Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
කොළඹ යුගයේ චිත්‍ර ශිල්පීන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ යුගයේ චිත්‍ර ශිල්පීන්

හැදින්වීම

අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා වු දීර්ග කාලපරිච්ඡේදය තුළ ශී ලංකාවේ පැවති දේශීය චිත්‍ර සම්ප්රදාය බ්‍රිතාන්‍යය පාලන සමයේදී පරිහානියට පත් වූ බව රහසක් නොවේ.විසිවන සියවස මුල්භාගයේ සිට ලාංකික චිත්‍ර ශීල්පීන් ආභාෂය ලබා ගත්තේ යුරෝපීය චිත්‍ර කලාවෙනි.එමගින් ජාත්‍යන්තර මට්ටමකශිල්පීන් හැඩගැස්වීමේමූලාරම්භයද ඇති වූ බව පෙනේ. මේ අතර ඉන්දියානු චිත්‍ර කලාවේ ආභාෂය ලබාගත් ශිල්පීන් කිහිප දෙනෙක්ද වෙති. මේ ලිපියෙන් හදුන්වා දෙන්නේ ඵම වකවානුව තුල පුරොගාමීව කටයුතු කළ කිහිප දෙනෙකි.

වාසලමුදලි ඵ්.සීජී.ඇස්.අමරසේකර

1888 මාර්තු මස 02 වනදා කදාඩන්දුවේදී මෙලොව එළිය දුටු ඒබ්‍රහම් ක්‍රිස්ටෝපර් කුරේ සූරියආරච්චි අමරසේකර මහතා පුරා සියවසක් මුළුල්ලේ සිය තෙළිතුඩින් මහත් හපන්කම් පෙන්වූ චිත්‍ර ශීල්පියෙකි.මොරටුවේ ශාන්ත වේල්ස් කුමාර විද්‍යාලයේ හා ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලද මොහු ළමා වියේ සිටම චිත්‍ර කලාව ප්‍රිය කලේය.1903 මොහු විසින් අදින ලද ,පූස් පැටවා,නැමැති දියසායම් චිත්රයටකලා සංගමයේ ප්‍රථම ස්ථානය හිමි විය.එතැන් පටන් ඔහු අතින් මේ රටේ සිටි සියලුම අගමැතිවරුන්ගේ ජනාදිපතිවරුන්ගේ පිළිරුචිත්ර නිර්මාණය විය.විදේශීය ප්‍රදර්ශන සදහා කෘති ඉදිරිපත් කළ ප්‍රථම ලාංකීය චිත්‍ර ශීල්පියාද මොහුය.1924දී එංගලන්තයේ චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වා මොහු ජනාදරයට පත් විය.1940දී මොහුගේ යකැදුරාගේ දියණිය නැමැති කෘතිය වර්ෂයේ හොදම කෘතිය ලෙස රාජකීය කලායතනය මගින් තෝරා ගන්නා ලදී.මොහු විසින් තෙල් සායම් දිය සායම් සහ පැස්ටල් වලින් අදින ලද භූමිදර්ශන අතිශයින් තාත්විකය.1940දී ජෝර්ජ් මහරජතුමා අතින්ම අමරසේකර මහතාට ගෞරව නාමය පිරිනැමිණි.

ජෝර්ජ් කීට්

ජෝර්ජ් කීට් මහතා ජගත් කීර්තියට පත් ලාංකීය චිත්‍ර ශිග්පියෙකි.1901අප්‍රියෙල් 17වනදා මහනුවරදී උපත ලද ජෝරජ් කීට් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය.බෞද්ධ හා හින්දු තේමාවන් යටතේ ප්‍රථමයෙන් චිත්‍ර ඇදීම ආරම්භ කළ මොහුගේ මල් කෘති බොහොමයක්ම දියසායම් වලින් නිමවූ ඒවා විය. චිත්‍ර ඇදීමේදී විවිධ අත්හදා බැලීම්වල නිරත වූ මොහු 1926දි පමණ වන විට තමාටම ආවේනික ශෙලියක් නිපදවා ගත්තේය.1943 වන විට එම ෛශලිය පරිණත බවට පත්වූයේ නව නැම්මක්ද ඇතිවය.කාන්තාව හා කුරුල්ලා,ප්‍රේමා,කාන්තාව හා කැඩපත,නායිකා,යන චිත්‍ර එම කාල පරිච්ඡේදයතුළනිමැවිනි.ස්වකීය ශෛලිය ගොඩනැංවීමේ දි ජෝර්ජ් කීට් මහතාට පිකාසෝ,මතිස් වැනි ශිල්පීන්ගේ ආභාෂය ලැබී ඇත.මන රැදි වර්ණ මාලාව,රිද්මික හැඩතල,ලයාන්විත රේඛාව නිසා මොහුගේ චිත්‍ර නවතාවයෙන් යුක්තය.

පී.ඊ.පීදරණියගල

කොළඹ ජාතික කෞතුකාගාරයේ අධ්‍යකෂ වශයෙන් සේවය කළ දරණියගල මහතා සත්වරූප ඇදීමෙහිලා දක්ෂයෙකි.මොහු විසින් අදින ලද සත්ව රූප දෙසීයකට අධික සංඛ්‍යාවක් සහ මත්සය රුප තිස්හතරක් 1938හා1939 වසර වල බ්‍රිතාන්‍ය කේතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරිණ.ඡායානුවාදී ලක්ෂණ ඇති චිත්‍ර ප්‍රථම වරට ලංකාවේ ප්‍රදර්ශනය කරනු ලැබුවේ මොහු විසිනි.

ඇම්.සාර්ලිස්

1880 දී අම්බලන්ගොඩදි මෙලොව එළිය දුටු ඇම්. සාර්ලිස් මහතා ළමා වියේ සිට චිත්‍ර කලාව පිළිබද වෙසෙසි ලැදියාවක් දැක්වීය.තුරුණු වියෙහිදී චිත්රශිල්පී රිචඩ් හැන්රිකස්ගේ ගුරු උපදේශ ලබා ගත් සාර්ලිස් කොළඹ යුගයේ දක්ෂ චිත්‍ර ඔිල්පියෙකු බවට පත්විය.සාර්ලිස් මහතාගේ තෙළිතුඩින් ජීවය ලද බෞද්ධ විහාර ගණනාවකි.කොළඹ මාළිගාකන්ද විහාරය ඉසිපතනාරාමය අශෝකාරාමය වේළුවනාරාමය ඉන් කිහිපයකි.සාර්ලිස් මහතා විසින් එදා නිර්මාණයකරනලදබෞද්ධචිත්රබෞද්ධයෝමහත්සේඅගයකලහ.එකලබුදුනුවන්ගේනිවාසඅලංකාරවූයේඑමචිත්රවලිනි.සිඬාර්ථකුමාරෝත්පත්තිය,මහමායා සිහිනය,දේවාරාධනාව,සිදුහත් කුමරු ගිහිගෙය හැරයාම එයින් කිහිපහකි.බෞද්ධයන් අතර ගෞරවයට පාත්‍ර වූ සීවලී මහරහතන් වහන්සේගේ රූපය නිර්මාණය කිරිමේ ගෞරවය හිමි වන්නේද මොහුටය.ඇම්.සාර්ලිස් මහතා යුරෝපීය චිත්‍ර කලාවේ ආභාෂය ලැබූ කෙනෙකි.දීප්තිමත් වර්ණ භාවිතය,එළිය අදුර දැක්වීම,පර්යාවලෝකනය දැක්වීම,තාත්වික නිරූපනය ඔහුගේ චිත්‍ර වල දක්නට ලැබේ.

ඇල්.ටී.පී.මංජුශ්රි

1902අඵත්ගමදීඋපතලදඇල්.ටී.පීමංජුශ්රීකලාශිල්පියාශ්රීලංකාකලාක්ෂේත්රයවෙනුවෙන්මහත්සේවයක්ඉටුකලේය.1932ඉන්දියාවේශාන්තිනිකේතනයට බැදී කලාගුරු නන්දලාල් බෝස්ගේ ඇසුර ලබා චිත්‍ර කලාව හැදැරූ මොහු තමාටම ආවේණික ශෛලියක්ද නිපදවා ගත්තේය.දේශීය චිත්‍ර කලාවේ අගය දුටු මේ ශිල්පියා මහනුවර යුගයට අයත් විහාර බිතුසිතුවම් පිටපත් කර එහි අගය පෙන්වා දුන්නේය.එවැනි වටිනා මෙහෙවරක් ඉටු කළ නිසා මොහුට 'රැවෝන් මැග්සයිසේ' සම්මානය පිරිනමන ලදී.මංජුශ්‍රීගේ තෙලි තුඩට ලක් වූ චිත්‍ර අතරඅම්බලන්ගොඩ 'පත්තිනි දෙවොල'නැමැති චිත්‍රය මොහුගේ කලා ශෛලියට නිදසුනකි.මේ ශිල්පියා 43 කණ්ඩායමේ සාමාජිකයෙකි

ජේ.ඩී.ඒ.පෙරේරා

කොළඹරජයේලලිතකලායතනයේඅධිපතිවශයෙන්දිගුකලක්සේවයකළජේ.ඩී.ඒ.පෙරේරාමහතාචිත්රශිල්පියෙකුවශයෙන්පුරෝගාමකටයුතුකළේය.187ගම්පහ දී උපත ලද ජේ.ඩී.ඒ.පෙරේරා මහතා පාසල් වියේ සිට චිත්‍ර කලාවට ඇළුම් කළේය.ලංකා කාර්මික විද්‍යාලයේ බර්ට්ලම් යටතේ මුලින්ම චිත්‍ර හැදැරූ මොහු එකල චිත්රකලා පරීක්ෂක වශයෙන් සිටි සී.ඇප් වින්සර් මහතා සමග කලක් ක්ෂේත්රයේ කටයුතු කළේය.තිස් වසරක් කාර්මික විද්‍යාලයේ අධ්යක්ෂ වශයෙන් කටයුතු කළේය.1946 ලංකා රජයෙන් යුරෝපයට පිරිනමන ලද ප්‍රථම ශිෂ්‍යත්වය ලබා ගැනීමේ ගෞරවය හිමි වන්නේද මොහුටය.චිත්‍ර කලා ක්ෂේත්රයෙහි ජේ.ඩී.ඒ.පෙරේරා වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ පිළිරූ ඇදීමේ ශිලසපියෙකු ලෙසය.මොහුගේ තෙළිතුඩට ලක්වූ පිළිරූ චිත්‍ර දැනට ලංකාවේ මෙන්ම පිටරටවලද ප්රදර්ශනයවෙයි.දැනට 'පැරිස්' සැලූන් වල ප්‍රදර්ශනය වනමොහුගේ 'එතල්වෝකර්'ගේ උඩුකය පිළිරුව අගනා කලා කෘතියකි.මේ හැර ඔහුගේ තෙලිතුඩින් නිමවූ'නළගන'චිත්‍රය ශිල්ප ඥානයේ පරිනත බව දක්වයි. ජී.ඇස්.ප්රනාන්දුජී.ඇස්.ප්‍රනාන්දු මහතා දියසායම් චිත්‍ර ශිල්පියෙකු වශයෙන් කීර්ති නාමයක් ලබා ගත්තෙකි. ලංකා කලා සංගමයේ 69 වන සංවත්සර කලා ප්‍රදර්ශනය සදහා මොහු ඉදිරිපත් කළ මහවැලි ගග,වැසි දිනය,මුඩුක්කුව,යන දියසායම් චිත්‍ර රසිකයන්ගේ ප්‍රසාදයට පත්ව්ය.ටයිම්ස් ආයතනයේ ,ලංකාදීප පත්‍රයේ චිත්‍ර ශිල්පියා වශයෙන් කටයුතු මොහු කාටූන් ඇඳිමේ ශූරයෙකි.ජී.ඇස්. පුනාන්දු මහතා ලංකා කලා සංගමයේ සාමාජිකයෙකු හා උප සභාපතිවරයෙකු වශයෙන් ද කටයුතු කළේය.

රිචඩ් ගේබ්‍රියෙල්

1924 පෙබරවාරි 19 දා මාතරදී උපත ලබා කොළඹ ශාන්ත පීතර විදුහලේ අධ්‍යාපනය හැදැරූ ඔහු සිතුවම් කලාව ප්‍රගුණ කළේ අයිවන් පීරිස්ගෙනි. ඉන් පසු හැරී පීරිස්ගේ ඇසුර ඔහුගේ කලා කෘති කෙරෙහි අසීමිත බලපෑමක් ඇති කළා සේම 43 කණ්ඩායමේ සාමාජිකයකු විමටද හේතු විය.ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ චිත්‍ර ශිල්පියෙකු වශයෙන් සැළකෙන මොහු නිරේඛන කලා කටයුතු වලද යෙදෙන්නෙකි.ශ්‍රි ලංකාවේ ක්‍රිස්තියානි කලාවට අර්ථවත් දායකත්වයක් ලබා දුන් මොහුගේ අගනා චිත‍්‍රාවලි තිඹිරිගස්යායේ ශාන්ත තෙරේසා දෙව් මැදුරේදී දැකගත හැකිය.ආයතනික සම්ප්‍රදායන් කෙරෙහි හෝ න්‍යායන් කෙරෙහි සැළකිල්ලක් නොදක්වන අතර මූර්තිමය ලන්ෂණ හෙබි රූප වල ඉරියව් හා ඉඟි රිද්මයානුකූල සැරසිලිමය අයුරුවකින් දැක්වීම මොහුගේ ශෛලිය වී ඇත.වැඩෙහි යෙදී සිටින මිනිසුන්,ගැල්කරුවන්,ගවයින්වැනි ගම්බද දර්ශන හා සිරිත් විරිත් මොහුගේ කලා නිර්මාණ වලට තේමා විය.ලන්ඩන්,පැරිස්,වැනීසිය හීදි ද 43 කණ්ඩායාමේ ශිල්පීන් සමග කොළඹදී ඉතා සාර්ථක අයුරින් මේ ශිල්පියා ප්‍රදර්ශන රැසක් පවත්වා ඇත.

අයිවන් පීරිස්

නූතන සිතුවම් කලා නැඹුරුවේ ආරම්භක යුගයේ ශිල්පියෙක් වූ අයිවන් පීරිස් (1921-1988)දෘෂ්‍ය තාත්විකත්වයට වඩා සංවේදීතාව තුලින් ජනනය වන තාත්වින හැඟිම් සිතුවමට නැගීමට ආශා කළේය.අයිවන් පීරිස් 1921 ජූලි 31 දා උපන් අතර ඔහුගේ දෙමව්පියන් වූයේ වෛද්‍ය ජේම්ස් පීරිස් මහතා හා එම මැතිනියත්ය.කුඩා කලදීම සිතුවම් කලාවට කැමැත්තක් දැක්වූ මොහු ඩේව්ඩ් පේන්ටර් වෙතින් චිත්‍ර කලාව හැදැරැවේය.මොහු 43 කන්ඩායම ඇරඹීමෙහි පුරෝගාමියකු විය. 1964 දී රජයේ ශිෂයත්වයක් ලැබ කෙටි කලක් එංගලන්තයේ ඇන්ග්ලෝ-ෆ්‍රෙන්ච් කලා මධ්යස්ථානයේකලාව ප්‍රගුණ කල අතර වැඩිදුර අධ්‍යාපනය සඳහා ටික කලකින් පැරීසියට ගියේය.එංගලන්තයේදී චිත්‍ර ප්‍රදර්ශන රැසක් පැවැත්වීම නිසා මහත් ප්‍රසිද්ධියට පත්විය.අයිවන්ගේ සිතුවම් ශෛලියට බලපා ඇත්තේ ක්රීට ජාතික එල් ග්‍රෙකෝ බව ඔහුගේ තෙල් සායමින් නිමවන ලද එස්.බී දිසානායකගේමහත්මියගේ ප්රතිරූපයත් එල් ග්රෙකෝට ප්‍රණාමය නැමැති සිතුවමත් විමසිතිමත්ව බලන්නෙකුටය.එසේ වුවද ඔහුගේ භූමි දර්ශන ඉතා සරළ බවක්ද එකම වර්ණය ක්‍රමයෙන් වියැකී යන අයුරින් හා හැඩතල අයුරින් දැක්වීමත් නිසා පෝල් ශෙෂාන්ගේ කෘතිද සිහියට නංවයි.

මුලාශ්‍ර

චිත්‍ර කලාව සිහිල්.ඇම් සිරිසේන, ලලිත පුවත්පත්

විකිපීඩියා ඇසුරෙනි

රීපොස්ට් නම් සොරි

[QUOTE="mdrc111, post: 7439684, member: 243865"] [b]කොළඹ යුගයේ චිත්‍ර ශිල්පීන්[/b] [B]හැදින්වීම[/B] අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා වු දීර්ග කාලපරිච්ඡේදය තුළ ශී ලංකාවේ පැවති දේශීය චිත්‍ර සම්ප්රදාය බ්‍රිතාන්‍යය පාලන සමයේදී පරිහානියට පත් වූ බව රහසක් නොවේ.විසිවන සියවස මුල්භාගයේ සිට ලාංකික චිත්‍ර ශීල්පීන් ආභාෂය ලබා ගත්තේ යුරෝපීය චිත්‍ර කලාවෙනි.එමගින් ජාත්‍යන්තර මට්ටමකශිල්පීන් හැඩගැස්වීමේමූලාරම්භයද ඇති වූ බව පෙනේ. මේ අතර ඉන්දියානු චිත්‍ර කලාවේ ආභාෂය ලබාගත් ශිල්පීන් කිහිප දෙනෙක්ද වෙති. මේ ලිපියෙන් හදුන්වා දෙන්නේ ඵම වකවානුව තුල පුරොගාමීව කටයුතු කළ කිහිප දෙනෙකි. [B][B]වාසලමුදලි ඵ්.සීජී.ඇස්.අමරසේකර[/B][/B] 1888 මාර්තු මස 02 වනදා කදාඩන්දුවේදී මෙලොව එළිය දුටු ඒබ්‍රහම් ක්‍රිස්ටෝපර් කුරේ සූරියආරච්චි අමරසේකර මහතා පුරා සියවසක් මුළුල්ලේ සිය තෙළිතුඩින් මහත් හපන්කම් පෙන්වූ චිත්‍ර ශීල්පියෙකි.මොරටුවේ ශාන්ත වේල්ස් කුමාර විද්‍යාලයේ හා ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලද මොහු ළමා වියේ සිටම චිත්‍ර කලාව ප්‍රිය කලේය.1903 මොහු විසින් අදින ලද ,පූස් පැටවා,නැමැති දියසායම් චිත්රයටකලා සංගමයේ ප්‍රථම ස්ථානය හිමි විය.එතැන් පටන් ඔහු අතින් මේ රටේ සිටි සියලුම අගමැතිවරුන්ගේ ජනාදිපතිවරුන්ගේ පිළිරුචිත්ර නිර්මාණය විය.විදේශීය ප්‍රදර්ශන සදහා කෘති ඉදිරිපත් කළ ප්‍රථම ලාංකීය චිත්‍ර ශීල්පියාද මොහුය.1924දී එංගලන්තයේ චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වා මොහු ජනාදරයට පත් විය.1940දී මොහුගේ යකැදුරාගේ දියණිය නැමැති කෘතිය වර්ෂයේ හොදම කෘතිය ලෙස රාජකීය කලායතනය මගින් තෝරා ගන්නා ලදී.මොහු විසින් තෙල් සායම් දිය සායම් සහ පැස්ටල් වලින් අදින ලද භූමිදර්ශන අතිශයින් තාත්විකය.1940දී ජෝර්ජ් මහරජතුමා අතින්ම අමරසේකර මහතාට ගෞරව නාමය පිරිනැමිණි. [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Amarasekara.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/si/a/af/Amarasekara.jpg[/IMG][/URL] [B]ජෝර්ජ් කීට්[/B] ජෝර්ජ් කීට් මහතා ජගත් කීර්තියට පත් ලාංකීය චිත්‍ර ශිග්පියෙකි.1901අප්‍රියෙල් 17වනදා මහනුවරදී උපත ලද ජෝරජ් කීට් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය.බෞද්ධ හා හින්දු තේමාවන් යටතේ ප්‍රථමයෙන් චිත්‍ර ඇදීම ආරම්භ කළ මොහුගේ මල් කෘති බොහොමයක්ම දියසායම් වලින් නිමවූ ඒවා විය. චිත්‍ර ඇදීමේදී විවිධ අත්හදා බැලීම්වල නිරත වූ මොහු 1926දි පමණ වන විට තමාටම ආවේනික ශෙලියක් නිපදවා ගත්තේය.1943 වන විට එම ෛශලිය පරිණත බවට පත්වූයේ නව නැම්මක්ද ඇතිවය.කාන්තාව හා කුරුල්ලා,ප්‍රේමා,කාන්තාව හා කැඩපත,නායිකා,යන චිත්‍ර එම කාල පරිච්ඡේදයතුළනිමැවිනි.ස්වකීය ශෛලිය ගොඩනැංවීමේ දි ජෝර්ජ් කීට් මහතාට පිකාසෝ,මතිස් වැනි ශිල්පීන්ගේ ආභාෂය ලැබී ඇත.මන රැදි වර්ණ මාලාව,රිද්මික හැඩතල,ලයාන්විත රේඛාව නිසා මොහුගේ චිත්‍ර නවතාවයෙන් යුක්තය. [B]පී.ඊ.පීදරණියගල[/B] කොළඹ ජාතික කෞතුකාගාරයේ අධ්‍යකෂ වශයෙන් සේවය කළ දරණියගල මහතා සත්වරූප ඇදීමෙහිලා දක්ෂයෙකි.මොහු විසින් අදින ලද සත්ව රූප දෙසීයකට අධික සංඛ්‍යාවක් සහ මත්සය රුප තිස්හතරක් 1938හා1939 වසර වල බ්‍රිතාන්‍ය කේතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරිණ.ඡායානුවාදී ලක්ෂණ ඇති චිත්‍ර ප්‍රථම වරට ලංකාවේ ප්‍රදර්ශනය කරනු ලැබුවේ මොහු විසිනි. [B]ඇම්.සාර්ලිස්[/B] 1880 දී අම්බලන්ගොඩදි මෙලොව එළිය දුටු ඇම්. සාර්ලිස් මහතා ළමා වියේ සිට චිත්‍ර කලාව පිළිබද වෙසෙසි ලැදියාවක් දැක්වීය.තුරුණු වියෙහිදී චිත්රශිල්පී රිචඩ් හැන්රිකස්ගේ ගුරු උපදේශ ලබා ගත් සාර්ලිස් කොළඹ යුගයේ දක්ෂ චිත්‍ර ඔිල්පියෙකු බවට පත්විය.සාර්ලිස් මහතාගේ තෙළිතුඩින් ජීවය ලද බෞද්ධ විහාර ගණනාවකි.කොළඹ මාළිගාකන්ද විහාරය ඉසිපතනාරාමය අශෝකාරාමය වේළුවනාරාමය ඉන් කිහිපයකි.සාර්ලිස් මහතා විසින් එදා නිර්මාණයකරනලදබෞද්ධචිත්රබෞද්ධයෝමහත්සේඅගයකලහ.එකලබුදුනුවන්ගේනිවාසඅලංකාරවූයේඑමචිත්රවලිනි.සිඬාර්ථකුමාරෝත්පත්තිය,මහමායා සිහිනය,දේවාරාධනාව,සිදුහත් කුමරු ගිහිගෙය හැරයාම එයින් කිහිපහකි.බෞද්ධයන් අතර ගෞරවයට පාත්‍ර වූ සීවලී මහරහතන් වහන්සේගේ රූපය නිර්මාණය කිරිමේ ගෞරවය හිමි වන්නේද මොහුටය.ඇම්.සාර්ලිස් මහතා යුරෝපීය චිත්‍ර කලාවේ ආභාෂය ලැබූ කෙනෙකි.දීප්තිමත් වර්ණ භාවිතය,එළිය අදුර දැක්වීම,පර්යාවලෝකනය දැක්වීම,තාත්වික නිරූපනය ඔහුගේ චිත්‍ර වල දක්නට ලැබේ. [B]ඇල්.ටී.පී.මංජුශ්රි[/B] 1902අඵත්ගමදීඋපතලදඇල්.ටී.පීමංජුශ්රීකලාශිල්පියාශ්රීලංකාකලාක්ෂේත්රයවෙනුවෙන්මහත්සේවයක්ඉටුකලේය.1932ඉන්දියාවේශාන්තිනිකේතනයට බැදී කලාගුරු නන්දලාල් බෝස්ගේ ඇසුර ලබා චිත්‍ර කලාව හැදැරූ මොහු තමාටම ආවේණික ශෛලියක්ද නිපදවා ගත්තේය.දේශීය චිත්‍ර කලාවේ අගය දුටු මේ ශිල්පියා මහනුවර යුගයට අයත් විහාර බිතුසිතුවම් පිටපත් කර එහි අගය පෙන්වා දුන්නේය.එවැනි වටිනා මෙහෙවරක් ඉටු කළ නිසා මොහුට 'රැවෝන් මැග්සයිසේ' සම්මානය පිරිනමන ලදී.මංජුශ්‍රීගේ තෙලි තුඩට ලක් වූ චිත්‍ර අතරඅම්බලන්ගොඩ 'පත්තිනි දෙවොල'නැමැති චිත්‍රය මොහුගේ කලා ශෛලියට නිදසුනකි.මේ ශිල්පියා 43 කණ්ඩායමේ සාමාජිකයෙකි [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:LTP_manjusri.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/si/8/83/LTP_manjusri.jpg[/IMG][/URL] [B]ජේ.ඩී.ඒ.පෙරේරා[/B] කොළඹරජයේලලිතකලායතනයේඅධිපතිවශයෙන්දිගුකලක්සේවයකළජේ.ඩී.ඒ.පෙරේරාමහතාචිත්රශිල්පියෙකුවශයෙන්පුරෝගාමකටයුතුකළේය.187ගම්පහ දී උපත ලද ජේ.ඩී.ඒ.පෙරේරා මහතා පාසල් වියේ සිට චිත්‍ර කලාවට ඇළුම් කළේය.ලංකා කාර්මික විද්‍යාලයේ බර්ට්ලම් යටතේ මුලින්ම චිත්‍ර හැදැරූ මොහු එකල චිත්රකලා පරීක්ෂක වශයෙන් සිටි සී.ඇප් වින්සර් මහතා සමග කලක් ක්ෂේත්රයේ කටයුතු කළේය.තිස් වසරක් කාර්මික විද්‍යාලයේ අධ්යක්ෂ වශයෙන් කටයුතු කළේය.1946 ලංකා රජයෙන් යුරෝපයට පිරිනමන ලද ප්‍රථම ශිෂ්‍යත්වය ලබා ගැනීමේ ගෞරවය හිමි වන්නේද මොහුටය.චිත්‍ර කලා ක්ෂේත්රයෙහි ජේ.ඩී.ඒ.පෙරේරා වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ පිළිරූ ඇදීමේ ශිලසපියෙකු ලෙසය.මොහුගේ තෙළිතුඩට ලක්වූ පිළිරූ චිත්‍ර දැනට ලංකාවේ මෙන්ම පිටරටවලද ප්රදර්ශනයවෙයි.දැනට 'පැරිස්' සැලූන් වල ප්‍රදර්ශනය වනමොහුගේ 'එතල්වෝකර්'ගේ උඩුකය පිළිරුව අගනා කලා කෘතියකි.මේ හැර ඔහුගේ තෙලිතුඩින් නිමවූ'නළගන'චිත්‍රය ශිල්ප ඥානයේ පරිනත බව දක්වයි. ජී.ඇස්.ප්රනාන්දුජී.ඇස්.ප්‍රනාන්දු මහතා දියසායම් චිත්‍ර ශිල්පියෙකු වශයෙන් කීර්ති නාමයක් ලබා ගත්තෙකි. ලංකා කලා සංගමයේ 69 වන සංවත්සර කලා ප්‍රදර්ශනය සදහා මොහු ඉදිරිපත් කළ මහවැලි ගග,වැසි දිනය,මුඩුක්කුව,යන දියසායම් චිත්‍ර රසිකයන්ගේ ප්‍රසාදයට පත්ව්ය.ටයිම්ස් ආයතනයේ ,ලංකාදීප පත්‍රයේ චිත්‍ර ශිල්පියා වශයෙන් කටයුතු මොහු කාටූන් ඇඳිමේ ශූරයෙකි.ජී.ඇස්. පුනාන්දු මහතා ලංකා කලා සංගමයේ සාමාජිකයෙකු හා උප සභාපතිවරයෙකු වශයෙන් ද කටයුතු කළේය. [B]රිචඩ් ගේබ්‍රියෙල්[/B] 1924 පෙබරවාරි 19 දා මාතරදී උපත ලබා කොළඹ ශාන්ත පීතර විදුහලේ අධ්‍යාපනය හැදැරූ ඔහු සිතුවම් කලාව ප්‍රගුණ කළේ අයිවන් පීරිස්ගෙනි. ඉන් පසු හැරී පීරිස්ගේ ඇසුර ඔහුගේ කලා කෘති කෙරෙහි අසීමිත බලපෑමක් ඇති කළා සේම 43 කණ්ඩායමේ සාමාජිකයකු විමටද හේතු විය.ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ චිත්‍ර ශිල්පියෙකු වශයෙන් සැළකෙන මොහු නිරේඛන කලා කටයුතු වලද යෙදෙන්නෙකි.ශ්‍රි ලංකාවේ ක්‍රිස්තියානි කලාවට අර්ථවත් දායකත්වයක් ලබා දුන් මොහුගේ අගනා චිත‍්‍රාවලි තිඹිරිගස්යායේ ශාන්ත තෙරේසා දෙව් මැදුරේදී දැකගත හැකිය.ආයතනික සම්ප්‍රදායන් කෙරෙහි හෝ න්‍යායන් කෙරෙහි සැළකිල්ලක් නොදක්වන අතර මූර්තිමය ලන්ෂණ හෙබි රූප වල ඉරියව් හා ඉඟි රිද්මයානුකූල සැරසිලිමය අයුරුවකින් දැක්වීම මොහුගේ ශෛලිය වී ඇත.වැඩෙහි යෙදී සිටින මිනිසුන්,ගැල්කරුවන්,ගවයින්වැනි ගම්බද දර්ශන හා සිරිත් විරිත් මොහුගේ කලා නිර්මාණ වලට තේමා විය.ලන්ඩන්,පැරිස්,වැනීසිය හීදි ද 43 කණ්ඩායාමේ ශිල්පීන් සමග කොළඹදී ඉතා සාර්ථක අයුරින් මේ ශිල්පියා ප්‍රදර්ශන රැසක් පවත්වා ඇත. [B]අයිවන් පීරිස්[/B] නූතන සිතුවම් කලා නැඹුරුවේ ආරම්භක යුගයේ ශිල්පියෙක් වූ අයිවන් පීරිස් (1921-1988)දෘෂ්‍ය තාත්විකත්වයට වඩා සංවේදීතාව තුලින් ජනනය වන තාත්වින හැඟිම් සිතුවමට නැගීමට ආශා කළේය.අයිවන් පීරිස් 1921 ජූලි 31 දා උපන් අතර ඔහුගේ දෙමව්පියන් වූයේ වෛද්‍ය ජේම්ස් පීරිස් මහතා හා එම මැතිනියත්ය.කුඩා කලදීම සිතුවම් කලාවට කැමැත්තක් දැක්වූ මොහු ඩේව්ඩ් පේන්ටර් වෙතින් චිත්‍ර කලාව හැදැරැවේය.මොහු 43 කන්ඩායම ඇරඹීමෙහි පුරෝගාමියකු විය. 1964 දී රජයේ ශිෂයත්වයක් ලැබ කෙටි කලක් එංගලන්තයේ ඇන්ග්ලෝ-ෆ්‍රෙන්ච් කලා මධ්යස්ථානයේකලාව ප්‍රගුණ කල අතර වැඩිදුර අධ්‍යාපනය සඳහා ටික කලකින් පැරීසියට ගියේය.එංගලන්තයේදී චිත්‍ර ප්‍රදර්ශන රැසක් පැවැත්වීම නිසා මහත් ප්‍රසිද්ධියට පත්විය.අයිවන්ගේ සිතුවම් ශෛලියට බලපා ඇත්තේ ක්රීට ජාතික එල් ග්‍රෙකෝ බව ඔහුගේ තෙල් සායමින් නිමවන ලද එස්.බී දිසානායකගේමහත්මියගේ ප්රතිරූපයත් එල් ග්රෙකෝට ප්‍රණාමය නැමැති සිතුවමත් විමසිතිමත්ව බලන්නෙකුටය.එසේ වුවද ඔහුගේ භූමි දර්ශන ඉතා සරළ බවක්ද එකම වර්ණය ක්‍රමයෙන් වියැකී යන අයුරින් හා හැඩතල අයුරින් දැක්වීමත් නිසා පෝල් ශෙෂාන්ගේ කෘතිද සිහියට නංවයි. [B]මුලාශ්‍ර[/B] චිත්‍ර කලාව සිහිල්.ඇම් සිරිසේන, ලලිත පුවත්පත් විකිපීඩියා ඇසුරෙනි :cool: රීපොස්ට් නම් සොරි:D [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom