Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෝච්චියෙන් රත්නපුරයට ..... .පුංචි කෝච්චිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝච්චියෙන් රත්නපුරයට ..... .පුංචි කෝච්චිය[ATTACH=full]109742[/ATTACH][ATTACH=full]109743[/ATTACH][ATTACH=full]109744[/ATTACH][ATTACH=full]109745[/ATTACH][ATTACH=full]109746[/ATTACH]

ලෝකයේ ඇති අනිකුත් දුම්රිය මාර්ගවලට සපුරා වෙනස් දුම්රිය මාර්ගයක් නම් පැරණි කැලණිවැලි දුම්රිය මාර්ගයයි. ලොකු කෝච්චි ධාවනයවන මාර්ග හඳුන්වන්නේ පළල් දුම්රිය මාර්ග (Broad Guage)ලෙස වන අතර පීලි දෙක අතර පරතරය අඟල් 60 කි. නමුත් පුංචි කෝච්චියේ පටු දුම්රිය මාර්ගය (Narrow Guage ) පීලි දෙක අතර පරතරය අඟල් 30කි. දුම්රිය මාර්ගය පටු නිසා එන්ජිම මෙන්ම පෙට්ටිද පුංචි වූ නිසා පොදු ජනතාව මෙය ”පුංචි කෝච්චිය” යන නම පට බඳින්නට ඇත.

ලංකාවේත් ලෝකයේත් අනෙක් රටවලත් ලොකු කෝච්චි දුවද්දී කැලණිවැලි මාර්ගයේ පමණක් ”පොඩි කෝච්චියක්” දිව්වේ කෙසේදැයි ප්‍රශ්නයක්ද පැන නඟින්නේ නිතැතිනි.

මේ පුංචි කෝච්චියේ උත්පත්තිය ගැන රසවත් කතාවක්ද ඇත. බි්රතාන්යය යටත් විජිතවාදීන් ඇත්තටම මෙම දුම්රිය සැලසුම් කර ඇත්තේ දකුණු අප්රිකානුවන්ටය. එහෙත් ඒ රටේ ආණ්ඩුකාරවරයා මේ ”හුංඩු” කෝච්චිය දැක එය ප්‍රතික්ෂේප කොට ලොකු කෝච්චියක්ම ඉල්ලා සිටින්නට විය. නිපදවන ලද කෝච්චියට කරගත හැකි දෙයක් නොමැතිව සිටි යටත් විජිත ලේකම්වරයා එවකට ලංකාවේ ආණ්ඩුකාර සර් වෙස්ට් රිජ්වේ කැමතිකරවාගෙන මේ ”හුංඩු” කෝච්චිය ලංකාවේ ඇෙඟ් ගසා ඇඟ බේරා ගත්තේය. නිකං දෙනවනං මළබද්ධය වුවත් ගන්නට සිංහල අපට සුද්දා පුරුදු කළේ ඕං ඔහොමය.

කැලණිවැලි දුම්රිය මාර්ගය ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට ඇත්තේ 1900 මාර්තු මස 22 වැනිදාය. එහි මුල් අදියර ලෙස 1902 සැප්තැම්බර් 15 වැනිදින අවිස්සාවේල්ල දක්වා ගමන් ඇරඹූ ”පුංචි කෝච්චිය” 1903 සැප්තැම්බර් 14 වැනි දින යටියන්තොට දක්වා වැඩකටයුතු නිම කොට ඇත. රත්නපුරය දක්වා දුම්රිය මග ඉදිකිරීම් අවසන්ව ඇත්තේ 1912 අපේ‍්‍රල් මස 18 වැනිදාය. එම උත්සවය ආණ්ඩුකාර සර් හෙන්රි මැක්ලම්ගේ ප්‍රධානත්වයෙන් උත්සවශ්‍රීයෙන් සිදුව ඇත.

1919 මැයි මස දෙවැනි දින ඕපනායක දක්වා දුම්රියේ ගමනාන්තය දික්විය. මෙම දුම්රිය මග රුහුණ දක්වා දික් කිරීමට ”කැලණිවැලි රේල්වේ කොමිටි” නම්වු ආණ්ඩුකාර තැන පත් කළ කොමිටියට වැවිලිකරුවන්, දිසාපතිවරුන් යෝජනා ඉදිරිපත් කළද එය පළ දැරුවේ නැත.

කොළඹ කොටුවෙන් පටන්ගෙන කැලණි ගං මිටියාවත ඔස්සේ කිසිඳු කලබලයක් නැතිව නිවීහැනහිල්ලේ ඕපනායකට ගිය කැලණිවැලි දුම්රිය මගේ මුළු දිග සැතපුම් අසුහතක් (87) ක් විය. ”කැලණිවැලි රේල්වේ කෝච්චියට” රුහුණ දක්වා පුංචි කෝච්චිය දිගු කිරීමට යෝජනා කළද සිදුවූයේ ඉදිකළ දුම්රිය මාර්ගය ටිකෙන් ටික ගලවාගෙන යෑමයි. මෙම දුම්රිය මාර්ගයේ අසුබදායකම ආරම්භය වන්නේ 1940 සිට 1948 වකවානුව බැව් ලේඛණ පිරික්සීමේදී පෙනේ.

අවිස්සාවේල්ල සිට යටියන්තොට දක්වා මාර්ගය මුලින්ම වසා දමා ඇත්තේ මේ යුගයේදීය. ඕපනායකට යනතුරු මනස්කාන්ත පාලම් ගණනාවක්ම මෙම දුම්රිය මාර්ගයේ ගොඩනගා තිබූ බව අතීත ලේඛනවල දක්වා ඇත. සිරිපා අඩවියට යන විට කුරුගඟ හරහා ඉදිකළ අඩි 150 ක් දිග දුම්රිය පාලම මින් එකකි. 1919 දී ඒ සඳහා වැයවී ඇති මුදල රුපියල් 72,496/= ක් බව ලේඛනවල දැක්වේ. තවත් දුම්රිය පාලමක් ඉදිකොට තිබී ඇත්තේ රත්නපුරට සැතපුම් තුනක් පමණ එපිට කළු ගඟ හරහාය. අඩි 100ක් වූ එම දුම්රිය පාලම ගොඩ නැඟීමට එකල රු. 165,700 ක් වැය වූ බවට ව්‍යාපෘති වාර්තාවේ සඳහන්ය.

1975දී සබරගමු මාර්ගය රත්නපුර-ඕපනායක කොටසද 1976/77 කාලයේදී අවිස්සාවේල්ල-රත්නපුර අතර කොටසට ගලවා ඉවත්කර තිබෙනවා. ගලවා ඉවත් කරන ලද සියලුම මාර්ග කොටස් පටු ආමාන (2' 6") මාර්ග විය.

අනතුරුව 1990 දශකයේ මුල් භාගයේ එනම් 1991/92 කාලයේදී කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා පටු මාර්ගය ද්විත්ව ආමාන (Dual gauge) මාර්ගයක් බවට පත් කෙරෙනවා. එනම් 5' 6" සහ 2' 6" යන ආමාන දෙකේම දුම්රිය ගමන් කළ හැකි පීලි තුනක මාර්ගයක් ලෙසින් යළි සකස් කරනු ලබනවා. නමුත් පසු කාලීනව ද්විත්ව ආමාන මාර්ගය තනි පුළුල් ආමාන මාර්ගයක් බවට පත් කරන්නේ පුංචි කෝච්චියේද අවසානය සනිටුහන් කරමින්

© අන්තර්ජාලය

[QUOTE="IMUNA, post: 26053902, member: 392391"] කෝච්චියෙන් රත්නපුරයට ..... .පුංචි කෝච්චිය[ATTACH=full]109742[/ATTACH][ATTACH=full]109743[/ATTACH][ATTACH=full]109744[/ATTACH][ATTACH=full]109745[/ATTACH][ATTACH=full]109746[/ATTACH] ================================= ලෝකයේ ඇති අනිකුත් දුම්රිය මාර්ගවලට සපුරා වෙනස් දුම්රිය මාර්ගයක් නම් පැරණි කැලණිවැලි දුම්රිය මාර්ගයයි. ලොකු කෝච්චි ධාවනයවන මාර්ග හඳුන්වන්නේ පළල් දුම්රිය මාර්ග (Broad Guage)ලෙස වන අතර පීලි දෙක අතර පරතරය අඟල් 60 කි. නමුත් පුංචි කෝච්චියේ පටු දුම්රිය මාර්ගය (Narrow Guage ) පීලි දෙක අතර පරතරය අඟල් 30කි. දුම්රිය මාර්ගය පටු නිසා එන්ජිම මෙන්ම පෙට්ටිද පුංචි වූ නිසා පොදු ජනතාව මෙය ”පුංචි කෝච්චිය” යන නම පට බඳින්නට ඇත. ලංකාවේත් ලෝකයේත් අනෙක් රටවලත් ලොකු කෝච්චි දුවද්දී කැලණිවැලි මාර්ගයේ පමණක් ”පොඩි කෝච්චියක්” දිව්වේ කෙසේදැයි ප්‍රශ්නයක්ද පැන නඟින්නේ නිතැතිනි. මේ පුංචි කෝච්චියේ උත්පත්තිය ගැන රසවත් කතාවක්ද ඇත. බි්රතාන්යය යටත් විජිතවාදීන් ඇත්තටම මෙම දුම්රිය සැලසුම් කර ඇත්තේ දකුණු අප්රිකානුවන්ටය. එහෙත් ඒ රටේ ආණ්ඩුකාරවරයා මේ ”හුංඩු” කෝච්චිය දැක එය ප්‍රතික්ෂේප කොට ලොකු කෝච්චියක්ම ඉල්ලා සිටින්නට විය. නිපදවන ලද කෝච්චියට කරගත හැකි දෙයක් නොමැතිව සිටි යටත් විජිත ලේකම්වරයා එවකට ලංකාවේ ආණ්ඩුකාර සර් වෙස්ට් රිජ්වේ කැමතිකරවාගෙන මේ ”හුංඩු” කෝච්චිය ලංකාවේ ඇෙඟ් ගසා ඇඟ බේරා ගත්තේය. නිකං දෙනවනං මළබද්ධය වුවත් ගන්නට සිංහල අපට සුද්දා පුරුදු කළේ ඕං ඔහොමය. කැලණිවැලි දුම්රිය මාර්ගය ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට ඇත්තේ 1900 මාර්තු මස 22 වැනිදාය. එහි මුල් අදියර ලෙස 1902 සැප්තැම්බර් 15 වැනිදින අවිස්සාවේල්ල දක්වා ගමන් ඇරඹූ ”පුංචි කෝච්චිය” 1903 සැප්තැම්බර් 14 වැනි දින යටියන්තොට දක්වා වැඩකටයුතු නිම කොට ඇත. රත්නපුරය දක්වා දුම්රිය මග ඉදිකිරීම් අවසන්ව ඇත්තේ 1912 අපේ‍්‍රල් මස 18 වැනිදාය. එම උත්සවය ආණ්ඩුකාර සර් හෙන්රි මැක්ලම්ගේ ප්‍රධානත්වයෙන් උත්සවශ්‍රීයෙන් සිදුව ඇත. 1919 මැයි මස දෙවැනි දින ඕපනායක දක්වා දුම්රියේ ගමනාන්තය දික්විය. මෙම දුම්රිය මග රුහුණ දක්වා දික් කිරීමට ”කැලණිවැලි රේල්වේ කොමිටි” නම්වු ආණ්ඩුකාර තැන පත් කළ කොමිටියට වැවිලිකරුවන්, දිසාපතිවරුන් යෝජනා ඉදිරිපත් කළද එය පළ දැරුවේ නැත. කොළඹ කොටුවෙන් පටන්ගෙන කැලණි ගං මිටියාවත ඔස්සේ කිසිඳු කලබලයක් නැතිව නිවීහැනහිල්ලේ ඕපනායකට ගිය කැලණිවැලි දුම්රිය මගේ මුළු දිග සැතපුම් අසුහතක් (87) ක් විය. ”කැලණිවැලි රේල්වේ කෝච්චියට” රුහුණ දක්වා පුංචි කෝච්චිය දිගු කිරීමට යෝජනා කළද සිදුවූයේ ඉදිකළ දුම්රිය මාර්ගය ටිකෙන් ටික ගලවාගෙන යෑමයි. මෙම දුම්රිය මාර්ගයේ අසුබදායකම ආරම්භය වන්නේ 1940 සිට 1948 වකවානුව බැව් ලේඛණ පිරික්සීමේදී පෙනේ. අවිස්සාවේල්ල සිට යටියන්තොට දක්වා මාර්ගය මුලින්ම වසා දමා ඇත්තේ මේ යුගයේදීය. ඕපනායකට යනතුරු මනස්කාන්ත පාලම් ගණනාවක්ම මෙම දුම්රිය මාර්ගයේ ගොඩනගා තිබූ බව අතීත ලේඛනවල දක්වා ඇත. සිරිපා අඩවියට යන විට කුරුගඟ හරහා ඉදිකළ අඩි 150 ක් දිග දුම්රිය පාලම මින් එකකි. 1919 දී ඒ සඳහා වැයවී ඇති මුදල රුපියල් 72,496/= ක් බව ලේඛනවල දැක්වේ. තවත් දුම්රිය පාලමක් ඉදිකොට තිබී ඇත්තේ රත්නපුරට සැතපුම් තුනක් පමණ එපිට කළු ගඟ හරහාය. අඩි 100ක් වූ එම දුම්රිය පාලම ගොඩ නැඟීමට එකල රු. 165,700 ක් වැය වූ බවට ව්‍යාපෘති වාර්තාවේ සඳහන්ය. 1975දී සබරගමු මාර්ගය රත්නපුර-ඕපනායක කොටසද 1976/77 කාලයේදී අවිස්සාවේල්ල-රත්නපුර අතර කොටසට ගලවා ඉවත්කර තිබෙනවා. ගලවා ඉවත් කරන ලද සියලුම මාර්ග කොටස් පටු ආමාන (2' 6") මාර්ග විය. අනතුරුව 1990 දශකයේ මුල් භාගයේ එනම් 1991/92 කාලයේදී කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා පටු මාර්ගය ද්විත්ව ආමාන (Dual gauge) මාර්ගයක් බවට පත් කෙරෙනවා. එනම් 5' 6" සහ 2' 6" යන ආමාන දෙකේම දුම්රිය ගමන් කළ හැකි පීලි තුනක මාර්ගයක් ලෙසින් යළි සකස් කරනු ලබනවා. නමුත් පසු කාලීනව ද්විත්ව ආමාන මාර්ගය තනි පුළුල් ආමාන මාර්ගයක් බවට පත් කරන්නේ පුංචි කෝච්චියේද අවසානය සනිටුහන් කරමින් © අන්තර්ජාලය [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom