Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
කෝච්චියෙන් වාලච්චේනට (පාසිකුඩා) - Part 01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝච්චියෙන් වාලච්චේනට (පාසිකුඩා) - Part 02

මම හිටපු තැනට පොඩ්ඩක් එහාට වෙන්න සුදට හුරු කමිසෙකුයි පරණ අවපැහැවෙච්චි කළු දිග කලිසමකුයි ඇඳල හිටිය කෙට්ටු කළු මිටි සාමාන්‍ය උඩු රැවුලක් තිබුණු ධීවරයෙක් එයාගේ බෝට්ටුව හිමින් හිමින් තල්ලු කලා මූද දිහාට. මම CCTV කැමරාවක් වගේ වගේ එහෙටයි මෙහෙටයි බෙල්ල කරකව කරකව 360 වීව් එකක් හොයන අතරේ, ඒ පැත්ත බලනව ඒ මනුස්සය දකින්න ඇති දෙතුන් පාරක්ම. 'මහත්තය එනවද යන්න?' මට හරිම පුදුමයි. මම ඒ මනුස්සය එක්ක හිනාවෙලාවෙත් තිබ්බේ නෑ කතා කරනව තියා. මම ඒ පැත්තට ගියා 'ලයිෆ් ජැකට් තියෙනවද?' ‘ඔව් මහත්තෙය නගින්න’. පොඩි චකිතයක් බයක් තිබ්බත්, මට ඒ මනුස්සයගේ කරුණාවන්ත ආරාධනාව අහක දාන්න බැරි හින්ද මම නැග්ග බෝට්ටුවට. බැලන්ස් එක හදාගන්න පොඩිවෙලාවක් ගියා බෝට්ටුව පොඩ්ඩක් පැද්දුනු හින්දා. මම ලයිෆ් ජැකට් එකකුත් ඉල්ලගෙන ඇඳගත්ත. මතක හිටින්න ඒ ධීවරයත් එක්ක සෙල්ෆියකුත් ගත්තා. ඒ මගේ පළවෙනි මුහුදු ගමන. බෝට්ටුව පෙරලුනොත් කියල අනියත බයක් තිබ්බෙ නැතුවම නෙමේ. ඒත් උදේ හයහමාරට විතර, ලා ඉරු එළියෙ, ලාවට රැලි නගන මුහුදු වතුර පසාරුකරගෙන පොඩ්ඩක් පැද්දි පැද්දි බෝට්ටුවෙ යද්දි, ඒක හරිම නැවුම් සොඳුරු අත්දැකීමක්.

කිලෝමීටර් තුනක් විතර මූද ඇතුළට ගිහින් එන්ජින් එක නවත්තල, ඒ හරියේ දාල තිබ්බ දැලක් එකතු කරල බෝට්ටුවට දාගත්ත. එන්ජිම නවත්තපුවාම බෝට්ටුව ටිකක් පැද්දෙනව හැබැයි. දැලට අහුවෙලා හිටිය මම හරියටම දන්නෙ නැති මාළු දෙතුන් දෙනෙකුයි දුඹුරු පාට ටිකක් ලොකු කකුළුවෙකුයි. එක මාළුවෙක් තාමත් ගැහෙනව. මම මාළු කන කෙනෙක්, ඒත් මම බහිනකම් ඒ මාළුව දිහා ආයෙත් නොබල හිටිය. ඒ ධීවර කර්මාන්තෙ කටුක යතාර්තය. ජෙල්ෆිෂ්ල දෙතුන් දෙනෙකුත් දැලට අහුවෙලා හිටිය. දැලෙන් උදුරල ගත්තු ජෙල්ෆිෂ් මූදට වීසි කරන්න මිට මොලවල ගත්තම උන්ගේ කෑලි ඇඟිලි අතරින් මතුවුණා පොල් මිරිකද්දි ඇඟිලි අතරින් කිරි මතුවෙනව වගේ. අපි ආපහු වෙරළට ආවා. එපා කියල පෙරැත්ත කරද්දි මම බලෙන්ම රුපියල් පන්සීයක් ඒ ධීවරයගේ සාක්කුවට දාලා නොසෑහෙන්න ස්තුති කරල ආවා.

ඒ මට මනුස්සකමයි ආගන්තුක සත්කාරයයි වෙන් කරල අඳුනගන්න බැරිතරම් එකට බැඳුණු අවස්ථාවක්. ඒ මට හම්බුණු කවදාවත් අමතක වෙන්නෙ නැති මිනිස්කමෙන් පිරුණු හදවතෙන් පෝසත් මනුස්සයෙක්. දවසක අපි හැමකෙනෙක්ම මතකයක් විතරක් ඉතුරුකරල යන්න යනවා. අපි ඉතුරුකරල යන මතක සම්පූර්ණයෙන්ම අපේ හැසිරීම උඩ තීරණය වෙනව. අපේ හැසිරීම අපේ වටිනාකම් සහ විශ්වාසයන් උඩ තීරණය වෙනව. 'මට වෙන කරන්න දෙයක් නෑ!' කියල අපි කොච්චර හිතුවත් අපේ හිත් ඇතුළෙන් අපි දන්නව අපිට හැමවෙලාවෙම ඊට වඩා ගොඩක් හොඳ ඒත් පෞද්ගලිකව අපහසු හෝ වියදම් අධික තෝරාගැනීමක් තියෙනව කියල.

අනිත් අතට අපි ගන්න හැම තීරණයක්ම, අපිට තියෙන සීමාවන් ගැන හොඳ අවබෝධයක් ඇතුව, අපි අපිටම සම්පූර්ණයෙන්ම අවංකව ගන්නත් ඕනේ. ෂේක්ස්පියර්ගෙ හැම්ලට් කියන නාට්‍යයේ, පොලෝනියස් කියන මේ දෙබස, අපි හැමෝටම හැම කාලෙටම එකවගේම වටින කතාවක්.

“This above all: to thine own self be true

And it must follow, as the night the day

Thou canst not then be false to any man…”

ඒ දෙබසෙ අදහස සරලව ගත්තොත් මේ වගේ "අනෙක් හැම දේකටම වැඩියෙන් වැදගත් වෙන්නෙ ඔබ ඔබට අවංක වෙන එක. දවාල ගතවෙලා රැය උදාවෙනව වගේ හැමතිස්සෙම ඔබ ඔබට අවංක වෙන්න. එහෙම උනොත් ඔබට වෙන කිසිම කෙනෙකුට බොරු කියන්න/ බොරු කරන්න බෑ."

ඒ වගේම, නිරුවතින් ඉන්න මනුස්සයෙක් අපිට ෂර්ට් එකක් දික්කරනව නම් අපි ඒක ගන්න එක ගැන දෙපාරක් හිතන්න ඕනෙ. මේ කතාවයි මම උඩින් කිව්ව කතාවයි දෙක පරස්පර විරොධී උනත්, මේ තමයි අපි ජීවත්වෙන පාරිභෝගිවාදී ලෝකෙ ඇත්ත මූණ. ඇත්ත බොරුව වෙන් කරල අඳුනගන්න තරම් අපි බුද්ධිමත් නොවුනොත් අපේ මනුස්සකම් අපේ වටිනාකම් හින්දම අපි හරි ලේසියෙන් බොරු වළවල් වලට වැටෙන්න පුළුවන්.

මම මේකේ ගැඹුරු දාර්ශනික දේවල් ලිව්වට මම මහා බුද්ධිමතෙක් නෙමෙයි. මම කරල තියෙන මෝඩ ගොබ්බ වැඩ එකතු කරල ලිස්ට් එකක් හැදුවොත් War & Peace නවකතාව වගේ සියගුණයකටත් වඩා දිග කැටලොග් එකක් හදන්න පුළුවන්. මම ලියන වෙලාවෙ ඔළුවට එන අදහස් මම අකුරු වලට වචන වලට පෙරළනව. ඒව එන්නෙ මම කියවන දෙවල් වලින්. ඒ වගේම තමා මම විශ්වාස කරන විදිහට අපේ ජිවිතය කියන්නෙ සියුම් facets මිලියන ගාණක් තියෙන යෝධ මැණිකක්. ඒකේ සමහර facets අපිට පේන්නේ කවුරුහරි එළියක් - ලේසර් බීම් එකක් හරි කණාමැදිරි එළියක් හරි - අල්ලල පෙන්නුවොත් විතරයි. සමහර ඒව එහෙම පේන්නෙත් නෑ.

රූම් එක ලාබෙට ගත්ත හින්ද මගේ බජට් එක මට කෑමවලට ඉතුරුකරගන්න පුළුවන් වුණා. මෙහෙම කිව්වට ඒක මම ඒ බ්‍රෙක්ෆස්ට් බුෆේ එකට වියදම් කරපු ගාණ මටම සාධාරනීකරණය කරගන්න හදාගත්ත හේතුවක් විතරයි. ආපහු රූම් එකට ගිහින් නාලා වෙන ඇඳුමක් දාගෙන Amethyst Resort එකට ගියා බ්‍රේක්ෆස්ට් බුෆේ එකට. ඒ යන අතරමග මොණරු ජෝඩු දෙකක් හම්බුණා. Amethyst Resort එක ලස්සන තැනක්. කොහොමත් පාසිකුඩා වල ලංකාවේ තියෙන හැම ප්‍රධාන හොටෙල් චේන් එකකම වගේ ප්‍රොපටීස් තියෙනව. බුෆේ එකත් හොඳට තිබ්බ. හා හා පුරා කියල කිරිබත් කැට දෙක තුනකින් වැඩ අල්ලල, උදේ 7.30 ඉඳන් 9.45 විතර වෙනකල් හිමින් හිමින් තිබ්බ හැම ඩිෂ් එකකම වගේ රස පරීක්ෂා කළා. බිල ගෙවල ඊට පස්සෙ එතනින්ම බීච් එකටත් ගියා. එකම මූද. එකම වෙරළ. ආපහු එන ගමන් මග හිටපු මොණරුන්ගේ ෆොටෝ දෙක තුනක් ගත්ත.

රූම් එකට ඇවිත් නිල් පාට කොට කලිසමකුයි මගේ අළුපාට පෝලෝ ෂර්ට් එකයි ඇඳගෙන, ආයෙත් ගියා බීච් එකට. හොඳට වැටුණු අව්වේ එළියෙන් වළාකුළු නැති අහස ලාවට රැලි ගහන මූදෙන් හැඩ බල බල හිටිය Narcissus වගෙ. රැල්ලෙන් රැල්ලට හේදි හේදි දියවෙවී යන වතුරේ දාරය ළඟින්ම තියෙන ඇල වැලි බිත්තිය හොඳට මැදපු දුඹුරු සපත්තුවක් වගෙ ගිනිකණ වැටෙන ගානට දිළිසුනා. මම C අකුරේ හැඩේට තිබ්බ පාසිකුඩා බේ එක දිගේ එහා කොණේ ඉඳන් මෙහා කොණට යන්න හිතාගෙන, රැල්ල පාග පාග හිමින් හිමින් වම්පැත්තේ කෙලවරටම ගියා. ඒ හරිය නම් ටිකක් පාළුයි. එතනින් හැරිල අනිත් පැත්තටත් ආපහු ඇවිදගෙන ගියා වතුරෙ දාරය දිගේම. අනිත් පැත්තේ නම් කෙලවරටම යන්න බැරිවුණා. ඇයි කියල නම් දැන් අමතකයි. දෙපැත්තටම හෝටල් තිබුණා මහ ගොඩක්.

ඒ ඕෆ් සීසන් හින්ද සංචාරකයො නම් අඩුයි. සමහරු මූදෙ නනා හිටිය. තවත් අය බීච් එකේ ඉඳගෙන හීටිය. පොඩි ළමයි කෑගගහ රැල්ල පාගනව, දුවනව, පනිනව, වැටෙනව වැල්ල දිගේ එහෙටයි මෙහෙටයි. කීපදෙනෙක් වැලිවලින් මාලිගා හදනව. එක තාත්ත කෙනෙක් බීච් එකේ මුණින් අතට ඉද්දි පොඩි එවුන් තුන් දෙනෙක් වැලිවලින් තාත්තව වහනව මූණ හරිය අත ඇරල. තැන් තැන් වල ධීවරයොත් හිටිය.

ලාවට රැලිගහන නොගැඹුරු මූද කොයි පැත්තෙන් බැලුවත් පළපුරුදු සිත්තරෙක් දියසායම් වලින් ඇන්ද චිත්‍රයක් වගේ. සමහරවෙලාවට ඇහි පිල්ලම් දෙකක් අතරෙ අපිට දකින්න විඳින්න පුළුවන් සොබා සෞන්දර්ය වචන දහදාහකින්වත් විස්තර කරන්න බෑ. මම පැය තුනකට වඩා එහෙටයි මෙහෙටයි ඇවිද්ද ෆෝන් එකෙන් ෆොටෝ ගගහ. කැලෑපාරක් අස්සෙන් ඇවිදගෙන මම කල්කුඩා වෙරළටත් ගියා. ඒ හරියෙ මූද පාසිකුඩා තරම්වත් රැලි ගහන්නේ නෑ. පතුල පේන තරම් පැහැදිලි නොගැඹුරු වතුරේ ලොකු පොඩි මාළු ගොඩක් නිදහසේ පීන පීන හිටිය. හැබැයි අතරින් පතර ඉන්න ධීවරයො දෙතුන් දෙනෙක් ඇරෙන්න, කල්කුඩා බීච් එක හරි පාළුයි ඒ වෙලාවේ. ඒ හින්ද විනාඩි 10කින් විතර මම ආපහු පාසිකුඩා බීච් එකටම ආව. එදා බ්‍රෙක්ෆස්ට් සහ ලන්ච් වෙලාව ඇරුණාම මුළු දවසම වගේ හිටියෙ පාසිකුඩා බීච් එකේමයි.

හැන්දෑවෙද්දි අපි කැමති දිහාවක ඉඳල ආපහු යන්න වෙන දවසට කලින් දවසේ හැන්දැවේ එන පැහැදිලි කරන්න බැරි අර්ථදක්වන්න බැරි පාළුව රැල්ලක් වගේ මගේ හිතට ආවා. හරියටම කියනව නම් ඔය හැඟීම තමයි ගමන එන්න පිටත් වෙන දවසට කලින් හැන්දෑවේ දැනෙන මිහිරි කුතුහලේ පිරුණු උද්යෝගයේ ප්‍රතිලෝමය. එකම කාසියේ දෙපැත්ත වගේ. මාලිමාවේ මූණතේ උතුරයි දකුණයි වගේ. හරිම ළඟයි. ඒත් සම්පූර්ණයෙන්ම වෙනස්.

මම පැණිකජු අයිස්ක්‍රීම් කෝන් එකක් කකා හිමින් හිමින් ගියා බීච් එකට සමාන්තරව වැටුණු පටු තාරපාර දිගේ. මට ඉස්සරහින් ආපු කළු බල්ලයි දුඹුරු බල්ලයි උන්ට කතාකරන්න බැරි හින්ද උන්ගේ ඇස්වලින් මගෙන් අයිස්ක්‍රීම් ටිකක් ඉල්ලුවා. මම පෙට් ලවර් කෙනෙක් නොවුණත්, මම කකා හිටපු අයිස්ක්‍රීම් එකෙන් භාගයක් කඩල උන් දෙන්නට කන්න පාර අයිනට දැම්ම. උන් හරිම ආසාවෙන් ඒක කනව දකිද්දි මගේ තියෙන දැඩි ගතිගුණ වලට යටින් මටත් ප්‍රභාශ්වර හිතක් තියෙනව කියල මට හිතුණ. අපි දන් දෙන්න ඕනේ අපි වැඩියෙන්ම කැමති දේවල්. කොච්චර අමාරු වුණත් අපි අත් අරින්න හිත හදාගන්නම ඕනේ අපිට අත් අරින්නම බැරි බැඳීම්. තවත් පැත්තකින් බැලුවාම අපේම කර්ම ශක්තියෙන් පාලනය වෙන මේ දිග සංසාරේ කවදාවත් අපිට නෑදෑ නොවුණු හරි නොවෙන කෙනෙක් ඉන්න පුළුවන්ද?

අපේ ජිවිත, අපේ බැඳීම් කෙටියි. සංසාරේ දිගයි. නිවන දුරයි. අපිට තියෙන සීමිත කාලයෙන් අර්ථවත් දෙයක් කරන ගමන් ජීවිතය විඳින ගමන් මේ ගැනත් සිහියෙන් අවබෝධයෙන් අපි ඉන්න ඕනේ හැමවෙලාවෙම. හැබැයි හැමදේම නිශ්ඵලයි කියල කාලෙ කන එක නම් ජීවිතාවබෝධය නෙමේ කම්මැලිකම. ඒක දෙලොවටම වැඩක් නැති හිස් වැඩක්.

හෝටල් පේළිය ඉවර වෙන තැනට යනකම් ඇවිදගෙන ගිහින් ආපහු හැරිල ආව. මගේ වින්ඩෝ ෂොපින් ඉවර කරල රූම් එකට ඇවිත් නාගෙන ඩිනර් එකට ගියා.

පහුවදා උදේ හතයි හතරට වාලච්චේනෙන් මඩකලපුවෙ ඉඳන් කොළඹට එන කෝච්චියට නැග්ග.

[QUOTE="Jayashantha84, post: 26992134, member: 578721"] [HEADING=2]කෝච්චියෙන් වාලච්චේනට (පාසිකුඩා) - Part 02[/HEADING] මම හිටපු තැනට පොඩ්ඩක් එහාට වෙන්න සුදට හුරු කමිසෙකුයි පරණ අවපැහැවෙච්චි කළු දිග කලිසමකුයි ඇඳල හිටිය කෙට්ටු කළු මිටි සාමාන්‍ය උඩු රැවුලක් තිබුණු ධීවරයෙක් එයාගේ බෝට්ටුව හිමින් හිමින් තල්ලු කලා මූද දිහාට. මම CCTV කැමරාවක් වගේ වගේ එහෙටයි මෙහෙටයි බෙල්ල කරකව කරකව 360 වීව් එකක් හොයන අතරේ, ඒ පැත්ත බලනව ඒ මනුස්සය දකින්න ඇති දෙතුන් පාරක්ම. 'මහත්තය එනවද යන්න?' මට හරිම පුදුමයි. මම ඒ මනුස්සය එක්ක හිනාවෙලාවෙත් තිබ්බේ නෑ කතා කරනව තියා. මම ඒ පැත්තට ගියා 'ලයිෆ් ජැකට් තියෙනවද?' ‘ඔව් මහත්තෙය නගින්න’. පොඩි චකිතයක් බයක් තිබ්බත්, මට ඒ මනුස්සයගේ කරුණාවන්ත ආරාධනාව අහක දාන්න බැරි හින්ද මම නැග්ග බෝට්ටුවට. බැලන්ස් එක හදාගන්න පොඩිවෙලාවක් ගියා බෝට්ටුව පොඩ්ඩක් පැද්දුනු හින්දා. මම ලයිෆ් ජැකට් එකකුත් ඉල්ලගෙන ඇඳගත්ත. මතක හිටින්න ඒ ධීවරයත් එක්ක සෙල්ෆියකුත් ගත්තා. ඒ මගේ පළවෙනි මුහුදු ගමන. බෝට්ටුව පෙරලුනොත් කියල අනියත බයක් තිබ්බෙ නැතුවම නෙමේ. ඒත් උදේ හයහමාරට විතර, ලා ඉරු එළියෙ, ලාවට රැලි නගන මුහුදු වතුර පසාරුකරගෙන පොඩ්ඩක් පැද්දි පැද්දි බෝට්ටුවෙ යද්දි, ඒක හරිම නැවුම් සොඳුරු අත්දැකීමක්. කිලෝමීටර් තුනක් විතර මූද ඇතුළට ගිහින් එන්ජින් එක නවත්තල, ඒ හරියේ දාල තිබ්බ දැලක් එකතු කරල බෝට්ටුවට දාගත්ත. එන්ජිම නවත්තපුවාම බෝට්ටුව ටිකක් පැද්දෙනව හැබැයි. දැලට අහුවෙලා හිටිය මම හරියටම දන්නෙ නැති මාළු දෙතුන් දෙනෙකුයි දුඹුරු පාට ටිකක් ලොකු කකුළුවෙකුයි. එක මාළුවෙක් තාමත් ගැහෙනව. මම මාළු කන කෙනෙක්, ඒත් මම බහිනකම් ඒ මාළුව දිහා ආයෙත් නොබල හිටිය. ඒ ධීවර කර්මාන්තෙ කටුක යතාර්තය. ජෙල්ෆිෂ්ල දෙතුන් දෙනෙකුත් දැලට අහුවෙලා හිටිය. දැලෙන් උදුරල ගත්තු ජෙල්ෆිෂ් මූදට වීසි කරන්න මිට මොලවල ගත්තම උන්ගේ කෑලි ඇඟිලි අතරින් මතුවුණා පොල් මිරිකද්දි ඇඟිලි අතරින් කිරි මතුවෙනව වගේ. අපි ආපහු වෙරළට ආවා. එපා කියල පෙරැත්ත කරද්දි මම බලෙන්ම රුපියල් පන්සීයක් ඒ ධීවරයගේ සාක්කුවට දාලා නොසෑහෙන්න ස්තුති කරල ආවා. ඒ මට මනුස්සකමයි ආගන්තුක සත්කාරයයි වෙන් කරල අඳුනගන්න බැරිතරම් එකට බැඳුණු අවස්ථාවක්. ඒ මට හම්බුණු කවදාවත් අමතක වෙන්නෙ නැති මිනිස්කමෙන් පිරුණු හදවතෙන් පෝසත් මනුස්සයෙක්. දවසක අපි හැමකෙනෙක්ම මතකයක් විතරක් ඉතුරුකරල යන්න යනවා. අපි ඉතුරුකරල යන මතක සම්පූර්ණයෙන්ම අපේ හැසිරීම උඩ තීරණය වෙනව. අපේ හැසිරීම අපේ වටිනාකම් සහ විශ්වාසයන් උඩ තීරණය වෙනව. 'මට වෙන කරන්න දෙයක් නෑ!' කියල අපි කොච්චර හිතුවත් අපේ හිත් ඇතුළෙන් අපි දන්නව අපිට හැමවෙලාවෙම ඊට වඩා ගොඩක් හොඳ ඒත් පෞද්ගලිකව අපහසු හෝ වියදම් අධික තෝරාගැනීමක් තියෙනව කියල. අනිත් අතට අපි ගන්න හැම තීරණයක්ම, අපිට තියෙන සීමාවන් ගැන හොඳ අවබෝධයක් ඇතුව, අපි අපිටම සම්පූර්ණයෙන්ම අවංකව ගන්නත් ඕනේ. ෂේක්ස්පියර්ගෙ හැම්ලට් කියන නාට්‍යයේ, පොලෝනියස් කියන මේ දෙබස, අපි හැමෝටම හැම කාලෙටම එකවගේම වටින කතාවක්. “This above all: to thine own self be true And it must follow, as the night the day Thou canst not then be false to any man…” ඒ දෙබසෙ අදහස සරලව ගත්තොත් මේ වගේ "අනෙක් හැම දේකටම වැඩියෙන් වැදගත් වෙන්නෙ ඔබ ඔබට අවංක වෙන එක. දවාල ගතවෙලා රැය උදාවෙනව වගේ හැමතිස්සෙම ඔබ ඔබට අවංක වෙන්න. එහෙම උනොත් ඔබට වෙන කිසිම කෙනෙකුට බොරු කියන්න/ බොරු කරන්න බෑ." ඒ වගේම, නිරුවතින් ඉන්න මනුස්සයෙක් අපිට ෂර්ට් එකක් දික්කරනව නම් අපි ඒක ගන්න එක ගැන දෙපාරක් හිතන්න ඕනෙ. මේ කතාවයි මම උඩින් කිව්ව කතාවයි දෙක පරස්පර විරොධී උනත්, මේ තමයි අපි ජීවත්වෙන පාරිභෝගිවාදී ලෝකෙ ඇත්ත මූණ. ඇත්ත බොරුව වෙන් කරල අඳුනගන්න තරම් අපි බුද්ධිමත් නොවුනොත් අපේ මනුස්සකම් අපේ වටිනාකම් හින්දම අපි හරි ලේසියෙන් බොරු වළවල් වලට වැටෙන්න පුළුවන්. මම මේකේ ගැඹුරු දාර්ශනික දේවල් ලිව්වට මම මහා බුද්ධිමතෙක් නෙමෙයි. මම කරල තියෙන මෝඩ ගොබ්බ වැඩ එකතු කරල ලිස්ට් එකක් හැදුවොත් War & Peace නවකතාව වගේ සියගුණයකටත් වඩා දිග කැටලොග් එකක් හදන්න පුළුවන්. මම ලියන වෙලාවෙ ඔළුවට එන අදහස් මම අකුරු වලට වචන වලට පෙරළනව. ඒව එන්නෙ මම කියවන දෙවල් වලින්. ඒ වගේම තමා මම විශ්වාස කරන විදිහට අපේ ජිවිතය කියන්නෙ සියුම් facets මිලියන ගාණක් තියෙන යෝධ මැණිකක්. ඒකේ සමහර facets අපිට පේන්නේ කවුරුහරි එළියක් - ලේසර් බීම් එකක් හරි කණාමැදිරි එළියක් හරි - අල්ලල පෙන්නුවොත් විතරයි. සමහර ඒව එහෙම පේන්නෙත් නෑ. රූම් එක ලාබෙට ගත්ත හින්ද මගේ බජට් එක මට කෑමවලට ඉතුරුකරගන්න පුළුවන් වුණා. මෙහෙම කිව්වට ඒක මම ඒ බ්‍රෙක්ෆස්ට් බුෆේ එකට වියදම් කරපු ගාණ මටම සාධාරනීකරණය කරගන්න හදාගත්ත හේතුවක් විතරයි. ආපහු රූම් එකට ගිහින් නාලා වෙන ඇඳුමක් දාගෙන Amethyst Resort එකට ගියා බ්‍රේක්ෆස්ට් බුෆේ එකට. ඒ යන අතරමග මොණරු ජෝඩු දෙකක් හම්බුණා. Amethyst Resort එක ලස්සන තැනක්. කොහොමත් පාසිකුඩා වල ලංකාවේ තියෙන හැම ප්‍රධාන හොටෙල් චේන් එකකම වගේ ප්‍රොපටීස් තියෙනව. බුෆේ එකත් හොඳට තිබ්බ. හා හා පුරා කියල කිරිබත් කැට දෙක තුනකින් වැඩ අල්ලල, උදේ 7.30 ඉඳන් 9.45 විතර වෙනකල් හිමින් හිමින් තිබ්බ හැම ඩිෂ් එකකම වගේ රස පරීක්ෂා කළා. බිල ගෙවල ඊට පස්සෙ එතනින්ම බීච් එකටත් ගියා. එකම මූද. එකම වෙරළ. ආපහු එන ගමන් මග හිටපු මොණරුන්ගේ ෆොටෝ දෙක තුනක් ගත්ත. රූම් එකට ඇවිත් නිල් පාට කොට කලිසමකුයි මගේ අළුපාට පෝලෝ ෂර්ට් එකයි ඇඳගෙන, ආයෙත් ගියා බීච් එකට. හොඳට වැටුණු අව්වේ එළියෙන් වළාකුළු නැති අහස ලාවට රැලි ගහන මූදෙන් හැඩ බල බල හිටිය Narcissus වගෙ. රැල්ලෙන් රැල්ලට හේදි හේදි දියවෙවී යන වතුරේ දාරය ළඟින්ම තියෙන ඇල වැලි බිත්තිය හොඳට මැදපු දුඹුරු සපත්තුවක් වගෙ ගිනිකණ වැටෙන ගානට දිළිසුනා. මම C අකුරේ හැඩේට තිබ්බ පාසිකුඩා බේ එක දිගේ එහා කොණේ ඉඳන් මෙහා කොණට යන්න හිතාගෙන, රැල්ල පාග පාග හිමින් හිමින් වම්පැත්තේ කෙලවරටම ගියා. ඒ හරිය නම් ටිකක් පාළුයි. එතනින් හැරිල අනිත් පැත්තටත් ආපහු ඇවිදගෙන ගියා වතුරෙ දාරය දිගේම. අනිත් පැත්තේ නම් කෙලවරටම යන්න බැරිවුණා. ඇයි කියල නම් දැන් අමතකයි. දෙපැත්තටම හෝටල් තිබුණා මහ ගොඩක්. ඒ ඕෆ් සීසන් හින්ද සංචාරකයො නම් අඩුයි. සමහරු මූදෙ නනා හිටිය. තවත් අය බීච් එකේ ඉඳගෙන හීටිය. පොඩි ළමයි කෑගගහ රැල්ල පාගනව, දුවනව, පනිනව, වැටෙනව වැල්ල දිගේ එහෙටයි මෙහෙටයි. කීපදෙනෙක් වැලිවලින් මාලිගා හදනව. එක තාත්ත කෙනෙක් බීච් එකේ මුණින් අතට ඉද්දි පොඩි එවුන් තුන් දෙනෙක් වැලිවලින් තාත්තව වහනව මූණ හරිය අත ඇරල. තැන් තැන් වල ධීවරයොත් හිටිය. ලාවට රැලිගහන නොගැඹුරු මූද කොයි පැත්තෙන් බැලුවත් පළපුරුදු සිත්තරෙක් දියසායම් වලින් ඇන්ද චිත්‍රයක් වගේ. සමහරවෙලාවට ඇහි පිල්ලම් දෙකක් අතරෙ අපිට දකින්න විඳින්න පුළුවන් සොබා සෞන්දර්ය වචන දහදාහකින්වත් විස්තර කරන්න බෑ. මම පැය තුනකට වඩා එහෙටයි මෙහෙටයි ඇවිද්ද ෆෝන් එකෙන් ෆොටෝ ගගහ. කැලෑපාරක් අස්සෙන් ඇවිදගෙන මම කල්කුඩා වෙරළටත් ගියා. ඒ හරියෙ මූද පාසිකුඩා තරම්වත් රැලි ගහන්නේ නෑ. පතුල පේන තරම් පැහැදිලි නොගැඹුරු වතුරේ ලොකු පොඩි මාළු ගොඩක් නිදහසේ පීන පීන හිටිය. හැබැයි අතරින් පතර ඉන්න ධීවරයො දෙතුන් දෙනෙක් ඇරෙන්න, කල්කුඩා බීච් එක හරි පාළුයි ඒ වෙලාවේ. ඒ හින්ද විනාඩි 10කින් විතර මම ආපහු පාසිකුඩා බීච් එකටම ආව. එදා බ්‍රෙක්ෆස්ට් සහ ලන්ච් වෙලාව ඇරුණාම මුළු දවසම වගේ හිටියෙ පාසිකුඩා බීච් එකේමයි. හැන්දෑවෙද්දි අපි කැමති දිහාවක ඉඳල ආපහු යන්න වෙන දවසට කලින් දවසේ හැන්දැවේ එන පැහැදිලි කරන්න බැරි අර්ථදක්වන්න බැරි පාළුව රැල්ලක් වගේ මගේ හිතට ආවා. හරියටම කියනව නම් ඔය හැඟීම තමයි ගමන එන්න පිටත් වෙන දවසට කලින් හැන්දෑවේ දැනෙන මිහිරි කුතුහලේ පිරුණු උද්යෝගයේ ප්‍රතිලෝමය. එකම කාසියේ දෙපැත්ත වගේ. මාලිමාවේ මූණතේ උතුරයි දකුණයි වගේ. හරිම ළඟයි. ඒත් සම්පූර්ණයෙන්ම වෙනස්. මම පැණිකජු අයිස්ක්‍රීම් කෝන් එකක් කකා හිමින් හිමින් ගියා බීච් එකට සමාන්තරව වැටුණු පටු තාරපාර දිගේ. මට ඉස්සරහින් ආපු කළු බල්ලයි දුඹුරු බල්ලයි උන්ට කතාකරන්න බැරි හින්ද උන්ගේ ඇස්වලින් මගෙන් අයිස්ක්‍රීම් ටිකක් ඉල්ලුවා. මම පෙට් ලවර් කෙනෙක් නොවුණත්, මම කකා හිටපු අයිස්ක්‍රීම් එකෙන් භාගයක් කඩල උන් දෙන්නට කන්න පාර අයිනට දැම්ම. උන් හරිම ආසාවෙන් ඒක කනව දකිද්දි මගේ තියෙන දැඩි ගතිගුණ වලට යටින් මටත් ප්‍රභාශ්වර හිතක් තියෙනව කියල මට හිතුණ. අපි දන් දෙන්න ඕනේ අපි වැඩියෙන්ම කැමති දේවල්. කොච්චර අමාරු වුණත් අපි අත් අරින්න හිත හදාගන්නම ඕනේ අපිට අත් අරින්නම බැරි බැඳීම්. තවත් පැත්තකින් බැලුවාම අපේම කර්ම ශක්තියෙන් පාලනය වෙන මේ දිග සංසාරේ කවදාවත් අපිට නෑදෑ නොවුණු හරි නොවෙන කෙනෙක් ඉන්න පුළුවන්ද? අපේ ජිවිත, අපේ බැඳීම් කෙටියි. සංසාරේ දිගයි. නිවන දුරයි. අපිට තියෙන සීමිත කාලයෙන් අර්ථවත් දෙයක් කරන ගමන් ජීවිතය විඳින ගමන් මේ ගැනත් සිහියෙන් අවබෝධයෙන් අපි ඉන්න ඕනේ හැමවෙලාවෙම. හැබැයි හැමදේම නිශ්ඵලයි කියල කාලෙ කන එක නම් ජීවිතාවබෝධය නෙමේ කම්මැලිකම. ඒක දෙලොවටම වැඩක් නැති හිස් වැඩක්. හෝටල් පේළිය ඉවර වෙන තැනට යනකම් ඇවිදගෙන ගිහින් ආපහු හැරිල ආව. මගේ වින්ඩෝ ෂොපින් ඉවර කරල රූම් එකට ඇවිත් නාගෙන ඩිනර් එකට ගියා. පහුවදා උදේ හතයි හතරට වාලච්චේනෙන් මඩකලපුවෙ ඉඳන් කොළඹට එන කෝච්චියට නැග්ග. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom