Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොහොඹා~කංකාරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොඹා~කංකාරිය

උඩරට ශාන්ති කර්ම

දෙවියන් උදෙසා සිදුකරන ශාන්ති කර්ම - කොහොඹා කංකාරිය

ශ්‍රී ලංකාවේ දෙවි දේවතාවෝ බුදුදහමටත්, කිතු දහමටත්, හින්දු දහමටත් සෘජුව සම්බන්ධ දෙවිදේවතාවෝ හා ගැමි ජනතාවගේ පාරම්පරික ඇදහිලිවලට අරක් ගත් දෙවි දේවතාවෝ වශයෙන් කොටස් දෙකක් වෙති. මෙම දෙවි දේවතාවුන් අතර සෙත් ශාන්ති ගෙන දෙන දෙවි දේවතා පිරිසක් ද වින කිරීම් හා රෝග උපද්‍රව කිරීම් කරනු ලබන දෙවි දේවතා පියසක් ද වෙති. ඊට අමතරව මෙම අංශ දෙකම නියෝජයන කරන දෙවිවරු සිටිති. කොහොඹා දෙවියෝ ඊට නිදසුන් වෙති. කොහොඹා කංකාරිය, කොහොඹා කම්කාරිය, කොහොඹා යක්කම යන ව්‍යවහාරයන්ගෙන් හඳුන්වන්නේ කොහොඹා දෙවියන් විෂයෙහි (කොහොඹා යනුවෙන් ද හැඳින්වේ.) පවත්වනු ලබන යාගෝත්සවයකි. මෙය ලංකාවේ මධ්‍යම කඳුකර ප්‍රදේශවලට ආවේනික වූ ශාන්ති කර්මයකි.

කොහොඹා දෙවියන්ගේ උත්පත්තිය පිළිබඳ ජනප්‍රවාද කිහිපයකි. කොහොඹ ගසට අධිගෘහිත බැවින් කොහොඹ යකා යනුවෙන් හැඳින්වෙන බව එක් අදහසකි. දඹදිව බරණැස් නුවර ඉන්දර හා පද්මාවතී රජ යුවළගේ දුව වූ චන්ද්රකාමී කුමරිය හා කලිඟුරට කිරදාර හා මායාවතී රජ යුවළගේ පුත් සුරඹා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති කොට ගත් බවත්, සුරඹා නිසා ගැබ්ගත් චන්ද්රකාමී කුමරිය සුරඹා සමඟ රහසිගතව යන අතරමග වනයකදී කොහොඹ ගසක් යටදී පුත් රුවනක් ප්‍රසූත කළ බවත් එසේ උපන් කුමරා කොහොඹා නම් වූ බවත් ජනප්රවාදයේ එයි. "මලේ රාජකථාව" නම් ග්රන්ථයට හා "රාජාවාලිය" සඳහන් කරන ආකාරයට කොහොඹා යකාගේ උපත මීට වඩා වෙනස්ය. රාවණ රජු පැහැරගෙන ගිය තම බිසව වූ සීතා කුමරියගේ පතිවත ගැන සැක සිතූ විෂ්ණු ගැබ්ගෙන සිටි සීතා වනයට ගෙනගොස් මරා දමන ලෙස සමන් දෙවිඳුට අණ කළේය. නමුත් සීතාව කෙරෙහි අනුකම්පා උපදවාගත් සමන් සීතාවට වනයේදී ජීවිත දානය දී එකෙකුගේ ලෙයින් අසිපත කොටාගෙන විත් විෂ්ණුට දැන්වීය. ප්‍රසව වේදනාවෙන් සිටි සීතාව වැල්මනී නම් තාපසයාගේ උදව් ලැබිණි. ඇය දරුවා ප්‍රසූත කළාය. දරුවා තාපසයාට භාරකොට ඇය පළවැල එකතු කිරීමට ගිය අවස්ථාවක දරුවා යහනින් වැටී හඬමින් සිටිය නමුqත් දරුවා ස්පර්ශ කිරීම අකැප යෑයි සිතා යහනට මලක් දැමීමෙන් යහන මත කුමරෙකු නිර්මාණය විය. සීතා පැමිණ යහන මත වූ දරුවා නළවන අතර යහන යටින් ද දරුවකු හඬනු අසා ඇය කලබල වූවාය. ඒ ගැන තාපසයාගෙන් විමසූ විට තාපසයා තවත් දරුවකු මවා පෙන්වීය. සීතා මෙම දරුවන් තිදෙනාම ඇති දැඩි කළාය. මලේ රජදරුවන් ලෙස හැඳින්වූයේ මොවුන් තිදෙනාය. ඒ අනුව කොහොඹා දෙවියන් යනු මලේ රජම බව කියවේ.

කොහොඹා උපත නම් ග්රන්ථ දෙකේ දැක්වෙන පරිදි නම් කොහොඹ දෙවි මලේ රජු නොව මලේ රජු විසින් මැවූ දොළොස් දෙවියන් අතර ප්‍රධාන දෙවියාය. කොහොඹ දෙවියන්ගේ පියා වැලිහෙළ නම් ගමේ වැසියකු බවත්. මව වෙළෙඳ කුලයේ ලෝක නම් කාන්තාවක බවත් එක් කොහොඹා උපතක දැක්වේ. ලෝකා බිසව ගැබ්ගත් කල්හි නිල් මහනෙල් මලක් සිහිනෙන් දුටුවාය. මෙසේ උපන් දරුවා හත් හැවිරිදි වියේදී දෙමාපිවන් හැර යන බවට නැකැතියන් විසින් අනාවැකි කියන ලදී. කුමරු සත් හැවිරිදි වියේදී දිය නාමින් සිටියදීම මලේ රජු දැක ඔහු පසුපස ගිය බව සඳහන් වේ. අනෙක් කොහොඹා උපතට අනුව පියා "නිරිඳු" නම් වන අතර මව ලෝකාසුරු වංශයේ බිසවකි. බිසව දකින සිහිනය වන්නේ බමුණෙකු විසින් ඇයට දුන් ආභරන රජ කෙනකු විසින් පැහැරගෙන යැමයි.

කොහොඹා කංකාරියේ ආරම්භය ජනප්‍රවාද අනුව පඬුවස් නිරිඳුගේ කාලයට දිවයයි. විජය රජු මියගියේ කුවේනියගේ ශාපයකින් බව ජන විශ්වාසයයි. ඉන්පසු රජ වූ පඬුවස් රජුට ද එම ශාපයම හේතුවෙන් දිවි දෝෂයක් ඇති විය. දිවියෙකු සිහිනෙන් දැකීම නිසා ඇති වූ බිය මෙලෙස දිවි දොaෂය ලෙස හැඳින්වේ. පඬුවස් නිරිඳුගේ දිවිදොස් දුරු කිරීමට මානෙල් මලෙන් උපන් මලේ රජු කැඳවාගෙන එන ලෙස ශක්‍ර දේවේන්ද්‍රයා විසින් රාහු අසුරයාට පවරන ලදී. රාහු අසුරයා ඌරෙකුගේ වෙස්ගෙන මලේ රජුගේ නදුන් උයන විනාශ කිරීමට පටන් ගත්තේය. වැදි යකුන් දොළොස් දෙනකු සමඟ මලේ රජු ඌරාව ලුහුබඳී. ඌරා මුහුදු තරණය කර මෙම පිරිස ලක්දිවට ගෙන එයි. ලක්දිවට පැමිණි පසු රජුගේ ඊතල පහර වැදී ඌරා ගල් වෙයි. මෙය දෙවියන්ගේ උපායක් බව මලය රජුට අවබෝධ වන්නේ එවිටය. මලය රජු මදුරා පුරයෙන් දෙදෙනකු ද ගෙන්වාගෙන උපතිස්ස නුවර නන්දන නම් මහමෙවුනා උයනේ රඟමඬලක් තනා උත්සවශ්‍රීයෙන් යාතුකර්මය සිදුකරයි. පඬුවස් නිරිඳුගේ දිවි දෝෂය ඉන් පහව ගියේය. මෙම මුල්ම උත්සවය රන් රිදී රඹ කොරසින් යුතු මඩුවක දින හතක් වලියක් මංගල්‍යය, දින හතක් වැදියන් මංගල්‍යය එක් දිනක් කොහොඹයක් මංගල්‍යය, දින හතක් පිටියක් මංගල්‍යය වශයෙන් සිදුකළ යුතු බව කියෑවේ. කොහොඹා කංකාරියේදී අලුත් කොහොඹ, පරණ කොහොඹා, මහ කොහොඹා යන කොහොඹා තුන් තට්ටුවක්, කන්දෙ බණ්ඩාර, කුමාර බණ්ඩාර, අතරගම බණ්ඩාර, හත් කට්ටුවක් ද, වැදියකුන් දොළොසක් ද කඩවර දෙවිවරු තිස්දෙකක් ද කංකාරියේදී පිදුම් ලබති. මෙම දෙවිවරු ප්‍රමාණය හා නම් ද එක් එක් යක්දෙහි පරම්පරා අනුව හා ඒ ඒ ප්‍රදේශ අනුව වෙනස්කම් දක්නට ලැබේ.

කොහොඹා කංකාරියක් කිරීමට පෙර ඇප වශයෙන් ගසක් වෙන්කරනු ලැබේ. ඒ සඳහා තෝරා ගනු ලබන්නේ පොල්ගසකි. එම ගසේ කඳ වටා ගොක්කොළ වළල්ලක් බැඳීමෙන් ඇප වෙන්කිරීම සිදුකරනු ලැබේ. කංකාරි මඩුවක් තනවන බවට පොරොන්දු වීම මෙහිදී සිදු කෙරේ. කංකාරියට අවශ්‍ය පොල්තෙල් හිඳින්නේ ද එම පොල්ගසෙන් ගන්නා ගෙඩිවලින්ය. කංකාරිය කරන ප්‍රධාන යක්දෙස්සා විසින් මඩුවේ කප් සිටුවීමට අදාළ සුබ දිනයක් ලබාදෙයි. කප වශයෙන් යොදාගනු ලබන්නේ නෑඹුල් (ගෙඩි හට නොගත්) කොස් ගසකි. සූදානම් කරගත් කොස් ලීය පොළොවෙහි අටමහලයක් ඇඳ ඒ මැද සිටුවීම සිරිතයි. මඩු තැනීම ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. මඩුව තැනීමට අවශ්‍ය දැව හා භාණ්ඩ කල්ඇතිව වෙන්කොට තබනු ලැබේ. එය පේ කිරීම ලෙස හැඳින්වේ. මඩුවේ ප්‍රමාණය සාමාන්‍යයෙන් සඳහන් වන්නේ "හැටපා" මඩුවක් ලෙසිනි. එනම් පාද හැටක් හෙවත් කනු හැටක් තිබීමයි. එසේ වුවද ඇතැම් විට මෙම ප්‍රමාණය වෙනස් වන අවස්ථා ද ඇත. සිත් ඇදගන්නා සුළු මල් හා පෙති කැටයම් සහිත සැරසිලිවලින් මඩුව අලංකාර කෙරේ. මඩුවේ කනුවල තල්, පොල්, නවසි, බෝධිලි හා තැඹිලි යන ගෙඩි වලු බඳිනු ලැබේ. ගොක් කොළ ඉදුණු කොට්ටං කොළ යනාදියේ විවිධ මෝස්තර අලංකාර කෙරේ. මඩුවෙහි උඩුවියන් බැඳ එක් පසකින් මල් පහන් සහිත තට්ටු හා කාමර තුනකින් යුතු "යක්සාය" සකස් කෙරේ. එම යක්ෂයා ද විසිතුරු ලෙස අලංකාර කෙරේ. යක් ගෙය දෙපස රඹ කැන් එල්ලනු ලැබේ. දේවාභරත තැන්පත් කරනුයේ යක්ගෙයි මල්යහන් මතය.

යක්ගෙට විරුද්ධ පැත්තෙන් අයිලය සකස් කරනු ලැබේ. මුහේ (මුවේ) ඇති කෙසෙක් ගස් නවයක් සිටුවා කෙසෙල් පතුරු හා ගොක් කොළවලින් සැරසිලි කර අයිලය සකස් කෙරේ. නැට්ටුවන් නටන්නේ අයිලය හා යක්ගෙය අතර භූමියෙහිය.

කංකාරි මඩුව සකස් කිරීමෙන් අනතුරුව මඩුපේ කිරීම සිදුකෙරේ. මඩුව තුළ පිනිදිය සඳුන් මිශ්‍ර ජලය, කිරිදියර ඉස ශුද්ධ පවිත්‍ර කර යාතිකා කරමින් මඩුව පේ කිරීම කරයි. මඩු පේ කිරීමෙන් අනතුරුව මඩුව ඇතුළට කිලි අසුවන ස්ත්‍රීන් වැනි අයට පැමිණීමට අවසර නොදෙයි. මඩු පේ කිරීම සිදුකරනුයේ කංකාරි මඩුව නැටීමට පෙර දිනයේය. දෙවියන් වෙනුවෙන් පිසින ආහාර සඳහා ජලය ලබාගන්නා ළිඳක් හෝ ඇළක් වැනි ස්ථානයක් නම්කර එය ද පේ කිරීමක් කරනු ලබයි. මෙය කොට පේ කිරීම නමින් හැඳින්වේ.

කංකාරිය ආරම්භ වන්නේ දේවාභරණ වැඩම කරවීමෙන්ය. පංචතූර්ය නාදයෙන් යුතු පෙරහැරකින් දේවාලයේ සිට දේවාභරණ වැඩමවාගෙන විත් මල්යහනෙහි තැන්පත් කෙරේ. එය දෙවියන්ගේ සංකේතයක් ලෙස භාවිත කෙරේ. දෙවියන් යහනෙහි වැඩසිටින සේ සලකා කටයුතු කෙරේ. දෙවියන්ට සුවඳ දුම් ඇල්ලීම්, කෝල්මුර ගායනා කිරීම ආදිය සිදු කරනු ලැබේ. දෙවියන් සඳහා "අක්යාල" රැගෙන ඒම ද මෙවැනිම පෙරහැරකින් සිදු කෙරේ. අස්වැන්න නෙළාගත් පසු දෙවියන් සඳහා මුලින්ම වෙන්කොට තබනා කොටස "අක්යාල" නම් වේ. තැඹිලි ගසකින් මලක් කපාගෙන ඒම ද ශුද්ධ කටයුත්තක් ලෙස කංකාරිය ආරම්භයේදී සිදු කෙරේ. මල කැපීම "උතුරු කටුව උතුරට පානවා" යනුවෙන් හැඳින්වේ. උතුරු දෙසට ඇති තැඹිලි මලක් කැපීම මෙහිදී සිදු කෙරේ. ගසට සුවඳ දුම් අල්ලා කවි කියා මල කපාගෙන ඒම මල පේකිරීම ලෙස එය හැඳින්වේ.

මෙහි මූලික කාර්යයන් අවසන් වීමෙන් අනතුරුව ප්‍රධාන නර්තන අංග ඉදිරිපත් කිරීම සිදුවේ. එවැනි ප්‍රධාන නර්තන අංගයකි "මෙලෙයිහි යකුන් නැටීම". මෙහි සතුන් යෑයි යෙදුනද මෙය දෙවියන් උදෙසා කෙරෙන නැටුමකි. ප්‍රධාන මල් අසුනට කිට්ටු නොවන්නට පිළියෙල කළ පුදසුනක් ඉදිරියෙහි අටමගල ඇඳ බිම ආතුරයා වාඩිකරවා මල් බුලත් තටු ආතුරයා ළඟ තබා කවි ගායනා කරමින් නැටීම මෙහිදී සිදු කෙරේ. මෙම මලසුන ළඟ තබන පූජා භාණ්ඩ අතර වැදි පෙට්ටිය ද වෙයි. ඒ අනුව මෙය වැදියකුන් පිදීමකැයි ඇතැම්හු අදහස් කරති. පසුව විස්තර වශයෙන් සහ නැටුම්වල සාරාංශයක් මෙලෙයිහි යකුන් නැටීමේදී ඉදිරිපත් කෙරේ. මෙහිදී ආතුරයා ඉදිරිපිට පැදුරක විවිධ යාග භාණ්ඩ තබා පේකර පසුව වැදි පෙට්ටියක්, පැදුරක්, අමුකෑමක්, කුකුළු බිල්ලක් මුනින් අතට නැමූ වංගෙඩියක් වටේ තබනු ලැබ්. වංගෙඩිය මත සුදු රෙද්දක් එළා එහි පඬුරු තබනු ලැබේ. කුකුළු බිල්ල එක් අතකින් ද පොල් පහන අනෙක් අතින් ද ගෙන නටමින් නැට්ටුවා ආතුරයාට ශාන්ති කරනු ලැබේ.

මෙලෙයිහි යකුන් නැටීමෙන් අනතුරුව යක්දෙශ්සෝ තොටට ගොස් ඉස් සෝදා නාගනිති. යක් දෙවියන් විසින් වෙස් ඇඳුම් ඇඳගැනීම කරනු ලබන්නේ ඉන් අනතුරුවය. මෙලෙයිහි යකුන් නැටීමේදී එම වෙස් ඇඳුම් ඇඳීමක් නොකළහ. වෙස් ඇඳුම් ඇඳ යක්දෙස්සන්ව උඩුවියන් යටින් පෙරහැරකින් මඩුවට කැඳවාගෙන එනු ලැබේ. ඉන් අනතුරුව යක්දෙස්සනුත් බෙරකරුවොත් ඔවුනොවුන්ට ආචාර කර ගනිති.

කංකාරි මඩුවක එන මීළඟට වැදගත් අංගයකි අස්නෙ නැටීම. "විජය රජ කතාව" කුවේනි අස්න සිනබා අස්න යනාදී පොත්වල එන අයුරින් කවි ගායනා මගින් නිරූපණය කිරීම මෙහිදී සිදුකෙරේ. ඒ ඒ නර්තකයාගේ නර්තන හැකියාව මෙහිදී විදහා දැක්වීමට ඔවුහු උත්සාහ ගනිති. ප්‍රධාන යක්දෙස්සා කවි ගායනා ආරම්භය කරද්දී අනෙක් යක්දෙස්සනුත් අත්වැල අල්ලයි. අස්සනය කියන විට නොව ඉන් අනතුරුව කරනු ලබන බෙර මාත්‍රා වැයීමට අනුව නැටීම සිදු කරයි.

කංකාරි මඩුවේ හත්පදේ නැටීමේ අවස්ථාව ද සුවිශේෂී අවස්ථාවකි. හත්පදේ ලෙස සලකන්නේ, බුලත් පදය, කොතලපදය, මල් පදය, අඟුරු දුම්මල පදය, සළු පදය, පොල් පදය, ආවළඳ පදය යන පදයන්ය. ඒ ඒ පදවලට අනුව යම් යම් රංගන ඉදිරිපත් කෙරේ. කංකාරි මඩුවක සිත් ඇදගන්නාසුළු නාට්‍යමය රංගන මෙම අවස්ථාවේ දැකගත හැකිය. කොකල පදය නටන්නා සුදු වස්ත්‍රයකින්, හිසද ආවරණය කරගෙන ස්ත්‍රියකගේ හාව භාව ලීලාවන් හා නර්තන විලාසයන් දක්වයි. පහතරට තොවිලයක එන දහඅටපාලි අවස්ථා මීට යම් සමානකමක් ගනී.

යක්කම් පහ නමින් හැඳින්වෙන පූජා විධිය ද කොහොඹා කංකාරියේ වැදගත් අවස්ථාවකි. වැදි යන්නට ඉන් පළමු වැන්නයි. වැද්දන් ගිවිස්සීමෙන් මෙය ආරම්භ වෙයි. කොට්ටෝරුවා වැද්දා ලෙසත් යක්දෙස්සා මලය රජු ලෙසත් රංගනයේ යෙදේ. වැද්දා පිරුවටයක් ඇඳ රෙදි කැබැල්ලක් කරේ දමාගෙන සිටියි. මලය රජු වැද්දා එලවාගෙන යන අයුරින් බිම ඵළා ඇති පැදුරක් වටා දෙදෙනාම දිව යැම සිදුකරති. කඳ හරහට තැබූ වංගෙඩියක් වටා වැද්දන් යක්දෙස්සාත් නැටීම සිදුකරති. වැද්දාට මල්මාලයක් දමා වැද්දා සමාජගත කිරීම නිරූපණය කරයි. වැද්දා හූවක් තබා සියල්ලන්ටම තම සන්තෝෂය ප්‍රකාශ කරයි. ආතුරයාට දොළොස් වසරක් ආරක්ෂාව ලැබෙන්න යෑයි ආශිර්වාද කර පැන දුවයි.

නයා යක්කමේදී යක්දෙස්සා වී වැනීම, වී වේලීම, වී කෙටීම, අභිනය මගින් අභිනය මගින් ඉදිරිපත් කරයි. සෝළිය ගුරු නමැති පූජකයකුට දානය ගෙනයන ගැමියකුට නයෙක් දෂ්ට කිරීමේ සිද්ධිය නිරූපණය කිරීම නයා යක්කම නම් වේ.

ඌරු යක්කමේදී මලය රජුගේ උයන විනාශ කිරීමට ආරම්භ කළ ඌරා සම්බන්ධ විස්තරය හාස්‍යය මුසු දෙබස් සමගින් රඟපෑම සිදුකෙරේ. ඌරා යක්කම අවසානයේ ඌරාගේ මස් ගම්වැසියන් අතර බෙදන ආකාරය නිරූපණය හාස්‍යජනක අවස්ථාවකි. පුද්ගල තරාතිරම අනුව මස් ප්‍රමාණයේ අඩුවැඩිකම තීරණය කරයි. දර්පණ යක්කම හා අයිලේ යක්කම සමඟ යක්කම් පහක් ලෙස ගණනය කෙරේ.

කංකාරි මඩුවේ හාල්, පොල්, එළවළු ආදිය ගබඩා කළ කොටස ගබඩාව ලෙස හැඳින්වේ. කංකාරි මඩුව අවසන් වන විට ගබඩාව කොල්ල කෑමක් නිරූපණය කරයි. එය "ගබඩා කොල්ලය" ලෙස හැඳින්වේ. ගබඩාවට දුම්මල දුම් අල්ලා ගබඩාවේ ඇති දෑ ප්‍රධාන යක්දෙස්සා විසින් ලබාගැනීම ගබඩා කොල්ලයේදී සිදුවේ.

මෙම ප්‍රධාන සිද්ධීන්ට අමතරව සීතාපති, සිංහවල්ලි, පඬුවස් විස්තරය, දඬුමොනර කතාව යන කතා පහ රඟදැක්වීම හා පලවැල දානය, ඌරුදානය, වැදි දානය, සුරබි දානය, දිවි දානය යන දාන පහට සම්බන්ධ පුවත් වෘත්තාන්ත ලෙස ගායනාවේ යෙදීමද මල් යහන් කවි හා කෝල්මුර කවි ගායනය ද යන අවස්ථා දක්නට ලැබේ. කංකාරිය අවසන් වන විට ප්‍රධාන යක්දෙස්සා විසින් දුන්න රැගෙන ගොස් සිටුවා ඇති කෙසෙල් ගසේ මුහට (මුවට) විද දුන්න කඩා දමා ගෙඩි වහලට උඩින් කෙසෙල් මුහ (මුව) බිහිකරනු ලැබේ. මෙය මුහමල විදීම ලෙස හැඳින්වේ.

කොහොඹ කංකාරිය අවසන් කරන්නේ සියලු රෝග ධූරිභූත වන ලෙස යදිමින් කප ගැලවීමෙනි. කොහොඹා කංකාරිය ජන විශ්වාස හා ජන ඇදහිලි සමඟ දැඩිව සම්බන්ධ වූ උඩරට ප්‍රදේශයට ආවේණික වූ ශාන්ති කර්මයකි.

කොහොඹා කංකාරිය සිද්ද කරනකොට කරන ප්‍රධාන යාතුකර්ම කොටස් ටික

- කප් සිටුවීම

- දේවාභරණ අයිලයට වැඩමවීම

- මහයාතිකාව

- මගුල් බෙර වැයීම

- ආතත හෙවත් යහන් බෙර වැයීම

- යක් ඇණවුම

- අයිලය යැදීම / දේවාරාධනාව

- අස්නේ නැටීම

- යක් තුන් පද නැටීම

- හත් පද පෙළපාලිය

- ගුරුගේ මාලාව

- මල් යහන කවි

- කතා පහ නැටීම

- දාන පහ

- දුනු මාලප්පුව

- කෝල් නඩුව

- ආවැන්දුම

- යක්කම පහ නැටීම

- මල් හත් පදය නැටීම

- හත්තාලය නැටීම

- කප ගැලවීම

- කඩවර ගොටුව

- ගබඩා කොල්ලය

- ගෙට ගිනි තැබීම

- කොහොඹා හෑල්ල

- මුව මල පිදීම

- මාරාව නැටීම

කප් සිටුවීම

කංකාරිය කරන ප්‍රධාන යක්දෙස්සා විසින් මඩුවේ කප් සිටුවීමට අදාළ සුබ දිනයක් ලබාදෙයි. කප වශයෙන් යොදාගනු ලබන්නේ නෑඹුල් (ගෙඩි හට නොගත්) කොස් ගසකි. සූදානම් කරගත් කොස් ලීය පොළොවෙහි අටමහලයක් ඇඳ ඒ මැද සිටුවීම සිරිතයි.

දේවාභරණ අයිලයට වැඩමවීම

මේකෙදී පංච තූර්ය නාද කරමින් දේවාලයක ඉඳලා කංකාරි මඩුවට දේවාභරණ වැඩම කරවනවා . දෙවියන් සංකේතවත් කරන්න තමයි මෙහෙම දේවාභරණ වැඩම කරවන්නේ . ඒ දේවාභරණ මල් යහනේ තැම්පත් කරලා සුවඳ දුම් අල්ලලා පහන් පත්තු කරලා කෝල්මුර කවි ගායනා කරනවා .

මහ යාතිකාව

මල් යහන ගාව හදපු පොඩි මල් යහනක් ළඟ අටමගල ඇඳලා එතන ආතුරයා වාඩිකරවලා පූජාභාණ්ඩ තියලා කවි කිය කිය ආතුරයාට සෙත් ශාන්ති කරනවා . ඊටත් පස්සේ කුකුල් බිල්ලක් සහ පොල් පහනක් අතට අරගෙන නර්තනයේ යෙදෙමින් කවි ගායනා කරමින් ආතුරයාට සෙත් ශාන්ති කරනවා .

මගුල් බෙර වැයීම

කංකාරියට වාදනය කරන්නේ ගැට බෙරය . මේ බෙර හරියට සුෂර කරලා සුවඳ දුම් අල්ලලා තෙරුවන් ගුණ සිහිකරලා තෙරුවන් කෙරෙහි පූජාවක් විදියට මගුල්බෙර පද වාදනය කරනවා . කොහොඹ ලීයෙන් හදපු බෙර පාවිච්චි කරනවා .

ආතත හෙවත් යහන් බෙර වැයීම

මගුල් බෙර වාදනය කරාට පස්සේ එක එක බෙර වාදකන් ඉදිරියට ඇවිල්ලා තමාගේ දක්ෂකම් පෙන්නන්න හොඳ හොඳ පද වාදනය කරනවා . යහන බෙර වාදනය කියන්නේ ඒකට .

යහන් බෙර වාදනය ඉවර උනාම දැන් නර්තන ශිල්පීන් නාලා පිරිසිදුවෙලා වෙස් තට්ටුව පැළඳ ගන්නවා . වෙස් බැන්දට පස්සේ මේ යක්දෙස්සන් උඩුවියනක් යටින් කංකාරි මඩුවට කැඳවාගෙන එනවා . ඒ ආවම මෙයාලා බෙරකාරයන් එක්ක ආචාර කර ගැනීමක් සිද්ද වෙනවා .

යක් ඇණවුම

දෙවියන් සහ භූතයන් සියලුදෙනාට මල් යහන කරා වඩින්න කියලා ආරාධනා කරමින් කවි ගායනා කර කර බෙර වාදන මැද්දේ නර්තන ඉදිරිපත් කිරීම මේ යක් ඇණවුමෙදී සිදුවෙනවා

අයිලය යැදීම

අයිලයට වඩින්න කියලා වැදී යක්කු දොළොස් කට්ටුවට ආරාධනාකිරීම අයිලය යදීමේදී සිදු කෙරෙනවා .

අස්නේ නැටීම

කුවේණි අස්න , සිනබා අස්න වගේ කවි ගායනා කර කර මේ අවස්ථාවේදී නර්තන ඉදිරිපත් කරනවා . ප්‍රධාන යක්දෙස්සා කවි ගායනා කිරීම ආරම්භ කරත්දී අනිත් යක් දෙස්සන් අත්වැල් අල්ලමින් මේ කවි ගායනාකරනවා . එක එක යක් දෙස්සන් තමන්ගේ නර්තන හැකියාව ඉදිරිපත් කරන්න මේ අස්නේ නැටීම උපයෝගී කරගන්නවා .

යක් තුන් පද නැටීම

නැටීම කිව්වට ඉතිං මේකේ නැටීමක් වෙන්නේ නෑ . දක්ෂ බෙර වාදකයින් දෙන්නා බැගින් මාරුවෙන් මාරුවට බෙර වාදන ඉදිරිපත් කිරීම යක් තුන් පද නැටීම කියලා කියනවා .

හත්පද පෙළපාලිය

මේ හත් පද නැටීම ශාශ්ත්‍රීය නැටුමේ ඉහලම අංගයක් කියලා හඳුන්වනවා . ඒ ඒ පදයට වෙන් වෙච්ච බෙර පද හතක් එක්කම මේ හත් පද නැටීම කෙරෙනවා .

මුට්ටි පදය

දුම්මල පදය

මල් පදය

බුලත් පදය

කොතල පදය

සළු පදය

පොල් පදය

තමයි ඒ පද හත

ගුරුගේ මාලාව

මේ ගුරුගේ මාලාව කියන අංගයට බත්මාලාව කියලත් කියනවා . මේක ප්‍රධාන කොටස් දෙකකින් කෙරෙනවා . නාට්‍යමය කොටස් වලින් මුල් කොටසත් කවි ගායනා වලින් තව කොටසකුත් මේ අංගයේ අන්තර්ගත වෙනවා ,

මල් යහන කවි

මල් යහන වලට දෙවියන් වඩින්න කියලා ආරාධනා කරන කවි ගායනා කිරීමක් මේ අංගයේදී සිද්ද කරනවා

කතා පහ නැටීම

විජය රාජ කතාව - විජය කුවේණි කතාව

කුවේණි කතාව - කුවේණි උත්පත්තිය

පඬුවස් කතාව - විජයාවතරණය / දිවි දෝෂය

දඬු මොනර කතාව - කොහොඹා දෙවියන්ගේ උපත

සීතාපතී කතාව - මලය රජ තුන් කට්ටුවේ උපත

මෙන්න මේ කතා පහ කවි ගායනා කරමින් නර්තනයේ යෙදෙමින් ඉදිරිපත් කිරීම කරනවා .

දාන පහ නැටීම

වැදී දානය - වැද්දන් ගැන කතාවක්

ඌරු දානය - මලය රජුගේ ලංකා ගමන

දිවි දානය - දිවි දෝෂය ගැන

පලවැල දානය - මලය රජු උපත

සුරබි දානය - කොහොඹා කංකාරිය උපත පිලිබඳ කතාව

මේවත් කතා . කලින් වගේම කවි ගායනා එක්ක නටමින් මේ කතා ඉදිරිපත් කරනවා .

දුනු මාලප්පුව

දුන්නක් අතින් අරගෙන කරන රංගනයක් මේක . මලය රජතුමා ඌරට විදින්න ආපු සිද්දිය තමයි මේකෙන් කියා පාන්නේ .

කෝල් කඩුව

කෝලායුධය කියලා දෙවියන්ගේ ආයුධයක් තියෙනවා . ඒ වගේ එකක් අතට අරගෙන මේ රංගනය ඉදිරිපත් කරනවා . කෝල් මුර ගායනා කිරීමකුත් මේකෙදී වෙනවා

ආවැත්දුම

වට්ටම් 12 කින් වගේම අඩවූ කස්තිරම් ගණනාවකින්ම වගේ හස්ත මුද්‍රා ගනාවක්ම තියෙන මේ රංගනය තමයි කොහොඹා කංකාරියේ වඩාත්ම දීර්ගම නර්තනය

මල් හත් පදය

මේක නටන්නේ වීර මුණ්ඩ දෙවියන් වෙනුවෙන් . යක් දෙස්සන් හතර දෙනෙක් පොල් මල් අතට අරගෙන තමයි මේ නර්තනය සිදු කරන්නේ .

යක්කම් පහ නැටීම

මේක ටිකක් හිනා යන කතා එහෙම තියෙන නැටුම් ඉදිරිපත් කිරීම් පහක් .

වැදී යක්කම

නයා යක්කම

ඌරා යක්කම

දර්ශනී යක්කම

මහ යක්කම

හත්තාලය නැටීම

තුන් සරණේ කවි ගායනා කරමින් මේ රංගනයේ යෙදෙනවා .

කප ගැලවීම

කවි ගායනා කිරීම අතරේ ප්‍රධාන යක්දෙස්සා විසින් කප ගැලවීම සිද්ද කරනවා .

කඩවර පිදීම

මේකෙදී කරන්නේ කඩවර දෙවියන්ට බත් කෙසෙල් වට්ටක්කා කරවල බුලත් පුවක් සහිත පූජාවක් පූජා කිරීම . කඩවර ගොටුව ආතුරයාගේ ඔලුවේ තියාගෙන කඩවර කවි , සිරසපාද කවි කියමින් සෙත් ශාන්ති කරනවා

ගබඩා කොල්ලය

ඔය කංකාරි මඩුවට තියෙනවා පොඩි ගබඩාවක් . මේකේ තමයි කංකාරියට ගන්න හාල් පොල් තියෙන්නේ . ප්‍රධාන යක්දෙස්සා වීරමුන්ඩ දෙවියන්ගේ වෙස් අරගෙන ගබඩාව කොල්ල කනවා නාට්‍යමය ආකාරයෙන් පෙන්නනවා .

ගෙට ගිනි තැබීම

ගබඩාවේ තියෙන ඒවා යක්දෙස්සෝ බෙදා ගත්තට පස්සේ ගබඩාවට ගිනි තියනවා .

කොහොඹා හෑල්ල

කොහොඹා දෙවියන්ගේ උත්පත්ති කතාව ගායනයෙන් සහ නර්තනයෙන් ඉදිරිපත් කරනවා .

මුව මල පිදීම

දැන් කංකාරිය ඉවර වෙන්න ලඟයි . අයිලයේ පිටිපස්සේ තියෙන අර කෙසෙල් ගහක කෙසෙල් මුවයට ඊතලයකින් විදලා , මුවය කඩාගෙන ඊතලයෙන් කෙසෙල් මුව පතුරු ගහලා අයිලයට උඩින් වීසි කරලා කංකාරිය ඉවර කරන නැටුම ඉදිරිපත් කරනවා .

මාරා පද නැටීම

ප්‍රධාන යක්දෙස්සා මාරා පදය සහ ආලත්ති පදය කියන පද දෙකට අනුව හස්ත මුද්‍රාවෙන් කරන රංගනයක් මේක . ඒක නටලා ඉවරවෙලා කංකාරිය ඉවරයි කියලා තුන් පාරක් කියලා ප්‍රධාන බෙර කාරයා කරන ශාස්ත්‍රීය බෙර වාදනයෙන් කංකාරිය ඉවර වෙනවා .

කොහොඹා කංකාරියේදී අලුත් කොහොඹා , මහා කොහොඹා , පරණ කොහොඹා කියලා කොහොඹා දෙවිවරු තුන් කට්ටුවක් , බණ්ඩාර දෙවිවරු හත් කට්ටුවක් , වැදී යක්කු දොළොස් කට්ටුවක් , කඩවර යක්කු දෙතිස් කට්ටුව පිදුම් ලබනවා කියලා කියනවා .

ඔන්න ඔහොමයි කොහොඹා කංකාරිය නටන්නේ . කංකාරි නටන නර්තන ශිල්පීන් පෙරහැරවල් වලදී කරනම් ගහන්නේ නෑ කියලා දවසක් ටීවී එකේ කිව්වා . එහෙම කරනම් ගහනකොට වෙස් තට්ටුව බිම ගෑ උනොත් ඒක දෙවියන්ට කරන අගෞරවයක් විදියට ඒ ශිල්පීන් සලකනවා .

වෙස් තට්ටුව කියන්නේ කොහොඹා දෙවියන්ගේ හා මලය රජතුමාගේ ඇඳුම් කට්ටලය කියලා කියනවනේ. ගරු කරන්නේ ඒ කාරනාව මුල් කරගෙන වෙන්න ඕන .කංකාරි නටන අවුරුදු 80,90 විතර වයසක ගුරුන්නාන්සේලා තාමත් නුවර පළාතේ පිටිසර ගම් වල ඉන්නවා . හම්බුනොත් කතා කලරලා බලන්න . හරිම අහිංසක මිනිස්සු . බඩ කට පිරෙන්න බත් වේල හොයා ගන්න අමාරු උනත් මේ මිනිස්සු මෙච්චර කාලයක් මේවා ආරක්ෂා කරගෙන ආපු එකට අපි ඒ අයට පිං දෙන්න ඕන .

බලපු කට්ටිය මේක උඩ දාගෙන යන්න අනිත් අයටත් බලාගන්න ඕං..

උපුටා ගැනීම : මෙතනින්

[QUOTE="chinmak, post: 19739096, member: 516779"] [b]කොහොඹා~කංකාරිය[/b] [COLOR="DarkRed"][SIZE="5"][CENTER][B]උඩරට ශාන්ති කර්ම දෙවියන් උදෙසා සිදුකරන ශාන්ති කර්ම - කොහොඹා කංකාරිය[/B][/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://farm5.static.flickr.com/4080/4830616246_320e45645d.jpg[/IMG][/CENTER] [COLOR="Blue"][SIZE="3"]ශ්‍රී ලංකාවේ දෙවි දේවතාවෝ බුදුදහමටත්, කිතු දහමටත්, හින්දු දහමටත් සෘජුව සම්බන්ධ දෙවිදේවතාවෝ හා ගැමි ජනතාවගේ පාරම්පරික ඇදහිලිවලට අරක් ගත් දෙවි දේවතාවෝ වශයෙන් කොටස් දෙකක් වෙති. මෙම දෙවි දේවතාවුන් අතර සෙත් ශාන්ති ගෙන දෙන දෙවි දේවතා පිරිසක් ද වින කිරීම් හා රෝග උපද්‍රව කිරීම් කරනු ලබන දෙවි දේවතා පියසක් ද වෙති. ඊට අමතරව මෙම අංශ දෙකම නියෝජයන කරන දෙවිවරු සිටිති. කොහොඹා දෙවියෝ ඊට නිදසුන් වෙති. කොහොඹා කංකාරිය, කොහොඹා කම්කාරිය, කොහොඹා යක්කම යන ව්‍යවහාරයන්ගෙන් හඳුන්වන්නේ කොහොඹා දෙවියන් විෂයෙහි (කොහොඹා යනුවෙන් ද හැඳින්වේ.) පවත්වනු ලබන යාගෝත්සවයකි. මෙය ලංකාවේ මධ්‍යම කඳුකර ප්‍රදේශවලට ආවේනික වූ ශාන්ති කර්මයකි. කොහොඹා දෙවියන්ගේ උත්පත්තිය පිළිබඳ ජනප්‍රවාද කිහිපයකි. කොහොඹ ගසට අධිගෘහිත බැවින් කොහොඹ යකා යනුවෙන් හැඳින්වෙන බව එක් අදහසකි. දඹදිව බරණැස් නුවර ඉන්දර හා පද්මාවතී රජ යුවළගේ දුව වූ චන්ද්රකාමී කුමරිය හා කලිඟුරට කිරදාර හා මායාවතී රජ යුවළගේ පුත් සුරඹා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති කොට ගත් බවත්, සුරඹා නිසා ගැබ්ගත් චන්ද්රකාමී කුමරිය සුරඹා සමඟ රහසිගතව යන අතරමග වනයකදී කොහොඹ ගසක් යටදී පුත් රුවනක් ප්‍රසූත කළ බවත් එසේ උපන් කුමරා කොහොඹා නම් වූ බවත් ජනප්රවාදයේ එයි. "මලේ රාජකථාව" නම් ග්රන්ථයට හා "රාජාවාලිය" සඳහන් කරන ආකාරයට කොහොඹා යකාගේ උපත මීට වඩා වෙනස්ය. රාවණ රජු පැහැරගෙන ගිය තම බිසව වූ සීතා කුමරියගේ පතිවත ගැන සැක සිතූ විෂ්ණු ගැබ්ගෙන සිටි සීතා වනයට ගෙනගොස් මරා දමන ලෙස සමන් දෙවිඳුට අණ කළේය. නමුත් සීතාව කෙරෙහි අනුකම්පා උපදවාගත් සමන් සීතාවට වනයේදී ජීවිත දානය දී එකෙකුගේ ලෙයින් අසිපත කොටාගෙන විත් විෂ්ණුට දැන්වීය. ප්‍රසව වේදනාවෙන් සිටි සීතාව වැල්මනී නම් තාපසයාගේ උදව් ලැබිණි. ඇය දරුවා ප්‍රසූත කළාය. දරුවා තාපසයාට භාරකොට ඇය පළවැල එකතු කිරීමට ගිය අවස්ථාවක දරුවා යහනින් වැටී හඬමින් සිටිය නමුqත් දරුවා ස්පර්ශ කිරීම අකැප යෑයි සිතා යහනට මලක් දැමීමෙන් යහන මත කුමරෙකු නිර්මාණය විය. සීතා පැමිණ යහන මත වූ දරුවා නළවන අතර යහන යටින් ද දරුවකු හඬනු අසා ඇය කලබල වූවාය. ඒ ගැන තාපසයාගෙන් විමසූ විට තාපසයා තවත් දරුවකු මවා පෙන්වීය. සීතා මෙම දරුවන් තිදෙනාම ඇති දැඩි කළාය. මලේ රජදරුවන් ලෙස හැඳින්වූයේ මොවුන් තිදෙනාය. ඒ අනුව කොහොඹා දෙවියන් යනු මලේ රජම බව කියවේ. කොහොඹා උපත නම් ග්රන්ථ දෙකේ දැක්වෙන පරිදි නම් කොහොඹ දෙවි මලේ රජු නොව මලේ රජු විසින් මැවූ දොළොස් දෙවියන් අතර ප්‍රධාන දෙවියාය. කොහොඹ දෙවියන්ගේ පියා වැලිහෙළ නම් ගමේ වැසියකු බවත්. මව වෙළෙඳ කුලයේ ලෝක නම් කාන්තාවක බවත් එක් කොහොඹා උපතක දැක්වේ. ලෝකා බිසව ගැබ්ගත් කල්හි නිල් මහනෙල් මලක් සිහිනෙන් දුටුවාය. මෙසේ උපන් දරුවා හත් හැවිරිදි වියේදී දෙමාපිවන් හැර යන බවට නැකැතියන් විසින් අනාවැකි කියන ලදී. කුමරු සත් හැවිරිදි වියේදී දිය නාමින් සිටියදීම මලේ රජු දැක ඔහු පසුපස ගිය බව සඳහන් වේ. අනෙක් කොහොඹා උපතට අනුව පියා "නිරිඳු" නම් වන අතර මව ලෝකාසුරු වංශයේ බිසවකි. බිසව දකින සිහිනය වන්නේ බමුණෙකු විසින් ඇයට දුන් ආභරන රජ කෙනකු විසින් පැහැරගෙන යැමයි. කොහොඹා කංකාරියේ ආරම්භය ජනප්‍රවාද අනුව පඬුවස් නිරිඳුගේ කාලයට දිවයයි. විජය රජු මියගියේ කුවේනියගේ ශාපයකින් බව ජන විශ්වාසයයි. ඉන්පසු රජ වූ පඬුවස් රජුට ද එම ශාපයම හේතුවෙන් දිවි දෝෂයක් ඇති විය. දිවියෙකු සිහිනෙන් දැකීම නිසා ඇති වූ බිය මෙලෙස දිවි දොaෂය ලෙස හැඳින්වේ. පඬුවස් නිරිඳුගේ දිවිදොස් දුරු කිරීමට මානෙල් මලෙන් උපන් මලේ රජු කැඳවාගෙන එන ලෙස ශක්‍ර දේවේන්ද්‍රයා විසින් රාහු අසුරයාට පවරන ලදී. රාහු අසුරයා ඌරෙකුගේ වෙස්ගෙන මලේ රජුගේ නදුන් උයන විනාශ කිරීමට පටන් ගත්තේය. වැදි යකුන් දොළොස් දෙනකු සමඟ මලේ රජු ඌරාව ලුහුබඳී. ඌරා මුහුදු තරණය කර මෙම පිරිස ලක්දිවට ගෙන එයි. ලක්දිවට පැමිණි පසු රජුගේ ඊතල පහර වැදී ඌරා ගල් වෙයි. මෙය දෙවියන්ගේ උපායක් බව මලය රජුට අවබෝධ වන්නේ එවිටය. මලය රජු මදුරා පුරයෙන් දෙදෙනකු ද ගෙන්වාගෙන උපතිස්ස නුවර නන්දන නම් මහමෙවුනා උයනේ රඟමඬලක් තනා උත්සවශ්‍රීයෙන් යාතුකර්මය සිදුකරයි. පඬුවස් නිරිඳුගේ දිවි දෝෂය ඉන් පහව ගියේය. මෙම මුල්ම උත්සවය රන් රිදී රඹ කොරසින් යුතු මඩුවක දින හතක් වලියක් මංගල්‍යය, දින හතක් වැදියන් මංගල්‍යය එක් දිනක් කොහොඹයක් මංගල්‍යය, දින හතක් පිටියක් මංගල්‍යය වශයෙන් සිදුකළ යුතු බව කියෑවේ. කොහොඹා කංකාරියේදී අලුත් කොහොඹ, පරණ කොහොඹා, මහ කොහොඹා යන කොහොඹා තුන් තට්ටුවක්, කන්දෙ බණ්ඩාර, කුමාර බණ්ඩාර, අතරගම බණ්ඩාර, හත් කට්ටුවක් ද, වැදියකුන් දොළොසක් ද කඩවර දෙවිවරු තිස්දෙකක් ද කංකාරියේදී පිදුම් ලබති. මෙම දෙවිවරු ප්‍රමාණය හා නම් ද එක් එක් යක්දෙහි පරම්පරා අනුව හා ඒ ඒ ප්‍රදේශ අනුව වෙනස්කම් දක්නට ලැබේ. කොහොඹා කංකාරියක් කිරීමට පෙර ඇප වශයෙන් ගසක් වෙන්කරනු ලැබේ. ඒ සඳහා තෝරා ගනු ලබන්නේ පොල්ගසකි. එම ගසේ කඳ වටා ගොක්කොළ වළල්ලක් බැඳීමෙන් ඇප වෙන්කිරීම සිදුකරනු ලැබේ. කංකාරි මඩුවක් තනවන බවට පොරොන්දු වීම මෙහිදී සිදු කෙරේ. කංකාරියට අවශ්‍ය පොල්තෙල් හිඳින්නේ ද එම පොල්ගසෙන් ගන්නා ගෙඩිවලින්ය. කංකාරිය කරන ප්‍රධාන යක්දෙස්සා විසින් මඩුවේ කප් සිටුවීමට අදාළ සුබ දිනයක් ලබාදෙයි. කප වශයෙන් යොදාගනු ලබන්නේ නෑඹුල් (ගෙඩි හට නොගත්) කොස් ගසකි. සූදානම් කරගත් කොස් ලීය පොළොවෙහි අටමහලයක් ඇඳ ඒ මැද සිටුවීම සිරිතයි. මඩු තැනීම ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. මඩුව තැනීමට අවශ්‍ය දැව හා භාණ්ඩ කල්ඇතිව වෙන්කොට තබනු ලැබේ. එය පේ කිරීම ලෙස හැඳින්වේ. මඩුවේ ප්‍රමාණය සාමාන්‍යයෙන් සඳහන් වන්නේ "හැටපා" මඩුවක් ලෙසිනි. එනම් පාද හැටක් හෙවත් කනු හැටක් තිබීමයි. එසේ වුවද ඇතැම් විට මෙම ප්‍රමාණය වෙනස් වන අවස්ථා ද ඇත. සිත් ඇදගන්නා සුළු මල් හා පෙති කැටයම් සහිත සැරසිලිවලින් මඩුව අලංකාර කෙරේ. මඩුවේ කනුවල තල්, පොල්, නවසි, බෝධිලි හා තැඹිලි යන ගෙඩි වලු බඳිනු ලැබේ. ගොක් කොළ ඉදුණු කොට්ටං කොළ යනාදියේ විවිධ මෝස්තර අලංකාර කෙරේ. මඩුවෙහි උඩුවියන් බැඳ එක් පසකින් මල් පහන් සහිත තට්ටු හා කාමර තුනකින් යුතු "යක්සාය" සකස් කෙරේ. එම යක්ෂයා ද විසිතුරු ලෙස අලංකාර කෙරේ. යක් ගෙය දෙපස රඹ කැන් එල්ලනු ලැබේ. දේවාභරත තැන්පත් කරනුයේ යක්ගෙයි මල්යහන් මතය. යක්ගෙට විරුද්ධ පැත්තෙන් අයිලය සකස් කරනු ලැබේ. මුහේ (මුවේ) ඇති කෙසෙක් ගස් නවයක් සිටුවා කෙසෙල් පතුරු හා ගොක් කොළවලින් සැරසිලි කර අයිලය සකස් කෙරේ. නැට්ටුවන් නටන්නේ අයිලය හා යක්ගෙය අතර භූමියෙහිය. කංකාරි මඩුව සකස් කිරීමෙන් අනතුරුව මඩුපේ කිරීම සිදුකෙරේ. මඩුව තුළ පිනිදිය සඳුන් මිශ්‍ර ජලය, කිරිදියර ඉස ශුද්ධ පවිත්‍ර කර යාතිකා කරමින් මඩුව පේ කිරීම කරයි. මඩු පේ කිරීමෙන් අනතුරුව මඩුව ඇතුළට කිලි අසුවන ස්ත්‍රීන් වැනි අයට පැමිණීමට අවසර නොදෙයි. මඩු පේ කිරීම සිදුකරනුයේ කංකාරි මඩුව නැටීමට පෙර දිනයේය. දෙවියන් වෙනුවෙන් පිසින ආහාර සඳහා ජලය ලබාගන්නා ළිඳක් හෝ ඇළක් වැනි ස්ථානයක් නම්කර එය ද පේ කිරීමක් කරනු ලබයි. මෙය කොට පේ කිරීම නමින් හැඳින්වේ. කංකාරිය ආරම්භ වන්නේ දේවාභරණ වැඩම කරවීමෙන්ය. පංචතූර්ය නාදයෙන් යුතු පෙරහැරකින් දේවාලයේ සිට දේවාභරණ වැඩමවාගෙන විත් මල්යහනෙහි තැන්පත් කෙරේ. එය දෙවියන්ගේ සංකේතයක් ලෙස භාවිත කෙරේ. දෙවියන් යහනෙහි වැඩසිටින සේ සලකා කටයුතු කෙරේ. දෙවියන්ට සුවඳ දුම් ඇල්ලීම්, කෝල්මුර ගායනා කිරීම ආදිය සිදු කරනු ලැබේ. දෙවියන් සඳහා "අක්යාල" රැගෙන ඒම ද මෙවැනිම පෙරහැරකින් සිදු කෙරේ. අස්වැන්න නෙළාගත් පසු දෙවියන් සඳහා මුලින්ම වෙන්කොට තබනා කොටස "අක්යාල" නම් වේ. තැඹිලි ගසකින් මලක් කපාගෙන ඒම ද ශුද්ධ කටයුත්තක් ලෙස කංකාරිය ආරම්භයේදී සිදු කෙරේ. මල කැපීම "උතුරු කටුව උතුරට පානවා" යනුවෙන් හැඳින්වේ. උතුරු දෙසට ඇති තැඹිලි මලක් කැපීම මෙහිදී සිදු කෙරේ. ගසට සුවඳ දුම් අල්ලා කවි කියා මල කපාගෙන ඒම මල පේකිරීම ලෙස එය හැඳින්වේ. මෙහි මූලික කාර්යයන් අවසන් වීමෙන් අනතුරුව ප්‍රධාන නර්තන අංග ඉදිරිපත් කිරීම සිදුවේ. එවැනි ප්‍රධාන නර්තන අංගයකි "මෙලෙයිහි යකුන් නැටීම". මෙහි සතුන් යෑයි යෙදුනද මෙය දෙවියන් උදෙසා කෙරෙන නැටුමකි. ප්‍රධාන මල් අසුනට කිට්ටු නොවන්නට පිළියෙල කළ පුදසුනක් ඉදිරියෙහි අටමගල ඇඳ බිම ආතුරයා වාඩිකරවා මල් බුලත් තටු ආතුරයා ළඟ තබා කවි ගායනා කරමින් නැටීම මෙහිදී සිදු කෙරේ. මෙම මලසුන ළඟ තබන පූජා භාණ්ඩ අතර වැදි පෙට්ටිය ද වෙයි. ඒ අනුව මෙය වැදියකුන් පිදීමකැයි ඇතැම්හු අදහස් කරති. පසුව විස්තර වශයෙන් සහ නැටුම්වල සාරාංශයක් මෙලෙයිහි යකුන් නැටීමේදී ඉදිරිපත් කෙරේ. මෙහිදී ආතුරයා ඉදිරිපිට පැදුරක විවිධ යාග භාණ්ඩ තබා පේකර පසුව වැදි පෙට්ටියක්, පැදුරක්, අමුකෑමක්, කුකුළු බිල්ලක් මුනින් අතට නැමූ වංගෙඩියක් වටේ තබනු ලැබ්. වංගෙඩිය මත සුදු රෙද්දක් එළා එහි පඬුරු තබනු ලැබේ. කුකුළු බිල්ල එක් අතකින් ද පොල් පහන අනෙක් අතින් ද ගෙන නටමින් නැට්ටුවා ආතුරයාට ශාන්ති කරනු ලැබේ. මෙලෙයිහි යකුන් නැටීමෙන් අනතුරුව යක්දෙශ්සෝ තොටට ගොස් ඉස් සෝදා නාගනිති. යක් දෙවියන් විසින් වෙස් ඇඳුම් ඇඳගැනීම කරනු ලබන්නේ ඉන් අනතුරුවය. මෙලෙයිහි යකුන් නැටීමේදී එම වෙස් ඇඳුම් ඇඳීමක් නොකළහ. වෙස් ඇඳුම් ඇඳ යක්දෙස්සන්ව උඩුවියන් යටින් පෙරහැරකින් මඩුවට කැඳවාගෙන එනු ලැබේ. ඉන් අනතුරුව යක්දෙස්සනුත් බෙරකරුවොත් ඔවුනොවුන්ට ආචාර කර ගනිති. කංකාරි මඩුවක එන මීළඟට වැදගත් අංගයකි අස්නෙ නැටීම. "විජය රජ කතාව" කුවේනි අස්න සිනබා අස්න යනාදී පොත්වල එන අයුරින් කවි ගායනා මගින් නිරූපණය කිරීම මෙහිදී සිදුකෙරේ. ඒ ඒ නර්තකයාගේ නර්තන හැකියාව මෙහිදී විදහා දැක්වීමට ඔවුහු උත්සාහ ගනිති. ප්‍රධාන යක්දෙස්සා කවි ගායනා ආරම්භය කරද්දී අනෙක් යක්දෙස්සනුත් අත්වැල අල්ලයි. අස්සනය කියන විට නොව ඉන් අනතුරුව කරනු ලබන බෙර මාත්‍රා වැයීමට අනුව නැටීම සිදු කරයි. කංකාරි මඩුවේ හත්පදේ නැටීමේ අවස්ථාව ද සුවිශේෂී අවස්ථාවකි. හත්පදේ ලෙස සලකන්නේ, බුලත් පදය, කොතලපදය, මල් පදය, අඟුරු දුම්මල පදය, සළු පදය, පොල් පදය, ආවළඳ පදය යන පදයන්ය. ඒ ඒ පදවලට අනුව යම් යම් රංගන ඉදිරිපත් කෙරේ. කංකාරි මඩුවක සිත් ඇදගන්නාසුළු නාට්‍යමය රංගන මෙම අවස්ථාවේ දැකගත හැකිය. කොකල පදය නටන්නා සුදු වස්ත්‍රයකින්, හිසද ආවරණය කරගෙන ස්ත්‍රියකගේ හාව භාව ලීලාවන් හා නර්තන විලාසයන් දක්වයි. පහතරට තොවිලයක එන දහඅටපාලි අවස්ථා මීට යම් සමානකමක් ගනී. යක්කම් පහ නමින් හැඳින්වෙන පූජා විධිය ද කොහොඹා කංකාරියේ වැදගත් අවස්ථාවකි. වැදි යන්නට ඉන් පළමු වැන්නයි. වැද්දන් ගිවිස්සීමෙන් මෙය ආරම්භ වෙයි. කොට්ටෝරුවා වැද්දා ලෙසත් යක්දෙස්සා මලය රජු ලෙසත් රංගනයේ යෙදේ. වැද්දා පිරුවටයක් ඇඳ රෙදි කැබැල්ලක් කරේ දමාගෙන සිටියි. මලය රජු වැද්දා එලවාගෙන යන අයුරින් බිම ඵළා ඇති පැදුරක් වටා දෙදෙනාම දිව යැම සිදුකරති. කඳ හරහට තැබූ වංගෙඩියක් වටා වැද්දන් යක්දෙස්සාත් නැටීම සිදුකරති. වැද්දාට මල්මාලයක් දමා වැද්දා සමාජගත කිරීම නිරූපණය කරයි. වැද්දා හූවක් තබා සියල්ලන්ටම තම සන්තෝෂය ප්‍රකාශ කරයි. ආතුරයාට දොළොස් වසරක් ආරක්ෂාව ලැබෙන්න යෑයි ආශිර්වාද කර පැන දුවයි. නයා යක්කමේදී යක්දෙස්සා වී වැනීම, වී වේලීම, වී කෙටීම, අභිනය මගින් අභිනය මගින් ඉදිරිපත් කරයි. සෝළිය ගුරු නමැති පූජකයකුට දානය ගෙනයන ගැමියකුට නයෙක් දෂ්ට කිරීමේ සිද්ධිය නිරූපණය කිරීම නයා යක්කම නම් වේ. ඌරු යක්කමේදී මලය රජුගේ උයන විනාශ කිරීමට ආරම්භ කළ ඌරා සම්බන්ධ විස්තරය හාස්‍යය මුසු දෙබස් සමගින් රඟපෑම සිදුකෙරේ. ඌරා යක්කම අවසානයේ ඌරාගේ මස් ගම්වැසියන් අතර බෙදන ආකාරය නිරූපණය හාස්‍යජනක අවස්ථාවකි. පුද්ගල තරාතිරම අනුව මස් ප්‍රමාණයේ අඩුවැඩිකම තීරණය කරයි. දර්පණ යක්කම හා අයිලේ යක්කම සමඟ යක්කම් පහක් ලෙස ගණනය කෙරේ. කංකාරි මඩුවේ හාල්, පොල්, එළවළු ආදිය ගබඩා කළ කොටස ගබඩාව ලෙස හැඳින්වේ. කංකාරි මඩුව අවසන් වන විට ගබඩාව කොල්ල කෑමක් නිරූපණය කරයි. එය "ගබඩා කොල්ලය" ලෙස හැඳින්වේ. ගබඩාවට දුම්මල දුම් අල්ලා ගබඩාවේ ඇති දෑ ප්‍රධාන යක්දෙස්සා විසින් ලබාගැනීම ගබඩා කොල්ලයේදී සිදුවේ. මෙම ප්‍රධාන සිද්ධීන්ට අමතරව සීතාපති, සිංහවල්ලි, පඬුවස් විස්තරය, දඬුමොනර කතාව යන කතා පහ රඟදැක්වීම හා පලවැල දානය, ඌරුදානය, වැදි දානය, සුරබි දානය, දිවි දානය යන දාන පහට සම්බන්ධ පුවත් වෘත්තාන්ත ලෙස ගායනාවේ යෙදීමද මල් යහන් කවි හා කෝල්මුර කවි ගායනය ද යන අවස්ථා දක්නට ලැබේ. කංකාරිය අවසන් වන විට ප්‍රධාන යක්දෙස්සා විසින් දුන්න රැගෙන ගොස් සිටුවා ඇති කෙසෙල් ගසේ මුහට (මුවට) විද දුන්න කඩා දමා ගෙඩි වහලට උඩින් කෙසෙල් මුහ (මුව) බිහිකරනු ලැබේ. මෙය මුහමල විදීම ලෙස හැඳින්වේ. කොහොඹ කංකාරිය අවසන් කරන්නේ සියලු රෝග ධූරිභූත වන ලෙස යදිමින් කප ගැලවීමෙනි. කොහොඹා කංකාරිය ජන විශ්වාස හා ජන ඇදහිලි සමඟ දැඩිව සම්බන්ධ වූ උඩරට ප්‍රදේශයට ආවේණික වූ ශාන්ති කර්මයකි. [B]කොහොඹා කංකාරිය සිද්ද කරනකොට කරන ප්‍රධාන යාතුකර්ම කොටස් ටික[/B] - කප් සිටුවීම - දේවාභරණ අයිලයට වැඩමවීම - මහයාතිකාව - මගුල් බෙර වැයීම - ආතත හෙවත් යහන් බෙර වැයීම - යක් ඇණවුම - අයිලය යැදීම / දේවාරාධනාව - අස්නේ නැටීම - යක් තුන් පද නැටීම - හත් පද පෙළපාලිය - ගුරුගේ මාලාව - මල් යහන කවි - කතා පහ නැටීම - දාන පහ - දුනු මාලප්පුව - කෝල් නඩුව - ආවැන්දුම - යක්කම පහ නැටීම - මල් හත් පදය නැටීම - හත්තාලය නැටීම - කප ගැලවීම - කඩවර ගොටුව - ගබඩා කොල්ලය - ගෙට ගිනි තැබීම - කොහොඹා හෑල්ල - මුව මල පිදීම - මාරාව නැටීම [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="3"][B]කප් සිටුවීම[/B] කංකාරිය කරන ප්‍රධාන යක්දෙස්සා විසින් මඩුවේ කප් සිටුවීමට අදාළ සුබ දිනයක් ලබාදෙයි. කප වශයෙන් යොදාගනු ලබන්නේ නෑඹුල් (ගෙඩි හට නොගත්) කොස් ගසකි. සූදානම් කරගත් කොස් ලීය පොළොවෙහි අටමහලයක් ඇඳ ඒ මැද සිටුවීම සිරිතයි. [B] දේවාභරණ අයිලයට වැඩමවීම[/B] මේකෙදී පංච තූර්ය නාද කරමින් දේවාලයක ඉඳලා කංකාරි මඩුවට දේවාභරණ වැඩම කරවනවා . දෙවියන් සංකේතවත් කරන්න තමයි මෙහෙම දේවාභරණ වැඩම කරවන්නේ . ඒ දේවාභරණ මල් යහනේ තැම්පත් කරලා සුවඳ දුම් අල්ලලා පහන් පත්තු කරලා කෝල්මුර කවි ගායනා කරනවා . [B]මහ යාතිකාව[/B] මල් යහන ගාව හදපු පොඩි මල් යහනක් ළඟ අටමගල ඇඳලා එතන ආතුරයා වාඩිකරවලා පූජාභාණ්ඩ තියලා කවි කිය කිය ආතුරයාට සෙත් ශාන්ති කරනවා . ඊටත් පස්සේ කුකුල් බිල්ලක් සහ පොල් පහනක් අතට අරගෙන නර්තනයේ යෙදෙමින් කවි ගායනා කරමින් ආතුරයාට සෙත් ශාන්ති කරනවා . [B]මගුල් බෙර වැයීම[/B] කංකාරියට වාදනය කරන්නේ ගැට බෙරය . මේ බෙර හරියට සුෂර කරලා සුවඳ දුම් අල්ලලා තෙරුවන් ගුණ සිහිකරලා තෙරුවන් කෙරෙහි පූජාවක් විදියට මගුල්බෙර පද වාදනය කරනවා . කොහොඹ ලීයෙන් හදපු බෙර පාවිච්චි කරනවා . [B]ආතත හෙවත් යහන් බෙර වැයීම[/B] මගුල් බෙර වාදනය කරාට පස්සේ එක එක බෙර වාදකන් ඉදිරියට ඇවිල්ලා තමාගේ දක්ෂකම් පෙන්නන්න හොඳ හොඳ පද වාදනය කරනවා . යහන බෙර වාදනය කියන්නේ ඒකට . යහන් බෙර වාදනය ඉවර උනාම දැන් නර්තන ශිල්පීන් නාලා පිරිසිදුවෙලා වෙස් තට්ටුව පැළඳ ගන්නවා . වෙස් බැන්දට පස්සේ මේ යක්දෙස්සන් උඩුවියනක් යටින් කංකාරි මඩුවට කැඳවාගෙන එනවා . ඒ ආවම මෙයාලා බෙරකාරයන් එක්ක ආචාර කර ගැනීමක් සිද්ද වෙනවා . [B]යක් ඇණවුම[/B] දෙවියන් සහ භූතයන් සියලුදෙනාට මල් යහන කරා වඩින්න කියලා ආරාධනා කරමින් කවි ගායනා කර කර බෙර වාදන මැද්දේ නර්තන ඉදිරිපත් කිරීම මේ යක් ඇණවුමෙදී සිදුවෙනවා [B]අයිලය යැදීම[/B] අයිලයට වඩින්න කියලා වැදී යක්කු දොළොස් කට්ටුවට ආරාධනාකිරීම අයිලය යදීමේදී සිදු කෙරෙනවා . [B]අස්නේ නැටීම[/B] කුවේණි අස්න , සිනබා අස්න වගේ කවි ගායනා කර කර මේ අවස්ථාවේදී නර්තන ඉදිරිපත් කරනවා . ප්‍රධාන යක්දෙස්සා කවි ගායනා කිරීම ආරම්භ කරත්දී අනිත් යක් දෙස්සන් අත්වැල් අල්ලමින් මේ කවි ගායනාකරනවා . එක එක යක් දෙස්සන් තමන්ගේ නර්තන හැකියාව ඉදිරිපත් කරන්න මේ අස්නේ නැටීම උපයෝගී කරගන්නවා . [B]යක් තුන් පද නැටීම[/B] නැටීම කිව්වට ඉතිං මේකේ නැටීමක් වෙන්නේ නෑ . දක්ෂ බෙර වාදකයින් දෙන්නා බැගින් මාරුවෙන් මාරුවට බෙර වාදන ඉදිරිපත් කිරීම යක් තුන් පද නැටීම කියලා කියනවා . [B]හත්පද පෙළපාලිය[/B] මේ හත් පද නැටීම ශාශ්ත්‍රීය නැටුමේ ඉහලම අංගයක් කියලා හඳුන්වනවා . ඒ ඒ පදයට වෙන් වෙච්ච බෙර පද හතක් එක්කම මේ හත් පද නැටීම කෙරෙනවා . මුට්ටි පදය දුම්මල පදය මල් පදය බුලත් පදය කොතල පදය සළු පදය පොල් පදය තමයි ඒ පද හත [B]ගුරුගේ මාලාව[/B] මේ ගුරුගේ මාලාව කියන අංගයට බත්මාලාව කියලත් කියනවා . මේක ප්‍රධාන කොටස් දෙකකින් කෙරෙනවා . නාට්‍යමය කොටස් වලින් මුල් කොටසත් කවි ගායනා වලින් තව කොටසකුත් මේ අංගයේ අන්තර්ගත වෙනවා , [B]මල් යහන කවි[/B] මල් යහන වලට දෙවියන් වඩින්න කියලා ආරාධනා කරන කවි ගායනා කිරීමක් මේ අංගයේදී සිද්ද කරනවා [B]කතා පහ නැටීම[/B] විජය රාජ කතාව - විජය කුවේණි කතාව කුවේණි කතාව - කුවේණි උත්පත්තිය පඬුවස් කතාව - විජයාවතරණය / දිවි දෝෂය දඬු මොනර කතාව - කොහොඹා දෙවියන්ගේ උපත සීතාපතී කතාව - මලය රජ තුන් කට්ටුවේ උපත මෙන්න මේ කතා පහ කවි ගායනා කරමින් නර්තනයේ යෙදෙමින් ඉදිරිපත් කිරීම කරනවා . [B]දාන පහ නැටීම[/B] වැදී දානය - වැද්දන් ගැන කතාවක් ඌරු දානය - මලය රජුගේ ලංකා ගමන දිවි දානය - දිවි දෝෂය ගැන පලවැල දානය - මලය රජු උපත සුරබි දානය - කොහොඹා කංකාරිය උපත පිලිබඳ කතාව මේවත් කතා . කලින් වගේම කවි ගායනා එක්ක නටමින් මේ කතා ඉදිරිපත් කරනවා . [B]දුනු මාලප්පුව[/B] දුන්නක් අතින් අරගෙන කරන රංගනයක් මේක . මලය රජතුමා ඌරට විදින්න ආපු සිද්දිය තමයි මේකෙන් කියා පාන්නේ . [B]කෝල් කඩුව[/B] කෝලායුධය කියලා දෙවියන්ගේ ආයුධයක් තියෙනවා . ඒ වගේ එකක් අතට අරගෙන මේ රංගනය ඉදිරිපත් කරනවා . කෝල් මුර ගායනා කිරීමකුත් මේකෙදී වෙනවා [B]ආවැත්දුම[/B] වට්ටම් 12 කින් වගේම අඩවූ කස්තිරම් ගණනාවකින්ම වගේ හස්ත මුද්‍රා ගනාවක්ම තියෙන මේ රංගනය තමයි කොහොඹා කංකාරියේ වඩාත්ම දීර්ගම නර්තනය [B]මල් හත් පදය[/B] මේක නටන්නේ වීර මුණ්ඩ දෙවියන් වෙනුවෙන් . යක් දෙස්සන් හතර දෙනෙක් පොල් මල් අතට අරගෙන තමයි මේ නර්තනය සිදු කරන්නේ . [B]යක්කම් පහ නැටීම[/B] මේක ටිකක් හිනා යන කතා එහෙම තියෙන නැටුම් ඉදිරිපත් කිරීම් පහක් . වැදී යක්කම නයා යක්කම ඌරා යක්කම දර්ශනී යක්කම මහ යක්කම [B]හත්තාලය නැටීම[/B] තුන් සරණේ කවි ගායනා කරමින් මේ රංගනයේ යෙදෙනවා . [B]කප ගැලවීම[/B] කවි ගායනා කිරීම අතරේ ප්‍රධාන යක්දෙස්සා විසින් කප ගැලවීම සිද්ද කරනවා . [B]කඩවර පිදීම[/B] මේකෙදී කරන්නේ කඩවර දෙවියන්ට බත් කෙසෙල් වට්ටක්කා කරවල බුලත් පුවක් සහිත පූජාවක් පූජා කිරීම . කඩවර ගොටුව ආතුරයාගේ ඔලුවේ තියාගෙන කඩවර කවි , සිරසපාද කවි කියමින් සෙත් ශාන්ති කරනවා [B]ගබඩා කොල්ලය[/B] ඔය කංකාරි මඩුවට තියෙනවා පොඩි ගබඩාවක් . මේකේ තමයි කංකාරියට ගන්න හාල් පොල් තියෙන්නේ . ප්‍රධාන යක්දෙස්සා වීරමුන්ඩ දෙවියන්ගේ වෙස් අරගෙන ගබඩාව කොල්ල කනවා නාට්‍යමය ආකාරයෙන් පෙන්නනවා . [B]ගෙට ගිනි තැබීම[/B] ගබඩාවේ තියෙන ඒවා යක්දෙස්සෝ බෙදා ගත්තට පස්සේ ගබඩාවට ගිනි තියනවා . [B]කොහොඹා හෑල්ල[/B] කොහොඹා දෙවියන්ගේ උත්පත්ති කතාව ගායනයෙන් සහ නර්තනයෙන් ඉදිරිපත් කරනවා . [B]මුව මල පිදීම[/B] දැන් කංකාරිය ඉවර වෙන්න ලඟයි . අයිලයේ පිටිපස්සේ තියෙන අර කෙසෙල් ගහක කෙසෙල් මුවයට ඊතලයකින් විදලා , මුවය කඩාගෙන ඊතලයෙන් කෙසෙල් මුව පතුරු ගහලා අයිලයට උඩින් වීසි කරලා කංකාරිය ඉවර කරන නැටුම ඉදිරිපත් කරනවා . [B]මාරා පද නැටීම[/B] ප්‍රධාන යක්දෙස්සා මාරා පදය සහ ආලත්ති පදය කියන පද දෙකට අනුව හස්ත මුද්‍රාවෙන් කරන රංගනයක් මේක . ඒක නටලා ඉවරවෙලා කංකාරිය ඉවරයි කියලා තුන් පාරක් කියලා ප්‍රධාන බෙර කාරයා කරන ශාස්ත්‍රීය බෙර වාදනයෙන් කංකාරිය ඉවර වෙනවා . කොහොඹා කංකාරියේදී අලුත් කොහොඹා , මහා කොහොඹා , පරණ කොහොඹා කියලා කොහොඹා දෙවිවරු තුන් කට්ටුවක් , බණ්ඩාර දෙවිවරු හත් කට්ටුවක් , වැදී යක්කු දොළොස් කට්ටුවක් , කඩවර යක්කු දෙතිස් කට්ටුව පිදුම් ලබනවා කියලා කියනවා . ඔන්න ඔහොමයි කොහොඹා කංකාරිය නටන්නේ . කංකාරි නටන නර්තන ශිල්පීන් පෙරහැරවල් වලදී කරනම් ගහන්නේ නෑ කියලා දවසක් ටීවී එකේ කිව්වා . එහෙම කරනම් ගහනකොට වෙස් තට්ටුව බිම ගෑ උනොත් ඒක දෙවියන්ට කරන අගෞරවයක් විදියට ඒ ශිල්පීන් සලකනවා . වෙස් තට්ටුව කියන්නේ කොහොඹා දෙවියන්ගේ හා මලය රජතුමාගේ ඇඳුම් කට්ටලය කියලා කියනවනේ. ගරු කරන්නේ ඒ කාරනාව මුල් කරගෙන වෙන්න ඕන .කංකාරි නටන අවුරුදු 80,90 විතර වයසක ගුරුන්නාන්සේලා තාමත් නුවර පළාතේ පිටිසර ගම් වල ඉන්නවා . හම්බුනොත් කතා කලරලා බලන්න . හරිම අහිංසක මිනිස්සු . බඩ කට පිරෙන්න බත් වේල හොයා ගන්න අමාරු උනත් මේ මිනිස්සු මෙච්චර කාලයක් මේවා ආරක්ෂා කරගෙන ආපු එකට අපි ඒ අයට පිං දෙන්න ඕන .[/SIZE][/COLOR] [CENTER][COLOR="DarkRed"][SIZE="4"]බලපු කට්ටිය මේක උඩ දාගෙන යන්න අනිත් අයටත් බලාගන්න ඕං..:yes::yes::yes:[/SIZE][/COLOR] [URL="http://www.culturecp.lk/"]උපුටා ගැනීම : මෙතනින්[/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom