Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගඟ_දිගේ_after_15years
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මව්බිමේ හදවත සොයා ගිය ගමන ගඟ දිගේ අවුරුදු 15කට පසු ජැක්සන් ඇන්තනි

අප්‍රේල් 23, 2020

තෝරාගත් ප්‍රදේශ කීපයකට අඳිරි නීතිය තවත් දිගු වුණා. ලංකාවේ මාධ්‍ය ආයතන සියල්ලම පාහේ පිහිටන්නේ කොළඹ ආශ්‍රිතව. ඒ නිසා ඇඳිරි නීතිය පවතින තාක් හඬකැවීම්, ඉතිරි කොටස් රූපගත කිරීම් වගේ කටයුතු අවසන් නොවූ වැඩසටහන් විකාශය තවදුරටත් ප්‍රමාද වේවි. ඒ තාක් අපට පුංචි කාලේ බලපු රූපවාහිනී වැඩසටහන් යළි නැරඹීමේ වාසනාවත් තියේවි. මේ අතරින් දැනුම, විනෝදය වගේම ත්‍රාසය මුසු වුණ සංචාරක වැඩසටහනක් තමයි ගඟ දිගේ. ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි විසින් ඉදිරිපත් කළ ගඟ දිගේ ආපසු යන විට අපට හිතුණා ඔහුගෙන් එහි සංකල්පය ආදිය මතු වූ සැටි ගැන විපරමක් කර බලන්න. ඒ 2005 වසරේ ස්වර්ණවාහිනියෙන් ගඟ දිගේ ගිය අයගේ මතක අවුස්සන්නත්, ඊට වසර පහළොවකට පස්සේ ගඟ දිගේ යන අලූත් අයගේ දැනගැනීම සඳහාත් කියන හේතු දෙකටම. ඉතින් අපි අහමු, ගඟ දිගේ ගිය හැටි...

අපි මුලින්ම කියමු මේ සංකල්පය ඇති වුණ ආකාරය?

මුල සිටම මම පෞද්ගලිකව බොහොම සංචාර ප්‍රිය සත්ත්වයෙක්. අපේ රටේ බහුතරයකට වගේම මටත් සංචාර ප්‍රිය මනසක් තිබෙනවා. අපි අධ්‍යාපන, විනෝද, වන්දනා වගේ විවිධ තේමා යටතේ සංචාර කරනවා. ඒ වගේම ලෝකයේ මාධ්‍ය විවිධ අතුඉතිලා වැඩෙනවා වගේම ටෙලි විෂන් මාධ්‍යය විවිධ පැතිකඩ සොයා යනවා. අපේ රටේ ටෙලි නාට්‍ය සහ ප්‍රවෘත්තිවලට වැඩි ඉඩක් සහ හොඳම වේලාවන් ලැබුණට ලෝකයේ තත්ත්වය වෙනස්. ප්‍රවෘත්තිවලට ප්‍රධාන තැනක් ලැබුණට ටෙලිනාට්‍යවලට ලෝකයේ ප්‍රයිම් ටයිම් ලැබෙන්නේ නැහැ. අපි විදේශගත වූ අවස්ථාවල පවා කම්මැලිකමට ටෙලිවිෂනය නරඹද්දි සංචාරක වැඩසටහන්වල විශේෂත්වයක් තිබෙනවා. ඒ සඳහා වෙන් වූ ඩිස්කවරි, නැෂනල් ජියොග්රැෆික්, ට්‍රැවල්ස් වගේ නාළිකාත් තිබෙනවා. මටත් වුවමනාවක් ඇති වුණා සංචාර වැඩසටහන්වලට හැරෙන්න ඕනෙ කියලා. කාලයක් මම ස්වර්ණවාහිනී නාළිකාවේ නිර්මාණ අධ්‍යක්ෂධුරය දරද්දි එවැනි විවිධ පැතිකඩ කීපයක් සොයාගත්තා. අපේ රටේ සංචාරක වැඩසටහන් තිබෙනවා. ඒවායේ එක වැඩසටහනකින් එක ගමනක් යනවා තව වැඩසටහනකින් යන්නේ තව ගමනක්. එවැනි ඒකල සංචාරවලට අමතරව මාලා වැඩසටහන් නැත්නම් කොටස් වශයෙන් යන සංචාර වැඩසටහන් ලංකාවේ තිබුණේ නැහැ. මම තේමාවක් ඔස්සේ ගමනක් යා යුතුයි කියලා ඔළුවට ආවා. එතකොට මට ඩිස්කවරි වැඩසටහනක් මතක් වුණා නයිල් ගඟ දිගේ ඇවිද යන සංචාරකයෙක් පිළිබඳව තිබුණු. ගඟක් කියන්නේ හද බිමක්නේ. අපේ රටේ හදබිම් ගංගාව මහවැලිය. එහි උල්පතේ සිට මෝයකට දක්වා ගමන් කළොත් විශාල තොරතුරු රැුසක් සොයාගන්න පුළුවන් බව සිතුණ නිසා මම ඒ ගැන තොරතුරු සොයන්න ගත්තා. ඊට පස්සේ 2005 තමයි කණ්ඩායමක් එක්ක අපි ගඟ දිගේ පටන් ගත්තේ...

අපි ඒ කණ්ඩායම ගැනත් කියමු?

මෙහි අධ්යක්ෂවරයා කෝසල මකුලොලූව. ඔහු ජාතික රූපවාහිනියේ සිට ස්වර්ණවාහිනියට සංක්‍රමණය වූවෙක්. වාර්තා වැඩසටහන් සඳහා අන්තර්ජාතික සම්මාන පවා දිනූවෙක්. වාර්තා සහ සංචාර වැඩසටහන් අතර වෙනසක් තිබෙනවා. සංචාරක වැඩසටහනක නාටකීය බවක්, මුලක් මැදක් අගක් තිබෙනවා. වාර්තා වැඩසටහන් සඳහා නිපුණත්වයක් දරන සෞන්දර්යප්රිය අධ්යක්ෂවරයකුට සංචාර වැඩසටහනකට මාරු වීම ලේසියි. ඔහුගේ වාර්තා දැනුම සංචාරක වැඩසටහනකට පෙරළන්නට මම ඔහුට ආරාධනා කළා. ඔහු එය මහත් සතුටින් බාර ගත්තා.

අපට ඒ කාලේ ඔය ඩ්‍රෝන කැමරා තිබුණේ නැහැ, ට්‍රැක්, කේ්රන් වගේ දේවල් යොදාගෙන මේ ගමන යන්නත් බැහැ. හැබැයි මගේ පර්යේෂණය සහ ප්රකාශනය ගඟ දිගේ ඇදීගෙන යද්දි බොහොම දුෂ්කර ගමනක්නේ මේක. ඉතින් මගේ පසුපසින් හස්තගත කැමරාව :්‍ය්බා ්යැකා* දරාගෙන යන්න එසේ මෙසේ ශිල්පියකුට බැහැ. ලලිත් මඩිහේ ගජමන් හොඳ ගැමියෙක්. හොඳ හයියක් සහ ගැමි ලකුණු තිබෙන කැමරා ශිල්පියා ලෙස ඔහු තමයි මගේ පර්යේෂණ වාර්තාව සහ කෝසලගේ රූපමය වාර්තාව යන දෙකම රූපගත කරගෙන මැදිරියට ගෙනාවේ.

අමතරව සිටියේ ඉතා සුළු පිරිසක්. මනෝජ් ලක්සිරි, නිල තනතුර වේශනිරූපණ ශිල්පී වුණත් මා ගැන බොහොම සෝදිසියෙන්, අනතුරුදායක තැන්වලට යද්දි මාව ආරක්ෂා කරගෙන දුවන්න පුළුවන් හයිය හක්තිය තිබෙන පුද්ගලයෙක්. මට කලින් ඒ තැන්වලට පැන බලන කෙනෙක්. අපි ආදරේට කීවේ මන්නා කියලා. ඒ වගේ තව හත් අට දෙනකුගෙන් යුතු පොඩි පිරිසක් තමයි වැඩසටහන් 56ක් පුරාම මාත් එක්ක ගඟ දිගේ ගියේ.

මහවැලියේ මුල් උල්පත සොයාගැනීමෙන්ම ඉතිරි ටික පටන්ගමු?

මෙතැනදි අපට ජනප්‍රවාදයන්ට නතු නොවී ඉන්න සිදුවුණා. මහවැලි කැලණි වළවේ කළු යන ගංගා - සමනොළ කන්ද මුදුනේ සිට පැන නැංගා කියලානේ ජනප්රවාදයේ තියෙන්නේ. මහගම සේකරයන් පවා මහවැලි ගීතය ලීවේ සිරිපද ලස සමනොළ සිරසේ කියලානේ. අපේ සම්මත ජනප්‍රවාදය එහෙම වුණත් භූගෝල විද්‍යාත්මක සොයාගැනීම් ඒ තොරතුර වෙනස් කළා. මහවැලි ගෙඟ් ප්‍රධාන අතු ගංගා දෙකක් තිබෙනවා. එකක් කොත්මලේ ඔය අනෙක හැටන් ගඟ. ඒදෙක මහවිල්ලාවෙදි එකතුවෙලා ඉන් එහාට මහවැලි ගඟ හදන්නේ. අපි මුලින් හිතාගෙන හිටියේ හැටන් ගෙඟ් මුල් දියත්ත තමයි මහවැලි ගෙඟ් උල්පත කියලා. ඒක පටන් ගන්නේ සිරිපාදෙන්. එය හැටන් හරහා බෝස්ලි වත්ත මැදින් හැටන් ගඟ හදනවා. ඒත් කොත්මලේ මුල්දියත්ත අග්‍රා ඔයෙන් පටන් ගන්නේ. ඒ හෝටන් තැන්නෙන්. භූ විද්‍යාත්මක කරුණු අනුව මේ දියතු දෙකෙන් දිගෙන් සහ උසින් වැඩිම කොත්මලා ඔය. ඒ අනුව මෝයකටේ සිට මැනගෙන ගියාම වැඩිම උසක් හා දිගක් ඇති තැනින් මුල් දියත්ත පිහිටන්න ඕනෙ. ඒ අනුව මුල් දියත්ත අග්‍රා ඔය. ඉතින් මුල් ජනප්රවාදයට ගරු කරමින් සහ හෝටන් තැන්න පිහිටන්නෙත් සමනොළ අඩවියේ නිසා අපි ඒ දියත්ත සොයමින් මහා හක්කලමක් ගැහුවා. අග්‍රා බොපත් ඇලි, තොටුපළ කන්ද සහ අග්‍රා බෝපත් කන්ද අතරින් වඩා උස සහ දිග තැන බලලා, අපි ඒ මුල් දියත්ත හොයාගෙන ආගර පතන ඇතුළේ තණ පඳුරු අස්සෙන්, විශාල මානා පඳුරු බඩගගා ගිහින් උසම තැනක තිබෙන අපූරු දිය උල්පතක් සොයා ගත්තා. හරිම සුන්දරයි. ඒ උල්පතෙන් දියදෝතක් අරන් බීලා තමයි මම ත්‍රිකුණාමලෙන් මුහුදට වැටෙන මහවැලි ගෙඟ් ගමන යන්න ආරම්භ කළේ.

ඒ ආරම්භයෙන් පස්සේ ඉතාම හොඳින් අදටත් මතක හිටින තැන් රැුසක් හමුවන්න ඇති?

මහවැලි ගඟ විවිධ දේශගුණික භූගෝල විද්‍යාත්මක කලාප හරහා ගලනවා. මුල් දියතු පිහිටන්නේ ඉතාම ශීත මීදුම් සහිත දුෂ්කර කැලෑ කඳු පන්ති අතරින්. ඒවා තරණය කිරීම හරි අසීරුයි. මට කඳු තරණයට විශේෂ කැමැත්තක් සහ හැකියාවක් තිබෙනවා. මොකද මම කුඩා කාලේ හැදුණේ බණ්ඩාරවෙල. එහේ හරියට කඳු නැග්ගා. මගේ නෑදෑයෝ ඉන්නවා මාතලේ. ඒ නිසා කඳු නැඟීමේ ආසාව සහ පුරුද්ද ගන්න කෙනකුට අමාරුයි. මගේ මේ දිග ශරීරය හොඳට නමලා කඳු නඟින්න පුළුවන්. ඉටිපන්දම් වගේ ශරීරවලට කඳු නඟින්න බැහැ. කන්දට අනුව සමබර ශරීර ඕනැ වෙනවා ඒකට. අරුණිට මතක ඇති මම කළා තව සංචාරයක් අවාරයේ සිරිපා කියලා. ඒ ගමනේ දුෂ්කරතාව හෝ සුන්දරත්වය ආයේ කිසිදාක කාටවත් ගන්න බෑ. මොකද මම ගියේ අවාරයේ කැලෑ පාරෙන්. ඒ කාලෙ රත්නපුරා පාරේ පඩි බැඳලා තිබුණේ නැහැ. දොළ පාරක් දිගේ වැහි කාලේ දියසෙවල ගොඩවල් දිගේ ලිස්සමින් ගියේ ඒ පාරේ. දැන් පඩිපෙළක් තිබෙනවා. මම ගිය ඒ ගමනට වගේම පාද යාත්‍රා, රෝම පුරාණය, සලං හන්තේ වගේ සංචාර සියල්ලටම ගියේ මගේ මේ පුහුණු කරගත් කණ්ඩායමමයි.

ඉතින් අපි මහවැලි ගඟ දිගේ එද්දිත් මහා අතවරවලට මුහුණ දුන්නා. කඳු අස්සේ හිර වුණා. ගල් අස්සේ හිරවුණා. ගොඩ එන්න වෙලා ගියා. විෂ ඝෝර සර්පයින් හමුවුණා. ඒ හැම අනතුරකදිමත් අහම්බෙන් නෙවෙයි අපේ සුපරීක්ෂාකාරී බව නිසාම බේරුණා. ඉන්පස්සේ දියඇලි හමුවෙනවා. ඒ අවස්ථාවලදි වයිට් වෝටර් රාෆ්ටින් කියලා ක්‍රීඩාවක යෙදෙන්නේ... ඒ ක්‍රීඩාවට පුරෝගාමීම ගුරුවරයා තමයි කිතුල්ගල චන්න පෙරේරා. ඔහුගේ කණ්ඩායම සමඟ අපි සැබෑම රාෆ්ටින් කළා. සමහර රාෆටින්වලදි අපට පුළුවන්කම තිබෙනවා වේගයෙන් ගලන ගඟට ඩිංගි බෝට්ටුව දාන්න කලින් ඒ මඟ කෙබඳුද කියලා නිරීක්ෂණය කරලා ගඟ හඳුනගෙන බහින්න. ඒත් සමහර තැන්වල එහෙම බැහැ. අද නම් ඩ්‍රෝන කැමරාවක් හරි යවලා බලන්න පුළුවන්. ඒ කාලේ එහෙම තිබුණෙත් නැහැනේ. එක තැනකදි අපට වෙන්න ගිය අනතුරක් හිතලා බලන්න.

තලවා කැලේ සිට සෙන්ට් ක්ලෙයාර් ඇල්ලට උඩින් අපි යනවා. බොහොම වේගයෙන් ගඟ ගලනවා. චන්න පෙරේරා අන්තර්ජාතික අත්දැකීම් සහිත කෙනෙක් නිසා එක තැනකදි ඔහුට දැනුණා යන වේගය අසාමාන්‍යයි කියලා. අපි නම් හරි සතුටෙන් ඉන්නේ බෝට්ටුව වේගවත්ව යද්දි. ඔහු අපට අණ කළා වහාම බෝට්ටුව අයින් කරගන්න කියලා. ඒත් අපි එහෙම කරන්න යද්දි අයින් කරන්න බැරිතරම් වේගවත් බවක් තිබුණා. අපට උදවු කරන ලාබාලම කොලූ ගැටයාට නම දාලා තිබුණේ චූටි කුකූ කියලා. ඔහු තමයි අර්ජුන් සමඟ අපේ උපුල් කියන නිෂ්පාදන කණ්ඩායමේ නායකයාට කැලෙන් කොළෙන් අපට කන්න බොන්න දේවල් සපයා දුන්නේ. අපට පේනවා චූටි කුකූ ඉස්සරහ කන්දක් උඩ ඉඳගෙන අතපය වනමින් මොකක්දෝ සංකේතයක් විශාලවශයෙන් දක්වනවා. දඟලනවා. උඩපනිනවා. ඒකත් දැක්කම අපි දඟගලා කරලා කොහොමහරි කරලා යන්තම් නවත්තගත්තේ නැත්නම් ඒ ආපු ගමනට අපි සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ලෙන් පහළට වැටෙනවා. මොකද අපි ඉඳලා තියෙන්නේ ඒ ඇල්ලේ උඩ. ඒ වගේ අනතුරු අපට සිදු වුණා.

දෛවය බොහොම කාරුණිකයි...?

ඔව්. ඒ බව තේරුණේ මගේ ජීවිතේ ඉවරයි කියලා හිතාගත්ත දවසේ. උලපනේ පාලම යට ඒක සිදු වුණේ. කොත්මලේ ඔයේ වතුර ඉතා වේගයෙන් අටබාගෙන් මෙහාට ගලන තැන ගල්ගොඩවල් උඩින් හෙණ හඬනඟමින් පැයට කිලෝමීටර 250ක පමණ වේගයෙන් යන තැනට අපි ඩිංගිය දැම්මා. අපට දැන් දැනෙනවා ගඟ රළුවෙලා වෙලා ඉදිරියටම බෝට්ටුව යනවා පාලනය කරගන්න බැහැ. අපි කොපමණ බේරී ගියත් අපේ ඇහැට නොපෙනුණු ගලක් මතට ඩිංගියේ පැත්තක් වැදිලා කැරකුණා. වෘත්තිය ඩිංගිකරුවන් කියා තිබුණා අනතුරකදී ඩවුන් යන්න කියලා. ඔවුන් ඩවුන් ගියා. අපි ඊට තත්පර කාලක් පමා වුණ නිසා මමත් මනෝජුත් එළියට වැටුණා. මනෝජ්ට කොහොමහරි ඩිංගියේ ලනුපොටක් අහුවෙලා ඒකත් එක්කම ඇදීගෙන ගියා. මාව අඩි පහළොවක් විතර ඈතට විසිවුණා. එතනින් එහාට තමයි අරුණි මගේ ජීවිතේ මට අමතක නොවන දෙයක් සිදුවුණේ. මට හොඳට පීනන්න පුළුවන්. ඒත් ජුලියන් බෝලිං ආවත් ඒ වතුරේ පීනන්න බැහැ. පීනීමේ හැකියාවෙන් කිසිම වැඩක් නැහැ. බොර පැහැති වතුර සුදු පෙන දමමින් ගල් අස්සෙන් ගලනවා. ආරක්ෂක ඇඳුම් තිබුණත් මට දැනෙනවා ගල් ගෙඩි වේගයෙන් පහුවෙනවා. ඒවා අස්සෙන් යන වේගයට ඒ ගලක හැපුණොත් මාව කුඩු වෙනවා නියතයි. ඒත් මම ඇස් ඇරගෙන ඉන්නේ. ටික වෙලාවකදි මට දැනෙනවා කතුරු ඔන්චිල්ලාවක පහළට වැටෙනවා වගේ මොකක්දෝ දෙයක් මට සිදු වුණා. වේගය අඩු වුණා. බුඩුබුඩුබුඩු ගාලා සියල්ල නිශ්ශබ්ද වුණා. නැවත පෙන ගොඩක් පෙනුණා. මම උඩ මතු වුණා. මගේ කන් අගුල් වැටුණා. ඔන්න මැරෙයි මෙන්න මැරෙයි කියලා දැනුණා. මොහොතකින් හිතුණා හරි දැන් මම මැරිලා වෙන්න ඇති. මරණයට පස්සේ ගන්ධබ්බ අවදිය මේ වගේ වෙන්න ඇති කියලා. ඊට පස්සේ මොනවගේද කියලා බලන්න හැරිලා බලද්දි මම දිය ඇල්ලකින් පහළට වැටිලා. හොඳ වෙලාවට ඒක අඩි හයක අටක විතර ඇල්ලක්. හැබැයි මගේ වික්‍රමයකින් නම් නෙවෙයි දෛවයේ හාස්කමකින් මම බේරිලා. මගේ බෝට්ටුවත් ඒ ළඟ පැත්තක වැටිලා තිබුණා දැක්කා. ජීවත් වන බව තේරුණාම මම ඉක්මනට පීනලා අර බෝට්ටුවේ එල්ලූණා. මට මතකයි ඇදුම රෝගියකුට වගේ හති හැදිලා තිබුණා.

ඒ අවස්ථාවේ අපේ වැඩසටහන කැමරා දෙකකින් රූගත වෙමින් තිබුණේ. දළ රූපරාමු ගෙනා වෙලාවේ මම දැක්කා අපේ කණ්ඩායමම ඒ දිය ඇල්ලෙන් වැටෙනවා. මම විසි වුණාට පස්සේ කට්ටිය මහා කලබලයකින් කෑ ගහනවා ‘ජැක්සන් අය්යා ගියා‘, ‘ජැක්සන් අය්යා ගියා‘ කියලා. ඒ අය මහා භීතියකට පත්වෙලා හිටියේ මොකද මම උඩ ඇවිත් තිබුණේ ඒ අය හිතපු තැනින් නෙවෙයි. ඔය වගේ අනතුරු රාශියක් සිදු වුණා. මම හිතනවා දෙවියෝ තමයි මාව බේරුවේ. මගේ අරමුණ හොඳයි. අපි යන්නේ මහවැලි ගෙඟ්. පටන් ගන්නේ සමන්දෙවියන්ගේ අඩවියෙන්. අපි යන්නේ දළදා හාමුදුරුවන් අසලින්. ගඟට හානියක් නොකරන්න බැහැපු සංචාරකයකුට ඒ දේවාශීර්වාදය තිබෙනවා.

පේරාදෙණිය වංගුව ගත්තට පස්සේ ගංගාරාමය අසල ගඟ ගලන්නේ විශාල ලෙස පෙන නඟමින්. ඒ හරියෙදි මමත් මනොජුත් ආධුනිකයන් දෙන්නා ඉතිරි වෙද්දි ප්‍රවීණ ඩිංගිකරුවන් තුන්දෙනා ගඟට වැටුණා. කොහොමත් අපි ඩිංගි බෝට්ටු දෙකක ගියා. කැමරා කණ්ඩායම එකක, අපි එකක. ඉතින් ඒ අවස්ථාවත් කැමරාවේ නොමැකෙන සටහනක් තබලා තිබෙනවා.

ඒ කඳුකරයෙන් පස්සේ ඔබ එන්නේ තැන්නට?

ඔව්. ගඟ දිගේ අනතුරුවලට අමතරව ගංගා නිම්නයේ සංස්කෘතිය සොයාගෙන ඓතිහාසික ස්ථාන, භූගෝල විද්‍යාත්මක විස්මයන්, කෘෂිකර්මය වැනි බොහෝ දේ හොයාගෙන යද්දි අපි ගියා බලන කපොල්ලට. අපි කවුරුත් දකින එහෙත් නොයන තැනක් ඒ බලන ¥ර්ගය. එක අඟලක් ලිස්සුවානම් සුමානයක් තිස්සේ පහළට වැටෙනවා. ඒත් එහි සිට බලද්දි අපට ඈත බතලේගල දක්වා හතර කෝරලය පේනවා. ඊට යටින් කඩුගන්නාව පේනවා. ඒ තැනට නැඟගන්න පාරවල් නැහැ. සාමාන්‍යයෙන් මිනිස්සු යන්නෙත් නැහැ. ඉතින් මම යද්දි විශාල කඩි ගුලකට මාව වැටිලා දැඩි කඩි ප්‍රහාරයක් එල්ල වුණා. කූඩැල්ලන් නම් මට ගාණක් නැති වුණත් මහා කූඩලූ බෝලවලට අපි අහුවුණා. ඩිස්කවරි වගේ වැඩසටහන්වල කළා නම් හෙලිකොප්ටර්, ලනු දාලා ඒවායේ යන්නේ. අපේ ක්‍රමේ ආදර්ශයක් නෙවෙයි. ඒත් අපට එහෙම සම්පත් නැහැ. අපි දුප්පත්.

එතනින් එහාට පොල්ගොල්ල, රන්දෙණිගල, වික්ටෝරියා, රන්ටැඹේ පහුකරගෙන තමයි ගෙඟ් වෘද්ධ අවදියට එන්නේ. මහියංගනයේ සිට අපි ගඟ දිගේ ගියා වස්ගමුව කැලෑව හරහා දෙපස තිබෙන ගිරාඳුරු කෝට්ටේ, දෙහි අත්තකණ්ඩිය වගේ තැන්වලට හෝ වම් ඉවුරේ වස්ගමුව කැලේ හෝ ගොඩබිම් මාර්ගවලින් නොගිහින් අපි වස්ගමුව හරහා පොළොන්නරුවේ ගල්ලෑල්ල කියන ප්‍රදේශයේ මනම්පිටිය පාලම දක්වා ගියේ ගඟදිගේමයි. ඒවායේ ගඟ අනතුරුදායක නැති වුණත් භයානක කම තිබුණා වනසතුන් නිසා. මම ජීවිතේ කිසිම දවසක හෝ ඩිස්කවරි වැඩසටහනකවත් දැක නැති කිඹුල් ගහනයක් දැක්කා වස්ගමුව හරහා ගඟ ගලද්දි. අපි එතැනට නම දැම්මේ ත්‍රීවීලර් පාක් කියලා. මොකද කිඹුල්ලූ පාක් වෙලා ඉන්නවා තැන්න දිගේ එකදිගට තුන්හාරසියයක්. මහ ? 2ට 3ට ඝන අන්ධකාරේ යන අපට වෙසක් දවසේ කොළඹ පේන රතුපාට නියොන් බල්බ් පෙළක් වගේ එයාලාගේ ඇස් දිලිසෙනවා අපි දැක්කේ. අපේ බෝට්ටුව එද්දි එයාලා ජකබකජකබකජකබක ගාලා වේගයෙන් වතුරට පනිනවා. ඒ අය අපට බය මිසක් අපට ප්‍රහාර එල්ල කරන්න ආවේ නැහැ. හැබැයි ගඟමැද්දේ දියකෙළිමින් ඉන්න අලිනම් ගඟ මැද්දෙන් එන රතු පාට බෝට්ටුව දකිද්දි කැලඹෙනවා. ඒ ගෙඟ් ඉන්න මාළු ලොකූවට හැදිලා. මොකද ධීවර කර්මාන්තයක් ඒ හරියේ නැහැ. ඉතින් වයසට ගිහින් ප්‍රෙෂර්, කොලස්ටරෝල්, ඩයබටීස් වගේ ලෙඩ හැදිලා වෙන්නැති ඒ අයත් ජීවිතෙන් සමුගන්නවා ඇත්තේ. අපට තිබුණේ පළල හබලක්. ඒක දියට දාපු ගමන් මේ මාළු හිතනවා ඇති ඒ අයගේ විලෝපිකයන් වන කිඹුලෙක්, වලසෙක් වගේ සතෙක් කියලා, වතුරෙන් සෑහෙන උඩකට පනිනවා. එකවරක් අපි බෝට්ටු දෙකේ යනවා සමාන්තරව, මම විස්තර කරනවා, ලලිත් අනෙක් බෝට්ටුවේ ඉඳන් රූපගත කරනවා. මම එක පාරටම දැක්කා වතුරෙන් මතුවුණා විශාල මාළුවෙක්. අඩි තුනක් විතර ඇති. ඒ මාළුවා පුළුවන් තරම් උඩට පැනලා ලලිත්ගේ පපුවේ දඩිං ගාලා වැදුණා. ලලිත් කැමරාවත් එක්ක වැටුණා. ලලිත් කොහොමහරි කැමරාව බේරගත්තා. මාළුවා ඒ වැදුණු පාර බම්ප් වෙලා ඩිංගි බෝට්ටුවට වැටිලා ඒකෙනුත් පැනලා ආයේ වතුරටම ගියා. මාව නිතර වැටෙන පෙරළෙන නිසාම අරගෙන ගිය පොඩි ප්‍රථමාධාර පෙට්ටියේ ඒ ඒ ගම්දනව්වලින් එද්දි ගැමියන් දුන් තෙල්බේත් ජාති තිබුණු නිසා ඒවා ලලිත්ගේ පපුවේ ගාන්න අපි වස්ගමුව කැලේට බැස්සා.

ඊළඟ දවසේ අපි ගියේ වස්ගමුව කැලේ මැද්දෙන් ඓතිහාසික මාලගමුව වැවේ වැව් සොරොව්ව සොයාගෙන. සංචාරකයකුට ඇවිදින්න බැරි තරම් වන බ්ලොක් 4 වගේ ඈත කැලෑවේ යද්දි අපට වගවලස්සු හමුවුණා. වලස් පවුල්වලට අපි මැදිවුණා. හැබැයි අපි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයෙන් වනජිවී නිලධාරීන්ගේ සහාය ඇතුව ගිය නිසා කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. දවසක් බෙරිවිල කියන හරියෙදි ? දෙකට විතර ගොඩබැහැලා අපි කැලේ මැද රාත්‍රිය ගත කරන්න පොඩි තැන්නක් සොයාගෙන ගියා. අපේ ගමන් සගයා වුණේ ඒ පෙදෙසේ තරුණ දඩයක්කරුවෙක්. අපේ පොඩි කූඩාරම තැන්නේ අටවගන්න යද්දි විශාල දුගඳක් එනවා. අපට කන්න දේකුත් නැහැ බෝට්ටුව පෙරළිලා දුරුමිරිස් ටික හැලිලා. ඉතින් අතට අහුවෙන දෙයක් ඔහේ තම්බගෙන කාලා, ලේන්සුවකින් මූණ, නහය වහගෙන මහන්සියට වැටුණා. හොඳටම නින්දගියා. උදේ පාන්දර නැඟිටලා බලද්දි නිදාගෙන හිටපු තැනට යාර දහයක් විස්සක් ඈතින් විශාල අලියෙක් මැරිලා කුණුවෙනවා. අලියාගේ හම ඇතුලේ ඉඳන් එළියට එනවා කිඹුල්ලූ. නරි ඇවිත් කුණ කනවා. කටුස්සෙක් මැරුණාමත් අපට කොච්චර දැනෙනවාද? එතකොට අලියෙක්..

හීන් සැරය එහෙම නම් මහසැරය කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. හැබැයි 2005 කියන්නේ ත්‍රස්තවාදය තදින් පැවතුණු යුගය?

ඇත්තෙන්ම කීවොත් සතුන්ගෙන් නෙවෙයි අපට කරදර සිදුවුණේ. ඔබ කීවා වගේ එල්ටීටීඊ වසංගතය නිසා පැවතුණු දැඩි යුද තත්ත්වය යටතේ තමයි අපි වස්ගමුවටත් ගියේ. අපට ගොඩ එන්න තියෙන්නේ මනම්පිටියේ පාලම ළඟින්. ඒ කිට්ටුවට යනකොට සංඥාවක් එනවා අපේ ඇමතුම් පද්ධතියට ‘එන්න එපා මනම්පිටියට කොටි බැහැලා‘ කියලා. ඒත් අපට ආපහු හැරෙන්න බැහැ. ඒ මහ ? යන්න තැනක් නැහැ. අපට කරගන්න කිසිම දෙයක් නැහැ. ගඟ මැද තියෙන්නේ පඳුරුද අලිද හොයන්නත් බැහැ. සමහර තැනක විශාල අලියෙක් මැරිලා ගෙඟ් දියවෙනවා දකින්න ලැබෙනවා. ගඟ ගොඩක් තැන්වල හිඳිලා අපි ඩිංගියත් උස්සගෙන පයින් යන්නත් වුණා කීප සැරයක්ම. ඒ අතර වැලිදල්ල අහුවෙනවා. වැලිදල්ල කියන්නේ උඩින් වැලි තිබුණාට ඇතුළට කිඳාබහිනවා, ගුහාවක් වගේ. ඒවායිනුත් බේරිලා ආවට, ගෙඟ් දකුණු ඉවුර කරුණා අම්මාන්ගේ කණ්ඩායමට අයිතියි. වම් ඉවුරේ ප්රභාකරන්ගේ කට්ටිය. අඳුනන්නෙ නැති කණ්ඩායමක් ආවාම දෙගොල්ලොම හිතන්නේ තමන්ගේ විරුද්ධ පාර්ශ්විකයන් වෙන්නැති කියලා. වෙඩි තියන්න පුළුවන්. ඒ කාලේ මහත්තයා තමයි මාධ්‍ය සමඟ බොහෝ සම්බන්ධතා තිබුණේ. හමුදාවෙන් අවසර ගන්න හරිම අමාරුයි ඒ පැත්තට යන්න අනතුරුදායක නිසා. පස්සේ අපි මහත්තයා සම්බන්ධ කරගන්න මාධ්‍යමය මෙහෙයුමක් යොදලාත් බැලූවා. කොහොම හරි අපිත් අතෑරියේම නැහැ.

ඔව් ඔබ මහවැලි ගඟ මත්තේ වසර පහක් හිටියා?

හරියට හරි. 2009 කොටි ත්‍රස්තවාදය පරාජය කළාට පස්සේ මනම්පිටියේ පාලම ළඟ ඉඳලා ඉතිරි කොටස මම ආරම්භ කළා 2011 වසරේ. මගේ මහා සංචාරයට ඒ කොටස එකතු කළා. මනම්පිටියෙන් සෝමාවතිය දක්වාත්, එතැනින් කොහොමහරි උප්පාරු, ගංගෙයි, ගිංගෙයි හරහා ත්‍රිකුණාමලයේ මෝයකට දක්වාම ගියා. ඒ නිසා උල්පතේ සිට මෝයකට දක්වා ගඟක් දිගේ ඇවිද ගිය සංචාරකයා කියන විරුදාවට හිමිකම් කියන්න පුළුවන්.

ඒ අවස්ථා දෙකේදීම මේ කුඩා භූමිප්‍රමාණය තුළ විසිරුණු විශාල උප සංස්කෘතීන් රැුසක් දකින්නත් ඇති?

අනිවාර්යයෙන්ම. සැතපුම් 203ක් දිග ගඟ දිගේ සහ ඒ දෙපස මහවැලි නිම්නය දිගේ විශාල සැතපුම් ප්‍රමාණයක් ගියා. විශාල වශයෙන් වූ මානව සංස්කෘතීන් රැුසක් දුටුවා. උදාහරණයකට කඳුකර සංස්කෘතිය. ඒ අයගේ ජීවනෝපාය වෙනම විදිහක්. එළවළු සංස්කෘතිය. පහත රට ගොවීන් සහ උඩරට ගොවීන්ගේ වගාක්රමවල වෙනස. ඔවුන්ගේ ඇදහිලි විශ්වාස සහ ජනශ්රැතින්වල විශාල වෙනසක් තිබෙනවා. එෙඬ්ර සංස්කෘතියක් අපට තවමත් තිබෙනවා. කඳුකරයේ ඒ සංස්කෘතියයි, මහවැලි ගඟ දිගේ කාලිංග අමුණ හරියට එද්දි හමුවන යක්කුරේ වැනි වියළි කලාපීය සාම්ප්‍රදායික ගම්මාන හමුවනවා. යක්කුරේ කියන්නේ ඔවුන් යක්ඛ ගෝත්රිකයන්ගෙන් පැවැත එන වහංව සිටි 1930 ගණන්වල ජනපදකරණයටත් කලින් ඞී.එස්. සේනානායක මහත්තයා අශ්වයකුගේ පිටෙන් ගිහින් හොයාගත්තා කියලා කියන ගම්මානයක්. මේ වනවිට නම් පේ‍්‍රමදාස සංකල්පයට අනුව යක්කුරේ උදාගම් පවා බිහිවෙලා තිබෙනවා. තවමත් ඔවූන්ගේ සාම්ප්‍රදායික ගොපලූ කර්මාන්තය කෙරෙනවා. යක්කුරේ වැසියන් සමඟ මම කැලේට රීට්ටුවාම ඒ කැලේ ඇතුළේ තිබෙන ගව ගාල! ඒ ගවයින්ගේ කුරවලට පෑගෙන බිම ශතවර්ෂාධික කාලයක් තිස්සේ ඒ අයුරින් පෑගෙනවා විජයාවතරණයටත් පෙර සිට ඔවුන් ගොපල්ලන් කියලයි මම හිතන්නේ. ඔවුන්ගේ පැරැුණි වතාවත්, යාතු කර්ම, ගොපලූ දෙවියන්ට කරන වන්දනා තොවිල් පවිල් ජනකවි කඳුකරයට වඩා හාත්පසින් වෙනස්. හරියට රටවල් දෙකක වගේ. කඳුකර සංස්කෘතියට වඩා මහනුවර වගේ මධ්‍ය ප්‍රදේශයට එද්දි ඒ සංස්කෘතිය වෙනස්. අපට විවිධ දෙවිවරු හමුවෙනවා. සමන්දෙවියන්, දළදා හාමුදුරුවෝ, කීර්තිබණ්ඩාර දෙවියෝ, ගලේ බණ්ඩාර දෙවියෝ, පුල්ලෙයාර් දෙවියෝ ඒ ඒ දෙවිවරුන් වෙනුවෙන් කරන යාතු කර්ම එකිනෙකට හරිම වෙනස්. නුවර කලාවියේ පවා සංස්කෘතීන් එකිනෙකට වෙනස්. කංකාරිනැටුම හා උඩැක්කි නැටුම අතර විශාල වෙනස්කම් තිබෙනවා. නැගෙනහිර පළාතේ මුස්ලිම් ගොවියන් ගොයම් කපද්දි කියන නෙළුම් කවි, බැත පාගද්දි කියන කමත් කවි තිබෙනවා. හැබැයි අපේ වගේ ඉරු දෙවියන්ට සඳ දෙවියන්ට නෙවෙයි. ඒ අයගේ ආගම අනුව හැදුණු ජනශ්රැති. එතකොට පානම් පත්තුවේ ඉන්න බෞද්ධ ධීවරයෝ උදේ හවා දැල් මිටියත් අරගෙන පන්සිල් අරගෙනයි ඔරුවට නැඟලා මසුන් මරන්න යන්නේ. ඔවුන් බුදුදහමයි රැුකියාවයි කොහොමහරි සම්බන්ධ කරගෙන. කුමන වගේ ගම්මාන, අරියධම්ම හාමුදුරුවො හිටවපු බෝගහක් එක්කම කැලේට ගිහින්. මට බදන්න බැරි තරම් විශාලෙට වැඩුණු ගිනිසීරියා ගස් පෙළක් තිබෙනවා. ඒ ගම්මානය තිබුණු කාලේ වැටක් ගස් බවට පත්වෙලා.

[QUOTE="hancok, post: 25390921, member: 119642"] [SIZE="4"] මව්බිමේ හදවත සොයා ගිය ගමන ගඟ දිගේ අවුරුදු 15කට පසු ජැක්සන් ඇන්තනි අප්‍රේල් 23, 2020 [CENTER] [IMG]http://www.sarasaviya.lk/sites/default/files/29_12.jpg[/IMG][/CENTER] තෝරාගත් ප්‍රදේශ කීපයකට අඳිරි නීතිය තවත් දිගු වුණා. ලංකාවේ මාධ්‍ය ආයතන සියල්ලම පාහේ පිහිටන්නේ කොළඹ ආශ්‍රිතව. ඒ නිසා ඇඳිරි නීතිය පවතින තාක් හඬකැවීම්, ඉතිරි කොටස් රූපගත කිරීම් වගේ කටයුතු අවසන් නොවූ වැඩසටහන් විකාශය තවදුරටත් ප්‍රමාද වේවි. ඒ තාක් අපට පුංචි කාලේ බලපු රූපවාහිනී වැඩසටහන් යළි නැරඹීමේ වාසනාවත් තියේවි. මේ අතරින් දැනුම, විනෝදය වගේම ත්‍රාසය මුසු වුණ සංචාරක වැඩසටහනක් තමයි ගඟ දිගේ. ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි විසින් ඉදිරිපත් කළ ගඟ දිගේ ආපසු යන විට අපට හිතුණා ඔහුගෙන් එහි සංකල්පය ආදිය මතු වූ සැටි ගැන විපරමක් කර බලන්න. ඒ 2005 වසරේ ස්වර්ණවාහිනියෙන් ගඟ දිගේ ගිය අයගේ මතක අවුස්සන්නත්, ඊට වසර පහළොවකට පස්සේ ගඟ දිගේ යන අලූත් අයගේ දැනගැනීම සඳහාත් කියන හේතු දෙකටම. ඉතින් අපි අහමු, ගඟ දිගේ ගිය හැටි... අපි මුලින්ම කියමු මේ සංකල්පය ඇති වුණ ආකාරය? මුල සිටම මම පෞද්ගලිකව බොහොම සංචාර ප්‍රිය සත්ත්වයෙක්. අපේ රටේ බහුතරයකට වගේම මටත් සංචාර ප්‍රිය මනසක් තිබෙනවා. අපි අධ්‍යාපන, විනෝද, වන්දනා වගේ විවිධ තේමා යටතේ සංචාර කරනවා. ඒ වගේම ලෝකයේ මාධ්‍ය විවිධ අතුඉතිලා වැඩෙනවා වගේම ටෙලි විෂන් මාධ්‍යය විවිධ පැතිකඩ සොයා යනවා. අපේ රටේ ටෙලි නාට්‍ය සහ ප්‍රවෘත්තිවලට වැඩි ඉඩක් සහ හොඳම වේලාවන් ලැබුණට ලෝකයේ තත්ත්වය වෙනස්. ප්‍රවෘත්තිවලට ප්‍රධාන තැනක් ලැබුණට ටෙලිනාට්‍යවලට ලෝකයේ ප්‍රයිම් ටයිම් ලැබෙන්නේ නැහැ. අපි විදේශගත වූ අවස්ථාවල පවා කම්මැලිකමට ටෙලිවිෂනය නරඹද්දි සංචාරක වැඩසටහන්වල විශේෂත්වයක් තිබෙනවා. ඒ සඳහා වෙන් වූ ඩිස්කවරි, නැෂනල් ජියොග්රැෆික්, ට්‍රැවල්ස් වගේ නාළිකාත් තිබෙනවා. මටත් වුවමනාවක් ඇති වුණා සංචාර වැඩසටහන්වලට හැරෙන්න ඕනෙ කියලා. කාලයක් මම ස්වර්ණවාහිනී නාළිකාවේ නිර්මාණ අධ්‍යක්ෂධුරය දරද්දි එවැනි විවිධ පැතිකඩ කීපයක් සොයාගත්තා. අපේ රටේ සංචාරක වැඩසටහන් තිබෙනවා. ඒවායේ එක වැඩසටහනකින් එක ගමනක් යනවා තව වැඩසටහනකින් යන්නේ තව ගමනක්. එවැනි ඒකල සංචාරවලට අමතරව මාලා වැඩසටහන් නැත්නම් කොටස් වශයෙන් යන සංචාර වැඩසටහන් ලංකාවේ තිබුණේ නැහැ. මම තේමාවක් ඔස්සේ ගමනක් යා යුතුයි කියලා ඔළුවට ආවා. එතකොට මට ඩිස්කවරි වැඩසටහනක් මතක් වුණා නයිල් ගඟ දිගේ ඇවිද යන සංචාරකයෙක් පිළිබඳව තිබුණු. ගඟක් කියන්නේ හද බිමක්නේ. අපේ රටේ හදබිම් ගංගාව මහවැලිය. එහි උල්පතේ සිට මෝයකට දක්වා ගමන් කළොත් විශාල තොරතුරු රැුසක් සොයාගන්න පුළුවන් බව සිතුණ නිසා මම ඒ ගැන තොරතුරු සොයන්න ගත්තා. ඊට පස්සේ 2005 තමයි කණ්ඩායමක් එක්ක අපි ගඟ දිගේ පටන් ගත්තේ... අපි ඒ කණ්ඩායම ගැනත් කියමු? මෙහි අධ්යක්ෂවරයා කෝසල මකුලොලූව. ඔහු ජාතික රූපවාහිනියේ සිට ස්වර්ණවාහිනියට සංක්‍රමණය වූවෙක්. වාර්තා වැඩසටහන් සඳහා අන්තර්ජාතික සම්මාන පවා දිනූවෙක්. වාර්තා සහ සංචාර වැඩසටහන් අතර වෙනසක් තිබෙනවා. සංචාරක වැඩසටහනක නාටකීය බවක්, මුලක් මැදක් අගක් තිබෙනවා. වාර්තා වැඩසටහන් සඳහා නිපුණත්වයක් දරන සෞන්දර්යප්රිය අධ්යක්ෂවරයකුට සංචාර වැඩසටහනකට මාරු වීම ලේසියි. ඔහුගේ වාර්තා දැනුම සංචාරක වැඩසටහනකට පෙරළන්නට මම ඔහුට ආරාධනා කළා. ඔහු එය මහත් සතුටින් බාර ගත්තා. අපට ඒ කාලේ ඔය ඩ්‍රෝන කැමරා තිබුණේ නැහැ, ට්‍රැක්, කේ්රන් වගේ දේවල් යොදාගෙන මේ ගමන යන්නත් බැහැ. හැබැයි මගේ පර්යේෂණය සහ ප්රකාශනය ගඟ දිගේ ඇදීගෙන යද්දි බොහොම දුෂ්කර ගමනක්නේ මේක. ඉතින් මගේ පසුපසින් හස්තගත කැමරාව :්‍ය්බා ්යැකා* දරාගෙන යන්න එසේ මෙසේ ශිල්පියකුට බැහැ. ලලිත් මඩිහේ ගජමන් හොඳ ගැමියෙක්. හොඳ හයියක් සහ ගැමි ලකුණු තිබෙන කැමරා ශිල්පියා ලෙස ඔහු තමයි මගේ පර්යේෂණ වාර්තාව සහ කෝසලගේ රූපමය වාර්තාව යන දෙකම රූපගත කරගෙන මැදිරියට ගෙනාවේ. අමතරව සිටියේ ඉතා සුළු පිරිසක්. මනෝජ් ලක්සිරි, නිල තනතුර වේශනිරූපණ ශිල්පී වුණත් මා ගැන බොහොම සෝදිසියෙන්, අනතුරුදායක තැන්වලට යද්දි මාව ආරක්ෂා කරගෙන දුවන්න පුළුවන් හයිය හක්තිය තිබෙන පුද්ගලයෙක්. මට කලින් ඒ තැන්වලට පැන බලන කෙනෙක්. අපි ආදරේට කීවේ මන්නා කියලා. ඒ වගේ තව හත් අට දෙනකුගෙන් යුතු පොඩි පිරිසක් තමයි වැඩසටහන් 56ක් පුරාම මාත් එක්ක ගඟ දිගේ ගියේ. මහවැලියේ මුල් උල්පත සොයාගැනීමෙන්ම ඉතිරි ටික පටන්ගමු? මෙතැනදි අපට ජනප්‍රවාදයන්ට නතු නොවී ඉන්න සිදුවුණා. මහවැලි කැලණි වළවේ කළු යන ගංගා - සමනොළ කන්ද මුදුනේ සිට පැන නැංගා කියලානේ ජනප්රවාදයේ තියෙන්නේ. මහගම සේකරයන් පවා මහවැලි ගීතය ලීවේ සිරිපද ලස සමනොළ සිරසේ කියලානේ. අපේ සම්මත ජනප්‍රවාදය එහෙම වුණත් භූගෝල විද්‍යාත්මක සොයාගැනීම් ඒ තොරතුර වෙනස් කළා. මහවැලි ගෙඟ් ප්‍රධාන අතු ගංගා දෙකක් තිබෙනවා. එකක් කොත්මලේ ඔය අනෙක හැටන් ගඟ. ඒදෙක මහවිල්ලාවෙදි එකතුවෙලා ඉන් එහාට මහවැලි ගඟ හදන්නේ. අපි මුලින් හිතාගෙන හිටියේ හැටන් ගෙඟ් මුල් දියත්ත තමයි මහවැලි ගෙඟ් උල්පත කියලා. ඒක පටන් ගන්නේ සිරිපාදෙන්. එය හැටන් හරහා බෝස්ලි වත්ත මැදින් හැටන් ගඟ හදනවා. ඒත් කොත්මලේ මුල්දියත්ත අග්‍රා ඔයෙන් පටන් ගන්නේ. ඒ හෝටන් තැන්නෙන්. භූ විද්‍යාත්මක කරුණු අනුව මේ දියතු දෙකෙන් දිගෙන් සහ උසින් වැඩිම කොත්මලා ඔය. ඒ අනුව මෝයකටේ සිට මැනගෙන ගියාම වැඩිම උසක් හා දිගක් ඇති තැනින් මුල් දියත්ත පිහිටන්න ඕනෙ. ඒ අනුව මුල් දියත්ත අග්‍රා ඔය. ඉතින් මුල් ජනප්රවාදයට ගරු කරමින් සහ හෝටන් තැන්න පිහිටන්නෙත් සමනොළ අඩවියේ නිසා අපි ඒ දියත්ත සොයමින් මහා හක්කලමක් ගැහුවා. අග්‍රා බොපත් ඇලි, තොටුපළ කන්ද සහ අග්‍රා බෝපත් කන්ද අතරින් වඩා උස සහ දිග තැන බලලා, අපි ඒ මුල් දියත්ත හොයාගෙන ආගර පතන ඇතුළේ තණ පඳුරු අස්සෙන්, විශාල මානා පඳුරු බඩගගා ගිහින් උසම තැනක තිබෙන අපූරු දිය උල්පතක් සොයා ගත්තා. හරිම සුන්දරයි. ඒ උල්පතෙන් දියදෝතක් අරන් බීලා තමයි මම ත්‍රිකුණාමලෙන් මුහුදට වැටෙන මහවැලි ගෙඟ් ගමන යන්න ආරම්භ කළේ. ඒ ආරම්භයෙන් පස්සේ ඉතාම හොඳින් අදටත් මතක හිටින තැන් රැුසක් හමුවන්න ඇති? මහවැලි ගඟ විවිධ දේශගුණික භූගෝල විද්‍යාත්මක කලාප හරහා ගලනවා. මුල් දියතු පිහිටන්නේ ඉතාම ශීත මීදුම් සහිත දුෂ්කර කැලෑ කඳු පන්ති අතරින්. ඒවා තරණය කිරීම හරි අසීරුයි. මට කඳු තරණයට විශේෂ කැමැත්තක් සහ හැකියාවක් තිබෙනවා. මොකද මම කුඩා කාලේ හැදුණේ බණ්ඩාරවෙල. එහේ හරියට කඳු නැග්ගා. මගේ නෑදෑයෝ ඉන්නවා මාතලේ. ඒ නිසා කඳු නැඟීමේ ආසාව සහ පුරුද්ද ගන්න කෙනකුට අමාරුයි. මගේ මේ දිග ශරීරය හොඳට නමලා කඳු නඟින්න පුළුවන්. ඉටිපන්දම් වගේ ශරීරවලට කඳු නඟින්න බැහැ. කන්දට අනුව සමබර ශරීර ඕනැ වෙනවා ඒකට. අරුණිට මතක ඇති මම කළා තව සංචාරයක් අවාරයේ සිරිපා කියලා. ඒ ගමනේ දුෂ්කරතාව හෝ සුන්දරත්වය ආයේ කිසිදාක කාටවත් ගන්න බෑ. මොකද මම ගියේ අවාරයේ කැලෑ පාරෙන්. ඒ කාලෙ රත්නපුරා පාරේ පඩි බැඳලා තිබුණේ නැහැ. දොළ පාරක් දිගේ වැහි කාලේ දියසෙවල ගොඩවල් දිගේ ලිස්සමින් ගියේ ඒ පාරේ. දැන් පඩිපෙළක් තිබෙනවා. මම ගිය ඒ ගමනට වගේම පාද යාත්‍රා, රෝම පුරාණය, සලං හන්තේ වගේ සංචාර සියල්ලටම ගියේ මගේ මේ පුහුණු කරගත් කණ්ඩායමමයි. ඉතින් අපි මහවැලි ගඟ දිගේ එද්දිත් මහා අතවරවලට මුහුණ දුන්නා. කඳු අස්සේ හිර වුණා. ගල් අස්සේ හිරවුණා. ගොඩ එන්න වෙලා ගියා. විෂ ඝෝර සර්පයින් හමුවුණා. ඒ හැම අනතුරකදිමත් අහම්බෙන් නෙවෙයි අපේ සුපරීක්ෂාකාරී බව නිසාම බේරුණා. ඉන්පස්සේ දියඇලි හමුවෙනවා. ඒ අවස්ථාවලදි වයිට් වෝටර් රාෆ්ටින් කියලා ක්‍රීඩාවක යෙදෙන්නේ... ඒ ක්‍රීඩාවට පුරෝගාමීම ගුරුවරයා තමයි කිතුල්ගල චන්න පෙරේරා. ඔහුගේ කණ්ඩායම සමඟ අපි සැබෑම රාෆ්ටින් කළා. සමහර රාෆටින්වලදි අපට පුළුවන්කම තිබෙනවා වේගයෙන් ගලන ගඟට ඩිංගි බෝට්ටුව දාන්න කලින් ඒ මඟ කෙබඳුද කියලා නිරීක්ෂණය කරලා ගඟ හඳුනගෙන බහින්න. ඒත් සමහර තැන්වල එහෙම බැහැ. අද නම් ඩ්‍රෝන කැමරාවක් හරි යවලා බලන්න පුළුවන්. ඒ කාලේ එහෙම තිබුණෙත් නැහැනේ. එක තැනකදි අපට වෙන්න ගිය අනතුරක් හිතලා බලන්න. තලවා කැලේ සිට සෙන්ට් ක්ලෙයාර් ඇල්ලට උඩින් අපි යනවා. බොහොම වේගයෙන් ගඟ ගලනවා. චන්න පෙරේරා අන්තර්ජාතික අත්දැකීම් සහිත කෙනෙක් නිසා එක තැනකදි ඔහුට දැනුණා යන වේගය අසාමාන්‍යයි කියලා. අපි නම් හරි සතුටෙන් ඉන්නේ බෝට්ටුව වේගවත්ව යද්දි. ඔහු අපට අණ කළා වහාම බෝට්ටුව අයින් කරගන්න කියලා. ඒත් අපි එහෙම කරන්න යද්දි අයින් කරන්න බැරිතරම් වේගවත් බවක් තිබුණා. අපට උදවු කරන ලාබාලම කොලූ ගැටයාට නම දාලා තිබුණේ චූටි කුකූ කියලා. ඔහු තමයි අර්ජුන් සමඟ අපේ උපුල් කියන නිෂ්පාදන කණ්ඩායමේ නායකයාට කැලෙන් කොළෙන් අපට කන්න බොන්න දේවල් සපයා දුන්නේ. අපට පේනවා චූටි කුකූ ඉස්සරහ කන්දක් උඩ ඉඳගෙන අතපය වනමින් මොකක්දෝ සංකේතයක් විශාලවශයෙන් දක්වනවා. දඟලනවා. උඩපනිනවා. ඒකත් දැක්කම අපි දඟගලා කරලා කොහොමහරි කරලා යන්තම් නවත්තගත්තේ නැත්නම් ඒ ආපු ගමනට අපි සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ලෙන් පහළට වැටෙනවා. මොකද අපි ඉඳලා තියෙන්නේ ඒ ඇල්ලේ උඩ. ඒ වගේ අනතුරු අපට සිදු වුණා. දෛවය බොහොම කාරුණිකයි...? ඔව්. ඒ බව තේරුණේ මගේ ජීවිතේ ඉවරයි කියලා හිතාගත්ත දවසේ. උලපනේ පාලම යට ඒක සිදු වුණේ. කොත්මලේ ඔයේ වතුර ඉතා වේගයෙන් අටබාගෙන් මෙහාට ගලන තැන ගල්ගොඩවල් උඩින් හෙණ හඬනඟමින් පැයට කිලෝමීටර 250ක පමණ වේගයෙන් යන තැනට අපි ඩිංගිය දැම්මා. අපට දැන් දැනෙනවා ගඟ රළුවෙලා වෙලා ඉදිරියටම බෝට්ටුව යනවා පාලනය කරගන්න බැහැ. අපි කොපමණ බේරී ගියත් අපේ ඇහැට නොපෙනුණු ගලක් මතට ඩිංගියේ පැත්තක් වැදිලා කැරකුණා. වෘත්තිය ඩිංගිකරුවන් කියා තිබුණා අනතුරකදී ඩවුන් යන්න කියලා. ඔවුන් ඩවුන් ගියා. අපි ඊට තත්පර කාලක් පමා වුණ නිසා මමත් මනෝජුත් එළියට වැටුණා. මනෝජ්ට කොහොමහරි ඩිංගියේ ලනුපොටක් අහුවෙලා ඒකත් එක්කම ඇදීගෙන ගියා. මාව අඩි පහළොවක් විතර ඈතට විසිවුණා. එතනින් එහාට තමයි අරුණි මගේ ජීවිතේ මට අමතක නොවන දෙයක් සිදුවුණේ. මට හොඳට පීනන්න පුළුවන්. ඒත් ජුලියන් බෝලිං ආවත් ඒ වතුරේ පීනන්න බැහැ. පීනීමේ හැකියාවෙන් කිසිම වැඩක් නැහැ. බොර පැහැති වතුර සුදු පෙන දමමින් ගල් අස්සෙන් ගලනවා. ආරක්ෂක ඇඳුම් තිබුණත් මට දැනෙනවා ගල් ගෙඩි වේගයෙන් පහුවෙනවා. ඒවා අස්සෙන් යන වේගයට ඒ ගලක හැපුණොත් මාව කුඩු වෙනවා නියතයි. ඒත් මම ඇස් ඇරගෙන ඉන්නේ. ටික වෙලාවකදි මට දැනෙනවා කතුරු ඔන්චිල්ලාවක පහළට වැටෙනවා වගේ මොකක්දෝ දෙයක් මට සිදු වුණා. වේගය අඩු වුණා. බුඩුබුඩුබුඩු ගාලා සියල්ල නිශ්ශබ්ද වුණා. නැවත පෙන ගොඩක් පෙනුණා. මම උඩ මතු වුණා. මගේ කන් අගුල් වැටුණා. ඔන්න මැරෙයි මෙන්න මැරෙයි කියලා දැනුණා. මොහොතකින් හිතුණා හරි දැන් මම මැරිලා වෙන්න ඇති. මරණයට පස්සේ ගන්ධබ්බ අවදිය මේ වගේ වෙන්න ඇති කියලා. ඊට පස්සේ මොනවගේද කියලා බලන්න හැරිලා බලද්දි මම දිය ඇල්ලකින් පහළට වැටිලා. හොඳ වෙලාවට ඒක අඩි හයක අටක විතර ඇල්ලක්. හැබැයි මගේ වික්‍රමයකින් නම් නෙවෙයි දෛවයේ හාස්කමකින් මම බේරිලා. මගේ බෝට්ටුවත් ඒ ළඟ පැත්තක වැටිලා තිබුණා දැක්කා. ජීවත් වන බව තේරුණාම මම ඉක්මනට පීනලා අර බෝට්ටුවේ එල්ලූණා. මට මතකයි ඇදුම රෝගියකුට වගේ හති හැදිලා තිබුණා. ඒ අවස්ථාවේ අපේ වැඩසටහන කැමරා දෙකකින් රූගත වෙමින් තිබුණේ. දළ රූපරාමු ගෙනා වෙලාවේ මම දැක්කා අපේ කණ්ඩායමම ඒ දිය ඇල්ලෙන් වැටෙනවා. මම විසි වුණාට පස්සේ කට්ටිය මහා කලබලයකින් කෑ ගහනවා ‘ජැක්සන් අය්යා ගියා‘, ‘ජැක්සන් අය්යා ගියා‘ කියලා. ඒ අය මහා භීතියකට පත්වෙලා හිටියේ මොකද මම උඩ ඇවිත් තිබුණේ ඒ අය හිතපු තැනින් නෙවෙයි. ඔය වගේ අනතුරු රාශියක් සිදු වුණා. මම හිතනවා දෙවියෝ තමයි මාව බේරුවේ. මගේ අරමුණ හොඳයි. අපි යන්නේ මහවැලි ගෙඟ්. පටන් ගන්නේ සමන්දෙවියන්ගේ අඩවියෙන්. අපි යන්නේ දළදා හාමුදුරුවන් අසලින්. ගඟට හානියක් නොකරන්න බැහැපු සංචාරකයකුට ඒ දේවාශීර්වාදය තිබෙනවා. [IMG]http://www.sarasaviya.lk/sites/default/files/28_11.jpg[/IMG] පේරාදෙණිය වංගුව ගත්තට පස්සේ ගංගාරාමය අසල ගඟ ගලන්නේ විශාල ලෙස පෙන නඟමින්. ඒ හරියෙදි මමත් මනොජුත් ආධුනිකයන් දෙන්නා ඉතිරි වෙද්දි ප්‍රවීණ ඩිංගිකරුවන් තුන්දෙනා ගඟට වැටුණා. කොහොමත් අපි ඩිංගි බෝට්ටු දෙකක ගියා. කැමරා කණ්ඩායම එකක, අපි එකක. ඉතින් ඒ අවස්ථාවත් කැමරාවේ නොමැකෙන සටහනක් තබලා තිබෙනවා. ඒ කඳුකරයෙන් පස්සේ ඔබ එන්නේ තැන්නට? ඔව්. ගඟ දිගේ අනතුරුවලට අමතරව ගංගා නිම්නයේ සංස්කෘතිය සොයාගෙන ඓතිහාසික ස්ථාන, භූගෝල විද්‍යාත්මක විස්මයන්, කෘෂිකර්මය වැනි බොහෝ දේ හොයාගෙන යද්දි අපි ගියා බලන කපොල්ලට. අපි කවුරුත් දකින එහෙත් නොයන තැනක් ඒ බලන ¥ර්ගය. එක අඟලක් ලිස්සුවානම් සුමානයක් තිස්සේ පහළට වැටෙනවා. ඒත් එහි සිට බලද්දි අපට ඈත බතලේගල දක්වා හතර කෝරලය පේනවා. ඊට යටින් කඩුගන්නාව පේනවා. ඒ තැනට නැඟගන්න පාරවල් නැහැ. සාමාන්‍යයෙන් මිනිස්සු යන්නෙත් නැහැ. ඉතින් මම යද්දි විශාල කඩි ගුලකට මාව වැටිලා දැඩි කඩි ප්‍රහාරයක් එල්ල වුණා. කූඩැල්ලන් නම් මට ගාණක් නැති වුණත් මහා කූඩලූ බෝලවලට අපි අහුවුණා. ඩිස්කවරි වගේ වැඩසටහන්වල කළා නම් හෙලිකොප්ටර්, ලනු දාලා ඒවායේ යන්නේ. අපේ ක්‍රමේ ආදර්ශයක් නෙවෙයි. ඒත් අපට එහෙම සම්පත් නැහැ. අපි දුප්පත්. එතනින් එහාට පොල්ගොල්ල, රන්දෙණිගල, වික්ටෝරියා, රන්ටැඹේ පහුකරගෙන තමයි ගෙඟ් වෘද්ධ අවදියට එන්නේ. මහියංගනයේ සිට අපි ගඟ දිගේ ගියා වස්ගමුව කැලෑව හරහා දෙපස තිබෙන ගිරාඳුරු කෝට්ටේ, දෙහි අත්තකණ්ඩිය වගේ තැන්වලට හෝ වම් ඉවුරේ වස්ගමුව කැලේ හෝ ගොඩබිම් මාර්ගවලින් නොගිහින් අපි වස්ගමුව හරහා පොළොන්නරුවේ ගල්ලෑල්ල කියන ප්‍රදේශයේ මනම්පිටිය පාලම දක්වා ගියේ ගඟදිගේමයි. ඒවායේ ගඟ අනතුරුදායක නැති වුණත් භයානක කම තිබුණා වනසතුන් නිසා. මම ජීවිතේ කිසිම දවසක හෝ ඩිස්කවරි වැඩසටහනකවත් දැක නැති කිඹුල් ගහනයක් දැක්කා වස්ගමුව හරහා ගඟ ගලද්දි. අපි එතැනට නම දැම්මේ ත්‍රීවීලර් පාක් කියලා. මොකද කිඹුල්ලූ පාක් වෙලා ඉන්නවා තැන්න දිගේ එකදිගට තුන්හාරසියයක්. මහ ? 2ට 3ට ඝන අන්ධකාරේ යන අපට වෙසක් දවසේ කොළඹ පේන රතුපාට නියොන් බල්බ් පෙළක් වගේ එයාලාගේ ඇස් දිලිසෙනවා අපි දැක්කේ. අපේ බෝට්ටුව එද්දි එයාලා ජකබකජකබකජකබක ගාලා වේගයෙන් වතුරට පනිනවා. ඒ අය අපට බය මිසක් අපට ප්‍රහාර එල්ල කරන්න ආවේ නැහැ. හැබැයි ගඟමැද්දේ දියකෙළිමින් ඉන්න අලිනම් ගඟ මැද්දෙන් එන රතු පාට බෝට්ටුව දකිද්දි කැලඹෙනවා. ඒ ගෙඟ් ඉන්න මාළු ලොකූවට හැදිලා. මොකද ධීවර කර්මාන්තයක් ඒ හරියේ නැහැ. ඉතින් වයසට ගිහින් ප්‍රෙෂර්, කොලස්ටරෝල්, ඩයබටීස් වගේ ලෙඩ හැදිලා වෙන්නැති ඒ අයත් ජීවිතෙන් සමුගන්නවා ඇත්තේ. අපට තිබුණේ පළල හබලක්. ඒක දියට දාපු ගමන් මේ මාළු හිතනවා ඇති ඒ අයගේ විලෝපිකයන් වන කිඹුලෙක්, වලසෙක් වගේ සතෙක් කියලා, වතුරෙන් සෑහෙන උඩකට පනිනවා. එකවරක් අපි බෝට්ටු දෙකේ යනවා සමාන්තරව, මම විස්තර කරනවා, ලලිත් අනෙක් බෝට්ටුවේ ඉඳන් රූපගත කරනවා. මම එක පාරටම දැක්කා වතුරෙන් මතුවුණා විශාල මාළුවෙක්. අඩි තුනක් විතර ඇති. ඒ මාළුවා පුළුවන් තරම් උඩට පැනලා ලලිත්ගේ පපුවේ දඩිං ගාලා වැදුණා. ලලිත් කැමරාවත් එක්ක වැටුණා. ලලිත් කොහොමහරි කැමරාව බේරගත්තා. මාළුවා ඒ වැදුණු පාර බම්ප් වෙලා ඩිංගි බෝට්ටුවට වැටිලා ඒකෙනුත් පැනලා ආයේ වතුරටම ගියා. මාව නිතර වැටෙන පෙරළෙන නිසාම අරගෙන ගිය පොඩි ප්‍රථමාධාර පෙට්ටියේ ඒ ඒ ගම්දනව්වලින් එද්දි ගැමියන් දුන් තෙල්බේත් ජාති තිබුණු නිසා ඒවා ලලිත්ගේ පපුවේ ගාන්න අපි වස්ගමුව කැලේට බැස්සා. ඊළඟ දවසේ අපි ගියේ වස්ගමුව කැලේ මැද්දෙන් ඓතිහාසික මාලගමුව වැවේ වැව් සොරොව්ව සොයාගෙන. සංචාරකයකුට ඇවිදින්න බැරි තරම් වන බ්ලොක් 4 වගේ ඈත කැලෑවේ යද්දි අපට වගවලස්සු හමුවුණා. වලස් පවුල්වලට අපි මැදිවුණා. හැබැයි අපි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයෙන් වනජිවී නිලධාරීන්ගේ සහාය ඇතුව ගිය නිසා කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. දවසක් බෙරිවිල කියන හරියෙදි ? දෙකට විතර ගොඩබැහැලා අපි කැලේ මැද රාත්‍රිය ගත කරන්න පොඩි තැන්නක් සොයාගෙන ගියා. අපේ ගමන් සගයා වුණේ ඒ පෙදෙසේ තරුණ දඩයක්කරුවෙක්. අපේ පොඩි කූඩාරම තැන්නේ අටවගන්න යද්දි විශාල දුගඳක් එනවා. අපට කන්න දේකුත් නැහැ බෝට්ටුව පෙරළිලා දුරුමිරිස් ටික හැලිලා. ඉතින් අතට අහුවෙන දෙයක් ඔහේ තම්බගෙන කාලා, ලේන්සුවකින් මූණ, නහය වහගෙන මහන්සියට වැටුණා. හොඳටම නින්දගියා. උදේ පාන්දර නැඟිටලා බලද්දි නිදාගෙන හිටපු තැනට යාර දහයක් විස්සක් ඈතින් විශාල අලියෙක් මැරිලා කුණුවෙනවා. අලියාගේ හම ඇතුලේ ඉඳන් එළියට එනවා කිඹුල්ලූ. නරි ඇවිත් කුණ කනවා. කටුස්සෙක් මැරුණාමත් අපට කොච්චර දැනෙනවාද? එතකොට අලියෙක්.. හීන් සැරය එහෙම නම් මහසැරය කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. හැබැයි 2005 කියන්නේ ත්‍රස්තවාදය තදින් පැවතුණු යුගය? ඇත්තෙන්ම කීවොත් සතුන්ගෙන් නෙවෙයි අපට කරදර සිදුවුණේ. ඔබ කීවා වගේ එල්ටීටීඊ වසංගතය නිසා පැවතුණු දැඩි යුද තත්ත්වය යටතේ තමයි අපි වස්ගමුවටත් ගියේ. අපට ගොඩ එන්න තියෙන්නේ මනම්පිටියේ පාලම ළඟින්. ඒ කිට්ටුවට යනකොට සංඥාවක් එනවා අපේ ඇමතුම් පද්ධතියට ‘එන්න එපා මනම්පිටියට කොටි බැහැලා‘ කියලා. ඒත් අපට ආපහු හැරෙන්න බැහැ. ඒ මහ ? යන්න තැනක් නැහැ. අපට කරගන්න කිසිම දෙයක් නැහැ. ගඟ මැද තියෙන්නේ පඳුරුද අලිද හොයන්නත් බැහැ. සමහර තැනක විශාල අලියෙක් මැරිලා ගෙඟ් දියවෙනවා දකින්න ලැබෙනවා. ගඟ ගොඩක් තැන්වල හිඳිලා අපි ඩිංගියත් උස්සගෙන පයින් යන්නත් වුණා කීප සැරයක්ම. ඒ අතර වැලිදල්ල අහුවෙනවා. වැලිදල්ල කියන්නේ උඩින් වැලි තිබුණාට ඇතුළට කිඳාබහිනවා, ගුහාවක් වගේ. ඒවායිනුත් බේරිලා ආවට, ගෙඟ් දකුණු ඉවුර කරුණා අම්මාන්ගේ කණ්ඩායමට අයිතියි. වම් ඉවුරේ ප්රභාකරන්ගේ කට්ටිය. අඳුනන්නෙ නැති කණ්ඩායමක් ආවාම දෙගොල්ලොම හිතන්නේ තමන්ගේ විරුද්ධ පාර්ශ්විකයන් වෙන්නැති කියලා. වෙඩි තියන්න පුළුවන්. ඒ කාලේ මහත්තයා තමයි මාධ්‍ය සමඟ බොහෝ සම්බන්ධතා තිබුණේ. හමුදාවෙන් අවසර ගන්න හරිම අමාරුයි ඒ පැත්තට යන්න අනතුරුදායක නිසා. පස්සේ අපි මහත්තයා සම්බන්ධ කරගන්න මාධ්‍යමය මෙහෙයුමක් යොදලාත් බැලූවා. කොහොම හරි අපිත් අතෑරියේම නැහැ. ඔව් ඔබ මහවැලි ගඟ මත්තේ වසර පහක් හිටියා? හරියට හරි. 2009 කොටි ත්‍රස්තවාදය පරාජය කළාට පස්සේ මනම්පිටියේ පාලම ළඟ ඉඳලා ඉතිරි කොටස මම ආරම්භ කළා 2011 වසරේ. මගේ මහා සංචාරයට ඒ කොටස එකතු කළා. මනම්පිටියෙන් සෝමාවතිය දක්වාත්, එතැනින් කොහොමහරි උප්පාරු, ගංගෙයි, ගිංගෙයි හරහා ත්‍රිකුණාමලයේ මෝයකට දක්වාම ගියා. ඒ නිසා උල්පතේ සිට මෝයකට දක්වා ගඟක් දිගේ ඇවිද ගිය සංචාරකයා කියන විරුදාවට හිමිකම් කියන්න පුළුවන්. ඒ අවස්ථා දෙකේදීම මේ කුඩා භූමිප්‍රමාණය තුළ විසිරුණු විශාල උප සංස්කෘතීන් රැුසක් දකින්නත් ඇති? අනිවාර්යයෙන්ම. සැතපුම් 203ක් දිග ගඟ දිගේ සහ ඒ දෙපස මහවැලි නිම්නය දිගේ විශාල සැතපුම් ප්‍රමාණයක් ගියා. විශාල වශයෙන් වූ මානව සංස්කෘතීන් රැුසක් දුටුවා. උදාහරණයකට කඳුකර සංස්කෘතිය. ඒ අයගේ ජීවනෝපාය වෙනම විදිහක්. එළවළු සංස්කෘතිය. පහත රට ගොවීන් සහ උඩරට ගොවීන්ගේ වගාක්රමවල වෙනස. ඔවුන්ගේ ඇදහිලි විශ්වාස සහ ජනශ්රැතින්වල විශාල වෙනසක් තිබෙනවා. එෙඬ්ර සංස්කෘතියක් අපට තවමත් තිබෙනවා. කඳුකරයේ ඒ සංස්කෘතියයි, මහවැලි ගඟ දිගේ කාලිංග අමුණ හරියට එද්දි හමුවන යක්කුරේ වැනි වියළි කලාපීය සාම්ප්‍රදායික ගම්මාන හමුවනවා. යක්කුරේ කියන්නේ ඔවුන් යක්ඛ ගෝත්රිකයන්ගෙන් පැවැත එන වහංව සිටි 1930 ගණන්වල ජනපදකරණයටත් කලින් ඞී.එස්. සේනානායක මහත්තයා අශ්වයකුගේ පිටෙන් ගිහින් හොයාගත්තා කියලා කියන ගම්මානයක්. මේ වනවිට නම් පේ‍්‍රමදාස සංකල්පයට අනුව යක්කුරේ උදාගම් පවා බිහිවෙලා තිබෙනවා. තවමත් ඔවූන්ගේ සාම්ප්‍රදායික ගොපලූ කර්මාන්තය කෙරෙනවා. යක්කුරේ වැසියන් සමඟ මම කැලේට රීට්ටුවාම ඒ කැලේ ඇතුළේ තිබෙන ගව ගාල! ඒ ගවයින්ගේ කුරවලට පෑගෙන බිම ශතවර්ෂාධික කාලයක් තිස්සේ ඒ අයුරින් පෑගෙනවා විජයාවතරණයටත් පෙර සිට ඔවුන් ගොපල්ලන් කියලයි මම හිතන්නේ. ඔවුන්ගේ පැරැුණි වතාවත්, යාතු කර්ම, ගොපලූ දෙවියන්ට කරන වන්දනා තොවිල් පවිල් ජනකවි කඳුකරයට වඩා හාත්පසින් වෙනස්. හරියට රටවල් දෙකක වගේ. කඳුකර සංස්කෘතියට වඩා මහනුවර වගේ මධ්‍ය ප්‍රදේශයට එද්දි ඒ සංස්කෘතිය වෙනස්. අපට විවිධ දෙවිවරු හමුවෙනවා. සමන්දෙවියන්, දළදා හාමුදුරුවෝ, කීර්තිබණ්ඩාර දෙවියෝ, ගලේ බණ්ඩාර දෙවියෝ, පුල්ලෙයාර් දෙවියෝ ඒ ඒ දෙවිවරුන් වෙනුවෙන් කරන යාතු කර්ම එකිනෙකට හරිම වෙනස්. නුවර කලාවියේ පවා සංස්කෘතීන් එකිනෙකට වෙනස්. කංකාරිනැටුම හා උඩැක්කි නැටුම අතර විශාල වෙනස්කම් තිබෙනවා. නැගෙනහිර පළාතේ මුස්ලිම් ගොවියන් ගොයම් කපද්දි කියන නෙළුම් කවි, බැත පාගද්දි කියන කමත් කවි තිබෙනවා. හැබැයි අපේ වගේ ඉරු දෙවියන්ට සඳ දෙවියන්ට නෙවෙයි. ඒ අයගේ ආගම අනුව හැදුණු ජනශ්රැති. එතකොට පානම් පත්තුවේ ඉන්න බෞද්ධ ධීවරයෝ උදේ හවා දැල් මිටියත් අරගෙන පන්සිල් අරගෙනයි ඔරුවට නැඟලා මසුන් මරන්න යන්නේ. ඔවුන් බුදුදහමයි රැුකියාවයි කොහොමහරි සම්බන්ධ කරගෙන. කුමන වගේ ගම්මාන, අරියධම්ම හාමුදුරුවො හිටවපු බෝගහක් එක්කම කැලේට ගිහින්. මට බදන්න බැරි තරම් විශාලෙට වැඩුණු ගිනිසීරියා ගස් පෙළක් තිබෙනවා. ඒ ගම්මානය තිබුණු කාලේ වැටක් ගස් බවට පත්වෙලා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom