Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
කෝච්චියෙන් වාලච්චේනට (පාසිකුඩා) - Part 01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ කොටුවෙන් හැමදාම උදේ හයයි පහට මඩකලපුවට පිටත්වෙන කෝච්චියෙ දෙවෙනි පන්තියේ මැදිරියක ඉස්සරහම දකුණු පැත්තේ මූණට මූණ දාලා තිබ්බ ඩබල් සීට් දෙකෙන් එකක ලේක් හවුස් එක පැත්තට මූණපාලා ජනේලේ ළඟම සීට් එකේ වාඩිවෙලා අපේ කෝච්චිය නවත්තල තිබුණු හතරවෙනි ප්ලැට්ෆෝම් එකෙත් ඊට එහා පැත්තෙ ප්ලැට්ෆෝර්ම් දිගෙත් වයිවාරණ ඇඳුම් ආයිත්තම් ඇඳගෙන, එක එක පාට, එක එක සයිස්, එක එක වර්ගවල බෑග්, අතින් එල්ලගෙන යන ඒව, කරින් එල්ලගෙන ඉන්න ඒවා, බිම දිගේ ඇදගෙන යන ඒව අරගෙන දුවන ඇවිදින සක්මන් කරන ගෑණු, පිරිමි හා ළමයි දිහා මාරුවෙන් මාරුවට බල බලා මම හිටියේ කෝච්චිය ගමන පටන් ගන්නකල් නොඉවසිල්ලෙන්.

උදේ පාන්දර කොටුව ස්ටේෂන් එක කඩිගුලක් ඇවිස්සිලා වගේ කලබලේ. හිනාවෙන, කතාකරන, නිදිමත පෙරෙන, තරහෙන් පුපුරණ, කලබල, සන්සුන්, දුක්බර, සතුට පිරුණු, උද්යෝගිමත්, මලානික, සොඳුරු, අඳුරු, ප්‍රියමනාප, නුරුස්සන, ආදරණීය, උපේක්ෂා සහගත, විඩාබර, තරුණ, වියපත්, පිරිපුන්, කේඩෑරි වෙච්චි මූණු මුහුදක් මම දැක්ක. මගේ කියවීම් හරිත් ඇති වැරදිත් ඇති. අපි අතරෙ සමානකම් වලට වඩා අසමානකම් කොච්චර තිබුණත් ඒ වෙලාවේ අපි හැමෝම කොටුවේ ස්ටේෂන් එක කියන පොදු කුලකයට තාවකාලිකව අයිතිවුණු මිනිස්සු. කොහෙ හරි ඉඳන් ඇවිදින් තවත් කොහෙ හරි දිහාවකට යන්න යන මිනිස්සු. තවත් ටිකක් එහාට හිතුවොත්, මේ දිග සංසාරේ තාමත් නිවන් නොදැකපු අපි හැමෝම වැටි වැටී කකුළුවො වගේ හැම පැත්තටම ඇවිදින මිනිස්සු. මුළු ජීවිතකාලෙම ජීවත්වෙන්න ලෑස්තිවෙන මිනිස්සු. නවතින්න ඕනෙ කියල මතක තියාගන්න හැමදාමත් අමතක වෙන මිනිස්සු. භාගෙවෙලාවට, අපේ අවසාන ගමනාන්තයට යන්න ඕනෑ පාර දැනගෙනත් හැමදාම ඒ ගමන එක එක හේතු හින්ද කල්දාලා දුක්විඳින පසුතැවෙන මිනිස්සු.

මම ඉඳගෙන හිටපු ජනේලේ ළඟට ඇවිත් නැවතුනා තරුණ ජෝඩුවක්; පිරිමි කෙනා යුරෝපියන් කෙනෙක් වගේ පෙණුනේ, ගෑණු කෙනා චීන හරි කොරියන් හරි පෙනුමක් තිබුණේ. ඒ අය ප්ලැට්ෆෝම් එකේ ඉඳන් මට ඉස්සරහ ජනේලේ අයිනේ වාඩිවෙලා හිටපු හිටපු පොඩි මුස්ලිම් පිරිමි ළමයගෙන් ඇහුවේ මේ මඩකලපුවට යන කෝච්චියද කියල. ලොකු ට්‍රැවල් බෑග් දෙකකුත් අරන් ඒ දෙන්න ඇවිත් වාඩිවුණේ අපි මම හිටපු සීට් එකේ එහා පැත්තෙයි. අනිත් සීට් එකේ මෙහා පැත්තෙයි. කෝච්චිය පිටත් වුණා කොටුවෙ ස්ටේෂන් එකෙන් තවත් විනාඩි 10කට විතර පස්සෙ.

මට එහා පැත්තේ වාඩි වුණු Keshia සිංගප්පුරුවෙන්. එයාගේ ආදරවන්තය Cullen ඇමෙරිකාවේ. Keshia ජර්නලිස්ට් කෙනෙක්. Cullen ෆිනෑන්ස් මැනේජර් කෙනෙක්. ඒ දෙන්න යන්නෙ හබරණට. ඒ අය හබරණින් බහිනකම් ම අපි එක එක දේවල් කතා කර කර සද්දෙට හිනා වෙවී ආවා. සෙල්ෆි දෙක තුනකුත් ගත්තා. මම ඒ ගමනේ සතුටෙන්ම හිටියෙ අපි කතා බහ කර කර ආපු කෙටි වෙලාව. ඒ අය හබරණින් බැහැල යද්දි මට දැණුනේ මුළු පෙට්ටියම එකපාරටම හිස්වුණා වගේ. ඒත් අපි අහම්බෙන් මුණගැහුණු ආයෙත් මුණගැහෙන්න බොහොම අඩු සම්භාවිතාවක් තියෙන පාරවල් දෙකක යන ලෝක දෙකක සංචාරකයෝ. අපේ ජීවිතවල හැමදාටම හමුවීම අහම්බයක් වුණත් සමුගැනීමට සමුදීමට සිදුවීම නියතයක්.

එතකොට මද්දහනට කිට්ටුයි. මම ජනේලෙන් එලියේ දිග ඇරෙන වියළි කලාපයේ තද කොලපාට කැලෑව දිහා බලාගෙන හිටිය. අලි ඇති කියල හිතුවත්, රේල්පාරට පේන මානයක නම් අලි හිටියෙ නෑ. හබරණට පස්සෙ ඊළඟ ස්ටේෂන් එක හතරැස් කොටුව ඊට පස්සෙ ගල් ඔය හන්දිය. මඩකලපුවට යන හින්ද ඒ කෝච්චියෙම හිටිය. ගල් ඔය හන්දියෙදි කෝච්චියේ සෙනග අඩුවුණා. ගල් ඔය හන්දියෙන් ආපහු ගමන පටන්ගන්න කෝච්චිය මින්නේරිය හිඟුරක්ගොඩ ජයන්තිපුර එහෙම පහුකරගෙන පොළොන්නරුවට එනව.

කෝච්චිය සාගරයක් වගේ පේන මහවැලි ගඟ උඩින් වැටුණු මනම්පිටිය පාලම උඩින් යද්දි හරි අපූරුයි. මම මඩකලපුව පැත්තට කෝච්චියෙන්වත් බස් එකකින් වත් ඊට කලින් ගිහින් තිබ්බේ නෑ. ඒ හින්ද ඒක හරිම නැවුම් අත්දැකීමක්. මම ජනේලෙන් පුළුවන් තරම් පහළට බෙල්ල නමල මහවැලි ගඟ දිහා බලාගෙන හිටිය. වතුර ලා දුඹුරු පාටක් තිබ්බේ. කෝච්චි පාලමට සමාන්තරව ටිකක් එහායින් අළුත් මනම්පිටිය පාලම වැටිල තිබුණා. ආයේ දවසක ගිහින් මනම්පිටියෙ පාලම දිගේ ඇවිදින්න ඕනේ.

කෝච්චිය දැන් වියළි කලාපයේ ඉඳන් අර්ධ ශුෂ්ක කලාපයට ඇතුල්වෙනව ටික ටික. තද කොළපාට පරිසරය දැන් කොළපාට වෙලා ටික ටික දුඹුරු පාටට හැරෙනව. රේල් පාර දෙපැත්තෙම පොල්ගස් අඩුවෙලා තල්ගස් වැඩිවෙනව. තැනින තැන ගෙඩි පිරුණු දිවුල් ගස් තියෙනව. සමහරවිට ඒ කන්නේ වතුර නැති හින්ද පුරන්වෙන්න ඇරපු වේලිල කරකුට්ටන් ගැහිච්චි විශාල කුඹුරු යායවල් තිබුණ රේල්පාර දෙපැත්තෙම. නියරවල් උඩ හිටගෙන යෝද තල්ගස් පහළින් තියෙන පුරන් කුඹුරු දිහා ඔහේ බලන් හිටිය.

මනම්පිටියට පස්සෙ වැලිකන්ද අසේලපුර එහෙම පහුකලාම ඊළඟට හම්බෙන ප්‍රධාන ස්ටේෂන් එක තමා පූනානි. මේ හරියෙ රේල්පාර ඉද්දගැහුව වගේ. හරිම කටුක පරිසරයක්. අව්ව මාරම සැරයි. තැනින් තැන තල්ගස් නොතිබ්බ නම් මුළු පැත්තම එක යායට සමතලා ඉඩමක්. පූනානි වලින් පස්සෙ කඩදාසි නගරය ස්ටේෂන් එක. ඊළඟට වාලච්චේන ස්ටේෂන් එක - මගේ ගමනාන්තය. වාලච්චේනත් ප්‍රධාන ස්ටේෂන් එකක්. ට්‍රිප් එක දවස් තුනක්. රෑ දෙකක් මම පාසිකුඩාවල නවතිනව.

වාලච්චේන ස්ටේෂන් එකෙන් කෝච්චියෙන් බැහැපු සෙනග අතින් කටින් බෑග් එල්ලගෙන එලියට එන දොර ළඟ ත්‍රීවිල් ඩ්‍රයිවර්ල පහළොවක් විතර එක පොදියට හිටිය. මම එළියට අඩිය තියද්දි, එක ඩ්‍රයිවර් කෙනෙක් මං ළඟට ඇවිත් ඇහුව යන්නෙ කොහෙටද කියල.මම බුක් කරල තිබ්බෙ බජට් හොටෙල් එකක කාමරයක්. ඒක පාසිකුඩා බීච් එකට මීටර් 100ක් විතර දුරින් තිබ්බෙ. ත්‍රීවිල් ඩ්‍රයිවර් මාව හොටෙල් එක ළඟටම ඩ්‍රොප් කළා. ඒකේ කාමර තිබ්බෙ වෙන වෙනම තැන් තැන්වල කොටේජස් විදිහට. වහලට පොල් අතු හෙවිලි කරල ලෑලි වලින් තමා බිත්ති හදල තිබ්බේ. මූලික පහසුකම් විතරයි. සැප පහසුව නම් මදි. හැබැයි වියදම නම් අඩුයි. රෑට පැය පහක් හයක් නිදාගන්න විතරක් කාමරයක් ඕනෑ නම්, ඒක හොඳටම ප්‍රමාණවත්.

නවාතැන බාරව හිටපු පරණ සුදු අත්දිග කමිසයක් හාගේට අත් නමල කළු දිගකලිසමට උඩින් ඇඳල කළු රබර් සෙරෙප්පු දෙකක් දාගෙන හිටපු කෙට්ටු කළු උස පළල් නලලට උඩින් අවුල් වෙච්චි පිටිපස්සට ටිකක් නැමුණු කොණ්ඩයක් තිබුණු බැටළුවෙක් වගේ හිනාවෙන තෙවනේසන් මම බුක් කරල තිබ්බ කොටේජ් එකට මාව එක්කගෙන ගිහින් පැඩ්ලොක් එකක් දාපු දොර ඇරල තියෙන පහසුකම් ටික පෙන්නුව. කින්ග් සයිස් ඇඳ හදල තිබ්බේ බිමටම හයිකරපු ලොකු ලී කොටයක් හාරල වගේ මට මතක. ලොකු ඉන්ඩස්ට්‍රියල් ස්ටෑන්ඩින් ෆෑන් එකකුත් තිබ්බ. ඉස්සරහ දොර හයිකරල තිබ්බ ලෑලි බිත්තිය දිගට ඇතුළ් පැත්තෙන් බෑග් එහෙම තියන්න පුළුවන් කවුන්ටරයක් වගේ හදල තිබ්බ. CFL බල්බ් එකක් ලී සිවිලිම ඇතුළෙන් ආපු මහත සුදු වයර් එකකින් ඇඳට උඩින් මැද හරියට වෙන්න එල්ලුනා. ඒකෙ එළිය මම කැමති නැති මලානික කහ පාටක් තිබ්බේ. ජනෙල් නැති හින්ද කාමරේ දවල්ට වුණත් ටිකක් අඳුරුයි. වැඩිය උස නැති වහළෙයි ලී සිවිලිමයි හින්ද ඒක ඇතුළ ටිකක් රස්නෙයි. කොටේජ් එක පිටිපස්සෙ තිබ්බ ඇටෑච්ඩ් බාත් රූම් එකට වහළක් තිබ්බේ නෑ. ඒක මට නුපුරුදු ආස්වාදජනක අත්දැකීමක්. එලියෙ පෝච් එකේ ප්ලාස්ටික් වේවැල් වලින් වියපු මිටි ලී හාන්සි පුටු දෙකක් තිබ්බ දොර දෙපැත්තෙන්. කොටේජ් එකෙන් එළියෙ මල්පෝච්චි කීපයක් තිබ්බ. වත්තේ තැන් තැන් වලත් එක එක මල් ජාති වවල තිබ්බ.

බෑග් එක ඇතුළට උණ්ඩි කරල ඔබල තිබ්බ ඇඳුම් ටික එළියට අරන් ඇඳ උඩම තියාගෙන මැද්ද අයන්බෝඩ් එකක් තිබ්බේ නැති හින්ද. ඇඳේ ඇඳුම් මැදිල්ල පණ යන වැඩක් මට නම්. ඒ අතරෙ වහින්න ගත්ත හයියෙන්. ඇඳුම් මැදල ඉවර වෙද්දි තුන හමාරට විතර ඇති. මම වැස්සෙනුයි ෂවර් එකෙනුයි දෙකෙන්ම හොඳට නාගත්ත. ඊට පස්සෙ ලෑස්ති වෙලා වැස්ස ටිකක් තුරල් වෙනකල්, ෆෝන් එක පහුරු ගගා පැය භාගයක් විතර ඇල වෙලා හිටිය ඇඳේ. මට දැන් යකෙක් කන්න බඩගිනියි. වැස්ස ටිකක් අඩුවුණාට පස්සෙ මම බෑග් එකේ දාන් ඇවිත් තිබ්බ දුඹුරු පාට කොටු කොටු කුඩෙත් ඉහළගෙන, කොටේජ් එකෙන් එළියට ඇවිත් හිමින් හිමින් ඉස්සරහට ඇවිදගෙන ආවා රෙස්ටුරන්ට් එක ළඟට. තෙවනේසන් ගෙන් ලන්ච් ගන්න තැනක් ගැන අහපුවාම, ළඟම තියෙන මචන්ග් පබ් එක ගැන කිව්ව. උයන ගැණු කෙනා නිවාඩු ගිහින් හින්ද එදාට එහෙන් ලන්ච් ගන්න විදිහක් නෑ කියල තෙවනේසන් මට කලින්ම කියල තිබුණ.

එතනට පොඩ්ඩක් එහා පැත්තේ පාරෙන් ටිකක් ඇතුලට වෙන්න තමා මචන්ග් එක තියෙන්නෙ. ඒක ලොකු පබ් එකක්. මම කුඩේ අකුළල වතුර එළියට ගසල දොර ළඟින්ම ඇතුළට වෙන්න බිත්තියට හේත්තු කලා. මට වැස්ස පෑව්වට පස්සේ කුඩයක් ගෙනාව කියල අමතක වෙනව. ඒ හින්ද කුඩේ පේන මේසයක් ළඟ තමා වාඩි වුණේ. මිනිස්සු තිහක් විතර ඒ වෙද්දිත් දෙන්න දෙන්න, තුන් හතර දෙනා, සෙට්වෙල මදුවිත තොලගානව. ඒ අයගේ හිත්වල තියෙන ආතතිය, ඒ අයගෙ ගෙවල්වල වැඩපොලවල්වල තියෙන දහකුත් එකක් ප්‍රශ්න, වැල නොකැඩී ඇතුළෙනුත් එන එළියෙනුත් එන හිතට නිවනක් නැති කරදර කම්කටොළු බාධා ඔක්කොම අරක්කු වීදුරුවක ගිල්ලල දියකරල අමතක කරන්න ඔට්ටුවෙනව. ඒත් වතුර හිඳුනාම ළිඳේ අඩිය පේන්න ගන්නව වගේ, වෙරිමත හිඳුනාම අර කරදර ඔක්කොම ආයේ මතුවෙනව. ඒ හින්ද අරක්කු බීලා තමන්ගේ ප්‍රශ්න විසඳගන්න හදන මිනිස්සුන්ට ජීවිත කාලෙම බොන්න වෙනව. බීමත්කම අත් අරින්න බැරි පුරුද්දක් වුණාම ඒ අයට තියෙන විසඳ ගන්න බැරි ප්‍රශ්න වලට තව අළුත් ප්‍රශ්න ගොඩකුත් එකතු වෙනව. මට දැනෙන විදිහට බීමත්කම self-reinforcing habit එකක් වෙන්නෙ එහෙමයි බහුතරයකට.

මම ඕඩර් කරපු සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එක විනාඩි 15කට විතර පස්සේ අරන් ඇවිත් මට සර්ව් කලා යුනිෆෝම් එකක් ඇඳපු වේටර් කෙනෙක්. ඒක හරි රසයි. මම බිල ගෙවල මචන්ග් එකෙන් එලියට එද්දි වැහැල ඉවරයි. කාමරේට ඇවිත් කුඩේ දාලා, මම පාර දිගේ ඇවිදගෙන ගියා බීච් එක දිහාට.

ඒ වෙලාවෙ හවස පහට විතර ඇති. වැස්ස පෑව්වට වැහි මන්දාරම එහෙමම තිබුණ. පබ්ලික් බීච් එකට ඇතුල්වෙන තැනම හමුදාවෙන් පවත්තගෙන යන පොඩි ග්‍රොසරියක් තිබ්බ. ඒ හරියේ පාසි කොළපාට වතුර තියෙන වැඩිය ගැඹුරු නැති පතහක් වගේ පෙනුනු ලොකු වලකුයි ඊට තරමක් පොඩි වලකුයි තිබ්බ මතකයි. බීච් එක ඇතුළට යන්න ඔය දෙක මැද්දෙන් දාල තිබ්බ පොල් කොටයක් දිගේ හරි පටු කණ්ඩියක් දිගේ හරි යන්න සීරුවට අඩිය තිය තියා යන්න වුණා. ඒ වලවල් මොනවද කියල ඇයි ඒ වතුර පාසි කොළපාට කියල තාමත් මම දන්නෙ නෑ.

වැහි මන්දාරමයි හැන්දෑවයි හින්ද අළුපාටට පෙනුනු මූද ටිකක් සැරයි ඒ වෙලාවෙ. ඒත් මම රැල්ල පෑගුව හිතේ හැටියට. මට දකුණු පැත්තේ බෝට්ටු විස්සක් විසිපහක් වෙරළෙ උඩටම වෙන්න නවත්තල තිබ්බ. මූදුගිහින් ආපු එව්ව වෙන්න ඕනේ. තැන් තැන් වල කට්ටිය නනා හිටිය දියකාවො වගේ. සමහරු මං වගේ රැල්ල පාග පාග එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටිය. පාසිකුඩා වෙරළ තීරෙ දිගටම සංචාරක හෝටල් තියෙන හින්ද , ඒ වගේම ධීවර කර්මාන්තෙත් සරුවට කෙරෙන හින්ද, බීච් එක කවදාවත් පාළු වෙන්න විදිහක් නෑ.

හය හමාරට විතර මම චොකලට් අයිස් ක්‍රීම් බාර් එකක් අරගෙන, ඇවිදගෙන යන ගමන්ම ඒකේ කෑලි කීපෙකට ඉරාගෙන අයින්කරගත්ත දවටනේ සාක්කුවට දාගෙන, ඒක හිමින් හිමින් කකා ආපහු මගේ කාමරේට ගියා. ගිහිල්ල නාගෙන, එහා පැත්තෙ තිබ්බ තේ කඩේට ගිහින් අඩයක් කාලා කිරි තේ එකක් බීල පැය භාගෙකට විතර පස්සෙ ආයෙත් කාමරේට ආව. දවල්ට කෑවේත් ගොඩක් හවස්වෙලා හින්ද, දැන් ඉස්මුරුත්තාවට ඇවිත්. හැන්දෑවෙ ගත්තු ෆොටෝ ටික Facebook එකට දාලා මම නිදගත්ත දහයට විතර. පොඩි වැස්සකුත් ගියා මං හිතන්නේ. නිදිපොල වෙනස් හින්ද නින්ද ගියෙනම් නෑ හරියට.

උදේ පහමාර වෙද්දි මම බීච් එකේ ඉර උදාව බලන්න. ෆොටෝ ගන්න. මූද අද සිල් අරන්. හරිම අපූරුයි. මූදුරළ ඇඟිලි තුඩු වලින් හොරෙන් හොරෙන් හිමින් හිමින් ඇවිදගෙන ඇවිත් හිමීට හැරිල ඇඟිලි තුඩුවලින්ම හොරෙන් හොරෙන් හිමින් හිමින් ආපහු ගියා. වැහිමන්දාරමක් තිබ්බ හින්ද ඉර උදාව ෆොටෝ ගන්න වැඩේ ජෝන් බාස්ට ගියා. ඒත් මූදෙයි වෙරළෙයි ෆොටෝ නම් සෑහෙන්න ගත්ත. හරක් රංචුවක කුර සටහන් වැල්ලෙ තිබ්බ. තැන් දෙක තුනක ගොමත් දාල ගිහින් තිබ්බ. මම වෙරළ දිගේ දකුණු පැත්තට අඩි 15ක් 20ක් විතර ඇවිදගෙන ගියා. ඒ පැත්තෙ වෙරළ දිගට සරුවට වැවුණු ගෙඩි පිරුණු පැළ පොල්ගස් පේළි දෙකක් තිබුණ. මූදුවතුර අස්සෙන් වීදුරුවක් අස්සෙන් වගේ පතුල පේනව. මූද ඇතුළට මීටර් 100කට එහා ඇවිදගෙන යන්න පුළුවන් තරම් වතුර ගැඹුර අඩුයි. යෝද බේබි පූල් එකක් වගේ. මම හැරිල පටන්ගත්ත තැනටම ආපහු ඇවිදගෙන ආව.

[QUOTE="Jayashantha84, post: 26992127, member: 578721"] කොළඹ කොටුවෙන් හැමදාම උදේ හයයි පහට මඩකලපුවට පිටත්වෙන කෝච්චියෙ දෙවෙනි පන්තියේ මැදිරියක ඉස්සරහම දකුණු පැත්තේ මූණට මූණ දාලා තිබ්බ ඩබල් සීට් දෙකෙන් එකක ලේක් හවුස් එක පැත්තට මූණපාලා ජනේලේ ළඟම සීට් එකේ වාඩිවෙලා අපේ කෝච්චිය නවත්තල තිබුණු හතරවෙනි ප්ලැට්ෆෝම් එකෙත් ඊට එහා පැත්තෙ ප්ලැට්ෆෝර්ම් දිගෙත් වයිවාරණ ඇඳුම් ආයිත්තම් ඇඳගෙන, එක එක පාට, එක එක සයිස්, එක එක වර්ගවල බෑග්, අතින් එල්ලගෙන යන ඒව, කරින් එල්ලගෙන ඉන්න ඒවා, බිම දිගේ ඇදගෙන යන ඒව අරගෙන දුවන ඇවිදින සක්මන් කරන ගෑණු, පිරිමි හා ළමයි දිහා මාරුවෙන් මාරුවට බල බලා මම හිටියේ කෝච්චිය ගමන පටන් ගන්නකල් නොඉවසිල්ලෙන්. උදේ පාන්දර කොටුව ස්ටේෂන් එක කඩිගුලක් ඇවිස්සිලා වගේ කලබලේ. හිනාවෙන, කතාකරන, නිදිමත පෙරෙන, තරහෙන් පුපුරණ, කලබල, සන්සුන්, දුක්බර, සතුට පිරුණු, උද්යෝගිමත්, මලානික, සොඳුරු, අඳුරු, ප්‍රියමනාප, නුරුස්සන, ආදරණීය, උපේක්ෂා සහගත, විඩාබර, තරුණ, වියපත්, පිරිපුන්, කේඩෑරි වෙච්චි මූණු මුහුදක් මම දැක්ක. මගේ කියවීම් හරිත් ඇති වැරදිත් ඇති. අපි අතරෙ සමානකම් වලට වඩා අසමානකම් කොච්චර තිබුණත් ඒ වෙලාවේ අපි හැමෝම කොටුවේ ස්ටේෂන් එක කියන පොදු කුලකයට තාවකාලිකව අයිතිවුණු මිනිස්සු. කොහෙ හරි ඉඳන් ඇවිදින් තවත් කොහෙ හරි දිහාවකට යන්න යන මිනිස්සු. තවත් ටිකක් එහාට හිතුවොත්, මේ දිග සංසාරේ තාමත් නිවන් නොදැකපු අපි හැමෝම වැටි වැටී කකුළුවො වගේ හැම පැත්තටම ඇවිදින මිනිස්සු. මුළු ජීවිතකාලෙම ජීවත්වෙන්න ලෑස්තිවෙන මිනිස්සු. නවතින්න ඕනෙ කියල මතක තියාගන්න හැමදාමත් අමතක වෙන මිනිස්සු. භාගෙවෙලාවට, අපේ අවසාන ගමනාන්තයට යන්න ඕනෑ පාර දැනගෙනත් හැමදාම ඒ ගමන එක එක හේතු හින්ද කල්දාලා දුක්විඳින පසුතැවෙන මිනිස්සු. මම ඉඳගෙන හිටපු ජනේලේ ළඟට ඇවිත් නැවතුනා තරුණ ජෝඩුවක්; පිරිමි කෙනා යුරෝපියන් කෙනෙක් වගේ පෙණුනේ, ගෑණු කෙනා චීන හරි කොරියන් හරි පෙනුමක් තිබුණේ. ඒ අය ප්ලැට්ෆෝම් එකේ ඉඳන් මට ඉස්සරහ ජනේලේ අයිනේ වාඩිවෙලා හිටපු හිටපු පොඩි මුස්ලිම් පිරිමි ළමයගෙන් ඇහුවේ මේ මඩකලපුවට යන කෝච්චියද කියල. ලොකු ට්‍රැවල් බෑග් දෙකකුත් අරන් ඒ දෙන්න ඇවිත් වාඩිවුණේ අපි මම හිටපු සීට් එකේ එහා පැත්තෙයි. අනිත් සීට් එකේ මෙහා පැත්තෙයි. කෝච්චිය පිටත් වුණා කොටුවෙ ස්ටේෂන් එකෙන් තවත් විනාඩි 10කට විතර පස්සෙ. මට එහා පැත්තේ වාඩි වුණු Keshia සිංගප්පුරුවෙන්. එයාගේ ආදරවන්තය Cullen ඇමෙරිකාවේ. Keshia ජර්නලිස්ට් කෙනෙක්. Cullen ෆිනෑන්ස් මැනේජර් කෙනෙක්. ඒ දෙන්න යන්නෙ හබරණට. ඒ අය හබරණින් බහිනකම් ම අපි එක එක දේවල් කතා කර කර සද්දෙට හිනා වෙවී ආවා. සෙල්ෆි දෙක තුනකුත් ගත්තා. මම ඒ ගමනේ සතුටෙන්ම හිටියෙ අපි කතා බහ කර කර ආපු කෙටි වෙලාව. ඒ අය හබරණින් බැහැල යද්දි මට දැණුනේ මුළු පෙට්ටියම එකපාරටම හිස්වුණා වගේ. ඒත් අපි අහම්බෙන් මුණගැහුණු ආයෙත් මුණගැහෙන්න බොහොම අඩු සම්භාවිතාවක් තියෙන පාරවල් දෙකක යන ලෝක දෙකක සංචාරකයෝ. අපේ ජීවිතවල හැමදාටම හමුවීම අහම්බයක් වුණත් සමුගැනීමට සමුදීමට සිදුවීම නියතයක්. එතකොට මද්දහනට කිට්ටුයි. මම ජනේලෙන් එලියේ දිග ඇරෙන වියළි කලාපයේ තද කොලපාට කැලෑව දිහා බලාගෙන හිටිය. අලි ඇති කියල හිතුවත්, රේල්පාරට පේන මානයක නම් අලි හිටියෙ නෑ. හබරණට පස්සෙ ඊළඟ ස්ටේෂන් එක හතරැස් කොටුව ඊට පස්සෙ ගල් ඔය හන්දිය. මඩකලපුවට යන හින්ද ඒ කෝච්චියෙම හිටිය. ගල් ඔය හන්දියෙදි කෝච්චියේ සෙනග අඩුවුණා. ගල් ඔය හන්දියෙන් ආපහු ගමන පටන්ගන්න කෝච්චිය මින්නේරිය හිඟුරක්ගොඩ ජයන්තිපුර එහෙම පහුකරගෙන පොළොන්නරුවට එනව. කෝච්චිය සාගරයක් වගේ පේන මහවැලි ගඟ උඩින් වැටුණු මනම්පිටිය පාලම උඩින් යද්දි හරි අපූරුයි. මම මඩකලපුව පැත්තට කෝච්චියෙන්වත් බස් එකකින් වත් ඊට කලින් ගිහින් තිබ්බේ නෑ. ඒ හින්ද ඒක හරිම නැවුම් අත්දැකීමක්. මම ජනේලෙන් පුළුවන් තරම් පහළට බෙල්ල නමල මහවැලි ගඟ දිහා බලාගෙන හිටිය. වතුර ලා දුඹුරු පාටක් තිබ්බේ. කෝච්චි පාලමට සමාන්තරව ටිකක් එහායින් අළුත් මනම්පිටිය පාලම වැටිල තිබුණා. ආයේ දවසක ගිහින් මනම්පිටියෙ පාලම දිගේ ඇවිදින්න ඕනේ. කෝච්චිය දැන් වියළි කලාපයේ ඉඳන් අර්ධ ශුෂ්ක කලාපයට ඇතුල්වෙනව ටික ටික. තද කොළපාට පරිසරය දැන් කොළපාට වෙලා ටික ටික දුඹුරු පාටට හැරෙනව. රේල් පාර දෙපැත්තෙම පොල්ගස් අඩුවෙලා තල්ගස් වැඩිවෙනව. තැනින තැන ගෙඩි පිරුණු දිවුල් ගස් තියෙනව. සමහරවිට ඒ කන්නේ වතුර නැති හින්ද පුරන්වෙන්න ඇරපු වේලිල කරකුට්ටන් ගැහිච්චි විශාල කුඹුරු යායවල් තිබුණ රේල්පාර දෙපැත්තෙම. නියරවල් උඩ හිටගෙන යෝද තල්ගස් පහළින් තියෙන පුරන් කුඹුරු දිහා ඔහේ බලන් හිටිය. මනම්පිටියට පස්සෙ වැලිකන්ද අසේලපුර එහෙම පහුකලාම ඊළඟට හම්බෙන ප්‍රධාන ස්ටේෂන් එක තමා පූනානි. මේ හරියෙ රේල්පාර ඉද්දගැහුව වගේ. හරිම කටුක පරිසරයක්. අව්ව මාරම සැරයි. තැනින් තැන තල්ගස් නොතිබ්බ නම් මුළු පැත්තම එක යායට සමතලා ඉඩමක්. පූනානි වලින් පස්සෙ කඩදාසි නගරය ස්ටේෂන් එක. ඊළඟට වාලච්චේන ස්ටේෂන් එක - මගේ ගමනාන්තය. වාලච්චේනත් ප්‍රධාන ස්ටේෂන් එකක්. ට්‍රිප් එක දවස් තුනක්. රෑ දෙකක් මම පාසිකුඩාවල නවතිනව. වාලච්චේන ස්ටේෂන් එකෙන් කෝච්චියෙන් බැහැපු සෙනග අතින් කටින් බෑග් එල්ලගෙන එලියට එන දොර ළඟ ත්‍රීවිල් ඩ්‍රයිවර්ල පහළොවක් විතර එක පොදියට හිටිය. මම එළියට අඩිය තියද්දි, එක ඩ්‍රයිවර් කෙනෙක් මං ළඟට ඇවිත් ඇහුව යන්නෙ කොහෙටද කියල.මම බුක් කරල තිබ්බෙ බජට් හොටෙල් එකක කාමරයක්. ඒක පාසිකුඩා බීච් එකට මීටර් 100ක් විතර දුරින් තිබ්බෙ. ත්‍රීවිල් ඩ්‍රයිවර් මාව හොටෙල් එක ළඟටම ඩ්‍රොප් කළා. ඒකේ කාමර තිබ්බෙ වෙන වෙනම තැන් තැන්වල කොටේජස් විදිහට. වහලට පොල් අතු හෙවිලි කරල ලෑලි වලින් තමා බිත්ති හදල තිබ්බේ. මූලික පහසුකම් විතරයි. සැප පහසුව නම් මදි. හැබැයි වියදම නම් අඩුයි. රෑට පැය පහක් හයක් නිදාගන්න විතරක් කාමරයක් ඕනෑ නම්, ඒක හොඳටම ප්‍රමාණවත්. නවාතැන බාරව හිටපු පරණ සුදු අත්දිග කමිසයක් හාගේට අත් නමල කළු දිගකලිසමට උඩින් ඇඳල කළු රබර් සෙරෙප්පු දෙකක් දාගෙන හිටපු කෙට්ටු කළු උස පළල් නලලට උඩින් අවුල් වෙච්චි පිටිපස්සට ටිකක් නැමුණු කොණ්ඩයක් තිබුණු බැටළුවෙක් වගේ හිනාවෙන තෙවනේසන් මම බුක් කරල තිබ්බ කොටේජ් එකට මාව එක්කගෙන ගිහින් පැඩ්ලොක් එකක් දාපු දොර ඇරල තියෙන පහසුකම් ටික පෙන්නුව. කින්ග් සයිස් ඇඳ හදල තිබ්බේ බිමටම හයිකරපු ලොකු ලී කොටයක් හාරල වගේ මට මතක. ලොකු ඉන්ඩස්ට්‍රියල් ස්ටෑන්ඩින් ෆෑන් එකකුත් තිබ්බ. ඉස්සරහ දොර හයිකරල තිබ්බ ලෑලි බිත්තිය දිගට ඇතුළ් පැත්තෙන් බෑග් එහෙම තියන්න පුළුවන් කවුන්ටරයක් වගේ හදල තිබ්බ. CFL බල්බ් එකක් ලී සිවිලිම ඇතුළෙන් ආපු මහත සුදු වයර් එකකින් ඇඳට උඩින් මැද හරියට වෙන්න එල්ලුනා. ඒකෙ එළිය මම කැමති නැති මලානික කහ පාටක් තිබ්බේ. ජනෙල් නැති හින්ද කාමරේ දවල්ට වුණත් ටිකක් අඳුරුයි. වැඩිය උස නැති වහළෙයි ලී සිවිලිමයි හින්ද ඒක ඇතුළ ටිකක් රස්නෙයි. කොටේජ් එක පිටිපස්සෙ තිබ්බ ඇටෑච්ඩ් බාත් රූම් එකට වහළක් තිබ්බේ නෑ. ඒක මට නුපුරුදු ආස්වාදජනක අත්දැකීමක්. එලියෙ පෝච් එකේ ප්ලාස්ටික් වේවැල් වලින් වියපු මිටි ලී හාන්සි පුටු දෙකක් තිබ්බ දොර දෙපැත්තෙන්. කොටේජ් එකෙන් එළියෙ මල්පෝච්චි කීපයක් තිබ්බ. වත්තේ තැන් තැන් වලත් එක එක මල් ජාති වවල තිබ්බ. බෑග් එක ඇතුළට උණ්ඩි කරල ඔබල තිබ්බ ඇඳුම් ටික එළියට අරන් ඇඳ උඩම තියාගෙන මැද්ද අයන්බෝඩ් එකක් තිබ්බේ නැති හින්ද. ඇඳේ ඇඳුම් මැදිල්ල පණ යන වැඩක් මට නම්. ඒ අතරෙ වහින්න ගත්ත හයියෙන්. ඇඳුම් මැදල ඉවර වෙද්දි තුන හමාරට විතර ඇති. මම වැස්සෙනුයි ෂවර් එකෙනුයි දෙකෙන්ම හොඳට නාගත්ත. ඊට පස්සෙ ලෑස්ති වෙලා වැස්ස ටිකක් තුරල් වෙනකල්, ෆෝන් එක පහුරු ගගා පැය භාගයක් විතර ඇල වෙලා හිටිය ඇඳේ. මට දැන් යකෙක් කන්න බඩගිනියි. වැස්ස ටිකක් අඩුවුණාට පස්සෙ මම බෑග් එකේ දාන් ඇවිත් තිබ්බ දුඹුරු පාට කොටු කොටු කුඩෙත් ඉහළගෙන, කොටේජ් එකෙන් එළියට ඇවිත් හිමින් හිමින් ඉස්සරහට ඇවිදගෙන ආවා රෙස්ටුරන්ට් එක ළඟට. තෙවනේසන් ගෙන් ලන්ච් ගන්න තැනක් ගැන අහපුවාම, ළඟම තියෙන මචන්ග් පබ් එක ගැන කිව්ව. උයන ගැණු කෙනා නිවාඩු ගිහින් හින්ද එදාට එහෙන් ලන්ච් ගන්න විදිහක් නෑ කියල තෙවනේසන් මට කලින්ම කියල තිබුණ. එතනට පොඩ්ඩක් එහා පැත්තේ පාරෙන් ටිකක් ඇතුලට වෙන්න තමා මචන්ග් එක තියෙන්නෙ. ඒක ලොකු පබ් එකක්. මම කුඩේ අකුළල වතුර එළියට ගසල දොර ළඟින්ම ඇතුළට වෙන්න බිත්තියට හේත්තු කලා. මට වැස්ස පෑව්වට පස්සේ කුඩයක් ගෙනාව කියල අමතක වෙනව. ඒ හින්ද කුඩේ පේන මේසයක් ළඟ තමා වාඩි වුණේ. මිනිස්සු තිහක් විතර ඒ වෙද්දිත් දෙන්න දෙන්න, තුන් හතර දෙනා, සෙට්වෙල මදුවිත තොලගානව. ඒ අයගේ හිත්වල තියෙන ආතතිය, ඒ අයගෙ ගෙවල්වල වැඩපොලවල්වල තියෙන දහකුත් එකක් ප්‍රශ්න, වැල නොකැඩී ඇතුළෙනුත් එන එළියෙනුත් එන හිතට නිවනක් නැති කරදර කම්කටොළු බාධා ඔක්කොම අරක්කු වීදුරුවක ගිල්ලල දියකරල අමතක කරන්න ඔට්ටුවෙනව. ඒත් වතුර හිඳුනාම ළිඳේ අඩිය පේන්න ගන්නව වගේ, වෙරිමත හිඳුනාම අර කරදර ඔක්කොම ආයේ මතුවෙනව. ඒ හින්ද අරක්කු බීලා තමන්ගේ ප්‍රශ්න විසඳගන්න හදන මිනිස්සුන්ට ජීවිත කාලෙම බොන්න වෙනව. බීමත්කම අත් අරින්න බැරි පුරුද්දක් වුණාම ඒ අයට තියෙන විසඳ ගන්න බැරි ප්‍රශ්න වලට තව අළුත් ප්‍රශ්න ගොඩකුත් එකතු වෙනව. මට දැනෙන විදිහට බීමත්කම self-reinforcing habit එකක් වෙන්නෙ එහෙමයි බහුතරයකට. මම ඕඩර් කරපු සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එක විනාඩි 15කට විතර පස්සේ අරන් ඇවිත් මට සර්ව් කලා යුනිෆෝම් එකක් ඇඳපු වේටර් කෙනෙක්. ඒක හරි රසයි. මම බිල ගෙවල මචන්ග් එකෙන් එලියට එද්දි වැහැල ඉවරයි. කාමරේට ඇවිත් කුඩේ දාලා, මම පාර දිගේ ඇවිදගෙන ගියා බීච් එක දිහාට. ඒ වෙලාවෙ හවස පහට විතර ඇති. වැස්ස පෑව්වට වැහි මන්දාරම එහෙමම තිබුණ. පබ්ලික් බීච් එකට ඇතුල්වෙන තැනම හමුදාවෙන් පවත්තගෙන යන පොඩි ග්‍රොසරියක් තිබ්බ. ඒ හරියේ පාසි කොළපාට වතුර තියෙන වැඩිය ගැඹුරු නැති පතහක් වගේ පෙනුනු ලොකු වලකුයි ඊට තරමක් පොඩි වලකුයි තිබ්බ මතකයි. බීච් එක ඇතුළට යන්න ඔය දෙක මැද්දෙන් දාල තිබ්බ පොල් කොටයක් දිගේ හරි පටු කණ්ඩියක් දිගේ හරි යන්න සීරුවට අඩිය තිය තියා යන්න වුණා. ඒ වලවල් මොනවද කියල ඇයි ඒ වතුර පාසි කොළපාට කියල තාමත් මම දන්නෙ නෑ. වැහි මන්දාරමයි හැන්දෑවයි හින්ද අළුපාටට පෙනුනු මූද ටිකක් සැරයි ඒ වෙලාවෙ. ඒත් මම රැල්ල පෑගුව හිතේ හැටියට. මට දකුණු පැත්තේ බෝට්ටු විස්සක් විසිපහක් වෙරළෙ උඩටම වෙන්න නවත්තල තිබ්බ. මූදුගිහින් ආපු එව්ව වෙන්න ඕනේ. තැන් තැන් වල කට්ටිය නනා හිටිය දියකාවො වගේ. සමහරු මං වගේ රැල්ල පාග පාග එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටිය. පාසිකුඩා වෙරළ තීරෙ දිගටම සංචාරක හෝටල් තියෙන හින්ද , ඒ වගේම ධීවර කර්මාන්තෙත් සරුවට කෙරෙන හින්ද, බීච් එක කවදාවත් පාළු වෙන්න විදිහක් නෑ. හය හමාරට විතර මම චොකලට් අයිස් ක්‍රීම් බාර් එකක් අරගෙන, ඇවිදගෙන යන ගමන්ම ඒකේ කෑලි කීපෙකට ඉරාගෙන අයින්කරගත්ත දවටනේ සාක්කුවට දාගෙන, ඒක හිමින් හිමින් කකා ආපහු මගේ කාමරේට ගියා. ගිහිල්ල නාගෙන, එහා පැත්තෙ තිබ්බ තේ කඩේට ගිහින් අඩයක් කාලා කිරි තේ එකක් බීල පැය භාගෙකට විතර පස්සෙ ආයෙත් කාමරේට ආව. දවල්ට කෑවේත් ගොඩක් හවස්වෙලා හින්ද, දැන් ඉස්මුරුත්තාවට ඇවිත්. හැන්දෑවෙ ගත්තු ෆොටෝ ටික Facebook එකට දාලා මම නිදගත්ත දහයට විතර. පොඩි වැස්සකුත් ගියා මං හිතන්නේ. නිදිපොල වෙනස් හින්ද නින්ද ගියෙනම් නෑ හරියට. උදේ පහමාර වෙද්දි මම බීච් එකේ ඉර උදාව බලන්න. ෆොටෝ ගන්න. මූද අද සිල් අරන්. හරිම අපූරුයි. මූදුරළ ඇඟිලි තුඩු වලින් හොරෙන් හොරෙන් හිමින් හිමින් ඇවිදගෙන ඇවිත් හිමීට හැරිල ඇඟිලි තුඩුවලින්ම හොරෙන් හොරෙන් හිමින් හිමින් ආපහු ගියා. වැහිමන්දාරමක් තිබ්බ හින්ද ඉර උදාව ෆොටෝ ගන්න වැඩේ ජෝන් බාස්ට ගියා. ඒත් මූදෙයි වෙරළෙයි ෆොටෝ නම් සෑහෙන්න ගත්ත. හරක් රංචුවක කුර සටහන් වැල්ලෙ තිබ්බ. තැන් දෙක තුනක ගොමත් දාල ගිහින් තිබ්බ. මම වෙරළ දිගේ දකුණු පැත්තට අඩි 15ක් 20ක් විතර ඇවිදගෙන ගියා. ඒ පැත්තෙ වෙරළ දිගට සරුවට වැවුණු ගෙඩි පිරුණු පැළ පොල්ගස් පේළි දෙකක් තිබුණ. මූදුවතුර අස්සෙන් වීදුරුවක් අස්සෙන් වගේ පතුල පේනව. මූද ඇතුළට මීටර් 100කට එහා ඇවිදගෙන යන්න පුළුවන් තරම් වතුර ගැඹුර අඩුයි. යෝද බේබි පූල් එකක් වගේ. මම හැරිල පටන්ගත්ත තැනටම ආපහු ඇවිදගෙන ආව. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom