Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
කොස් ඇට BBQ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොස් ඇට පුච්චනකොට පුපුරනවා.

ඒ ගැන හොඳ කතාවක් චන්ද්‍ර අනගිරත්න මහත්තයාගේ "සුරලොව ඇල්මන් ගේ නරලොව හොල්මන්" හි ලියූ කතාවක් පහතින් තියනවා. මේ කතාවෙන් ලංකාවේ 71 කැරැල්ලේ බෝම්බ සෑදීම සහ එකල තිබුන උග්‍ර ආහාර හිඟය විවේචනයට ලක් කරලා තියනවා.

ලංකාව න්‍යෂ්ටික බෝම්බයක් පුපුරවයි.

මට විශාල බඩගින්නක් දැනුනි. ගෙදරින් පිට යතත් කුස්සියේ දොර නිකම්ම වසා දමා යෑම අම්මාගේ සාමාන්‍ය පුරුද්දක් වුවද, එදා අම්මා නාන්න ගගට යාමේදී දොර යතුරු ලා තද කර ගියේ මා ගෙදර සිටි හෙයිනි. ලේඛන කලාවට මෙන්ම කුස්සියේ සීනි බෝතලයටත්, උම්බලකඩ ටින් එකටත්, ළූනු මුට්ටියත්, පොල් බෑයටත් කුඩා කල සිටම ඒකාකාර ලැදියාවක් දැක්වීමට මා පුරුදුව සිටින බව අම්මාට රහසක් නොවේ.

එමෙන්ම සීනි, උම්බලකඩ, ළූනු සහ පොල් වැනි කලාත්මක ආහාර ද්‍රව්‍ය මට සොයාගත නොහැකි තැන්වල සගවා තැබීමේ පුරුද්දක් අම්මාට ඇති බවද මට රහසක් නොවේ. කෙසේ වුවද, සොයන්නාට හම්බ වේ යන මතය අනුව ධෛර්යය උපදවා තමාට හොරෙන් කුස්සියේ හැළි වලං අතගෑමට මා තුල ඇති සහජ දක්ෂතාවය ගැන අම්මා ප්‍රීතිය පළ කරන්නේ සාමාන්‍යයෙන් තමාගේ කටත් පොල්කටු හැන්දත් ක්‍රියාත්මක කිරීමෙන්ය. එහෙත් මම කිසි විටෙකත් පසුබට නොවෙමි. බඩගින්න ඉතාමත් දරුනු ලෙස දැනේ. මම කුස්සියට රිංගමි.

කෙහෙල්මල් ආහාර ද්‍රව්‍ය හිගයක් නිසා කුස්සියේද කිසිවක් නැත. සීනි වලින් බඩ පුරවා ගත නොහැකි බැවින්, සීනි බෝතලය නොසොයා මම දොර මුල්ල පරීක්ෂා කළෙමි. ඊයේ හවස ඉවර කරන ලද වරකා ගෙඩියේ ගැට ටික දොර මුල්ලෙහි විය. මෙය හොඳට පිටි තිබෙන වරකා ගෙඩියක ඇට හෙයින්, මම කොස් ඇට කිහිපයක් ලිපට දැම්මෙමි. ලිපේ ගින්දර ටිකක් මදි වූ බැවින් ඒකට මුහුණ ළංකර පිඹින කල විසිරී ගිය අළු නිසා මගේ මුහුන සිනමා නිළියකගේ මෙන් අලංකාර වූ අතර, දිවට දැනුනේ ඇඹුල් රසයකි. මම සරමෙන් මුහුණ පිසදා ගත්තෙමි. යලිත් හොස්ස දික්කර මට පිඹින්නට ලැබුණේ එක පාරකි. "ඩෝං" යන මහා හඬක් නංවා කොස් ඇටය පිපුරුවේය! මුළු ලෝකයම අන්ධකාර විය!

හිරෝෂිමාවට පරමාණු බෝම්බය වැටුණු පසු මෙන් ලිපෙන් දස අතට විසිවී ගිය කොස් ඇට කෑලි සහ පිටිවලින් මගේ නහයත් කටත් පිරිනි. කොස් පොතු කෑල්ලක් උගුරේ හිර වී මට කැස්සක් ඇති විය. ඇස් දෙක අළු පිරීම නිසා නොපෙනී ගියේ ය. කොස් ඇටය පිපුරුණු හඬ නිසා කන් දෙක ඇතුලේ "ක්රීං" යන හඬක් ඇති විය. ගිණි පුපුරක් හිසකෙස් අතරට විසිරී විසිවී තිබුණ නිසා හිස දන්නට විය. තව ගිනි පුපුරකින් බඩ දනන්නට වූ පසු මම සරම ගසා දැම්මෙමි. මේ අතර ගිනි පුපුරකින් බෙල්ල දන්නට වූ නිසා මම විගහට බෙල්ල පිස දැම්මෙමි. පසුව බිම අතගා සරම සොයා ගෙන ඇද ගත්තෙමි.

කොස් ඇටය පිපිරීමේ ශබ්දට දිය රෙද්ද පිටින් සිට දිය රෙද්ද පිටින්ම දුව ගෙන අවුත්, වහාම මා කුස්සියෙන් එළියට ඇද, ප්‍රථමාධාර වශයෙන් පිට කොන්දට වේගයෙන් පහරවල් දෙකක් ද, හෙමිහින් පහරක්ද ගැසූ පසු, මගේ කටේ හිරවී තිබුණු කොස් ඇට කෑලි සහ පොතු, බායියකු දුටු ණය කාරයකු මෙන් පලා ගියේ මගේ උගුරටත් නොකියාය. මේ අතර, වටපිටාවේ උන් සියලුම බවලත් උදවිය, "මොකද අනේ? මොකද අනේ?" කියමින් අපේ කුස්සියේ වටා රැස්වී අම්මාගෙන් කරුණු විමසන්නට වූහ. මා අතින් පිපිරුණේ කොස් ඇටයක්ය යන බව පැවසුවහොත් මගේ තත්ත්වයට මදිකමක් වේ යයි කල්පනා කළ අම්මා ඔවුනට පැවසුවේ, "මොකක්දෝ සූත්තරයක් කරන්නට ගිහිල්ලා පුපුරලා!" යනුවෙනි.

ටිකෙන් ටික තත්ත්වය උග්‍ර අතට හැරුණි. ගමේ සියල්ලම ටිකෙන් ටික හා සමූහ වශයෙන් අපේ ගෙදරට ඇදෙන්නට වූහ. මා අතින් රතිඤ්ඤායක් පත්තු වූ බව මෙයින් සමහරකට ආරංචි වී ඇති අතර, මා අතින් බෝම්බයක් පිපුරුණ බවට සමහරකට සැළ වී ඇත. කටින් කට ගිය කතා නිසා මේ සිද්ධිය පොලිසියට සැල වූයේ මා බෝම්බයක් හදමින් සිට එය පිපිරී ගිය බවයි. පොලිසිය වහාම අපේ කුස්සිය ඇතුලට අවුත්, ලිපේ අළු සහ විසිරී ගිය කොස් ඇට කෑලි එකතුකොට රජයේ රස පරීක්ෂක වෙත යැවුවෝය.

පොලීසියේ අදහස වූයේ යම් කඩාකප්පල්කාරී පිරිසකගේ උසිගැන්වීම පිට, මහා විප්ලවයකට අවශ්‍ය දරුනු ආයුධයක් තැනීමට මා පර්යේෂණයක යෙදී සිටියදී එය පුපුරා ගිය බවයි. ඔවුන් අම්මාගෙන් කට උත්තර ලබා ගෙන, වැඩි දුර පරීක්ෂණයකට ලක් කරන තෙක් ලිපට සීල් තබා කුස්සියේ දොර ළඟ මුර කිරීමට පොලිස් භටයන් දෙදෙනකු තබා ගිය පසු මම කට උත්තර නැතිව, බකන් නිලාගෙන බඩ උලාගෙන සිටියෙමි.

සිද්ධිය මෙයින් කෙළවර වූයේ නැත. සවස් වී ගෙන එන විට පුවත්පත් වාර්තකරුවන් අපේ ගෙදරට අවුත් මේ ගැන අම්මාගෙන් සහ මගෙන් ප්‍රශ්න කර, සිද්ධිය වහාම ඒ ඒ පුවත්පත්වලට වාර්තා කළ අතර, එතෙක් කෝපයෙන් මා දෙස රවාගෙන සිටි අම්මාට හිනා වෙන්නට කියා ඡායාරූප ගැනීමට ද අමතක කළේ නැත. ඔවුන් ගිය පසු අම්මා මට දෙහි කපන්නට වූවා ය. එහෙත් පසුදා පුවත්පත් වල පල වූයේ මගේ විද්‍යාත්මක පර්යේෂණයන් සඳහා මට නොමසුරු ආධාරය සහ අනුබලය දී ඇත්තේ අපේ අම්මා බවය.

පසුදින මා අත් අඩංගුවට ගන්නා ලදී. අපරාධ නඩු සංවිධාන සංග්‍රහයේ 114, 115 සහ 279 යන ඡේදයන් යටතේ මට විරුද්ධව නඩු පැවරීමට පොලීසිය කටයුතු කලේය. මේ අතර, දිවයින පුරා හදිසි නීතියද, මහනුවර දිස්ත්‍රික්කය පුරා ඇදිරි නීතියද පනවන ලදී.

විදේශ රටවල මේ පුවතට විශේෂ තැනක් ලැබිනි. "ලංකාව පරමාණු බෝම්බයක් පුපුරුවයි", "ලංකාව න්‍යෂ්ටික ආයුධ තනයි", "ලෝක සාමයට ලංකාවෙන් තර්ජනයක්", "ලංකාවෙන් ජලකර බෝම්බයක්" සහ "න්‍යෂ්ටික බලය ලංකාවටද?" ආදී ශීර්ෂයන්ගෙන් යුතුව විදේශීය පුවත්පත් වල විස්තර පලවන්නට විය. මේ අතර පොලොව යට හා අළු යට කෙරෙන න්‍යෂ්ටික අත්හදා බැලීම් වහාම නවත්වන ලෙස ලෝකයේ සෑම රටකින්ම පාහේ ලංකාවට කේබල් පණිවුඩ ගලා එන්නට විය. තවද, අර්ධ න්‍යෂ්ටික අවි තහනමට මොස්කව් නුවරදී අත්සන් තැබූ ලංකාව එකී ගිවිසුම කඩ කිරීමෙන් මහා වරදක් කර ඇති බැවින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වහා රැස් කරන මෙන් ලෝකයේ මට විරුද්ධ සෑම රටකින්ම බල කිරීමක් විය. ජිනිවා නුවර පැවැත්වෙන න්‍යෂ්ටික අවි පිලිබඳ කතා බහට මගෙන් ලැබී ඇත්තේ මරු පහරක් බව බොහෝ රටවල් ප්‍රකාශ කර සිටියහ.

කෙසේ වුවද, අපේ අම්මාගේ ඉල්ලීම අනුව එක්සත් ජාතීන්ගේ විශේෂ නිරීක්ෂක පිරිසක් අපේ ගෙදරට අවුත් මේ සිද්ධිය පිලිබඳ පරීක්ෂණ පවත්වන බව, රිමාන්ඩ් බාරයේ සිටි මගේ දැන ගැනීමට ලක් කෙරිණි. කුමකින් කුමක් සිදුවන්නට යන්නේ දැයි නොදැන, එඩරු තෙල් පාන කර ශරීර සෞඛ්‍යයේ විපර්යාසයකට පත් වූවකු මෙන්, බයෙන් ගැහි ගැහී රිමාන්ඩ් බාරයේ සිටි මම, මෙම විශේෂඥ පිරිසට සත්‍යය අවබෝධ කරවන මෙන් දෙවියන් වහන්සේට යාඥා පැවැත්වීමි.

ලෝක විශේෂඥයන් අපේ කුස්සියේ පර්යේශන පවත්වන ගමන්, දොර මුල්ලේ තිබුණු කොස් ඇට දැක අම්මාගෙන් විශේෂයෙන් ඒ ගැන ප්‍රශ්න කර ඇත. එම කොස් ඇට තම්බාගෙන හෝ, කබලෙන් බැද හෝ ලිපේ දමා පුලුස්සා හෝ කෑමට ගත හැකි බවත්, එය ඉතා රසවත් කෑමක්

බවත්, අම්මා ඔවුනට පවසා තිබේ. හදිස්සි වූ පසු ඔවුන් එය ඉතා ඉක්මනින් පිලියෙල කර ගත හැක්කේ කෙසේදැයි ප්‍රශ්න කල පසු අම්මා කියා ඇත්තේ, ලිපට දමා පිලිස්සීමෙන් කාර්යය ඉක්මන් කල හැකි බවයි. ඔවුන් කොස් ඇට කිහිපයක් ලිපට දමා ලගට වී බලා සිටි අතර, අම්මා ලිපෙන් ඈත් වී සිටියේ කොස් ඇට වල පිටි වැඩි බව දත් නිසාය. මොහොතකින් කොස් ඇටයක් පිපිරී ගොස් ඇති අතර, එයින් බියට පත්ව උඩ ගිය විශේෂඥයින්ගේ ඔළුගෙඩි වැදීම නිසා දුම්මැස්ස කැඩී, පෙරලී ගිය හැලි වලං වලින් කිහිපයක් ඔවුන්ගේ හිස් වසා හිර වී ඇත.

විශේෂඥයන් ආධාර ඉල්ලා කෑ ගසද්දී, අම්මා ඔවුන්ගේ ඔළු වල හිරවුනු හැලි වලං ඉවත් කර ඔවුන් බේරා, මා අතින් වූයේද එවැනිම සිද්ධියක් බව ඔවුන්ට පෙන්නුම් කර සිටියාය. සත්‍යය අවබෝධ කරගත් ඔවුහු කොස් ඇට සාමාන්‍ය වශයෙන් අන්තරාදායක වුවද, ලෝක සාමයට තර්ජනයක් එයින් නැති බවත්, මගේ අතින් කිසිදු වරදක් සිදු වී නැති බවත් ලංකා ආණ්ඩුවට සහ ලෝක සමුළුවට අපේ කුස්සියේ සිටම ගුවන් විදුලි පණිවුඩ මගින් දන්වා සිටියහ. එමෙන්, මා වහාම රිමාන්ඩ් බාරයෙන් නිදහස් කල යුතු බවත්, මගේ ආරක්ෂාව සදහා අපේ වත්තේ වරකා ගහ කපා දැමිය යුතු බවත් ඔවුහු වැඩි දුරටත් නිර්දේශ කලහ.

මා රිමාන්ඩ් බාරයෙන් මිදී ගෙදර එන විට ලෝකය සන්සුන් වී තිබූ අතර, ලංකාව ලොකයේ බලගතු රටක් විදියට මුළු ලෝකය විසින්ම පිලිගනු ලැබී තිබුනි. එහෙත් ඊටත් වඩා වැදගත් යමක් සිදු වී ඇති බව පෙන්වීමට අම්මා මා වත්තට කැදවාගෙන ගියාය. බලපත්‍ර ලබා ගත නොහැකිව මෙතෙක් කල් කැපීමට ක්‍රමයක් නැතිව තිබූ කොස් ගස වත්ත මැද කපා දමා තිබූ අතර, ලී ඉරීම සදහා සාදන ලද අට්ටාලයක් මත සිංහ කොඩිය බැබලෙමින් තිබුණි.

- නරලොව හොල්මන්

- චන්ද්‍ර අනගිරත්න

[QUOTE="1sam, post: 26411922, member: 557062"] කොස් ඇට පුච්චනකොට පුපුරනවා. ඒ ගැන හොඳ කතාවක් චන්ද්‍ර අනගිරත්න මහත්තයාගේ "සුරලොව ඇල්මන් ගේ නරලොව හොල්මන්" හි ලියූ කතාවක් පහතින් තියනවා. මේ කතාවෙන් ලංකාවේ 71 කැරැල්ලේ බෝම්බ සෑදීම සහ එකල තිබුන උග්‍ර ආහාර හිඟය විවේචනයට ලක් කරලා තියනවා. ලංකාව න්‍යෂ්ටික බෝම්බයක් පුපුරවයි. මට විශාල බඩගින්නක් දැනුනි. ගෙදරින් පිට යතත් කුස්සියේ දොර නිකම්ම වසා දමා යෑම අම්මාගේ සාමාන්‍ය පුරුද්දක් වුවද, එදා අම්මා නාන්න ගගට යාමේදී දොර යතුරු ලා තද කර ගියේ මා ගෙදර සිටි හෙයිනි. ලේඛන කලාවට මෙන්ම කුස්සියේ සීනි බෝතලයටත්, උම්බලකඩ ටින් එකටත්, ළූනු මුට්ටියත්, පොල් බෑයටත් කුඩා කල සිටම ඒකාකාර ලැදියාවක් දැක්වීමට මා පුරුදුව සිටින බව අම්මාට රහසක් නොවේ. එමෙන්ම සීනි, උම්බලකඩ, ළූනු සහ පොල් වැනි කලාත්මක ආහාර ද්‍රව්‍ය මට සොයාගත නොහැකි තැන්වල සගවා තැබීමේ පුරුද්දක් අම්මාට ඇති බවද මට රහසක් නොවේ. කෙසේ වුවද, සොයන්නාට හම්බ වේ යන මතය අනුව ධෛර්යය උපදවා තමාට හොරෙන් කුස්සියේ හැළි වලං අතගෑමට මා තුල ඇති සහජ දක්ෂතාවය ගැන අම්මා ප්‍රීතිය පළ කරන්නේ සාමාන්‍යයෙන් තමාගේ කටත් පොල්කටු හැන්දත් ක්‍රියාත්මක කිරීමෙන්ය. එහෙත් මම කිසි විටෙකත් පසුබට නොවෙමි. බඩගින්න ඉතාමත් දරුනු ලෙස දැනේ. මම කුස්සියට රිංගමි. කෙහෙල්මල් ආහාර ද්‍රව්‍ය හිගයක් නිසා කුස්සියේද කිසිවක් නැත. සීනි වලින් බඩ පුරවා ගත නොහැකි බැවින්, සීනි බෝතලය නොසොයා මම දොර මුල්ල පරීක්ෂා කළෙමි. ඊයේ හවස ඉවර කරන ලද වරකා ගෙඩියේ ගැට ටික දොර මුල්ලෙහි විය. මෙය හොඳට පිටි තිබෙන වරකා ගෙඩියක ඇට හෙයින්, මම කොස් ඇට කිහිපයක් ලිපට දැම්මෙමි. ලිපේ ගින්දර ටිකක් මදි වූ බැවින් ඒකට මුහුණ ළංකර පිඹින කල විසිරී ගිය අළු නිසා මගේ මුහුන සිනමා නිළියකගේ මෙන් අලංකාර වූ අතර, දිවට දැනුනේ ඇඹුල් රසයකි. මම සරමෙන් මුහුණ පිසදා ගත්තෙමි. යලිත් හොස්ස දික්කර මට පිඹින්නට ලැබුණේ එක පාරකි. "ඩෝං" යන මහා හඬක් නංවා කොස් ඇටය පිපුරුවේය! මුළු ලෝකයම අන්ධකාර විය! හිරෝෂිමාවට පරමාණු බෝම්බය වැටුණු පසු මෙන් ලිපෙන් දස අතට විසිවී ගිය කොස් ඇට කෑලි සහ පිටිවලින් මගේ නහයත් කටත් පිරිනි. කොස් පොතු කෑල්ලක් උගුරේ හිර වී මට කැස්සක් ඇති විය. ඇස් දෙක අළු පිරීම නිසා නොපෙනී ගියේ ය. කොස් ඇටය පිපුරුණු හඬ නිසා කන් දෙක ඇතුලේ "ක්රීං" යන හඬක් ඇති විය. ගිණි පුපුරක් හිසකෙස් අතරට විසිරී විසිවී තිබුණ නිසා හිස දන්නට විය. තව ගිනි පුපුරකින් බඩ දනන්නට වූ පසු මම සරම ගසා දැම්මෙමි. මේ අතර ගිනි පුපුරකින් බෙල්ල දන්නට වූ නිසා මම විගහට බෙල්ල පිස දැම්මෙමි. පසුව බිම අතගා සරම සොයා ගෙන ඇද ගත්තෙමි. කොස් ඇටය පිපිරීමේ ශබ්දට දිය රෙද්ද පිටින් සිට දිය රෙද්ද පිටින්ම දුව ගෙන අවුත්, වහාම මා කුස්සියෙන් එළියට ඇද, ප්‍රථමාධාර වශයෙන් පිට කොන්දට වේගයෙන් පහරවල් දෙකක් ද, හෙමිහින් පහරක්ද ගැසූ පසු, මගේ කටේ හිරවී තිබුණු කොස් ඇට කෑලි සහ පොතු, බායියකු දුටු ණය කාරයකු මෙන් පලා ගියේ මගේ උගුරටත් නොකියාය. මේ අතර, වටපිටාවේ උන් සියලුම බවලත් උදවිය, "මොකද අනේ? මොකද අනේ?" කියමින් අපේ කුස්සියේ වටා රැස්වී අම්මාගෙන් කරුණු විමසන්නට වූහ. මා අතින් පිපිරුණේ කොස් ඇටයක්ය යන බව පැවසුවහොත් මගේ තත්ත්වයට මදිකමක් වේ යයි කල්පනා කළ අම්මා ඔවුනට පැවසුවේ, "මොකක්දෝ සූත්තරයක් කරන්නට ගිහිල්ලා පුපුරලා!" යනුවෙනි. ටිකෙන් ටික තත්ත්වය උග්‍ර අතට හැරුණි. ගමේ සියල්ලම ටිකෙන් ටික හා සමූහ වශයෙන් අපේ ගෙදරට ඇදෙන්නට වූහ. මා අතින් රතිඤ්ඤායක් පත්තු වූ බව මෙයින් සමහරකට ආරංචි වී ඇති අතර, මා අතින් බෝම්බයක් පිපුරුණ බවට සමහරකට සැළ වී ඇත. කටින් කට ගිය කතා නිසා මේ සිද්ධිය පොලිසියට සැල වූයේ මා බෝම්බයක් හදමින් සිට එය පිපිරී ගිය බවයි. පොලිසිය වහාම අපේ කුස්සිය ඇතුලට අවුත්, ලිපේ අළු සහ විසිරී ගිය කොස් ඇට කෑලි එකතුකොට රජයේ රස පරීක්ෂක වෙත යැවුවෝය. පොලීසියේ අදහස වූයේ යම් කඩාකප්පල්කාරී පිරිසකගේ උසිගැන්වීම පිට, මහා විප්ලවයකට අවශ්‍ය දරුනු ආයුධයක් තැනීමට මා පර්යේෂණයක යෙදී සිටියදී එය පුපුරා ගිය බවයි. ඔවුන් අම්මාගෙන් කට උත්තර ලබා ගෙන, වැඩි දුර පරීක්ෂණයකට ලක් කරන තෙක් ලිපට සීල් තබා කුස්සියේ දොර ළඟ මුර කිරීමට පොලිස් භටයන් දෙදෙනකු තබා ගිය පසු මම කට උත්තර නැතිව, බකන් නිලාගෙන බඩ උලාගෙන සිටියෙමි. සිද්ධිය මෙයින් කෙළවර වූයේ නැත. සවස් වී ගෙන එන විට පුවත්පත් වාර්තකරුවන් අපේ ගෙදරට අවුත් මේ ගැන අම්මාගෙන් සහ මගෙන් ප්‍රශ්න කර, සිද්ධිය වහාම ඒ ඒ පුවත්පත්වලට වාර්තා කළ අතර, එතෙක් කෝපයෙන් මා දෙස රවාගෙන සිටි අම්මාට හිනා වෙන්නට කියා ඡායාරූප ගැනීමට ද අමතක කළේ නැත. ඔවුන් ගිය පසු අම්මා මට දෙහි කපන්නට වූවා ය. එහෙත් පසුදා පුවත්පත් වල පල වූයේ මගේ විද්‍යාත්මක පර්යේෂණයන් සඳහා මට නොමසුරු ආධාරය සහ අනුබලය දී ඇත්තේ අපේ අම්මා බවය. පසුදින මා අත් අඩංගුවට ගන්නා ලදී. අපරාධ නඩු සංවිධාන සංග්‍රහයේ 114, 115 සහ 279 යන ඡේදයන් යටතේ මට විරුද්ධව නඩු පැවරීමට පොලීසිය කටයුතු කලේය. මේ අතර, දිවයින පුරා හදිසි නීතියද, මහනුවර දිස්ත්‍රික්කය පුරා ඇදිරි නීතියද පනවන ලදී. විදේශ රටවල මේ පුවතට විශේෂ තැනක් ලැබිනි. "ලංකාව පරමාණු බෝම්බයක් පුපුරුවයි", "ලංකාව න්‍යෂ්ටික ආයුධ තනයි", "ලෝක සාමයට ලංකාවෙන් තර්ජනයක්", "ලංකාවෙන් ජලකර බෝම්බයක්" සහ "න්‍යෂ්ටික බලය ලංකාවටද?" ආදී ශීර්ෂයන්ගෙන් යුතුව විදේශීය පුවත්පත් වල විස්තර පලවන්නට විය. මේ අතර පොලොව යට හා අළු යට කෙරෙන න්‍යෂ්ටික අත්හදා බැලීම් වහාම නවත්වන ලෙස ලෝකයේ සෑම රටකින්ම පාහේ ලංකාවට කේබල් පණිවුඩ ගලා එන්නට විය. තවද, අර්ධ න්‍යෂ්ටික අවි තහනමට මොස්කව් නුවරදී අත්සන් තැබූ ලංකාව එකී ගිවිසුම කඩ කිරීමෙන් මහා වරදක් කර ඇති බැවින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වහා රැස් කරන මෙන් ලෝකයේ මට විරුද්ධ සෑම රටකින්ම බල කිරීමක් විය. ජිනිවා නුවර පැවැත්වෙන න්‍යෂ්ටික අවි පිලිබඳ කතා බහට මගෙන් ලැබී ඇත්තේ මරු පහරක් බව බොහෝ රටවල් ප්‍රකාශ කර සිටියහ. කෙසේ වුවද, අපේ අම්මාගේ ඉල්ලීම අනුව එක්සත් ජාතීන්ගේ විශේෂ නිරීක්ෂක පිරිසක් අපේ ගෙදරට අවුත් මේ සිද්ධිය පිලිබඳ පරීක්ෂණ පවත්වන බව, රිමාන්ඩ් බාරයේ සිටි මගේ දැන ගැනීමට ලක් කෙරිණි. කුමකින් කුමක් සිදුවන්නට යන්නේ දැයි නොදැන, එඩරු තෙල් පාන කර ශරීර සෞඛ්‍යයේ විපර්යාසයකට පත් වූවකු මෙන්, බයෙන් ගැහි ගැහී රිමාන්ඩ් බාරයේ සිටි මම, මෙම විශේෂඥ පිරිසට සත්‍යය අවබෝධ කරවන මෙන් දෙවියන් වහන්සේට යාඥා පැවැත්වීමි. ලෝක විශේෂඥයන් අපේ කුස්සියේ පර්යේශන පවත්වන ගමන්, දොර මුල්ලේ තිබුණු කොස් ඇට දැක අම්මාගෙන් විශේෂයෙන් ඒ ගැන ප්‍රශ්න කර ඇත. එම කොස් ඇට තම්බාගෙන හෝ, කබලෙන් බැද හෝ ලිපේ දමා පුලුස්සා හෝ කෑමට ගත හැකි බවත්, එය ඉතා රසවත් කෑමක් බවත්, අම්මා ඔවුනට පවසා තිබේ. හදිස්සි වූ පසු ඔවුන් එය ඉතා ඉක්මනින් පිලියෙල කර ගත හැක්කේ කෙසේදැයි ප්‍රශ්න කල පසු අම්මා කියා ඇත්තේ, ලිපට දමා පිලිස්සීමෙන් කාර්යය ඉක්මන් කල හැකි බවයි. ඔවුන් කොස් ඇට කිහිපයක් ලිපට දමා ලගට වී බලා සිටි අතර, අම්මා ලිපෙන් ඈත් වී සිටියේ කොස් ඇට වල පිටි වැඩි බව දත් නිසාය. මොහොතකින් කොස් ඇටයක් පිපිරී ගොස් ඇති අතර, එයින් බියට පත්ව උඩ ගිය විශේෂඥයින්ගේ ඔළුගෙඩි වැදීම නිසා දුම්මැස්ස කැඩී, පෙරලී ගිය හැලි වලං වලින් කිහිපයක් ඔවුන්ගේ හිස් වසා හිර වී ඇත. විශේෂඥයන් ආධාර ඉල්ලා කෑ ගසද්දී, අම්මා ඔවුන්ගේ ඔළු වල හිරවුනු හැලි වලං ඉවත් කර ඔවුන් බේරා, මා අතින් වූයේද එවැනිම සිද්ධියක් බව ඔවුන්ට පෙන්නුම් කර සිටියාය. සත්‍යය අවබෝධ කරගත් ඔවුහු කොස් ඇට සාමාන්‍ය වශයෙන් අන්තරාදායක වුවද, ලෝක සාමයට තර්ජනයක් එයින් නැති බවත්, මගේ අතින් කිසිදු වරදක් සිදු වී නැති බවත් ලංකා ආණ්ඩුවට සහ ලෝක සමුළුවට අපේ කුස්සියේ සිටම ගුවන් විදුලි පණිවුඩ මගින් දන්වා සිටියහ. එමෙන්, මා වහාම රිමාන්ඩ් බාරයෙන් නිදහස් කල යුතු බවත්, මගේ ආරක්ෂාව සදහා අපේ වත්තේ වරකා ගහ කපා දැමිය යුතු බවත් ඔවුහු වැඩි දුරටත් නිර්දේශ කලහ. මා රිමාන්ඩ් බාරයෙන් මිදී ගෙදර එන විට ලෝකය සන්සුන් වී තිබූ අතර, ලංකාව ලොකයේ බලගතු රටක් විදියට මුළු ලෝකය විසින්ම පිලිගනු ලැබී තිබුනි. එහෙත් ඊටත් වඩා වැදගත් යමක් සිදු වී ඇති බව පෙන්වීමට අම්මා මා වත්තට කැදවාගෙන ගියාය. බලපත්‍ර ලබා ගත නොහැකිව මෙතෙක් කල් කැපීමට ක්‍රමයක් නැතිව තිබූ කොස් ගස වත්ත මැද කපා දමා තිබූ අතර, ලී ඉරීම සදහා සාදන ලද අට්ටාලයක් මත සිංහ කොඩිය බැබලෙමින් තිබුණි. - නරලොව හොල්මන් - චන්ද්‍ර අනගිරත්න [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom