කෝටියක කුඩු සමඟ රක්ෂණ කළමනාකරු අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දුප්පත් පවුල්වල නැති බැරි ලමයින්ට පොත්පත් බෙදා දෙමින්, දායක සභාවල නිලතල හොබවමින් දැනට වසර දහයකට වැඩි කාලයක සිට අනුරාධපුර නගරයට හෙරොයින් මත්කුඩු මහා පරිමාණයෙන් ගෙන්වමින්, බෙදා හරිමින් සිටි ගුරු පවුලක උපන් දිවයිනේ ප්‍රසිද්ධ රක්ෂණ සමාගමක අනුරාධපුර ශාඛාවට අනුයුක්තව කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් සිටි පුද්ගලයෙකු රුපියල් කෝටියකට වැඩි හෙරොයින් මත් කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ බුද්ධි ඒකකය පවසයි.

    දීර්ඝ කාලයක සිට සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර,

    පණ්ඩුලගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි වියේ පසුවන රක්ෂණ සමාගම් කළමනාකාරවරයෙකි.අත්අඩංගුවට ගත් එම සැකකරු කැකිරාව ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ආදි ශිෂ්‍යයකු වන අතර ඔහු සමාජයේ කැපී පෙනෙන පවුලක දානපතියකු ලෙස පෙනී සිටිමින් ආරක්ෂක අංශ නොමඟ යවමින් මෙම ජාවාරමේ නිරතව සිට ඇතැයි පොලීසිය කියයි.

    සැකකරුගේ මව, පියා, බිරිඳ සහ සහෝදරියන් දෙදෙනෙකු ගුරුවරුන් වන අතර මෙම ජාවාරම කර ගෙන යෑම සඳහා එම ගුරු වෘත්තීන්, සැකකරුගේ කළමනාකාර තනතුර ඇතුළු සියලු තානාන්තර භාවිත කර ඇති බව පොලීසිය විසින් අනාවරණය කර ගෙන තිබේ.අනුරාධපුර පණ්ඩුලගම, පැරකුම් මාවත ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී, හෙරොයින් ග්‍රෑම් 26යි, මිලිග්‍රෑම් 500ක ප්‍රමාණයක් ඔහු සන්තකයේ තිබී හමුවූ බවත්, ඒ සඳහා යොදාගත් යතුරුපැදියක් සහ ජංගම දුරකථන අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.සැකකරු නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් සුවිසල් හෝටලයක් මිලට ගෙන තිබූ බවත්, පණ්ඩුලගම වෙන්දේසි වත්ත ප්‍රදේශයේ තවත් හෝටලයක් ඉදි කෙරෙමින් තිබූ බවත් පොලීසිය සඳහන් කළේය.

    රක්ෂණ සමාගමේ කළමනාකාර තනතුර උපයෝගී කර ගෙන හා දානපතියෙකු ලෙස පෙනී සිටිමින්

    කටයුතු කළ මෙම පුද්ගලයා රජයේ පරිපාලන නිලධාරීන්, උසස් පොලිස් නිලධාරීන් සමඟ සමීප සම්බන්ධතා පවත්වන බවට සමාජය තුළ පුළුල් ප්‍රචාරයක් ගෙන යමින් මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් තිබූ බව පොලීසිය කියයි.
    සැකකරු කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ බුද්ධි නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන තෙක් වසර දහයකට වැඩි මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක්, පෙත්සමක්, ලැබී නොතිබුණු බවද පොලීසිය කියයි.

    මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දෙමටගොඩ චමින්ද සහ ඩුබායි රටේ සැගව සිටින ඔහුගේ පුත්, දෙමටගොඩ රුවන් නමැති අයවළුන් සමග සෘජු සම්බන්ධතා පවත්වමින් මෙම මත් කුඩු ජාවාරම සිදු කර ගෙන ගොස් තිබූ බව පොලීසිය කියයි. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී ඩුබායි රටේ සැඟව සිටින දෙමටගොඩ රුවන් නමැත්තා සමග සැකකරු සංවාදයක යෙදුණු දුරකථන හඬපටයක්ද තිබී හමුවූ බව පොලීසිය කියයි.

    උතුරු මැද දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේවා පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ බුද්ධි ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණසේකර, උපපොලිස් පරීක්ෂිකා ප්‍රියදර්ශනී, පොලිස් සැරයන් වරුන් වන බණ්ඩාර ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම වැටලීම සිදු කළහ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    කැකිරාව ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ආදි ශිෂ්‍යයකු වන අතර 🤐🔫
     
    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43

    කුඩු මුදලාලියෙක් මුගෙන් කුඩු වලට ඉන්සියුරන්ස් එකක් ඉල්ලුවා වෙන්න බැරිද.
    ආරක්ශ්ස්ස්ව හොදටම දීලා
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    "දුප්පත් පවුල්වල නැති බැරි ලමයින්ට පොත්පත් බෙදා දෙමින්, දායක සභාවල නිලතල හොබවමින්" මේ වගේ අයව ඉස්සෙල්ලම චෙක් කලානන් යුක්තිය මෙහෙයුමට ලේසීයි