ගල_ගැසීම

Sanduni_Tina

Banned
May 13, 2017
214
38
0
Missouri - USA
රවි කරුණානායකට පළමු ගල ගැසීමට සුදුස්සා කවුද?

චාමර ලක්ෂාන්ගේ සටහන


7f5aaf686e06a7c913b5ea8ca659e665_L.jpg




බැඳුම්කර නිකුතුව පිළිබඳ පරීක්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ සාක්ෂි විභාගය සම්බන්ධයෙන් ඉහළ අවධානයක් මේ වන විට රට තුළ ගොඩනැඟී තිබේ. ඒ තුළ සිදු වන දෑ දිනෙන් දින උණුසුම් පුවත් මැවීමට සමත්ව සිටී. එක් අතකින් මේ ඔස්සේ ගොඩනැඟෙන සංවාදය රටට යහපත්ය. දේශපාලනඥයන් හා ව්‍යාපාරිකයන් අතර ඇති සමීපස්ථ සම්බන්ධය පිළිබඳ අඳුරු කලාපය මේ තුළ රටට විවෘත වෙමින් පවතී. රටේ නාමධාරී ව්‍යාපාරිකයන් ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන් සමඟ පවත්වන සම්බන්ධතාව නිල්, කොළ, රතු භේදයෙන් තොරව සියලු දෙනාට පොදුවේ අදාළ තත්ත්වයකි. රටේ අතිබහුතරයක් දේශපාලනඥයන් පිටුපස සිටිමින් ඔවුන් මෙහෙයවන නූල් සූත්තර බවට මේ වන විට පත්ව ඇත්තේ ඔවුනට දේශපාලන බලය ලබා දෙන ඡන්දදායකයන් නොව මෙම ව්‍යාපාරික පැළැන්තියය.
මුදල් යහමින් ඇති ව්‍යාපාරිකයෝ අත දිගහැර මුදල් වියදම් කරමින් රටේ සෑම පක්ෂයක් තුළම පාහේ තම නියෝජිතයන් පත් කරගෙන සිටිති. මේ ව්‍යාපාරිකයන් තව එකකුගේ ඡන්දයකට අත දිගහැර වියදම් කරනුයේ පින් තකා නොවේ. ලාභ සන්තානය පෙරදැරිවය. තමන් වියදම් කළා මෙන් විසි තිස් ගුණයක ප්‍රතිලාභයක් පෙරළා ලබාගත හැකි බව ඔවුහු හොඳාකාරව දනිති. විප්ලවවාදීයැයි කියාගන්නා එසේ පෙනී සිටින වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂයක මූලස්ථානය ඉදිකිරීමේදී ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකුගේ සහාය හිමි වූ බව ප්‍රකට කාරණයකි. එසේම වරක් සමසමාජ පක්ෂයට විකල්පයක් ලෙස බිහි වූ පක්ෂයක මැයි දින රැස්වීමක් පැවැති භූමිය සැරැසීමට අවශ්‍ය පොලිතීන් එ’සමයෙහි රටේ සිටි ප්‍රකට ‘මුදලාලි’ කෙනකු සැපයූ බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණි. කුමන පැත්ත බලයට පැමිණිය ද එබඳු ව්‍යාපාරිකයෝ ජයග්‍රාහකයෝය. ඔවුහු හැමදා බලවත්ය. ධනවත්ය.


මහ බැංකු අධිපතිගේ සොයුරිය ඇලෝෂියස්ගේ අධ්‍යක්ෂකවරියක වූ හැටි.



මේ දිනවල සෑහෙන කතාබහට ලක්ව සිටින 33 හැවිරිදි අර්ජුන් ඇලෝසියස්ටද ඒ නියමය අදාළය. තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යෑම වෙනුවෙන් ඔහු එදා රාජපක්ෂවරුන් සමඟද සමීප සම්බන්ධතා පැවැත්වූ බව රහසක් නොවේ. රාජපක්ෂ සමයේ මහ බැංකු අධිපතිවරයා වූ අජිත් නිවාඩ් කබ්රාල්ගේ සොහොයුරිය වූ ශිරෝමි වික්‍රමසිංහව ඔහු පර්පචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්‍යක්ෂ ධුරයකට ඒ සමයෙහි පත් කිරීම ඊට පෙන්විය හැකි හොඳම නිදර්ශනයයි.
පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අයිතිය හිමිව තිබුණේ එම සමාගමටය. එසේම ඔහු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සමඟ ද ළඟ සම්බන්ධතා පැවැත්වූ කෙනෙක් විය. පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම කරළියට පැමිණියේ 2013 වසරේදීය. අද එය බිත්තියට හේත්තු කිරීමට උත්සාහ කරන්නන් නාමල් රාජපක්ෂ වැන්නන් එදා එය ඔසවාගෙන ගිය ආකාරය අමතක කරලීම කනගාටුවට කරුණකි.
රටේ දේශපාලනය ගොඩනැගී ඇති ආකාරය තුළ ව්‍යාපාරිකයන් හා දේශපාලනඥයන් අතර වන මේ සමීප සම්බන්ධතාව පුදුමයට කරුණක් නොව, ගහට පොත්ත මෙන් සමීප එකක්ය. පහසුවෙන් මඟහැරිය නොහැකි මේ සම්බන්ධතා කළමනාකරණය කර ගැනීමේ හැකියාව දේශපාලනඥයන්ට තිබිය යුතුමුත්, පොදුවේ ගත් කල අපේ දේශපාලනඥයන් ඇඟේ මුත්‍ර කර ගන්නා අන්දමේ ළදරුවන් මෙන්ය. එහිදී දුර නොබලමින් ළඟ බලමින් තමන් සිදු කරන ඇතැම් දෑ පිළිබඳව ඔවුනට නොතේරීම බරපතළ ගැටලුවක්ය.
බැඳුම්කර නිකුතුව පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ ක්‍රියාකාරිත්වය රජයට පාරාවළල්ලක් වී ඇති බව ඇතැම් අය පැවසුවද ඒ තරම් රජය කලබල විය යුතු නැත. සුපැහැදිලිවම මෙය යහපාලනය ක්‍රියාත්මක වීමකි. විදේශ අමාත්‍යවරයා වැනි බලගතු අමාත්‍යවරයකු ජනාධිපති කොමිසමක් හමුවට කැඳවා මේ ආකාරයට තියුණුව ප්‍රශ්න කළ අවස්ථාවක් මෑත ඉතිහාසය තුළ හමු නොවන තරම්ය. එය කලින් පිටපත ලියා ඒ අනුව කළ රඟදැක්වීමක් නොවීය. මෙය වැදගත් වනුයේ මීට මාස 30කට පෙර රටෙහි පැවැති තත්ත්වය සමඟ සසඳා බැලීමේදීය. 2015 ජනවාරි 08 වැනි දිනට පෙර රට තුළ පැවැතියේ මෙබඳු තත්ත්වයක් නොවේ. දූෂිත ඇමැතිවරුන්ගේ “ෆයිල්” ඇති බව කියමින් මාධ්‍ය සන්දර්ශන පැවැත්වූවා මිසක මෙවැනි විනිවිදභාවයක් සහිත ක්‍රියාවලියක් එසමයෙහි සිහිනයක් පමණක්ම විය. එදා සිටියේ, අල්ලස් කොමිසමෙන් කැඳවීම් කරද්දී නයෙකු දෂ්ට කළා යැයි කියමින්, බයේ පළාගිය ඇමැතිවරුය.
කොතරම් අඩුපාඩු පැවැතියද ජනවාරි 08 වැනිදා සිදු වූ නිහඬ විප්ලවය තවදුරටත් ඉදිරියට යෑම වැදගත් වනුයේ එවැනි සන්දර්භයකදීය. නීතිය අනුව කටයුතු කිරිම වෙනුවට එදා සිදු වූයේ නීතියට ඔච්චම් කරමින් සිනාසීමය. කොළඹ වරාය පුළුල් කිරීම පිළිබඳ ව්‍යාපෘතියක විශාල කොන්ත්‍රාත්තුවක් පිරිනැමීමේදී සම්මත පටිපාටිය උල්ලංඝනය කළ බව කියමින් පී.බී. ජයසුන්දර මහතා 2008 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් වරදකරු බවට පත්කරන ලදී. අද රාජපක්ෂවරුන් සමඟ එකට මඟුල් කෑවද එසමයෙහි රටේ ඉහළම අධිකරණයේ ප්‍රධානියා වූයේ සරත් නන්ද සිල්වා මහතාය. ඒ නඩු තීන්දුව ප්‍රකාරව කිසිදු රජයේ නිලයක් දැරීම පී.බී. ජයසුන්දරට තහනම් කළමුත් වසරක් ඇතුළත ඔහුව යළි මහා භාණ්ඩාගාර ලේකම් ධුරයට පත් කිරීමට රාජපක්ෂවරු කටයුතු කළේය.
තවත් මේ ආකාරයේ එක් සිදුවීමක් මතකය. පොහොර සමාගමේ සභාපති ධුරයේ කටයුතු කළ අයථා ක්‍රියාවක් සම්බන්ධයෙන් සිරගත වීමට පවා සිදු වූ චන්දිම අතළුවගේ නම් පුද්ගලයාව පසුව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරය සඳහා නම් කිරීම ද එබඳුම වූ සිදුවීමකි. අද දූෂණය, වංචාව, නීතියේ ආධිපත්‍ය ගැන කථා කරමින් කිඹුල් කඳුළු හෙළනුයේ එදා නීතියට සරදම් කළ හොරකමට අනුග්‍රහය දැක්වූ කණ්ඩායමකි. මෙහි ඇති සැබෑ විහිළුව එයයි.


රවි කරුණානායකගේ සාක්කියට හිනා යන අයට ප්‍රශ්න 3 ක්




රවී කරුණානායක මහතාව ශුද්ධ කිරීමේ අරමුණක් අපට නැත. කෙසේ වෙතත් ඔහු ජනාධිපති කොමිසම හමුවේ දුන් සාක්ෂිය පිළිබඳ හාස්‍යයෙන් යුතුව ක්‍රියා කරන මහත්වරුන්ට සිදුවීම් දෙක තුනක්, පමණක් සිහිපත් කිරීමට අප කැමැත්තෙමු. ඒ අය මේ කියන සිදුවීම් පිළිබඳව දක්වන ප්‍රතික්‍රියා දැනගැනුමට අප කැමැත්තෙමු.
මල්වානේ මාළිගාව අහසින් වැටුණු එකක් ලෙස ඔවුන් සලකන්නේ ද? ඩේසි ආච්චිට නම නොදන්නා මුදලාලි කෙනකු මැණික් මල්ලක් ගෙනත් දුන්නා යැයි කියා ඔබ විශ්වාස කරන්නේද? ඇලන් මැතිනියාරාමයේ පෙරහැරකට ගෙන ආ අලි පැටවකු ඇත්ගොව්වාට අමතක වී එහි දමා ගිය බව ඔබ පිළිගන්නේ ද? යන මේ සරල ප්‍රශ්න තුනට පිළිතුරු දීමෙන් අනතුරුව ඔවුන් විදේශ ඇමැතිවරයාගේ සාක්ෂිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්නේ නම් යහපත්ය. දූෂණයට වංචාවට, නාස්තියට එරෙහිව ස්ථාවර ප්‍රතිපත්තියක් යමෙකුට පැවැතීම අතිශයින්ම වැදගත්ය. එසේ නැතුව තමන්ට වාසිදායක තත්ත්වයන්හිදී පමණක් ඒ ගැන කථා කිරීම තක්කඩි කමකට වඩා වැඩි දෙයක් නොවේ.
මේ වන විට, ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය, දියුණුව නැති කරන ප්‍රධාන කාරණයක් වී ඇත්තේ හොරකම, දූෂණය, වංචාව හා ඥාති සංග්‍රහයයි. මුදල් විශුද්ධිකරණය, මිනිස් ජාවාරම, මත්කුඩු ජාවාරම, එහිම නිවුන් සහෝදරයෝය. මේ සෑම දෙයක් සමඟම දේශපාලනඥයන්ගේ නම් ඈඳී තිබීම සුබදායි නැත. දේශපාලනඥයන් හා සම්බන්ධ වංචා දූෂණ පිළිබඳ කථා පසුගිය දශකයක කාලය තුළ ශ්‍රී ලංකාව තුළ වේගයෙන් වැඩි විණි. දේශපාලනඥයන්ට කිසිදා චාරයක් නැති බව පෙන්වීමට අනන්තවත් උදාහරණ එම පසුගිය ඉතිහාසයෙන් තුළින් ගෙනහැර දැක්විය හැකිය. දේශපාලනඥයන් වංචා දූෂණයකට සම්බන්ධ වූ විට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමක් දියුණු දේශපාලන සංස්කෘතියක් ඇති රටවලදී දැකගත හැකි වුවත් ලංකාවට තවමත් එය ආගන්තුකය. අතරින් පතර සිදුවීමකදී දෙකකදී ඊට ව්‍යතිරේඛ තත්ත්වයන් දැකගත හැකි වුවත් එම දේශපාලන සංස්කෘතිය පිළිබඳ විස්තර දැනගැනුමට රාජ්‍ය ලේඛනාගාරයේ ඇති පරණ පත්තර ඇවිස්සීමට සිදු වේ. අනිවාර්යයෙන්ම රටක් දියුණු වීමට නම් වංචාව, දූෂණය සම්බන්ධයෙන් තරාතිරම නොබලා කටයුතු කරන දියුණු දේශපාලන සංස්කෘතියක් නිර්මාණය විය යුතුය. සිංගප්පූරුව ගොඩනැඟූ ලී ක්වාන් යූ එරට නායකයාව සිටි සමයේ වූ සිදුවීමක් මේ ලියුම්කරු අසා ඇත. පාලන තන්ත්‍රයට සම්බන්ධව සිටි තමන්ගේ මිතුරෙකු දූෂිත ක්‍රියාවන්හි නිරත වන බව දැනගත් මොහොතේ ලී ක්වාන් යූ ඔහු වෙත විකල්ප දෙකක් යෝජනා කළේය. ඉන් පළමුවැන්න වූයේ නීතියේ රැහැනට ගොදුරු වී සිරබත් කන ලෙසය. දෙවැන්න වූයේ එසේ කිරීමට අකමැත්තක් දක්වන්නේ නම් සියදිවි නසාගන්නා ලෙසය. දින කිහිපයකට පසු මිතුරා දෙවැනි විකල්පය තෝරාගත්තේය.
තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීම රටක දියුණුවට අත්‍යවශ්‍ය බව අප පවසන්නේ එබැවිනි. කෙසේ වෙතත් එබඳු වංචාවන්හි නිරත වන බලගතු දූෂිතයන්ට එරෙහිව රටේ පවතින නීතිය පවා ඒ හැටි පොහොසත් නොවන බව පසුගිය දිනවල යළි මනාව පෙනී යන ලදී. වත්කම් හෙළි නොකිරීමේ වරදක් සම්බන්ධයෙන් පාකිස්තාන අගමැති නවාස් ෂෙරිෆ්ට ගෙදර යෑමට සිදු වෙද්දී වසර දෙකක් වත්කම් බැරකම් ප්‍රකාශයට පත් නොකළ ඒකාබද්ධ විපක්ෂය යැයි කියාගන්නා කණ්ඩායම නියෝජනය කරන මෙරට හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකුට මෙරට අධිකරණයක් මඟින් හිමි වූයේ රුපියල් දෙදහසක දඩයක් පමණි. රටකට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ සැණින් සියලු දෝෂ හමාර නොවන බව අප පවසන්නේ එහෙයිනි.
ඉදිරියට යෑමට නම් නීතියේ ඇති මෙවැනි සියුම් සිදුරු ද වසා දැමිය යුතුය.
වත්මන් රජය බලයට රැගෙන ඒමේදී ජනතාව රාජපක්ෂවරුන්ට එරෙහිව එල්ල කළ ප්‍රධාන චෝදනා අතර හොරකම හා දූෂණය ඉදිරියෙන්ම විය. ඒ ගැන කිසි තර්කයක් නොමැත. එවැනි පසුබිමකදී දූෂිතයන් හා වංචනිකයන් ජනතාව ඉදිරියේ හෙළි කරමින් අනාගත දේශපාලනඥයන්ට එවැනි වැරැදි නොකිරීමට මඟ පෙන්වීම වත්මන් රජය සතු පරම යුතුකමකි. ජනාධිපතිවරයාට මෙන්ම අග්‍රාමාත්‍යවරයාට ද ඒ සඳහා තවමත් උනන්දුවක් ඇති බව අප විශ්වාස කරන්නෙමු. මේ රටේ සිදුවුණ එකම දූෂණය තවමත් විමර්ශන අවසන් නොමැති බැඳුම්කර පිළිබඳ විමර්ශනය නොවේ. මේ රට, ආර්ථික වශයෙන් දශක ගණනාවක් ආපස්සට රැගෙන ගිය වංචා දූෂණ රැසක් පිළිබඳව රටට අසන්නට ලැබිණි. බැඳුම්කර නිකුතුවේදී සිදුවූවායැයි කියන අක්‍රමිකතා සෙවීමට ඇති මේ උනන්දුව ඒවා සම්බන්ධයෙනුත් යොමු කිරීම වරදක් නොවේ. වත්මන් පාලනය බලයට ගෙන ඒමේදී ඉරහඳ තාරකා ජනතාව ඉල්ලුවේ නැත. ජාතික ධනය සොරා කෑ හොරුන්ට දඬුවම් හිමි වනු ඇතැයි ඔවුහු අපේක්ෂා කළේය. පැවැති තත්ත්වය තුළ එය අතිශය සාධාරණ අපේක්ෂාවක් විය. ඊට සාධාරණයක් ඉටු කරන්නේ නම් කිසි දිනෙක ජනතාව වත්මන් ආණ්ඩුව අත්නොහරින බව ස්ථිරය.

චාමර ලක්ෂාන් කුමාර
 
Last edited:

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ටොයි වේදනාවක තරම ..:lol::lol::lol::rofl:

    දැන් ආණ්ඩු කරන්නේ කව්ද ? අයි ඔය දේසි ආඡිව ඕකට ගෙන්න බැරි ? අයි මහින්දගේ හොර අල්ලන්න් බැරි ?

    රටේ පරම්පරා 3 කැ සල්ලි හොරාකාපු එක වහන්න දගලන දගලිල්ලක් ...

    කුජිත හිරිකොතේ වහල්ලු :dull:

    බය වෙන්න එපා රවිය හිරේ යන්නේ නැ පොනිල ඉන්නකන් .රවිය බේරුනොත් පොනිල අහුවෙනවා .

    ලංකාවේ පුරවැසි බවක් නැති උගේ ගජය ලංකාවේ නීතියටත් උඩින් ගිහින් මහබැංකුවේ වාඩි කරපු එකෙන්ම පේනවා මේක පොනිලගේ ගේමක් කියල .
    හිරිකොතේ වහල්ලු මිස්ටර් ක්ලීන් කියල බොහොම උජරුවටනේ හිටියේ ..

    සතුටුයිද දැන් ?:lol::lol::P:rofl::rofl:

    හොරු අල්ලනවා කියපු උන් අන්තිමට ලෝක හොරු වුනා එකයි ලබපු වෙනස :lol::lol::dull::dull::growl:
     

    Sanduni_Tina

    Banned
    May 13, 2017
    214
    38
    0
    Missouri - USA
    මරුසිරා;22051319 said:
    ටොයි වේදනාවක තරම ..:lol::lol::lol::rofl:

    දැන් ආණ්ඩු කරන්නේ කව්ද ? අයි ඔය දේසි ආඡිව ඕකට ගෙන්න බැරි ? අයි මහින්දගේ හොර අල්ලන්න් බැරි ?

    රටේ පරම්පරා 3 කැ සල්ලි හොරාකාපු එක වහන්න දගලන දගලිල්ලක් ...

    කුජිත හිරිකොතේ වහල්ලු :dull:

    බය වෙන්න එපා රවිය හිරේ යන්නේ නැ පොනිල ඉන්නකන් .රවිය බේරුනොත් පොනිල අහුවෙනවා .

    ලංකාවේ පුරවැසි බවක් නැති උගේ ගජය ලංකාවේ නීතියටත් උඩින් ගිහින් මහබැංකුවේ වාඩි කරපු එකෙන්ම පේනවා මේක පොනිලගේ ගේමක් කියල .
    හිරිකොතේ වහල්ලු මිස්ටර් ක්ලීන් කියල බොහොම උජරුවටනේ හිටියේ ..

    සතුටුයිද දැන් ?:lol::lol::P:rofl::rofl:

    හොරු අල්ලනවා කියපු උන් අන්තිමට ලෝක හොරු වුනා එකයි ලබපු වෙනස :lol::lol::dull::dull::growl:

    ලිපියේ අන්තර්ගතය තේරුම් ගන්න බැරි මෝඩයෙක්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,708
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මරුසිරා;22051319 said:
    ටොයි වේදනාවක තරම ..:lol::lol::lol::rofl:

    දැන් ආණ්ඩු කරන්නේ කව්ද ? අයි ඔය දේසි ආඡිව ඕකට ගෙන්න බැරි ? අයි මහින්දගේ හොර අල්ලන්න් බැරි ?

    රටේ පරම්පරා 3 කැ සල්ලි හොරාකාපු එක වහන්න දගලන දගලිල්ලක් ...

    කුජිත හිරිකොතේ වහල්ලු :dull:

    බය වෙන්න එපා රවිය හිරේ යන්නේ නැ පොනිල ඉන්නකන් .රවිය බේරුනොත් පොනිල අහුවෙනවා .

    ලංකාවේ පුරවැසි බවක් නැති උගේ ගජය ලංකාවේ නීතියටත් උඩින් ගිහින් මහබැංකුවේ වාඩි කරපු එකෙන්ම පේනවා මේක පොනිලගේ ගේමක් කියල .
    හිරිකොතේ වහල්ලු මිස්ටර් ක්ලීන් කියල බොහොම උජරුවටනේ හිටියේ ..

    සතුටුයිද දැන් ?:lol::lol::P:rofl::rofl:

    හොරු අල්ලනවා කියපු උන් අන්තිමට ලෝක හොරු වුනා එකයි ලබපු වෙනස :lol::lol::dull::dull::growl:

    ලිපියේ කියවෙන දේ තේරුම් ගන්න බැරි මරි මෝඩ බයියෙක්.

    ඩේසි ආච්චිව ඇල්ලුවෙ නැති ආණ්ඩුව තමන්ගෙ එකෙක් අල්ලයිද. විමලයගෙ නඩුවට මොකද උනේ. සිරිලියට මොකද උනේ. එතකොට ඊලඟට අප්පුච්චව ගෙනාවම රවිය හිරේ යවයිද. ඇයි එයාල තමන්ගෙ පන්තියෙ අය ආරක්ෂා කරන්නෙ?

    අර සජිත්ගෙ නංගි හොර සල්ලි ලක්ෂ 20ක් බැංකුවෙ දාන්න ගිහින් අල්ලපු වෙලාවෙ කවුද ඒ ගෑනිව නිදහස් කලේ?

    ඊලඟ බයි / ටොයි ආණ්ඩුවෙත් රාජිතලට, එස් බී ලට ඇමතිකම් ලැබෙන්නෙ ඇයි?

    ගොන් බයියොයි ගොන් ටොයියො අහන්න ඕනෙ ඔයවගේ ප්‍රශ්න. තමන්ගෙ අයිඩල් එක වෙච්ච මහ බයියව හරි/ මහ ටොයියව හරි බලයට ගෙනාවට අනිකට ගේමක් දෙන්නෙ නැති බව තේරුම් ගන්න
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    මේ රජය බලයට පත් කෙරුවෙ ඔබ ඉහත සඳහන් කරල තියෙන ප්‍රශ්ණ 3 ඇතුලු තවත් වංචා දූෂන හොයන්න

    පමක් නොව යහපත් දූෂණයෙන් වංචාවෙන් තොර රටක් බිහිකරන්න නොවේද?.එහෙම නැතුව රවි

    කරුණානායකලට එවැනි හොරකං කරන්නද? දැන් ඇත්තේ ගල් ගැසිය යුත්තේ කවුරුන්ද යන්න

    නොව නව හොරුන්ව ඉවත් කර අවංක රටට ආදරය කරන්නවුන් තනතුරු වලට පත් කිරීම නොවේද?
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලිපියේ කියවෙන දේ තේරුම් ගන්න බැරි මරි මෝඩ බයියෙක්.

    ඩේසි ආච්චිව ඇල්ලුවෙ නැති ආණ්ඩුව තමන්ගෙ එකෙක් අල්ලයිද. විමලයගෙ නඩුවට මොකද උනේ. සිරිලියට මොකද උනේ. එතකොට ඊලඟට අප්පුච්චව ගෙනාවම රවිය හිරේ යවයිද. ඇයි එයාල තමන්ගෙ පන්තියෙ අය ආරක්ෂා කරන්නෙ?

    අර සජිත්ගෙ නංගි හොර සල්ලි ලක්ෂ 20ක් බැංකුවෙ දාන්න ගිහින් අල්ලපු වෙලාවෙ කවුද ඒ ගෑනිව නිදහස් කලේ?

    ඊලඟ බයි / ටොයි ආණ්ඩුවෙත් රාජිතලට, එස් බී ලට ඇමතිකම් ලැබෙන්නෙ ඇයි?

    ගොන් බයියොයි ගොන් ටොයියො අහන්න ඕනෙ ඔයවගේ ප්‍රශ්න. තමන්ගෙ අයිඩල් එක වෙච්ච මහ බයියව හරි/ මහ ටොයියව හරි බලයට ගෙනාවට අනිකට ගේමක් දෙන්නෙ නැති බව තේරුම් ගන්න


    වෙසමුණු බැදන් ආවට නැ රැවටෙන්නේ ...:P:rofl:
    ටෝයියෙක් දිටෙක්ටෙඩ් :P:rofl:

    අප්පුච්චලට බනිනකොට සුදුරෙදි ඉබේ හැලෙනවා :rofl::rofl:

    මේ ටිකේ ඔය අමසින්කරයයි අරමෙන්සස් පුකරතු සදුන් වගේ ලැජ්ජාවක් ගවිලවත් නැති හිරිකොතේ සදා වහල්ලු ඇරෙන්න අනිත් ටොයි මල්ලිලා හැංගිලා ඉන්නේ අපි නම් ටෝයියොත් නෙමේ බයියොත් නෙමේ අපි හරි මද්යස්ත ඇල්වතුරත් නිවල බොන උදවිය කියල තමයි කියන්නේ ..:P
    හැබැයි මද්යස්ත බවේ සුදු සළුව නිකන්ම කඩන වැටෙනවා හොර ටෝයියලගේ අප්පොච්චලට බනිනකොට :rofl::P

    මෙතන මන් මහින්ද හොදයි කිව්වද ? හොරකම් කලානම් ආවේ හොරු අල්ලන්න නම් හොරුන්ව අල්ලලා හිරේ දාල හොරකම් කරපුව රාජසන්තක කරනවා වෙනුවට මුළු රටේ පරම්පරා ගානක සල්ලි හොරකන් කරන එකද හරි ? දැන් කෝ අල්ලපු හොරු ?අන්තිමට ලොකුම හොරු කියල ඔප්පු වෙලත් තියෙන්නේ කව්ද ?:rofl::P:P

    මෙව්වා කියනකොට රිදෙනවා තමයි එත් කරන්න දෙයක් නැ .ඔය පුහු මදයස්ත කතා හරියට ස්වාදීන රුපවාහිනී / ස්වාදීන මාද්‍ය / ස්වාදීන කොමොසම් වගේ තමයි :rofl::rofl:

    වෙසමුණ දැම්මට පුක එළියේ :P:P:P
     

    Similar threads