ගජබාහු පුරාවෘත්තය
Top Lanka News
ඉලංගෝ අඩිගල් ගේ 'සිලප්පාදිකාරම් ' දෙමළ සාහිත්‍යයේ ස්වර්ණමය පුස්තකයකි. මෙම පොත ලියවුන කාලය පිළිබද අනුමානයක් ඇතිකරදෙන පොත් දෙකක් ඇත. මෙයින් පැරණිම පොත නුතන ඊළාම්වාදී ද්‍රවිඩ ජාතිවාදින්ගේ දැඩි දෝෂයට හා වෛරයට ලක්වෙන මහාවංශය යි. දෙවැන්න ශ‍්‍රී ජයවර්ධනපුර රාජධානි සමයේ ලියවුන රාජාවලියයි. රාජාවලියටත් මහාවංශය මුලාශ‍්‍රයක් වුනි. එමනිසා අපට මෙසේ කිවහැක. 'මහාවංශයක් නොතිබෙන්ඩ සිලප්පාදිකාරම් ලියවුන කාලය නිවැරදිව දැනගන්ඩ නොහැක'. සිලප්පාදිකාරම් ඉතිහාසය ගැන කතාකරද්දි මහාවංශය බොරු ලියවුන පොතක් යයි ලියන ජාතිවාදී දෙමළ ඉතිහාසයඥයින්ටත් මහාවංශය පිළිගන්ඩ සිදුවේ. එමනිසා ජාතිවාදින් මොන දොස් කිව්වත් දෙමළ ඉතිහාසය සකස් කරන්ඩ හැක්කේ සිංහල ඉතිහාස මුලාශ‍්‍රවලින් බව අපට නොබියව සදහන් කිරිමට පුලූවන. සිලප්පාදිකාරම් කතාවෙන් පත්තිනි වන්දනාව ඇරඹුන හැටි විස්තර කෙරේ. ඊට අනුව මධුරා පුරයේ පාණ්ඩ්‍ය රජු විසින් සාධාරන අයුරින් නීතිය ඉටු නොකර කෝවලන් මරාදැමුයෙන් කෝපවු ඔහුගේ පතිනිය කන්නගී පියයුරක් ඇද කඩා එයින් දමා ගසා මධුරා පුරය ගිනිබත්කර අතුරුදහන් වුවාය. ඇය දේවතාවියක් වශයෙන් කේරල දේශයේ ද්‍රශ්‍යමාන වෙන්ඩ වුනි. කේරලයේ සෙංගුවාට්ටුවන් රජු මෙසේ ද්‍රශ්‍යමාන වු කන්නගි (පතිනිය) වන්දනා කිරීම සදහා විශාල දේවාලයක් තැනවුයේය. එය විවෘත කිරීමේ මහා උත්සවය සදහා "කුඩකකෝන්ගරුමාලූව වෙන්දරුම් කඩල් සුවිලන්ෙගෙ කයවාහු වේදරුම් " යයි සිලප්පාදිකාරම් හි සදහන්වේ. කුන්ක, කොංගු, මාලව යන රටවල රජවරුද මුහුදින් වටවු ලංකාවෙහි කයවාහු රජුද පත්තිනි දේවියට දේවාලය පුජාකරන මංගල උත්සවයට පැමීණ සෙංගුවාට්ටන් රජු සමග සිටියේ යි එහි අර්ථයයි. දෙමළ භාෂාවෙන් ග සහ බ අකුරු කියවෙන්නේ නැති නිසා කයවාහු කියා මෙහි සදහන් වෙන්නේ මහාවංශයේ සදහන් වෙන ගජබාහු සිංහල රජතුමා ගැනයි.
ගජබාහු රජතුමා අවුරුදු 22 ක කාලයක් අනුරාධපුරයේ රජකම් කරපු බව මහාවංශයේ සදහන්වේ. සිලප්පාදිකාරම් ලියවී ඇත්තේ ගජබාහු රාජ්‍ය කාලයේ හෝ ගජබාහු රාජ්‍ය කාලයට පසු කාලයක බව මේ අයුරින් පැහැදිලි වේ.
ගජබාහු රජු වංකනාසිනතිස්ස රජතුමාගේ පුත‍්‍රයා වුයේය. රාජාවලිය විස්තර කරන ලෙසට වංකනාසිකතිස්ස රජුගේ කාලයේ කරිකාල් නම් චෝල ලංකාව ආක‍්‍රමණය කර බොහෝ වස්තුව හා සිංහලයන් 12000 ක් පැහැරගෙන ගියේය. ගජබාහු රජු යාපා පටුනෙන් නැව්නැග චෝල දේශය ආක‍්‍රමණයකර පැහැරගෙන ගොහින් වහල් සේවයේ යොදවා සිටි සිංහල පිරිස මුදවාගෙන ආයේ ය.
ගජබා පුරාවෘත්තය හැම අතටම හරවමින් පට්ටාගසන දෙමළ ජාතිවාදී ඉතිහාසඥයෝ ගජබා රජුගේ චෝල ආක‍්‍රමණය බොරුවක් යයි කියති. ගජබා රජු කේරලයට ගිය කතාව ඇත්තක් යයි කියති. දෙවැනි කතාව ඇත්ය කියා කියන්නේ සිලප්පාදිකාරම් හි බොරුවක් ලියා ඇතැයි කීමට අකමැති බැවිනි. ගජබා පුවත ගැන ලිපි ලියා ඇති ලංකාවේ ඉතිහාසඥයින් වැඩිදෙනා කර තියෙන එකම කාරිය දෙමළ ජාතිවාදී ඉතිහාසඥයින්ගේ කතාව අනුමත කිරීමට ආධාරකිරීමයි.
සෙංගුට්ටුවාන් රජු චෝල රට ආක‍්‍රමණය කරපු බවට සාක්ෂි තිබේ. ඔහුගේ යුද්ධ පිළිබද සෙවිමේදී පෙනෙන්නේ සෙංගුට්ටුවාන රජු සිංහල රජු සමග එක්වී චෝලයන්ට විරුද්ධව යුද්ධ කරපු බවයි. සතුරාට පහරදීම දෙපැත්කින් සිදුකර ඇත. මෙම යුද්ධයෙන් කේරල සිංහල හමුදා ජයග‍්‍රහණය කළ පසුව කේරලයේ පැවැත්වු මහා උත්සවයකට ගජබාහු රජු ද සහභාගිවී ඇත. සිලප්පාදිකාරම් කතාවෙන් කියවෙන පුවත එයයි.
හැබැයි මෙම දෙමළ කාව්‍ය සංග‍්‍රහයේ ඊළාමක් තිබු බව කියවෙන්නේ නැත. මුහුදෙන් වටවු ලංකාදීපයේ ගජබාහු රජු යයි සදහන්වෙයි. එයින් කියවෙන්නේ ලංකාද්විපය එකම ධජයක් යටතේ පාලනය වු බවයි.
ගජබා රජුගේ යුද්ධ ව්‍යාපාරයේ මූළික අරමුණක් වුයේ චෝලයන් සිරකරගෙන සිටි සිංහල සිරකරුවන් නිදහස් කරගැනීමයි.
මෙලක රජකල පවර ගජබා නිරිදු මාවටු පුරෙන් සොළි රට
එකල සැටවස් පුරාගෙන ගිය දොළොස් දහසක් දනන් සිර කොට
අසා රැුහැණිව ගදාගෙන පසළොස් රියන් තුන් රියන් දිග වට
මුදා පිනා උරතලෙයි ගෑ සඳුන් නොමකා ගොසින් එතෙරට
පිවිස සොළිපුර එරජගෙට ගොස් සමග ඔහු සිහසුනේ උන්සඳ
මෙලෙස සිහළිදු තනිව ආවේ කිමෙයි පුඵවුත් සෙමෙන් සොළිරද
පෙරප නුවරින් දොළොස් දහසක් දනන් ගෙනආ නුඹේ පියරද
නොලස ගෙනයන ලෙසට ආවෙමි තියත කෙපුලක් වෙමින් වැඩි ඔද