Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඛදිරවනීය රේවත මහරහතන් වහන්සේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඛදිරවනීය රේවත මහරහතන් වහන්සේ

ඛදිරවනීය රේවත මහරහතන් වහන්සේ

[ATTACH]53553[/ATTACH]

අපගේ ශාස්තෘන් වහන්සේ මේ ලෝකයේ පහළ වී උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරද්දී නිකෙලෙස් රහතුන්ගෙන් නිකෙලෙස් රහත් තෙරිණියන්ගෙන් දඹදිව් තලය සෝබමානවත් වුණා. තථාගත හඳමඬලේ උපන් ඒ ශ්‍රාවක පුතුන්ගේ, ශ්‍රාවිකා දියණියන්ගේ විමුක්ති සුවයේ අසිරිමත් බව කැටි වූ සුන්දර උදානයන් ථෙර ථෙරි ගාථා නමින් ශ්‍රී සද්ධර්මයට එක් වී තිබෙනවා. බුද්ධ ශාසනයේ වැඩසිටි ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේලා ගැන අසිරිමත් තොරතුරු මේ ථේර ථෙරී ගාථා ග්‍රන්ථය තුළින් අපට මුණ ගැසෙනවා.

ථේර ථේරි ගාථා තුළින් අද අප සිත පහදවා ගන්නේ අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ලාබාල සොහොයුරා වූ ඛදිරවනීය රේවත මහරහතන් වහන්සේ පිළිබඳවයි.

ඛදිරවනීය රේවත මහරහතන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී හංසවතී නුවර තීර්ක නාවික පවුලක ඉපදී මහා ගංගාවේ මහතොටුපලක නාවික කටයුතු සිදුකළා.

දිනක් ශ්‍රාවක සඟරුවන පිරිවරාගත් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ගඟෙන් එතෙර වීම පිණිස එතැනට වැඩම කළා. අතිශයන්ම පැහැදුණු සිතින් යුක්ත නාවික තෙමේ අනෙකුත් නාවිකයන්ගේ ද සහාය ඇතිව නැව් සමූහයක් එක පෙළට තබා මහත් වූ පූජා සත්කාර කරමින් ශාස්තෘන් වහන්සේ ප්රමුඛ ශ්‍රාවක සඟරුවන ගංගාවෙන් එතෙර කළා.

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කාරුණික සිතින් නාවිකයාට අනුග්‍රහ කරනු පිණිස එක්තරා ශ්‍රාවකයන් වහන්සේ නමක් ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා අතර අග තනතුරට පත්කළා. එය දුටු නාවික තෙමේ වඩ වඩාත් පැහැදුණු සිතින් බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කළා. ඔහු එතැන් පටන් සසර දුකින් මිදීම පිණිස කුසල් දහම් රැස්කරමින් දෙව් මිනිස් ලොව උපත ලබා, අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ මගධ රට නාලක නම් ගමේ රූපසාරි බැමිණියගේ කුස පිළිසිඳ ගත්තා. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ලාබාලම සොහොයුරා ලෙස ඉපදී රේවත කුමරු නමන් ප්‍රසිද්ධ වුණා.

සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගිහි කළ නම උපතිස්ස බව අප දන්නවා. ඒ පවුල නාලක ගමේ වාසය කරපු අසූ කෝටියක ධන සම්පත් ඇති ඉතාමත් ධනවත් වංශවත් බ්‍රාහ්මණ පවුලක්. පවුලේ වැඩිමලා උපතිස්ස කුමාරයා. ගෞතම බුදුසසුනේ අග්‍රශ්‍රාවක බවට පත් වූ ඒ උපතිස්සයන් ප්‍රසිද්ධ වූයේ සාරිපුත්ත යන නමින්.

සාරිපුත්තයන් වහන්සේට චාලා, උපචාලා, සිසුපචාලා කියා සහෝදරියන් තිදෙනෙක් සිටියා. ඒ තිදෙනාම භික්ෂුණි සංඝයා අතර පැවිදි වී උතුම් අරහත්වය සාක්ෂාත් කළා.

සාරිපුත්තයන් වහන්සේට චුන්ද, උපසේන, රේවත නමින් සහෝදරයින් තිදෙනෙකුත් සිටියා. එයින් චුන්ද උපසේන දෙදෙනාත් පැවිදි බව ලබා නිකෙලෙස් රහතන් වහන්සේලා බවට පත්වුණා. නිවසේ ඉතිරි වුණේ රේවත කුමාරයා පමණ යි. එනිසා සැරියුත් තෙරුන් ගේ මෑණියන් වූ සාරි බ්‍රාහ්මණතුමිය කල්පනා කළා, ‘මගේ ලොකු පුතා උපතිස්සයන් මේ සියලු ධන සම්පත් අත්හැර පැවිදි වුණා. මගේ දුවලා තුන්දෙනත් පැවිදි වුණා. යන්තම් ඉතිරි වෙලා ඉන්නේ මේ රේවත පුතා පමණයි. ඉක්මණින්ම මෙයාට විවාහයක් කර දෙන්න ඕන’ සිතා සාරි බ්‍රාහ්මණතුමිය රේවත කුමාරයාට ගැලෙපන කුමාරියක් සොයා දෙන්නට වෙහෙසුනා. නමුත් සංසාරේ ඇති භයානකම ගැන සැරියුත් තෙරුන් රේවත කුමාරයාට කියා දීලා තිබුණා. ක්ෂණ සම්පත්තියේ දුර්ලභකමත් කල්‍යාණ මිත්‍ර සම්පත්තියේ දුර්ලභකම පිළිබඳවත් බුදු සසුනක පැවිදි වෙලා නිවන් අවබෝධ කර ගැනීමේ දුර්ලභතාවයත් කියා දී තිබුණා. ඒ නිසා කුමාරයාගේ සිත පිහිටා තිබුණේ උතුම් පැවිදි බව ලබා ගැනීමටම යි.

රේවත කුමරු ස්ථිරවම පැවිදි වන බව දත් සාරිපුත්තයන් භික්ෂූන් වහන්සේලාට වදාළා, මගේ බාල සොහෝදරයා රේවත කොයි මොහොතක හෝ දුවගෙන ඇවිත් මහණ කරන්න කියා කියාවි. එතකොට දෙවරක් නො සිතා ඉක්මණින්ම පැවිදි කරන්න. මම සියලු වගකීම දරන්නම්’ කියා.

සාරි බ්‍රාහ්මණතුමියගේ වුවමනාවට විවාහ උත්සවය සූදානම් කළා. මංගල රථයෙන් මනාලිය කැඳවාගෙන එන ගමනේ කැලෑබද ප්‍රදේශයක දී රේවත කුමාරයා උපක්‍රමශීලිව රථයෙන් බැස වැසිකිලි යාමට අවශ්‍ය බව පවසා පිරිසෙන් වෙන්ව කැලය තුළට පිවිසුනා. කැලයට ඇතුළු වූ කුමරු මිරිවැඩි සඟල සහ මංගල ආභරණ ගලවා දමා කැළේ මැද්දෙන් එක පිම්මට දුවගෙන ගොස් ආරණ්‍යවාසී භික්ෂුන් වැඩ සිටින සේනාසනයේ නතර වුණා. කුමාරුගේ ඉල්ලීම පරිදි ඒ ස්වාමීන් වහන්සේලා රේවත කුමරු පැවිදි උපසම්පදා කළා. ගෞතම බුදු සසුනේ උතුම් පැවිදි බව ලැබූ රේවත හිමියන් ධර්ම විනය ඉගෙනගෙන හුදකලාවේ බවුන් වැඩීම පිණිස තිස් යොදුනක් දුරින් පිහිටි පතොක් වනයකට වැඩම කළා. එතැන් පටන් කටුක වනයක වාසය කරන නිසා ‘ඛදිරවනීය රේවත තෙරුන්’ යැයි ප්‍රකට වුණා. එම වනයේ වාසය කළ පළමු වස් කාලය තුළදීම සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත් වන්නට තරම් උන්වහන්සේ භාග්‍යවන්ත වුණා.

වස් කාලය අවසන් වී බුද්ධ ප්රමුඛ සංඝරත්නය දෙවි මිනිසුන්ගේ යහපත පිණිස දහම් චාරිකාවේ යෙදෙන කාලය උදාවුණා. සාරිපුත්ත තෙරුන්ගේ ඉල්ලීම පරිදි බුදුරජාණන් වහන්සේ අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පුම්රඛ ශ්‍රාවකයන් පන්සියයක් සමඟ ඛදිරවනීය රේවත තෙරුන් වැඩ සිටින වනාන්තරය බලා පිටත් වුණා.

මනුෂ්‍ය වාසයෙන් තොර තිස් යොදුනක් පමණ වූ අමනුෂ්යන් අරක්ගත් ඒ දුෂ්කර මාවතේ වැඩම කරද්දී ප්රත්යාලාභීන් අතර අග්‍ර වූ සීවලි මහරහතන් වහන්සේගේ පුණ්‍යානුභාවය නිසා ඉතා හොඳින් දානාමානදි සිව්පසය ලැබුණා. දෙවිවරුන් විසින් යොදුනක් යොදුනක් පාසා ආවාස, සක්මන් මළු, දාන ශාලා මවා තිබුණා. දෙවියන් විසින්ම බුද්ධ ප්රමුඛ ශ්‍රාවක සඟරුවනට දිව්‍යමය වූ දන්පැන් පූජා කළා. බුදුරජාණන් වහන්සේ ප්රමුඛ මහ සඟරුවන වඩින බව දැනගත් ඛදිරවනීය රේවත තෙරුන් සෘද්ධි බලයෙන් භාග්‍යවතුන් වහන්සේට විවේක ගන්නට කුටියක් මැව්වා. ස්වාමින් වහන්සේලා පන්සිය නමකට කුටි සෙනසුන් මැව්වා. පස් පියුමින් සුසැදි පොකුණු මැව්වා. මල්වතු, උයන් වතු මැව්වා. සිසිල් සෙවණ ඇති සුවිශාල රුක් පදුරු මැව්වා. එම වනයේ වැඩසිටි කාලයේ සීවලී මහරහතන් වහන්සේගේ පිනෙන් සියලු දෙනා වහන්සේටම දන්පැන් ලැබුණා. එම චාරිකාවෙන් පසු පෙරලා පූර්වාරාමයට වැඩි බුදුරජාණන් වහන්සේගෙන් විශාඛා උපාසිකාව ‘භාග්‍යවතුන් වහන්ස, අප රේවතයන් වහන්සේ වැඩි සිටින තැන කෙබඳුදැයි’ ඇසුවා. එවිට බුදුරජාණන් වහන්සේ ‘පින්වත් විශාඛා, රහතන් වහන්සේ වැඩ සිටින තැන ගමක් වුවත්, වනාන්තරයක් වුවත්, බෑවුමක් වුවත් සමතලා භූමියක් වුවත් ඒ හැමතැනම ලස්සනයි’ යනුවෙන් වදාළා.

ගාමේ වා යදි වා රඤ්ඤේ

තින්නේ වං යදි වා මලේ

යත්ථාරහත්තෝ විහරන්ති

තං භූමිං රාමණෙඨ්යතං

ෂඩ් අභිඤ්ඤා

සහිතව අරහත්නය සාක්ෂාත් කළ රේවත තෙරණුවෝ වරක් ශාස්තෘන් වහන්සේටත් ධර්මධර සේනාධිපති සැරියුත් තෙරුන්ටත් වන්දනා කිරීම පිණිස ජේතවනාරාමයට වැඩම කළා. දම්සභා මණ්ඩපයේ භික්ෂූන් සංඝයා මැද වැඩසිටි ශාස්තෘන් වහන්සේ පින්වත් මහණෙනි මාගේ ශාසනයේ ආරණ්‍යවාසී ශ්රාවකයින් අතර මා පුත් ඛදිරවණීය රේවත තෙරුන් අග්‍ර වන්නේ යැයි’ අගතනතුරු ප්රදානය කළා.

පසු කලක දී රේවත මරහතන් වහන්සේ තම උපන් ගමට වැඩම කොට සොහොයුරින් තිදෙනාගේ පුතුන් වූ චාලා, උපචාලා හා සීසුපචාලා ගේ දරුවන් පැවිදි කොට බුදු සසුනෙහි පිළිවෙත් පිරීම පිණිස මඟ පෙන්වා දී අවවාද අනුශාසනා කළා. එම සාමණේර හිමිවරුන් තිදෙනාම කීකරුව නිහතමානීව ශ්‍රමණ ජීවිතය දියුණු කළා. ඒ අතර රේවත තෙරුන්ට යම් ආබාධයක් සෑදී ගිලන් වුණා. දම්සෙනෙවි සැරියුත් තෙරුන්ට ඒ බව ආරංචි වී එතැනට වැඩම කරද්දී හිමිවරුන් අමතා ධර්මයෙහි උත්සාහවත් කරමින් ථේර ගාථාහි සඳහන් මේ ගාථාව වදාළා.

චාලේ උපචාලෙ සිසුපචාලේ ප

පමිතික්කතා නු කො විහරත

ආගතො වො වාලං

විය වේ’ධි ති

පින්වත් චාලා, උපචාල,

සීසුපචාලා සමණේරවරුනි, ඔබ සිටින්නේ ඉතා හොඳින් සිහිය පිහිටුවාගෙන නේද? ඔන්න දැන් ඔබේ මාමා වූ සැරියුත් තෙරුණුවෝ මෙහි වැඩියා. උන්වහන්සේ දක්ෂ දුනුවායෙකුටත් වඩා තියුණු නුවණැති උත්තමයෙක්. යැයි’’ ඛදිරවනීය රේවත හිමියන් වදාළා.

සාරි බ්රාහ්මණතුමියත් අවසාන කාලයේ දී සාරිපුත්තයන් වහන්සේගේ උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා සෝතාපන්න ශ්‍රාවිකාවක් බවට පත්වුණා. ඒ පුණ්‍යවන්ත මාතාවගේ පිරිමි දරුවන් තිදෙනාමත් ගැහැණු දරුවන් තිදෙනාමත් උතුම් අරහත්වයට පත්ව ගෞතම බුද්ධ ශාසනය ශෝභමාන කළා. චාල, උපචාල, සිසුපචාල කියන මුණුපුරන් තිදෙනාත් නිකෙලෙස් මුණිවරුන් බවට පත්වුණා. ගෞතම මුනි රජුන්ගේ් බුද්ධ ශාසනය බබුළුවන ඒ පින්බර යුගයේ දී පවුල් පිටින් විමුක්තිය සාක්ෂාක් කළ අයුරු කෙතරම් අසිරිමත් ද?

එනිසා අපත් ඒ උත්තම තුණුරුවන කෙරෙහි වඩ වඩාත් සිත පහදවාගෙන අපගේ ජීවිත තුණුරුවන්ගේ අනුහසින් නිවා සනසා ගනිමු.

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

[QUOTE="jeewan tk, post: 17244888, member: 336776"] [b]ඛදිරවනීය රේවත මහරහතන් වහන්සේ[/b] [CENTER][SIZE="5"][COLOR="Red"]ඛදිරවනීය රේවත මහරහතන් වහන්සේ[/COLOR][/SIZE][/CENTER] [ATTACH]53553._xfImport[/ATTACH] [COLOR="Blue"][SIZE="4"]අපගේ ශාස්තෘන් වහන්සේ මේ ලෝකයේ පහළ වී උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරද්දී නිකෙලෙස් රහතුන්ගෙන් නිකෙලෙස් රහත් තෙරිණියන්ගෙන් දඹදිව් තලය සෝබමානවත් වුණා. තථාගත හඳමඬලේ උපන් ඒ ශ්‍රාවක පුතුන්ගේ, ශ්‍රාවිකා දියණියන්ගේ විමුක්ති සුවයේ අසිරිමත් බව කැටි වූ සුන්දර උදානයන් ථෙර ථෙරි ගාථා නමින් ශ්‍රී සද්ධර්මයට එක් වී තිබෙනවා. බුද්ධ ශාසනයේ වැඩසිටි ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේලා ගැන අසිරිමත් තොරතුරු මේ ථේර ථෙරී ගාථා ග්‍රන්ථය තුළින් අපට මුණ ගැසෙනවා. ථේර ථේරි ගාථා තුළින් අද අප සිත පහදවා ගන්නේ අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ලාබාල සොහොයුරා වූ ඛදිරවනීය රේවත මහරහතන් වහන්සේ පිළිබඳවයි. ඛදිරවනීය රේවත මහරහතන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී හංසවතී නුවර තීර්ක නාවික පවුලක ඉපදී මහා ගංගාවේ මහතොටුපලක නාවික කටයුතු සිදුකළා. දිනක් ශ්‍රාවක සඟරුවන පිරිවරාගත් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ගඟෙන් එතෙර වීම පිණිස එතැනට වැඩම කළා. අතිශයන්ම පැහැදුණු සිතින් යුක්ත නාවික තෙමේ අනෙකුත් නාවිකයන්ගේ ද සහාය ඇතිව නැව් සමූහයක් එක පෙළට තබා මහත් වූ පූජා සත්කාර කරමින් ශාස්තෘන් වහන්සේ ප්රමුඛ ශ්‍රාවක සඟරුවන ගංගාවෙන් එතෙර කළා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කාරුණික සිතින් නාවිකයාට අනුග්‍රහ කරනු පිණිස එක්තරා ශ්‍රාවකයන් වහන්සේ නමක් ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා අතර අග තනතුරට පත්කළා. එය දුටු නාවික තෙමේ වඩ වඩාත් පැහැදුණු සිතින් බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කළා. ඔහු එතැන් පටන් සසර දුකින් මිදීම පිණිස කුසල් දහම් රැස්කරමින් දෙව් මිනිස් ලොව උපත ලබා, අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ මගධ රට නාලක නම් ගමේ රූපසාරි බැමිණියගේ කුස පිළිසිඳ ගත්තා. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ලාබාලම සොහොයුරා ලෙස ඉපදී රේවත කුමරු නමන් ප්‍රසිද්ධ වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගිහි කළ නම උපතිස්ස බව අප දන්නවා. ඒ පවුල නාලක ගමේ වාසය කරපු අසූ කෝටියක ධන සම්පත් ඇති ඉතාමත් ධනවත් වංශවත් බ්‍රාහ්මණ පවුලක්. පවුලේ වැඩිමලා උපතිස්ස කුමාරයා. ගෞතම බුදුසසුනේ අග්‍රශ්‍රාවක බවට පත් වූ ඒ උපතිස්සයන් ප්‍රසිද්ධ වූයේ සාරිපුත්ත යන නමින්. සාරිපුත්තයන් වහන්සේට චාලා, උපචාලා, සිසුපචාලා කියා සහෝදරියන් තිදෙනෙක් සිටියා. ඒ තිදෙනාම භික්ෂුණි සංඝයා අතර පැවිදි වී උතුම් අරහත්වය සාක්ෂාත් කළා. සාරිපුත්තයන් වහන්සේට චුන්ද, උපසේන, රේවත නමින් සහෝදරයින් තිදෙනෙකුත් සිටියා. එයින් චුන්ද උපසේන දෙදෙනාත් පැවිදි බව ලබා නිකෙලෙස් රහතන් වහන්සේලා බවට පත්වුණා. නිවසේ ඉතිරි වුණේ රේවත කුමාරයා පමණ යි. එනිසා සැරියුත් තෙරුන් ගේ මෑණියන් වූ සාරි බ්‍රාහ්මණතුමිය කල්පනා කළා, ‘මගේ ලොකු පුතා උපතිස්සයන් මේ සියලු ධන සම්පත් අත්හැර පැවිදි වුණා. මගේ දුවලා තුන්දෙනත් පැවිදි වුණා. යන්තම් ඉතිරි වෙලා ඉන්නේ මේ රේවත පුතා පමණයි. ඉක්මණින්ම මෙයාට විවාහයක් කර දෙන්න ඕන’ සිතා සාරි බ්‍රාහ්මණතුමිය රේවත කුමාරයාට ගැලෙපන කුමාරියක් සොයා දෙන්නට වෙහෙසුනා. නමුත් සංසාරේ ඇති භයානකම ගැන සැරියුත් තෙරුන් රේවත කුමාරයාට කියා දීලා තිබුණා. ක්ෂණ සම්පත්තියේ දුර්ලභකමත් කල්‍යාණ මිත්‍ර සම්පත්තියේ දුර්ලභකම පිළිබඳවත් බුදු සසුනක පැවිදි වෙලා නිවන් අවබෝධ කර ගැනීමේ දුර්ලභතාවයත් කියා දී තිබුණා. ඒ නිසා කුමාරයාගේ සිත පිහිටා තිබුණේ උතුම් පැවිදි බව ලබා ගැනීමටම යි. රේවත කුමරු ස්ථිරවම පැවිදි වන බව දත් සාරිපුත්තයන් භික්ෂූන් වහන්සේලාට වදාළා, මගේ බාල සොහෝදරයා රේවත කොයි මොහොතක හෝ දුවගෙන ඇවිත් මහණ කරන්න කියා කියාවි. එතකොට දෙවරක් නො සිතා ඉක්මණින්ම පැවිදි කරන්න. මම සියලු වගකීම දරන්නම්’ කියා. සාරි බ්‍රාහ්මණතුමියගේ වුවමනාවට විවාහ උත්සවය සූදානම් කළා. මංගල රථයෙන් මනාලිය කැඳවාගෙන එන ගමනේ කැලෑබද ප්‍රදේශයක දී රේවත කුමාරයා උපක්‍රමශීලිව රථයෙන් බැස වැසිකිලි යාමට අවශ්‍ය බව පවසා පිරිසෙන් වෙන්ව කැලය තුළට පිවිසුනා. කැලයට ඇතුළු වූ කුමරු මිරිවැඩි සඟල සහ මංගල ආභරණ ගලවා දමා කැළේ මැද්දෙන් එක පිම්මට දුවගෙන ගොස් ආරණ්‍යවාසී භික්ෂුන් වැඩ සිටින සේනාසනයේ නතර වුණා. කුමාරුගේ ඉල්ලීම පරිදි ඒ ස්වාමීන් වහන්සේලා රේවත කුමරු පැවිදි උපසම්පදා කළා. ගෞතම බුදු සසුනේ උතුම් පැවිදි බව ලැබූ රේවත හිමියන් ධර්ම විනය ඉගෙනගෙන හුදකලාවේ බවුන් වැඩීම පිණිස තිස් යොදුනක් දුරින් පිහිටි පතොක් වනයකට වැඩම කළා. එතැන් පටන් කටුක වනයක වාසය කරන නිසා ‘ඛදිරවනීය රේවත තෙරුන්’ යැයි ප්‍රකට වුණා. එම වනයේ වාසය කළ පළමු වස් කාලය තුළදීම සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත් වන්නට තරම් උන්වහන්සේ භාග්‍යවන්ත වුණා. වස් කාලය අවසන් වී බුද්ධ ප්රමුඛ සංඝරත්නය දෙවි මිනිසුන්ගේ යහපත පිණිස දහම් චාරිකාවේ යෙදෙන කාලය උදාවුණා. සාරිපුත්ත තෙරුන්ගේ ඉල්ලීම පරිදි බුදුරජාණන් වහන්සේ අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පුම්රඛ ශ්‍රාවකයන් පන්සියයක් සමඟ ඛදිරවනීය රේවත තෙරුන් වැඩ සිටින වනාන්තරය බලා පිටත් වුණා. මනුෂ්‍ය වාසයෙන් තොර තිස් යොදුනක් පමණ වූ අමනුෂ්යන් අරක්ගත් ඒ දුෂ්කර මාවතේ වැඩම කරද්දී ප්රත්යාලාභීන් අතර අග්‍ර වූ සීවලි මහරහතන් වහන්සේගේ පුණ්‍යානුභාවය නිසා ඉතා හොඳින් දානාමානදි සිව්පසය ලැබුණා. දෙවිවරුන් විසින් යොදුනක් යොදුනක් පාසා ආවාස, සක්මන් මළු, දාන ශාලා මවා තිබුණා. දෙවියන් විසින්ම බුද්ධ ප්රමුඛ ශ්‍රාවක සඟරුවනට දිව්‍යමය වූ දන්පැන් පූජා කළා. බුදුරජාණන් වහන්සේ ප්රමුඛ මහ සඟරුවන වඩින බව දැනගත් ඛදිරවනීය රේවත තෙරුන් සෘද්ධි බලයෙන් භාග්‍යවතුන් වහන්සේට විවේක ගන්නට කුටියක් මැව්වා. ස්වාමින් වහන්සේලා පන්සිය නමකට කුටි සෙනසුන් මැව්වා. පස් පියුමින් සුසැදි පොකුණු මැව්වා. මල්වතු, උයන් වතු මැව්වා. සිසිල් සෙවණ ඇති සුවිශාල රුක් පදුරු මැව්වා. එම වනයේ වැඩසිටි කාලයේ සීවලී මහරහතන් වහන්සේගේ පිනෙන් සියලු දෙනා වහන්සේටම දන්පැන් ලැබුණා. එම චාරිකාවෙන් පසු පෙරලා පූර්වාරාමයට වැඩි බුදුරජාණන් වහන්සේගෙන් විශාඛා උපාසිකාව ‘භාග්‍යවතුන් වහන්ස, අප රේවතයන් වහන්සේ වැඩි සිටින තැන කෙබඳුදැයි’ ඇසුවා. එවිට බුදුරජාණන් වහන්සේ ‘පින්වත් විශාඛා, රහතන් වහන්සේ වැඩ සිටින තැන ගමක් වුවත්, වනාන්තරයක් වුවත්, බෑවුමක් වුවත් සමතලා භූමියක් වුවත් ඒ හැමතැනම ලස්සනයි’ යනුවෙන් වදාළා. [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]ගාමේ වා යදි වා රඤ්ඤේ තින්නේ වං යදි වා මලේ යත්ථාරහත්තෝ විහරන්ති තං භූමිං රාමණෙඨ්යතං ෂඩ් අභිඤ්ඤා [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]සහිතව අරහත්නය සාක්ෂාත් කළ රේවත තෙරණුවෝ වරක් ශාස්තෘන් වහන්සේටත් ධර්මධර සේනාධිපති සැරියුත් තෙරුන්ටත් වන්දනා කිරීම පිණිස ජේතවනාරාමයට වැඩම කළා. දම්සභා මණ්ඩපයේ භික්ෂූන් සංඝයා මැද වැඩසිටි ශාස්තෘන් වහන්සේ පින්වත් මහණෙනි මාගේ ශාසනයේ ආරණ්‍යවාසී ශ්රාවකයින් අතර මා පුත් ඛදිරවණීය රේවත තෙරුන් අග්‍ර වන්නේ යැයි’ අගතනතුරු ප්රදානය කළා. පසු කලක දී රේවත මරහතන් වහන්සේ තම උපන් ගමට වැඩම කොට සොහොයුරින් තිදෙනාගේ පුතුන් වූ චාලා, උපචාලා හා සීසුපචාලා ගේ දරුවන් පැවිදි කොට බුදු සසුනෙහි පිළිවෙත් පිරීම පිණිස මඟ පෙන්වා දී අවවාද අනුශාසනා කළා. එම සාමණේර හිමිවරුන් තිදෙනාම කීකරුව නිහතමානීව ශ්‍රමණ ජීවිතය දියුණු කළා. ඒ අතර රේවත තෙරුන්ට යම් ආබාධයක් සෑදී ගිලන් වුණා. දම්සෙනෙවි සැරියුත් තෙරුන්ට ඒ බව ආරංචි වී එතැනට වැඩම කරද්දී හිමිවරුන් අමතා ධර්මයෙහි උත්සාහවත් කරමින් ථේර ගාථාහි සඳහන් මේ ගාථාව වදාළා.[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]චාලේ උපචාලෙ සිසුපචාලේ ප පමිතික්කතා නු කො විහරත ආගතො වො වාලං විය වේ’ධි ති පින්වත් චාලා, උපචාල, [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]සීසුපචාලා සමණේරවරුනි, ඔබ සිටින්නේ ඉතා හොඳින් සිහිය පිහිටුවාගෙන නේද? ඔන්න දැන් ඔබේ මාමා වූ සැරියුත් තෙරුණුවෝ මෙහි වැඩියා. උන්වහන්සේ දක්ෂ දුනුවායෙකුටත් වඩා තියුණු නුවණැති උත්තමයෙක්. යැයි’’ ඛදිරවනීය රේවත හිමියන් වදාළා. සාරි බ්රාහ්මණතුමියත් අවසාන කාලයේ දී සාරිපුත්තයන් වහන්සේගේ උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා සෝතාපන්න ශ්‍රාවිකාවක් බවට පත්වුණා. ඒ පුණ්‍යවන්ත මාතාවගේ පිරිමි දරුවන් තිදෙනාමත් ගැහැණු දරුවන් තිදෙනාමත් උතුම් අරහත්වයට පත්ව ගෞතම බුද්ධ ශාසනය ශෝභමාන කළා. චාල, උපචාල, සිසුපචාල කියන මුණුපුරන් තිදෙනාත් නිකෙලෙස් මුණිවරුන් බවට පත්වුණා. ගෞතම මුනි රජුන්ගේ් බුද්ධ ශාසනය බබුළුවන ඒ පින්බර යුගයේ දී පවුල් පිටින් විමුක්තිය සාක්ෂාක් කළ අයුරු කෙතරම් අසිරිමත් ද? එනිසා අපත් ඒ උත්තම තුණුරුවන කෙරෙහි වඩ වඩාත් සිත පහදවාගෙන අපගේ ජීවිත තුණුරුවන්ගේ අනුහසින් නිවා සනසා ගනිමු.[/SIZE][/COLOR] [COLOR="red"][COLOR="Red"][SIZE="5"]පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි[/SIZE][/COLOR][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom