Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගමක් ගිනි තැබූ මිනිස් ඝාතනයක ඇතුල් පැත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගමක් ගිනි තැබූ මිනිස් ඝාතනයක ඇතුල් පැත&#3530

කරන්දෙනිය ප්‍රදේශයම කම්පා කළ ඝාතනයක් ඉකුත් සැප්තැම්බර් මස 29 වැනිදා සිදුවිය. ඒ ඝාතනය ඇසූ ඇසූවන් අනේ අපොයි කියමින් හඬා වැටුනේ හදවතින්ය. දැන් ඒ ඝාතනයේ සුලමුල හෙළිවී ඇත. ඝාතකයින්ද, ඝාතන කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයාද හඳුනාගෙන හමාරය. අද අප කතා කරන්නේ ඒ පිළිබඳවය.

කරන්දෙනිය රෝහලේ වෛද්‍යවරයකු සිටියේය. ඔහු නමින් ප්‍රියංක ප්‍රසාද් රණසිංහය. ඔහු වෛද්‍ය විද්‍යාව හදාරා ඊට පසු කළේ අසරණ රෝගීන්ට පිහිටවීමය. රුපියල් ශත පිළිබඳ කල්පනා නොකළ එම වෛද්‍යවරයා වියපත් මව්වරුන්ට, පියවරුන්ට මෙන්ම කුඩා දරුවන්ටද ප්‍රතිකාර කළේ නොමිලයේය. කරන්දෙනිය මහඒදණ්ඩ ප්‍රදේශයේ "දිගාසි" නමින් බෙහෙත් ශාලාවක් දමාගත් මේ වෛද්‍යවරයා කරන්දෙනිය රෝහලේ රාජකාරි අවසන් කර කෙළින්ම ආවේ එම බෙහෙත් ශාලාවටය. දුප්පතුන් පොර කකා "දිගාසි" බෙහෙත් ශාලාවට වී තම වාරය එනතුරු බලා සිටින්නේ හරියට නොමිලේ බෙහෙත් හේත් කරන තැනක් ලෙස සලකමිනි. ඒ තරමටම මේ දොස්තර මහතා, මුදල් නොගෙන ප්‍රතිකාර කළ ජීවකයෙකි. හිත හොඳ දොස්තර කෙනෙකි. මිනිස්කම හඳුනන නැති බැරිකම දන්න දොස්තර මහතෙකි.

එහෙව් දොස්තරවරයෙකු මරා දැමූ විට කරන්දෙනිය පමණක් නොව මුළු පළාතම ශාප කළේ මේ වගේ රත්තරන් මිනිසෙකු මරා දැමුවේ ඇයිදැයි අසමිනි.

දැන් සියල්ල හෙළිවෙමින් තිබේ.

වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් රණසිංහ මරා දමා ඇත්තේ කරන්දෙනිය නගරයේම තවත් වෛද්‍යවරයකු ලබාදුන් කොන්ත්රාත්තුවකටැයි පොලිසිය හෙළි කරගෙන තිබේ. මේ වන විට අදාළ සැකකාර වෛද්‍යවරයාද අත්අඩංගුවට ගෙන ඇත. ඒ සැකකරු පොලිසියට කළ පාපොච්චාරණයට අනුව හමුදා කපිතාන්වරයකුට කොන්ත්‍රාත්තුවක් දී හමුදා සෙබළුන් දෙදෙනකු විසින් ටී 56 ගිනි අවි වලින් පසුගිය සැප්තැම්බර් 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් රණසිංහ මහතාව ඝාතනය කර ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිසිය පවසයි.

ඝාතනය යනු මොන අයුරකින්වත් සාධාරණීකරණය කළ නොහැක්කකි. එහෙත් පාතලයන්, අපරාධකරුවන්, ත්රස්තවාදීන් වැනි අයගේ ඝාතනය සමාජයක යහපත සඳහා සිදුවන්නකි. මේ අහිංසක වෛද්‍යවරයාව මරා දමා ඇත්තේ ඇයි? ඔහු කළ වරද කුමක්ද? දැනට හෙළිවී ඇති පරිදි මෙය චැනල් හුටපටයක් නිසා කරන ලද්දක් බව කියති. එසේ නම් මෙය මුදල් නිසා සිදුකරන ලද කුරිරු ඝාතනයකි. ඊර්ෂ්‍යාව නිසා කළ අපරාධයකි.

වෛද්‍ය විද්‍යාවේ පියා හිපොක්රට්රීස්ය. ඒ නමට පවා නිග්‍රහ වන මේ ඝාතනය සිදුකළේ හමුදා කපිතාන්වරයෙක්ගේ මෙහෙයවීමෙන් වීම තවත් ප්රශ්නයකි. සැකකාර වෛද්‍යවරයාගේ පාපොච්චාරණය ඒ බව තහවුරු කරන්නකි. කෙසේ හෝ පොලිස් ප්‍රශ්න කිරීම්වලින් තොරතුරු හෙළි වෙද්දී කපිතාන්වරයා ගේ කීමට වෙඩි තැබීමට පැමිණි හමුදා සෙබළු දෙදෙනා අතුරුදන්ව සිටිතියිද වාර්තාවේ.

වෛද්‍යවරයකු යනු විටක දෙවියකු බඳු උත්තමයෙකි. අසරණ රෝගියෙකු මරණ මංචකයේ සිට යළි රැගෙන එන්නේ මේ කියන වෛද්‍යවරයායි. වෛද්‍යවරයකුට ඕනෑම රටක, ඕනෑම සමාජයක ලොකු පිළිගැනීමක්ද ඇත්තේ ඒ නිසාය. මීට දශක ගණනාවක පෙර ශ්‍රී ලංකාවේ සිටියේ වෙද මහත්වරුය. ගම්වල සිටි වෙද මහතා කිසි දිනක මුදල් බලාගෙන බේත් හේත් කළේ නැත. වෙද මහතා ගමේ ප්‍රභූවරයකු බවට පත්වූයේද වෙදකම මිනිස් සමාජයේ උන්නතිය හා පැවැත්ම සඳහා නොමිලේම ලබාදුන් නිසාය.

කරන්දෙනියේ ප්‍රියංක ප්‍රසාද් රණසිංහ නම් වූ ඒ වෛද්‍යවරයා ද වැටෙන්නේ අප ඒ කියූ ගමේ වෙද මහතාගේ ගණයටය. බටහිර වෛද්‍ය විද්‍යාව හදාරා වෛද්‍යවරයකු බවට පත්වූ මොහු රුපියල් ශත හඹා නොගිය නිසාම, රෝගීහු වැල නොකැඩී මේ වෛද්‍යවරයා සොයා ආහ. ඒ රෝගීන්ගේ පැමිණීම ඉවසා සිටින්නට නොහැකි වූ කරන්දෙනියේ මේ කියන සැකකාර වෛද්‍යවරයා වෛද්‍ය රණසිංහ මහතාව ඝාතනය කරන්නට සිතුවේ නම් එය වෛද්‍ය වෘත්තියට පවා මනුෂ්‍යත්වයටද නිගාවකි.

දැන් රණසිංහ වෛද්‍යවරයා මළ උන් අතරය. සැකකාර වෛද්‍යවරයකු රහස් පොලිස් අත්අඩංගුවේය. මේ සැකකාර වෛද්‍යවරයාගේ ඉතා මිතුරු හමුදා කපිතාන්වරයාද කළ අපරාධය පිළිබඳ දැන් පසුතැවෙනු විය හැකිය.

මෙම සැකකාර වෛද්‍යවරයාගේ මවද වෛද්‍යවරියක් බව කියති. මොවුන් කරන්දෙනිය නගරයේ තැනක වෛද්‍ය චැනල් මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇත. විශේෂඥ වෛද්‍යවරුන් පවා වරින් වර පැමිණ රෝගීන්ව පරීක්ෂාවට ලක් කර තිබේ. නමුත් වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් රණසිංහ මහතාගේ "දිගාසි" වෛද්‍ය මධ්‍යස්ථානය නිසා රෝගීන්ගේ හිඟයෙන් පෙළුන සැකකාර වෛද්‍යවරයා මෙම ඝාතන විසඳුම තෝරාගෙන තිබේද?

යුද්ධය අවසන් වුවද මරා ගැනීම් අවසන්ව නැත. තවමත් ගම්වල ඇතැම් මිනිස්සු ඉතා සුළු දේවල්වලට පවා මරා ගනිති. ඒ අතර ටී 56 ගිනි අවි වලින් වෙඩි තබා සැලසුම් සහගතවද ඝාතන කරති. පාතාලය ඉවර යෑයි පාරම්බෑවද අලුත් පාතාලයක් රට පුරා ක්‍රියාත්මකය. හෙරොයින් මත්කුඩු ජාවාරම්කරුවන් 350 ක් හඳුනාගෙන ඇතැයි සති අන්ත පුවත්පතක සඳහන්ව තිබිණි. හෙරොයින් මෙරටට ගෙන එන්නේ පොඩි මිනිසුන් නොව ලොකු දේශපාලන හයිය ඇති උදවිය බවද ප්රකටය.

ටී 56 යනු බෙහෙත් කොටන තුවක්කුවක් නොව ස්වයංක්‍රීය ගිනි අවියකි. මේ ගිනි අවි දැරීමේ අයිතිය ඇත්තේ අපේ රටේ හමුදාවට හා පොලිසියට පමණි. දැන් නම් ටී. 56 ගිනි අවි ගමේ චණ්ඩින් අතපවා ඇතැයි අපට සිතේ. එනිසා මිනී මැරීම බල්ලන්, බළලුන් මරා දමනවාට වඩා සරල දෙයක් බවට පත්ව තිබේ. යුද්ධයක් පැවැති රටක යුද්ධයෙන් පසුව මෙවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්විය නොහැක්කකැයි ආණ්ඩුවේ ප්‍රධානීහුද බොහෝ විට කියති. එහෙත් ආණ්ඩුවක්, පාලනයක් ගෙන යන අය ඒවාට විසඳුම් දිය යුත්තෝය.

තවමත් අවසන් නොවූ ආයුධ සංස්කෘතියක අපි හිරවී සිටිමු. මේ නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් අවශ්‍යය. නැතිනම් ආණ්ඩු විරෝධීන්ට හෝ ඊළම් වාදීන්ට යළි ගිනිඅවි අතට ගෙන මේ රට යළි ගිනි තබන්නට ඉඩ දිය යුතු නැත.

කරන්දෙනිය දොස්තර මහතාගේ නාමයෙන් ඔහුව මරා දැමූවන්ට නිසි දඬුවම් ලැබෙනු ඇතැයි ජනතාව විශ්වාස කරති.

මේ අතර මෙම ඝාතනය සිදුකළ බව කියන සැකකාර වෛද්‍යවරයාගේ නිවස සහ චැනල් සේවා මධ්‍යස්ථානයද ඊයේ (01 වැනිදා) වන විට ගිනිබත් කර තිබිණි. ඒවාටද ඉඩ නොදිය යුතු බව අපගේ වැටහීමය. "ගැහුවොත් ගහනවා, මැරුවොත් මරණවා න්‍යාය ගෝත්‍රික නොදියුණු සමාජවලට මිස ශිෂ්ට සමාජයකට නොගැලපේ. රටක නීතිය තිබිය යුත්තේ සියල්ලටම උඩිනි. "ඔබ මොන තරම් උස මිනිසෙකු වුවත් නීතිය තිබෙන්නේ උඩිනි" යන සුප්‍රකට කියමනක් තිබේ. එනිසා නීතිය, නීතිය බවට පත් කරනවා විනා නීතියට පිටින් කැලෑ නීති නොතිබිය යුතුය. අපේ රටේ අපරාධ රැල්ලට හේතුව පාතාලය එක නීතියකුත්, පොලිසිය තව නීතියකුත්, දේශපාලනඥයන් තව නීතියකුත් ආදි වශයෙන් එක එක නීති ක්‍රියාත්මක කිරීම නිසා නොවේද?

කරන්දෙනිය හිත හොඳ දොස්තර මහතා ඝාතනය කළේ රුපියල් සත වෙනුවෙන්ය. මිනිසෙකුගේ ජිවිතය වටින්නේ එච්චරද? විශේෂයෙන්ම දොස්තර කෙනෙක්, තමාගේම සහෝදර දොස්තරවරයකු මරා දමන්නට තරම්ම මේ සමාජයේ මිනිස්කම නැතිවී ගොස් තිබෙන්නේද? විශේෂයෙන්ම උගත්, බුද්ධිමත් හා වැදගත් මහත්වරු ලෙස සැලකෙන වෛද්‍යවරුන් මෙවැනි බියගුලු, ම්ලේච්ඡ හා සාහසික ක්‍රියාවකට පෙළඹීමේ සමාජ වරද සිදුව ඇත්තේ කොතැනකද? ඒවාද සොයා බලා පිළියම් යෙදීම වගකිව යුත්තන්ගේ වගකීමකි.

කරන්දෙනිය හිත හොඳ දොස්තර මහතා මරා දැමූ සිද්ධිය ඇසූ කවුරුත් හැඬූහ. දුක් වූහ. ඝාතකයින්ට ශාප කළහ. ඝාතනයක් කර ඝාතකයින්ට නිරුපද්‍රිතව සිටිය නොහැකිය. මේ හැම ඝාතකයෙක්ම ඝාතනවලින් පසු පිරිහේ. මානසික ව්‍යාධියට පත්වේ. එසේ නොවුණහොත් නීතියේ රැහැනට හසුව ජීවිත කාලයම ඒ කළ පව නිසා දුක් විඳිති. මේ මොන දේ නොවුණත් ස්වභාව දහම මේ ඝාතකයින්ට දඬුවම් දෙති. එනිසා කරන්දෙනියේ හිතහොඳ දොස්තර මහතා මේ භවයේත්, පෙර භවවලත් කළ පින්වල මහිමයෙන් නිවන්මගට පිවිස, අපරාධ කළ උන් අපාගත වනු ඇතැයි අපගේ විශ්වාසයයි. එසේම දිට්ඨධම්මවේදනීය කර්මයට අනුව ඝාතකයින්ට මෙලොවදීම දඬුවම් ලැබෙන බවද අපි දනිමු. එහෙත් ඊට වඩා වෙනස් ප්‍රතිචාරයක් සමාජයට අවශ්‍යය. ඒ මෙබඳු සාහසිකයන්ට නිසි දඬුවම් ලබාදීමත් නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමත්ය. මුළු මහත් රටම බලා සිටින්නේ ඒ යුක්ති ධර්මය දෙස බව පමණක් ලියා තබමු.

ශිරාන් රණසිංහ

Divaina

02/11/2011

[QUOTE="snoop, post: 11274345, member: 3495"] [b]ගමක් ගිනි තැබූ මිනිස් ඝාතනයක ඇතුල් පැත්[/b] [IMG]http://i.imgur.com/JNKxw.png[/IMG] [SIZE="3"]කරන්දෙනිය ප්‍රදේශයම කම්පා කළ ඝාතනයක් ඉකුත් සැප්තැම්බර් මස 29 වැනිදා සිදුවිය. ඒ ඝාතනය ඇසූ ඇසූවන් අනේ අපොයි කියමින් හඬා වැටුනේ හදවතින්ය. දැන් ඒ ඝාතනයේ සුලමුල හෙළිවී ඇත. ඝාතකයින්ද, ඝාතන කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයාද හඳුනාගෙන හමාරය. අද අප කතා කරන්නේ ඒ පිළිබඳවය. කරන්දෙනිය රෝහලේ වෛද්‍යවරයකු සිටියේය. ඔහු නමින් ප්‍රියංක ප්‍රසාද් රණසිංහය. ඔහු වෛද්‍ය විද්‍යාව හදාරා ඊට පසු කළේ අසරණ රෝගීන්ට පිහිටවීමය. රුපියල් ශත පිළිබඳ කල්පනා නොකළ එම වෛද්‍යවරයා වියපත් මව්වරුන්ට, පියවරුන්ට මෙන්ම කුඩා දරුවන්ටද ප්‍රතිකාර කළේ නොමිලයේය. කරන්දෙනිය මහඒදණ්ඩ ප්‍රදේශයේ "දිගාසි" නමින් බෙහෙත් ශාලාවක් දමාගත් මේ වෛද්‍යවරයා කරන්දෙනිය රෝහලේ රාජකාරි අවසන් කර කෙළින්ම ආවේ එම බෙහෙත් ශාලාවටය. දුප්පතුන් පොර කකා "දිගාසි" බෙහෙත් ශාලාවට වී තම වාරය එනතුරු බලා සිටින්නේ හරියට නොමිලේ බෙහෙත් හේත් කරන තැනක් ලෙස සලකමිනි. ඒ තරමටම මේ දොස්තර මහතා, මුදල් නොගෙන ප්‍රතිකාර කළ ජීවකයෙකි. හිත හොඳ දොස්තර කෙනෙකි. මිනිස්කම හඳුනන නැති බැරිකම දන්න දොස්තර මහතෙකි. එහෙව් දොස්තරවරයෙකු මරා දැමූ විට කරන්දෙනිය පමණක් නොව මුළු පළාතම ශාප කළේ මේ වගේ රත්තරන් මිනිසෙකු මරා දැමුවේ ඇයිදැයි අසමිනි. දැන් සියල්ල හෙළිවෙමින් තිබේ. වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් රණසිංහ මරා දමා ඇත්තේ කරන්දෙනිය නගරයේම තවත් වෛද්‍යවරයකු ලබාදුන් කොන්ත්රාත්තුවකටැයි පොලිසිය හෙළි කරගෙන තිබේ. මේ වන විට අදාළ සැකකාර වෛද්‍යවරයාද අත්අඩංගුවට ගෙන ඇත. ඒ සැකකරු පොලිසියට කළ පාපොච්චාරණයට අනුව හමුදා කපිතාන්වරයකුට කොන්ත්‍රාත්තුවක් දී හමුදා සෙබළුන් දෙදෙනකු විසින් ටී 56 ගිනි අවි වලින් පසුගිය සැප්තැම්බර් 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් රණසිංහ මහතාව ඝාතනය කර ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිසිය පවසයි. ඝාතනය යනු මොන අයුරකින්වත් සාධාරණීකරණය කළ නොහැක්කකි. එහෙත් පාතලයන්, අපරාධකරුවන්, ත්රස්තවාදීන් වැනි අයගේ ඝාතනය සමාජයක යහපත සඳහා සිදුවන්නකි. මේ අහිංසක වෛද්‍යවරයාව මරා දමා ඇත්තේ ඇයි? ඔහු කළ වරද කුමක්ද? දැනට හෙළිවී ඇති පරිදි මෙය චැනල් හුටපටයක් නිසා කරන ලද්දක් බව කියති. එසේ නම් මෙය මුදල් නිසා සිදුකරන ලද කුරිරු ඝාතනයකි. ඊර්ෂ්‍යාව නිසා කළ අපරාධයකි. වෛද්‍ය විද්‍යාවේ පියා හිපොක්රට්රීස්ය. ඒ නමට පවා නිග්‍රහ වන මේ ඝාතනය සිදුකළේ හමුදා කපිතාන්වරයෙක්ගේ මෙහෙයවීමෙන් වීම තවත් ප්රශ්නයකි. සැකකාර වෛද්‍යවරයාගේ පාපොච්චාරණය ඒ බව තහවුරු කරන්නකි. කෙසේ හෝ පොලිස් ප්‍රශ්න කිරීම්වලින් තොරතුරු හෙළි වෙද්දී කපිතාන්වරයා ගේ කීමට වෙඩි තැබීමට පැමිණි හමුදා සෙබළු දෙදෙනා අතුරුදන්ව සිටිතියිද වාර්තාවේ. වෛද්‍යවරයකු යනු විටක දෙවියකු බඳු උත්තමයෙකි. අසරණ රෝගියෙකු මරණ මංචකයේ සිට යළි රැගෙන එන්නේ මේ කියන වෛද්‍යවරයායි. වෛද්‍යවරයකුට ඕනෑම රටක, ඕනෑම සමාජයක ලොකු පිළිගැනීමක්ද ඇත්තේ ඒ නිසාය. මීට දශක ගණනාවක පෙර ශ්‍රී ලංකාවේ සිටියේ වෙද මහත්වරුය. ගම්වල සිටි වෙද මහතා කිසි දිනක මුදල් බලාගෙන බේත් හේත් කළේ නැත. වෙද මහතා ගමේ ප්‍රභූවරයකු බවට පත්වූයේද වෙදකම මිනිස් සමාජයේ උන්නතිය හා පැවැත්ම සඳහා නොමිලේම ලබාදුන් නිසාය. කරන්දෙනියේ ප්‍රියංක ප්‍රසාද් රණසිංහ නම් වූ ඒ වෛද්‍යවරයා ද වැටෙන්නේ අප ඒ කියූ ගමේ වෙද මහතාගේ ගණයටය. බටහිර වෛද්‍ය විද්‍යාව හදාරා වෛද්‍යවරයකු බවට පත්වූ මොහු රුපියල් ශත හඹා නොගිය නිසාම, රෝගීහු වැල නොකැඩී මේ වෛද්‍යවරයා සොයා ආහ. ඒ රෝගීන්ගේ පැමිණීම ඉවසා සිටින්නට නොහැකි වූ කරන්දෙනියේ මේ කියන සැකකාර වෛද්‍යවරයා වෛද්‍ය රණසිංහ මහතාව ඝාතනය කරන්නට සිතුවේ නම් එය වෛද්‍ය වෘත්තියට පවා මනුෂ්‍යත්වයටද නිගාවකි. දැන් රණසිංහ වෛද්‍යවරයා මළ උන් අතරය. සැකකාර වෛද්‍යවරයකු රහස් පොලිස් අත්අඩංගුවේය. මේ සැකකාර වෛද්‍යවරයාගේ ඉතා මිතුරු හමුදා කපිතාන්වරයාද කළ අපරාධය පිළිබඳ දැන් පසුතැවෙනු විය හැකිය. මෙම සැකකාර වෛද්‍යවරයාගේ මවද වෛද්‍යවරියක් බව කියති. මොවුන් කරන්දෙනිය නගරයේ තැනක වෛද්‍ය චැනල් මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇත. විශේෂඥ වෛද්‍යවරුන් පවා වරින් වර පැමිණ රෝගීන්ව පරීක්ෂාවට ලක් කර තිබේ. නමුත් වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් රණසිංහ මහතාගේ "දිගාසි" වෛද්‍ය මධ්‍යස්ථානය නිසා රෝගීන්ගේ හිඟයෙන් පෙළුන සැකකාර වෛද්‍යවරයා මෙම ඝාතන විසඳුම තෝරාගෙන තිබේද? යුද්ධය අවසන් වුවද මරා ගැනීම් අවසන්ව නැත. තවමත් ගම්වල ඇතැම් මිනිස්සු ඉතා සුළු දේවල්වලට පවා මරා ගනිති. ඒ අතර ටී 56 ගිනි අවි වලින් වෙඩි තබා සැලසුම් සහගතවද ඝාතන කරති. පාතාලය ඉවර යෑයි පාරම්බෑවද අලුත් පාතාලයක් රට පුරා ක්‍රියාත්මකය. හෙරොයින් මත්කුඩු ජාවාරම්කරුවන් 350 ක් හඳුනාගෙන ඇතැයි සති අන්ත පුවත්පතක සඳහන්ව තිබිණි. හෙරොයින් මෙරටට ගෙන එන්නේ පොඩි මිනිසුන් නොව ලොකු දේශපාලන හයිය ඇති උදවිය බවද ප්රකටය. ටී 56 යනු බෙහෙත් කොටන තුවක්කුවක් නොව ස්වයංක්‍රීය ගිනි අවියකි. මේ ගිනි අවි දැරීමේ අයිතිය ඇත්තේ අපේ රටේ හමුදාවට හා පොලිසියට පමණි. දැන් නම් ටී. 56 ගිනි අවි ගමේ චණ්ඩින් අතපවා ඇතැයි අපට සිතේ. එනිසා මිනී මැරීම බල්ලන්, බළලුන් මරා දමනවාට වඩා සරල දෙයක් බවට පත්ව තිබේ. යුද්ධයක් පැවැති රටක යුද්ධයෙන් පසුව මෙවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්විය නොහැක්කකැයි ආණ්ඩුවේ ප්‍රධානීහුද බොහෝ විට කියති. එහෙත් ආණ්ඩුවක්, පාලනයක් ගෙන යන අය ඒවාට විසඳුම් දිය යුත්තෝය. තවමත් අවසන් නොවූ ආයුධ සංස්කෘතියක අපි හිරවී සිටිමු. මේ නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් අවශ්‍යය. නැතිනම් ආණ්ඩු විරෝධීන්ට හෝ ඊළම් වාදීන්ට යළි ගිනිඅවි අතට ගෙන මේ රට යළි ගිනි තබන්නට ඉඩ දිය යුතු නැත. කරන්දෙනිය දොස්තර මහතාගේ නාමයෙන් ඔහුව මරා දැමූවන්ට නිසි දඬුවම් ලැබෙනු ඇතැයි ජනතාව විශ්වාස කරති. මේ අතර මෙම ඝාතනය සිදුකළ බව කියන සැකකාර වෛද්‍යවරයාගේ නිවස සහ චැනල් සේවා මධ්‍යස්ථානයද ඊයේ (01 වැනිදා) වන විට ගිනිබත් කර තිබිණි. ඒවාටද ඉඩ නොදිය යුතු බව අපගේ වැටහීමය. "ගැහුවොත් ගහනවා, මැරුවොත් මරණවා න්‍යාය ගෝත්‍රික නොදියුණු සමාජවලට මිස ශිෂ්ට සමාජයකට නොගැලපේ. රටක නීතිය තිබිය යුත්තේ සියල්ලටම උඩිනි. "ඔබ මොන තරම් උස මිනිසෙකු වුවත් නීතිය තිබෙන්නේ උඩිනි" යන සුප්‍රකට කියමනක් තිබේ. එනිසා නීතිය, නීතිය බවට පත් කරනවා විනා නීතියට පිටින් කැලෑ නීති නොතිබිය යුතුය. අපේ රටේ අපරාධ රැල්ලට හේතුව පාතාලය එක නීතියකුත්, පොලිසිය තව නීතියකුත්, දේශපාලනඥයන් තව නීතියකුත් ආදි වශයෙන් එක එක නීති ක්‍රියාත්මක කිරීම නිසා නොවේද? කරන්දෙනිය හිත හොඳ දොස්තර මහතා ඝාතනය කළේ රුපියල් සත වෙනුවෙන්ය. මිනිසෙකුගේ ජිවිතය වටින්නේ එච්චරද? විශේෂයෙන්ම දොස්තර කෙනෙක්, තමාගේම සහෝදර දොස්තරවරයකු මරා දමන්නට තරම්ම මේ සමාජයේ මිනිස්කම නැතිවී ගොස් තිබෙන්නේද? විශේෂයෙන්ම උගත්, බුද්ධිමත් හා වැදගත් මහත්වරු ලෙස සැලකෙන වෛද්‍යවරුන් මෙවැනි බියගුලු, ම්ලේච්ඡ හා සාහසික ක්‍රියාවකට පෙළඹීමේ සමාජ වරද සිදුව ඇත්තේ කොතැනකද? ඒවාද සොයා බලා පිළියම් යෙදීම වගකිව යුත්තන්ගේ වගකීමකි. කරන්දෙනිය හිත හොඳ දොස්තර මහතා මරා දැමූ සිද්ධිය ඇසූ කවුරුත් හැඬූහ. දුක් වූහ. ඝාතකයින්ට ශාප කළහ. ඝාතනයක් කර ඝාතකයින්ට නිරුපද්‍රිතව සිටිය නොහැකිය. මේ හැම ඝාතකයෙක්ම ඝාතනවලින් පසු පිරිහේ. මානසික ව්‍යාධියට පත්වේ. එසේ නොවුණහොත් නීතියේ රැහැනට හසුව ජීවිත කාලයම ඒ කළ පව නිසා දුක් විඳිති. මේ මොන දේ නොවුණත් ස්වභාව දහම මේ ඝාතකයින්ට දඬුවම් දෙති. එනිසා කරන්දෙනියේ හිතහොඳ දොස්තර මහතා මේ භවයේත්, පෙර භවවලත් කළ පින්වල මහිමයෙන් නිවන්මගට පිවිස, අපරාධ කළ උන් අපාගත වනු ඇතැයි අපගේ විශ්වාසයයි. එසේම දිට්ඨධම්මවේදනීය කර්මයට අනුව ඝාතකයින්ට මෙලොවදීම දඬුවම් ලැබෙන බවද අපි දනිමු. එහෙත් ඊට වඩා වෙනස් ප්‍රතිචාරයක් සමාජයට අවශ්‍යය. ඒ මෙබඳු සාහසිකයන්ට නිසි දඬුවම් ලබාදීමත් නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමත්ය. මුළු මහත් රටම බලා සිටින්නේ ඒ යුක්ති ධර්මය දෙස බව පමණක් ලියා තබමු. [/SIZE] ශිරාන් රණසිංහ Divaina 02/11/2011 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom