Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ගංජා කාලා මත් වෙච්ච ගෝන නාම්බෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගංජා කාලා මත් වෙච්ච ගෝන නාම්බෝ

මලේ කඳුළින්

ජයපැන් බොන

දේශපාලන බහිරවයෝ

ගංජා කාලා මත් වෙච්ච ගෝන නාම්බෝ

වතුර බිවු බිවු තැන්වල වැටිලා ඉන්නවා.

මෝර්ටීන් ගහලා ඒ. සී. එක වැඩි කළාම

පොලිස් බල්ලන්ගෙ නහය උඩින් ගංජා තිබ්බත් අහුවෙන්නෙ නෑ.

නියං කාලෙට කට්ටියවළවල් කපනවා වතුර බොන්න

වස ගහලා කේරල ගංජා කියලා ලංකාවෙ ගංජා විකුණනවා.

ආයුර්වේදය ගංජා හඳුන්වා දෙන්නේ ෙත්රෙලෝක විජය පත්‍ර නැතිනම් දෙව් මිනිස් බඹ ලෙසයි. එහි අදහස තුන් ලෝකයම ජයග්‍රහණය කළ පත්‍ර යන්නයි. ගංජා, එලෙස හඳුන්වන්නේ එහි ඇති මාහැඟි ඖෂධීය ගුණය හේතුවෙනි. ආයුර්වේදීය ඖෂධීය ගුණය කෙසේ වෙතත් ගංජා මත් වෙන්නට භාවිතා කරන අයගේ මතය වන්නේ ගංජා යනු එක් වරක් භාවිතා කළොත් තුන් ලෝකයම එකවර දකින්නට හැකි බවයි.

ගංජා හා බැඳි අපූරු කථා රාශියක් සමාජයේ ඇත. ඒ කථාවල ඇත්ත නැත්ත, ගංජා කථාවේ අල ගිය මුලගිය තැන් පමණක් නොව ගංජා වැවෙන පරිසරය වටා ගෙතුන ජන ජීවිතයේ සොබාවද ගවේෂණය කරන්නට අපට සිත් විය. ඒ ආයාසකර ප්රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස අපට චුට්ටේ සහ සුගත් මුණගැසුණේ ගංජාවලට පරසිදු තණමල්විල රණවරණාවේදීය.

වසර ගණනාවක ගංජා වැවීමේ අත්දැකීමත් ඒ දුෂ්කර කටුක ජන ජීවිතයටත් බැඳී ජීවත්වූ ඔවුන් කිරිඳි ඔයෙන් කිලෝමීටර 15 පමණ ඈතින් පිහිටි ඔවුන්ගේ ගංජා හේනට අපව කැඳවාගෙන යැමට එකඟ වූහ. ඔබ ඉදිරියේ මේ දිගහැරෙන්නේ එම දුෂ්කර චාරිකාවේදී අප මුහුණ දුන් සිදුවීම් සමුදායටයි.

චුට්ටෙත් සුගතෙත් අපේ පෙරගමන්කරුවෝ වූහ. පරිස්සමට අපේ පස්සෙන්ම එන්න තුවක්කු මානල ඇති.

අපි මේ යන්නෙ අලිමංකඩක. අලි මංකඩක් කිව්වට මේකේ වල් ඌරොත් යනවා. ඒ උපන්දා ඉඳන් ගහේ කොලේ රස දන්නා සුගත්ගේ ඔවදනකි. "යමු යමු තව හැතැක්ම භාගයක් විතර ඇත්තෙ." පරක්කු වුණොත් හේන බලන්න බැරිවෙයි. වටින් ගොඩින් ඇහෙන හිනා කථා විහිළු කථා පමණක් නොව වන රජදහනේ සිරිය විඳිමින් අපි අපේ ගමනාන්තයට ළඟාවුණෙමු.

තන මත්තට (එනම් පපුව ප්‍රදේශයට වැඩුණු) වැඩුණු ගංජා හේන හොඳින් සාත්තු ලැබූ හේනක් බවට තේරුම් ගන්නට ඒ දෙස දෙවරක් බලන්නට අනවශ්‍යය. අඬුව කැඩී ගිය පීරිසි කෝප්පයට කහට උගුරකුත් හකුරු කෑල්ලක් එක්ක අපට පිළිගැන්වූ සුගත් කථාව පටන් ගත්තේය. "ගංජා අවුරුද්දෙ ඕනම කාලෙක වවන්න පුළුවන්. ඒත් ඒකට මහන්සියයි, වියදමයි දෙකම වැඩියි. මහ කන්නෙට මෙහෙට හොඳට වහිනවා. බිනර කරුවල වැටිල කාක්කො ඉගිලෙන්න, මාරියාව වැස්ස වැටෙන්න කලින් නවදැලි හේනක් ගිනි තියනවා. හොඳට ගිනි වැදුනොත් හේන සරුයි.

(මොනරාගල වැනි වියළි කලාපයට වැඩියෙන්ම වරුෂාව ලැබෙන්නේ ඊශාන දිග මෝසම් සුළං වලින් ලැබෙන සැප්තැම්බර් මාසයේදීය. සිංහල මාස ක්‍රමයට අනුව සැප්තැම්බර් යනු බිනර මසයි. සැප්තැම්බර් 15 වැනිදායින් ඇරැඹෙන වර්ෂාව හඳුන්වන්නේ මාරියාව වැස්ස ලෙසයි. බිනර කරුවලට කලින් කාක් පැටවු කූඩුවලින් ඉඟිල්ලෙන බවත්, උන් එසේ කරන්නේ බිනර කරුවලට අසුවී කළු වෙනවා යෑයි සිතා බවත් ගැමියන් අතර ඇති විශ්වාසයකි. ගංජා වැවෙන්නට කාබන් අවශ්‍යය. අඟුරුවල යහමින් කාබන් අඩංගුව ඇත. ඔවුන් හොඳින් නවදැලි හේනක් ගිනි තියන්නේ පසට කාබන් එක්කරන්නටය. මුලින්ම අපි ගංජා තවාන් දානවා.)

දවස් 21 න් මල් පීදෙනවා. මල් ගසුයි, කඩොල් ගසුයි අයින් කරලා හොඳ ගස් හේනට දානවා. ඒ වෙනකොට හේන හදල තියෙන්න ඕන. සමහරු කාණු කපනවා. තවත් අය වළවල් කපනවා. කාණු කපන්නෙ උදලු තලේ පළලට. උදලු තලේ ගැඹුරට. මේ අයින් කරන පස් එක පැත්තකට විතරක් අයින් කරනවා. ඊළඟ කාණුව කපන්නෙ උදලු තල එකහමාරක් විතර දුරින්. ඊළඟට කරන්නෙ කාණු දෙක අතර ඉතුරු වෙච්ච පස්වලින් පළවෙනියට කපාපු කාණුව පුරවන එක. දෙවනියට කපපු කාණුවත් ඒ විදියට ඊළඟ පස් කණ්ඩියෙන් පුරවනවා. වළවල් කැපිල්ලත් එහෙමයි. මේ එක වළට පැළ අටක් විතර පැළකරනවා. වේයො එන හින්ද වළවල් යටට නිල් කැට පෝරදානවා. තවානෙන් තෝරපු ගස් අතරත් මල් ගස් (පිරිමි ගස්) තියෙනවා. ඒව ගලවල දානව. හේනට මාස තුන පිරෙනකොට මඩ පෝර දාන්න ඕන. සාමාන්‍යයෙන් දෙසැම්බර් ජනවාරි වෙනකොට ගංජා පැහිල. ඔය හොඳම ගංජවලට ගන්නෙ මවු කොළයයි කඳයි අතර හැදෙන පුංචි රිකිල්ල. ඒත් ගංජාවලට මෝරල නැති රිකිලි ඔක්කොම සාමාන්‍යයෙන් කඩනවා. ගංජා පැහෙන කාලෙට මාර සුවඳයි. එක හුස්මටම කතා කළ ඔහු මොහොතක් ගිමන් හරියි. කියන්නට තව පොඩ්ඩෙන් අමතක වෙනවා ගංජ කපනකොට අතේ ගෑවෙන බූව එකතු කරලා හෑස් (ඈස්) හදනවා. අපෙන් ගන්නෙ අඩුම රුපියල් 4000 කට 5000 කට.

රෑ අඳුර ගංජා හේනත් වන රජදහනත් ආක්රමනය කර හමාරය. රැහැයියන්ගේ සංගීතයේවත්, ගල්වලේ විවාද පවත්වන බකතපස්ලාවත් නිහඬ වන්නට සිතන්නේ නැත. එන ගමනේදී කනින් කොනින් කනට වැටුණු තනි අලියා වැරදිලාවත් හේනට ආවොත් යෑයි මට සිතෙයි. කනාමැදිරියොත්, රන්තරුකැටත් එක්ව අහසත් පොළවත් අපූරුවට පාටකර ඇත.

රෑට කන්නට බතල තම්බන්න සූදානම් කරන චුට්ටේ වෙත මම හැරුනෙමි.

"මේ කැලේ ඇතුලෙ හේනක් කරනකොට සත්තු එන්නෙ නැද්ද හේනට."

එනව එනව මොකදෑ නැත්තෙ. කාගෙන් බේරගත්තත් මේ ගෝන් නාම්බොන්ගෙනුයි. ගිරවල ඇත්තොන්ගෙනුයි හේන බේරගන්න අමාරුයි. උන් ඇවිත් මෙතන ගිනිවිඡ්ජුම්බරයක් කොරනවා. ගිරවල ඇත්තො (ගිරවු) ඇවිත් රෑන් පිටින් පාත් වෙන්නෙ ඇට කපාන යන්න. දඩමං හොයන්න වෙනම වෙහෙස (මහන්සි) ගන්ඩ කාරි නෑ. (අවශ්‍ය නෑ) ගංජ කාල මත්වෙච්ච ගෝන නම්බො වතුර බිවු බිවු තැන්වල වැටිල සිටිනවා. හේනට අරියාදු (කරදර) කරන්න එන්නෙ සත්තු විතරෙයි? ගඳපාන, ලෝකපාළු, අන්දර, තෝර ගිනි අන්දර වඳ කොරල දාන්ඩ වෙනම හමුදාවක් ගේන්ඩ වෙනවා. එක වංගියක් (සැරයක්) මයෙ හේනක් මත්තෙන් (උඩින්) තුන්පත් රෑනක් (අලි අම්ම, තාත්ත, පැටිය) ගොහින් තිබුණා නොවැ. ඔය වගේ අතුරු ආන්තරා, හොර හතුරො මේ හේන්වලට එනවා.

ඉතිං කොහොමද වාඩියෙ ගතකරන ජීවිතේ.

ඉන්නවට ඉන්නවා මිසක් මේකෙ ඇති සැපක් නෑ. හාල්, පරිප්පු, සීනි, තුනපහයි අනෙක් කළමනා ටිකයි ගෙදරින් ගේනවා. චුට්ටෙ අයියට හේන බලා ගන්න කියලා මම සමහරක් දවසට යනවා. පහළ වලට හරි ගඟට හරි ගිහින් දවස් ගාණකට හරියන්න කොරළියෙක් බට්ටෙක්, ලූලෙක්, අල්ලගෙන එනවා. එදාට ඉතින් කටට රහට කන්න පුළුවන්. ගෝන මස් කරවල (වියළු ගෝනමස්) ටිකක් වාඩියේ තියෙනව. කොරළි හොද්දකුයි, හීන් කොච්චි සම්බෝලෙකුයි කැකුළු බතකට එකතු වුනාම කන්න පුළුවනි බඩ පැලෙන්න. ඔය වාඩියට පහළින් දාපු කොච්චි ගස්, බතල වැල් ටිකත් හොඳට තියෙන්නෙ. මේ වැඩ කරන්න අපි ඇඳුම් ගොඩක් ගේන්නෑ. සමහර දවස්වලට එකම ඇඳුම දවස් දහය අඳින පාරවල් තියෙනවා. සමහර දාට නිර්වස්තරෙන් තමයි වැඩ. රෙදි හෝදල වේලෙන්න දාල. මෙහෙ ඉතින් මොකා කියල බලන්නද? යෑයි ඔහු හිනැහෙමින් පවසයි.

කොහොමද මේ වවන ගංජා කොළඹට ගෙනියන්නෙ.

දැන් අපි ගංජා කොළඹ ගෙනියන්නෙ නෑ. කොළඹින් ඇවිත් ගංජා අපෙන් ගෙනියනවා. සාමාන්‍යයෙන් කිලෝ දෙක තුනක් විතර එකපාර ගෙනියන්නෙ. වැඩිම වුණොත් 25, 30 කෑලි ගෙනයයි. ලොකු කෑල්ලක් අහුවුනොත් ඉතිං ඔක්කොම ඉවරයිනෙ. හිතන්න කිලෝ 5 හේ බෑග් එකකට දාල බස් එකේ ඩිකියට දැම්ම. ඔත්තුවක් නැත්නම් කවුරුත් සැක කරන්නෙ නෑ. යුද්දෙ ඉවර නිසා රටේ තැන තැන පොලිසියෙන්, හමුදාවෙන් චෙක් කරන්නෙ නෑ. ඔය ලොකු ලොකු ඇත්තො වැඩේ කරනකොට පොලිස් බල්ලන්ට ඉව නොහිටින්න වැඩකරනවා. මෝර්ටීන් ගහල ඒසී එක වැඩිකළාම පොලිස් බල්ලගෙ නහය උඩින් ගංජා තිබ්බත් අහුවෙන්නෑලු. කොකාකෝලයි, මිරිස්කුඩුයි එකතුකරපු ස්ප්‍රේ කරාම බල්ලො නන්නත්තාර වෙනවලු.

මේ ගංජා හේනකට කවුරු හරි ආවොත් පණපිටින් ආපසු යන්න ලැබෙන්නෙ නෑ කියන්නෙ ඇත්තද?

ගංජා හේනකට පිටින් කවුරුවත් එන්නේ නෑ. ඒකක් තියන තැන කාටවත් අඳුර ගන්න බෑ. මේ ඝන මූකලාන නොවැ. මේ හේන් වටේ බඳින තුවක්කු මානල තියෙන්නේ (සවිකරලා තියෙන්නෙ.) ඉතිං අලුගුත්තේරුවෙක් මිසක් වෙන මොකෙක්වත් මේ නොදන්න දීපංකරේ පස් පාගන්නෙ නෑ. මේ හේනකට එනව නම් එන්නෙ ළඟපාත තියෙන හේනක කෙනෙක් විතරයි. යාළුකමින් සහයෝගයෙන් ආවොත් ප්‍රශ්නයක් නෑ. ඒත් පැහෙන කාලෙට සමහරු එනව හොරෙන් කපන්න. එහෙම ආවොත් ඉතිං හේනටම පෝර වෙනව මිසක් ආපහු යනවා බොරු. හැම හේනකම කොටන තුවක්කු හරි පතරොම් තුවක්කු හරි තිබෙනවා. අයිතිකාරයෝ දේශපාලන උන්නැහැලනම් උන්ගාව තියෙන්නෙ පතරොම් තුවක්කු.

ගංජා ගැන හේනේ කථාව එසේය. ඊටත් වඩා රසවත් හා භයානක කතාව ඇරඹෙන්නේ ඉන්පසුවය. ලංකාවේ දේශපාලන බලාධිකාරියටත්, පාතාලයටත් සල්ලි ගලා එන කළු ව්‍යාපාර අතර ප්‍රධාන තැනක් හිමිවන්නේ ගංජාවලටය. විශේෂයෙන් ගම්පහ හැරුණුකොට අනෙක් ප්‍රදේශවල පාතාල ලෝකයේ බල අරගලයේ ප්‍රධාන භූමිකාවක් ගංජා බෙදා හැරීම වටා ගෙතී ඇත.

අද වනවිට කේරල ගංජා ස්වරූපයෙන් ලංකාවේ ගංජාද නිපදවයි. මුලින්ම කරන්නේ හොඳින් හැදුණු උණ ගසක් ගෙන එහි එක් කොණක පුරුක ඉවත්කර අනෙක් කොණ එසේ තිබෙන්නට හැර ඊට ගංජා පිරවීමයි. හොඳින් පිරවූ පසු කෘමිනාශක වර්ගයක් ඊට ස්ප්‍රේ කරයි. ඉන්පසු ඒවා කේරල ලෙස විකුණයි. මීට අමතර ගංජාවලට ලොවෙත් නැති ලොවි ගහෙත් නැති බොහෝ දේ මිශ්‍ර කරන්නේ ඒවායේ සැර වැඩි කරන්නටය. ඒ අතර මදුරු කොයිල්, මිනී එම්බාම් කරන්නට ගන්නා ෆොමලින්, විවිධ කෘමිනාශක, අජිනමොටෝ, වල් නාශක හා ජලය එකට මිශ්‍ර කරන දියරද මේ අතර වේ. ගංජා භාවිතා කළාට මිනිසෙක් මැරෙන්නේ නැත. ඒත් ඉක්මනින් හඳ බලන්නට දඟලන අය මේ වස යෙදූ ගංජා භාවිතා කර හඳට කලින් තරු බලති.

ලංකාවේ ගංජා බහුලව වගා කරන තණමල්විල, මොනරාගල ප්‍රදේශවල ජනතාව ඒ සඳහා පෙළඹීමට හේතු ගණනාවක් ඇත. ඔවුන් විරැකියාවෙන්, දරිද්‍රතාවයෙන් නූගත්කමින් මිරිකෙන පිරිසකි. යලට, මහට නිසි කලට වැස්සක් නැත. නියං සමයට වගාවට තබා බීමට ජලය නැත. වැව් පතුලේ ගං පතුලෙ කට්ටි වළවල් කපා බොන්නට ජලය සොයා කල පුරවන කාන්තාවන්ගේ දර්ශන එම කාලයට සුලභය. කිරි දරුවා වීර ගහක් යට පැදුරු කඩමාල්ලක සතපවා ගඩොල් කපන මවුවරුය. රෑට කන්නට කොරළියෙක් අසුවනතුරු වැවේ සිතිජයෙන් අනන්තය සොයන පියවරුන්ය. කනකර උගසට තබා හේන් කළාට වී ටික කුණු කොල්ලයට විකිණීමට සිදුව ඇත. ඊළඟ කන්න වැපිරීමට අවශ්‍ය මුදල් හොයන්නට උකස් තියන්නට දෙයක් ගෙදර හතර මායිමේ නැත.

අවුරුදු දෙක තුනක් තිස්සේ මහ මහා දාන කබල් වූ සපත්තු ජෝඩුව දමා හැට්ට කටු ගසා වසාගත් කමිසය හැඳ, පාට සේදුන නිල් කලිසම ඇඳ පාසල් යන තම දරුවා දෙස අම්මා කෙනෙක්ගේ ඇස්වල ඇති වේදනාව ඔබ දැක ඇත්ද? ගෙදර කන්න දෙයක් නැති තැන කැලෙන් හාරාගත් කටු අලයකින්, වැවෙන් උදුරාගත් නෙළුම් අලයකින්, දඬු වැටේ එතුණු කරවිල වැලෙන් කඩාගත් කරවිල ගෙඩියකින් බඩ රවට්ටන ජීවිතවල ආත්මීය වේදනාව ඔබ දැක ඇත්ද? අඩු වයසින් දීග ගොස් අවුරුදු 18 සම්පූර්ණ වෙද්දී දරුවන් දෙතුන් දෙනෙක්ගේ මවකගේ වේදනාව විඳ ඇද්ද?. කටවල් හත් අටකට කන්නට දෙන්නට අඳයට කළ හේනෙන් ලැබුණු සොච්චම් වී ටික සෑහෙන්නේ නැතිව අහස, පොළොව ගැටලන්නට කල්පනා කරන තාත්තා කෙනෙක්ගේ ජීවිත ෙ€දවාචකය විඳ ඇත්ද? වතුර නැතිව පුරන් වූ කුඹුරු දෙස වල් අලි විනාශකර දැමූ තල හේනක්, කුරක්කන් හේනක් දෙස, වඳුරන්, රිලවුන් විනාශ කළ අඹවත්තක්, කෙසෙල් වත්තත් දෙස බලා හූල්ලන සුසුමක බර කොතරම්දැයි ඔබ දන්නවාද? ඒ ජීවිත ගංජා වගාවට යොමුකරන ෙ€දනීය යථාර්ථය මෙයයි. නීතියට තහනම් වුවත් සිදාදියට සුවඳ දෙන්නට තණමල්විල මල් පිපෙන්නේ මේ ජීවිතවල සාරය මතය. මල් පිපෙන ගිණි කාෂ්ඨකයට ඉරි තලන්නේ මහ පොළොව පමණක් නොව ඒ ජීවිතය, සොළොස් ඇසින් බැලුම් හෙළන කදිර සුරිඳුන් නොදුටු ජීවන සත්‍යය එයයි. ගංජා වගාව නීති විරෝධීය. ඒ ගැන තර්කයක් නැත. ඒත් තමනුත් තමන්ගේ අඹු දරුවනුත් බඩගින්නේ සිටියදී මනුෂ්‍යයෙක්ගෙන් අපට සදාචාරයවත්, නීතියකට අවනතවීමක්වත් බලාපොරොත්තු වන්නට බැරිය. කුසගින්නේ පෙළෙන මනුෂ්‍යයෙකුට දහම් දෙසන්ට බුදුරජාණන් වහන්සේ ක්‍රියා නොකළේ බඩගින්නේ ඉන්න කෙනෙක්ට බණ දෙසා ඵලක් නැති නිසාය. ආණ්ඩුවක් වශයෙන් මුලින්ම කළ යුත්තේ ගංජා හේන් වැටලීමට අණදීම නොව මෙම ජනතාවගේ කටුක ජීවන යථාර්ථයට පිළිතුරු දීමටය. එහෙත් මෙම ෙ€දවාචකයට ලැබෙන ස්ථීර පිළිතුරක් නැත.

අප මේ කියන්නේ එදා වේල ගැටගසා ගන්නට ගංජා හේනේ ජීවිතය දිය කර හරින අසරණයින් ගැන මිස මහා පරිමාණ ජාවාරම්කාර දේශපාලකයන් ගැනවත්, පාතාල කෙරුමන් ගැනවත් නොවේ. ඔවුන් කරන්නේ ගෙදර මල් ගස් අතරේ ගංජා ගහක් දෙකක් වැවීම අක්කර දෙක තුනක ගංජා හේනක් වැවීම වැනි ලපයි සිපයි වැඩ නොවේ. ඔවුහු ගස් නොකපති. ඒත් වනාන්තර සංහාරය කරති. සතුන් නොමරයි. ඒත් සමූල ඝාතනය කරති. අන්දර ගහකට, අභය දානය ලැබුණත් වැරදිලාවත් නැදුම්, බුරුත, තේක්ක, කරුවල ගහකට තබා කොහොඹ ගහකටවත් අභයක් නැත. ගෝනෙකුට, මුවෙකුට, දළ ඇතෙකුට තබා ගැබ්බර මුව දෙනකුට, මී මින්නෙකුට, හාවෙක්ට, ඉබ්බෙක්ට, ඔවුන්ගෙන් ගැලවීමක් නැත. මේ දේශපාලුවෝ එක් කන්නෙකට අක්කර 20 ක වනාන්තරයක් ගිනි තබති. ඒ අනුව අවුරුදු හතරකට අඩු තරමින් අක්කර 200 ක් දැවී අළුවේ. ඇත්ත සංඛ්‍යාලේඛන මීට වඩා බොහෝ වැඩි විය හැකිය. වසර සිය දහස් ගණනක් ලක්මවට ජීවන හුස්ම දෙමින් වැඩුණු වනය දවාලීමට ඔවුන්ට ගතවෙන්නේ දින දෙක තුනකි. අප්‍රමාණවූ භූගත ජල උල්පත් සුරකි වනස්පති වනවෘක්ෂ කපා දැමීම ඔවුන්ට සරළය. පාරිසරික සමතුලිත බව, ජෛව පද්ධතියෙ, ආහාරදාම හා ආහාර ජාලවල බිඳ වැටීම අලි මිනිස් ගැටුම වැනි ෙ€දවාචක ඔවුන්ට අදාළ නැත. ඔවුන්ට අදාළ තමන්ගේත් තම හත්මුතු පරම්පරාවේත්, අනෙකුත් අවශේෂ පන්දම්කායින්ගේ හා ඇම්බැට්ටයින්ගේත් මඩිය තරකර ගැනීම පමණි. රටේ සිටින්නේ කොන්ද පණ ඇති පොලිස්පතියෙක් නම් කළ යුත්තේ මාධ්‍යට පේන්න පෙරකී ලපයි සිපයි වැටලීම නොව මේ රට කන භූත පෙරේතයින් වැටලීමය.

මධුෂානි කොඩිතුවක්කු

Repost from

http://www.divaina.com/2017/08/13/feature07.html

[QUOTE="kalanka90, post: 23105207, member: 526417"] [b]ගංජා කාලා මත් වෙච්ච ගෝන නාම්බෝ[/b] [SIZE="5"]මලේ කඳුළින් ජයපැන් බොන දේශපාලන බහිරවයෝ ගංජා කාලා මත් වෙච්ච ගෝන නාම්බෝ වතුර බිවු බිවු තැන්වල වැටිලා ඉන්නවා. මෝර්ටීන් ගහලා ඒ. සී. එක වැඩි කළාම පොලිස් බල්ලන්ගෙ නහය උඩින් ගංජා තිබ්බත් අහුවෙන්නෙ නෑ. නියං කාලෙට කට්ටියවළවල් කපනවා වතුර බොන්න වස ගහලා කේරල ගංජා කියලා ලංකාවෙ ගංජා විකුණනවා. ආයුර්වේදය ගංජා හඳුන්වා දෙන්නේ ෙත්රෙලෝක විජය පත්‍ර නැතිනම් දෙව් මිනිස් බඹ ලෙසයි. එහි අදහස තුන් ලෝකයම ජයග්‍රහණය කළ පත්‍ර යන්නයි. ගංජා, එලෙස හඳුන්වන්නේ එහි ඇති මාහැඟි ඖෂධීය ගුණය හේතුවෙනි. ආයුර්වේදීය ඖෂධීය ගුණය කෙසේ වෙතත් ගංජා මත් වෙන්නට භාවිතා කරන අයගේ මතය වන්නේ ගංජා යනු එක් වරක් භාවිතා කළොත් තුන් ලෝකයම එකවර දකින්නට හැකි බවයි. ගංජා හා බැඳි අපූරු කථා රාශියක් සමාජයේ ඇත. ඒ කථාවල ඇත්ත නැත්ත, ගංජා කථාවේ අල ගිය මුලගිය තැන් පමණක් නොව ගංජා වැවෙන පරිසරය වටා ගෙතුන ජන ජීවිතයේ සොබාවද ගවේෂණය කරන්නට අපට සිත් විය. ඒ ආයාසකර ප්රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස අපට චුට්ටේ සහ සුගත් මුණගැසුණේ ගංජාවලට පරසිදු තණමල්විල රණවරණාවේදීය. වසර ගණනාවක ගංජා වැවීමේ අත්දැකීමත් ඒ දුෂ්කර කටුක ජන ජීවිතයටත් බැඳී ජීවත්වූ ඔවුන් කිරිඳි ඔයෙන් කිලෝමීටර 15 පමණ ඈතින් පිහිටි ඔවුන්ගේ ගංජා හේනට අපව කැඳවාගෙන යැමට එකඟ වූහ. ඔබ ඉදිරියේ මේ දිගහැරෙන්නේ එම දුෂ්කර චාරිකාවේදී අප මුහුණ දුන් සිදුවීම් සමුදායටයි. චුට්ටෙත් සුගතෙත් අපේ පෙරගමන්කරුවෝ වූහ. පරිස්සමට අපේ පස්සෙන්ම එන්න තුවක්කු මානල ඇති. අපි මේ යන්නෙ අලිමංකඩක. අලි මංකඩක් කිව්වට මේකේ වල් ඌරොත් යනවා. ඒ උපන්දා ඉඳන් ගහේ කොලේ රස දන්නා සුගත්ගේ ඔවදනකි. "යමු යමු තව හැතැක්ම භාගයක් විතර ඇත්තෙ." පරක්කු වුණොත් හේන බලන්න බැරිවෙයි. වටින් ගොඩින් ඇහෙන හිනා කථා විහිළු කථා පමණක් නොව වන රජදහනේ සිරිය විඳිමින් අපි අපේ ගමනාන්තයට ළඟාවුණෙමු. තන මත්තට (එනම් පපුව ප්‍රදේශයට වැඩුණු) වැඩුණු ගංජා හේන හොඳින් සාත්තු ලැබූ හේනක් බවට තේරුම් ගන්නට ඒ දෙස දෙවරක් බලන්නට අනවශ්‍යය. අඬුව කැඩී ගිය පීරිසි කෝප්පයට කහට උගුරකුත් හකුරු කෑල්ලක් එක්ක අපට පිළිගැන්වූ සුගත් කථාව පටන් ගත්තේය. "ගංජා අවුරුද්දෙ ඕනම කාලෙක වවන්න පුළුවන්. ඒත් ඒකට මහන්සියයි, වියදමයි දෙකම වැඩියි. මහ කන්නෙට මෙහෙට හොඳට වහිනවා. බිනර කරුවල වැටිල කාක්කො ඉගිලෙන්න, මාරියාව වැස්ස වැටෙන්න කලින් නවදැලි හේනක් ගිනි තියනවා. හොඳට ගිනි වැදුනොත් හේන සරුයි. (මොනරාගල වැනි වියළි කලාපයට වැඩියෙන්ම වරුෂාව ලැබෙන්නේ ඊශාන දිග මෝසම් සුළං වලින් ලැබෙන සැප්තැම්බර් මාසයේදීය. සිංහල මාස ක්‍රමයට අනුව සැප්තැම්බර් යනු බිනර මසයි. සැප්තැම්බර් 15 වැනිදායින් ඇරැඹෙන වර්ෂාව හඳුන්වන්නේ මාරියාව වැස්ස ලෙසයි. බිනර කරුවලට කලින් කාක් පැටවු කූඩුවලින් ඉඟිල්ලෙන බවත්, උන් එසේ කරන්නේ බිනර කරුවලට අසුවී කළු වෙනවා යෑයි සිතා බවත් ගැමියන් අතර ඇති විශ්වාසයකි. ගංජා වැවෙන්නට කාබන් අවශ්‍යය. අඟුරුවල යහමින් කාබන් අඩංගුව ඇත. ඔවුන් හොඳින් නවදැලි හේනක් ගිනි තියන්නේ පසට කාබන් එක්කරන්නටය. මුලින්ම අපි ගංජා තවාන් දානවා.) දවස් 21 න් මල් පීදෙනවා. මල් ගසුයි, කඩොල් ගසුයි අයින් කරලා හොඳ ගස් හේනට දානවා. ඒ වෙනකොට හේන හදල තියෙන්න ඕන. සමහරු කාණු කපනවා. තවත් අය වළවල් කපනවා. කාණු කපන්නෙ උදලු තලේ පළලට. උදලු තලේ ගැඹුරට. මේ අයින් කරන පස් එක පැත්තකට විතරක් අයින් කරනවා. ඊළඟ කාණුව කපන්නෙ උදලු තල එකහමාරක් විතර දුරින්. ඊළඟට කරන්නෙ කාණු දෙක අතර ඉතුරු වෙච්ච පස්වලින් පළවෙනියට කපාපු කාණුව පුරවන එක. දෙවනියට කපපු කාණුවත් ඒ විදියට ඊළඟ පස් කණ්ඩියෙන් පුරවනවා. වළවල් කැපිල්ලත් එහෙමයි. මේ එක වළට පැළ අටක් විතර පැළකරනවා. වේයො එන හින්ද වළවල් යටට නිල් කැට පෝරදානවා. තවානෙන් තෝරපු ගස් අතරත් මල් ගස් (පිරිමි ගස්) තියෙනවා. ඒව ගලවල දානව. හේනට මාස තුන පිරෙනකොට මඩ පෝර දාන්න ඕන. සාමාන්‍යයෙන් දෙසැම්බර් ජනවාරි වෙනකොට ගංජා පැහිල. ඔය හොඳම ගංජවලට ගන්නෙ මවු කොළයයි කඳයි අතර හැදෙන පුංචි රිකිල්ල. ඒත් ගංජාවලට මෝරල නැති රිකිලි ඔක්කොම සාමාන්‍යයෙන් කඩනවා. ගංජා පැහෙන කාලෙට මාර සුවඳයි. එක හුස්මටම කතා කළ ඔහු මොහොතක් ගිමන් හරියි. කියන්නට තව පොඩ්ඩෙන් අමතක වෙනවා ගංජ කපනකොට අතේ ගෑවෙන බූව එකතු කරලා හෑස් (ඈස්) හදනවා. අපෙන් ගන්නෙ අඩුම රුපියල් 4000 කට 5000 කට. රෑ අඳුර ගංජා හේනත් වන රජදහනත් ආක්රමනය කර හමාරය. රැහැයියන්ගේ සංගීතයේවත්, ගල්වලේ විවාද පවත්වන බකතපස්ලාවත් නිහඬ වන්නට සිතන්නේ නැත. එන ගමනේදී කනින් කොනින් කනට වැටුණු තනි අලියා වැරදිලාවත් හේනට ආවොත් යෑයි මට සිතෙයි. කනාමැදිරියොත්, රන්තරුකැටත් එක්ව අහසත් පොළවත් අපූරුවට පාටකර ඇත. රෑට කන්නට බතල තම්බන්න සූදානම් කරන චුට්ටේ වෙත මම හැරුනෙමි. "මේ කැලේ ඇතුලෙ හේනක් කරනකොට සත්තු එන්නෙ නැද්ද හේනට." එනව එනව මොකදෑ නැත්තෙ. කාගෙන් බේරගත්තත් මේ ගෝන් නාම්බොන්ගෙනුයි. ගිරවල ඇත්තොන්ගෙනුයි හේන බේරගන්න අමාරුයි. උන් ඇවිත් මෙතන ගිනිවිඡ්ජුම්බරයක් කොරනවා. ගිරවල ඇත්තො (ගිරවු) ඇවිත් රෑන් පිටින් පාත් වෙන්නෙ ඇට කපාන යන්න. දඩමං හොයන්න වෙනම වෙහෙස (මහන්සි) ගන්ඩ කාරි නෑ. (අවශ්‍ය නෑ) ගංජ කාල මත්වෙච්ච ගෝන නම්බො වතුර බිවු බිවු තැන්වල වැටිල සිටිනවා. හේනට අරියාදු (කරදර) කරන්න එන්නෙ සත්තු විතරෙයි? ගඳපාන, ලෝකපාළු, අන්දර, තෝර ගිනි අන්දර වඳ කොරල දාන්ඩ වෙනම හමුදාවක් ගේන්ඩ වෙනවා. එක වංගියක් (සැරයක්) මයෙ හේනක් මත්තෙන් (උඩින්) තුන්පත් රෑනක් (අලි අම්ම, තාත්ත, පැටිය) ගොහින් තිබුණා නොවැ. ඔය වගේ අතුරු ආන්තරා, හොර හතුරො මේ හේන්වලට එනවා. ඉතිං කොහොමද වාඩියෙ ගතකරන ජීවිතේ. ඉන්නවට ඉන්නවා මිසක් මේකෙ ඇති සැපක් නෑ. හාල්, පරිප්පු, සීනි, තුනපහයි අනෙක් කළමනා ටිකයි ගෙදරින් ගේනවා. චුට්ටෙ අයියට හේන බලා ගන්න කියලා මම සමහරක් දවසට යනවා. පහළ වලට හරි ගඟට හරි ගිහින් දවස් ගාණකට හරියන්න කොරළියෙක් බට්ටෙක්, ලූලෙක්, අල්ලගෙන එනවා. එදාට ඉතින් කටට රහට කන්න පුළුවන්. ගෝන මස් කරවල (වියළු ගෝනමස්) ටිකක් වාඩියේ තියෙනව. කොරළි හොද්දකුයි, හීන් කොච්චි සම්බෝලෙකුයි කැකුළු බතකට එකතු වුනාම කන්න පුළුවනි බඩ පැලෙන්න. ඔය වාඩියට පහළින් දාපු කොච්චි ගස්, බතල වැල් ටිකත් හොඳට තියෙන්නෙ. මේ වැඩ කරන්න අපි ඇඳුම් ගොඩක් ගේන්නෑ. සමහර දවස්වලට එකම ඇඳුම දවස් දහය අඳින පාරවල් තියෙනවා. සමහර දාට නිර්වස්තරෙන් තමයි වැඩ. රෙදි හෝදල වේලෙන්න දාල. මෙහෙ ඉතින් මොකා කියල බලන්නද? යෑයි ඔහු හිනැහෙමින් පවසයි. කොහොමද මේ වවන ගංජා කොළඹට ගෙනියන්නෙ. දැන් අපි ගංජා කොළඹ ගෙනියන්නෙ නෑ. කොළඹින් ඇවිත් ගංජා අපෙන් ගෙනියනවා. සාමාන්‍යයෙන් කිලෝ දෙක තුනක් විතර එකපාර ගෙනියන්නෙ. වැඩිම වුණොත් 25, 30 කෑලි ගෙනයයි. ලොකු කෑල්ලක් අහුවුනොත් ඉතිං ඔක්කොම ඉවරයිනෙ. හිතන්න කිලෝ 5 හේ බෑග් එකකට දාල බස් එකේ ඩිකියට දැම්ම. ඔත්තුවක් නැත්නම් කවුරුත් සැක කරන්නෙ නෑ. යුද්දෙ ඉවර නිසා රටේ තැන තැන පොලිසියෙන්, හමුදාවෙන් චෙක් කරන්නෙ නෑ. ඔය ලොකු ලොකු ඇත්තො වැඩේ කරනකොට පොලිස් බල්ලන්ට ඉව නොහිටින්න වැඩකරනවා. මෝර්ටීන් ගහල ඒසී එක වැඩිකළාම පොලිස් බල්ලගෙ නහය උඩින් ගංජා තිබ්බත් අහුවෙන්නෑලු. කොකාකෝලයි, මිරිස්කුඩුයි එකතුකරපු ස්ප්‍රේ කරාම බල්ලො නන්නත්තාර වෙනවලු. මේ ගංජා හේනකට කවුරු හරි ආවොත් පණපිටින් ආපසු යන්න ලැබෙන්නෙ නෑ කියන්නෙ ඇත්තද? ගංජා හේනකට පිටින් කවුරුවත් එන්නේ නෑ. ඒකක් තියන තැන කාටවත් අඳුර ගන්න බෑ. මේ ඝන මූකලාන නොවැ. මේ හේන් වටේ බඳින තුවක්කු මානල තියෙන්නේ (සවිකරලා තියෙන්නෙ.) ඉතිං අලුගුත්තේරුවෙක් මිසක් වෙන මොකෙක්වත් මේ නොදන්න දීපංකරේ පස් පාගන්නෙ නෑ. මේ හේනකට එනව නම් එන්නෙ ළඟපාත තියෙන හේනක කෙනෙක් විතරයි. යාළුකමින් සහයෝගයෙන් ආවොත් ප්‍රශ්නයක් නෑ. ඒත් පැහෙන කාලෙට සමහරු එනව හොරෙන් කපන්න. එහෙම ආවොත් ඉතිං හේනටම පෝර වෙනව මිසක් ආපහු යනවා බොරු. හැම හේනකම කොටන තුවක්කු හරි පතරොම් තුවක්කු හරි තිබෙනවා. අයිතිකාරයෝ දේශපාලන උන්නැහැලනම් උන්ගාව තියෙන්නෙ පතරොම් තුවක්කු. ගංජා ගැන හේනේ කථාව එසේය. ඊටත් වඩා රසවත් හා භයානක කතාව ඇරඹෙන්නේ ඉන්පසුවය. ලංකාවේ දේශපාලන බලාධිකාරියටත්, පාතාලයටත් සල්ලි ගලා එන කළු ව්‍යාපාර අතර ප්‍රධාන තැනක් හිමිවන්නේ ගංජාවලටය. විශේෂයෙන් ගම්පහ හැරුණුකොට අනෙක් ප්‍රදේශවල පාතාල ලෝකයේ බල අරගලයේ ප්‍රධාන භූමිකාවක් ගංජා බෙදා හැරීම වටා ගෙතී ඇත. අද වනවිට කේරල ගංජා ස්වරූපයෙන් ලංකාවේ ගංජාද නිපදවයි. මුලින්ම කරන්නේ හොඳින් හැදුණු උණ ගසක් ගෙන එහි එක් කොණක පුරුක ඉවත්කර අනෙක් කොණ එසේ තිබෙන්නට හැර ඊට ගංජා පිරවීමයි. හොඳින් පිරවූ පසු කෘමිනාශක වර්ගයක් ඊට ස්ප්‍රේ කරයි. ඉන්පසු ඒවා කේරල ලෙස විකුණයි. මීට අමතර ගංජාවලට ලොවෙත් නැති ලොවි ගහෙත් නැති බොහෝ දේ මිශ්‍ර කරන්නේ ඒවායේ සැර වැඩි කරන්නටය. ඒ අතර මදුරු කොයිල්, මිනී එම්බාම් කරන්නට ගන්නා ෆොමලින්, විවිධ කෘමිනාශක, අජිනමොටෝ, වල් නාශක හා ජලය එකට මිශ්‍ර කරන දියරද මේ අතර වේ. ගංජා භාවිතා කළාට මිනිසෙක් මැරෙන්නේ නැත. ඒත් ඉක්මනින් හඳ බලන්නට දඟලන අය මේ වස යෙදූ ගංජා භාවිතා කර හඳට කලින් තරු බලති. ලංකාවේ ගංජා බහුලව වගා කරන තණමල්විල, මොනරාගල ප්‍රදේශවල ජනතාව ඒ සඳහා පෙළඹීමට හේතු ගණනාවක් ඇත. ඔවුන් විරැකියාවෙන්, දරිද්‍රතාවයෙන් නූගත්කමින් මිරිකෙන පිරිසකි. යලට, මහට නිසි කලට වැස්සක් නැත. නියං සමයට වගාවට තබා බීමට ජලය නැත. වැව් පතුලේ ගං පතුලෙ කට්ටි වළවල් කපා බොන්නට ජලය සොයා කල පුරවන කාන්තාවන්ගේ දර්ශන එම කාලයට සුලභය. කිරි දරුවා වීර ගහක් යට පැදුරු කඩමාල්ලක සතපවා ගඩොල් කපන මවුවරුය. රෑට කන්නට කොරළියෙක් අසුවනතුරු වැවේ සිතිජයෙන් අනන්තය සොයන පියවරුන්ය. කනකර උගසට තබා හේන් කළාට වී ටික කුණු කොල්ලයට විකිණීමට සිදුව ඇත. ඊළඟ කන්න වැපිරීමට අවශ්‍ය මුදල් හොයන්නට උකස් තියන්නට දෙයක් ගෙදර හතර මායිමේ නැත. අවුරුදු දෙක තුනක් තිස්සේ මහ මහා දාන කබල් වූ සපත්තු ජෝඩුව දමා හැට්ට කටු ගසා වසාගත් කමිසය හැඳ, පාට සේදුන නිල් කලිසම ඇඳ පාසල් යන තම දරුවා දෙස අම්මා කෙනෙක්ගේ ඇස්වල ඇති වේදනාව ඔබ දැක ඇත්ද? ගෙදර කන්න දෙයක් නැති තැන කැලෙන් හාරාගත් කටු අලයකින්, වැවෙන් උදුරාගත් නෙළුම් අලයකින්, දඬු වැටේ එතුණු කරවිල වැලෙන් කඩාගත් කරවිල ගෙඩියකින් බඩ රවට්ටන ජීවිතවල ආත්මීය වේදනාව ඔබ දැක ඇත්ද? අඩු වයසින් දීග ගොස් අවුරුදු 18 සම්පූර්ණ වෙද්දී දරුවන් දෙතුන් දෙනෙක්ගේ මවකගේ වේදනාව විඳ ඇද්ද?. කටවල් හත් අටකට කන්නට දෙන්නට අඳයට කළ හේනෙන් ලැබුණු සොච්චම් වී ටික සෑහෙන්නේ නැතිව අහස, පොළොව ගැටලන්නට කල්පනා කරන තාත්තා කෙනෙක්ගේ ජීවිත ෙ€දවාචකය විඳ ඇත්ද? වතුර නැතිව පුරන් වූ කුඹුරු දෙස වල් අලි විනාශකර දැමූ තල හේනක්, කුරක්කන් හේනක් දෙස, වඳුරන්, රිලවුන් විනාශ කළ අඹවත්තක්, කෙසෙල් වත්තත් දෙස බලා හූල්ලන සුසුමක බර කොතරම්දැයි ඔබ දන්නවාද? ඒ ජීවිත ගංජා වගාවට යොමුකරන ෙ€දනීය යථාර්ථය මෙයයි. නීතියට තහනම් වුවත් සිදාදියට සුවඳ දෙන්නට තණමල්විල මල් පිපෙන්නේ මේ ජීවිතවල සාරය මතය. මල් පිපෙන ගිණි කාෂ්ඨකයට ඉරි තලන්නේ මහ පොළොව පමණක් නොව ඒ ජීවිතය, සොළොස් ඇසින් බැලුම් හෙළන කදිර සුරිඳුන් නොදුටු ජීවන සත්‍යය එයයි. ගංජා වගාව නීති විරෝධීය. ඒ ගැන තර්කයක් නැත. ඒත් තමනුත් තමන්ගේ අඹු දරුවනුත් බඩගින්නේ සිටියදී මනුෂ්‍යයෙක්ගෙන් අපට සදාචාරයවත්, නීතියකට අවනතවීමක්වත් බලාපොරොත්තු වන්නට බැරිය. කුසගින්නේ පෙළෙන මනුෂ්‍යයෙකුට දහම් දෙසන්ට බුදුරජාණන් වහන්සේ ක්‍රියා නොකළේ බඩගින්නේ ඉන්න කෙනෙක්ට බණ දෙසා ඵලක් නැති නිසාය. ආණ්ඩුවක් වශයෙන් මුලින්ම කළ යුත්තේ ගංජා හේන් වැටලීමට අණදීම නොව මෙම ජනතාවගේ කටුක ජීවන යථාර්ථයට පිළිතුරු දීමටය. එහෙත් මෙම ෙ€දවාචකයට ලැබෙන ස්ථීර පිළිතුරක් නැත. අප මේ කියන්නේ එදා වේල ගැටගසා ගන්නට ගංජා හේනේ ජීවිතය දිය කර හරින අසරණයින් ගැන මිස මහා පරිමාණ ජාවාරම්කාර දේශපාලකයන් ගැනවත්, පාතාල කෙරුමන් ගැනවත් නොවේ. ඔවුන් කරන්නේ ගෙදර මල් ගස් අතරේ ගංජා ගහක් දෙකක් වැවීම අක්කර දෙක තුනක ගංජා හේනක් වැවීම වැනි ලපයි සිපයි වැඩ නොවේ. ඔවුහු ගස් නොකපති. ඒත් වනාන්තර සංහාරය කරති. සතුන් නොමරයි. ඒත් සමූල ඝාතනය කරති. අන්දර ගහකට, අභය දානය ලැබුණත් වැරදිලාවත් නැදුම්, බුරුත, තේක්ක, කරුවල ගහකට තබා කොහොඹ ගහකටවත් අභයක් නැත. ගෝනෙකුට, මුවෙකුට, දළ ඇතෙකුට තබා ගැබ්බර මුව දෙනකුට, මී මින්නෙකුට, හාවෙක්ට, ඉබ්බෙක්ට, ඔවුන්ගෙන් ගැලවීමක් නැත. මේ දේශපාලුවෝ එක් කන්නෙකට අක්කර 20 ක වනාන්තරයක් ගිනි තබති. ඒ අනුව අවුරුදු හතරකට අඩු තරමින් අක්කර 200 ක් දැවී අළුවේ. ඇත්ත සංඛ්‍යාලේඛන මීට වඩා බොහෝ වැඩි විය හැකිය. වසර සිය දහස් ගණනක් ලක්මවට ජීවන හුස්ම දෙමින් වැඩුණු වනය දවාලීමට ඔවුන්ට ගතවෙන්නේ දින දෙක තුනකි. අප්‍රමාණවූ භූගත ජල උල්පත් සුරකි වනස්පති වනවෘක්ෂ කපා දැමීම ඔවුන්ට සරළය. පාරිසරික සමතුලිත බව, ජෛව පද්ධතියෙ, ආහාරදාම හා ආහාර ජාලවල බිඳ වැටීම අලි මිනිස් ගැටුම වැනි ෙ€දවාචක ඔවුන්ට අදාළ නැත. ඔවුන්ට අදාළ තමන්ගේත් තම හත්මුතු පරම්පරාවේත්, අනෙකුත් අවශේෂ පන්දම්කායින්ගේ හා ඇම්බැට්ටයින්ගේත් මඩිය තරකර ගැනීම පමණි. රටේ සිටින්නේ කොන්ද පණ ඇති පොලිස්පතියෙක් නම් කළ යුත්තේ මාධ්‍යට පේන්න පෙරකී ලපයි සිපයි වැටලීම නොව මේ රට කන භූත පෙරේතයින් වැටලීමය. මධුෂානි කොඩිතුවක්කු[/SIZE] Repost from [url]http://www.divaina.com/2017/08/13/feature07.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom