Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොහොමද ගොඩේ බයියාගේ අය වැය?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද ගොඩේ බයියාගේ අය වැය?

ලංකාදීප සහ අද දෙරන ඇසුරිනි

[YOUTUBE]J1PLzALokZI[/YOUTUBE]

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්දිරයේදී පැය තුනක අය වැය කතාව සමාප්ත කරමින් මහින්ද රාජපක්ෂ ජනපති විපක්ෂයෙන් ඇසුවේ ‘කොහොමද ගොඩේ බයියාගේ අය වැය‘ යනුවෙනි.

ඒ අවස්ථාවේ කිසිවෙක් ඊට පිළිතුරු නුදුන්හ.එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුයේ මේ අය වැය අංක ගණිත ජිල්මාට් අය වැයක් බවයි.සියලු දෙනාටම සහන සලසන බව මුදල් හා ක්‍රම සම්පාදන ඇමැති ද වන ජනපති පැවසුවත් එයින් පොදු ජනයාට සිදු වන සෙතක් නැතැයිද ඔහු කීවේය.‘සිදුවන එකම දේ පොදු ජනයා නන්නත්තාර වීමයි.‘

අය වැය සාරාංශය

2015 මුදල් වර්ෂය සඳහා වු විසර්ජන පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් මස 26 වන දා අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර මෙවර අයවැයෙන් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ රාජ්‍ය ආරක්ෂක හා නාගරින සංවර්ධන අමාත්‍යංශයටය.

එම අමාත්‍යංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 285කි.

මහාමාර්ග වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයට මෙවර අයවැයෙන් රුපියල් බිලියන 200 ක මුදලක් වෙන් කර ඇති අතර රුපියල් බිලියන 139 ක මුදලක් වෙන් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයටය.

රුපියල් බිලියන 113 ක මුදලක් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට වෙන්කර ඇති අතර රුපියල් බිලියන 47 ක මුදලක් අධ්‍යාපන අමාත්‍යංශයට වෙන්කර තිබේ.

කෙසේ වෙතත් මෙවර අයවැයෙන් විශේෂයෙන් අවධානයට ලක්විය යුතු කරුණු පහත පරිදි පෙළගැස්විය හැකිය.

2015 වන විට අමෙරිකන් ඩොලර් 4000ක් වන ඒක පුද්ගල ආදායම වසර 2020දී ඩොලර් 7500 දක්වා වැඩි කරමින් ඉහළමැදි ආදායම් ලබන රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අපේක්ෂාව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. එසේම කැසිනෝ ශාලා සඳහා ඇතුළුවීමේදී ඩොලර් 100ක බද්දක් අය කිරීමටත්, වාහන සඳහා විශේෂ බද්දක් හඳුන්වාදීමටත් ජනපති යෝජනා කරයි.

නිවාසවල ජල පරිභෝජනයෙන් මුල් ජල ඒකක 25 සඳහා අය කරන මුදල සියයට 10න් අඩු කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.

දේශීය ගොවියා ආරක්ෂා කරනු වස් වී කිලෝවක සහතික මිල රුපියල් 34 සිට 40 දක්වා වැඩි කිරීමටද අස්වනු නෙළන කාලයේදී අල, ලුණු හා මිරිස් සඳහා සහතික මිලක් ලබාදීමටද ජනපති යෝජනා කරයි.

රුපියල් 350 පොහොර සහනාධාරය තවදුරටත් ලබාදීමටත් අපේක්ෂිතය.

දේශීය දියර කිරි ලීටරයක සහතික මිල රුපියල් 60 දක්වා වැඩිකර දේශීය කිරිපිටි කිලෝවක මිල රුපියල් 100න් අඩු කිරීමටත්, දේශීය යෝගට් මිල රුපියල් 3න් අඩු කිරීමටත් අයවැයෙන් යෝජනා කෙරිණි.

පෙර පාසල් ගුරුවරුන් රුපියල් 2500ක දීමනාවක්ද ආයුර්වේද වෛද්‍යවරුන්ට රුපියල් 5000 ක දීමනාවක්ද දීමට යෝජනා කර ඇත.

එසේම ශිෂ්‍යත්ව සමතුන් සඳහා මසකට ලබාදෙන රුපියල් 500 ක ශිෂ්‍යාධාරය රුපියල් 1500 දක්වා වැඩි කිරීමට ද ඒ අනූව එය වසරකට රුපියල් 15,000 සිට 25,000 දක්වා වැඩි කිරීමට අපේක්ෂිතය.

තවද සරසවි සිසුන්ට හා උසස් අධ්‍යාපන ආයතන සිසුන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 2500 සිට 4000 දක්වා වැඩි කිරීමට 2015 අයවැයෙන් යෝජනා කර තිබේ.

මෙරට සෑම පුරවැසියෙකුම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා ජංගම වෛද්‍ය සායන ක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 500ක් 2015 අය වැයෙන් වෙන් කිරීමට යෝජනා කරන ලදී.

එසේම වැඩිහිටියන්ට ගෙවනු ලබන දීමනාව රුපියල් 1000 සිට රුපියල් 2000 දක්වා වැඩි කිරීමට 2015 අය වැයෙන් යෝජනා කෙරුණු අතර ත්රස්තවාදයට එරෙහිව සටන් වැදීමට දූ පුතුන් බාරදුන් මව්පියන් වෙනුවෙන් දැනට ලබාදෙන රුපියල් 750 දීමනාව රුපියල් 1000 දක්වා වැඩි කිරීමට ද එම දීමනාව පොලීසියේ හා සිවිල් ආරක්ෂක සේවයේ අයටද ලබන වසරේ සිට ලබාදීමට අපේක්ෂිතය.

රාජ්‍ය සේවකයින්ගේ අවම මාසික වැටුප රුපියල් 15,000 දක්වා වැඩි කිරීමටත් දැනට ලබාදෙන දීමනා සියල්ල වත්මන් මූලික වැටුපට එක් කිරීමටත් ,ජීවන වියදම් දීමනාව ද රුපියල් 2200න් වැඩි කර එම දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට ද යෝජනා කර තිබේ. ඒ අනුව රාජ්‍ය සේවකයෙකුගේ අවම මාසික වැටුප රු.25,000 ක් බවට පත්කිරීමට යෝජනා කර තිබේ. එසේම රාජ්‍ය සේවයේ පහල ශ්‍රේණිවල වෘත්තිකයින්ගේ වැටුප් වර්ධක ඇතුළු ගැටළු විසඳීමටද අයවැයෙන් යෝජනා කර ඇත.

1 වන පරිපාලන සේවයේ නිලධාරීන්ගෙන් වසර 20ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලුම රාජ්‍ය සේවකයින්ට රු.15,000 ක වෘත්තීය දීමනාවක් ගෙවීමටද අපේක්ෂා කරනු ලබයි.

80 ජූලි වර්ජනයෙන් රැකියා අහිමිවූවන්ට මෑතක සිට ගෙවනු ලැබූ රු.5000 ක දීමනාව රු.6000 දක්වා වැඩිකිරීමටත්, එය ලබා ගැනීම සඳහා සලකා මෙතෙක් සලකා බැලූ වයස් සීමාව අවුරුදු 65 සිට 63 දක්වා තවත් වසර 2න් අඩුකිරීමටද මෙවර අයවැයෙන් බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අදාළය සියලුම පොලිස් කොස්තාපල්වරුන් හා සැරයන්වරුන්ට සහන මිලට යතුරුපැදි ලබාදීමට කටයුතු කරන බවත්, එසේම පොලිස් සේවයට අදාළව නවතම ‘සේවා ව්‍යවස්ථාවක්‘ සකස්කිරීමට යෝජනා කර තිබේ.

අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය වලට අදාළව බදු සහන ලබාදෙන බැවින් ඒවායේ මිල ගණන් 10%න් අඩුකිරීමට කටයුතු කරන මෙන් සාප්පු සංකීර්ණ හා වෙළඳසැල් හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

දින 180ක් සම්පූර්ණ කර ඇති අනියම් හා තාවකාලික සේවා පදනම මත සේවය කරනු ලබන සියලුම රාජ්‍ය ආයතනවල සේවකයින් අදාළ තනතුරු වල ස්ථීර කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇති අතර රාජ්‍ය සේවකයින්ට ණය ලබාදීමේදී මෙතෙක් සලකා බලනු ලැබූ මූලික වැටුපෙන් 40%ක ප්‍රතිශතය වෙනුවට එය දල වැටුපෙන් 40%ක් ලෙස සංශෝධනය කර තිබේ.

ඒ අනූව සියලු දීමනාද ඇතුළුව රාජ්‍ය සේවකයින්ගේ අවම මාසික ආදායම රුපියල් 25,000 දක්වා වැඩි වන බව සඳහන්ය.

එසේම සියලූම විශ්‍රාමිකයින්ගේ වැටුප් 2015 විශ්‍රාම වැටුප් ක්‍රමයට අනූව ව්‍යුහගත කිරීමටද අයවැයෙන් යෝජනා කර ඇති අතර සම්පූර්ණ විශ්‍රාම වැටුපෙන් 75%ක ප්‍රමාණයක් විශ්‍රාම ලැබූ දිනට පසු දින වුව ළඟම ඇති බැංකුවකින් ලබාගැනීමට හැකිවන පරිදි බැංකු කාඩ් පතක් නිකුත් කිරීමටද යෝජනා කෙරිණි.

එසේම මුළු විශ්‍රාම වැටුප මාස 3ක් තුළ ගෙවීමට වැඩපිළිවෙළක් සකසන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

පෞද්ගලික අංශ සේවකයින්ගේ අවම වැටුප රුපියල් 10,000 දක්වා වැඩි කිරීමටත් ඔවුන්ගේ සේවක සේවක අර්ථසාධක අරමුදල සඳහා සේවා යෝජකයා විසින් ගෙවනු ලබන සියයට 12ක අරමුදල සියයට 14 දක්වා වැඩි කිරීමටද මෙවර අයවැයෙන් අපේක්ෂිතය.

[QUOTE="BINGU_PUTHA, post: 17294362, member: 469273"] [b]කොහොමද ගොඩේ බයියාගේ අය වැය?[/b] [SIZE="4"][COLOR="Blue"] ලංකාදීප සහ අද දෙරන ඇසුරිනි [YOUTUBE]J1PLzALokZI[/YOUTUBE] :rofl::rofl::rofl::rofl::rofl: ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්දිරයේදී පැය තුනක අය වැය කතාව සමාප්ත කරමින් මහින්ද රාජපක්ෂ ජනපති විපක්ෂයෙන් ඇසුවේ ‘කොහොමද ගොඩේ බයියාගේ අය වැය‘ යනුවෙනි. ඒ අවස්ථාවේ කිසිවෙක් ඊට පිළිතුරු නුදුන්හ.එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුයේ මේ අය වැය අංක ගණිත ජිල්මාට් අය වැයක් බවයි.සියලු දෙනාටම සහන සලසන බව මුදල් හා ක්‍රම සම්පාදන ඇමැති ද වන ජනපති පැවසුවත් එයින් පොදු ජනයාට සිදු වන සෙතක් නැතැයිද ඔහු කීවේය.‘සිදුවන එකම දේ පොදු ජනයා නන්නත්තාර වීමයි.‘[/COLOR] [SIZE="5"][COLOR="Red"] අය වැය සාරාංශය [/COLOR][/SIZE] 2015 මුදල් වර්ෂය සඳහා වු විසර්ජන පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් මස 26 වන දා අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර මෙවර අයවැයෙන් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ රාජ්‍ය ආරක්ෂක හා නාගරින සංවර්ධන අමාත්‍යංශයටය. එම අමාත්‍යංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 285කි. මහාමාර්ග වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයට මෙවර අයවැයෙන් රුපියල් බිලියන 200 ක මුදලක් වෙන් කර ඇති අතර රුපියල් බිලියන 139 ක මුදලක් වෙන් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයටය. රුපියල් බිලියන 113 ක මුදලක් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට වෙන්කර ඇති අතර රුපියල් බිලියන 47 ක මුදලක් අධ්‍යාපන අමාත්‍යංශයට වෙන්කර තිබේ. කෙසේ වෙතත් මෙවර අයවැයෙන් විශේෂයෙන් අවධානයට ලක්විය යුතු කරුණු පහත පරිදි පෙළගැස්විය හැකිය. 2015 වන විට අමෙරිකන් ඩොලර් 4000ක් වන ඒක පුද්ගල ආදායම වසර 2020දී ඩොලර් 7500 දක්වා වැඩි කරමින් ඉහළමැදි ආදායම් ලබන රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අපේක්ෂාව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. එසේම කැසිනෝ ශාලා සඳහා ඇතුළුවීමේදී ඩොලර් 100ක බද්දක් අය කිරීමටත්, වාහන සඳහා විශේෂ බද්දක් හඳුන්වාදීමටත් ජනපති යෝජනා කරයි. නිවාසවල ජල පරිභෝජනයෙන් මුල් ජල ඒකක 25 සඳහා අය කරන මුදල සියයට 10න් අඩු කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ. දේශීය ගොවියා ආරක්ෂා කරනු වස් වී කිලෝවක සහතික මිල රුපියල් 34 සිට 40 දක්වා වැඩි කිරීමටද අස්වනු නෙළන කාලයේදී අල, ලුණු හා මිරිස් සඳහා සහතික මිලක් ලබාදීමටද ජනපති යෝජනා කරයි. රුපියල් 350 පොහොර සහනාධාරය තවදුරටත් ලබාදීමටත් අපේක්ෂිතය. දේශීය දියර කිරි ලීටරයක සහතික මිල රුපියල් 60 දක්වා වැඩිකර දේශීය කිරිපිටි කිලෝවක මිල රුපියල් 100න් අඩු කිරීමටත්, දේශීය යෝගට් මිල රුපියල් 3න් අඩු කිරීමටත් අයවැයෙන් යෝජනා කෙරිණි. පෙර පාසල් ගුරුවරුන් රුපියල් 2500ක දීමනාවක්ද ආයුර්වේද වෛද්‍යවරුන්ට රුපියල් 5000 ක දීමනාවක්ද දීමට යෝජනා කර ඇත. එසේම ශිෂ්‍යත්ව සමතුන් සඳහා මසකට ලබාදෙන රුපියල් 500 ක ශිෂ්‍යාධාරය රුපියල් 1500 දක්වා වැඩි කිරීමට ද ඒ අනූව එය වසරකට රුපියල් 15,000 සිට 25,000 දක්වා වැඩි කිරීමට අපේක්ෂිතය. තවද සරසවි සිසුන්ට හා උසස් අධ්‍යාපන ආයතන සිසුන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 2500 සිට 4000 දක්වා වැඩි කිරීමට 2015 අයවැයෙන් යෝජනා කර තිබේ. මෙරට සෑම පුරවැසියෙකුම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා ජංගම වෛද්‍ය සායන ක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 500ක් 2015 අය වැයෙන් වෙන් කිරීමට යෝජනා කරන ලදී. එසේම වැඩිහිටියන්ට ගෙවනු ලබන දීමනාව රුපියල් 1000 සිට රුපියල් 2000 දක්වා වැඩි කිරීමට 2015 අය වැයෙන් යෝජනා කෙරුණු අතර ත්රස්තවාදයට එරෙහිව සටන් වැදීමට දූ පුතුන් බාරදුන් මව්පියන් වෙනුවෙන් දැනට ලබාදෙන රුපියල් 750 දීමනාව රුපියල් 1000 දක්වා වැඩි කිරීමට ද එම දීමනාව පොලීසියේ හා සිවිල් ආරක්ෂක සේවයේ අයටද ලබන වසරේ සිට ලබාදීමට අපේක්ෂිතය. රාජ්‍ය සේවකයින්ගේ අවම මාසික වැටුප රුපියල් 15,000 දක්වා වැඩි කිරීමටත් දැනට ලබාදෙන දීමනා සියල්ල වත්මන් මූලික වැටුපට එක් කිරීමටත් ,ජීවන වියදම් දීමනාව ද රුපියල් 2200න් වැඩි කර එම දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට ද යෝජනා කර තිබේ. ඒ අනුව රාජ්‍ය සේවකයෙකුගේ අවම මාසික වැටුප රු.25,000 ක් බවට පත්කිරීමට යෝජනා කර තිබේ. එසේම රාජ්‍ය සේවයේ පහල ශ්‍රේණිවල වෘත්තිකයින්ගේ වැටුප් වර්ධක ඇතුළු ගැටළු විසඳීමටද අයවැයෙන් යෝජනා කර ඇත. 1 වන පරිපාලන සේවයේ නිලධාරීන්ගෙන් වසර 20ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලුම රාජ්‍ය සේවකයින්ට රු.15,000 ක වෘත්තීය දීමනාවක් ගෙවීමටද අපේක්ෂා කරනු ලබයි. 80 ජූලි වර්ජනයෙන් රැකියා අහිමිවූවන්ට මෑතක සිට ගෙවනු ලැබූ රු.5000 ක දීමනාව රු.6000 දක්වා වැඩිකිරීමටත්, එය ලබා ගැනීම සඳහා සලකා මෙතෙක් සලකා බැලූ වයස් සීමාව අවුරුදු 65 සිට 63 දක්වා තවත් වසර 2න් අඩුකිරීමටද මෙවර අයවැයෙන් බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අදාළය සියලුම පොලිස් කොස්තාපල්වරුන් හා සැරයන්වරුන්ට සහන මිලට යතුරුපැදි ලබාදීමට කටයුතු කරන බවත්, එසේම පොලිස් සේවයට අදාළව නවතම ‘සේවා ව්‍යවස්ථාවක්‘ සකස්කිරීමට යෝජනා කර තිබේ. අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය වලට අදාළව බදු සහන ලබාදෙන බැවින් ඒවායේ මිල ගණන් 10%න් අඩුකිරීමට කටයුතු කරන මෙන් සාප්පු සංකීර්ණ හා වෙළඳසැල් හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. දින 180ක් සම්පූර්ණ කර ඇති අනියම් හා තාවකාලික සේවා පදනම මත සේවය කරනු ලබන සියලුම රාජ්‍ය ආයතනවල සේවකයින් අදාළ තනතුරු වල ස්ථීර කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇති අතර රාජ්‍ය සේවකයින්ට ණය ලබාදීමේදී මෙතෙක් සලකා බලනු ලැබූ මූලික වැටුපෙන් 40%ක ප්‍රතිශතය වෙනුවට එය දල වැටුපෙන් 40%ක් ලෙස සංශෝධනය කර තිබේ. ඒ අනූව සියලු දීමනාද ඇතුළුව රාජ්‍ය සේවකයින්ගේ අවම මාසික ආදායම රුපියල් 25,000 දක්වා වැඩි වන බව සඳහන්ය. එසේම සියලූම විශ්‍රාමිකයින්ගේ වැටුප් 2015 විශ්‍රාම වැටුප් ක්‍රමයට අනූව ව්‍යුහගත කිරීමටද අයවැයෙන් යෝජනා කර ඇති අතර සම්පූර්ණ විශ්‍රාම වැටුපෙන් 75%ක ප්‍රමාණයක් විශ්‍රාම ලැබූ දිනට පසු දින වුව ළඟම ඇති බැංකුවකින් ලබාගැනීමට හැකිවන පරිදි බැංකු කාඩ් පතක් නිකුත් කිරීමටද යෝජනා කෙරිණි. එසේම මුළු විශ්‍රාම වැටුප මාස 3ක් තුළ ගෙවීමට වැඩපිළිවෙළක් සකසන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය. පෞද්ගලික අංශ සේවකයින්ගේ අවම වැටුප රුපියල් 10,000 දක්වා වැඩි කිරීමටත් ඔවුන්ගේ සේවක සේවක අර්ථසාධක අරමුදල සඳහා සේවා යෝජකයා විසින් ගෙවනු ලබන සියයට 12ක අරමුදල සියයට 14 දක්වා වැඩි කිරීමටද මෙවර අයවැයෙන් අපේක්ෂිතය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom