් පද නිර්මාණයේදී ජන කවියා කොස් අමතක කර නැත.

කොස් කටු කුල්ලක් ඔලුවේ තියාගෙන ගාලට කිට්ටු වෙතෙයි...

තෙයි තෙයි ගාලට කිට්ටු වෙතෙයි.

මෙච්චර මේ රට පිරිමි සිටිද්දී ගෑනු

හරක් බඳිතෙයි/ තෙයි

හරක් බඳිතෙයි.

කොස් කටු ගවයින්ගේ අති ප්‍රණීත මිහිරි ආහාරයකි. ඇය හරක් බඳින්න ගාලට යන්නේ එම රසැති ආහාරයද රැගෙනය. ගැහැණුන්ගේ නුහුරු මෙහෙවර කරගන්නා පිරිමින් මෙහිදී හාස්‍යයට ලක් කරයි.

ජන ක්‍රීඩාවලට කොස් සම්බන්ධ වී ඇත. මේවර කෙළිය ඉන් එකකි.

"සාර සදිසි පෙති හේන නෙළන කොට

වල ගියදො මගෙ මේවරයා

කොස් වතු කන්දේ කොස් කඩනා දා

වල ගියදො මගෙ මේවරයා

නෑනෝ නුඹ පල් නුඹ දරුවන් පල්

අප දුටුවේ නැත මේවරයා..."

මෙහි "මේවරයා" යනු වළල්ලක් හෝ මාලයක් බව පෙනේ. කොස් කඩන්නට උඳුන් ගොස් ඇත්තේ එවැනි පළඳනා සිරුරේ දමා ගෙනය.

ඔංචිලි වාරම් කීමේදී කොස් අමතක වී නැත.

ගසට නැමුණු කොස් අත් තේ

එක ගෙඩියයි පල ගත් තේ

ඒක කන්න ලුණු නැත් තේ

ලුණු කාරයා ගම නැත් තේ

රූකඩ කවියකත් සුරල් පදයක් කොස් ගැන සඳහන් වෙයි.

ඉතින් අපට ඩෙග ඩෙගා

දෙල් අටුකොස් පොඟ පොඟා

හෙරළි පොලොස් - ගැට වංකොස්...

සුරල් පදය මීට වෙනස්ය.

"හෙරළිත් තක්කිට - මදුළුත් කොස් ඇට

ඉරි - ද පිටොස් හැර -

රිවිඩිල්ලා බොල - රිවිඩිල්ලා"

කොස් ගැන ගොඩ නැගුණු ප්‍රස්තාව පිරුළු රැසකි. ජන දිවියට මෙම මහඟු වෘක්ෂය සමීප වූ අයුරු එම උපහැරණ මගින් තහවුරු කරයි.

"එරට බතට වඩා මෙරට කොස් හොඳයි"

"බත් ඇති තැනටමයි කොසුත්"

බත් ඇතිදාට කොස් තිත්ත වුණා වගේ"

"නමින් කොස් වත්තේ කන්න පොලොසුත් නැත්තේ"

"කොසට පොල් වගේ" (සමානත්වය)

"කොස් කොළ වගේ" (බහුලත්වය)

"ජොහොර ගසේ කොසුයි. කුරෝලු ගසේ පොලුයි වගේ"

(නොරුස්නා කෙනෙකුට තවත් එවැන්නකු හමුවීම)

"බක් මස කොස් වගේ"

"කොස් වාරටය හාමුදුරුවන්ගේ සිවුරෙත් කොහොල්ලා"

"වැලටත් නෑ වරකාවටත් නෑ"

"ගම මායියට රාජ කුමාරයා දැක්කම ගමරාළ ව පෙනෙන්නේ කොස් ඇට අප්පු වගේලු"

"වැල වහල්ලෙන් කෝඳුරුවෝ ඉගිලුනා වගේ"

මේ ආදී ප්‍රස්ථාව පිරුළු රැසක් වේ.

පොළොන්නරු යුගයේ රචිත "බුත් සරණේත් දඹදෙණි යුගයේ ලියවුණ ථූප වංසයේත් කොස් ගැන සඳහන් වේ.

"වරකා කන්නට කොස් කිරි මත්තෙහි බැසැහුත් මැස්සා වරකා තබා පය නඟා ගත නොහෙන්නා සේ..." (බුත්සරණ)

"ඒ සතර දෙනා වහන්සේ ශ්‍රීපාදය - වඩා හිඳුවා කොස් ගෙඩිය නටුව වටකොට වෑයෙන් සැස වහල්ල උදුරා...." (ථූප වංශය)

ආරච්චි කොස් හා නිලමේ වරකා ගැනත් ජනවහරට එක්වී ඇත. එකල සිටි ප්‍රභූ පංතිය මෙම කියමන්වලට මිශ්‍රණය වී තිබේ. "රාජසිංහ රජු කොස් ගෙඩියටත් මිනී මැරුවා" යන කතාවද එවැන්නකි. රජුට වෙන් වූ කොස් ගසේ ගෙඩි කෑම, කැඩීම හුදී ජනයාට තහංචි විය. එසේ වූ ගසක වරකා සුවඳට ලොල් කළ ගැමියෙක් ඒ ගෙඩිය කඩා කෑවේය. ස්ථානොචිත ප්රඥව නිසා ඔහු මරුකටින් ගැලවුණි.

උළු වස්සේ කොස් පලගත් දේවාලයක් ගැන ලංකාවේ ප්‍රචලිතය. ඒ නවගමුව පත්තිනි දේවාලයයි. විදේශීය සංචාරකයෙකු වූ 14 සියවසේ දී ලංකාවට පැමිණි ජියෝවනීද මරිඤ්ඤෝල්ලි ලංකාවේ පුදුම ගසක් ගැන මෙසේ වාර්තා කරයි.

"පුදුම ගසෙකි. එහි ගෙඩි පුදුමාකාරය. තද පිට කටුවක් ඇත. ගෙඩි හටගන්නේ අතුවල නොව කඳේය. ඉදුණු ගෙඩි තුළ මඳවල (මදුළු) අනුපම රසයෙන් යුක්තය. එසේම රසවත්ය. ඇට පන්සීයක් පමණ එක ගෙඩියක ඇත. ඒ ඇට බැඳගත් විට බඩපුරා කෑ හැකිය." සිංහල ග්‍රාමනාම රැසක් කොස් නිසා හටගෙන ඇත. කොස්ගම, කොස්ගොඩ, කොස්වත්ත, කොස්ගස් හන්දිය, කොස්වතු මෝදර, කොස්පැලෑන, වරකාගොඩ, වරකාව, වරකාපොල, ඇටහෙරළිපිටිය ආදිය මේ අතර වේ.

ප්‍රේමදාස රොඩ්රිගෝ

Divaina 29-05-2011

[QUOTE="sooppuwa, post: 19848019, member: 556336"] [SIZE="6"]ගෙඩියට කොස් කියති ඉදුණම වේය වැල [/SIZE] [IMG]http://static1.squarespace.com/static/5037c462e4b0a8237802d1fa/t/51097734e4b006da6a597e88/1359574837182/jackfruit-nutrition-and-calories.jpg[/IMG] [COLOR="Indigo"][SIZE="4"]අත්තක් උඩ බුම්මාගෙන... [COLOR="DarkSlateGray"][SIZE="5"]ශ්‍රී ලාංකික ජන ජීවිතය නිබඳව තුරුලතා සමඟ බැඳී පවතී. මේ අතුරින් අති විශේෂ ජීවිතය හා බැඳි පවත්නා ශාක වර්ග කීපයකි. "බත් නැති දා කොස්" යනුවෙන් ජනවහරට එක්වූ කොස් පිළිබඳව ජන කතා, ජනකවි, තේරවිලි, සුරල්, රබන් පද හා ප්රස්ථා පිරුළු ආදී රැසක් වේ. එම නිසා "බත් ගසින්" ඔප නැංවුණු ජන සාහිත්‍යයක් අපට ඇත. මෙම ජනශ්රැතිය තුළින් සිංහලයන් කොස් ගසට දක්වන බුහුමන පමණක් නොව එහි අගය වැදගත්කමද සපුරා තහවුරු කරයි. [IMG]https://beautyhealthtips.in/wp-content/uploads/2013/05/Jackfruit.jpg[/IMG] කොස් - මොරාසේ (MORACEDE) කුලයට අයිතිය. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ආටෝකාපස් - ඉන්ටෙග්රා (ARTOCARPUS INTEQRAFORST) වේ ගී්රක් - බසින් ආටෝස් යනු - බ්‍රෙඩ් (පාන්) කාපස් නම් පෘට් - පලතුරු යන්නයි ඒ අනුව පාන් මෙන් සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගත හැකි අතුරු අහරක් ලෙස කොස් විග්රහ කර ඇත. ඝර්ම කලාපයේ සදාහරිත වර්ණයෙන් යුක්ත වෘක්ෂය වන කොස් ගසේ ජන්ම භූමිය ගැන මත දෙකක් වේ. එක් මතයක් නම් මලයාව මෙහි නිජ බිම බවයි, අනික් මතය ඉන්දියාවේ කේරළයේ උපත ලබා ලංකාවට පැමිණි බවය. "කෙරළි" පසු කලෙක "හෙරළි" යනුවෙන් කට වහරට එක්ව ඇත. එක් ජනකතාවකට අනුව මෙම විසල් ගෙඩි වර්ගය, මිනිසුන් අනුභව කර නැත. ඒ බිය නිසාය. මෙම වටිනා ආහාරය ගස් යට වැටී කුණු වී විනාශ වීම ගැන සක් දෙවිඳුන් බෙහෙවින් දුකට පත් විය. ඔහු මහලු වේශයක් මවාගෙන ගැමි ගෙදරකට පැමිණ ඇත. තමා අධික කුසගින්නෙන් පෙළෙන බවත් ගෙවත්තේ ඇති කොස් ගෙඩියක් කඩා එය පලා මදුළු ගලවා තම්බාදෙන ලෙසත් බගෑපත් ඉල්ලීමක් කළේය. එහෙත් ගැමිලිය කියා ඇත්තේ මෙම ගෙඩි වර්ගය කෑ විට ඒවා විෂ වී මරණයට පත් වන බවයි. මහලු වෙස් ගත් සක් නැවත නැවත දැඩි ලෙස පෙරැත්ත කරන්නට වීම නිසා මෙම වධයෙන් මිදීමට ඇය කොස් ගෙඩිය කඩා මදුළු ගලවා ඔහු කී ලෙස ළිප මත තබා තම්බන්නට වූවාය. කොස් ක්‍රමයෙන් තැම්බී එන විට මිහිරි ප්‍රසන්න සුගන්ධය නිසා ගැමි ළියට ඉවසුම් නැති විය. බඩගින්නේ පසු වූ මහල්ලා ගැන සිතන්නට පවා ඇයට නොහැකි වූයේ එම සුවඳ දරාගත නොහැකි වීම නිසාය. ඇය හොරෙන්ම කොස්වල රස බැලීය. මේ දුටු මහල්ලා "හොරෙන් කෑ ලිය" - කියා කෑ ගැසීය. එය පසුව හෙරළි බවට පත් වූ බව ජන කතාවේ එයි. විශේෂයෙන් ලංකාවේ දකුණු පළාතේ කොස් හඳුන්වන්නේ හෙරළි නමිනි. ඉංගී්රසියෙන් "ජැක්" කියාද "වක්ති" හින්දියෙන්ද "ටජිකා" මලයා බසින්ද හැඳින්වෙන කොස් දෙමළ බසින් "පිලාකා" වේ. සිංහල ජන සාහිත්‍යයේදී කොස් පිළිබඳව විවිධාකාර කවි කියවී ඇත. ගසට නමකි මල පිපුණම වෙන නමකි ගැටයට නමකි ලොකු වෙන කොට වෙන නමකි ගෙඩියට නමකි ගෙඩි ඉදුණම වෙන නමකි මෙතුන් පදේ තෝරාලා කියන් සකී ගසට කොස් කියති මල නම් පනා මල ගැටයට පොළොස් ලොකු වෙන කොට නිකිනි බොල ගෙඩියට කොස් කියති ඉදුණම වේය වැල මෙතුන් පදේ තේරුම මේ විලස බල කොස් පිළිබඳව තවත් තේරවිලි කවියක් වන්නේ - එය මවකට උපමා කිරීමය. දරුවන් පිරිවරාගත් මව කෙතරම් ආඩම්බරද? කොස් ද එසේය. අත්තක් උඩ බුම්මාගෙන කටු රෙද්දක් පොරවා ගෙන බඩේ පැටව් පුරවාගෙන නාකි වුණත් කඳුළු සලයි අත්ත උඩ කොස් ගෙඩිය නොසැලී ඇත. කටුව ඉතා ඝණකමය. මදුළු ඇගේ දරුවන්ය. කොස් ඇට ඊළඟ පරපුර වේ. වයසට ගියත් යනු ඉදී වැටුණත් කොහොල්ලැ වැගිරීම හිඟ නැති බවයි. අත්තේ පනත්තේ කොහොඹේ ලියක් ඇති ඒ කීගේ බඩේ දරු තුන්සිය හැටක් වෙති එක් ගැමියෙක් මේ දෙපදය කී විට අනික් තැනැත්තා එය සම්පූර්ණ කරයි. උන්ගෙන් එකෙක් හිරු දෙවියන්ට ජාතකී මේ තුන් පදේ තෝරාලා කියන් සකී හිරු දෙවියන්ට මෙහි පිතෘත්වය පවරා ඇත. විශ්වයේ පැවැත්මට එනම් ගහකොළ හිරුගෙන් යෑපෙන බව ජීව විද්‍යාත්මක සාධකයකි. නෑනා මස්සිනා විවාහය ගැමි සමාජගත සාම්ප්‍රදායක උරුමයක් වේ. එහෙත් මෙම මස්සිනා ගැන කිසියම් මෝරා නොගිය විරසකයක් නැන්දා තුළ තිබෙන්නට ඇත. එම විරහ වේදනාව බෑනා නැන්දාට කියා පෑවේ අපූර්ව පරිකල්පනයකිනි. තරුව තිබෙන්නේ හැමදාමය නැන්දේ? හෙරළිය තිබෙන්නේ තුන් මාසෙයි නැන්දේ? නුඹේ අයියට දා පුතෙකිය මම නැන්දේ පැණි වරකා බෑය මට හැංගුවේ ඇයි නැන්දේ? මෙහි "පැණිවරකා බෑය" යනු රූමත් නෑනන්ඩිය නොවන්නේද? සවුදම් කවි විනෝදය පිණිසම නිර්මාණය වූ ඒවාය. කලවැදි සවුදමටද කොස් අමතක වී නැත. කල වැද්දෙක් කොස් ගහකට වැදිලා වැල ගෙඩි බරු ගහ තෙයි උන්ගේ පැටියන් ඒවා කාලා අතු දිග දුව පනි තෙයි කෝඳුරු හැත්තක් ඒකට වැදිලා පණ ටික නහ ගනි තෙයි" පැණි වරකා ගසට හෙන ගැසීමක් ගැන ජනකවියා කියන්නේ උපදේශාත්මක අදහසක් ගෙන හැර පෑමටය. තනි විමනේ සිටි මුත් දුක නැති වෙද්ද? පැණි මීයේ කෑ මුත් සිත නැති වෙද්ද? මිණි බරණින් සැදි මුත් ගත නොදිරද්ද? පැනි වරකා ගස මුත් හෙන නොවදිද්ද? මෙහි පැණි වරකා ගස යනුවෙන් අර්ථකථනය කරන්නේ වරකා ගසටම නොවේ. උපදේශයක් සිත් කා වදින ලෙස කීමට මෙම සංකේතය යොදා ගැනීම ගැමියාගේ විවේක බුද්ධිය කියා පාන්නකි. එසේම යුද්ධයත්, කඩුවත්, කොසුත්, එකට සමීප කළේ තවත් ප්‍රබල උපදේශයක් දෙමිනි. ඇස නැති දා පොත ගත්තේ කියන්න ද? දත නැති දා උක් දඬු ගිනි තපින්න ද? වෙර නැතිදා ගහ ගත්තේ දිනන්න ද? යුද ඇති දා නැති කග කොස් කොටන්න ද? [IMG]http://images.wisegeek.com/open-jackfruit-showing-bulbs.jpg[/IMG] රබන් පද නිර්මාණයේදී ජන කවියා කොස් අමතක කර නැත. කොස් කටු කුල්ලක් ඔලුවේ තියාගෙන ගාලට කිට්ටු වෙතෙයි... තෙයි තෙයි ගාලට කිට්ටු වෙතෙයි. මෙච්චර මේ රට පිරිමි සිටිද්දී ගෑනු හරක් බඳිතෙයි/ තෙයි හරක් බඳිතෙයි. කොස් කටු ගවයින්ගේ අති ප්‍රණීත මිහිරි ආහාරයකි. ඇය හරක් බඳින්න ගාලට යන්නේ එම රසැති ආහාරයද රැගෙනය. ගැහැණුන්ගේ නුහුරු මෙහෙවර කරගන්නා පිරිමින් මෙහිදී හාස්‍යයට ලක් කරයි. ජන ක්‍රීඩාවලට කොස් සම්බන්ධ වී ඇත. මේවර කෙළිය ඉන් එකකි. "සාර සදිසි පෙති හේන නෙළන කොට වල ගියදො මගෙ මේවරයා කොස් වතු කන්දේ කොස් කඩනා දා වල ගියදො මගෙ මේවරයා නෑනෝ නුඹ පල් නුඹ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා..." මෙහි "මේවරයා" යනු වළල්ලක් හෝ මාලයක් බව පෙනේ. කොස් කඩන්නට උඳුන් ගොස් ඇත්තේ එවැනි පළඳනා සිරුරේ දමා ගෙනය. ඔංචිලි වාරම් කීමේදී කොස් අමතක වී නැත. ගසට නැමුණු කොස් අත් තේ එක ගෙඩියයි පල ගත් තේ ඒක කන්න ලුණු නැත් තේ ලුණු කාරයා ගම නැත් තේ රූකඩ කවියකත් සුරල් පදයක් කොස් ගැන සඳහන් වෙයි. ඉතින් අපට ඩෙග ඩෙගා දෙල් අටුකොස් පොඟ පොඟා හෙරළි පොලොස් - ගැට වංකොස්... සුරල් පදය මීට වෙනස්ය. "හෙරළිත් තක්කිට - මදුළුත් කොස් ඇට ඉරි - ද පිටොස් හැර - රිවිඩිල්ලා බොල - රිවිඩිල්ලා" කොස් ගැන ගොඩ නැගුණු ප්‍රස්තාව පිරුළු රැසකි. ජන දිවියට මෙම මහඟු වෘක්ෂය සමීප වූ අයුරු එම උපහැරණ මගින් තහවුරු කරයි. "එරට බතට වඩා මෙරට කොස් හොඳයි" "බත් ඇති තැනටමයි කොසුත්" බත් ඇතිදාට කොස් තිත්ත වුණා වගේ" "නමින් කොස් වත්තේ කන්න පොලොසුත් නැත්තේ" "කොසට පොල් වගේ" (සමානත්වය) "කොස් කොළ වගේ" (බහුලත්වය) "ජොහොර ගසේ කොසුයි. කුරෝලු ගසේ පොලුයි වගේ" (නොරුස්නා කෙනෙකුට තවත් එවැන්නකු හමුවීම) "බක් මස කොස් වගේ" "කොස් වාරටය හාමුදුරුවන්ගේ සිවුරෙත් කොහොල්ලා" "වැලටත් නෑ වරකාවටත් නෑ" "ගම මායියට රාජ කුමාරයා දැක්කම ගමරාළ ව පෙනෙන්නේ කොස් ඇට අප්පු වගේලු" "වැල වහල්ලෙන් කෝඳුරුවෝ ඉගිලුනා වගේ" මේ ආදී ප්‍රස්ථාව පිරුළු රැසක් වේ. පොළොන්නරු යුගයේ රචිත "බුත් සරණේත් දඹදෙණි යුගයේ ලියවුණ ථූප වංසයේත් කොස් ගැන සඳහන් වේ. "වරකා කන්නට කොස් කිරි මත්තෙහි බැසැහුත් මැස්සා වරකා තබා පය නඟා ගත නොහෙන්නා සේ..." (බුත්සරණ) "ඒ සතර දෙනා වහන්සේ ශ්‍රීපාදය - වඩා හිඳුවා කොස් ගෙඩිය නටුව වටකොට වෑයෙන් සැස වහල්ල උදුරා...." (ථූප වංශය) ආරච්චි කොස් හා නිලමේ වරකා ගැනත් ජනවහරට එක්වී ඇත. එකල සිටි ප්‍රභූ පංතිය මෙම කියමන්වලට මිශ්‍රණය වී තිබේ. "රාජසිංහ රජු කොස් ගෙඩියටත් මිනී මැරුවා" යන කතාවද එවැන්නකි. රජුට වෙන් වූ කොස් ගසේ ගෙඩි කෑම, කැඩීම හුදී ජනයාට තහංචි විය. එසේ වූ ගසක වරකා සුවඳට ලොල් කළ ගැමියෙක් ඒ ගෙඩිය කඩා කෑවේය. ස්ථානොචිත ප්රඥව නිසා ඔහු මරුකටින් ගැලවුණි. උළු වස්සේ කොස් පලගත් දේවාලයක් ගැන ලංකාවේ ප්‍රචලිතය. ඒ නවගමුව පත්තිනි දේවාලයයි. විදේශීය සංචාරකයෙකු වූ 14 සියවසේ දී ලංකාවට පැමිණි ජියෝවනීද මරිඤ්ඤෝල්ලි ලංකාවේ පුදුම ගසක් ගැන මෙසේ වාර්තා කරයි. "පුදුම ගසෙකි. එහි ගෙඩි පුදුමාකාරය. තද පිට කටුවක් ඇත. ගෙඩි හටගන්නේ අතුවල නොව කඳේය. ඉදුණු ගෙඩි තුළ මඳවල (මදුළු) අනුපම රසයෙන් යුක්තය. එසේම රසවත්ය. ඇට පන්සීයක් පමණ එක ගෙඩියක ඇත. ඒ ඇට බැඳගත් විට බඩපුරා කෑ හැකිය." සිංහල ග්‍රාමනාම රැසක් කොස් නිසා හටගෙන ඇත. කොස්ගම, කොස්ගොඩ, කොස්වත්ත, කොස්ගස් හන්දිය, කොස්වතු මෝදර, කොස්පැලෑන, වරකාගොඩ, වරකාව, වරකාපොල, ඇටහෙරළිපිටිය ආදිය මේ අතර වේ.[/SIZE][/COLOR] [IMG]http://www.epainassist.com/images/Article-Images/jackfruit-jackfruit-Seeds.jpg[/IMG] ප්‍රේමදාස රොඩ්රිගෝ Divaina 29-05-2011[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom