කෝටි ගණන් වැයකර ගත් මැති ඇමති සැප වාහන

Rukshansms

Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    කෝටි ගණන් වැයකර ගත් මැති ඇමති සැප වාහන

    පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ විසිඅටදහසක මුදලක් වැය කර ඇති බව අද (07) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කෙරුණි.

    ඒ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා යොමු කළ ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන් අවස්ථාවේදී.

    පසුගිය ආණ්ඩුව සමයේ අමාත්‍යවරුන් මිලදී ගත් වාහන සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා යොමු කළ ප්‍රශ්නයට ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සවිස්තරාත්මක වාර්තාවක් සමග පිළිතුරක් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය.

    ඒ අනුව 2015 ජනවාරි 8 වැනිදා සිට පසුගිය ආණ්ඩුව කාල සීමාවේදී අමාත්‍යවරු අමාත්‍යාංශ සඳහා වාහන මිලදී ගැනීමට රුපියල් බිලියන 2.8 ක මුදලක් වැය කර ඇති බව අනාවරණය විය.

    එහිදී අමාත්‍යවරුන්ගේ වාහන සඳහා රුපියල් බිලියන 1.65 ක්, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වාහන සඳහා රුපියල් මිලියන 652.85ක්, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට මිලදී ගත් වාහන සඳහා රුපියල් මිලියන 564.99 ක මුදලක්ද වැය කර තිබේ.

    ඒ අනුව වැඩිම මුදලක් වැය කොට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වාහන ගෙන්වා ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්.

    රජයට හිමිවිය යුතු බදු මුදල් ද ඉවත් කර ලක්ෂ 3289 ක් වටිනා වාහන 09ක් එලෙස ගෙන්වා ඇති අතර ඊට රුපියල් ලක්ෂ 1510 ක් වටිනා වෙඩි නොවදින රථ 02ක් සහ රුපියල් ලක්ෂ 1040 ක් වටිනා බී.එම්.ඩබ්ලිව් X5 වර්ගයේ වාහන 02ක් ඇතුළත්.

    ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ 420ක් වටිනා ටොයෝටා ලෑන්ඩ් කෘසර් V8 වර්ගයේ ජීප් රථයක් ගෙන්වා තිබේ.

    එමෙන්ම සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද රුපියල් ලක්ෂ 390ක් වැය කර ගෙන්වා ඇත්තේ ටොයෝටා ලෑන්ඩ් කෘසර් V8 වර්ගයේ ජීප් රථයක්.

    මේ අතර රුපියල් ලක්ෂ 410 ක් වටිනා මර්සිඩීස් බෙන්ස් රථයක් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවධියේ රවී කරුණානායක මහතා විසින් ගෙන්වනු ලැබ ඇත.

    කාන්තා හා ළමා කටයුතු වියළි කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ විජයකලා මහේෂ්වරන් ගෙන්වා ඇති ලෑන්ඩ් කෘසර් ඩීසල් වර්ගයේ ජීප් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 420ක්.

    කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී දිගම්බරම් මහතාද රුපියල් ලක්ෂ 420ක් වටිනා ටොයෝටා ලෑන්ඩ් කෘසර් V8 වර්ගයේ ජීප් රථයක් ගෙන්වා තිබේ.

    රුපියල් ලක්ෂ 420 ක් වටිනා රේන්ජ් රෝවර් ස්පෝර්ට්ස් වර්ගයේ ජීප් රථයක් ගෙන්වා තිබෙන්නේ අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රංජිත් මද්දුමබණ්ඩාර මහතායි.

    මහනගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද ටොයෝටා VDJ 200 R වර්ගයේ රථයක් රුපියල් ලක්ෂ 430 ක් වැය කර ගෙන්වා ඇත.

    මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළ සමයේ මහින්ද අමරවීර මහතා ගෙන්වා ඇති මර්සිඩීස් බෙන්ස් GLS 350 වර්ගයේ රථයට වැය වී ඇති මුළු මුදල රුපියල් ලක්ෂ 420ක්.

    මේ අතර අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හැරුණුකොට අනෙකුත් සියලුම අමාත්‍යවරුන් විසින්ද මෙම වටිනාකම්වලට සමාන වටිනාකම් වලින් යුත් වාහන රැසක් ගෙන්වා ඇති බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කෙරුණි.

    http://sinhala.adaderana.lk/news/130076/%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92-%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B6%9A%E0%B6%BB-%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92-%E0%B7%83%E0%B7%90%E0%B6%B4-%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Ministry eken neda machan owata salli gewanne..? Ethakota Ministry eken ain weddi oya wahana return karanna oona nadda mun hari nam....wahane aithiya thiyenne amathiyatada?:angry::angry:
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    Ministry eken neda machan owata salli gewanne..? Ethakota Ministry eken ain weddi oya wahana return karanna oona nadda mun hari nam....wahane aithiya thiyenne amathiyatada?:angry::angry:

    ow ministry ekata aye enawa.eth owa ganne hoda wahana thiyeddi
    me anduwa awama president 3yr walata wahana ganna eka nawattuwe ekai
    wahana one tharam thiyenawa
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    එතකොට මුන්ට දෙන පර්මිට් එක මීට අමතරව දෙන දෙයක්ද? මම දැක්කා තැනක කියනවා නිශාන්ත මුතුහෙට්ටිගම ලක්ස 80කට v8 එකක් ගෙනාව කියලා...බුදුඅම්මෝ 1970 ඉන්දල පාර්ලිමේන්තු ඉන්න උන් වාහන වලින්ම ගොඩ යන්න ඇති
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔය සැප ගන්ඩනෙ ඇමතිල සිංහලුන්ට නයි ඇරල,අන්දල පාර්ලිමේන්තුවට රිංගගන්ඩ බලන්නෙ

    :yes:
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    රටට සේවය කරන උත්තමයොනෙ ආයිබෝවන්!! V8 දීලත් මදි හරිනම්! පුකත් දෙන්න ඕන ඔව්ව දීල. 😂
     

    Similar threads