Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගගාරින්හට පෙර අජඨාකාශයට ගිය මිනිස්සු??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගගාරින්හට පෙර අජඨාකාශයට ගිය මිනිස්සු??

ගගාරින්හට පෙර අජඨාකාශයට ගිය මිනිස්සු??

අපි හැමෝම දන්න දෙයක් තමයි අභ්‍යවකාශයට ගිය පලමුවැනි මිනිසා සෝවියට් අභ්‍යවකාශගාමී යූරී ගගාරින් කියන එක

අජඨාකාශයට ගිය පලමුවැන්නා ගගාරින් නොවේනම්?

මුලු ලෝකයම විවාදයකින් තොරව පිලිගන්න මේ තොරතුර වැරදි බවත්, ගගාරින්ට පෙර අභ්‍යවකාශ ගතවෙන්නට උත්සහකර ඒ වෙනුවෙන් දිවිපිදූ අභ්‍යවකාශගාමින් මෙන්ම අභ්‍යවකාශගාමී කාන්තාවන් රැසක්ම සිටින බවත් ඔවුන් ඉතිහාසයෙන් ඉතා අසාධාරන ලෙස මකා දමා ඇතිබවත් විස්වාස කරණ පිරිසක් ඉන්නවා. මොවුන් මෙසේ විස්වාස කරන්නේ විව්ධ සාක්ශි මත පදනම් වෙලා ඉඳගෙනයි. ඔවුන්ගේ තර්කය වෙන්නේ අමෙරිකාවත් එක්ක අවි තරඟයක හා අභ්‍යවකාශ තරඟයක පැටලී සිටි සමාජවාදී රුසියාව සිය අසාර්ථක අභ්‍යවකාශ ගමන් ලෝකයෙන් වසංකරන්නට මෙලෙස අභ්‍යවකාශ ගතවෙන්න ගිහින් දිවිපිදූ වීරෝධාර සෝවියට් පුරවැසියන් වුවමනාවෙන්ම ඉතිහාසයෙන් මකාදැමූ බවයි.

මෙලෙස ඉතා ලෙහෙසියෙන්ම මෙම විරුවන්ගේ මතකය මකාදමන්නට සෝවියට් පාලකයින්හට පුලුවන් වුනේ 1917 ඔක්තෝම්බර් විප්ලවයෙන් පස්සේ සෝවියට් දේශය මුලු ලෝකයෙන්ම වෙන්වුනු, සැඟවුනු, ඉතා රහසිගත ලෙස පාලනයවෙන රටක් බවට සෝවියට් පාලකයින් විසින් තම වාසිය සඳහාම පත්කරගෙන තිබුණු නිසා. යකඩ තිරයෙ (iron curtain) ලෙස හැඳින්වුනු මේ දැඩි පාලනය නිසා සෝවියට් රුසියාව තුල වෙන්නේ මොනවද කියන එක බාහිර ලෝකයාට දැනගන්නට ලැබුනේ නෑ. මේ සැඟවුනු සෝවියට් රහස් හෙලිදරව්වෙලා තියෙන්නේ සෝවියට් දේශයේ ඉඳලා බටහිරට පලා ආපු සෝවියට් දේශයේ උසස් නිළධාරීන්ගෙන්.

ලැබිලා තියෙන තොරතුරු ව්ලට අනුව මින්සුන් සහිත සෝවියට් අභ්‍යවකාශ මෙහෙයුම් ආර්ම්භ වෙලා තියෙන්නේ 1957 වගේ ඈත අතීතයේ ඉඳන්. (ගගාරින් ගුවන්ගත වුනේ 1961 අප්‍රේල් 12වැනිදී). මේ තොරතුරු වලට අනුව මිනිසුන් සහිත සෝවියට් අභ්‍යවකාශ ගමන් 18ක් පමණ අණතුරට ලක්වෙලා ගගනගාමීන් මිය ගිහින් තියෙනවා.

1] ඇලෙක්සී ලෙඩොව්ස්කි

ලෙඩොව්ස්කි ගුවන්ගත වී තිබෙන්නේ 1957 අගභාගයේ මිනිසෙකු රැගෙන යාම සඳහා අනුවර්තනය කරනලද ආර්-7ඒ (modified R-7A intercontinental ballistic missile )අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල ගුවන්ගත කරන රොකට්ටුවක් මගින්. අර්ධ කක්ශාකාර ගමනක් (sub-orbital flight) ලෙස සැලසුම්කර තිබුණු මෙය උඩුගුවනට යත්දී රොකට්ටුව විනාශවීමෙන් අවසන් වුනා. ලෙඩොව්ස්කිගේ පියාසැරිය පිලිබඳ විමසුමවලදී ලෙඩොව්ස්කි නම් අජඨාකාශගාමියෙකු නොසිටි බව නිළ සෝවියට්/රුසියානු ස්ථාවරයලෙස සෑමවිටම ප්රකාශවූවා.

ලෙඩොව්ස්කි වැනි උඩුගුවනට ගොස් මියගිය ගගනගාමීන් ගැන මතකය සදහටම වැලලීම සඳහා ඔවුන් සිය සහෝදර අභ්‍යවකාශගාමීන් හා එක්ව පෙනී සිටින සමූහ ඡායාරූපවලින් පවා ඔවුන්ව මකාදමා තිබෙනවා.

පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ මීට එක් උදාහරණයකි

"ඉහත ඡායාරූපයේ නෙල්යුබොෆ් නැමති අජඨාකාශගාමියා පෙනී සිටින අතර, දෙවැනි රූපය, සෝවියට් Pravda පුවත්පතේ එම ඡායාරූපයම පලවුනු ආකාරයයි. එහි නෙල්යුබොෆ් නැත. ඔහුට කුමක් වුනිදැයි කිසිවෙකුත් නොදනී..." නෙල්යුබොෆ් , ගගාරින් උඩුගුවන යැවුනු වොස්ටොක් 1 පියාසැරියේ දෙවැනි ආදේශක ගගනගාමියා (2nd back-up cosmonaut) ලෙසද සිටියා. පත්කර සිටියා. ඒ යම්හෙයකින් ගගාරින්හට අණතුරක් වුනහොත් මෙහෙයුමට සූදානමින්. ඒ 1961 අප්‍රියෙල් මස සිදුවුනු ගගාරින්ගේ පියැසැරිය දිනවලදී. මේ ඡායාරූපය ගෙන ඇත්තේ 1961 මැයි මාසයේදී. ගගාරින්ගේ ආදේශකයා ලෙස සිටීමට තරම් පලපුරුදු නියමුවෙකු වුනු මොහු හදිසියේම ඡායාරූපවලින් පවා ඉවත් කෙරුනේ ඇයි?

මේ ඡායාරූපයේ සෝවියට් අජඨාකාශ වැඩපිලිවෙලේ පියා ලෙස සැලකෙන සර්ගෙයි කොරොලෙෆ් පෙනී සිටිනවා (අසුන්ගෙන සිටින්නන් අතර මැදින් සිටින්නේ කොරොලෙෆ්ය). ගගාරින් උඩුගුවනට ගිය වොස්ටොක් රොකට්ටුව කොරොලෙෆ්ගේ නිර්මාණයක් වෙනවා.

2] සර්ගෙයි ශිබොරින්

සර්ගෙයි ශිබොරින් ( සෙරෙන්ටි ශිබොරින් ලෙසද මොහුව හඳුන්වනවා) ගුවන්ගත වුනේ 1958ටේ පෙබරවාරි: අර්ධකක්ශාකාර ගුවන්ගමනක් සඳහා රුසියාවේ කපුස්ටින් යාර් හමුදාමය රොකට් මධ්‍යස්ථානයෙන් (Kapustin Yar Rocket Testing Complex) ගුවන්ගතවුනු ශිබොරින් හටද අත්වුනේ ලෙඩොව්ස්කිහට අත්වුනු ඉරණමයි. මෙම මාරාණ්තික අනතුරුවලට හේතුව ලෙස සලකන්නේ මිනිසුන් සහිත ගමන් සඳහා අවශයය පමණට රොකට් තාක්ශනය වැඩිදියුණු කිරීමට කල්ගතවන නිසා බැලිස්ටික් මිසයිල උඩුගුවනට ගෙනයාමට නිපැදවූ හමුදාමය රොකට්ටු ආධාරයෙන් මිනිසුන් උඩු ගුවන්ට යැවීමට තැත්කිරීමයි. එකල සෝවියට්වරුන්හට අවශයය වුනේ මිනිස් ජීවිත වලින් කුමන මිලක් ගෙවාහෝ අමෙරිකාවට කලින් මිනිසෙකු උඩු ගුවනට යවාගෙන එහි ගෞරවය ලබාගැනීමයි.

3] අන්ද්රේ මිට්කොෆ්

මිට්කොෆ් ගුවන්ගතවුනේ 1959 දෙසැම්බර් මස දිනකදී අනුවර්තනය කරනලද ආර්-7ඒ අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල ගුවන්ගත කරන රොකට්ටුවක් මගින්. මිට්කොෆ්ටද ශිබොරින් හා ලෙඩොව්ස්කි හට අත්වුනු ඉරණම මයි. අත්වුනේ උඩුගුවනට යත්දී හෝ ආපසු එනගමනේදී අණතුරකට මුහුණපා මියගිය ඔහුගේ මතකයත් සදහටම මිහිදන් කිරීමට සෝවියට් අභ්‍යවකාශ ව්‍යාපෘතියේ පාලකයින් වගබලාගත්තේ සෝවියට් පරාජයන් සිය සතුරාවන අමෙරිකාවෙන් වසාගැනීමටයි.

4] මිර්යා ග්‍රොමෝවා

මේ කාන්තා ගගනගාමිණිය ගුවන්ගත වුනේ 1959දී . බව විස්වාස කෙරෙනවා. සෝවියට් ගුවන්හමුදාවේ කාන්තා ජෙට් ගුවන් නියමුවෙකු වුනු මීර්යා ග්‍රොමෝවා "බූර්යා" නැමති අභ්‍යවකාශ රොකට් ගුවන්යානයකින් ගුවන්ගතවෙමින් සිටියදී එය කඩාවැටී මියගිය බව වාර්තාවුනා

5] ගෙනඩි මිකහයිලොෆ්

ගෙනඩි මිකහයිලොෆ් ගුවන්ගතවුනේ 1961 පෙබරවාරි 2වැනිදා බව පැවසේ (එනම් ගගාරින්ගේ වොස්ටොක් 1 පියාසැරියට මාස හතරකට පමණ පෙරයි). තහවුරු නොවූ වාර්තාවලට අනුව සාර්ථක ලෙස පෘථිවි කක්ශයට ඇතුලුලුවී පෘථිවිය වටා කක්ශගත වුනු පලමුවැනියා විය හැකිවන්නේ ගෙනඩි මිකහයිලොෆ්ය. එහෙත් අවසනාවකට මෙන් තම අභ්‍යවකාශ යානයේම මිය යන්නේ හදිසි හෘදයාබාධයක් වැලදීමෙනි. පෘථිවිය වටා කක්ශගතවුනු රුසියානුවෙකු හෘදයාබාධයකින් මියයමින් සිටින බවට තොරතුරු තහවුරු වුනේ පොලව වටා යමින් සිටි ඔහුගේ යානයෙන් අභ්‍යවකාශ ගාමියාගේ හෘදස්පන්ධනය පිලිබඳ දත්ත පොලවේ පාලන මධ්ය්ස්ථානයට එවමින් සිටි නිසයි.(අභ්‍යවකාශගාමින්ගේ හෘද ස්පන්ධන දත්ත නිරන්තරව ලබාගනීම ඕනෑම අභ්‍යවකාශ ගමණකදී සිදුවන්නකි )

යානයෙන් ගුවන් විදුලි තරංග හරහා පොලවට විකාශය කෙරුණු මේ දත්ත පටිගත කරගත් ඉතාලියේ වෙසෙන ආධුනික අභ්‍යවකාශ පර්යේශකයින් පිරිසක් මේ පටිගත කල හෘද ස්පන්දන සටහන් ඉතාලි හෘද රෝග විශේශඥයෙකුට පෙන්වූ අතර ඔහු ඒ හෘදස්පන්ධන ක්‍රමයෙන් හෘදය අක්‍රියවීමෙන් මියයමින් සිටින පුද්ගලයෙකුගේ බවට තහවුරු කලා.

ව්ලැඩිමිර් ඉල්යුශින් යනු සෝවියට් දේශයේ ප්‍රමුඛතම ගුවන්යානා නිර්මාණ ඉංජිනේරුවෙකු වන සර්ගෙයි ඉල්යුශින්ගේ පුත්‍රයායි. සර්ගෙයි ඉල්යුශින් සෝවියට් ගුවන් හමුදාව දැවැන්ත බෝම්බ ප්‍රහාරක යානා නිර්මාණය කරන සුප්‍රකට පුද්ගලයෙකු වුනා. තරුණ අවධියේම සෝවියට් ගුවන් හමුදාවට බැඳුනු ව්ලැඩිමිර් ඉල්යුශින් දක්ශ ප්‍රහාරක ජෙට් නියමුවෙකු ලෙස සම්මාන ලබා තිබුණා.

අජඨාකාශ තරණයේ මුල් පියවර තබන අවධිය වුනු මේ සමයේදී අමෙරිකාව මෙන්ම සෝවියට් රුසියාවත් සිය අජඨාකාශගාමීන් ලෙස තෝරා ගත්තේ අති දක්ශ ප්‍රහාරක ජෙට් නියමුවන් පමණයි. නිළවශයෙන් පිළිගන්නා පරිදි මුලින්ම උඩුගුවනට ගිය යූරි ගගාරිනුත් සම්මාන ලැබූ දක්ශ ජෙට් නියමුවෙකු වුනා. ලැබී ඇති තොරතුරු අනුව දක්ශයෙකු වුනු ව්ලැඩිමීර් ඉල්යුශින් හටත් විශිෂ්ඨයන් හට පමණක් සීමා වුනු ගගනගාමී පුහුණු වැඩපිළිවෙලට ඇතුලු වීමට වරම් ලැබුණා.

අනුමාන කෙරෙන ආකාරයට සර්ගෙයි ඉල්යුශින්, ගගාරින්ගේ පියාසැරියට සති දෙකකට පෙර, එනම් 1961 අප්‍රියෙල් 7වැනිදා ආර්7ඒ රොකට්ටුවකින් සාර්ථකව ගුවන්ගතවී පෘථිවි කක්ශයට පිවිසුනා. ඉල්යුශින් රැගත් වොස්ටොක් යානය පොලව වටා එක් වටයක් ගොස් ස්වයංක්‍රීයව කක්ශයෙන් ඉවත්ව රුසියාවට ගොඩබැස්සවීමට සලසුම්කර තිබුනා. යානයේ වේගය බාල කර නැවත පෘථිවියට පැමිණීම සඳහා දැල්විය යුතු ප්‍රති-රොකට්ටු (retro rockets) යම් කාර්මික දෝශයක් නිසා නියමිත කාලයට ප්‍රථම දැල්වීම නිසා ඉල්යුශින්ගේ වොස්ටොක් යානය එවකට සෝවියට් දේශය විසින් සතුරු රාජ්‍යයක් ලෙස හඳුනාගෙන සිටි චීනය ගොඩබැස්සවුනා.ඉල්යුශින් හට අණතුරක් සිදු නොවුනත් සෝවියට් දේශය සමග ඇතිකරගෙන තිබුණු කෝන්තරය නිසා චීන රාජ්‍යය ඉල්යුශින්ව වසරකට වඩා සිරකරුවෙකු ලෙස රඳවාගෙන තිබෙනවා.

තම ප්‍රථම ගගනගාමියා කාර්මික දෝශයක් හේතුවෙන් සතුරු චීනයට ගොඩබැස එහි සිරකරුවෙකු බවට පත්වී ඇති බව ලොවට හෙලිකරනවා වෙනුවට සෝවියට් බලධාරීන් සිදුකලේ එම තොරතුර සඟවාගෙන ඊට දින 14කට පසු 1961 අප්‍රියෙල් මස 21වැනි දින ගගනගාමී සංචිතයේ සිටි තවත් දක්ශයෙකු වන ගගාරින්ව උඩුගුවනට යවා නිරුපද්‍රිතව ගෙන්වාගෙන ජයග්‍රහණය භුක්තිවිඳීමයි.

යම් හෙයකින් ගගාරින්ගේ පියාසැරියත් යම් අණතුරකට ලක්වුනානම් ලොව කිසිවෙකුත් යූරි ගගාරින් යනු කවරෙකුදැයි දැන නොගන්නට ඉඩ තිබෙනවා. චීන සිරභාරයෙන් නිදහස්ව ආපසු මව් රටට පැමිණි ඉල්යුශින් මියයන තුරුම නිහඬ දිවියක් ගතකල අතර කිසිදිනකත් මෙම කටකතා සත්‍ය බව හෙලිකිරීමට හෝ ප්‍රතික්ශෙප කිරීමට සූදානම් වුනේ නෑ.

SOURCE: http://vidya-gaweshana.blogspot.com/2016/06/blog-post_13.html

[QUOTE="Vidya Gaweshana, post: 20864070, member: 558004"] [b]ගගාරින්හට පෙර අජඨාකාශයට ගිය මිනිස්සු??[/b] [SIZE="7"]ගගාරින්හට පෙර අජඨාකාශයට ගිය මිනිස්සු??[/SIZE] [B][SIZE="5"][COLOR="Blue"]අපි හැමෝම දන්න දෙයක් තමයි අභ්‍යවකාශයට ගිය පලමුවැනි මිනිසා සෝවියට් අභ්‍යවකාශගාමී යූරී ගගාරින් කියන එක අජඨාකාශයට ගිය පලමුවැන්නා ගගාරින් නොවේනම්?[/COLOR][/SIZE][/B] [SIZE="5"]මුලු ලෝකයම විවාදයකින් තොරව පිලිගන්න මේ තොරතුර වැරදි බවත්, ගගාරින්ට පෙර අභ්‍යවකාශ ගතවෙන්නට උත්සහකර ඒ වෙනුවෙන් දිවිපිදූ අභ්‍යවකාශගාමින් මෙන්ම අභ්‍යවකාශගාමී කාන්තාවන් රැසක්ම සිටින බවත් ඔවුන් ඉතිහාසයෙන් ඉතා අසාධාරන ලෙස මකා දමා ඇතිබවත් විස්වාස කරණ පිරිසක් ඉන්නවා. මොවුන් මෙසේ විස්වාස කරන්නේ විව්ධ සාක්ශි මත පදනම් වෙලා ඉඳගෙනයි. ඔවුන්ගේ තර්කය වෙන්නේ අමෙරිකාවත් එක්ක අවි තරඟයක හා අභ්‍යවකාශ තරඟයක පැටලී සිටි සමාජවාදී රුසියාව සිය අසාර්ථක අභ්‍යවකාශ ගමන් ලෝකයෙන් වසංකරන්නට මෙලෙස අභ්‍යවකාශ ගතවෙන්න ගිහින් දිවිපිදූ වීරෝධාර සෝවියට් පුරවැසියන් වුවමනාවෙන්ම ඉතිහාසයෙන් මකාදැමූ බවයි. මෙලෙස ඉතා ලෙහෙසියෙන්ම මෙම විරුවන්ගේ මතකය මකාදමන්නට සෝවියට් පාලකයින්හට පුලුවන් වුනේ 1917 ඔක්තෝම්බර් විප්ලවයෙන් පස්සේ සෝවියට් දේශය මුලු ලෝකයෙන්ම වෙන්වුනු, සැඟවුනු, ඉතා රහසිගත ලෙස පාලනයවෙන රටක් බවට සෝවියට් පාලකයින් විසින් තම වාසිය සඳහාම පත්කරගෙන තිබුණු නිසා. යකඩ තිරයෙ (iron curtain) ලෙස හැඳින්වුනු මේ දැඩි පාලනය නිසා සෝවියට් රුසියාව තුල වෙන්නේ මොනවද කියන එක බාහිර ලෝකයාට දැනගන්නට ලැබුනේ නෑ. මේ සැඟවුනු සෝවියට් රහස් හෙලිදරව්වෙලා තියෙන්නේ සෝවියට් දේශයේ ඉඳලා බටහිරට පලා ආපු සෝවියට් දේශයේ උසස් නිළධාරීන්ගෙන්. ලැබිලා තියෙන තොරතුරු ව්ලට අනුව මින්සුන් සහිත සෝවියට් අභ්‍යවකාශ මෙහෙයුම් ආර්ම්භ වෙලා තියෙන්නේ 1957 වගේ ඈත අතීතයේ ඉඳන්. (ගගාරින් ගුවන්ගත වුනේ 1961 අප්‍රේල් 12වැනිදී). මේ තොරතුරු වලට අනුව මිනිසුන් සහිත සෝවියට් අභ්‍යවකාශ ගමන් 18ක් පමණ අණතුරට ලක්වෙලා ගගනගාමීන් මිය ගිහින් තියෙනවා. 1] ඇලෙක්සී ලෙඩොව්ස්කි ලෙඩොව්ස්කි ගුවන්ගත වී තිබෙන්නේ 1957 අගභාගයේ මිනිසෙකු රැගෙන යාම සඳහා අනුවර්තනය කරනලද ආර්-7ඒ (modified R-7A intercontinental ballistic missile )අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල ගුවන්ගත කරන රොකට්ටුවක් මගින්. අර්ධ කක්ශාකාර ගමනක් (sub-orbital flight) ලෙස සැලසුම්කර තිබුණු මෙය උඩුගුවනට යත්දී රොකට්ටුව විනාශවීමෙන් අවසන් වුනා. ලෙඩොව්ස්කිගේ පියාසැරිය පිලිබඳ විමසුමවලදී ලෙඩොව්ස්කි නම් අජඨාකාශගාමියෙකු නොසිටි බව නිළ සෝවියට්/රුසියානු ස්ථාවරයලෙස සෑමවිටම ප්රකාශවූවා. ලෙඩොව්ස්කි වැනි උඩුගුවනට ගොස් මියගිය ගගනගාමීන් ගැන මතකය සදහටම වැලලීම සඳහා ඔවුන් සිය සහෝදර අභ්‍යවකාශගාමීන් හා එක්ව පෙනී සිටින සමූහ ඡායාරූපවලින් පවා ඔවුන්ව මකාදමා තිබෙනවා. පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ මීට එක් උදාහරණයකි[/SIZE] [IMG]http://i49.tinypic.com/a3l79i.jpg[/IMG] [SIZE="5"]"ඉහත ඡායාරූපයේ නෙල්යුබොෆ් නැමති අජඨාකාශගාමියා පෙනී සිටින අතර, දෙවැනි රූපය, සෝවියට් Pravda පුවත්පතේ එම ඡායාරූපයම පලවුනු ආකාරයයි. එහි නෙල්යුබොෆ් නැත. ඔහුට කුමක් වුනිදැයි කිසිවෙකුත් නොදනී..." නෙල්යුබොෆ් , ගගාරින් උඩුගුවන යැවුනු වොස්ටොක් 1 පියාසැරියේ දෙවැනි ආදේශක ගගනගාමියා (2nd back-up cosmonaut) ලෙසද සිටියා. පත්කර සිටියා. ඒ යම්හෙයකින් ගගාරින්හට අණතුරක් වුනහොත් මෙහෙයුමට සූදානමින්. ඒ 1961 අප්‍රියෙල් මස සිදුවුනු ගගාරින්ගේ පියැසැරිය දිනවලදී. මේ ඡායාරූපය ගෙන ඇත්තේ 1961 මැයි මාසයේදී. ගගාරින්ගේ ආදේශකයා ලෙස සිටීමට තරම් පලපුරුදු නියමුවෙකු වුනු මොහු හදිසියේම ඡායාරූපවලින් පවා ඉවත් කෙරුනේ ඇයි? මේ ඡායාරූපයේ සෝවියට් අජඨාකාශ වැඩපිලිවෙලේ පියා ලෙස සැලකෙන සර්ගෙයි කොරොලෙෆ් පෙනී සිටිනවා (අසුන්ගෙන සිටින්නන් අතර මැදින් සිටින්නේ කොරොලෙෆ්ය). ගගාරින් උඩුගුවනට ගිය වොස්ටොක් රොකට්ටුව කොරොලෙෆ්ගේ නිර්මාණයක් වෙනවා. 2] සර්ගෙයි ශිබොරින් සර්ගෙයි ශිබොරින් ( සෙරෙන්ටි ශිබොරින් ලෙසද මොහුව හඳුන්වනවා) ගුවන්ගත වුනේ 1958ටේ පෙබරවාරි: අර්ධකක්ශාකාර ගුවන්ගමනක් සඳහා රුසියාවේ කපුස්ටින් යාර් හමුදාමය රොකට් මධ්‍යස්ථානයෙන් (Kapustin Yar Rocket Testing Complex) ගුවන්ගතවුනු ශිබොරින් හටද අත්වුනේ ලෙඩොව්ස්කිහට අත්වුනු ඉරණමයි. මෙම මාරාණ්තික අනතුරුවලට හේතුව ලෙස සලකන්නේ මිනිසුන් සහිත ගමන් සඳහා අවශයය පමණට රොකට් තාක්ශනය වැඩිදියුණු කිරීමට කල්ගතවන නිසා බැලිස්ටික් මිසයිල උඩුගුවනට ගෙනයාමට නිපැදවූ හමුදාමය රොකට්ටු ආධාරයෙන් මිනිසුන් උඩු ගුවන්ට යැවීමට තැත්කිරීමයි. එකල සෝවියට්වරුන්හට අවශයය වුනේ මිනිස් ජීවිත වලින් කුමන මිලක් ගෙවාහෝ අමෙරිකාවට කලින් මිනිසෙකු උඩු ගුවනට යවාගෙන එහි ගෞරවය ලබාගැනීමයි. 3] අන්ද්රේ මිට්කොෆ් මිට්කොෆ් ගුවන්ගතවුනේ 1959 දෙසැම්බර් මස දිනකදී අනුවර්තනය කරනලද ආර්-7ඒ අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල ගුවන්ගත කරන රොකට්ටුවක් මගින්. මිට්කොෆ්ටද ශිබොරින් හා ලෙඩොව්ස්කි හට අත්වුනු ඉරණම මයි. අත්වුනේ උඩුගුවනට යත්දී හෝ ආපසු එනගමනේදී අණතුරකට මුහුණපා මියගිය ඔහුගේ මතකයත් සදහටම මිහිදන් කිරීමට සෝවියට් අභ්‍යවකාශ ව්‍යාපෘතියේ පාලකයින් වගබලාගත්තේ සෝවියට් පරාජයන් සිය සතුරාවන අමෙරිකාවෙන් වසාගැනීමටයි. 4] මිර්යා ග්‍රොමෝවා මේ කාන්තා ගගනගාමිණිය ගුවන්ගත වුනේ 1959දී . බව විස්වාස කෙරෙනවා. සෝවියට් ගුවන්හමුදාවේ කාන්තා ජෙට් ගුවන් නියමුවෙකු වුනු මීර්යා ග්‍රොමෝවා "බූර්යා" නැමති අභ්‍යවකාශ රොකට් ගුවන්යානයකින් ගුවන්ගතවෙමින් සිටියදී එය කඩාවැටී මියගිය බව වාර්තාවුනා[/SIZE] [IMG]http://www.testpilot.ru/russia/lavochkin/la/350/images/burya.jpg[/IMG] [SIZE="5"]5] ගෙනඩි මිකහයිලොෆ් ගෙනඩි මිකහයිලොෆ් ගුවන්ගතවුනේ 1961 පෙබරවාරි 2වැනිදා බව පැවසේ (එනම් ගගාරින්ගේ වොස්ටොක් 1 පියාසැරියට මාස හතරකට පමණ පෙරයි). තහවුරු නොවූ වාර්තාවලට අනුව සාර්ථක ලෙස පෘථිවි කක්ශයට ඇතුලුලුවී පෘථිවිය වටා කක්ශගත වුනු පලමුවැනියා විය හැකිවන්නේ ගෙනඩි මිකහයිලොෆ්ය. එහෙත් අවසනාවකට මෙන් තම අභ්‍යවකාශ යානයේම මිය යන්නේ හදිසි හෘදයාබාධයක් වැලදීමෙනි. පෘථිවිය වටා කක්ශගතවුනු රුසියානුවෙකු හෘදයාබාධයකින් මියයමින් සිටින බවට තොරතුරු තහවුරු වුනේ පොලව වටා යමින් සිටි ඔහුගේ යානයෙන් අභ්‍යවකාශ ගාමියාගේ හෘදස්පන්ධනය පිලිබඳ දත්ත පොලවේ පාලන මධ්ය්ස්ථානයට එවමින් සිටි නිසයි.(අභ්‍යවකාශගාමින්ගේ හෘද ස්පන්ධන දත්ත නිරන්තරව ලබාගනීම ඕනෑම අභ්‍යවකාශ ගමණකදී සිදුවන්නකි ) යානයෙන් ගුවන් විදුලි තරංග හරහා පොලවට විකාශය කෙරුණු මේ දත්ත පටිගත කරගත් ඉතාලියේ වෙසෙන ආධුනික අභ්‍යවකාශ පර්යේශකයින් පිරිසක් මේ පටිගත කල හෘද ස්පන්දන සටහන් ඉතාලි හෘද රෝග විශේශඥයෙකුට පෙන්වූ අතර ඔහු ඒ හෘදස්පන්ධන ක්‍රමයෙන් හෘදය අක්‍රියවීමෙන් මියයමින් සිටින පුද්ගලයෙකුගේ බවට තහවුරු කලා.[/SIZE] [IMG]https://3.bp.blogspot.com/_XX79a1FrQSs/S5mvAm1tzII/AAAAAAAAAA8/mTpOcg3DpY4/s400/ilyushin.jpg[/IMG] [SIZE="5"]ව්ලැඩිමිර් ඉල්යුශින් යනු සෝවියට් දේශයේ ප්‍රමුඛතම ගුවන්යානා නිර්මාණ ඉංජිනේරුවෙකු වන සර්ගෙයි ඉල්යුශින්ගේ පුත්‍රයායි. සර්ගෙයි ඉල්යුශින් සෝවියට් ගුවන් හමුදාව දැවැන්ත බෝම්බ ප්‍රහාරක යානා නිර්මාණය කරන සුප්‍රකට පුද්ගලයෙකු වුනා. තරුණ අවධියේම සෝවියට් ගුවන් හමුදාවට බැඳුනු ව්ලැඩිමිර් ඉල්යුශින් දක්ශ ප්‍රහාරක ජෙට් නියමුවෙකු ලෙස සම්මාන ලබා තිබුණා. අජඨාකාශ තරණයේ මුල් පියවර තබන අවධිය වුනු මේ සමයේදී අමෙරිකාව මෙන්ම සෝවියට් රුසියාවත් සිය අජඨාකාශගාමීන් ලෙස තෝරා ගත්තේ අති දක්ශ ප්‍රහාරක ජෙට් නියමුවන් පමණයි. නිළවශයෙන් පිළිගන්නා පරිදි මුලින්ම උඩුගුවනට ගිය යූරි ගගාරිනුත් සම්මාන ලැබූ දක්ශ ජෙට් නියමුවෙකු වුනා. ලැබී ඇති තොරතුරු අනුව දක්ශයෙකු වුනු ව්ලැඩිමීර් ඉල්යුශින් හටත් විශිෂ්ඨයන් හට පමණක් සීමා වුනු ගගනගාමී පුහුණු වැඩපිළිවෙලට ඇතුලු වීමට වරම් ලැබුණා. අනුමාන කෙරෙන ආකාරයට සර්ගෙයි ඉල්යුශින්, ගගාරින්ගේ පියාසැරියට සති දෙකකට පෙර, එනම් 1961 අප්‍රියෙල් 7වැනිදා ආර්7ඒ රොකට්ටුවකින් සාර්ථකව ගුවන්ගතවී පෘථිවි කක්ශයට පිවිසුනා. ඉල්යුශින් රැගත් වොස්ටොක් යානය පොලව වටා එක් වටයක් ගොස් ස්වයංක්‍රීයව කක්ශයෙන් ඉවත්ව රුසියාවට ගොඩබැස්සවීමට සලසුම්කර තිබුනා. යානයේ වේගය බාල කර නැවත පෘථිවියට පැමිණීම සඳහා දැල්විය යුතු ප්‍රති-රොකට්ටු (retro rockets) යම් කාර්මික දෝශයක් නිසා නියමිත කාලයට ප්‍රථම දැල්වීම නිසා ඉල්යුශින්ගේ වොස්ටොක් යානය එවකට සෝවියට් දේශය විසින් සතුරු රාජ්‍යයක් ලෙස හඳුනාගෙන සිටි චීනය ගොඩබැස්සවුනා.ඉල්යුශින් හට අණතුරක් සිදු නොවුනත් සෝවියට් දේශය සමග ඇතිකරගෙන තිබුණු කෝන්තරය නිසා චීන රාජ්‍යය ඉල්යුශින්ව වසරකට වඩා සිරකරුවෙකු ලෙස රඳවාගෙන තිබෙනවා. තම ප්‍රථම ගගනගාමියා කාර්මික දෝශයක් හේතුවෙන් සතුරු චීනයට ගොඩබැස එහි සිරකරුවෙකු බවට පත්වී ඇති බව ලොවට හෙලිකරනවා වෙනුවට සෝවියට් බලධාරීන් සිදුකලේ එම තොරතුර සඟවාගෙන ඊට දින 14කට පසු 1961 අප්‍රියෙල් මස 21වැනි දින ගගනගාමී සංචිතයේ සිටි තවත් දක්ශයෙකු වන ගගාරින්ව උඩුගුවනට යවා නිරුපද්‍රිතව ගෙන්වාගෙන ජයග්‍රහණය භුක්තිවිඳීමයි. යම් හෙයකින් ගගාරින්ගේ පියාසැරියත් යම් අණතුරකට ලක්වුනානම් ලොව කිසිවෙකුත් යූරි ගගාරින් යනු කවරෙකුදැයි දැන නොගන්නට ඉඩ තිබෙනවා. චීන සිරභාරයෙන් නිදහස්ව ආපසු මව් රටට පැමිණි ඉල්යුශින් මියයන තුරුම නිහඬ දිවියක් ගතකල අතර කිසිදිනකත් මෙම කටකතා සත්‍ය බව හෙලිකිරීමට හෝ ප්‍රතික්ශෙප කිරීමට සූදානම් වුනේ නෑ. SOURCE: [url]http://vidya-gaweshana.blogspot.com/2016/06/blog-post_13.html[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom