Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෝලි - අනුෂ්කාගේ විවාහ මංගල්‍යයට සහභාගීවූ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝලි - අනුෂ්කාගේ විවාහ මංගල්‍යයට සහභාගීව&#3542

කෝලි - අනුෂ්කාගේ විවාහ මංගල්‍යයට සහභාගීවූ එකම ශ්‍රී ලාංකිකයා දිවයිනට කතා කරයි

fShare

මොන වැඩ තිබුණත් දවසකට එක වතාවක් හරි කෝලි මට චැට් කරනවා

* ක්‍රිකට් ක්‍රීඩකයෝ මට හරිම ආදරෙයි...

* කෝලි මට වෙඩින් එක කිව්වේ මාස තුනකට ඉස්සෙල්ලා...

* කෝලි මාව වඩාගෙන ඩාන්ස් කළා...

* ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෝ අපේ කණ්ඩායමේ වැටීම ගැන හරියට දුක් වුණා...

දැන් මෙරට ක්‍රිකට් නැරඹීම කාලය කා දැමීමක් සහ ලේ රත් කරගැනීමක් පමණි. පරාජය විනා ජයග්‍රහණයක සේයාවක් හෝ නැත. එමෙන්ම ලෝක ක්‍රිකට් අඹරේ මෙරට කිසිදු ක්‍රිකට් තරුවක් නොදිලේ. එහෙත් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිමත් කරන පුංචි කොලු ගැටයෙක් ප්‍රේක්ෂක හදවත්වල 'නොමැකෙන තරුවක්' බවට පත්ව සිටී. මෙරට පමණක් නොව ලෝක ක්‍රිකට් තරු අතර ද ඔහු ජනප්‍රියයි. ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි තම විවාහ මංගල්යයේදීවත් ඔහුව අමතක නොකළේය. කෝලි සමඟ එකට ක්‍රීඩා කළ සංගා, මහේල, මැතිව්ස්ලාට නැති ඇරයුම් පතක් ඔහුට ලැබිණි. විරාට් කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මාගේ විවාහ මංගල්‍යයට මෙරටින් සහභාගි වූ එකම ආරාධිතයා වූයේද ඔහු පමණි. හේ මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිමත් කරන ගයාන් සේනානායකය. පසුගිය 27 වැනිදා මුම්බායි හී පැවති 'විරුෂ්කා' මංගල සාදයට සහභාගි වී මෙරටට පැමිණි ගයාන්ව අපි හමු වීමු. 'විරුෂ්කා' මංගල සාදයේ රසවත් විත්තිවලින් ඔහු අපව ප්‍රීති ප්රමෝදයට පත් කළේය. 'විරුෂ්කා' මංගල සාදයේ ප්‍රීතිය අපි ගයාන්ගේ දෑස්වලින් දැක්කෙමු. මුළු මහත් ඉන්දියාවම උණුසුම් කළ විරාට් කෝලි සහ අනුෂ්කා ශර්මාගේ මංගල සාදය ගැන දැන් අපි ගයාන්ගේ වචනවලින්ම ඔබට කියන්නෙමු. මෙතැන් සිට කතා කරන්නේ අප නොව ගයාන්ය...

"මගේ පෙර පිනකට ක්‍රිකට් ක්‍රීඩකයො මට පුදුම ළෙන්ගතුකමක් දක්වන්නේ. ඒ අතර කෝලි විශේෂයි. කෝලි මට ගොඩක් හිතවත්. කෝලි එයාගේ විවාහ උත්සවය මට කිව්වේ මාස තුනකට ඉස්සෙල්ලා, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙරට සංචාරය කරන අතරතුර කොළඹ හෝටලයක දිවා ආහාර ගන්න අවස්ථාවක. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අජින්කෙයා රහනෙත් ඒ අවස්ථාවට සහභාගි වුණා. මගේ යාළුවා නිලාමුත් හිටියා. කෝලි කොච්චර කාර්යබහුල චරිතයක් වුණත් දවසකට එක වතාවක් හෝ අන්තර් ජාලයෙන් සම්බන්ධ වෙලා මගේ දුක සැප සොයා බලනවා. කෝලි විවාහ උත්සවයට ඉතාලියට යන්න සූදානම් වෙච්ච දවසෙ උදෙත් මාත් එක්ක චැට් කරලා 'මම සංචාරයේ ඉන්නවා... ඔයා පරිස්සමින් ඉන්න කියලා. මොනවාහරි අවශ්‍යතාවක් වුණොත් මට කතා කරන්න...' කියලා කිව්වා.

පහුගිය දවස්වල අපි ඉන්දියාවේ ඉන්නකොට මාත් එක්ක හිටිය නිලාම්ගේ තාත්තාට ගොඩක් අසනීපයි කියලා ලංකාවෙන් අපිට දැනුම් දුන්නා. කොහොමහරි ඒ සිද්ධිය රෝහිත් ශර්මට ආරංචි වුණා. රෝහිත් ශර්මා මට කතා කරලා 'ගයාන් ඔයාගේ යාළුවට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එයා මේ වේලාවේ පවුලේ අයත් එක්ක ඉන්න ඕනෑ. එයාගේ ටිකට් එක ගැන හිතන්න එපා. මම ටිකට් එක අරන් දෙන්නම්. දැම්ම එයාට ලංකාවට යන්න කියන්න කියලා...' කිව්වා. ඒ කිව්වා වගේම රෝහිත් අලුත් ටිකට් එකක් අරගෙන මට මේල් කළා. ඒ වෙනකොට කෝලිගේ කණටත් ඒ කතාව ගිහින් තිබුණා. එතකොට කෝලි හිටියේ ඉතාලියේ. ඒ මොහොතේම නිලාම්ගේ ප්රශ්නය ගැන අහලා කෝලි මට කතා කළා. ඒ අවස්ථාවේ කෝලි මගෙන් ඇහුවා ගයාන් ඔයා 27 වැනිදා වෙනකම් ඉන්දියාවේ ඉන්නවද කියලා. මම ඔව් කිව්වා. ඊට පස්සේ කෝලි මට කිව්වා 27 වැනිදා වෙඩින් එක තියෙනවා, මම ඔයාටත් ආරාධනා කරනවා. ඔයාට අපේ ටීම් එකත් එක්ක එන්න පුළුවන්. මම අපේ ටීම් මැනේජර්ලට කියලා තියන්නම්..' කියලා කෝලි කිව්වා. ඒ කිව්වා වගේම කෝලි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරුට දැනුම් දීලා මගේ දුරකථන අංකයත් දීලා තිබුණා. පස්සේ ඉන්දීය කණ්ඩායම් කළමනාකරු මට කතා කරලා 'ගයාන් අපි රෑ 7 වෙද්දී හෝටලයෙන් පිටත් වෙනවා. ඔයත් හෝටලයට එන්න...' කියලා දැනුම් දුන්නා.

කෝලි මට වෙඩින් එකට ආරාධනා කරපු අවස්ථාවේ ස්තූති කරන්න වචන නැති වුණා. ඒ තරමටම මම සතුටු වුණා. ඒ මොහොතේම මම යාළුවකුට කතා කරලා ඒ ගැන කිව්වා. එයත් ගොඩක් සතුටු වෙලා වෙඩින් එකට අඳින ඇඳුම් එයා ගානේ දෙනවා කියලා පොරොන්දු වුණා. පස්සේ ඒ යාළුවා ඉස්තරම්ම වර්ගයේ ඉන්දීය ඇඳුමක් මට අරන් දුන්නා. මම ඒ ඇඳුමත් ඇඳගෙන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හිටපු හෝටලයට යනකොට ඉන්දීය ක්‍රීඩකයො පුදුම වෙලා 'ආ ගයාන් ඔයත් වෙඩින් එකට යනවද...' කියලා මාව බදාගෙන විෂ් කළා. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 28 වැනිදා උදේ දකුණු අප්‍රිකාවට යන්න සූදානම් වෙලා හිටියේ. ඒ නිසා තමයි ඒ අය හෝටලයේ හිටියේ. අපි සේරම වෙඩින් එක තියෙන හෝටලයට ගියේ කාර් හතරකින්. මම ගිය කාර් එකේ මානීෂ් පණ්ඩේ, කූල්දීප්, තවත් අයි.පී.එල්. ක්‍රීඩකයො දෙන්නෙක් ගියා. එදා හර්දික් පණ්ඩේගේ සහෝදරයකුගේ වෙඩින් එකත් තිබුණා නිසා එයා සහභාගි වුණේ නෑ. අනිත් සේරම ක්‍රිඩකයො කෝලිගේ මංගල උත්සවයට සහභාගි වුණා.

මංගල සාදය පැවති හෝටලයට අපි යනකොට උත්සවය බලන්න පාර දිගට මිනිස්සු පිරිලා. පහළොස්දහසකට වැඩියි. මංගල සාදය ආවරණය කරන්න ඇවිත් හිටිය දෙස් විදෙස් මාධ්‍යවේදීන් තුන්දහසකට ආසන්නයි. හෝටල් භූමියට වගේම හෝටලය වටා දැඩි ආරක්ෂාවක් යොදවලා තිබුණා. සාදයට සහභාගි වෙන සියලු දෙනා දැඩි පරීක්ෂාවකට ලක් කරලා තමයි උත්සව ශාලාවට ඇතුළු කළේ. මංගල යුවළ එන්න ඉස්සෙල්ලා අපි හෝටලයට ගියා. ඉන්දීය මාධ්‍යවේදීන් මාව දැක්ක ගමන් 'ආ... ශ්‍රී ලංකා සපෝටර්...' කියලා දිගට හරහට මාව පින්තූර ගන්න පටන් ගත්තා. ඒ අතර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් මංගල යුවළ පිළිගන්න සැරසිලා හිටියා. මානල යුවළ හෝටලයට එනකොට රෑ 8.30 ට විතර වුණා. හැම කෙනාම සැදි, පැහැදී හිටියේ මානල යුවළත් එක්ක එකට ඉඳලා පින්තූර ගන්න. මානල යුවළ පැමිණ සිටි අමුත්තන් එක්ක කතාබහ කරමින් ඇවිඳින අතරේ කෝලි මාව දැකලා 'ආ... ගයාන් කම්... කම්...' කියලා මට කතා කරලා මාත් එක්ක පොඩි ඩාන්ස් එකක් දැම්මා. පිට්ටනියේදී කෝලි මාව දැක්කත් මට අත වනලා ඒ ඩාන්ස් එක දානවා. ඒක අපි දෙන්නටම ආවේණික වූ විහිළු ඩාන්ස් එකක්. විනාඩියක් විතර ඩාන්ස් එක දාලා කෝලි මාව අනුෂ්කාට හඳුන්වලා දුන්නා. අපි රූපවාහිනියෙන් දකිනවට වඩා අනුෂ්කා ප්‍රියමනාපයි. ඇය මගේ දිහා මොහොතක් බලා ඉඳලා වැළඳාගත්තා. ඊට පස්සේ කෝලි මගේ ෆෝන් එක ඉල්ලගෙන 'එන්න ගයාන් අපි සෙල්ෆියක් ගහමු...' කියලා මාව මැදි කරගෙන පින්තූරයක් ගත්තා. සාදයට පැමිණ හිටිය අමුත්තන් හරි පුදුමයෙන් ඒ දෙස බලා හිටියා. ඒ සිද්ධිය දැකලා ඉන්දියන් ක්‍රීඩකයන් පවා විශ්මයට පත් වුණා. ඒ අවස්ථාවේ කෝලිගේ අයියත් ඇවිත් මාත් එක්ක කතා බහා කළා. කෝලිගේ අම්මා, තාත්තා එක්ක නම් කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්, නළු නිළියන්, කෝටිපති ව්‍යාපාරිකයන් සේරම ආරාධිත අමුත්තන් තුන්සිය පනහක්, හාරසියක් විතර මංගල උත්සවයට සහභාගි වෙලා හිටියා. විදේශීය අමුත්තන් විදිහට සාදයට සහභාගි වෙලා හිටියේ මමයි, ඔස්ටේ්රලියානු ජාතික ෆෙට්රික් කියන පිසියොතෙරපියි විතරයි. සපෝටර්ලාගෙන් මට විතරයි මංගල සාදයට ආරාධනා කරලා තිබුණේ. ඉන්දියාවේ අංක එකේ සපෝටර් වන සුදීර්ටවත් ආරාධනා කරලා තිබුණේ නෑ. මංගල උත්සවයට ඇවිත් හිටිය සේරම ක්‍රීඩකයන් මාව අඳුරනවා. ඒ වගේම සාදයට සහභාගි වෙලා හිටිය ඉන්දියාවේ පැරැණි ක්‍රිකට් ක්‍රීඩකයන් සේරම වගේ මාත් එක්ක හොඳින් කතාබහ කළා. නළු නිළියන්ගෙන් ශාරුක් ඛාන් මාව දැක්ක ගමන් 'ශ්‍රී ලංකා සපෝටර්...' කියලා මාව වැළඳගත්තා. ශාරුක් ඛාන් මාව කාලයක ඉඳලා අඳුරනවා. මුකේෂ් අම්භානිගේ බිරිඳ නීටා අම්භානි, ආකාශ් අම්භානි මාව දැකලා කතා කළා. ඒ අයත් මට ගොඩක් හිතවත්. ජනප්‍රිය නිළි කත්රිනා කායිෆ් මාත් එක්ක කතාබහ කළා. මීට කලින් අයි.පී.එල්. තරගයක් අතරතුරදී කත්රිනා මාත් එක්ක කතා බහා කරලා තිබුණා. අමිතාබ් බච්චන් පවුලම ඇවිත් හිටියා. ඒත් ඔවුන් හිටියේ විනාඩි දහයක් විතර තමයි. තවත් ජනප්‍රිය නළු නිළියෝ ගොඩක් හිටියා. දේශපාලනඥයන් කිහිපදෙනෙක්ම හිටියා. ඒ අයත් එක්ක මම වැඩිය මුහු වුණේ නෑ. මම හිටියේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එක්ක. සචින් මාත් එක්ක ගොඩක් වෙලා කතාබහ කර, කර හිටියා. කතා කරපු හැම ක්‍රීඩකයෙක්ම වගේම අපේ ක්‍රිකට් කණ්ඩායමේ කඩාවැටීම ගැන පෞද්ගලිකව දුක් වුණා. සමහර ක්‍රීඩකයන් කිව්වා ඔයාලා කරන දේවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හරියට කරන්නේ නෑ කියලා. හරියට සෙල්ලම් කරන්නේ නෑ... ක්‍රීඩකයන් අතර සම්බන්ධතා නෑ... හරියට පන්දු යවන්නේ නෑ... පන්දු රැකීම අන්තිමයි... ශ්‍රී ලංකා හැම ක්රිඩකයකුගෙන්ම අලස ස්වභාවයක් තමයි පේන්නේ කියලා හැම කෙනාම කනස්සල්ලට පත් වුණා. එහෙම වෙන්නේ මොකද කියලා ඒ අය මගෙන් ඇහුවා. මට දෙන්න උත්තර නෑ. එතැනදී මම අසරණ වුණා. පස්සේ මම කිව්වා සංගා, මහේලගේ ඉවත්වීම අපේ ටීම් එකට ගොඩක් බලපෑවා කියලා. එතකොට ඉන්දීය ක්‍රීඩකයො කියනවා 'හැමදාම සංගා, මහේල ගැන කියලා ප්‍රශ්නවලින් පැනලා යන්න බෑ. ඉන්දීය කණ්ඩායමේ සචින්, ගංගුලි, ශේවාග් වගේ ක්‍රිඩකයෝ ඉවත් වුණා කියලා අපේ ටීම් එක කඩාවැටුණේ නෑ කියලා. යුවරාඡ් පෞද්ගලිකවම අපේ ක්‍රිකට් කණ්ඩායමේ කඩා වැටීම ගැන දුක් වුණා. ඉන්දියාවේ හැම ක්‍රීඩකයෙක්ම කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම හොඳට සෙල්ලම් කරනවා දකින්න කැමැතියි කියන එකයි.

ඔය හැම ප්‍රශ්නයක් ගැනම කතා කළේ මංගල සාදයේ සතුටු වෙන අතරෙයි. මංගල සාදයට ආපු හැම කෙනෙක්ම හොඳට සතුටු වුණා. ඒක ඇවිත් නියම රාජකීය මංගල උත්සවයක්. ලෝකයේ තියෙන හැම කෑම, බීමක්ම ඒ සාදයේ තිබුණා. විනාඩියෙන්, විනාඩියට වේටර්ස්ලා කෑම, බීම අරගෙන ආවා. කෑම කාලා ඉවරයක් නැති වුණා. පාන්දර 2.00 ටත් සාදය තිබුණා. නැටුම්, ගැයුම්වලින් මංගල සාදය පිරිලා. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් හරිම ලස්සනට නර්තනයේ යෙදුණා. කෝලි ක්‍රිකට් තරගයක් දිනලා සතුටු වෙනවා වගේම එදත් අනුෂ්කා ශර්මා එක්ක පැය දෙකක් විතර ඩාන්ස් කරලා සතුටු වුණා. එක අවස්ථාවක කෝලි මාව බදාගෙන, වඩාගෙන ඩාන්ස් කළා. ඒ මොහොත මගේ ජීවිතේ මැරෙන තුරාවට අමතක වෙන්නේ නෑ. කෝලිව මම මුලින්ම අඳුරගත්තේ 2008 අවුරුද්දේ, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අපේ රටේ සංචාරය කරන අවස්ථාවක. එතකොටත් ඉන්දීය කණ්ඩායමේ හිටිය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ශෙවාග්, දෝණි, ගාම්භීර්, රෝහිත් ශර්මා හර්බජාන් සිං එහෙම මාත් එක්ක බොහෝම හිතවත්. ඒ මාර්ගයෙන් තමයි කෝලිත් මට හිතවත් වුණේ. ඊට පස්සේ 2009 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කරන අවස්ථාවේ මමත් ඉන්දියාවට ගියා. කෝලි ලංකාවට එරෙහිව මංගල ශතකය ගැහුවේත් ඒ සංචාරයේදී. ශතකය ගහලා අවුට් වෙලා එනකොට මම කෝලිට විශේෂයෙන් සුබපැතුවා. ඒ සංචාරයේදී තමයි කෝලි මට ගොඩක්ම හිතවත් වුණේ. 2010 අවුරුද්දේ මම අයි.පී.එල්. බලන්න ඉන්දියාවට ගියා. ඒ තරගාවලිය ඉවර වෙච්ච දවසේ මම කෝලිගෙන් ටී ෂර්ට් එකක් ඉල්ලුවා. කෝලි මට අත් දිග ටී ෂර්ට් එකයි, කොට ටී ෂර්ට් එකයි දෙකක් දුන්නා. පස්සේ මම අත් දිග ටී ෂර්ට් අඳින්නේ නෑ කියලා ටී ෂර්ට් එක ආයෙමත් කෝලිට දුන්නා.

'ආ... ගුඩ් ගයාන්...' කියලා කෝලි ටීෂර්ට් එක අතට ගෙන මගේ පිටටත් තට්ටුවක් දාලයි ගියේ. ඊට පස්සේ කෝලි මාව කොහේදී දැක්කත් 'ආ... කොහොමද ගයාන්' කියලා කතා කරලා යන්නේ. කෝලි කියන්නේ උතුම් ගතිගුණ තියෙන නියම මනුස්සයෙක්. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අනිත් ක්‍රීඩකයනුත් එහෙම තමයි. හරිම ගුණයහපත්. ක්‍රීඩා පිටියේදී දකින ආඩම්බරකම්, නොරිස්සුම් ගති කිසිවක් නෑ. දක්ෂ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරනකොට තරගයේ ඉන්නේ. ඒ අය ක්‍රීඩා පිටියෙන් පිටතදී යහපත් ගති ගුණ තියෙන සුහදශීලී මනුස්සයො. මම නිතර ඉන්දීය ක්‍රීඩකයන්ගේ කාමරවලට යනවා. ඒ යන හැම අවස්ථාවකම ඔවුන් මාව සුහදව පිළිගත්තා. ඒ වගේම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පාටි කිහිපයකටම මම සහභාගි වෙලා තියෙනවා. ඔවුන්ගේ ආගන්තුක සත්කාර හරිම ඉහළයි. මගේ ඕනෑම ප්‍රශ්නයක් කියන්න අපි උදව් කරන්නම් කියලා ඉන්දීය ක්‍රීඩකයන්ගේ පෞද්ගලික දුරකථන අංක පවා මට දීලා තියෙනවා. කෝලිගේ අතිශය පෞද්ගලික දුරකථන අංකයත් මට දීලා තියෙනවා. ඒත් මම කිසිම දවසක ක්‍රීඩකයකුගෙන් රුපියලක උදව්වක් ඉල්ලලා නෑ. මම යාළුවෝ ඇසුරු කරන්නේ වාසි බලාපොරොත්තුවෙන් නෙමෙයි. ඒ අයට නිතර වද වුණා නම් අද මට මේ සැලකිලි නොලැබෙන්න තිබුණා. මම ඉන්න විදිහ මට හොඳයි. ඒක මට ගෞරවයක්. මගේ අම්මටත් ලොකු ආඩම්බරයක්..."

ගයාන් සේනානායකට දැන් වයස අවුරුදු තිස්අටකි. දැන උගත් තරුණයෙකි. ගයාන් කියන විදිහට ඔහු මිනිසුන් ඇසුරු කරන්නේ වාසි බලාපොරොත්තුවෙන් නොවේ. සතුටින් දෙන ත්‍යාගයක් හැරෙන්නට කිසිදු දිනක ඔහු කිසිවකුගෙන් උදව් ඉල්ලා නැත. ඔහුගේ සියලු විදෙස් සංචාර සඳහා පූර්ණ අනුග්‍රහය දරනු ලබන්නේ ඩීන් බ්‍රදර්ස් ආයතනය විසිනි. එහෙයින් ගයාන්ට කිසිවකුගේ උදව් අවැසි නැත. ඔහු තම ආත්මගරුත්වය ආරක්ෂා කරගෙන අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිමත් කර, ලෝක ක්‍රිකට් පිටියේ නමක් දිනාගන්නේය. ක්‍රිකට් ලොව දිග්විජය කළ ක්‍රීඩකයන් ගයාන්ට මෙතරම් ළෙන්ගතුකම් පාන්නේ ද ඔහුගේ ඒ උතුම් ගති පැවතුම් නිසා විය හැකිය. එමෙන්ම ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි ගයාන් සේනානායකට ලොකු වටිනාකමක් එකතු කරන්න ඇත්තේ ද ගයාන්ගේ හොඳ හිත නිසා විය හැකිය. කෙසේ වෙතත් කෝලිගේ මංගල සාදයට සහභාගි වීමට ලැබීම ගයාන්ගේ ජීවිතයට විශාල ආලෝකයක් වූ බව නම් සැබෑය.

ක්‍රිකට් ලොවම බලා සිටි 'විරුෂ්කා' මංගල සාදයට ගිය පුංචි ගයාන් දැන් ලොකු මිනිහෙකි. මෙරට ක්‍රිකට් ක්‍රිඩකයන් දිරිමත් කිරීමට ඔහු දැන් ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන සෑම රටකටම සංචාරය කර තිබේ. ඒ ක්‍රිකට් සවාරියේදී ඔහුට විඳින්නට ලැබෙන අත්දැකීම් බොහෝය. ඒ අතර රසවත් විත්ති සුලබය. ලබන සතියේ සිට ගයාන්ගේ ක්‍රිකට් සවාරියේ රසබර විත්ති ඔබගේ ආශ්වාදය සඳහා පෙළගැස්වීමට අපි අදහස් කළෙමු.

තරංග රත්නවීර

ඡායාරූප - සමන් අබේසිරිවර්ධන

divaina.com

[QUOTE="demee, post: 22673694, member: 371755"] [b]කෝලි - අනුෂ්කාගේ විවාහ මංගල්‍යයට සහභාගීවූ[/b] [B] කෝලි - අනුෂ්කාගේ විවාහ මංගල්‍යයට සහභාගීවූ එකම ශ්‍රී ලාංකිකයා දිවයිනට කතා කරයි [/B] [B]f[/B]Share මොන වැඩ තිබුණත් දවසකට එක වතාවක් හරි කෝලි මට චැට් කරනවා [COLOR=#008000] * ක්‍රිකට් ක්‍රීඩකයෝ මට හරිම ආදරෙයි...[/COLOR] [COLOR=#008000] * කෝලි මට වෙඩින් එක කිව්වේ මාස තුනකට ඉස්සෙල්ලා...[/COLOR] [COLOR=#008000] * කෝලි මාව වඩාගෙන ඩාන්ස් කළා...[/COLOR] [COLOR=#008000] * ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෝ අපේ කණ්ඩායමේ වැටීම ගැන හරියට දුක් වුණා...[/COLOR] [IMG]http://divaina.com/sunday/images/paper/2017/12/31/SD/koli.jpg[/IMG][SIZE=3]දැන් මෙරට ක්‍රිකට් නැරඹීම කාලය කා දැමීමක් සහ ලේ රත් කරගැනීමක් පමණි. පරාජය විනා ජයග්‍රහණයක සේයාවක් හෝ නැත. එමෙන්ම ලෝක ක්‍රිකට් අඹරේ මෙරට කිසිදු ක්‍රිකට් තරුවක් නොදිලේ. එහෙත් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිමත් කරන පුංචි කොලු ගැටයෙක් ප්‍රේක්ෂක හදවත්වල 'නොමැකෙන තරුවක්' බවට පත්ව සිටී. මෙරට පමණක් නොව ලෝක ක්‍රිකට් තරු අතර ද ඔහු ජනප්‍රියයි. ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි තම විවාහ මංගල්යයේදීවත් ඔහුව අමතක නොකළේය. කෝලි සමඟ එකට ක්‍රීඩා කළ සංගා, මහේල, මැතිව්ස්ලාට නැති ඇරයුම් පතක් ඔහුට ලැබිණි. විරාට් කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මාගේ විවාහ මංගල්‍යයට මෙරටින් සහභාගි වූ එකම ආරාධිතයා වූයේද ඔහු පමණි. හේ මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිමත් කරන ගයාන් සේනානායකය. පසුගිය 27 වැනිදා මුම්බායි හී පැවති 'විරුෂ්කා' මංගල සාදයට සහභාගි වී මෙරටට පැමිණි ගයාන්ව අපි හමු වීමු. 'විරුෂ්කා' මංගල සාදයේ රසවත් විත්තිවලින් ඔහු අපව ප්‍රීති ප්රමෝදයට පත් කළේය. 'විරුෂ්කා' මංගල සාදයේ ප්‍රීතිය අපි ගයාන්ගේ දෑස්වලින් දැක්කෙමු. මුළු මහත් ඉන්දියාවම උණුසුම් කළ විරාට් කෝලි සහ අනුෂ්කා ශර්මාගේ මංගල සාදය ගැන දැන් අපි ගයාන්ගේ වචනවලින්ම ඔබට කියන්නෙමු. මෙතැන් සිට කතා කරන්නේ අප නොව ගයාන්ය... [/SIZE] [IMG]http://divaina.com/sunday/images/paper/2017/12/31/SD/koli3.jpg[/IMG] [SIZE=3]"මගේ පෙර පිනකට ක්‍රිකට් ක්‍රීඩකයො මට පුදුම ළෙන්ගතුකමක් දක්වන්නේ. ඒ අතර කෝලි විශේෂයි. කෝලි මට ගොඩක් හිතවත්. කෝලි එයාගේ විවාහ උත්සවය මට කිව්වේ මාස තුනකට ඉස්සෙල්ලා, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙරට සංචාරය කරන අතරතුර කොළඹ හෝටලයක දිවා ආහාර ගන්න අවස්ථාවක. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අජින්කෙයා රහනෙත් ඒ අවස්ථාවට සහභාගි වුණා. මගේ යාළුවා නිලාමුත් හිටියා. කෝලි කොච්චර කාර්යබහුල චරිතයක් වුණත් දවසකට එක වතාවක් හෝ අන්තර් ජාලයෙන් සම්බන්ධ වෙලා මගේ දුක සැප සොයා බලනවා. කෝලි විවාහ උත්සවයට ඉතාලියට යන්න සූදානම් වෙච්ච දවසෙ උදෙත් මාත් එක්ක චැට් කරලා 'මම සංචාරයේ ඉන්නවා... ඔයා පරිස්සමින් ඉන්න කියලා. මොනවාහරි අවශ්‍යතාවක් වුණොත් මට කතා කරන්න...' කියලා කිව්වා. පහුගිය දවස්වල අපි ඉන්දියාවේ ඉන්නකොට මාත් එක්ක හිටිය නිලාම්ගේ තාත්තාට ගොඩක් අසනීපයි කියලා ලංකාවෙන් අපිට දැනුම් දුන්නා. කොහොමහරි ඒ සිද්ධිය රෝහිත් ශර්මට ආරංචි වුණා. රෝහිත් ශර්මා මට කතා කරලා 'ගයාන් ඔයාගේ යාළුවට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එයා මේ වේලාවේ පවුලේ අයත් එක්ක ඉන්න ඕනෑ. එයාගේ ටිකට් එක ගැන හිතන්න එපා. මම ටිකට් එක අරන් දෙන්නම්. දැම්ම එයාට ලංකාවට යන්න කියන්න කියලා...' කිව්වා. ඒ කිව්වා වගේම රෝහිත් අලුත් ටිකට් එකක් අරගෙන මට මේල් කළා. ඒ වෙනකොට කෝලිගේ කණටත් ඒ කතාව ගිහින් තිබුණා. එතකොට කෝලි හිටියේ ඉතාලියේ. ඒ මොහොතේම නිලාම්ගේ ප්රශ්නය ගැන අහලා කෝලි මට කතා කළා. ඒ අවස්ථාවේ කෝලි මගෙන් ඇහුවා ගයාන් ඔයා 27 වැනිදා වෙනකම් ඉන්දියාවේ ඉන්නවද කියලා. මම ඔව් කිව්වා. ඊට පස්සේ කෝලි මට කිව්වා 27 වැනිදා වෙඩින් එක තියෙනවා, මම ඔයාටත් ආරාධනා කරනවා. ඔයාට අපේ ටීම් එකත් එක්ක එන්න පුළුවන්. මම අපේ ටීම් මැනේජර්ලට කියලා තියන්නම්..' කියලා කෝලි කිව්වා. ඒ කිව්වා වගේම කෝලි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරුට දැනුම් දීලා මගේ දුරකථන අංකයත් දීලා තිබුණා. පස්සේ ඉන්දීය කණ්ඩායම් කළමනාකරු මට කතා කරලා 'ගයාන් අපි රෑ 7 වෙද්දී හෝටලයෙන් පිටත් වෙනවා. ඔයත් හෝටලයට එන්න...' කියලා දැනුම් දුන්නා.[/SIZE] [IMG]http://divaina.com/sunday/images/paper/2017/12/31/SD/koli1.jpg[/IMG][SIZE=3]කෝලි මට වෙඩින් එකට ආරාධනා කරපු අවස්ථාවේ ස්තූති කරන්න වචන නැති වුණා. ඒ තරමටම මම සතුටු වුණා. ඒ මොහොතේම මම යාළුවකුට කතා කරලා ඒ ගැන කිව්වා. එයත් ගොඩක් සතුටු වෙලා වෙඩින් එකට අඳින ඇඳුම් එයා ගානේ දෙනවා කියලා පොරොන්දු වුණා. පස්සේ ඒ යාළුවා ඉස්තරම්ම වර්ගයේ ඉන්දීය ඇඳුමක් මට අරන් දුන්නා. මම ඒ ඇඳුමත් ඇඳගෙන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හිටපු හෝටලයට යනකොට ඉන්දීය ක්‍රීඩකයො පුදුම වෙලා 'ආ ගයාන් ඔයත් වෙඩින් එකට යනවද...' කියලා මාව බදාගෙන විෂ් කළා. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 28 වැනිදා උදේ දකුණු අප්‍රිකාවට යන්න සූදානම් වෙලා හිටියේ. ඒ නිසා තමයි ඒ අය හෝටලයේ හිටියේ. අපි සේරම වෙඩින් එක තියෙන හෝටලයට ගියේ කාර් හතරකින්. මම ගිය කාර් එකේ මානීෂ් පණ්ඩේ, කූල්දීප්, තවත් අයි.පී.එල්. ක්‍රීඩකයො දෙන්නෙක් ගියා. එදා හර්දික් පණ්ඩේගේ සහෝදරයකුගේ වෙඩින් එකත් තිබුණා නිසා එයා සහභාගි වුණේ නෑ. අනිත් සේරම ක්‍රිඩකයො කෝලිගේ මංගල උත්සවයට සහභාගි වුණා. [IMG]http://divaina.com/sunday/images/paper/2017/12/31/SD/koli4.jpg[/IMG]මංගල සාදය පැවති හෝටලයට අපි යනකොට උත්සවය බලන්න පාර දිගට මිනිස්සු පිරිලා. පහළොස්දහසකට වැඩියි. මංගල සාදය ආවරණය කරන්න ඇවිත් හිටිය දෙස් විදෙස් මාධ්‍යවේදීන් තුන්දහසකට ආසන්නයි. හෝටල් භූමියට වගේම හෝටලය වටා දැඩි ආරක්ෂාවක් යොදවලා තිබුණා. සාදයට සහභාගි වෙන සියලු දෙනා දැඩි පරීක්ෂාවකට ලක් කරලා තමයි උත්සව ශාලාවට ඇතුළු කළේ. මංගල යුවළ එන්න ඉස්සෙල්ලා අපි හෝටලයට ගියා. ඉන්දීය මාධ්‍යවේදීන් මාව දැක්ක ගමන් 'ආ... ශ්‍රී ලංකා සපෝටර්...' කියලා දිගට හරහට මාව පින්තූර ගන්න පටන් ගත්තා. ඒ අතර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් මංගල යුවළ පිළිගන්න සැරසිලා හිටියා. මානල යුවළ හෝටලයට එනකොට රෑ 8.30 ට විතර වුණා. හැම කෙනාම සැදි, පැහැදී හිටියේ මානල යුවළත් එක්ක එකට ඉඳලා පින්තූර ගන්න. මානල යුවළ පැමිණ සිටි අමුත්තන් එක්ක කතාබහ කරමින් ඇවිඳින අතරේ කෝලි මාව දැකලා 'ආ... ගයාන් කම්... කම්...' කියලා මට කතා කරලා මාත් එක්ක පොඩි ඩාන්ස් එකක් දැම්මා. පිට්ටනියේදී කෝලි මාව දැක්කත් මට අත වනලා ඒ ඩාන්ස් එක දානවා. ඒක අපි දෙන්නටම ආවේණික වූ විහිළු ඩාන්ස් එකක්. විනාඩියක් විතර ඩාන්ස් එක දාලා කෝලි මාව අනුෂ්කාට හඳුන්වලා දුන්නා. අපි රූපවාහිනියෙන් දකිනවට වඩා අනුෂ්කා ප්‍රියමනාපයි. ඇය මගේ දිහා මොහොතක් බලා ඉඳලා වැළඳාගත්තා. ඊට පස්සේ කෝලි මගේ ෆෝන් එක ඉල්ලගෙන 'එන්න ගයාන් අපි සෙල්ෆියක් ගහමු...' කියලා මාව මැදි කරගෙන පින්තූරයක් ගත්තා. සාදයට පැමිණ හිටිය අමුත්තන් හරි පුදුමයෙන් ඒ දෙස බලා හිටියා. ඒ සිද්ධිය දැකලා ඉන්දියන් ක්‍රීඩකයන් පවා විශ්මයට පත් වුණා. ඒ අවස්ථාවේ කෝලිගේ අයියත් ඇවිත් මාත් එක්ක කතා බහා කළා. කෝලිගේ අම්මා, තාත්තා එක්ක නම් කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. [IMG]http://divaina.com/sunday/images/paper/2017/12/31/SD/koli5.jpg[/IMG]ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්, නළු නිළියන්, කෝටිපති ව්‍යාපාරිකයන් සේරම ආරාධිත අමුත්තන් තුන්සිය පනහක්, හාරසියක් විතර මංගල උත්සවයට සහභාගි වෙලා හිටියා. විදේශීය අමුත්තන් විදිහට සාදයට සහභාගි වෙලා හිටියේ මමයි, ඔස්ටේ්රලියානු ජාතික ෆෙට්රික් කියන පිසියොතෙරපියි විතරයි. සපෝටර්ලාගෙන් මට විතරයි මංගල සාදයට ආරාධනා කරලා තිබුණේ. ඉන්දියාවේ අංක එකේ සපෝටර් වන සුදීර්ටවත් ආරාධනා කරලා තිබුණේ නෑ. මංගල උත්සවයට ඇවිත් හිටිය සේරම ක්‍රීඩකයන් මාව අඳුරනවා. ඒ වගේම සාදයට සහභාගි වෙලා හිටිය ඉන්දියාවේ පැරැණි ක්‍රිකට් ක්‍රීඩකයන් සේරම වගේ මාත් එක්ක හොඳින් කතාබහ කළා. නළු නිළියන්ගෙන් ශාරුක් ඛාන් මාව දැක්ක ගමන් 'ශ්‍රී ලංකා සපෝටර්...' කියලා මාව වැළඳගත්තා. ශාරුක් ඛාන් මාව කාලයක ඉඳලා අඳුරනවා. මුකේෂ් අම්භානිගේ බිරිඳ නීටා අම්භානි, ආකාශ් අම්භානි මාව දැකලා කතා කළා. ඒ අයත් මට ගොඩක් හිතවත්. ජනප්‍රිය නිළි කත්රිනා කායිෆ් මාත් එක්ක කතාබහ කළා. මීට කලින් අයි.පී.එල්. තරගයක් අතරතුරදී කත්රිනා මාත් එක්ක කතා බහා කරලා තිබුණා. අමිතාබ් බච්චන් පවුලම ඇවිත් හිටියා. ඒත් ඔවුන් හිටියේ විනාඩි දහයක් විතර තමයි. තවත් ජනප්‍රිය නළු නිළියෝ ගොඩක් හිටියා. දේශපාලනඥයන් කිහිපදෙනෙක්ම හිටියා. ඒ අයත් එක්ක මම වැඩිය මුහු වුණේ නෑ. මම හිටියේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එක්ක. සචින් මාත් එක්ක ගොඩක් වෙලා කතාබහ කර, කර හිටියා. කතා කරපු හැම ක්‍රීඩකයෙක්ම වගේම අපේ ක්‍රිකට් කණ්ඩායමේ කඩාවැටීම ගැන පෞද්ගලිකව දුක් වුණා. සමහර ක්‍රීඩකයන් කිව්වා ඔයාලා කරන දේවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හරියට කරන්නේ නෑ කියලා. හරියට සෙල්ලම් කරන්නේ නෑ... ක්‍රීඩකයන් අතර සම්බන්ධතා නෑ... හරියට පන්දු යවන්නේ නෑ... පන්දු රැකීම අන්තිමයි... ශ්‍රී ලංකා හැම ක්රිඩකයකුගෙන්ම අලස ස්වභාවයක් තමයි පේන්නේ කියලා හැම කෙනාම කනස්සල්ලට පත් වුණා. එහෙම වෙන්නේ මොකද කියලා ඒ අය මගෙන් ඇහුවා. මට දෙන්න උත්තර නෑ. එතැනදී මම අසරණ වුණා. පස්සේ මම කිව්වා සංගා, මහේලගේ ඉවත්වීම අපේ ටීම් එකට ගොඩක් බලපෑවා කියලා. එතකොට ඉන්දීය ක්‍රීඩකයො කියනවා 'හැමදාම සංගා, මහේල ගැන කියලා ප්‍රශ්නවලින් පැනලා යන්න බෑ. ඉන්දීය කණ්ඩායමේ සචින්, ගංගුලි, ශේවාග් වගේ ක්‍රිඩකයෝ ඉවත් වුණා කියලා අපේ ටීම් එක කඩාවැටුණේ නෑ කියලා. යුවරාඡ් පෞද්ගලිකවම අපේ ක්‍රිකට් කණ්ඩායමේ කඩා වැටීම ගැන දුක් වුණා. ඉන්දියාවේ හැම ක්‍රීඩකයෙක්ම කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම හොඳට සෙල්ලම් කරනවා දකින්න කැමැතියි කියන එකයි. ඔය හැම ප්‍රශ්නයක් ගැනම කතා කළේ මංගල සාදයේ සතුටු වෙන අතරෙයි. මංගල සාදයට ආපු හැම කෙනෙක්ම හොඳට සතුටු වුණා. ඒක ඇවිත් නියම රාජකීය මංගල උත්සවයක්. ලෝකයේ තියෙන හැම කෑම, බීමක්ම ඒ සාදයේ තිබුණා. විනාඩියෙන්, විනාඩියට වේටර්ස්ලා කෑම, බීම අරගෙන ආවා. කෑම කාලා ඉවරයක් නැති වුණා. පාන්දර 2.00 ටත් සාදය තිබුණා. නැටුම්, ගැයුම්වලින් මංගල සාදය පිරිලා. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් හරිම ලස්සනට නර්තනයේ යෙදුණා. කෝලි ක්‍රිකට් තරගයක් දිනලා සතුටු වෙනවා වගේම එදත් අනුෂ්කා ශර්මා එක්ක පැය දෙකක් විතර ඩාන්ස් කරලා සතුටු වුණා. එක අවස්ථාවක කෝලි මාව බදාගෙන, වඩාගෙන ඩාන්ස් කළා. ඒ මොහොත මගේ ජීවිතේ මැරෙන තුරාවට අමතක වෙන්නේ නෑ. කෝලිව මම මුලින්ම අඳුරගත්තේ 2008 අවුරුද්දේ, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අපේ රටේ සංචාරය කරන අවස්ථාවක. එතකොටත් ඉන්දීය කණ්ඩායමේ හිටිය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ශෙවාග්, දෝණි, ගාම්භීර්, රෝහිත් ශර්මා හර්බජාන් සිං එහෙම මාත් එක්ක බොහෝම හිතවත්. ඒ මාර්ගයෙන් තමයි කෝලිත් මට හිතවත් වුණේ. ඊට පස්සේ 2009 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කරන අවස්ථාවේ මමත් ඉන්දියාවට ගියා. කෝලි ලංකාවට එරෙහිව මංගල ශතකය ගැහුවේත් ඒ සංචාරයේදී. ශතකය ගහලා අවුට් වෙලා එනකොට මම කෝලිට විශේෂයෙන් සුබපැතුවා. ඒ සංචාරයේදී තමයි කෝලි මට ගොඩක්ම හිතවත් වුණේ. 2010 අවුරුද්දේ මම අයි.පී.එල්. බලන්න ඉන්දියාවට ගියා. ඒ තරගාවලිය ඉවර වෙච්ච දවසේ මම කෝලිගෙන් ටී ෂර්ට් එකක් ඉල්ලුවා. කෝලි මට අත් දිග ටී ෂර්ට් එකයි, කොට ටී ෂර්ට් එකයි දෙකක් දුන්නා. පස්සේ මම අත් දිග ටී ෂර්ට් අඳින්නේ නෑ කියලා ටී ෂර්ට් එක ආයෙමත් කෝලිට දුන්නා. 'ආ... ගුඩ් ගයාන්...' කියලා කෝලි ටීෂර්ට් එක අතට ගෙන මගේ පිටටත් තට්ටුවක් දාලයි ගියේ. ඊට පස්සේ කෝලි මාව කොහේදී දැක්කත් 'ආ... කොහොමද ගයාන්' කියලා කතා කරලා යන්නේ. කෝලි කියන්නේ උතුම් ගතිගුණ තියෙන නියම මනුස්සයෙක්. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අනිත් ක්‍රීඩකයනුත් එහෙම තමයි. හරිම ගුණයහපත්. ක්‍රීඩා පිටියේදී දකින ආඩම්බරකම්, නොරිස්සුම් ගති කිසිවක් නෑ. දක්ෂ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරනකොට තරගයේ ඉන්නේ. ඒ අය ක්‍රීඩා පිටියෙන් පිටතදී යහපත් ගති ගුණ තියෙන සුහදශීලී මනුස්සයො. මම නිතර ඉන්දීය ක්‍රීඩකයන්ගේ කාමරවලට යනවා. ඒ යන හැම අවස්ථාවකම ඔවුන් මාව සුහදව පිළිගත්තා. ඒ වගේම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පාටි කිහිපයකටම මම සහභාගි වෙලා තියෙනවා. ඔවුන්ගේ ආගන්තුක සත්කාර හරිම ඉහළයි. මගේ ඕනෑම ප්‍රශ්නයක් කියන්න අපි උදව් කරන්නම් කියලා ඉන්දීය ක්‍රීඩකයන්ගේ පෞද්ගලික දුරකථන අංක පවා මට දීලා තියෙනවා. කෝලිගේ අතිශය පෞද්ගලික දුරකථන අංකයත් මට දීලා තියෙනවා. ඒත් මම කිසිම දවසක ක්‍රීඩකයකුගෙන් රුපියලක උදව්වක් ඉල්ලලා නෑ. මම යාළුවෝ ඇසුරු කරන්නේ වාසි බලාපොරොත්තුවෙන් නෙමෙයි. ඒ අයට නිතර වද වුණා නම් අද මට මේ සැලකිලි නොලැබෙන්න තිබුණා. මම ඉන්න විදිහ මට හොඳයි. ඒක මට ගෞරවයක්. මගේ අම්මටත් ලොකු ආඩම්බරයක්..." ගයාන් සේනානායකට දැන් වයස අවුරුදු තිස්අටකි. දැන උගත් තරුණයෙකි. ගයාන් කියන විදිහට ඔහු මිනිසුන් ඇසුරු කරන්නේ වාසි බලාපොරොත්තුවෙන් නොවේ. සතුටින් දෙන ත්‍යාගයක් හැරෙන්නට කිසිදු දිනක ඔහු කිසිවකුගෙන් උදව් ඉල්ලා නැත. ඔහුගේ සියලු විදෙස් සංචාර සඳහා පූර්ණ අනුග්‍රහය දරනු ලබන්නේ ඩීන් බ්‍රදර්ස් ආයතනය විසිනි. එහෙයින් ගයාන්ට කිසිවකුගේ උදව් අවැසි නැත. ඔහු තම ආත්මගරුත්වය ආරක්ෂා කරගෙන අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිමත් කර, ලෝක ක්‍රිකට් පිටියේ නමක් දිනාගන්නේය. ක්‍රිකට් ලොව දිග්විජය කළ ක්‍රීඩකයන් ගයාන්ට මෙතරම් ළෙන්ගතුකම් පාන්නේ ද ඔහුගේ ඒ උතුම් ගති පැවතුම් නිසා විය හැකිය. එමෙන්ම ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි ගයාන් සේනානායකට ලොකු වටිනාකමක් එකතු කරන්න ඇත්තේ ද ගයාන්ගේ හොඳ හිත නිසා විය හැකිය. කෙසේ වෙතත් කෝලිගේ මංගල සාදයට සහභාගි වීමට ලැබීම ගයාන්ගේ ජීවිතයට විශාල ආලෝකයක් වූ බව නම් සැබෑය. ක්‍රිකට් ලොවම බලා සිටි 'විරුෂ්කා' මංගල සාදයට ගිය පුංචි ගයාන් දැන් ලොකු මිනිහෙකි. මෙරට ක්‍රිකට් ක්‍රිඩකයන් දිරිමත් කිරීමට ඔහු දැන් ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන සෑම රටකටම සංචාරය කර තිබේ. ඒ ක්‍රිකට් සවාරියේදී ඔහුට විඳින්නට ලැබෙන අත්දැකීම් බොහෝය. ඒ අතර රසවත් විත්ති සුලබය. ලබන සතියේ සිට ගයාන්ගේ ක්‍රිකට් සවාරියේ රසබර විත්ති ඔබගේ ආශ්වාදය සඳහා පෙළගැස්වීමට අපි අදහස් කළෙමු.[/SIZE] [COLOR=#800000] තරංග රත්නවීර[/COLOR] [COLOR=#800000] ඡායාරූප - සමන් අබේසිරිවර්ධන[/COLOR] [COLOR=#800000] [/COLOR] [COLOR=#800000] [/COLOR] [COLOR=#800000]divaina.com [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom