බර්ලිනය හැරදා නුඹ එනවානම්․․․
ඒ 1949 වර්ශයයි. දෙවනි ලෝක යුද්ධයෙන් අන්ත පරාජය වී යුද්ධයෙන් බැට කෑ ජර්මනිය “Potsdam” සමුළුවේදී කොටස් හතරකට බෙදා, එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය යන බටහිර රටවල් සමඟ එක් වූ සෝවියට් දේශය විසින් අත්පත් කරගත්තා. මේවා කොහොම උනත් බටහිර රටවල් වලට අවශ්‍ය පරිදි සෝවියට් දේශය පාලනය කල නැගෙනහිර ජර්මනිය කොටස පාලනය කරන්න සෝවියට් දේශය ඉඩ දුන්නේ නෑ. මේ හේතුව නිසා පැවති සීතය යුද්දයේ ප්‍රතිපලයක් විදියට බටහිර රටවල් පාලනය කල බටහිර කොටස් තුන “බටහිර ජර්මනිය” ලෙසද ” නැගෙනහිර ජර්මනිය” කොටස සෝවියට් දේශයටද බෙදී වෙන්වෙනවා. නමුත්, සම්පූර්ණයෙන්ම නැගෙනහිර ජර්මනියට අයත් වූ බර්ලින් නගරය පාලනය පිළිබඳ දිගින් දිගටම ගැටළු හට ගන්නවා. දෙපිරිසටම අවශ්‍ය වුනේ එම නගරයේ පාලනය ලබා ගැනීමට. නැගෙනහිර ජර්මනිය සමාජවාදී ආර්ථික රටාවක්ද බටහිර ජර්මනියේ ධනවාදී ආර්ථිකයක්ද ක්‍රියාත්මක වුනා. සෝවියට් දේශය නැගෙනහිර ජර්මනිය දියුණු කිරීමට කිසිදු උනන්දුවක් දැක්වුවේ නෑ. සෝවියට් දේශය නැගෙනහිර ජර්මනියට ආධාර ලබාගැනීමටවත් ඉඩක් ලබා දුන්නෙත් නෑ. මේ නිසා ඉතාම ටික කාලයකින් නැගෙනහිර හා බටහිර ජර්මනිය අතර දියුණුව අහසට පොලව වගේ වුනා. 1949 සිට 1960 කාලය තුල ලක්ශ 25 කට වැඩි නැගෙනහිර ජර්මානුවන් බර්ලින් නගර දේශ සීමාව හරහා බටහිර ජර්මනියට පලාගිය බව වාර්තා වෙනවා. මේ කාලයේදී ඉතා වැදගත් වෘතිකයන් වූ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්ද රට හැරදා යාම ආරම්භ වෙනවා. මේ හේතුව නිසා 1961 මුල් භාගය වන විට ජනගහනය සීග්‍රයෙන් අඩුවී නැගෙනහිර ජර්මනිය තුල අර්බුදයක් හට ගන්නවා. 1961 අගෝස්තු 13 ජර්මන් වැසියන් උදෑසනින්ම අවදි වන්නේ සාමාන්‍ය පරිදි ඔවුන්ගේ වැඩ කටයුතු සිදු කිරීමට. ඒත් ඔවුන දකින්නේ දවසක් තුල දේශ සීමාව ඔස්සේ ඉදිවූ දැවැන්ත කම්බි වැටක්. මුලින් දැවැන්ත කම්බි වැටක් ලෙස ඉදිවූ බාධකය මීටර් 3ක් උස, තැනින් තැන පොලිස් මුර කපළු යොදා ආරක්ශාව තර කල, තාප්පය මතින් පැනීම වැලකීමට මීටර් 0.4 ක විශ්කම්භයක් සහිත කොන්ක්‍රීට් සිලින්ඩරයක් සවි කර, බිම්බෝම්බ, ස්වංකීරීය තුවක්කු සවි කල 155Km දිග දැවැන්ත තාප්පයක් දක්වා ගොඩ නැගෙනවා. තාප්පය දේශ සීමා උල්ලංඝනය නොවී ඉදිවී තිබු නිසා කිසිවෙකුටත් කිසිවක් කල හැකි වුනේ නෑ. නැගෙනහිර ජර්මනිය පැවසුවේ බටහිර ඔත්තුකරුවන් පැමිණීම වැලැක්වීමට මෙම තාප්පය ඉදි කල බව. තාප්පය ඉදිකිරීමට පෙර නැගෙනහිර සිට බටහිරටත්, බටහිර සිට නැගෙනහිර සිට බටහිරටත් ගිය පිරිස් ඒ පැතිවලම හිර වෙනවා. තමන්ගේ ආදරණියන්ද අහිමි කර ගනිමින්. මොකද මේ තාප්පය නැවත කඩා දමන්නේ 1989 නොවැම්බර් 9 අවුරුදු 28 කට පසුව. ඒ කාලය තුල සාර්ථකව පැන ගැනීමට හැකිවන්නේ 5000ක් පමණ පිරිසකට විතරයි. වාර්තා වලට අනුව 133 දෙනෙක් මරණයට පත් වෙනවා. තමන්ගේ ආදරණියන් වෙන් කරමින් අවුරුදු 28ක් පුරාවට 1961-1989 කාලය තුල කිසිම හෝඩුවාවක් නැතිව ආදරණීයන් කොයිතරම් දෙනෙක් වෙන් වෙන් පැති වල ජීවත් වෙන්න ඇත්ද? දුරකථන ෆේස්බුක් නැති කාලෙක කොයිතරම් දෙනෙක්ට තමන්ව, තමන්ව ආදරය කරන අයව මගඇරෙන්න ඇතිද? _____________________________________________ ආර්ථික තත්වය, අසරණකම ආදී නොයෙක් බර්ලින් තාප්ප නිසා තමන්ගේ ආදරය අහිමිවූ තරුණයෙක් සහ තරුණියක් කෝද්රේ ගීතය තුල ඉන්නවා. එසේ තමන්ට නැවත කිසි දිනක ලබාගැනීමට නොහැකි වන විදේශික පෙම්වතියය ගැන පෙම්වතා මත් පැන් බිඳක් තොල ගාමින් මේ විදියට කියනවා. "කෝද්රේ, ආයෙමත් නුඹගේ ලයතරේ තනිවෙන්නට ඇත්නම්.. බර්ලිනේ හැරදා නුඹට එන්න හැකිනම්.."