Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ කෝටිපතිනියක වූ කුලහීන කෙල්ල ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ කෝටිපතිනියක වූ කුලහීන කෙල්ල ~

කෝටිපතිනියක වූ කුලහීන කෙල්ල

ඇය අඩුකුලේ කෙල්ලකි.

ඔව්. කල්පනා සරෝජ්, ඉන්දියාවේ පහත්ම යැයි සැලකෙන දාලිත් කුලයට අයත් අයෙකි. ඒ මදිවාට ඇය උපන්නේ ඉන්දියාවේ දුෂ්කරම ගම්මානයකය. ඒ දුෂ්කර ගම්මානයේ උන්නේ දුප්පත් මිනිසුන්ය. ඒ දුප්පතුන් අතර දුප්පත්ම පවුල වූයේ කල්පනාගේ පවුලය.

කොතරම් දුප්පත් වුණත් කල්පනාගේ තාත්තා ඇයව පාසැල් යැව්වේය.

“අපේ කුලේ අය ඉගෙනගත්තා කියලා රස්සාවල් කරන්ඩ බෑ තමයි. ඒත් ලියුමක් කියවගන්ඩවත් පුළුවන් වෙනකල් කෙල්ල ඉස්කෝලෙ ගියාවෙ..” කල්පනාගේ පාසැල් ගමන ගැන ගමේ මිනිසුන් කතා කියන විට තාත්තා උත්තර දුන්නේය.

කල්පනාගේ තාත්තා කෙසේ කීවත්, ගමේ අඩුකුලේ ළමයින් පාසැලට ඒම ගැන පාසැලේ අනෙක් ළමයින් කැමති වුණේද නැත. පාසැලේ උන් කුළවත් පවුල් වල දරුවෝ නිතරම කල්පනාට අඩන්තේට්ටම් කළහ. පාසැලේ ඇයට කිසිදු යෙහෙළියක් හෝ යහළුවෙක් උන්නේ නැත. ඒ කිසිවෙකු ඇයව ගෙදරකට වැද්දගන්නේද නැත. ඒ ඇය අඩුකුලයේ දැරියක නිසාය. ඉහල කුළ වල දරුවන් සමග අඩුකුලේ දැරියක් තරග කිරීම බරපතල පාපයක් විය. එනිසා පාසැලේ ක්‍රීඩා තරගයකටවත් සහභාගි වෙන්නට ඇයට අවසර තිබුණේ නැත.

කල්පනා ඒ් සිියල්ල ඉවසමින් අකුරු ඉගෙනගන්නට ආශාවෙන් පාසැල් ගියාය.

එහෙත් ඇයට ඒ ගමන වැඩිකල් යන්නට ලැබුණේද නැත.

වයස අවුරුදු දොලහක් වන විට කල්පනාට දීග යන්නට සිදු විය. විරුද්ධ වන්නට කාරණාවක් නැත. මෙය කල්පනාට පමණක් සිදුවූ දෙයක් නොවේ. ඉන්දියානු සමාජයේ කුලහීන දැරියන්ගෙන් වැඩි දෙනෙකුගේ ඉරණම මේකය.

ඉතින් වැඩිවිය පැමිණී මාස ගණනක්වත් නැති දොළොස් හැවිරිදිි කල්පනා, තමාට වඩා දස වසරකින් වැඩිමල් පිරිමියෙකු හා දීග ගියාය. කල්පනාගේ සැමියා ඇයවත් කැටුව ඔහුගේ ගමට ගියේය. එය ගමක් නොවේ. විසල් නගරයකි. ඒ විසල් නගරය බොම්බායයි. ඒ විසල් නගරයෙන් කල්පනාට ලැබුණු ඉඩ අඩි කිහිපයක් පමණකි. ඒ බොම්බායේ මුඩුක්කුවක, තනි කාමරයේ පැල්පතකි. ඒ තනි කාමරයේත් තනි අයිතියක් කල්පනාට තිබුණේ නැත. ඒ කාමරය කල්පනා හා සැමියාත්, කල්පනාගේ සැමියාගේ අයියා සහ ඔහුගේ බිරිදත් යන පවුල් දෙක විසින් බෙදාගත යුතු විය.

කල්පනා වැටුණේ කබලෙන් ලිපටය. කල්පනා ඒ මුඩුක්කු කාමරයේ උන් අනෙක් තිදෙනාගේ වහලිය බවට පත් වූවාය. උදේ පටන් රෑ නින්දට යනතුරුම, සැමියාගේ මෙන්ම සැැමියාගේ අයියාගේ පවුලේත් සියළුම මෙහෙවරකම් කරන්නට සිදුවුණේ දොලොස් හැවිරිදි කල්පනාටය. ඒ මදිවාට ඒ තිදෙනාගෙන්ම ලැබුණේ ඇනුම් බැනුම්ය. නිිතරම සැමිියාගේ අයියාත්, ඔහුගේ බිරිදත් කල්පනාට වරදක් ඇතත් නැතත් පහර දෙති.

කල්පනා ඒ සියල්ල ඉවසාගෙන වැඩ කළාය. එහෙත් ඉවසන්නට බැරිම කාලයක්ද පැමිණියේය. ඇය ලියුමක් ලිව්වාය.

“තාත්තේ, එක සැරයක් බොම්බායට ඇවිත් මාව බලල යන්න..”

තාත්තා පිළිතුරු ලිපියක් එව්වේ නැත. ඒ වෙනුවට ඔහු පසුදිනයේම ඇයව බලන්නට බොම්බායේ මුඩුක්කුවට ආවේය.

ඔහු එනවිට කල්පනාගේ නෑනා, කල්පනාගේ කෙස්වැටිියෙන් ඇදගෙන ඇයට පහර දෙමින් උන්නාය. කල්පනාගේ ඇදුම් ඉරී ගොසිනි. ගමේදී උන් කෙළිලොල් දැරිය දැන් ඇටසැකිල්ලක් ගාණය. තාත්තාට වෙනත් විස්තර කියන්නට උවමනා වූයේ නැත. කල්පනාගේ ඇදුම් කිිහිපයද ඔතාගත් ඔහු ඇයව නැවතත් ගමට කැදවාගෙන ගියේය.

ආපසු ගමට ආ ඇයව ගම්මු ආදරයෙන් පිළිගත්තේ නැත.

“මූසල කෙල්ල, ස්වාමිපුරුෂයගෙ ගෙදරින් එළවලා දාලා. මොකක් හරි නැහැදිච්ච කමක් කරන්ඩ ඇති..” ගම්මු ඇයට යවුල් වැනි ඇනුම්පද කීවෝය. මේ කතා වලට උත්තර දෙන්නට නොගිය කල්පනා, තාත්තාට බරක් නොවී ජීවත් වෙන්නට, මොකක් හෝ රස්සාවක්, අඩුගාණේ ගෙදරක මෙහෙකාර කමක්වත් හොයා ගන්නට උත්සාහ කළාය.

අන්තිමේදී ඇය ජීවත් වෙන්නට කුළියට ඇදුම් මහන්නට පටන් ගත්තාය. ඒ රැකියාවෙන් යාන්තම් කීයක් හෝ අතට ආවත්, මිනිසුන්ගේ කතා ඇගේ සිත තදින් රිදවූයේය. ඒ මදිවාට දීගය කැඩී ගෙදර ආ ඇයව වෙනත් මාවත් වලට හරවා ගන්නට මාන බැලූ මිනිසුන්ගේ බලපෑම්ද බොහෝ විය.

මේ සියල්ල දරාගන්නට බැරි දිනක් ඇයට උදාවිය.

මිනිසුන්ගේ කෙණෙහිලිකම් විදිමින්, ආඩපාලි අසමින්, ඇදුම් මසා හොයා ගත් සොච්චමක් රැගෙන නගරයට ගිය ඇය කෘමිනාශක බෝතල් තුනක් මිලට ගෙන නැවත ගෙදර ආවාය.

“ජීවිතේ හොදටෝම ඇති.. මට තවත් විදවන්න බෑ..” කල්පනා තීරනය කොට තිබිණ. ඇය කාමරයට ගොස් ඒ බෝතල් තුනම එක හුස්මට හිස් කළාය.

වාසනාවකට, වසබොන්නට කලියෙන් කාමරෙයේ දොර අගුළ දමන්නට ඇයට අමතක වී තිබිණ. කල්පනාගේ නැන්දනිය පැමිණ, නිවසේ කිසිවෙකු නැත්තේ ඇයිදැයි විපරම් කරද්දී, කාමරයේ දොර අඩවන් කොට තිබෙනු දුටුවාය. දොර විවර කොට බැලූ නැන්දාට දකින්නට ලැබුණේ කට දෙකෙළවරින් සෙම පෙරමින් බිම වැටී උන් කල්පනාවය. කල්පනා අසල තිබුණු කෘමිනාශක බෝතල් දුටු ඇය කතාව තේරුම් ගත්තාය.

තත්පරයක්වත් පමාද නොවූ ඇය කල්පනාව රෝහලකට ගෙන ගියාය. කල්පනාට ජීවත් වෙන්නට වාසනාව තිබිණ. මාස ගණනක් රෝහලේ ප්‍රතිකාර ලැබූ කල්පනා රෝහලෙන් පිටතට ආවේ අලුත් අධිෂ්ඨානයක් සමගය.

“මං ජීවත් වෙනවා. හැබැයි මේ කාලකණ්ණි ජීවිතය නම් ඉවරයක් කරනවාමයි. මං කවදා හරි මැරෙන්නේ වෙනස්ම ජීවිතයක අයිතිකාරියක් විදිහට..” කල්පනා තදින් සිතාගත්තාය.

ඉන්පසු ඇය නැවතත් බොම්බායට ආවාය. මෙවර ඇය බොම්බායට ආවේ තනිවමය. ඒ් වන විට ඇගේ වයස අවුරුදු දාසයකි. ඇගේ මාමා බොම්බායේ කුලියට ඇදුම් මසන සන්නාලියෙකි. කල්පනා ආවේ ඔහුගේ සහායිකාව ලෙස රැකියාව කරන්නටය. ජීවිතය පහසු නැත. කල්පනාට ලැබුණේ මාසයකට ඩොලර් එකකටත් අඩු වැටුුපකිි. ඒ් සුළු වැටුපට මහ රෑ වන තුරු වැඩ කරන්නට ඇයට සිදුුවිය. එහෙත් ඇය මැසිිවිල්ලක් නොනගා මහන්සියෙන් වැඩ කලාය. ලොකු උනන්දුවකින් අධිවේගී මහන මැෂින් ක්‍රියා කරවන්නට ඉගෙන ගත්තාය.

කල්පනා වැඩිිපුරත් වැඩ කලාය. ඇගේ ආදායමද ක්ර මයෙන් ඉහළ යන්නට විය. එහෙත් ඇය උපයන සියල්ල ඇගේ නැගනියගේ අසනීපයට විියදම් කරන්නට සිිදුවිය. ඒ් කෙසේ වුුවත් කල්පනා පසුබසින්නියක නොවේ. ඇය තව තවත් වැඩියෙන් උපයන්නට සිිතා ගත්තාය.

තමන්ගේ මැහුුම් ව්‍යාපාරය දියුණු කරගන්නටත්, අලුුත් ගෘහ භාණ්ඩ ව්‍යාපාරයක් පටන් ගන්නටත් ඇය රජයෙන් ණය මුදලක් ලබා ගත්තාය.

ඉන්පසු ඇය දවසට පැය දාසයක් වැඩ කරන්නට ගත්තාය. ව්‍යාපාරය දිනෙන් දින දියුණුු විය. ඒ් අතර ඇය තවත් ගෘහභාන්ඩ ව්‍යාපාරිකයෙකු සමග විිවාහ වූවාය.

ව්‍යාපාර ලෝකයේ ඇගේ කීර්තිය පැතිරෙන්නට විය. ඒ වන විට බංකොලොත් භාවයට පත්වෙමිින් තිිබුනුු ව්‍යාපාරයක් බාරගන්නැයි ඇයට ඉල්ලීමක් ලැබිණ. ඒ “කමනි ටියුබ්ස්” ය. “කමනි ටියුුබ්ස්” ව්‍යාපාරය පැවතියේ විිසල් ණය බරකට යටවී අභාවයට යමින්ය.

ඒ් ව්යාපායේ සේවකයිින්ට පිහිටක් වෙන්නට කල්පනාට උවමනා විය. කල්පනාගේ උත්සාහය පළ දැරීය. අද කමනි ටිියුබ්ස් ව්‍යාපාරය වේගයෙන් වැඩෙන ව්‍යාපාරයකි. ව්‍යාපාරයේ වත්කම ඩොලර් මිලියන සියයකට අධිකය. හැම කුලයකම, හැම ජාතියකම සේවකයෝ කල්පනා යටතේ වැඩ කරති.

අඩුකුලේ දුුප්පත් කෙල්ලක වූූ කල්පනා සරෝජ් අද රතන් ටාටා, මුකේෂ් අම්බානි වැනි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයින් හා උරෙනුර ගැටෙන යෝධ චරිතයකි.

ඉදහිටක ඇය ඇගේ ගමට යයි.. ගමේ සුභසාධන කටයුතු වෙනුවෙන් ඇය නොමසුුරුව විියදම් කරන්නේ කිසිදු හිතේ කහටකිින් තොරවය.

“මං බොම්බායට එනකොට ඒ විශාල නගරයේදී මට දැනුනේ මං අගුටුමිට්ටෙක් වගේ. මං පාරක් තොටක් හොයා ගන්නවත් දැනගෙන හිටියේ නෑ. ඒත් අද මේ විශාල නගරයේ මගේ ව්‍යාපාරය නමින් පාරවල් දෙකක්ම නම් කරලා තියෙනවා. තමන් කරන දේ වෙනුවෙන් හදවතින්ම කැප වෙන්න. ඔබේ ජීවිතය වෙනස් වෙනවා සහතිකයි.” කල්පනා සරෝජ් කියන්නීය.

නිම්මි මුුදිතා හේරත්

[QUOTE="DJU9, post: 24657891, member: 44472"] [b]~ කෝටිපතිනියක වූ කුලහීන කෙල්ල ~[/b] [CENTER][SIZE=3][B][SIZE=5]කෝටිපතිනියක වූ කුලහීන කෙල්ල[/SIZE][/B] ------------------------------------------- ඇය අඩුකුලේ කෙල්ලකි. ඔව්. කල්පනා සරෝජ්, ඉන්දියාවේ පහත්ම යැයි සැලකෙන දාලිත් කුලයට අයත් අයෙකි. ඒ මදිවාට ඇය උපන්නේ ඉන්දියාවේ දුෂ්කරම ගම්මානයකය. ඒ දුෂ්කර ගම්මානයේ උන්නේ දුප්පත් මිනිසුන්ය. ඒ දුප්පතුන් අතර දුප්පත්ම පවුල වූයේ කල්පනාගේ පවුලය. කොතරම් දුප්පත් වුණත් කල්පනාගේ තාත්තා ඇයව පාසැල් යැව්වේය. “අපේ කුලේ අය ඉගෙනගත්තා කියලා රස්සාවල් කරන්ඩ බෑ තමයි. ඒත් ලියුමක් කියවගන්ඩවත් පුළුවන් වෙනකල් කෙල්ල ඉස්කෝලෙ ගියාවෙ..” කල්පනාගේ පාසැල් ගමන ගැන ගමේ මිනිසුන් කතා කියන විට තාත්තා උත්තර දුන්නේය. කල්පනාගේ තාත්තා කෙසේ කීවත්, ගමේ අඩුකුලේ ළමයින් පාසැලට ඒම ගැන පාසැලේ අනෙක් ළමයින් කැමති වුණේද නැත. පාසැලේ උන් කුළවත් පවුල් වල දරුවෝ නිතරම කල්පනාට අඩන්තේට්ටම් කළහ. පාසැලේ ඇයට කිසිදු යෙහෙළියක් හෝ යහළුවෙක් උන්නේ නැත. ඒ කිසිවෙකු ඇයව ගෙදරකට වැද්දගන්නේද නැත. ඒ ඇය අඩුකුලයේ දැරියක නිසාය. ඉහල කුළ වල දරුවන් සමග අඩුකුලේ දැරියක් තරග කිරීම බරපතල පාපයක් විය. එනිසා පාසැලේ ක්‍රීඩා තරගයකටවත් සහභාගි වෙන්නට ඇයට අවසර තිබුණේ නැත. කල්පනා ඒ් සිියල්ල ඉවසමින් අකුරු ඉගෙනගන්නට ආශාවෙන් පාසැල් ගියාය. එහෙත් ඇයට ඒ ගමන වැඩිකල් යන්නට ලැබුණේද නැත. වයස අවුරුදු දොලහක් වන විට කල්පනාට දීග යන්නට සිදු විය. විරුද්ධ වන්නට කාරණාවක් නැත. මෙය කල්පනාට පමණක් සිදුවූ දෙයක් නොවේ. ඉන්දියානු සමාජයේ කුලහීන දැරියන්ගෙන් වැඩි දෙනෙකුගේ ඉරණම මේකය. ඉතින් වැඩිවිය පැමිණී මාස ගණනක්වත් නැති දොළොස් හැවිරිදිි කල්පනා, තමාට වඩා දස වසරකින් වැඩිමල් පිරිමියෙකු හා දීග ගියාය. කල්පනාගේ සැමියා ඇයවත් කැටුව ඔහුගේ ගමට ගියේය. එය ගමක් නොවේ. විසල් නගරයකි. ඒ විසල් නගරය බොම්බායයි. ඒ විසල් නගරයෙන් කල්පනාට ලැබුණු ඉඩ අඩි කිහිපයක් පමණකි. ඒ බොම්බායේ මුඩුක්කුවක, තනි කාමරයේ පැල්පතකි. ඒ තනි කාමරයේත් තනි අයිතියක් කල්පනාට තිබුණේ නැත. ඒ කාමරය කල්පනා හා සැමියාත්, කල්පනාගේ සැමියාගේ අයියා සහ ඔහුගේ බිරිදත් යන පවුල් දෙක විසින් බෙදාගත යුතු විය. කල්පනා වැටුණේ කබලෙන් ලිපටය. කල්පනා ඒ මුඩුක්කු කාමරයේ උන් අනෙක් තිදෙනාගේ වහලිය බවට පත් වූවාය. උදේ පටන් රෑ නින්දට යනතුරුම, සැමියාගේ මෙන්ම සැැමියාගේ අයියාගේ පවුලේත් සියළුම මෙහෙවරකම් කරන්නට සිදුවුණේ දොලොස් හැවිරිදි කල්පනාටය. ඒ මදිවාට ඒ තිදෙනාගෙන්ම ලැබුණේ ඇනුම් බැනුම්ය. නිිතරම සැමිියාගේ අයියාත්, ඔහුගේ බිරිදත් කල්පනාට වරදක් ඇතත් නැතත් පහර දෙති. කල්පනා ඒ සියල්ල ඉවසාගෙන වැඩ කළාය. එහෙත් ඉවසන්නට බැරිම කාලයක්ද පැමිණියේය. ඇය ලියුමක් ලිව්වාය. “තාත්තේ, එක සැරයක් බොම්බායට ඇවිත් මාව බලල යන්න..” තාත්තා පිළිතුරු ලිපියක් එව්වේ නැත. ඒ වෙනුවට ඔහු පසුදිනයේම ඇයව බලන්නට බොම්බායේ මුඩුක්කුවට ආවේය. ඔහු එනවිට කල්පනාගේ නෑනා, කල්පනාගේ කෙස්වැටිියෙන් ඇදගෙන ඇයට පහර දෙමින් උන්නාය. කල්පනාගේ ඇදුම් ඉරී ගොසිනි. ගමේදී උන් කෙළිලොල් දැරිය දැන් ඇටසැකිල්ලක් ගාණය. තාත්තාට වෙනත් විස්තර කියන්නට උවමනා වූයේ නැත. කල්පනාගේ ඇදුම් කිිහිපයද ඔතාගත් ඔහු ඇයව නැවතත් ගමට කැදවාගෙන ගියේය. ආපසු ගමට ආ ඇයව ගම්මු ආදරයෙන් පිළිගත්තේ නැත. “මූසල කෙල්ල, ස්වාමිපුරුෂයගෙ ගෙදරින් එළවලා දාලා. මොකක් හරි නැහැදිච්ච කමක් කරන්ඩ ඇති..” ගම්මු ඇයට යවුල් වැනි ඇනුම්පද කීවෝය. මේ කතා වලට උත්තර දෙන්නට නොගිය කල්පනා, තාත්තාට බරක් නොවී ජීවත් වෙන්නට, මොකක් හෝ රස්සාවක්, අඩුගාණේ ගෙදරක මෙහෙකාර කමක්වත් හොයා ගන්නට උත්සාහ කළාය. අන්තිමේදී ඇය ජීවත් වෙන්නට කුළියට ඇදුම් මහන්නට පටන් ගත්තාය. ඒ රැකියාවෙන් යාන්තම් කීයක් හෝ අතට ආවත්, මිනිසුන්ගේ කතා ඇගේ සිත තදින් රිදවූයේය. ඒ මදිවාට දීගය කැඩී ගෙදර ආ ඇයව වෙනත් මාවත් වලට හරවා ගන්නට මාන බැලූ මිනිසුන්ගේ බලපෑම්ද බොහෝ විය. මේ සියල්ල දරාගන්නට බැරි දිනක් ඇයට උදාවිය. මිනිසුන්ගේ කෙණෙහිලිකම් විදිමින්, ආඩපාලි අසමින්, ඇදුම් මසා හොයා ගත් සොච්චමක් රැගෙන නගරයට ගිය ඇය කෘමිනාශක බෝතල් තුනක් මිලට ගෙන නැවත ගෙදර ආවාය. “ජීවිතේ හොදටෝම ඇති.. මට තවත් විදවන්න බෑ..” කල්පනා තීරනය කොට තිබිණ. ඇය කාමරයට ගොස් ඒ බෝතල් තුනම එක හුස්මට හිස් කළාය. වාසනාවකට, වසබොන්නට කලියෙන් කාමරෙයේ දොර අගුළ දමන්නට ඇයට අමතක වී තිබිණ. කල්පනාගේ නැන්දනිය පැමිණ, නිවසේ කිසිවෙකු නැත්තේ ඇයිදැයි විපරම් කරද්දී, කාමරයේ දොර අඩවන් කොට තිබෙනු දුටුවාය. දොර විවර කොට බැලූ නැන්දාට දකින්නට ලැබුණේ කට දෙකෙළවරින් සෙම පෙරමින් බිම වැටී උන් කල්පනාවය. කල්පනා අසල තිබුණු කෘමිනාශක බෝතල් දුටු ඇය කතාව තේරුම් ගත්තාය. තත්පරයක්වත් පමාද නොවූ ඇය කල්පනාව රෝහලකට ගෙන ගියාය. කල්පනාට ජීවත් වෙන්නට වාසනාව තිබිණ. මාස ගණනක් රෝහලේ ප්‍රතිකාර ලැබූ කල්පනා රෝහලෙන් පිටතට ආවේ අලුත් අධිෂ්ඨානයක් සමගය. “මං ජීවත් වෙනවා. හැබැයි මේ කාලකණ්ණි ජීවිතය නම් ඉවරයක් කරනවාමයි. මං කවදා හරි මැරෙන්නේ වෙනස්ම ජීවිතයක අයිතිකාරියක් විදිහට..” කල්පනා තදින් සිතාගත්තාය. ඉන්පසු ඇය නැවතත් බොම්බායට ආවාය. මෙවර ඇය බොම්බායට ආවේ තනිවමය. ඒ් වන විට ඇගේ වයස අවුරුදු දාසයකි. ඇගේ මාමා බොම්බායේ කුලියට ඇදුම් මසන සන්නාලියෙකි. කල්පනා ආවේ ඔහුගේ සහායිකාව ලෙස රැකියාව කරන්නටය. ජීවිතය පහසු නැත. කල්පනාට ලැබුණේ මාසයකට ඩොලර් එකකටත් අඩු වැටුුපකිි. ඒ් සුළු වැටුපට මහ රෑ වන තුරු වැඩ කරන්නට ඇයට සිදුුවිය. එහෙත් ඇය මැසිිවිල්ලක් නොනගා මහන්සියෙන් වැඩ කලාය. ලොකු උනන්දුවකින් අධිවේගී මහන මැෂින් ක්‍රියා කරවන්නට ඉගෙන ගත්තාය. කල්පනා වැඩිිපුරත් වැඩ කලාය. ඇගේ ආදායමද ක්ර මයෙන් ඉහළ යන්නට විය. එහෙත් ඇය උපයන සියල්ල ඇගේ නැගනියගේ අසනීපයට විියදම් කරන්නට සිිදුවිය. ඒ් කෙසේ වුුවත් කල්පනා පසුබසින්නියක නොවේ. ඇය තව තවත් වැඩියෙන් උපයන්නට සිිතා ගත්තාය. තමන්ගේ මැහුුම් ව්‍යාපාරය දියුණු කරගන්නටත්, අලුුත් ගෘහ භාණ්ඩ ව්‍යාපාරයක් පටන් ගන්නටත් ඇය රජයෙන් ණය මුදලක් ලබා ගත්තාය. ඉන්පසු ඇය දවසට පැය දාසයක් වැඩ කරන්නට ගත්තාය. ව්‍යාපාරය දිනෙන් දින දියුණුු විය. ඒ් අතර ඇය තවත් ගෘහභාන්ඩ ව්‍යාපාරිකයෙකු සමග විිවාහ වූවාය. ව්‍යාපාර ලෝකයේ ඇගේ කීර්තිය පැතිරෙන්නට විය. ඒ වන විට බංකොලොත් භාවයට පත්වෙමිින් තිිබුනුු ව්‍යාපාරයක් බාරගන්නැයි ඇයට ඉල්ලීමක් ලැබිණ. ඒ “කමනි ටියුබ්ස්” ය. “කමනි ටියුුබ්ස්” ව්‍යාපාරය පැවතියේ විිසල් ණය බරකට යටවී අභාවයට යමින්ය. ඒ් ව්යාපායේ සේවකයිින්ට පිහිටක් වෙන්නට කල්පනාට උවමනා විය. කල්පනාගේ උත්සාහය පළ දැරීය. අද කමනි ටිියුබ්ස් ව්‍යාපාරය වේගයෙන් වැඩෙන ව්‍යාපාරයකි. ව්‍යාපාරයේ වත්කම ඩොලර් මිලියන සියයකට අධිකය. හැම කුලයකම, හැම ජාතියකම සේවකයෝ කල්පනා යටතේ වැඩ කරති. අඩුකුලේ දුුප්පත් කෙල්ලක වූූ කල්පනා සරෝජ් අද රතන් ටාටා, මුකේෂ් අම්බානි වැනි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයින් හා උරෙනුර ගැටෙන යෝධ චරිතයකි. ඉදහිටක ඇය ඇගේ ගමට යයි.. ගමේ සුභසාධන කටයුතු වෙනුවෙන් ඇය නොමසුුරුව විියදම් කරන්නේ කිසිදු හිතේ කහටකිින් තොරවය. “මං බොම්බායට එනකොට ඒ විශාල නගරයේදී මට දැනුනේ මං අගුටුමිට්ටෙක් වගේ. මං පාරක් තොටක් හොයා ගන්නවත් දැනගෙන හිටියේ නෑ. ඒත් අද මේ විශාල නගරයේ මගේ ව්‍යාපාරය නමින් පාරවල් දෙකක්ම නම් කරලා තියෙනවා. තමන් කරන දේ වෙනුවෙන් හදවතින්ම කැප වෙන්න. ඔබේ ජීවිතය වෙනස් වෙනවා සහතිකයි.” කල්පනා සරෝජ් කියන්නීය. [/SIZE][RIGHT][SIZE=3][SIZE=2][COLOR=Silver]නිම්මි මුුදිතා හේරත්[/COLOR][/SIZE][/SIZE] [SIZE=3][SIZE=2][COLOR=Silver] [/COLOR][/SIZE][/SIZE][/RIGHT] [CENTER][SIZE=3][SIZE=2][COLOR=Silver][img]https://i.imgur.com/J6Y763c.jpg[/img][/COLOR][/SIZE][/SIZE] [/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom