Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගම්පෙරළියෙන් චිත්‍රපටයක් හදනවාට මහගත්ක&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගම්පෙරළියෙන් චිත්‍රපටයක් හදනවාට මහගත්ක&#

ගම්පෙරළියෙන් චිත්‍රපටයක් හදනවාට මහගත්කරු අකමැති වූ හැටි

සලරුවක කතාව

නන්දා - “බොරු, නිකම් මිනිහෙක් කුමාරියක් බඳින්නේ කොහොමද?”

පියල් - “සල්ලි තියෙනව නම් කුමාරියක් වුණත් බඳින්න බැරිද?”

මීට හරියටම වසර 55 කට පෙර තිර ගත වූ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගම්පෙරළිය චිත්‍රපටයේ එන මේ දර්ශනය කෙසේවත් අමතක කළ හැකිද? 1944 වසරේ නිකුත් වූ මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ගම්පෙරළිය නවකතාව සිනමාවට නැඟුණේ 1963 වසරේදීය.

මාර්ටින් වික්‍රමසිංහයන් පවසා ඇත්තේ ගම්පෙරළිය චිත්‍රපටයේ සියලුම චරිතයන්ට වස්තු බීජ කොට ගත්තේ තමාගේම ළඟම ඥාතීන්ගේ හා ඔවුන්ගේ ගෙදරවල සිටි සේවකයන්ගේ චරිතවලින් ඇබිත්තක් වශයෙන් ගෙන බවය.

1976 වසරේ නවයුගය පුවත්පතට වික්‍රමසිංහ මහතා සමග මා කළ සංවාදයක දී මෙසේ කියා සිටියේය.

ගම්පෙරළිය ලියනු සඳහා මගේ කල්පනාව පිබිදුණේ කිසියම් ඇත්දැකීම් මාත්‍රයක් නිසා නොවේ. කයිසාරුවත්තේ පවුලේ ජීවිතය නිසාය. ඒ පවුල මව්පියන්, සහෝදරියන්, මහප්පලා, බාප්පලා, මාමලා ආදීන්ගේ පවුල්වල උදවිය ද මම කුලුපගව ඇසුරු කළෙමි. ඔවුන් පිළිබඳ අත්දැකීම් ගම් පෙරළිය කිරීමට මගේ කල්පනාව පිබඳ වීය. ඒ අත්දැකීම් ඒ විදිහටම විස්තර කළොත් මගේ කතාවට හෑල්ලුවක් වෙයි. මම ඒ අත්දැකීම් වලින් මගේ අදහටසත්, විෂයටත්, දර්ශනපථයටත් උචිත අත්දැකීම්වලින් ද මගේ නුවණින් හා කල්පනාවෙන් තෝරා ගෙන අනුචිත දේ සිල්ලම බැහැර සිදුවීම් හා පරිසරය නිපදවා ඈඳා ගැළපීමට මා වහල්කොට ගත්තේ හේතුඵල ධර්මය නොවේ, කාලයයි.

ගම්පෙරළියේ සිදුවීම් අතුරු සිදුවීම් වැනිය. ඒවා එකට ඈඳා ගැළපීමෙන් එහි චරිත නිරූපණය කරන්නේ කාල ප්‍රවාහයයි. කාලය ගම්පෙරළිය මැදින් ගලා යන ප්‍රවාහයක් වැනිය.

ලෙස්ටර් ජේම්ස් පීරිස් රේඛාව නිපදවා වාණිජමය අතින් අසාර්ථක වූ පසු සිනමාස් සමාගමට වසර 10 ක් පිරීම නිමිත්තෙන් භාරතයේ සිටි ජනප්‍රිය නළුවකු හා චිත්‍රපට අධ්යක්ෂවරයකු වූ රාජ් කෆුර්ගෙන් සිනමාස් අධිපති කේ. ගුණරත්නම්ට අපූරු යෝජනාවක් ඉදිරිපත් කළ බව පැවසේ. එනම් ලෙස්ටර් චිත්‍රපටයක් කිරීමට අවස්ථාව දෙන ලෙසය. සන්දේශය වාණිජ අතින් සාර්ථක විය. සන්දේශය නිපදවන කාලයේ එහි ප්‍රධාන නළුවා වූද එකල පාසල් ඉංග්‍රීසි ගුරුවරයකු වූ ද ආනන්ද ජයරත්න ලෙස්ටර්ට ගම්පෙරළිය හා රෝහිණී චිත්‍රපට ගත කිරීමට සුදුසු නවකතාවන් ලෙස හඳුන්වා දී තිබුණි. එහෙත් ගම්පෙරළිය සිනමාවට නැගීමට සුදුසු නවකතාවක් බව ඩේලි නිව්ස් පත්‍රයෙන් හුවා දැක් වූයේ කලා විචාරක රෙජී සිරිවර්ධනය. මේ අතර ලංකාදීප කර්තෘ ඩී.බී. ධනපාල ද ගම්පෙරළිය ලෙස්ටර් ලවා සිනමාවට නැගීමට නිෂ්පාදකයකු සෙවීමට වෙහෙසී ඇත.

වරෙක ලෙස්ටර් ලේක් හවුස් අධිපති රංජිත් විජයවර්ධන මහතා මේ සඳහා හමුවී ඇත. ලෙස්ටර් ගම්පෙරළිය සිනමාවට නැගීමට අවසර ගැනීමට වික්‍රමසිංහයන් හමුවීමට ගොස් ඇත්තේ පසුව ප්‍රකට නාට්‍ය රචකයකු වූ සුගතපාල ද සිල්වා සමගය.

ලෙස්ටර් සන්දේශය කරලා ඓතිහාසික චිත්‍රපටයක් කරපු නිසා හොඳ නැද්ද? ගම්පෙරළියට ඉස්සෙල්ලා මගේ රෝහිණී කතාව තෝරා ගත්තොත්? වික්‍රමසිංහයන් අසා ඇත.

එහෙත් ලෙස්ටර් වික්රමසිංහයන්ට පුන පුනා කියා ඇත්තේ ගම්පෙරළිය නවකතාවෙන් සිනමාත්මක චිත්‍රපටයක් කිරීමට හැකි බවය. ගම්පෙරළියේ ජිනදාසගේ චරිතයට තෝරා ගෙන සිටින්නේ ගාමිණී ෆොන්සේකා බව ලෙස්ටර් පවසා ඇත්තේ පරිස්සමෙනි.

මගේ නව කතාවේ ජිනදාස කෙසඟ මිනිහෙක්. ගාමිණී ෆොන්සේකා ඒකට සුදුසු නෑ. එයා මල්ලවපොරකාරයෙක් වගේ. වික්‍රමසිංහයන් ෙලස්ටර්ගේ ඉල්ලීමට එරෙහි විය.

සුගතපාල ද සිල්වා ද ගාමිණී ජිනදාසගේ චරිතයට සාධාරණයක් ඉටු කරන බව සහතික විය. වික්‍රමසිංහයන් රන් මුතු දූව චිත්‍රපටයේ ගාමිණී රඟ පෑ වීර චරිතය දැකීමෙන් මෙම මතයේ එල්බ සිටි බව ලෙස්ටර් පවසා ඇත. කෙසේ වෙතත් ජිනදාසගේ චරිතයට ගාමිණීවම ගැනීම ලෙස්ටර් හිතුවක්කාර විය.

කුරුලු බැද්ද හා සිකුරු තරුව චිත්‍රපටවල රඟ පෑ පුණ්‍යා හීන්දෙණිය නන්දාගේ චරිතයට ෙත්රා ගැනීම ගැන වික්‍රමසිංහයන්ගේ ප්‍රසාදය හිමි විය. චිත්‍රපටයේ මහ ගෙදරට තෝරා ගෙන තිබූ බළපිටියේ මහ කප්පින වලව්වේ දර්ශන ගැනීම් බැලීමට වික්‍රමසිංහයන් තම බිරිය ප්‍රේමා මහත්මිය සමග කීප වතාවක් ගොස් ඇති අතර ඇතැම් දිනක පුණ්‍යාට මාතර පළාතේ ෙරද්ද හැට්ටය අඳින ආකාරය ගැන උපදෙස් දී තිබුණි.

පියල්ගේ චරිතයට හොඳම නළුවා හෙන්රි ජයසේන බව ලෙස්ටර් මුල සිටම සිතට ගෙන තිබුණි. චිත්‍රපට නළුවකු ලෙස හොඳ නළුවකු වුවද අසාර්ථක චිත්‍රපටවල රඟ පා තිබුණත් ඔහු නිෂ්පාදනය කළ වේදිකා නාට්‍යවල රංගනය ගැන ලෙස්ටර්ට මෙන්ම වික්රමසිංහයන්ට අවබෝධයක් තිබුණි. අවිවාහකව සිටි හෙන්රි දෙහිවල වෛද්‍ය පාරේ නිවසක කාමරයක නේවාසිකව සිටි අතර ලෙස්ටර්ගේ මහගෙදර තිබුණේ ද ඒ පාර ඉදිරිපිටම වාගේය. එක්තරා හවසක හෙන්රිට ලෙස්ටර්ගෙන් පණිවිඩයක් ලැබුණි. හෙන්රි එදිනම සවස එහි ගියේය.

අපි ගම්පෙරළිය නවකතාව චිත්‍රපටයට නඟන්න යනවා. බොහොම අමාරු වැඩක්. සටන් ජවනිකා, සින්දු නැහැ. අපි ඔබව පියල්ගේ චරිතයට තෝරා ගෙන තිබෙනවා.

හෙන්රි ජයසේන මේ ගැන කිව්වේ මේ කතාවය. මට ලෙස්ටර්ගේ ඒ ඇරයුමෙන් දෙනෙත් අදහා ගන්න බැරි වුණා. චිත්‍රපටය සඳහා වියදම් කරන්නේ ඇන්ටන් වික්‍රමසිංහ නමැත්තෙක් බවත් චිත්‍රපටයේ වාණිජ සාර්ථකත්වය ස්ථිර නැති නිසා එය අඩු වියදමකින් කළ යුතු බවත් ඔහු මට කිව්වා.

මට ගෙවන මුදල කුමක් වුවත් කමක් නැහැ. මෙය මා සිහිනෙන්වත් බලාපොරොත්තු නොවූ වාසනාවක්. ඔබතුමා යටතේ චිත්‍රපටයක විශේෂයෙන් ගම්පෙරළිය වගේ චිත්‍රපටයක රඟපාන්න ලැබීම ඊටත් වඩා ලොකු වාසනාවක්. මම ලෙස්ටර්ට කිව්වා. එහෙත් පියල්ගේ චරිතය සඳහා මා තෝරා ගැනීමට හෝතු වූ ප්‍රධානම කරුණ මා දැන ගත්තේ චිත්‍රපටය ප්‍රදර්ශනය කළාට පස්සේ, වසර ගණනක ඇසුරෙන් ලෙස්ටර්ට මා වඩාත් කුලුපග වූ පසුවයි. එනම් ගම්පෙරළිය පොතේ එක් තැනක සඳහන් පරිදි කජු පුහුලමක් වැනි නැහැයක් මට තිබුණු නිසාලු. එම සත්‍යය ඇසීමෙන් මගේ යටි සිත කීරි ගැසුණද එය පිටතට නොපෙන්වීමට මම උත්සාහ කළා.

ගම්පෙරළිය නිෂ්පාදන කාලය නොයෙකුත් විසිතුරු මතකවලින් යුතු බව හෙන්රි පවසා ඇත. රූගත කිරීම් සඳහා සියලු ප්‍රධාන නළු නිළියෝ නතර වී සිටියේ මහ කප්පින වලව්වේය. පුණ්‍යා සහ ඇගේ පියා ද එහිම නතර වී සිටියහ. රෑ කෑමෙන් පසු ලෙස්ටර්, සුමිත්රාර, විලී බ්ලේක් ඇතුළු හෙන්රි, පුණ්‍යා, තිස්ස අබේසේකර සාලය මැද විශාල රවුම් මේසය වටා වාඩි වී නොයෙකුත් වල්පල් දෙඩීමෙන් සතුටු වූහ. සිංහල සිනමාවේ මුල්ම යුගයේ ඉතා රසවත් සිද්ධි සමුදායක් ලෙස්ටර් හා විලී දැන සිටි බව කියන හෙන්රි දිනපතාම වාගේ ඔවුන් අලුත් අලුත් කතා ඇඳබාන විට මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ බේගල් මාමා කියූ කතා මෙන් නොව මේවා නම් සත්‍ය කතාම වූවාට සැකයක් නැතැයි පැවසුවේය.

කයිසාරුවත්තේ ලෙස රඟ පෑ ඩේවිඩ් ධර්මකීර්තිගේ පැරණි කතා මෙන්ම යාන්ස් ද ඇසීමට සියල්ලෝම කැමතියි. ඔහු අමු කුණුහරුපයෙන් ම ඒවා කියන විට නිළියෝ පැන දුවන බවද පැවසේ. කයිසාරුවත්තේ මියයන දර්ශනයේ අනුලාට රඟ පෑ ට්‍රිලීෂියා අබේකෝන් (ගුණවර්ධන) බුලත් කොළයකට සිද්ධාර්ථ තෛලයෙන් ටිකක් (එය වෙනත් තෙලකි) තවරා ඔහුගේ පපුව තවයි. ඇය අසල නන්දා (පුණ්‍යා හීන්දෙණිය) ශෝකයෙන් බලා සිටී.

කයිසාරුවත්තේ ‘‘පුතා පුතා’’ කියමින් පණ අදී. එසේ ඔහු රඟපාන අතරම ‘‘තව පල්ලෙහාට’’ අතගාපන් දුවේ එතකොට පණ එයි.’’ කියා හෙමින් කියන විට අනුලාට හා නන්දාට රඟ පෑ නිළියෝ සිනා සෙන්නට වූහ.

‘‘මොකද මේ දුක් මුසු සීන් එකක්’’ ලෙස්ටර් අසයි. දෙබස් පිටපත ඇතිව සිටි සහාය අධ්යක්ෂ තිස්ස අබේසේකර ද ලෙස්ටර් අසලට ගොස් යමක් කියයි. ලෙස්ටර් ද මහ හයියෙන් සිනාසෙයි.

ගම්පෙරළිය තිස්ස ලෙස වික්‍රම බෝගොඩ ද බලදාස ලෙස ටෝනි රණසිංහ ද විජේ ලෙස ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර ද රඟපෑමට ලෙස්ටර් තෝරා ගත්තේ සුගතපාල ද සිල්වාගේ බෝඩිංකාරයෝ වේදිකා නාට්‍යය 1962 වසරේ නැරඹීමෙන් පසුවය. මේ තිදෙනා එකතු වූ විට එතැන රස සාගරයක් වීලු. චිත්‍රපටයේ කත්තිරිනා ඔබට මතකද? ඇය මාතර හාමිනේගේ (ශාන්ති ලේඛා) සමීපම හිතවතියකි. පියල් ඉස්කෝලේ මහත්තයා නන්දා ගැන විවාහ යෝජනාව ඉදිරිපත් කරන්නේ ද කත්තිරිනා මාර්ගයෙනි.

‘‘උන්ට කවුද හිර දෙන්නේ මාතර හාමිනේ ‘‘මේ යෝජනාව අසා කුල ගර්වය නිසා කියන්නීය.

‘‘ඔව්. ඒ අතින් නම් ඒගොල්ල මොන මිනිස්සුද ?’’ කත්තිරිනා කියයි.

ගම්පෙරළියේ කත්තිරිනාට රඟපෑවේ සුමනා වීරසේකරය. මෑතදී ජීවිතයෙන් සමුගත් ඇය ජනරාල් ආනන්ද වීරසේකර (අද බුද්ධංගල ආනන්ද හිමි) හා හිටපු නියෝජ්‍ය ඇමැති සරත් වීරසේකරගේ මවය. අනුලා ලෙස රඟපෑමට තෝරා ගනු ලැබුවේ මනමේ නාට්‍යයේ කුමරිය ලෙස රඟ පෑ ට්‍රිලීෂියා අබේකෝන්ය. සුජාතා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ශාන්ති ලේඛා මෙහි මාතර හාමිනේ ලෙස රඟපෑවාය. ගීත නැති මුල්ම චිත්‍රපටය ගම්පෙරළිය වීම මෙහි තවත් විශේෂයකි. අමරදේවයන්ගේ පසුබිම් සංගීත නිර්මාණය අර්ථාන්විත විය.

තිස්ස අබේසේකර මුල් වරට සහාය අධ්යක්ෂවරයකු හා අමතර දෙබස් රචකයකු ලෙස සිනමාවට එක් වන්නේ මේ චිත්‍රපටයෙනි. සන්දේශය චිත්‍රපටය බලා නිර්දය විචාරයක් ලියා එවන තරුණයකු ගැන ලෙස්ටර් අවධානය යොමු කළේය. ලෙස්ටර් ඔහු නිවසට කැඳවීය. අනතුරුව චිත්‍රපටයට සම්බන්ධ කර ගත්තේය. තිර නාටකය රචනා කළේ රෙජී සිරිවර්ධනය. සංස්කරණය භාර වූයේ සුමිත්‍රා ගුණවර්ධනටය. ප්‍රංශයේ සිනමාව හැදෑරූ ඇය වාමාංශික නායක පිලිප් ගුණවර්ධනගේ ලේළි කෙනෙකි. ඇය ලෙස්ටර්ට කොතරම් ළෙන්ගතු වුවාද යත් තම ඉඩමක් පවා විකුණා ගම්පොරළියට මුදල් යෙදවූවා පමණක් නොව අනාගත භාර්යාව ද වූවාය. කලා අධ්යක්ෂවරයා සන්දේශයෙන් හපන්කම් පෑ ආරියවංශ වීරක්කොඩිය.

ගම්පෙරළිය කතාව විකාශය වන්නේ මෙසේය. කොග්ගල කයිසාරුවත්තේ මුහන්දිරම්ට දියණියන් දෙදෙනකු ද එක් පුතෙක් ද වෙති. ලොකු දුව අනුලා (ට්‍රිලීෂියා ගුණවර්ධන) වන අතර පොඩි දුව නන්දා (පුණ්‍යා හීන්දෙණිය) වන අතර පුතා තිස්ස (වික්‍රම බෝගොඩ) මොවුන් ජීවත් වූ නිවස මහගෙදර ලෙස ගම්මු හැඳින් වූහ. නන්දාට ඉංග්‍රීසි ඉගැන්වීමට පැමිණෙන උගත් තරුණයකු වූ පියල් (හෙන්රි ජයසේන) ඇයට ආදරය කරයි. පියල් නන්දා ගැන කරන විවාහ යෝජනාවට දෙමාපියන් අකමැති වන්ෙන් කුල ගර්වය නිසාය. පියල් රැකියාවක් සොයා කොළඹ යයි. නන්දා අසනීප වන අතර ඇය සුව වූ පසු උසස් කුලයකින් පැවත එන ජිනදාසට (ගාමිණී ෆොන්සේකා) විවාහ කර දෙති. නන්දා ප්‍රසූත කරන දරුවා මිය යාම නිසාත්, ගෙදර ආර්ථික අහේනි හේතු කොට ජිනදාස වෙළෙඳාමක් කිරීමට බිබිලේ යයි. ඉන් පසු ජිනදාස මියගිය පුවත ලැබී නන්දා කැළඹුණාය. මේ වන විට කොළඹ ගිය පියල් ධනවතකු වී නිතර නිතර ගමට එන්නේය. ඔහුගේ හිත තවමත් නන්දාටය. මහගෙදර අග හිඟකම් ඇතිවෙයි. පියල්ට තමා තුළ තිබූ නන්දාගේ ආදරය මතු වෙයි. පියල්ගේ යෝජනාව නිසා කණවැන්දුම් නන්දා විවාහ කරගෙන කොළඹ පදිංචි වෙති. හිටි හැටියේ ලැබෙන විදුලි පුවතකින් නන්දා සසල වෙයි. එහි සඳහන් වන්නේ සැමියා රෝහල් ගත කර ඇති බවය.

පියල් කොළඹින් පිට ගොස් සිටි අතර නන්දා හා පියල්ගේ මව රෝහලට යන විට ජිනදාස මිය ගොස් සිටියේය. අවසන් කටයුතු නිම කොට නන්දා කොළඹ නිවසට එන්නේ ජිනදාස ගැන බලවත් සොවකිනි. පියල් එන විට නන්දා සියලු විස්තර කියයි. සෝක වෙයි. මෙහි දී වන වචන හුවමාරුවේදී පියල් මෙසේ කියයි. ජිනදාස භූමිදානය කළේ මගේ සල්ලි වලින්. මෙයින් නන්දා කම්පනය වන අතර පියල් සමාව අයදියි.

ගම්පෙරළිය චිත්‍රපටය 1963 වසරේ තිරගත වූ අතර 1964 වසරේදී එක්සත් ලංකා රසික සංගමයේ චිත්‍රපට සම්මාන උළෙලේදී සම්මාන 6 ක් ද ප්‍රථම සරසවි චිත්‍රපට උළෙලේදී සම්මාන 8 කින්ද පුද ලැබීය. 1965 නව දිල්ලියේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස The Golden Peacock (රණ මයුර) සම්මානය දිනා ගන්නා විට ගම්පෙරළිය ලංකාවේ තිර ගත වෙමින් තිබුණේ එක් සිනමා හලකය. ඒ තොටළඟ මිනර්වා නම් අඩු පහසුකම් තිබූ කැලණි පාලම යට තිබූ සිනමා හලකය. ජගත් සම්මානයක් ලත් මේ චිත්‍රපටය නැරඹීමට ජනතාව රොක් වී ඇත. මේ වන විට ගම්පෙරළිය චිත්‍රපටයෙන් ලබා තිබූ මුළු පාඩුව රුපියල් 17,000 ක් බවත් පසුව ලෙස්ටර් ලැබුණු ඇතැම් සම්මානයක අඩංගු රත්තරන්වලින් එම පාඩුව පියවී ගිය බව මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ලෙස්ටර් ගැන ලියූ ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය සිනමාවේදියා කෘතියේ සඳහන් වෙයි.

ගම්පෙරළිය චිත්‍රපටය නැරඹූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ සිනමා හළින් නික්ම ගොස් ඇත්තේ කුමක්ද මේ සිදු වූ ආශ්චර්යය මේ ඕපපාතික කලා කෘතිය කෙසේ ප්‍රාදූර්භූත වූවා දැයි මවිත වෙමින් බව 1964 ජනවාරි 10 වැනිදා දිනමිණ පත්‍රයට ලියා තිබුණි.

එහෙත් ගම්පෙරළිය නවකතාව ලියූ මාර්ටින් වික්‍රමසිංහයන් අහස උසට ඔසවා තිබූ විචාර ගැන පළ කළ අදහස් අවුස්සනසුලුය. ඔහුගේ සිත් තරයේ ඇදගෙන ඇත්තේ පරගොඩ වන්දනා ගමනය. මෝල්ටඩ් මිල්ක් පියල්ගෙන් ලැබුණු තෑග්ගක් බව ඇසූ රෝගාතුර නන්දා ඒ කිරි කෝප්පය වීසි කරයි. ඒ පිළිබඳව කතුවරයාගේ අදහස් මෙසේය.

ෙම් අවස්ථාව චිත්‍රපටයට නැඟෙන්නේ මා කරන මේ වර්ණනාවටත් නන්දාගේ චරිතයටත් නොගැළපෙන හැටියෙනි. මහා හඬක් පිටවන්නේ හුළං පිරුණ රබර් බෝලයක් පිපිරුණු විටය. දිය පිරුණු රබර් බෝලයක් පිපිරුණු විට පිටවන්නේ හදිසියේ වතුර උතුරන විට පිටවන හඬ වැනි විසිරුණු හඬක් යැයි මම සිතමි. එය නන්දා මැඩගන්නට වෑයම් කළ ශෝකය නිසා පිට වුණ සංයත හැඬුම හා හැඟුම හඳුන්වනු පිණිස යෙදුණු රූපකයකි. පුණ්‍යා හීන්දෙණිය ඝාණ්ටාරාවය වැනි හඬින් විලාප නැගීම අනුචිතය. එය ගැමි ජීවිතයටත් නන්දාගේ චරිතයටත් පටහැණි වූවකි.

ගම්පෙරළිය නාගරික සභ්‍යත්වයට හසුවන ගැමි ජීවිතයක් නිරූපණය කරන්නක් මිස ගමක විපර්යාසය නිරූපණය කරන්නක් නොවන බවද වික්‍රමසිංහයන් කියන විග්‍රහය ඩයස් ගුණරත්න විසින් සංස්කරණය කළ සරසවි සිනමා වාර්ෂිකය 1964 සංග්‍රහයේ 14 වැනි පිටුවේ සඳහන්ව තිබුණි. කෙසේ වුවද ගම්පෙරළිය චිත්‍රපටය බලා වික්‍රමසිංහයන් ජිනදාස ලෙස රඟ පෑ ගාමිණීට ප්‍රශංසා කර ඇත.

ඒ.ඩී. රන්ජිත් කුමාර

ඡායාරූප පිටපත් කිරීම: ලාල් සෙනරත්

[QUOTE="araki, post: 23111552, member: 360239"] [b]ගම්පෙරළියෙන් චිත්‍රපටයක් හදනවාට මහගත්ක&#[/b] [B][SIZE=5]ගම්පෙරළියෙන් චිත්‍රපටයක් හදනවාට මහගත්කරු අකමැති වූ හැටි[/SIZE][/B] [COLOR=#B22222][B][SIZE=5]සලරුවක කතාව[/SIZE][/B][/COLOR] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_14dc83ccdc.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]නන්දා - “බොරු, නිකම් මිනිහෙක් කුමාරියක් බඳින්නේ කොහොමද?” [/SIZE] [SIZE=5]පියල් - “සල්ලි තියෙනව නම් කුමාරියක් වුණත් බඳින්න බැරිද?” [/SIZE] [SIZE=5]මීට හරියටම වසර 55 කට පෙර තිර ගත වූ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගම්පෙරළිය චිත්‍රපටයේ එන මේ දර්ශනය කෙසේවත් අමතක කළ හැකිද? 1944 වසරේ නිකුත් වූ මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ගම්පෙරළිය නවකතාව සිනමාවට නැඟුණේ 1963 වසරේදීය. [/SIZE] [SIZE=5]මාර්ටින් වික්‍රමසිංහයන් පවසා ඇත්තේ ගම්පෙරළිය චිත්‍රපටයේ සියලුම චරිතයන්ට වස්තු බීජ කොට ගත්තේ තමාගේම ළඟම ඥාතීන්ගේ හා ඔවුන්ගේ ගෙදරවල සිටි සේවකයන්ගේ චරිතවලින් ඇබිත්තක් වශයෙන් ගෙන බවය. 1976 වසරේ නවයුගය පුවත්පතට වික්‍රමසිංහ මහතා සමග මා කළ සංවාදයක දී මෙසේ කියා සිටියේය. [/SIZE] [SIZE=5]ගම්පෙරළිය ලියනු සඳහා මගේ කල්පනාව පිබිදුණේ කිසියම් ඇත්දැකීම් මාත්‍රයක් නිසා නොවේ. කයිසාරුවත්තේ පවුලේ ජීවිතය නිසාය. ඒ පවුල මව්පියන්, සහෝදරියන්, මහප්පලා, බාප්පලා, මාමලා ආදීන්ගේ පවුල්වල උදවිය ද මම කුලුපගව ඇසුරු කළෙමි. ඔවුන් පිළිබඳ අත්දැකීම් ගම් පෙරළිය කිරීමට මගේ කල්පනාව පිබඳ වීය. ඒ අත්දැකීම් ඒ විදිහටම විස්තර කළොත් මගේ කතාවට හෑල්ලුවක් වෙයි. මම ඒ අත්දැකීම් වලින් මගේ අදහටසත්, විෂයටත්, දර්ශනපථයටත් උචිත අත්දැකීම්වලින් ද මගේ නුවණින් හා කල්පනාවෙන් තෝරා ගෙන අනුචිත දේ සිල්ලම බැහැර සිදුවීම් හා පරිසරය නිපදවා ඈඳා ගැළපීමට මා වහල්කොට ගත්තේ හේතුඵල ධර්මය නොවේ, කාලයයි. [/SIZE] [SIZE=5]ගම්පෙරළියේ සිදුවීම් අතුරු සිදුවීම් වැනිය. ඒවා එකට ඈඳා ගැළපීමෙන් එහි චරිත නිරූපණය කරන්නේ කාල ප්‍රවාහයයි. කාලය ගම්පෙරළිය මැදින් ගලා යන ප්‍රවාහයක් වැනිය. [/SIZE] [SIZE=5]ලෙස්ටර් ජේම්ස් පීරිස් රේඛාව නිපදවා වාණිජමය අතින් අසාර්ථක වූ පසු සිනමාස් සමාගමට වසර 10 ක් පිරීම නිමිත්තෙන් භාරතයේ සිටි ජනප්‍රිය නළුවකු හා චිත්‍රපට අධ්යක්ෂවරයකු වූ රාජ් කෆුර්ගෙන් සිනමාස් අධිපති කේ. ගුණරත්නම්ට අපූරු යෝජනාවක් ඉදිරිපත් කළ බව පැවසේ. එනම් ලෙස්ටර් චිත්‍රපටයක් කිරීමට අවස්ථාව දෙන ලෙසය. සන්දේශය වාණිජ අතින් සාර්ථක විය. සන්දේශය නිපදවන කාලයේ එහි ප්‍රධාන නළුවා වූද එකල පාසල් ඉංග්‍රීසි ගුරුවරයකු වූ ද ආනන්ද ජයරත්න ලෙස්ටර්ට ගම්පෙරළිය හා රෝහිණී චිත්‍රපට ගත කිරීමට සුදුසු නවකතාවන් ලෙස හඳුන්වා දී තිබුණි. එහෙත් ගම්පෙරළිය සිනමාවට නැගීමට සුදුසු නවකතාවක් බව ඩේලි නිව්ස් පත්‍රයෙන් හුවා දැක් වූයේ කලා විචාරක රෙජී සිරිවර්ධනය. මේ අතර ලංකාදීප කර්තෘ ඩී.බී. ධනපාල ද ගම්පෙරළිය ලෙස්ටර් ලවා සිනමාවට නැගීමට නිෂ්පාදකයකු සෙවීමට වෙහෙසී ඇත.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_4ee03a7401.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]වරෙක ලෙස්ටර් ලේක් හවුස් අධිපති රංජිත් විජයවර්ධන මහතා මේ සඳහා හමුවී ඇත. ලෙස්ටර් ගම්පෙරළිය සිනමාවට නැගීමට අවසර ගැනීමට වික්‍රමසිංහයන් හමුවීමට ගොස් ඇත්තේ පසුව ප්‍රකට නාට්‍ය රචකයකු වූ සුගතපාල ද සිල්වා සමගය. ලෙස්ටර් සන්දේශය කරලා ඓතිහාසික චිත්‍රපටයක් කරපු නිසා හොඳ නැද්ද? ගම්පෙරළියට ඉස්සෙල්ලා මගේ රෝහිණී කතාව තෝරා ගත්තොත්? වික්‍රමසිංහයන් අසා ඇත. [/SIZE] [SIZE=5]එහෙත් ලෙස්ටර් වික්රමසිංහයන්ට පුන පුනා කියා ඇත්තේ ගම්පෙරළිය නවකතාවෙන් සිනමාත්මක චිත්‍රපටයක් කිරීමට හැකි බවය. ගම්පෙරළියේ ජිනදාසගේ චරිතයට තෝරා ගෙන සිටින්නේ ගාමිණී ෆොන්සේකා බව ලෙස්ටර් පවසා ඇත්තේ පරිස්සමෙනි. [/SIZE] [SIZE=5]මගේ නව කතාවේ ජිනදාස කෙසඟ මිනිහෙක්. ගාමිණී ෆොන්සේකා ඒකට සුදුසු නෑ. එයා මල්ලවපොරකාරයෙක් වගේ. වික්‍රමසිංහයන් ෙලස්ටර්ගේ ඉල්ලීමට එරෙහි විය. [/SIZE] [SIZE=5]සුගතපාල ද සිල්වා ද ගාමිණී ජිනදාසගේ චරිතයට සාධාරණයක් ඉටු කරන බව සහතික විය. වික්‍රමසිංහයන් රන් මුතු දූව චිත්‍රපටයේ ගාමිණී රඟ පෑ වීර චරිතය දැකීමෙන් මෙම මතයේ එල්බ සිටි බව ලෙස්ටර් පවසා ඇත. කෙසේ වෙතත් ජිනදාසගේ චරිතයට ගාමිණීවම ගැනීම ලෙස්ටර් හිතුවක්කාර විය. [/SIZE] [SIZE=5]කුරුලු බැද්ද හා සිකුරු තරුව චිත්‍රපටවල රඟ පෑ පුණ්‍යා හීන්දෙණිය නන්දාගේ චරිතයට ෙත්රා ගැනීම ගැන වික්‍රමසිංහයන්ගේ ප්‍රසාදය හිමි විය. චිත්‍රපටයේ මහ ගෙදරට තෝරා ගෙන තිබූ බළපිටියේ මහ කප්පින වලව්වේ දර්ශන ගැනීම් බැලීමට වික්‍රමසිංහයන් තම බිරිය ප්‍රේමා මහත්මිය සමග කීප වතාවක් ගොස් ඇති අතර ඇතැම් දිනක පුණ්‍යාට මාතර පළාතේ ෙරද්ද හැට්ටය අඳින ආකාරය ගැන උපදෙස් දී තිබුණි. [/SIZE] [SIZE=5]පියල්ගේ චරිතයට හොඳම නළුවා හෙන්රි ජයසේන බව ලෙස්ටර් මුල සිටම සිතට ගෙන තිබුණි. චිත්‍රපට නළුවකු ලෙස හොඳ නළුවකු වුවද අසාර්ථක චිත්‍රපටවල රඟ පා තිබුණත් ඔහු නිෂ්පාදනය කළ වේදිකා නාට්‍යවල රංගනය ගැන ලෙස්ටර්ට මෙන්ම වික්රමසිංහයන්ට අවබෝධයක් තිබුණි. අවිවාහකව සිටි හෙන්රි දෙහිවල වෛද්‍ය පාරේ නිවසක කාමරයක නේවාසිකව සිටි අතර ලෙස්ටර්ගේ මහගෙදර තිබුණේ ද ඒ පාර ඉදිරිපිටම වාගේය. එක්තරා හවසක හෙන්රිට ලෙස්ටර්ගෙන් පණිවිඩයක් ලැබුණි. හෙන්රි එදිනම සවස එහි ගියේය. [/SIZE] [SIZE=5]අපි ගම්පෙරළිය නවකතාව චිත්‍රපටයට නඟන්න යනවා. බොහොම අමාරු වැඩක්. සටන් ජවනිකා, සින්දු නැහැ. අපි ඔබව පියල්ගේ චරිතයට තෝරා ගෙන තිබෙනවා. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_6f6370622e.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]හෙන්රි ජයසේන මේ ගැන කිව්වේ මේ කතාවය. මට ලෙස්ටර්ගේ ඒ ඇරයුමෙන් දෙනෙත් අදහා ගන්න බැරි වුණා. චිත්‍රපටය සඳහා වියදම් කරන්නේ ඇන්ටන් වික්‍රමසිංහ නමැත්තෙක් බවත් චිත්‍රපටයේ වාණිජ සාර්ථකත්වය ස්ථිර නැති නිසා එය අඩු වියදමකින් කළ යුතු බවත් ඔහු මට කිව්වා. [/SIZE] [SIZE=5]මට ගෙවන මුදල කුමක් වුවත් කමක් නැහැ. මෙය මා සිහිනෙන්වත් බලාපොරොත්තු නොවූ වාසනාවක්. ඔබතුමා යටතේ චිත්‍රපටයක විශේෂයෙන් ගම්පෙරළිය වගේ චිත්‍රපටයක රඟපාන්න ලැබීම ඊටත් වඩා ලොකු වාසනාවක්. මම ලෙස්ටර්ට කිව්වා. එහෙත් පියල්ගේ චරිතය සඳහා මා තෝරා ගැනීමට හෝතු වූ ප්‍රධානම කරුණ මා දැන ගත්තේ චිත්‍රපටය ප්‍රදර්ශනය කළාට පස්සේ, වසර ගණනක ඇසුරෙන් ලෙස්ටර්ට මා වඩාත් කුලුපග වූ පසුවයි. එනම් ගම්පෙරළිය පොතේ එක් තැනක සඳහන් පරිදි කජු පුහුලමක් වැනි නැහැයක් මට තිබුණු නිසාලු. එම සත්‍යය ඇසීමෙන් මගේ යටි සිත කීරි ගැසුණද එය පිටතට නොපෙන්වීමට මම උත්සාහ කළා. [/SIZE] [SIZE=5]ගම්පෙරළිය නිෂ්පාදන කාලය නොයෙකුත් විසිතුරු මතකවලින් යුතු බව හෙන්රි පවසා ඇත. රූගත කිරීම් සඳහා සියලු ප්‍රධාන නළු නිළියෝ නතර වී සිටියේ මහ කප්පින වලව්වේය. පුණ්‍යා සහ ඇගේ පියා ද එහිම නතර වී සිටියහ. රෑ කෑමෙන් පසු ලෙස්ටර්, සුමිත්රාර, විලී බ්ලේක් ඇතුළු හෙන්රි, පුණ්‍යා, තිස්ස අබේසේකර සාලය මැද විශාල රවුම් මේසය වටා වාඩි වී නොයෙකුත් වල්පල් දෙඩීමෙන් සතුටු වූහ. සිංහල සිනමාවේ මුල්ම යුගයේ ඉතා රසවත් සිද්ධි සමුදායක් ලෙස්ටර් හා විලී දැන සිටි බව කියන හෙන්රි දිනපතාම වාගේ ඔවුන් අලුත් අලුත් කතා ඇඳබාන විට මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ බේගල් මාමා කියූ කතා මෙන් නොව මේවා නම් සත්‍ය කතාම වූවාට සැකයක් නැතැයි පැවසුවේය. [/SIZE] [SIZE=5]කයිසාරුවත්තේ ලෙස රඟ පෑ ඩේවිඩ් ධර්මකීර්තිගේ පැරණි කතා මෙන්ම යාන්ස් ද ඇසීමට සියල්ලෝම කැමතියි. ඔහු අමු කුණුහරුපයෙන් ම ඒවා කියන විට නිළියෝ පැන දුවන බවද පැවසේ. කයිසාරුවත්තේ මියයන දර්ශනයේ අනුලාට රඟ පෑ ට්‍රිලීෂියා අබේකෝන් (ගුණවර්ධන) බුලත් කොළයකට සිද්ධාර්ථ තෛලයෙන් ටිකක් (එය වෙනත් තෙලකි) තවරා ඔහුගේ පපුව තවයි. ඇය අසල නන්දා (පුණ්‍යා හීන්දෙණිය) ශෝකයෙන් බලා සිටී. [/SIZE] [SIZE=5]කයිසාරුවත්තේ ‘‘පුතා පුතා’’ කියමින් පණ අදී. එසේ ඔහු රඟපාන අතරම ‘‘තව පල්ලෙහාට’’ අතගාපන් දුවේ එතකොට පණ එයි.’’ කියා හෙමින් කියන විට අනුලාට හා නන්දාට රඟ පෑ නිළියෝ සිනා සෙන්නට වූහ. ‘‘මොකද මේ දුක් මුසු සීන් එකක්’’ ලෙස්ටර් අසයි. දෙබස් පිටපත ඇතිව සිටි සහාය අධ්යක්ෂ තිස්ස අබේසේකර ද ලෙස්ටර් අසලට ගොස් යමක් කියයි. ලෙස්ටර් ද මහ හයියෙන් සිනාසෙයි. [/SIZE] [SIZE=5]ගම්පෙරළිය තිස්ස ලෙස වික්‍රම බෝගොඩ ද බලදාස ලෙස ටෝනි රණසිංහ ද විජේ ලෙස ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර ද රඟපෑමට ලෙස්ටර් තෝරා ගත්තේ සුගතපාල ද සිල්වාගේ බෝඩිංකාරයෝ වේදිකා නාට්‍යය 1962 වසරේ නැරඹීමෙන් පසුවය. මේ තිදෙනා එකතු වූ විට එතැන රස සාගරයක් වීලු. චිත්‍රපටයේ කත්තිරිනා ඔබට මතකද? ඇය මාතර හාමිනේගේ (ශාන්ති ලේඛා) සමීපම හිතවතියකි. පියල් ඉස්කෝලේ මහත්තයා නන්දා ගැන විවාහ යෝජනාව ඉදිරිපත් කරන්නේ ද කත්තිරිනා මාර්ගයෙනි. [/SIZE] [SIZE=5]‘‘උන්ට කවුද හිර දෙන්නේ මාතර හාමිනේ ‘‘මේ යෝජනාව අසා කුල ගර්වය නිසා කියන්නීය. [/SIZE] [SIZE=5]‘‘ඔව්. ඒ අතින් නම් ඒගොල්ල මොන මිනිස්සුද ?’’ කත්තිරිනා කියයි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_5421918580.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ගම්පෙරළියේ කත්තිරිනාට රඟපෑවේ සුමනා වීරසේකරය. මෑතදී ජීවිතයෙන් සමුගත් ඇය ජනරාල් ආනන්ද වීරසේකර (අද බුද්ධංගල ආනන්ද හිමි) හා හිටපු නියෝජ්‍ය ඇමැති සරත් වීරසේකරගේ මවය. අනුලා ලෙස රඟපෑමට තෝරා ගනු ලැබුවේ මනමේ නාට්‍යයේ කුමරිය ලෙස රඟ පෑ ට්‍රිලීෂියා අබේකෝන්ය. සුජාතා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ශාන්ති ලේඛා මෙහි මාතර හාමිනේ ලෙස රඟපෑවාය. ගීත නැති මුල්ම චිත්‍රපටය ගම්පෙරළිය වීම මෙහි තවත් විශේෂයකි. අමරදේවයන්ගේ පසුබිම් සංගීත නිර්මාණය අර්ථාන්විත විය. [/SIZE] [SIZE=5]තිස්ස අබේසේකර මුල් වරට සහාය අධ්යක්ෂවරයකු හා අමතර දෙබස් රචකයකු ලෙස සිනමාවට එක් වන්නේ මේ චිත්‍රපටයෙනි. සන්දේශය චිත්‍රපටය බලා නිර්දය විචාරයක් ලියා එවන තරුණයකු ගැන ලෙස්ටර් අවධානය යොමු කළේය. ලෙස්ටර් ඔහු නිවසට කැඳවීය. අනතුරුව චිත්‍රපටයට සම්බන්ධ කර ගත්තේය. තිර නාටකය රචනා කළේ රෙජී සිරිවර්ධනය. සංස්කරණය භාර වූයේ සුමිත්‍රා ගුණවර්ධනටය. ප්‍රංශයේ සිනමාව හැදෑරූ ඇය වාමාංශික නායක පිලිප් ගුණවර්ධනගේ ලේළි කෙනෙකි. ඇය ලෙස්ටර්ට කොතරම් ළෙන්ගතු වුවාද යත් තම ඉඩමක් පවා විකුණා ගම්පොරළියට මුදල් යෙදවූවා පමණක් නොව අනාගත භාර්යාව ද වූවාය. කලා අධ්යක්ෂවරයා සන්දේශයෙන් හපන්කම් පෑ ආරියවංශ වීරක්කොඩිය. [/SIZE] [SIZE=5]ගම්පෙරළිය කතාව විකාශය වන්නේ මෙසේය. කොග්ගල කයිසාරුවත්තේ මුහන්දිරම්ට දියණියන් දෙදෙනකු ද එක් පුතෙක් ද වෙති. ලොකු දුව අනුලා (ට්‍රිලීෂියා ගුණවර්ධන) වන අතර පොඩි දුව නන්දා (පුණ්‍යා හීන්දෙණිය) වන අතර පුතා තිස්ස (වික්‍රම බෝගොඩ) මොවුන් ජීවත් වූ නිවස මහගෙදර ලෙස ගම්මු හැඳින් වූහ. නන්දාට ඉංග්‍රීසි ඉගැන්වීමට පැමිණෙන උගත් තරුණයකු වූ පියල් (හෙන්රි ජයසේන) ඇයට ආදරය කරයි. පියල් නන්දා ගැන කරන විවාහ යෝජනාවට දෙමාපියන් අකමැති වන්ෙන් කුල ගර්වය නිසාය. පියල් රැකියාවක් සොයා කොළඹ යයි. නන්දා අසනීප වන අතර ඇය සුව වූ පසු උසස් කුලයකින් පැවත එන ජිනදාසට (ගාමිණී ෆොන්සේකා) විවාහ කර දෙති. නන්දා ප්‍රසූත කරන දරුවා මිය යාම නිසාත්, ගෙදර ආර්ථික අහේනි හේතු කොට ජිනදාස වෙළෙඳාමක් කිරීමට බිබිලේ යයි. ඉන් පසු ජිනදාස මියගිය පුවත ලැබී නන්දා කැළඹුණාය. මේ වන විට කොළඹ ගිය පියල් ධනවතකු වී නිතර නිතර ගමට එන්නේය. ඔහුගේ හිත තවමත් නන්දාටය. මහගෙදර අග හිඟකම් ඇතිවෙයි. පියල්ට තමා තුළ තිබූ නන්දාගේ ආදරය මතු වෙයි. පියල්ගේ යෝජනාව නිසා කණවැන්දුම් නන්දා විවාහ කරගෙන කොළඹ පදිංචි වෙති. හිටි හැටියේ ලැබෙන විදුලි පුවතකින් නන්දා සසල වෙයි. එහි සඳහන් වන්නේ සැමියා රෝහල් ගත කර ඇති බවය. [/SIZE] [SIZE=5]පියල් කොළඹින් පිට ගොස් සිටි අතර නන්දා හා පියල්ගේ මව රෝහලට යන විට ජිනදාස මිය ගොස් සිටියේය. අවසන් කටයුතු නිම කොට නන්දා කොළඹ නිවසට එන්නේ ජිනදාස ගැන බලවත් සොවකිනි. පියල් එන විට නන්දා සියලු විස්තර කියයි. සෝක වෙයි. මෙහි දී වන වචන හුවමාරුවේදී පියල් මෙසේ කියයි. ජිනදාස භූමිදානය කළේ මගේ සල්ලි වලින්. මෙයින් නන්දා කම්පනය වන අතර පියල් සමාව අයදියි. [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_1f56111271.jpg[/IMG]ගම්පෙරළිය චිත්‍රපටය 1963 වසරේ තිරගත වූ අතර 1964 වසරේදී එක්සත් ලංකා රසික සංගමයේ චිත්‍රපට සම්මාන උළෙලේදී සම්මාන 6 ක් ද ප්‍රථම සරසවි චිත්‍රපට උළෙලේදී සම්මාන 8 කින්ද පුද ලැබීය. 1965 නව දිල්ලියේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස The Golden Peacock (රණ මයුර) සම්මානය දිනා ගන්නා විට ගම්පෙරළිය ලංකාවේ තිර ගත වෙමින් තිබුණේ එක් සිනමා හලකය. ඒ තොටළඟ මිනර්වා නම් අඩු පහසුකම් තිබූ කැලණි පාලම යට තිබූ සිනමා හලකය. ජගත් සම්මානයක් ලත් මේ චිත්‍රපටය නැරඹීමට ජනතාව රොක් වී ඇත. මේ වන විට ගම්පෙරළිය චිත්‍රපටයෙන් ලබා තිබූ මුළු පාඩුව රුපියල් 17,000 ක් බවත් පසුව ලෙස්ටර් ලැබුණු ඇතැම් සම්මානයක අඩංගු රත්තරන්වලින් එම පාඩුව පියවී ගිය බව මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ලෙස්ටර් ගැන ලියූ ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය සිනමාවේදියා කෘතියේ සඳහන් වෙයි. ගම්පෙරළිය චිත්‍රපටය නැරඹූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ සිනමා හළින් නික්ම ගොස් ඇත්තේ කුමක්ද මේ සිදු වූ ආශ්චර්යය මේ ඕපපාතික කලා කෘතිය කෙසේ ප්‍රාදූර්භූත වූවා දැයි මවිත වෙමින් බව 1964 ජනවාරි 10 වැනිදා දිනමිණ පත්‍රයට ලියා තිබුණි. [/SIZE] [SIZE=5]එහෙත් ගම්පෙරළිය නවකතාව ලියූ මාර්ටින් වික්‍රමසිංහයන් අහස උසට ඔසවා තිබූ විචාර ගැන පළ කළ අදහස් අවුස්සනසුලුය. ඔහුගේ සිත් තරයේ ඇදගෙන ඇත්තේ පරගොඩ වන්දනා ගමනය. මෝල්ටඩ් මිල්ක් පියල්ගෙන් ලැබුණු තෑග්ගක් බව ඇසූ රෝගාතුර නන්දා ඒ කිරි කෝප්පය වීසි කරයි. ඒ පිළිබඳව කතුවරයාගේ අදහස් මෙසේය. [/SIZE] [SIZE=5]ෙම් අවස්ථාව චිත්‍රපටයට නැඟෙන්නේ මා කරන මේ වර්ණනාවටත් නන්දාගේ චරිතයටත් නොගැළපෙන හැටියෙනි. මහා හඬක් පිටවන්නේ හුළං පිරුණ රබර් බෝලයක් පිපිරුණු විටය. දිය පිරුණු රබර් බෝලයක් පිපිරුණු විට පිටවන්නේ හදිසියේ වතුර උතුරන විට පිටවන හඬ වැනි විසිරුණු හඬක් යැයි මම සිතමි. එය නන්දා මැඩගන්නට වෑයම් කළ ශෝකය නිසා පිට වුණ සංයත හැඬුම හා හැඟුම හඳුන්වනු පිණිස යෙදුණු රූපකයකි. පුණ්‍යා හීන්දෙණිය ඝාණ්ටාරාවය වැනි හඬින් විලාප නැගීම අනුචිතය. එය ගැමි ජීවිතයටත් නන්දාගේ චරිතයටත් පටහැණි වූවකි. [/SIZE] [SIZE=5]ගම්පෙරළිය නාගරික සභ්‍යත්වයට හසුවන ගැමි ජීවිතයක් නිරූපණය කරන්නක් මිස ගමක විපර්යාසය නිරූපණය කරන්නක් නොවන බවද වික්‍රමසිංහයන් කියන විග්‍රහය ඩයස් ගුණරත්න විසින් සංස්කරණය කළ සරසවි සිනමා වාර්ෂිකය 1964 සංග්‍රහයේ 14 වැනි පිටුවේ සඳහන්ව තිබුණි. කෙසේ වුවද ගම්පෙරළිය චිත්‍රපටය බලා වික්‍රමසිංහයන් ජිනදාස ලෙස රඟ පෑ ගාමිණීට ප්‍රශංසා කර ඇත. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]ඒ.ඩී. රන්ජිත් කුමාර ඡායාරූප පිටපත් කිරීම: ලාල් සෙනරත් [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom