Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොළොම්පුරේ වටින තැන් 7ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළොම්පුරේ වටින තැන් 7ක්

කොළොම්පුරේ බලන්න යන්න තියෙන සුන්දර, වටිනා කියන තැන් 7ක් මෙන්න

අපි ලංකාවේ ලස්සන තැන්, වැදගත් තැන්, ඓතිහාසික තැන් බලන්න කියලා යන එක එක පළාත් තියෙනවනේ. හැබැයි කවුරුවත් කොළඹට එන්නෙ නෑ ලස්සන තැන් බලන්න හරි, ඓතිහාසික තැන් බලන්න හරි. ඇත්තටම අපි පොඩි කාලේ අධ්‍යාපන චාරිකාවකට කොළඹට එක්කගෙන ආවත් කරන්නේ උදේට කෞතුකාගාරේ බලලා, හවසට ග්‍රහලෝකාගාරේ බලලා ගෙදර යන්න කලින් හෝ ගාන පොකුණ පෙන්නන්න ගෝල්ෆේස් එක්කගෙන යන එක. හැබැයි කොළඹ ඇතුළේම තියෙනවා ගොඩක් වෙලාවට වැඩිහිටි කෙනෙක් වුනත් දැකලා නැති බොහොම සුන්දර, වැදගත් ස්ථාන. මේ ලිපිය ආන්න ඒ තැන් ගැන දැනකියාගන්න පොඩි ගයිඩ් එකක් හැටියට හිතුවත් වැරදි නෑ.

1. කොටුවේ ඕලන්ද කෞතුකාගාරය

Source – wikipedia.org, amazonaws.com

කොළඹ ජාතික කෞතුකාගාරය ගැන හැමෝම දන්නවනේ. හැබැයි කොටුවේ අර එහාට මෙහාට විහිදුණු පාරවල්, හරස් පාරවල් ජාලය මැද්දේ එක තැනක තියෙන ඕලන්ද කෞතුකාගාරය ගැන දන්නේ ටික දෙනෙක් විතරයි. ඇත්තටම 17 වෙනි ශතවර්ෂයේ හිටපු තෝමස් වෑන් රී කියන ඕලන්ද ආණ්ඩුකාරවරයා විසින් දෙමහල් ගොඩනැඟිල්ලක් විදියට හදපු මේක පස්සේ රෝහලක්, පොලිස් පුහුණු මධ්‍යස්ථානයක් වෙලා පස්සේ කොටුව තැපැල් කාර්යාලය වෙලා අන්තිමට පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයකුත් වෙනවා. ඒ ඉංග්රීසින්ගේ කාලේ. කොහොම හරි මේ ඕලන්ද කෞතුකාගාරය ඇතුළට ගියපු ගමන් අපිට දැනෙන්න පටන් ගන්නවා ඕලන්ද සමයට ගියා වගේ. ඒ වගේම මේක තියෙන්නේ කොටුවේ කියලා හිතන්න බැරි තරමේ පුදුම නිස්කලංක කමකුත් තියෙනවා. මේ කෞතුකාගාරයේ තියෙනවා ඕලන්ද පාලන කාලයට සම්බන්ධ කෞතුක භාණ්ඩ තුන්දාහක් විතර. ඉතින් දවසක් බලන්න දේවල් මෙතන තියෙනවා කිවුවොත් හරි. හැබැයි මේක හැමදාම ඇරලා නෑ. කලින් දැනගෙන යන එක වටිනවා.

දුරකථන අංක: 0112448466

2. ශාන්ත ඇන්ඩෘගේ ස්කොට්ස් කර්ක් දේවස්ථානය

Source – ceylonbiblesociety.org, tripadvisor.com

ගොඩක් දෙනෙක් අනිවා මේ පල්ලිය පහු කරගෙන ගිහිල්ලා ඇති ඒ තරම් හිතන්නේ නැතුව. නැවතිලා මේ පල්ලිය ඇතුළට ගිහින් බලන්න නම් කවුරුත් හිතලා නැතුව ඇති. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ ගාව තියෙන ශාන්ත ඇන්ඩෘ ස්කොට්ස් කර්ක් පල්ලිය පිටින් ඒ තරම් දෙයක් නැහැ වගේ පෙනුනත්, ඇතුළට ගියහම ඔබව මවිත කරවනවාට සැකයක් නෑ. අර පරණ ලී බංකු, කහපාට බිත්ති සහ පාට වීදුරු වලින් නිර්මාණය වුණු නියමම පුරාණ පල්ලියක්. ගංගාරාමයේ සීමාමාලකයට ගියා වගේම බොහොම අපූරු ශාන්ත නිස්කලංක බවක් මේක ඇතුළට යන ඔබට දැනේවි, ඉතින් කොළඹ නොදුටු තැන් නරඹන්න යන කෙනෙක්ට මෙතන බලලා යන එක කොහෙත්ම පාඩුවක් නෙවෙයි.

3. අංක 11 – ජෙෆ්රි බාවා නිවස්නය

Source – socks-studio.com, knoll.com

ජෙෆ්රි බාවා කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕන නැහැනේ. හැබැයි ගොඩක් දෙනෙක් දන්නෙ නැති දෙයක් තමයි කොළඹ කොල්ලුපිටිය හරියේ ජෙෆ්රි බාවාගේ සුවිශේෂී නිර්මාණයක් වුණු අපූරු මන්දිරයක් පිහිටලා තියෙනවා කියන එක. මේක ජෙෆ්රි බාවාගේ ගෘහ නිර්මාණ ශිල්පීය විස්මයන් ඇතුළත් කෞතුකාගාරයක් කියලා කිවුවත් වැරදි නෑ. මෙතන ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වුණු තැන ඉඳන් දැනෙන්නේ අමුතුම ලෝකෙකට ගියා වගේ තමයි. ඇත්තටම මේ ජෙෆ්රි බාවාගේ ජීවිතය කියලා කිව්වොත් හරි. “අංක 11” කියලා හැඳින්වෙන මේ බාවා ගෘහ නිර්මාණ කෞතුකාගාරය බලන්න යන්න නම් කලින් ඇපොයිමන්ට්ස් දාගන්න වෙනවා. ටිකට් එකකට දාහක් ගෙවන්නත් වෙනවා. හැබැයි මේක ඒ හැම රුපියලකටම වටිනා අමතක නොවෙන චාරිකාවක් වෙයි.

දුරකථන අංක: 01124337335

4. සපුමල් පදනම

Source – facebook.com/pg/SapumalFoundation

කොළඹ නගර සීමාවේ ආට් ගැලරි සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. අලුතින් ගැලරි බිහිවෙනවා. ඒක ඇත්තටම හොඳ තත්ත්වයක්. හැබැයි ඒ එක ආට් ගැලරි එකක්වත් සපුමල් ෆවුන්ඩේෂන් එකට සම කරන්න බෑ. ඇයි එහෙම කියන්නේ? සපුමල් පදනම වගේ ඉතිහාසයක් සඟවා ගෙන ඉන්න තවත් ආට් ගැලරියක් කොළඹ නැති තරම් නිසා. කෙටියෙන් කිවුවොත් පරණ තාලේ ගෙයක් වෙන සපුමල් පදනම ගැලරිය ඇත්තටම සම්බන්ධ වෙන්නේ සුප්‍රසිද්ධ 43 කණ්ඩායමත් එක්ක. මේ තමයි ඒ කාලේ හිටපු සුප්‍රකට චිත්‍ර කලාවේදියෙක් වුණු හැරී පීරිස්ගේ නිවස්නය. මේකේ තියෙනවා ඔහුගේ මාහැඟි කලාකෘති එකතුවක්. 43 කණ්ඩායමේ හිටපු සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර තමයි එතන තියෙන්නේ. මෙතන තියෙනවා අර පැරණි නොස්ටැල්ජික සුන්දරත්වයත් එක්ක එකතු වුණු අසීමිත නිසංසල කමක්.

දුරකථන අංක: 0112695731

5. ගංගාරාමය හා සීමාමාලකය

Source – visitcolombo.com

නවලෝකේ පහු කරගෙන දිගටම කොල්ලුපිටිය පැත්තට ගස් හෙවණ අයිනෙන් යනකොට අර කොළඹ තියෙන කලබලය වියැකිලා යනවා කියලා දැනෙයි. එතනින් බේරේ වැව මැද්දේ තියෙන සීමාමාලකය දකිනකොට බොහොම පහන් හැඟීමක් වගේම ඇතුළට ගිහින් බලන්න ආසාවකුත් එයි. බේරේ වැව කිව්වහම හොඳ හැඟීමක් කෙනෙක්ගේ හිතට ආවේ නැතත්, මේ ලස්සනට වැව මැද්දේ හදලා තියෙන සීමාමාලකයට ගියහම දැනෙන්නේ වෙනත් රටක පුරාණ බෞද්ධ සිද්ධස්ථානකට ගියා වගේ. අර පුංචි පුංචි පිළිම වහන්සේලා ඒ හැඟීම වැඩි දියුණු කරනවා. ඉතින් එතනින් ඇවිත් පාරෙන් එහා පැත්තේ තියෙන ගංගාරාමය පංසලටත් ගිහින් යන්න අමතක කරන්න එපා. ඒකට බෞද්ධයෙක් වෙන්න වුවමනා නෑ.

6. රූකඩ කලා කෞතුකාගාරය

Source – dailynews.lk, news.lk

රූකඩ කියන්නේ ලංකාවට ආවේණික කලාවක් නොවුණත්, ලංකාවට ආවේණික රූකඩ කලා සම්ප්රදායක් පැවතගෙන ආවා. හැබැයි ඉතින් දැන් කාලේ අපිට රූකඩ වගේ ඩයල් මිසක් ඇත්ත රූකඩ බලන්න ලැබෙන්නෙ නෑනේ. ඒ නිසා රූකඩ බලන්න ඕන නං යන්න දෙහිවල සාම්ප්‍රදායික රූකඩ කලා කෞතුකාගාරයට. මේක ගොඩක් දෙනෙක් නොදන්න තැනක්. මෙතන තියෙන රූකඩ නිර්මාණය කරලා තියෙන්නේ පරම්පරාවෙන් පරම්පරාවට මේ කලාව අරගෙන ආපු සාම්ප්‍රදායික රූකඩ නිර්මාණ ශිල්පීන් විසින් තමයි. අපේ ජන කතා, ජාතක කතා වගේම බලිතොවිල්, ශාන්තිකර්ම, කෝලම්, නාඩගම් වගේ උරුමයන් අපිට මේ කෞතුකාගාරයේ නිර්මාණ වලින් පිළිබිඹු වෙනවා දකින්න පුලුවන්. ඇත්තටම කුඩා දරුවන්ට එහෙමත් අපේ රූකඩ කලා සම්ප්රදාය ගැන කියලා දෙන්න මෙතැනට එක්ක ගෙන යන්න පුලුවන් නම් සෑහෙන්න වටිනවා.

දුරකථන අංක: 0112714241

7. ගෝල් බක් ප්‍රදීපාගාරය

Source – amazonaws.com

ගෝල් ෆේස් එකට හැමෝම ගියාට, ගොඩක් දෙනෙක් ගෝල් ෆේස් එක පහුකරගෙන නාවික හමුදා කඳවුර පැත්තට ගිහින් බලලා නෑ. ඇත්තටම ඒ පැත්තේ තියෙනවා බොහොම සුන්දර පැරණි කොළඹ සිහිගන්වන අනුස්මරණ සෑහෙන ප්‍රමාණයක්. මේ වලින් එකක් තමයි පරණ ගෝල් බක් ප්‍රදීපාගාරය. ඇත්තටම අපිට හුරුපුරුදු ප්‍රදීපාගාර තරම් මේක දැවැන්ත එකක් නෙවෙයි. හැබැයි එතන චෛත්‍යය ගාවින් උඩට නැගලා බලන්න වටින තැනක්. විශේෂයෙන්ම හවස් අතේ දෙන්නත් එක්ක ගිහින් එතනින් උඩට නැගලා කොළඹ අහස රතු කරගෙන ඉර බහින හැටි බලාගෙන ඉන්න මේක හරිම අපූරු, නිසංසල තැනක්.

[QUOTE="umedhah, post: 22507848, member: 867"] [b]කොළොම්පුරේ වටින තැන් 7ක්[/b] [B][SIZE="6"][COLOR="Blue"]කොළොම්පුරේ බලන්න යන්න තියෙන සුන්දර, වටිනා කියන තැන් 7ක් මෙන්න[/COLOR][/SIZE][/B] [SIZE="5"]අපි ලංකාවේ ලස්සන තැන්, වැදගත් තැන්, ඓතිහාසික තැන් බලන්න කියලා යන එක එක පළාත් තියෙනවනේ. හැබැයි කවුරුවත් කොළඹට එන්නෙ නෑ ලස්සන තැන් බලන්න හරි, ඓතිහාසික තැන් බලන්න හරි. ඇත්තටම අපි පොඩි කාලේ අධ්‍යාපන චාරිකාවකට කොළඹට එක්කගෙන ආවත් කරන්නේ උදේට කෞතුකාගාරේ බලලා, හවසට ග්‍රහලෝකාගාරේ බලලා ගෙදර යන්න කලින් හෝ ගාන පොකුණ පෙන්නන්න ගෝල්ෆේස් එක්කගෙන යන එක. හැබැයි කොළඹ ඇතුළේම තියෙනවා ගොඩක් වෙලාවට වැඩිහිටි කෙනෙක් වුනත් දැකලා නැති බොහොම සුන්දර, වැදගත් ස්ථාන. මේ ලිපිය ආන්න ඒ තැන් ගැන දැනකියාගන්න පොඩි ගයිඩ් එකක් හැටියට හිතුවත් වැරදි නෑ.[/SIZE] [SIZE="6"][B] 1. කොටුවේ ඕලන්ද කෞතුකාගාරය[/B][/SIZE] [SIZE="5"]Source – wikipedia.org, amazonaws.com කොළඹ ජාතික කෞතුකාගාරය ගැන හැමෝම දන්නවනේ. හැබැයි කොටුවේ අර එහාට මෙහාට විහිදුණු පාරවල්, හරස් පාරවල් ජාලය මැද්දේ එක තැනක තියෙන ඕලන්ද කෞතුකාගාරය ගැන දන්නේ ටික දෙනෙක් විතරයි. ඇත්තටම 17 වෙනි ශතවර්ෂයේ හිටපු තෝමස් වෑන් රී කියන ඕලන්ද ආණ්ඩුකාරවරයා විසින් දෙමහල් ගොඩනැඟිල්ලක් විදියට හදපු මේක පස්සේ රෝහලක්, පොලිස් පුහුණු මධ්‍යස්ථානයක් වෙලා පස්සේ කොටුව තැපැල් කාර්යාලය වෙලා අන්තිමට පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයකුත් වෙනවා. ඒ ඉංග්රීසින්ගේ කාලේ. කොහොම හරි මේ ඕලන්ද කෞතුකාගාරය ඇතුළට ගියපු ගමන් අපිට දැනෙන්න පටන් ගන්නවා ඕලන්ද සමයට ගියා වගේ. ඒ වගේම මේක තියෙන්නේ කොටුවේ කියලා හිතන්න බැරි තරමේ පුදුම නිස්කලංක කමකුත් තියෙනවා. මේ කෞතුකාගාරයේ තියෙනවා ඕලන්ද පාලන කාලයට සම්බන්ධ කෞතුක භාණ්ඩ තුන්දාහක් විතර. ඉතින් දවසක් බලන්න දේවල් මෙතන තියෙනවා කිවුවොත් හරි. හැබැයි මේක හැමදාම ඇරලා නෑ. කලින් දැනගෙන යන එක වටිනවා. දුරකථන අංක: 0112448466[/SIZE] [SIZE="5"]2. ශාන්ත ඇන්ඩෘගේ ස්කොට්ස් කර්ක් දේවස්ථානය Source – ceylonbiblesociety.org, tripadvisor.com ගොඩක් දෙනෙක් අනිවා මේ පල්ලිය පහු කරගෙන ගිහිල්ලා ඇති ඒ තරම් හිතන්නේ නැතුව. නැවතිලා මේ පල්ලිය ඇතුළට ගිහින් බලන්න නම් කවුරුත් හිතලා නැතුව ඇති. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ ගාව තියෙන ශාන්ත ඇන්ඩෘ ස්කොට්ස් කර්ක් පල්ලිය පිටින් ඒ තරම් දෙයක් නැහැ වගේ පෙනුනත්, ඇතුළට ගියහම ඔබව මවිත කරවනවාට සැකයක් නෑ. අර පරණ ලී බංකු, කහපාට බිත්ති සහ පාට වීදුරු වලින් නිර්මාණය වුණු නියමම පුරාණ පල්ලියක්. ගංගාරාමයේ සීමාමාලකයට ගියා වගේම බොහොම අපූරු ශාන්ත නිස්කලංක බවක් මේක ඇතුළට යන ඔබට දැනේවි, ඉතින් කොළඹ නොදුටු තැන් නරඹන්න යන කෙනෙක්ට මෙතන බලලා යන එක කොහෙත්ම පාඩුවක් නෙවෙයි. 3. අංක 11 – ජෙෆ්රි බාවා නිවස්නය Source – socks-studio.com, knoll.com ජෙෆ්රි බාවා කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕන නැහැනේ. හැබැයි ගොඩක් දෙනෙක් දන්නෙ නැති දෙයක් තමයි කොළඹ කොල්ලුපිටිය හරියේ ජෙෆ්රි බාවාගේ සුවිශේෂී නිර්මාණයක් වුණු අපූරු මන්දිරයක් පිහිටලා තියෙනවා කියන එක. මේක ජෙෆ්රි බාවාගේ ගෘහ නිර්මාණ ශිල්පීය විස්මයන් ඇතුළත් කෞතුකාගාරයක් කියලා කිවුවත් වැරදි නෑ. මෙතන ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වුණු තැන ඉඳන් දැනෙන්නේ අමුතුම ලෝකෙකට ගියා වගේ තමයි. ඇත්තටම මේ ජෙෆ්රි බාවාගේ ජීවිතය කියලා කිව්වොත් හරි. “අංක 11” කියලා හැඳින්වෙන මේ බාවා ගෘහ නිර්මාණ කෞතුකාගාරය බලන්න යන්න නම් කලින් ඇපොයිමන්ට්ස් දාගන්න වෙනවා. ටිකට් එකකට දාහක් ගෙවන්නත් වෙනවා. හැබැයි මේක ඒ හැම රුපියලකටම වටිනා අමතක නොවෙන චාරිකාවක් වෙයි. දුරකථන අංක: 01124337335 4. සපුමල් පදනම Source – facebook.com/pg/SapumalFoundation කොළඹ නගර සීමාවේ ආට් ගැලරි සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. අලුතින් ගැලරි බිහිවෙනවා. ඒක ඇත්තටම හොඳ තත්ත්වයක්. හැබැයි ඒ එක ආට් ගැලරි එකක්වත් සපුමල් ෆවුන්ඩේෂන් එකට සම කරන්න බෑ. ඇයි එහෙම කියන්නේ? සපුමල් පදනම වගේ ඉතිහාසයක් සඟවා ගෙන ඉන්න තවත් ආට් ගැලරියක් කොළඹ නැති තරම් නිසා. කෙටියෙන් කිවුවොත් පරණ තාලේ ගෙයක් වෙන සපුමල් පදනම ගැලරිය ඇත්තටම සම්බන්ධ වෙන්නේ සුප්‍රසිද්ධ 43 කණ්ඩායමත් එක්ක. මේ තමයි ඒ කාලේ හිටපු සුප්‍රකට චිත්‍ර කලාවේදියෙක් වුණු හැරී පීරිස්ගේ නිවස්නය. මේකේ තියෙනවා ඔහුගේ මාහැඟි කලාකෘති එකතුවක්. 43 කණ්ඩායමේ හිටපු සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර තමයි එතන තියෙන්නේ. මෙතන තියෙනවා අර පැරණි නොස්ටැල්ජික සුන්දරත්වයත් එක්ක එකතු වුණු අසීමිත නිසංසල කමක්. දුරකථන අංක: 0112695731 5. ගංගාරාමය හා සීමාමාලකය Source – visitcolombo.com නවලෝකේ පහු කරගෙන දිගටම කොල්ලුපිටිය පැත්තට ගස් හෙවණ අයිනෙන් යනකොට අර කොළඹ තියෙන කලබලය වියැකිලා යනවා කියලා දැනෙයි. එතනින් බේරේ වැව මැද්දේ තියෙන සීමාමාලකය දකිනකොට බොහොම පහන් හැඟීමක් වගේම ඇතුළට ගිහින් බලන්න ආසාවකුත් එයි. බේරේ වැව කිව්වහම හොඳ හැඟීමක් කෙනෙක්ගේ හිතට ආවේ නැතත්, මේ ලස්සනට වැව මැද්දේ හදලා තියෙන සීමාමාලකයට ගියහම දැනෙන්නේ වෙනත් රටක පුරාණ බෞද්ධ සිද්ධස්ථානකට ගියා වගේ. අර පුංචි පුංචි පිළිම වහන්සේලා ඒ හැඟීම වැඩි දියුණු කරනවා. ඉතින් එතනින් ඇවිත් පාරෙන් එහා පැත්තේ තියෙන ගංගාරාමය පංසලටත් ගිහින් යන්න අමතක කරන්න එපා. ඒකට බෞද්ධයෙක් වෙන්න වුවමනා නෑ. 6. රූකඩ කලා කෞතුකාගාරය Source – dailynews.lk, news.lk රූකඩ කියන්නේ ලංකාවට ආවේණික කලාවක් නොවුණත්, ලංකාවට ආවේණික රූකඩ කලා සම්ප්රදායක් පැවතගෙන ආවා. හැබැයි ඉතින් දැන් කාලේ අපිට රූකඩ වගේ ඩයල් මිසක් ඇත්ත රූකඩ බලන්න ලැබෙන්නෙ නෑනේ. ඒ නිසා රූකඩ බලන්න ඕන නං යන්න දෙහිවල සාම්ප්‍රදායික රූකඩ කලා කෞතුකාගාරයට. මේක ගොඩක් දෙනෙක් නොදන්න තැනක්. මෙතන තියෙන රූකඩ නිර්මාණය කරලා තියෙන්නේ පරම්පරාවෙන් පරම්පරාවට මේ කලාව අරගෙන ආපු සාම්ප්‍රදායික රූකඩ නිර්මාණ ශිල්පීන් විසින් තමයි. අපේ ජන කතා, ජාතක කතා වගේම බලිතොවිල්, ශාන්තිකර්ම, කෝලම්, නාඩගම් වගේ උරුමයන් අපිට මේ කෞතුකාගාරයේ නිර්මාණ වලින් පිළිබිඹු වෙනවා දකින්න පුලුවන්. ඇත්තටම කුඩා දරුවන්ට එහෙමත් අපේ රූකඩ කලා සම්ප්රදාය ගැන කියලා දෙන්න මෙතැනට එක්ක ගෙන යන්න පුලුවන් නම් සෑහෙන්න වටිනවා. දුරකථන අංක: 0112714241 7. ගෝල් බක් ප්‍රදීපාගාරය Source – amazonaws.com ගෝල් ෆේස් එකට හැමෝම ගියාට, ගොඩක් දෙනෙක් ගෝල් ෆේස් එක පහුකරගෙන නාවික හමුදා කඳවුර පැත්තට ගිහින් බලලා නෑ. ඇත්තටම ඒ පැත්තේ තියෙනවා බොහොම සුන්දර පැරණි කොළඹ සිහිගන්වන අනුස්මරණ සෑහෙන ප්‍රමාණයක්. මේ වලින් එකක් තමයි පරණ ගෝල් බක් ප්‍රදීපාගාරය. ඇත්තටම අපිට හුරුපුරුදු ප්‍රදීපාගාර තරම් මේක දැවැන්ත එකක් නෙවෙයි. හැබැයි එතන චෛත්‍යය ගාවින් උඩට නැගලා බලන්න වටින තැනක්. විශේෂයෙන්ම හවස් අතේ දෙන්නත් එක්ක ගිහින් එතනින් උඩට නැගලා කොළඹ අහස රතු කරගෙන ඉර බහින හැටි බලාගෙන ඉන්න මේක හරිම අපූරු, නිසංසල තැනක්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom