Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගවමස් ගඳයි අනෙක් මස් හොඳයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගවමස් ගඳයි අනෙක් මස් හොඳයි!

සිංහල රාවය විසින් ආරම්භ කරන ලද ගව ඝාතන විරෝධයෙහි උණුසුම නිවී ගොස් තිබේ. ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටක් ගව ඝාතනයෙන් වැළකී සිටිය යුතුය යන්න එම සංවිධානයේ අදහස වී තිබේ. ප්‍රාණඝාතය අකුසලයක් සේ පිළිගන්නා සමාජයක මස් සඳහා සතුන් මැරීම නුසුදුසු බව සමහරු කියති. එහෙත් මස් පිණිස සතුන් ඇති කිරීම හා මස් වෙළෙඳ පොළට සැපයීම වෘත්තියක් බවට පත් කර ගත් අයද සිටිති. කුකුළන්, ඌරන් මස් සඳහාම ඇති කරන සතුන් බව කව්රුත් දනිති. ගවයන්ගේ හා එළුවන්ගේ ජීවිතද බොහෝ විට මස් වෙළෙඳ පොළින් නිමවන බව නොරහසකි. එහෙත් ගවයා පිළිබඳව සිංහල බෞද්ධ සමාජය තුළ තිබෙන්නේ වෙනම ආකල්පයක්, නැතහොත් සාරධර්මයක් බවද කිව යුතුය.

කෘෂිකර්මය ජීවන වෘත්තිය බවට පත් වූ ශ්‍රී ලාංකික සමාජය තුළ ගවයාට සුවිශේෂ ස්ථානයක් හිමි විය. ගොවියාගේ විවිධ කාර්ය සඳහා ගවයන් යොදා ගැනීමත් එළදෙන ගොවි පවුලට සම්පතක් වීමත් නිසාම ඒ සමාජය තුළ ගවයාට ඉහළ වටිනාකමක් හා ගෞරවයක්ද ලැබිණි. ස්වකීය ජීවන චර්යාව සමග නොයෙක් අයුරින් සම්බන්ධ වූ ගවයා මරා මස් ආහාරයට ගැනීම සිංහල බෞද්ධයන් විසින් සලකන ලද්දේ සාරධර්මයක් නොතැකීමක් ලෙසය. එනිසාම ගවමස් අනුභවය සදාචාරාත්මක ප්‍රශ්නයක් විය.

ඉන්දියාව තුළද ගව ඝාතනයට එරෙහි විරෝධතා නැගෙයි. ඒ හින්දු සංස්කෘතිය තුළ ගවයා පූජනීය වස්තුවක් බවට පත් වී තිබීම නිසාය. හින්දු සමයේ එන ශිව දෙවියන්ගේ වාහනය ගවයාය. ගව දෙන හා බැඳුණු පුරාවෘත්තද වේ. එක් පුරා වෘත්තයකට අනුව සියලු ගවදෙනුන්ගේ මව සුරබි ෙ�නුවය. ඇය හමු වූයේ විෂ්ණු දෙවියන් විසින් කිරි සයුර කලඹන ලද අවස්ථාවේදීය. කිරි, දීකිරි, වෙඬරු, මුත්‍ර හා ගොම යන පහම පාරිශුද්ධ දේවල් ලෙස හින්දූහු පිළිගනිති.

බෞද්ධ රටක් වූ ජපානයේ එක් කලක සතුන් මැරීම සපුරා තහනම් විය. එහෙත් අද ජපානයේ කෝබේ නගරයෙහි ඉස්තරම් ගව මස් නිපදවයි. කෝබේ මස් නිපදවීම සඳහා ගවයාට විශේෂ ආහාර වර්ග ලබා දෙයි. එය අද ජපානයට විශාල ආර්ථික සම්පතක් බවද කියති. එයින් තහවුරු වන්නේ ජපානයේ ඇතැම් බෞද්ධ සාරධර්ම වෙළෙඳ පොළ ආර්ථිකයට යට වී ගොස් තිබෙන බවය.

බුද්ධ කාලීන සමාජය තුළද මස් මාංශ අනුභවය පිළිබඳ ප්රශ්නය මතු වී ඇත. මඡ්Cධිම නිකායේ ජීවක සූත්‍රයෙහි මස් මාංශ අනුභවය පිළිබඳ පැහැදිලි විග්‍රහයක් හමු වේ. වරක් බුදුන් වහන්සේ වෙත පැමිණි ජීවක උන්වහන්සේගෙන් විමසා සිටියේ බුදුන් ප්රමුඛ සංඝයා වහන්සේට දානය සඳහා සතුන් මරා මස් සපයන බවට තිබෙන කතාව සත්‍යයක්ද යන්නය. එහිදී උන්වහන්සේ එය අසත්‍යයක් බව වදාළහ. එසේම මස් මාංශ අනුභවය සඳහා බලපවත්නා කරුණු තුනක් තිබෙන බවද වදාළහ.

කිසියම් සතෙක් තමන් සඳහා මරන ලද බව දනී නම් හෝ ඒ බව අසා තිබේ නම් හෝ ඒ පිළිබඳ තමන්ට සැකයක් ඇත්නම් එබඳු අවස්ථාවල මස් වැළඳීම නුසුදුසු බව බුදුහු වදාළහ. විනයෙහි නම් අලිමස්, අශ්වමස්, බලුමස් හා ඇතැම් වන සතුන්ගේ මස් තහනම් කර ඇත. වරක් දෙව්දත් තෙරුන්ගේ පස් වැදෑරුම් පිළිවෙතක මස් මාළු නොවැළඳිය යුතු බවද දැක්විණ. එහිදීත් බුදුන් වහන්සේගේ ප්‍රතිචාරය වූයේ කැමති කෙනකුට එය පිළිපැදිය හැකි බවත් අකැමැති කෙනකුට ඒවා නොතකා ක්‍රියා කළ හැකි බවත්ය.

බෞද්ධ හා ජෛන ආගම්වල අහිංසාවාදයට ප්‍රබල ස්ථානයක් හිමි වී තිබේ. මේ නිසා එවක සතුන් බිලි දී පවත්වන යාග හෝම ආදියද අඩු වූ අතර එළවළු හා පලතුරු පමණක් ආහාරය ලෙස ගැනීමට හුරු වූ බවද කියනු ලැබේ. හින්දුහු අදත් එළවළු ආහාරයට ගන්නෝය. මස් මෙන්ම සුදු ලූනු හා රතු ලූනුද හින්දුන්ගේ ආහාර වේලෙන් බැහැර කර තිබිණි. එහෙත් අද මේවා වෙනස් වී තිබේ.

පුරාණ ඉන්දියාවේ කෘෂිකාර්මික හා එෙŒර යුගවල ගව මස් තහනම් වී තිබුණත් විශේෂ අවස්ථාවලදී අමුත්තන් සඳහා ගවයෙක් මරා සංග්‍රහ කළ බවද සඳහන් වේ. එහෙත් බෞද්ධ සාහිත්‍යයෙහි හෝ විනයෙහි හෝ කිසිම අවස්ථාවක බුදුන් වහන්සේ හෝ සංඝ සමාජය එලෙස ගවමස් වැළ» බවක් සඳහන් වී නැත. එක්තරා ජෛන භක්තිකයකු වූ සෙන්පති සිංහ නම් අයෙක් බුදුන්ට ගවයකු මරා දානය පිරිනැමූ බවට පුවතක් ප්‍රචාරය කර තිබිණි. එහෙත් පසුව හෙළි වූයේ ඔහු වෙළෙඳ පොළෙන් ඒ ගවමස් ලබා ගෙන තිබුණු බවය.

බුදුන් වහන්සේගේ අන්තිම දානයට සූකර මද්දව නම් විශේෂ ආහාරයක් අඩංගු බවද සඳහන් වේ. මේ කියන සූකර මද්දව ඌරු මස් බවට මතයක්ද තිබේ. එසේම එය ඌරන් පෑගූ බිම මතු වන හතු විශේෂයකැයිද කියති. මෙදින බුදුන් වහන්සේට පමණක් සූකර මද්දව පූජා කර ඉතිරි ඒවා වළක් හාරා වළ දැමූ බවද දැක්වේ.

මේ හැරුණු විට බෞද්ධ සාහිත්‍යයෙහි මස් ආහාරයට ගැනීම පිළිබඳ විවිධ කතා තිබේ. එබඳු කතා සද්ධර්මාලංකාරය නමැති කෘතියෙහි ද ඇත. එහි එන පුවපබ්බතවාසි තිස්ස ස්ථවිර වස්තුවට අනුව උන්වහන්සේ හැට වසරක් මුළුල්ලේම වළඳා ඇත්තේ සුවඳ ගිතෙල් මුසු මොනර මස් හා රත් හැල් සාලේ බත් පමණි. මෙයට හේතු වී ඇත්තේද පෙර කළ කුසලයකි. ඉතා සැකෙවින් ඒ කතාව මෙසේ දැක්විය හැකිය.

වෙළෙඳාමෙන් ජීවත් වූ එක් තරුණයෙකුට දිනක් තරුණියකගෙන් ගිතෙල් බතක් හා මොණර මසක් ලැබිණි. හෙතෙම එය ආහාරයට ගනිද්දී කුසගිනි ඇවිලුණු බල්ලෙක් ඔහු අසලට ඇවිත් බලා සිටියේය. ඒ දුටු තරුණයා අනුකම්පාවෙන් තම බත් පතෙහි වූ මොණර මස් හා ගිතෙල් බත ගුලි කර බල්ලාට දුන්නේය. බල්ලා එය ආශාවෙන් කෑවේය. ඒ පින් බලෙන් ඔහුට දිගින් දිගටම ආහාර සඳහා මොණර මස් හා ගිතෙල් බත් ලැබිණි.

මේ තරුණයා පසු කලක ලක්දිව උපත ලබා පුගලු නම් විහාරයෙහි පැවිදිව රහත් බව ලැබූවේය. මේ රහතන් වහන්සේට හැම දිනකම දානයට ලැබුණේ මොණර මස් හා රත් ඇල් හාලේ බත්ය. ඒ කතාව ජනතාව අතරද පැතිර ගියේය. දිනක් එක් ගෘහපතියෙක් මේ කතාව විමසා බැලීමට සිතීය. ඔහු සිය බිරිඳට නිවුඩු හාල්, පලා වර්ගයක් හා කුඩුමුසු කැඳක් සාදා දෙන ලෙස කීවේය. ඒ තෙරුන්ට දානය සඳහාය. එසේ කී ඔහු උදයේම ගොස් තෙරුන් වහන්සේට සිය නිවසට දනට වඩින ලෙස ආරාධනයක්ද කළේය.

ගහපති බිරිඳ ලහි ලහියේ ආහාරය සකසන්ට වූවාය. ඒ අතර මහලු මිනිසෙක් ඇගේ ගෙදරට පැමිණ සුවඳ ගිතෙල්, මොණර මස් හා රත් ඇල්හාල් අඩංගු මල්ලක් දී ඒවා පිසින ලෙස ඇගේ සැමියා කී බව පවසා ඇගෙන් සමුගෙන ගියේය. නියමිත පරිදිම දහවල් දානයට වැඩ රහතන් වහන්සේ රත් ඇල්හාලේ බත් සමග මොණර මස් වළඳා පිටව ගිය සේක. පසුව ගහපතියා ගෙට පැමිණ දන් වැළඳු ආකාරය ගැන ඇසීය. එවිට බිරිඳ සියල්ල විස්තර කළේය.

අනතුරුව ඔහු උන්වහන්සේ හමුවීමට ගොස් තමන් කළ සියල්ල හෙළි කළේය. එවිට උන්වහන්සේ වදාළේ තමන් පෙර කළ කුසල මහිමයක් නිසා හැමදාම තමන්ට මොණර මස් හා රත් ඇල්හාල් බත් දානයට ලැබෙන බවය. තමන් එදා කුසගිනි වු බල්ලාට දුන් බත් පිඬ නිසා ඒ සියල්ල හිමි වූ බවත් එහෙත් ඒ ආහාරයේ ඇලීමක් නැති බවත් පවසා දහම් දෙසීය.

අප විසින් මෙම කතාව දක්වන ලද්දේ මස් අනුභවය පිළිබඳ බෞද්ධ සම්මතය කුමක්ද යන්නට නිදසුනක් ලෙසය. එහි එන සාලිරාජ කුමරුන්ගේ හා රූපදේවි වස්තුව යන කතා වලින්ද තහවුරු වන්නේ මස් පිළිබඳව තහනමක් ක්‍රියාත්මක නොවූ බවය.

බෞද්ධ සාහිත්‍යයට එබඳු කතා එක් වන්නේද මස් අනුභවය පිළිබඳව බුදුන් වහන්සේ අන්තවාදී පිළිවෙතක් අනුගමනය නොකළ නිසාමය. මෛත්‍රී බ්‍රහ්ම විහරණය ප්‍රගුණ කළ භික්ෂුවට ආහාරයේ විශේෂතා නැති බව බුදුහු අවධාරණය කළහ. නිර්දොaෂී ආහාර වැළඳීම සුදුසු බවට උන්වහන්සේ අනුශාසනා කළහ. බුදුන් වහන්සේ වැඩ විසූ ඡේතවනාරාමය සමීපයේ ඌරු වැද්දෙක් සිටියත් කිසිම විටක එය ඉවත් කරවා ගැනීමට කොසොල් රජුට නිකමටවත් කී බවක් හෝ සඳහන් නොවේ.

මේ පසුබිම තුළ බෞද්ධ භික්ෂූන් වහන්සේගේ විරෝධය කුමක් නිසාද යන ප්‍රශ්නයද නැගිය හැකිය. අනෙක් අතට මේ රටේ දිනකට ආහාර පිණිස ඝාතනය කෙරෙන කුකුළන්, ඌරන්, එළුවන්, හාවුන් ඇතුළු සතුන්ගේ සංඛ්‍යාව කොපමණද? නිල වශයෙන් මෙන්ම හොරට මරනු ලබන සංඛ්‍යාවද ගත් කල එය ඉතා විශාල ප්‍රමාණයක් වනු නිසැකය.

මාංශ භක්ෂණය හෙවත් මස්කෑම නීතියෙන් තහනම් කළ හැකිද? සාංඝික දානවලදී පූජා කරන මස් වර්ග අතර ගවමස් නැති වුවද වෙනත් මස් තිබෙන බවද කව්රුත් දනිති. එයට තහංචි දැමීමට හෝ ඉන් ගිහියන් වැළැක්වීමට හාමුදුරුවරුද වෙහෙස නොවෙති. මන්ද යත් එය නිෂ්ඵල ක්‍රියාවක් හෙයිනි. කිසිම භික්ෂූන් වහන්සේ නමක් මස් මාංශ හෝ විශේෂ ආහාර අපේක්ෂා නොකරන බවද සැබෑය. කලාතුරකින් එබඳු ඉල්ලීම් සිදු වීමටද බැරි නැත. එහෙත් අදත් බෞද්ධයන් මෙන්ම සංඝ සමාජය අනුගමනය කරන්නේ චිරාගත සම්මතයකි.

කෙසේ හෝ ගව ඝාතන නීතියක් රජයකට සම්මත කළ හැකිද යන්නත් ගැටලු සහගතය. එයින් බෞද්ධ නොවන අන්‍යාගමිකයන්ට අපහසුතාවක් ඇති නොවේද? පාලකයන් විසින් රටක සංස්කෘතිය හා සාරධර්ම රැකීමට බැඳී සිටින වග සැබෑවකි. එහිදී බෙහෙවින් උපේක්ෂා සහගතව තීරණවලට එළඹීමටද සිදු වේ. මුස්ලිම්වරු ඌරු මස් ප්‍රතික්ෂේප කළත් ඌරන් මැරීමට එරෙහිව අරගල කරත්ද? නැත. එහෙත් ගවමස් හා එළුමස් ඔවුන්ගේ ආහාර සංස්කෘතියෙහි අංග වී තිබේ. මුස්ලිම් ජනතාව අතර ද අන්තවාදීහු සිටිති. ඔවුන්ගේ හැසිරීම්ද ප්රශ්නකාරී වේ.

සංස්කෘතිය හා ආගම් සුරැකීම සඳහා අන්තවාදී පිරිස් ඉදිරිපත් වීම අද ප්රවණතාවකි. කුප්‍රකට තලේබාන්වරුන් මෙන්ම ජිහාඩ් වැනි මූලධර්මවාදීන්ගේ හැසිරීම් අද ලොවටම තර්ජනයක් වී තිබේ. කවර ආගමක නාමයෙන් වුවද පමුණුවන තාඩන පීඩන, දඬුවම් යනාදිය අනුමත කළ හැකිද? බෞද්ධ සාරධර්ම මෙන්ම ඉස්ලාම් සාරධර්ම සුරැකිය යුත්තේ ඉතා මැදහත්ව බව ද බුද්ධිමත්හු කියා සිටිති. පාරිභෝගිකවාදය හා සංචාරක සංස්කෘතිය අද හැම රටකටම ප්‍රශ්නයක් වී තිබේ.

ජාතික හා සංස්කෘතික කරුණු අරභයා බුද්ධිමත් මැදිහත් වීම් කිරීම භික්ෂුවගේ උරුමය බව සැබෑය. එහෙත් එහිදී ක්‍රියා කළ යුත්තේ කෙසේද? පාරාජිකා පාලියට අනුව නම් භික්ෂූන් වහන්සේට වෙනත් අයකුට මැරීමට අනුබලදීම උපදෙස් දීම මෙන්ම මරණය වර්ණනා කිරීමද පාරාජිකා වීමට හේතුවකි. ඒ අනුව උන්වහන්සේලා ගව ඝාතනය වෙනුවෙන් දිවි පිදීම ගැනද සිතා බැලිය යුතු නොවේද?

අද මෙරට තිබෙන ප්රමුඛ හෝ ප්‍රබල ප්රශ්නය ගව ඝාතනයද? සමාජ සංස්කෘතික වටිනාකම් ගිලිහී යමින්ද කුඩු, මත්වතුර ව්‍යාප්ත වෙමින්ද ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් සුලභ වෙමින්ද ජාතික සම්පත් විනාශ කරමින්ද, දූෂණය සමහරුන්ගේ වෘත්තිය බවට පත්වෙමින්ද තිබෙන පසුබිමක ගව ඝාතනය වෙනුවෙන් පමණක් මෙවන් ආන්දෝලනයක් ඇති කිරීමේ වුවමනාව කුමක්ද?

Sourcs: http://www.divaina.com/2014/02/23/feature15.html

[QUOTE="signshop, post: 16313349, member: 358740"] [b]ගවමස් ගඳයි අනෙක් මස් හොඳයි![/b] [SIZE="3"]සිංහල රාවය විසින් ආරම්භ කරන ලද ගව ඝාතන විරෝධයෙහි උණුසුම නිවී ගොස් තිබේ. ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටක් ගව ඝාතනයෙන් වැළකී සිටිය යුතුය යන්න එම සංවිධානයේ අදහස වී තිබේ. ප්‍රාණඝාතය අකුසලයක් සේ පිළිගන්නා සමාජයක මස් සඳහා සතුන් මැරීම නුසුදුසු බව සමහරු කියති. එහෙත් මස් පිණිස සතුන් ඇති කිරීම හා මස් වෙළෙඳ පොළට සැපයීම වෘත්තියක් බවට පත් කර ගත් අයද සිටිති. කුකුළන්, ඌරන් මස් සඳහාම ඇති කරන සතුන් බව කව්රුත් දනිති. ගවයන්ගේ හා එළුවන්ගේ ජීවිතද බොහෝ විට මස් වෙළෙඳ පොළින් නිමවන බව නොරහසකි. එහෙත් ගවයා පිළිබඳව සිංහල බෞද්ධ සමාජය තුළ තිබෙන්නේ වෙනම ආකල්පයක්, නැතහොත් සාරධර්මයක් බවද කිව යුතුය. කෘෂිකර්මය ජීවන වෘත්තිය බවට පත් වූ ශ්‍රී ලාංකික සමාජය තුළ ගවයාට සුවිශේෂ ස්ථානයක් හිමි විය. ගොවියාගේ විවිධ කාර්ය සඳහා ගවයන් යොදා ගැනීමත් එළදෙන ගොවි පවුලට සම්පතක් වීමත් නිසාම ඒ සමාජය තුළ ගවයාට ඉහළ වටිනාකමක් හා ගෞරවයක්ද ලැබිණි. ස්වකීය ජීවන චර්යාව සමග නොයෙක් අයුරින් සම්බන්ධ වූ ගවයා මරා මස් ආහාරයට ගැනීම සිංහල බෞද්ධයන් විසින් සලකන ලද්දේ සාරධර්මයක් නොතැකීමක් ලෙසය. එනිසාම ගවමස් අනුභවය සදාචාරාත්මක ප්‍රශ්නයක් විය. ඉන්දියාව තුළද ගව ඝාතනයට එරෙහි විරෝධතා නැගෙයි. ඒ හින්දු සංස්කෘතිය තුළ ගවයා පූජනීය වස්තුවක් බවට පත් වී තිබීම නිසාය. හින්දු සමයේ එන ශිව දෙවියන්ගේ වාහනය ගවයාය. ගව දෙන හා බැඳුණු පුරාවෘත්තද වේ. එක් පුරා වෘත්තයකට අනුව සියලු ගවදෙනුන්ගේ මව සුරබි ෙ�නුවය. ඇය හමු වූයේ විෂ්ණු දෙවියන් විසින් කිරි සයුර කලඹන ලද අවස්ථාවේදීය. කිරි, දීකිරි, වෙඬරු, මුත්‍ර හා ගොම යන පහම පාරිශුද්ධ දේවල් ලෙස හින්දූහු පිළිගනිති. බෞද්ධ රටක් වූ ජපානයේ එක් කලක සතුන් මැරීම සපුරා තහනම් විය. එහෙත් අද ජපානයේ කෝබේ නගරයෙහි ඉස්තරම් ගව මස් නිපදවයි. කෝබේ මස් නිපදවීම සඳහා ගවයාට විශේෂ ආහාර වර්ග ලබා දෙයි. එය අද ජපානයට විශාල ආර්ථික සම්පතක් බවද කියති. එයින් තහවුරු වන්නේ ජපානයේ ඇතැම් බෞද්ධ සාරධර්ම වෙළෙඳ පොළ ආර්ථිකයට යට වී ගොස් තිබෙන බවය. බුද්ධ කාලීන සමාජය තුළද මස් මාංශ අනුභවය පිළිබඳ ප්රශ්නය මතු වී ඇත. මඡ්Cධිම නිකායේ ජීවක සූත්‍රයෙහි මස් මාංශ අනුභවය පිළිබඳ පැහැදිලි විග්‍රහයක් හමු වේ. වරක් බුදුන් වහන්සේ වෙත පැමිණි ජීවක උන්වහන්සේගෙන් විමසා සිටියේ බුදුන් ප්රමුඛ සංඝයා වහන්සේට දානය සඳහා සතුන් මරා මස් සපයන බවට තිබෙන කතාව සත්‍යයක්ද යන්නය. එහිදී උන්වහන්සේ එය අසත්‍යයක් බව වදාළහ. එසේම මස් මාංශ අනුභවය සඳහා බලපවත්නා කරුණු තුනක් තිබෙන බවද වදාළහ. කිසියම් සතෙක් තමන් සඳහා මරන ලද බව දනී නම් හෝ ඒ බව අසා තිබේ නම් හෝ ඒ පිළිබඳ තමන්ට සැකයක් ඇත්නම් එබඳු අවස්ථාවල මස් වැළඳීම නුසුදුසු බව බුදුහු වදාළහ. විනයෙහි නම් අලිමස්, අශ්වමස්, බලුමස් හා ඇතැම් වන සතුන්ගේ මස් තහනම් කර ඇත. වරක් දෙව්දත් තෙරුන්ගේ පස් වැදෑරුම් පිළිවෙතක මස් මාළු නොවැළඳිය යුතු බවද දැක්විණ. එහිදීත් බුදුන් වහන්සේගේ ප්‍රතිචාරය වූයේ කැමති කෙනකුට එය පිළිපැදිය හැකි බවත් අකැමැති කෙනකුට ඒවා නොතකා ක්‍රියා කළ හැකි බවත්ය. බෞද්ධ හා ජෛන ආගම්වල අහිංසාවාදයට ප්‍රබල ස්ථානයක් හිමි වී තිබේ. මේ නිසා එවක සතුන් බිලි දී පවත්වන යාග හෝම ආදියද අඩු වූ අතර එළවළු හා පලතුරු පමණක් ආහාරය ලෙස ගැනීමට හුරු වූ බවද කියනු ලැබේ. හින්දුහු අදත් එළවළු ආහාරයට ගන්නෝය. මස් මෙන්ම සුදු ලූනු හා රතු ලූනුද හින්දුන්ගේ ආහාර වේලෙන් බැහැර කර තිබිණි. එහෙත් අද මේවා වෙනස් වී තිබේ. පුරාණ ඉන්දියාවේ කෘෂිකාර්මික හා එෙŒර යුගවල ගව මස් තහනම් වී තිබුණත් විශේෂ අවස්ථාවලදී අමුත්තන් සඳහා ගවයෙක් මරා සංග්‍රහ කළ බවද සඳහන් වේ. එහෙත් බෞද්ධ සාහිත්‍යයෙහි හෝ විනයෙහි හෝ කිසිම අවස්ථාවක බුදුන් වහන්සේ හෝ සංඝ සමාජය එලෙස ගවමස් වැළ» බවක් සඳහන් වී නැත. එක්තරා ජෛන භක්තිකයකු වූ සෙන්පති සිංහ නම් අයෙක් බුදුන්ට ගවයකු මරා දානය පිරිනැමූ බවට පුවතක් ප්‍රචාරය කර තිබිණි. එහෙත් පසුව හෙළි වූයේ ඔහු වෙළෙඳ පොළෙන් ඒ ගවමස් ලබා ගෙන තිබුණු බවය. බුදුන් වහන්සේගේ අන්තිම දානයට සූකර මද්දව නම් විශේෂ ආහාරයක් අඩංගු බවද සඳහන් වේ. මේ කියන සූකර මද්දව ඌරු මස් බවට මතයක්ද තිබේ. එසේම එය ඌරන් පෑගූ බිම මතු වන හතු විශේෂයකැයිද කියති. මෙදින බුදුන් වහන්සේට පමණක් සූකර මද්දව පූජා කර ඉතිරි ඒවා වළක් හාරා වළ දැමූ බවද දැක්වේ. මේ හැරුණු විට බෞද්ධ සාහිත්‍යයෙහි මස් ආහාරයට ගැනීම පිළිබඳ විවිධ කතා තිබේ. එබඳු කතා සද්ධර්මාලංකාරය නමැති කෘතියෙහි ද ඇත. එහි එන පුවපබ්බතවාසි තිස්ස ස්ථවිර වස්තුවට අනුව උන්වහන්සේ හැට වසරක් මුළුල්ලේම වළඳා ඇත්තේ සුවඳ ගිතෙල් මුසු මොනර මස් හා රත් හැල් සාලේ බත් පමණි. මෙයට හේතු වී ඇත්තේද පෙර කළ කුසලයකි. ඉතා සැකෙවින් ඒ කතාව මෙසේ දැක්විය හැකිය. වෙළෙඳාමෙන් ජීවත් වූ එක් තරුණයෙකුට දිනක් තරුණියකගෙන් ගිතෙල් බතක් හා මොණර මසක් ලැබිණි. හෙතෙම එය ආහාරයට ගනිද්දී කුසගිනි ඇවිලුණු බල්ලෙක් ඔහු අසලට ඇවිත් බලා සිටියේය. ඒ දුටු තරුණයා අනුකම්පාවෙන් තම බත් පතෙහි වූ මොණර මස් හා ගිතෙල් බත ගුලි කර බල්ලාට දුන්නේය. බල්ලා එය ආශාවෙන් කෑවේය. ඒ පින් බලෙන් ඔහුට දිගින් දිගටම ආහාර සඳහා මොණර මස් හා ගිතෙල් බත් ලැබිණි. මේ තරුණයා පසු කලක ලක්දිව උපත ලබා පුගලු නම් විහාරයෙහි පැවිදිව රහත් බව ලැබූවේය. මේ රහතන් වහන්සේට හැම දිනකම දානයට ලැබුණේ මොණර මස් හා රත් ඇල් හාලේ බත්ය. ඒ කතාව ජනතාව අතරද පැතිර ගියේය. දිනක් එක් ගෘහපතියෙක් මේ කතාව විමසා බැලීමට සිතීය. ඔහු සිය බිරිඳට නිවුඩු හාල්, පලා වර්ගයක් හා කුඩුමුසු කැඳක් සාදා දෙන ලෙස කීවේය. ඒ තෙරුන්ට දානය සඳහාය. එසේ කී ඔහු උදයේම ගොස් තෙරුන් වහන්සේට සිය නිවසට දනට වඩින ලෙස ආරාධනයක්ද කළේය. ගහපති බිරිඳ ලහි ලහියේ ආහාරය සකසන්ට වූවාය. ඒ අතර මහලු මිනිසෙක් ඇගේ ගෙදරට පැමිණ සුවඳ ගිතෙල්, මොණර මස් හා රත් ඇල්හාල් අඩංගු මල්ලක් දී ඒවා පිසින ලෙස ඇගේ සැමියා කී බව පවසා ඇගෙන් සමුගෙන ගියේය. නියමිත පරිදිම දහවල් දානයට වැඩ රහතන් වහන්සේ රත් ඇල්හාලේ බත් සමග මොණර මස් වළඳා පිටව ගිය සේක. පසුව ගහපතියා ගෙට පැමිණ දන් වැළඳු ආකාරය ගැන ඇසීය. එවිට බිරිඳ සියල්ල විස්තර කළේය. අනතුරුව ඔහු උන්වහන්සේ හමුවීමට ගොස් තමන් කළ සියල්ල හෙළි කළේය. එවිට උන්වහන්සේ වදාළේ තමන් පෙර කළ කුසල මහිමයක් නිසා හැමදාම තමන්ට මොණර මස් හා රත් ඇල්හාල් බත් දානයට ලැබෙන බවය. තමන් එදා කුසගිනි වු බල්ලාට දුන් බත් පිඬ නිසා ඒ සියල්ල හිමි වූ බවත් එහෙත් ඒ ආහාරයේ ඇලීමක් නැති බවත් පවසා දහම් දෙසීය. අප විසින් මෙම කතාව දක්වන ලද්දේ මස් අනුභවය පිළිබඳ බෞද්ධ සම්මතය කුමක්ද යන්නට නිදසුනක් ලෙසය. එහි එන සාලිරාජ කුමරුන්ගේ හා රූපදේවි වස්තුව යන කතා වලින්ද තහවුරු වන්නේ මස් පිළිබඳව තහනමක් ක්‍රියාත්මක නොවූ බවය. බෞද්ධ සාහිත්‍යයට එබඳු කතා එක් වන්නේද මස් අනුභවය පිළිබඳව බුදුන් වහන්සේ අන්තවාදී පිළිවෙතක් අනුගමනය නොකළ නිසාමය. මෛත්‍රී බ්‍රහ්ම විහරණය ප්‍රගුණ කළ භික්ෂුවට ආහාරයේ විශේෂතා නැති බව බුදුහු අවධාරණය කළහ. නිර්දොaෂී ආහාර වැළඳීම සුදුසු බවට උන්වහන්සේ අනුශාසනා කළහ. බුදුන් වහන්සේ වැඩ විසූ ඡේතවනාරාමය සමීපයේ ඌරු වැද්දෙක් සිටියත් කිසිම විටක එය ඉවත් කරවා ගැනීමට කොසොල් රජුට නිකමටවත් කී බවක් හෝ සඳහන් නොවේ. මේ පසුබිම තුළ බෞද්ධ භික්ෂූන් වහන්සේගේ විරෝධය කුමක් නිසාද යන ප්‍රශ්නයද නැගිය හැකිය. අනෙක් අතට මේ රටේ දිනකට ආහාර පිණිස ඝාතනය කෙරෙන කුකුළන්, ඌරන්, එළුවන්, හාවුන් ඇතුළු සතුන්ගේ සංඛ්‍යාව කොපමණද? නිල වශයෙන් මෙන්ම හොරට මරනු ලබන සංඛ්‍යාවද ගත් කල එය ඉතා විශාල ප්‍රමාණයක් වනු නිසැකය. මාංශ භක්ෂණය හෙවත් මස්කෑම නීතියෙන් තහනම් කළ හැකිද? සාංඝික දානවලදී පූජා කරන මස් වර්ග අතර ගවමස් නැති වුවද වෙනත් මස් තිබෙන බවද කව්රුත් දනිති. එයට තහංචි දැමීමට හෝ ඉන් ගිහියන් වැළැක්වීමට හාමුදුරුවරුද වෙහෙස නොවෙති. මන්ද යත් එය නිෂ්ඵල ක්‍රියාවක් හෙයිනි. කිසිම භික්ෂූන් වහන්සේ නමක් මස් මාංශ හෝ විශේෂ ආහාර අපේක්ෂා නොකරන බවද සැබෑය. කලාතුරකින් එබඳු ඉල්ලීම් සිදු වීමටද බැරි නැත. එහෙත් අදත් බෞද්ධයන් මෙන්ම සංඝ සමාජය අනුගමනය කරන්නේ චිරාගත සම්මතයකි. කෙසේ හෝ ගව ඝාතන නීතියක් රජයකට සම්මත කළ හැකිද යන්නත් ගැටලු සහගතය. එයින් බෞද්ධ නොවන අන්‍යාගමිකයන්ට අපහසුතාවක් ඇති නොවේද? පාලකයන් විසින් රටක සංස්කෘතිය හා සාරධර්ම රැකීමට බැඳී සිටින වග සැබෑවකි. එහිදී බෙහෙවින් උපේක්ෂා සහගතව තීරණවලට එළඹීමටද සිදු වේ. මුස්ලිම්වරු ඌරු මස් ප්‍රතික්ෂේප කළත් ඌරන් මැරීමට එරෙහිව අරගල කරත්ද? නැත. එහෙත් ගවමස් හා එළුමස් ඔවුන්ගේ ආහාර සංස්කෘතියෙහි අංග වී තිබේ. මුස්ලිම් ජනතාව අතර ද අන්තවාදීහු සිටිති. ඔවුන්ගේ හැසිරීම්ද ප්රශ්නකාරී වේ. සංස්කෘතිය හා ආගම් සුරැකීම සඳහා අන්තවාදී පිරිස් ඉදිරිපත් වීම අද ප්රවණතාවකි. කුප්‍රකට තලේබාන්වරුන් මෙන්ම ජිහාඩ් වැනි මූලධර්මවාදීන්ගේ හැසිරීම් අද ලොවටම තර්ජනයක් වී තිබේ. කවර ආගමක නාමයෙන් වුවද පමුණුවන තාඩන පීඩන, දඬුවම් යනාදිය අනුමත කළ හැකිද? බෞද්ධ සාරධර්ම මෙන්ම ඉස්ලාම් සාරධර්ම සුරැකිය යුත්තේ ඉතා මැදහත්ව බව ද බුද්ධිමත්හු කියා සිටිති. පාරිභෝගිකවාදය හා සංචාරක සංස්කෘතිය අද හැම රටකටම ප්‍රශ්නයක් වී තිබේ. ජාතික හා සංස්කෘතික කරුණු අරභයා බුද්ධිමත් මැදිහත් වීම් කිරීම භික්ෂුවගේ උරුමය බව සැබෑය. එහෙත් එහිදී ක්‍රියා කළ යුත්තේ කෙසේද? පාරාජිකා පාලියට අනුව නම් භික්ෂූන් වහන්සේට වෙනත් අයකුට මැරීමට අනුබලදීම උපදෙස් දීම මෙන්ම මරණය වර්ණනා කිරීමද පාරාජිකා වීමට හේතුවකි. ඒ අනුව උන්වහන්සේලා ගව ඝාතනය වෙනුවෙන් දිවි පිදීම ගැනද සිතා බැලිය යුතු නොවේද? අද මෙරට තිබෙන ප්රමුඛ හෝ ප්‍රබල ප්රශ්නය ගව ඝාතනයද? සමාජ සංස්කෘතික වටිනාකම් ගිලිහී යමින්ද කුඩු, මත්වතුර ව්‍යාප්ත වෙමින්ද ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් සුලභ වෙමින්ද ජාතික සම්පත් විනාශ කරමින්ද, දූෂණය සමහරුන්ගේ වෘත්තිය බවට පත්වෙමින්ද තිබෙන පසුබිමක ගව ඝාතනය වෙනුවෙන් පමණක් මෙවන් ආන්දෝලනයක් ඇති කිරීමේ වුවමනාව කුමක්ද?[/SIZE] Sourcs: [URL="http://www.divaina.com/2014/02/23/feature15.html"]http://www.divaina.com/2014/02/23/feature15.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom