Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගවරා විසූ ගවරවිල සොයා මහ වනයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගවරා විසූ ගවරවිල සොයා මහ වනයට

ලංකාවේ බොහෝ ඒක දේශීය සතුන් වර්ග දැකිය හැකි අතර, ඉන් කුරුල්ලන්, කෘමී වර්ග, හූනන් වර්ග, මසුන්, සමනලුන් වර්ග කැපී පෙනෙන ඊට අමතරව එක් එක් කාලවල විවිධ ප්‍රදේශවලින් හමුව පසුව වඳ වී හෝ නැති වී ගිය විවිධ සතුන් ද වාර්තා වේ. ගවරවිල යන වචනයේ අර්ථයෙන්ම ‘ගවරා’ නම් සාමාන්‍ය මීහරකෙකුට වඩා විශාල සත්වයෙකි. එනම් ‘බයිසන් ගවයා’ වැනි සතෙකු වූ ගවරා අතීතයේ මෙම ප්‍රදේශය තුළ ජීවත් ව සිට ඇති බව ජනප්රවාදයේ පැවතෙයි. සමනල රක්ෂිතයේ හුදෙකලා වූ මෙම ගවරවිල සහ ගවරවිල කඳුවැටිය සොයා පසුගිය දිනක අපි එහි ගොඩවැදුණෙමු.

සමනල රක්ෂිතය යනු විශාල ජල පෝෂකයක් වන අතර ප්‍රධාන වශයෙන් කළු ගඟේ ආරම්භක ඉසව්වය. ඊට අමතරව කැලණි ගඟට හා වලවේ ගඟට අර්ධ වශයෙන් උපත දෙන රක්ෂිතය බොහෝ ‘ඔය’ සහ අතු ගංගා රාශියකට උපත දෙයි. ගවරවිල යනු ඉහත කී ලංකාවේ ප්‍රධානතම ගංගා යුගලය වන කැලණි සහ වලවේ හී දෙවන අර්ධයට උපත දෙන ඉසව්වයි.

මෙහි දෙවන අර්ධය යනු මෙම ගංගා දෙකේ පළමු අර්ධය පෝෂණය කරන්නේ නැතහොත් ගංගා දෙකේ සැබෑ උපත සිදු වන්නේ හෝර්ටන් තැන්නෙහි. නමුත් දෙවන අර්ධය නැතහොත් ගංගාවකින් හරි අඩකට උපත දෙන්නේ සමනල රක්ෂිතයේ මෙම කඳුවැටියයි. එහිදී කැලණි ගඟට උපත දෙමින් මාඋස්සාකැලේ ජලාශය හරහා මස්කෙළිය ඔය වී ගලාගෙන ගොස් කෙහෙල්ගමුව ඔය හා එක්ව ගලන අතර වලවේ ගඟ ලෙස ගලාගෙන ගොස් සමනල වැව ජලාශයට වැටී ගලාගෙන යයි. එම උපත් දෙකම සිදුවන්නේ ගඟේ දෙකෙළවරය. උතුරු කෙලවරින් කැලණි නදියන් දකුණු කෙළවරින් වලවේ නදියත් ආරම්භ වේ.

ගවරා විසූ මෙම ගවරවිල විශාල පතනක් වුවත් මෙය විලකි. මන්ද ගවරවිල කියා මෙය හඳුන්වන්නේ අධික වර්ෂ සමවල දී මෙම ඉසව්ව ජලයෙන් යට වන බැවිනි. එලෙසම ප්‍රධාන ජල පෝෂකයක් වන මෙම සමස්ත කඳුවැටිය මතින් දිය ඇලි දහයක් පමණ උපත ලබන අතර සිරිපා අවාරය තුළ වැටෙන වර්ෂා ජලය උරාගෙන ඉන් දැයට දායද කරන ජල පරිමාව ඉතා විශාලය. මීටර 1800කට ඉහළ කන්දක පවතින අක්කර කිහිපයක් විශාල මෙම පතන සොයා අප සමනල රක්ෂිතයට ගොඩ වැදුණේ වර්ෂාව නොමැති කාලයේ දී ය.

කොළඹ සිට අවිස්සාවේල්ල හරහා හැටන්වලට පැමිණ දියගල හන්දියෙන් සිරිපා මාර්ගයට හරවා මස්කෙළිය නගරයට පැමිණෙන විට වෙලාව පාන්දර 4ට පමණ වූ අතර එතැන් සිට අප්කොට් හරහා ෆොග්මෝර් වතු යයාට පැමිණියේ මීදුම් හිරිකඩ සළුපිළි ලෙහා දාන කණිසමේය. ඉන්පසු අප ෆොග්මෝර් වතුයායේ ඉහළ කොටසට පිවිස එතැනින් යතුරුපැදිය නවතා තේ වතු අතරින් ගමන් කිරීමට සැරසුණේ කුඩා අඩි මාර්ගයන් ඔස්සේය.

ගවරවිල යනු විශාල කඳුවැටියකි. මධ්‍යම පළාතේ මායිම වන මෙම කන්දේ දකුණු බෑවුමෙන් පහළ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල වේවැල්වත්ත, දෙහෙන කන්ද සහ රාස්සගල පිහිටා ඇත. මෙම කන්දට නැගෙනහිරින් සමනල දෙවන උසම මහමුණි කන්ද (මීටර 2040) පිහිටා ඇති අතර ඊට ඔබ්බෙන් මරියකොටේ කන්ද පිහිටා ඇත. ගවරවිල ප්‍රධාන කන්දේ උස මීටර 1980ක් පමණ වන අතර ඊට අමතරව මීටර 1900 වඩා උසැති අවශේෂ කඳු දෙකක් මෙහි පිහිටා ඇත. ගවරවිල තැන්න බැලූ බැල්මට කුඩා හෝර්ටන් තැන්නක් ලෙස පෙනෙන අතර එහි පිරී ඇත්තේ මාන පඳුරු පමණි.

තේ වතුයාය මැදින් ඇවිද ගිය අප කුඩා දොළ පහරකින් එතෙර වී වනයට අවතීර්ණ වූයේ දළ වශයෙන් තිබුනා මුත් එහෙත් ගස් වැටී සොයා ගැනීමට අපහසු අඩි මාර්ගයක් ඔස්සේය. ක්‍රමයෙන් ලේ සුවඳට වහවැටුණු කූඩැල්ලන් හෙමි හෙමිහිට අප යන මග අහුරන්නට වූ අතර ඉන්පසු අපි කූඩැලි විකර්ෂණ භාවිත කර ගමන නැවත අරඹන්නට වීමු. මීටර කිහිපයක් ගිය පසු දැඩි තෙත් සහිත වන රොදක් සේම පාසි හා අනුවර්තනීය ශාක සහිත සුන්දර වනපියස හරහා ගමන් කරමින් දිය පහරක් වෙත ළඟා වුණෙමු.

ඒ ඔස්සේ ගිය පසු අප නැවතුණේ විශාල දිය ඇල්ලක මුදුනේය. එය මාඋස්සාකැලේට ගලායන දියවරකි. එම ඇල්ල මුදුනට සමනල කන්ද හරි අපූරුවට දැක ගැනීමට හැකි වූ අතර එහි මද වේලාවක් ගතකරමින් අපි අවට පරිසරය නරඹන්නට ගත්තෙමු. තේ වතුයාය මැදින් කම්කරු නිවාස දැකගත හැකි වූ අතර පසෙකින් ගාඩ්මෝර් වතුයායේ මැදින් කම්කරු නිවාස දැකගත හැකි වූ අතර පසෙකින් ගාඩ්මෝර් වතුයායත් පහළින් අප්කොට් හා සුවිසල් මාඋස්සාකැලේ ජලාශයත් දැකගැනීමට ලැබුණි. ගලන්නා වූ දියවර අධික සීතලකින් යුක්ත වූ අතර එතරම් වලාකුළු රොදක් නොපැවති හෙයින් ඈත කඳු මුදුන් දක්වා පරිසරය පැහැදිලිව අපට දැකගැනීමට ලැබුණි.

පසුව නැවතත් ගමන ඇරඹූ අප දියපහර දිගේ තරමක් ඉහළට ගමන් කළේ විවිධ ස්ථානවල දී දියපහරේ කුඩා කඩා වැටීම් හා ගල්පර සමග කොළ වර්ණයේ ප්‍රභේද ගෙනදුන් සුන්දරත්වය කාච ගත කරන්නටය. පසුව අපි ගූගල් GPS සිතියමට අනුව තැන්නට ළඟාවිය හැකි ඉසව්වට පිය මැන්නෙමු.

ගවරවිල කඳුවැටිය තුළ සැඟවුණු තවත් රහසක් ඇත. එයනම් ඉතා අප්‍රසන්න රහසක් වන පරිහානියකි. ගවරවිල හොර රහසේම ජාවාරම්කරුවෝ ඉල්ලම් කැපීමට ගවරවිල කඳුවැටිය රිංගති. අතීතයේ මෙම ඉසව්ව එතරම් ප්‍රචලිත නොවූවද මැණික් ගැරීමේ ජාවාරම අතීතයේ පටන් මෙහි පැවත ඇත. ඒ බව අපට ගම්මුන්ගෙන් පවා දැන ගැනීමට ලැබුණු අතර ඔවුන් පවසන පරිදි මද්ද පවා සවිකර තිබිය හැකි ලෙස අපට දැන්වීය. එම නිසාම අප වඩාත් ප්‍රවේසමෙන් වනයේ සැරිසැරූ අතර සමහර ගම්මුන් ගෝනුන් හා වල් ඌරන් දඩයම සඳහා ද මෙම ඉසව්වට යන බව අපට දැනගැනීමට ලැබුණි. බොහෝ විට ඔවුන්ට මෙය තවත් කන්දක් හෝ තවත් දිය උල්පත් පිහිටි ප්‍රදේශයක් වූවාට මෙහි ඇති වටිනාකම සහ රැක ගත් යුතු යයි සංකල්පය පිළිබඳ බොහෝ තැකීමක් දක්වනු නොලබයි.

ගවරා යනු විදෙස් රටවල සිටින බයිසන් ගවයා මෙන් විශාල සතෙකු බව ජනප්රවාදයේ පැවතෙන අතර විටෙක එකී බයිසන් ගවයන් අතීතයේ මෙහි ජීවත් වූවා විය හැකිය. එමෙන්ම හෝර්ටන් තැන්නේ වන අලි දඩයම සේම බයිසන්/ ගවරුන් දඩයම සමනල රක්ෂිතයේ ප්‍රචලිතව තිබුණා විය හැක. කෙසේ හෝ මේකී සත්වයා අද දක්නට නොලැබේය. නමුත් ගවරා සිටි විල අද ගවරවිල කියා හඳුන්වන අතර සමනල රක්ෂිතයේ සැඟවුන බොහෝ කථා අතර මෙය ද වැළලී ගිය කතා ගොන්නට එකතු වී හමාරය.

වන පියස දිගේ මග සොයාගෙන කුඩා දිය කඩිතිවලින් එතෙර වී මඩ ගොහොරුවල එරී ගස් ආධාරයෙන් ඉහළට නැග අප අඳුරු වන පියස පසුකර ළඟා වූයේ හිරු එළියෙන් පොහොණි වූ එළිමහන් ඉසව්වකටය. එය සැබවින්ම හෝර්ටන් තැන්නක් ලෙස දැක ගත හැකි වූ අද දවසේ ගමනාන්තය වූ අතර ගවරවිල නම් ඉසව්වට අප පිවිසි විගසම ඈතින් සිටි ගෝන රංචුවක් හනිකට වනය තුළට දිව ගියහ.

පසුව අප මදක් විවේක ගන්නට වූ අතර වැසි රහිත කාලගුණයක් වූ හෙයින් ප්‍රදේශයේ සුන්දරත්වය නොමදව අපට දැක ගැනීමට ලැබුණි. සමස්ත පතනම වටේට වන පියස මගින් වට වී තිබූ අතර ඈතින් කඳුවැටියක් දක්නට ලැබුණි. ප්‍රදේශය පුරා දැඩි නිහැඬියාවක් පැවතුණ ද ගලාගෙන යන දියවරේ චිරි චිරිය මන බඳින ලදී. මඳ වෙලාවක් විවේක ගත් අප කැමරා ආම්පන්න සූදානම් කරගෙනම ගවරවිල තවදුරටත් ඉන් ඔබ්බටත් විඳීමට සහ ගවේෂණය කිරීමට පටන් ගන්නා ලදී. මාන පඳුරු යායම තරමක් දුරට වෙලීමට ආසන්න ස්වභාවයක් වුනමුත් චණ්ඩ හිරු රැස් යට ගලන දියවරේ අඩු බවක් නම් අපට නොපෙනුණි.

ගවරවිල පතන සීමිත ඉඩකඩක පැවතුණු තැන්නක් බැවින් එහි සියලුම අවසානයන්/ මායිම් පියස මගින් වටකොට තිබුණි. ගලාගෙන එන දියවර හරියටම තැන්න මැදින් ගලාගෙන පැමිණියේ මෙම ඉසව්වේ අවසන් ජල පෝෂක ප්‍රදේශය වන පළාත් මායිම අවටින්ය. කොටියා නිතරම වාසය කරන මෙම ඉසව්වේ තවත් සත්ව වේශයෙන් පෙනී සිටින නොමිනිසුන් මෙම තැන්න අනවසර මැණික් ගැරීම්වලට භාවිත කොට තිබුණි. ඒ බව අප දුටුවේ පතන තුළ තිබූ හෑරූ විශාල වළවල් මගිනි.

බොහෝ වටිනා ඉල්ලම්වලට කදිම ඉසව්වක් වන මෙම ඉසව්ව නිතැතින්ම මානව ක්‍රියාකාරකම්වල බලපෑමට ලක්වේ. හෙමි හෙමිහිට මාන පඳුරු උඩින් ලිස්සමින් ඉදිරියට ගමන් කළේ දිය පාරට සමාන්තරවය. මෙහි පිහිටි කඳුමුදුන් යුගලය ඉතා අලංකාර වන අතර ගිනිකොන දෙසට වන්නට මගමුණිකන්ද ඇතුළු සමනල රක්ෂිතයේ කඳු කිහිපයක් මෙහිදී දැක ගැනීමට ලැබුණි.

මෙම දියවර දිගේ කෙළවරට ගිය ද එහි ජල මූලාශ්‍රයක් දක්නට නොලැබේ. එලෙස යාමට දින කිහිපයක් ගත වන අතර ඒ සඳහා වැසි රහිත පායන කාලය ඉතා සුදුසුය මන්ද අධික වර්ෂා සමවල දී ගංගා උතුරා යන බැවිනි. වන පියස පිහිටි එක් කොනකට ගිය පසු අප තවදුරටත් රක්ෂිතය තුළ ශාක ව්‍යාප්තිය නිරීක්ෂණය කරන්නට විය.

එහිදී අප කතිකා කරගත් පරිදි කෙමෙන් කෙමෙන් වන පියසට පිය මැන්නේ මීදුමට වැහුණු එහි සුන්දරත්වය දැකීමටය. හෝරා දෙකක් පමණ අප එහි සැරිසැරූ අතර ඉන්පසු අප සූදානම් වූයේ ගවරවිල මහකන්දට යාමටය. මෙම මහ කන්ද නැතහොත් සමස්ත කඳුවැටියෙම උසම ස්ථානය පිහිටා තිබුණේ ඊසාන දිශාවට වන්නටය.

අප්කොට් ගම්මානය හා ග්ලෙනුජි වතුයාය අතර පොදු ප්‍රවාහන සේවය තිබුණ ද ගම්වැසියන් බොහෝ දුෂ්කරතාවලින් පෙලෙයි. ඇතැමුන් ගෝන්නු, මුවන් සහ වල් ඌරන් දඩයම් කරන අතර විටෙක ඒවා ආශ්රිත හෝටල්වලට අලෙවි කරන බවට අපට දැනගැනීමට ලැබුණි. මැණික් ගැරීම සඳහා විවිධ කණ්ඩායම් වනයට පිවිස සතිය දෙක අට්ටාල සාදාගෙන වාසය කරන අතර එවැනි අතහැර දැමූ ඉල්ලම් වළවල් කිහිපයක් අපට ගවරවිල ආශ්‍රිතව දක්නට ලැබුණි.

ගවරා නම් සත්වය පිළිබඳ එතරම් සජීවී සාධක නොමැති වුවද මෙම සත්වයා සිටි බවට ගැමිවහරේ පවතින මතය මිත්‍යාවක් ලෙස සිතා බැහැර කළ නොහැක. එසේම අධික වියළි සමවල දී ඉතාමත් කලාතුරකින් මෙම තැන්නේ විවිධ ස්ථාන ලැව් ගිනිවලට හසුවන බවත් පසුගිය දිනවල අපට දැකගන්නට ලැබුණි. කැලණි නදියේ දියවර සදන තවත් අවශේෂ දිය උල්පත් මේ අවට දක්නට ලැබේ.

කෙසේ හෝ අපි ගවරවිල තැන්න හා අවට පිහිටි උස්බිම් කරා පියනැගූ පසු නැවතත් ආපසු යාමට පටන් ගත්තෙමු. එහිදී අප ගවරවිල ඇල්ල මුදුනට පැමිණ බොහෝ වපසරියක පිහිටි පරිසරය ද සමනල කන්ද ද දුටු අතර සමනල කන්ද මතට ගවරවිල දුටු ආකාරය එහිදී අපට සිහිවිය. ගවරවිලට තරමක් නුදුරින් ගාඩ්මෝර් කන්ද ආශ්‍රිතව තවත් දිගැටි ලෙස පිහිටි පතනක් ඇති අතර එහි යම් යම් නායයෑම් සිදුවුණු බවට සාධක අපට ගූගල් චන්ද්‍රිකා සිතියම් මගින් දැකගත හැකි විය. තවද පළාත් දෙකක් යා කරන ගවරවිල සිට අතීතයේ දෙහෙනකන්ද යාමට වනගත මාර්ගයක් තිබී ඇත. එලෙසම එම මාර්ගය මෑතක් වනතුරු ඇතැම් ගම්වැසියන් භාවිත කළ ද වර්තමානය වන විට රක්ෂිතයේ වන ව්‍යාප්තිය හා අවදානම හේතුවෙන් එය වල් බිහි වී ඇත.

එලෙසම බලංගොඩ මාරතැන්න සහ ඉහළ ගලගම ආශ්රිත ජනයා සමනල කන්ද වන්දනා කළ ඉපැරණි දීර්ඝතම මාර්ගය වැටී ඇත්තේ ද ගවරවිල හරහාය. එය වලවේ ගඟ ගලන නිම්නය ඔස්සේ රාස්සගල හරහා රක්ෂිතයට ඇතුළු වී මරිය කොටේ සහ මගමුණි කන්ද හරහා ගවරවිලට පැමිණ එතැන් සිට ගාඩ්මෝර්කන්ද, දෝතුරුගල හරහා දෙහෙන කන්දේ සිට සිරිපාදයට යන මුක්කුවත්ත මාර්ගයට පැරඩයිස් නැවතුම්පොළට පෙර සම්බන්ධව තිබී ඇත.

මේ වන විට සාම්ප්‍රදායික සහ නොනිල මාර්ග තුන බැගින් සිරිපා වන්දනාවට පැවතිය ද අතීතයේ මෙම මාර්ගය, සප්තකන්‍යා සිට යකාඇඬූ කන්ද හරහා මාර්ගය, රත්ගඟ දුල්ගල හරහා මාර්ගය ආදී ලෙස තවත් මාර්ග තිබුණේ ඒ ඒ ගම්වල ගැමියන් හට සිරිපා කරුණාවට පහසු වන ලෙසය.

අලි, කොටි, වල් ඌරා, ගෝනන් බහුල සමනල අඩවියේ කඳු, දියඇලි, ගුහා හා ගංගා සේම පතන කිහිපයක් ද පිහිටයි. සමස්ත රක්ෂිතයම ජෛව විවිධත්වය අතින් ඉතා ඉහළ වටිනාකමක් ගන්නා අතර ඒකදේශීය ශාක සහ පැළෑටි සේම සත්වයින් කිහිපදෙනෙක් ද මෙහි වාසය කරති. තවද මෙහි සැඟවුණු කතා වගේම රසබර සිද්ධි බොහෝමයක් ඇති අතර මේ අවට ජීවත් වන දමිළ ගම් වැසියෝ ඉතා සහයෝගයෙන් සහ අවබෝධයෙන් මෙහි වාසය කරති.

එලෙසම පසුගිය කාලවල දී සමනල කන්ද ආශ්‍රිතව ජාන විකෘතියකට ලක්වුණු කළු කොටියෙකු (දිවියෙකු) සිටින බවට සාධක සේම ඇසින් දුටු සාක්ෂි හමුවූ අතර මෙහි සිටිනා කොටින් හෝර්ටන්තැන්න සහ පිදුරුතලාගල ආදී රක්ෂිතවල මාරු වෙමින් කල් ගෙවනු ලැබේ. අපගේ ගමන නිමා කරමින් නැවතත් යතුරුපැදි වෙත පැමිණි අප වෙනත් මාර්ගයකින් ගවරවිල වතුයාය හරහා මස්කෙළියට පැමිණියේ සුවිසල් ගවරවිල කඳුවැටියේ සුන්දරත්වය විඳිමිනි.

Sunday Lankadeepa - 06.10.2019

[QUOTE="redundent, post: 24828566, member: 558085"] [b]ගවරා විසූ ගවරවිල සොයා මහ වනයට[/b] [SIZE="4"]ලංකාවේ බොහෝ ඒක දේශීය සතුන් වර්ග දැකිය හැකි අතර, ඉන් කුරුල්ලන්, කෘමී වර්ග, හූනන් වර්ග, මසුන්, සමනලුන් වර්ග කැපී පෙනෙන ඊට අමතරව එක් එක් කාලවල විවිධ ප්‍රදේශවලින් හමුව පසුව වඳ වී හෝ නැති වී ගිය විවිධ සතුන් ද වාර්තා වේ. ගවරවිල යන වචනයේ අර්ථයෙන්ම ‘ගවරා’ නම් සාමාන්‍ය මීහරකෙකුට වඩා විශාල සත්වයෙකි. එනම් ‘බයිසන් ගවයා’ වැනි සතෙකු වූ ගවරා අතීතයේ මෙම ප්‍රදේශය තුළ ජීවත් ව සිට ඇති බව ජනප්රවාදයේ පැවතෙයි. සමනල රක්ෂිතයේ හුදෙකලා වූ මෙම ගවරවිල සහ ගවරවිල කඳුවැටිය සොයා පසුගිය දිනක අපි එහි ගොඩවැදුණෙමු. සමනල රක්ෂිතය යනු විශාල ජල පෝෂකයක් වන අතර ප්‍රධාන වශයෙන් කළු ගඟේ ආරම්භක ඉසව්වය. ඊට අමතරව කැලණි ගඟට හා වලවේ ගඟට අර්ධ වශයෙන් උපත දෙන රක්ෂිතය බොහෝ ‘ඔය’ සහ අතු ගංගා රාශියකට උපත දෙයි. ගවරවිල යනු ඉහත කී ලංකාවේ ප්‍රධානතම ගංගා යුගලය වන කැලණි සහ වලවේ හී දෙවන අර්ධයට උපත දෙන ඉසව්වයි. මෙහි දෙවන අර්ධය යනු මෙම ගංගා දෙකේ පළමු අර්ධය පෝෂණය කරන්නේ නැතහොත් ගංගා දෙකේ සැබෑ උපත සිදු වන්නේ හෝර්ටන් තැන්නෙහි. නමුත් දෙවන අර්ධය නැතහොත් ගංගාවකින් හරි අඩකට උපත දෙන්නේ සමනල රක්ෂිතයේ මෙම කඳුවැටියයි. එහිදී කැලණි ගඟට උපත දෙමින් මාඋස්සාකැලේ ජලාශය හරහා මස්කෙළිය ඔය වී ගලාගෙන ගොස් කෙහෙල්ගමුව ඔය හා එක්ව ගලන අතර වලවේ ගඟ ලෙස ගලාගෙන ගොස් සමනල වැව ජලාශයට වැටී ගලාගෙන යයි. එම උපත් දෙකම සිදුවන්නේ ගඟේ දෙකෙළවරය. උතුරු කෙලවරින් කැලණි නදියන් දකුණු කෙළවරින් වලවේ නදියත් ආරම්භ වේ. ගවරා විසූ මෙම ගවරවිල විශාල පතනක් වුවත් මෙය විලකි. මන්ද ගවරවිල කියා මෙය හඳුන්වන්නේ අධික වර්ෂ සමවල දී මෙම ඉසව්ව ජලයෙන් යට වන බැවිනි. එලෙසම ප්‍රධාන ජල පෝෂකයක් වන මෙම සමස්ත කඳුවැටිය මතින් දිය ඇලි දහයක් පමණ උපත ලබන අතර සිරිපා අවාරය තුළ වැටෙන වර්ෂා ජලය උරාගෙන ඉන් දැයට දායද කරන ජල පරිමාව ඉතා විශාලය. මීටර 1800කට ඉහළ කන්දක පවතින අක්කර කිහිපයක් විශාල මෙම පතන සොයා අප සමනල රක්ෂිතයට ගොඩ වැදුණේ වර්ෂාව නොමැති කාලයේ දී ය. කොළඹ සිට අවිස්සාවේල්ල හරහා හැටන්වලට පැමිණ දියගල හන්දියෙන් සිරිපා මාර්ගයට හරවා මස්කෙළිය නගරයට පැමිණෙන විට වෙලාව පාන්දර 4ට පමණ වූ අතර එතැන් සිට අප්කොට් හරහා ෆොග්මෝර් වතු යයාට පැමිණියේ මීදුම් හිරිකඩ සළුපිළි ලෙහා දාන කණිසමේය. ඉන්පසු අප ෆොග්මෝර් වතුයායේ ඉහළ කොටසට පිවිස එතැනින් යතුරුපැදිය නවතා තේ වතු අතරින් ගමන් කිරීමට සැරසුණේ කුඩා අඩි මාර්ගයන් ඔස්සේය. ගවරවිල යනු විශාල කඳුවැටියකි. මධ්‍යම පළාතේ මායිම වන මෙම කන්දේ දකුණු බෑවුමෙන් පහළ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල වේවැල්වත්ත, දෙහෙන කන්ද සහ රාස්සගල පිහිටා ඇත. මෙම කන්දට නැගෙනහිරින් සමනල දෙවන උසම මහමුණි කන්ද (මීටර 2040) පිහිටා ඇති අතර ඊට ඔබ්බෙන් මරියකොටේ කන්ද පිහිටා ඇත. ගවරවිල ප්‍රධාන කන්දේ උස මීටර 1980ක් පමණ වන අතර ඊට අමතරව මීටර 1900 වඩා උසැති අවශේෂ කඳු දෙකක් මෙහි පිහිටා ඇත. ගවරවිල තැන්න බැලූ බැල්මට කුඩා හෝර්ටන් තැන්නක් ලෙස පෙනෙන අතර එහි පිරී ඇත්තේ මාන පඳුරු පමණි. තේ වතුයාය මැදින් ඇවිද ගිය අප කුඩා දොළ පහරකින් එතෙර වී වනයට අවතීර්ණ වූයේ දළ වශයෙන් තිබුනා මුත් එහෙත් ගස් වැටී සොයා ගැනීමට අපහසු අඩි මාර්ගයක් ඔස්සේය. ක්‍රමයෙන් ලේ සුවඳට වහවැටුණු කූඩැල්ලන් හෙමි හෙමිහිට අප යන මග අහුරන්නට වූ අතර ඉන්පසු අපි කූඩැලි විකර්ෂණ භාවිත කර ගමන නැවත අරඹන්නට වීමු. මීටර කිහිපයක් ගිය පසු දැඩි තෙත් සහිත වන රොදක් සේම පාසි හා අනුවර්තනීය ශාක සහිත සුන්දර වනපියස හරහා ගමන් කරමින් දිය පහරක් වෙත ළඟා වුණෙමු. ඒ ඔස්සේ ගිය පසු අප නැවතුණේ විශාල දිය ඇල්ලක මුදුනේය. එය මාඋස්සාකැලේට ගලායන දියවරකි. එම ඇල්ල මුදුනට සමනල කන්ද හරි අපූරුවට දැක ගැනීමට හැකි වූ අතර එහි මද වේලාවක් ගතකරමින් අපි අවට පරිසරය නරඹන්නට ගත්තෙමු. තේ වතුයාය මැදින් කම්කරු නිවාස දැකගත හැකි වූ අතර පසෙකින් ගාඩ්මෝර් වතුයායේ මැදින් කම්කරු නිවාස දැකගත හැකි වූ අතර පසෙකින් ගාඩ්මෝර් වතුයායත් පහළින් අප්කොට් හා සුවිසල් මාඋස්සාකැලේ ජලාශයත් දැකගැනීමට ලැබුණි. ගලන්නා වූ දියවර අධික සීතලකින් යුක්ත වූ අතර එතරම් වලාකුළු රොදක් නොපැවති හෙයින් ඈත කඳු මුදුන් දක්වා පරිසරය පැහැදිලිව අපට දැකගැනීමට ලැබුණි. පසුව නැවතත් ගමන ඇරඹූ අප දියපහර දිගේ තරමක් ඉහළට ගමන් කළේ විවිධ ස්ථානවල දී දියපහරේ කුඩා කඩා වැටීම් හා ගල්පර සමග කොළ වර්ණයේ ප්‍රභේද ගෙනදුන් සුන්දරත්වය කාච ගත කරන්නටය. පසුව අපි ගූගල් GPS සිතියමට අනුව තැන්නට ළඟාවිය හැකි ඉසව්වට පිය මැන්නෙමු. ගවරවිල කඳුවැටිය තුළ සැඟවුණු තවත් රහසක් ඇත. එයනම් ඉතා අප්‍රසන්න රහසක් වන පරිහානියකි. ගවරවිල හොර රහසේම ජාවාරම්කරුවෝ ඉල්ලම් කැපීමට ගවරවිල කඳුවැටිය රිංගති. අතීතයේ මෙම ඉසව්ව එතරම් ප්‍රචලිත නොවූවද මැණික් ගැරීමේ ජාවාරම අතීතයේ පටන් මෙහි පැවත ඇත. ඒ බව අපට ගම්මුන්ගෙන් පවා දැන ගැනීමට ලැබුණු අතර ඔවුන් පවසන පරිදි මද්ද පවා සවිකර තිබිය හැකි ලෙස අපට දැන්වීය. එම නිසාම අප වඩාත් ප්‍රවේසමෙන් වනයේ සැරිසැරූ අතර සමහර ගම්මුන් ගෝනුන් හා වල් ඌරන් දඩයම සඳහා ද මෙම ඉසව්වට යන බව අපට දැනගැනීමට ලැබුණි. බොහෝ විට ඔවුන්ට මෙය තවත් කන්දක් හෝ තවත් දිය උල්පත් පිහිටි ප්‍රදේශයක් වූවාට මෙහි ඇති වටිනාකම සහ රැක ගත් යුතු යයි සංකල්පය පිළිබඳ බොහෝ තැකීමක් දක්වනු නොලබයි. ගවරා යනු විදෙස් රටවල සිටින බයිසන් ගවයා මෙන් විශාල සතෙකු බව ජනප්රවාදයේ පැවතෙන අතර විටෙක එකී බයිසන් ගවයන් අතීතයේ මෙහි ජීවත් වූවා විය හැකිය. එමෙන්ම හෝර්ටන් තැන්නේ වන අලි දඩයම සේම බයිසන්/ ගවරුන් දඩයම සමනල රක්ෂිතයේ ප්‍රචලිතව තිබුණා විය හැක. කෙසේ හෝ මේකී සත්වයා අද දක්නට නොලැබේය. නමුත් ගවරා සිටි විල අද ගවරවිල කියා හඳුන්වන අතර සමනල රක්ෂිතයේ සැඟවුන බොහෝ කථා අතර මෙය ද වැළලී ගිය කතා ගොන්නට එකතු වී හමාරය. වන පියස දිගේ මග සොයාගෙන කුඩා දිය කඩිතිවලින් එතෙර වී මඩ ගොහොරුවල එරී ගස් ආධාරයෙන් ඉහළට නැග අප අඳුරු වන පියස පසුකර ළඟා වූයේ හිරු එළියෙන් පොහොණි වූ එළිමහන් ඉසව්වකටය. එය සැබවින්ම හෝර්ටන් තැන්නක් ලෙස දැක ගත හැකි වූ අද දවසේ ගමනාන්තය වූ අතර ගවරවිල නම් ඉසව්වට අප පිවිසි විගසම ඈතින් සිටි ගෝන රංචුවක් හනිකට වනය තුළට දිව ගියහ. පසුව අප මදක් විවේක ගන්නට වූ අතර වැසි රහිත කාලගුණයක් වූ හෙයින් ප්‍රදේශයේ සුන්දරත්වය නොමදව අපට දැක ගැනීමට ලැබුණි. සමස්ත පතනම වටේට වන පියස මගින් වට වී තිබූ අතර ඈතින් කඳුවැටියක් දක්නට ලැබුණි. ප්‍රදේශය පුරා දැඩි නිහැඬියාවක් පැවතුණ ද ගලාගෙන යන දියවරේ චිරි චිරිය මන බඳින ලදී. මඳ වෙලාවක් විවේක ගත් අප කැමරා ආම්පන්න සූදානම් කරගෙනම ගවරවිල තවදුරටත් ඉන් ඔබ්බටත් විඳීමට සහ ගවේෂණය කිරීමට පටන් ගන්නා ලදී. මාන පඳුරු යායම තරමක් දුරට වෙලීමට ආසන්න ස්වභාවයක් වුනමුත් චණ්ඩ හිරු රැස් යට ගලන දියවරේ අඩු බවක් නම් අපට නොපෙනුණි. ගවරවිල පතන සීමිත ඉඩකඩක පැවතුණු තැන්නක් බැවින් එහි සියලුම අවසානයන්/ මායිම් පියස මගින් වටකොට තිබුණි. ගලාගෙන එන දියවර හරියටම තැන්න මැදින් ගලාගෙන පැමිණියේ මෙම ඉසව්වේ අවසන් ජල පෝෂක ප්‍රදේශය වන පළාත් මායිම අවටින්ය. කොටියා නිතරම වාසය කරන මෙම ඉසව්වේ තවත් සත්ව වේශයෙන් පෙනී සිටින නොමිනිසුන් මෙම තැන්න අනවසර මැණික් ගැරීම්වලට භාවිත කොට තිබුණි. ඒ බව අප දුටුවේ පතන තුළ තිබූ හෑරූ විශාල වළවල් මගිනි. බොහෝ වටිනා ඉල්ලම්වලට කදිම ඉසව්වක් වන මෙම ඉසව්ව නිතැතින්ම මානව ක්‍රියාකාරකම්වල බලපෑමට ලක්වේ. හෙමි හෙමිහිට මාන පඳුරු උඩින් ලිස්සමින් ඉදිරියට ගමන් කළේ දිය පාරට සමාන්තරවය. මෙහි පිහිටි කඳුමුදුන් යුගලය ඉතා අලංකාර වන අතර ගිනිකොන දෙසට වන්නට මගමුණිකන්ද ඇතුළු සමනල රක්ෂිතයේ කඳු කිහිපයක් මෙහිදී දැක ගැනීමට ලැබුණි. මෙම දියවර දිගේ කෙළවරට ගිය ද එහි ජල මූලාශ්‍රයක් දක්නට නොලැබේ. එලෙස යාමට දින කිහිපයක් ගත වන අතර ඒ සඳහා වැසි රහිත පායන කාලය ඉතා සුදුසුය මන්ද අධික වර්ෂා සමවල දී ගංගා උතුරා යන බැවිනි. වන පියස පිහිටි එක් කොනකට ගිය පසු අප තවදුරටත් රක්ෂිතය තුළ ශාක ව්‍යාප්තිය නිරීක්ෂණය කරන්නට විය. එහිදී අප කතිකා කරගත් පරිදි කෙමෙන් කෙමෙන් වන පියසට පිය මැන්නේ මීදුමට වැහුණු එහි සුන්දරත්වය දැකීමටය. හෝරා දෙකක් පමණ අප එහි සැරිසැරූ අතර ඉන්පසු අප සූදානම් වූයේ ගවරවිල මහකන්දට යාමටය. මෙම මහ කන්ද නැතහොත් සමස්ත කඳුවැටියෙම උසම ස්ථානය පිහිටා තිබුණේ ඊසාන දිශාවට වන්නටය. අප්කොට් ගම්මානය හා ග්ලෙනුජි වතුයාය අතර පොදු ප්‍රවාහන සේවය තිබුණ ද ගම්වැසියන් බොහෝ දුෂ්කරතාවලින් පෙලෙයි. ඇතැමුන් ගෝන්නු, මුවන් සහ වල් ඌරන් දඩයම් කරන අතර විටෙක ඒවා ආශ්රිත හෝටල්වලට අලෙවි කරන බවට අපට දැනගැනීමට ලැබුණි. මැණික් ගැරීම සඳහා විවිධ කණ්ඩායම් වනයට පිවිස සතිය දෙක අට්ටාල සාදාගෙන වාසය කරන අතර එවැනි අතහැර දැමූ ඉල්ලම් වළවල් කිහිපයක් අපට ගවරවිල ආශ්‍රිතව දක්නට ලැබුණි. ගවරා නම් සත්වය පිළිබඳ එතරම් සජීවී සාධක නොමැති වුවද මෙම සත්වයා සිටි බවට ගැමිවහරේ පවතින මතය මිත්‍යාවක් ලෙස සිතා බැහැර කළ නොහැක. එසේම අධික වියළි සමවල දී ඉතාමත් කලාතුරකින් මෙම තැන්නේ විවිධ ස්ථාන ලැව් ගිනිවලට හසුවන බවත් පසුගිය දිනවල අපට දැකගන්නට ලැබුණි. කැලණි නදියේ දියවර සදන තවත් අවශේෂ දිය උල්පත් මේ අවට දක්නට ලැබේ. කෙසේ හෝ අපි ගවරවිල තැන්න හා අවට පිහිටි උස්බිම් කරා පියනැගූ පසු නැවතත් ආපසු යාමට පටන් ගත්තෙමු. එහිදී අප ගවරවිල ඇල්ල මුදුනට පැමිණ බොහෝ වපසරියක පිහිටි පරිසරය ද සමනල කන්ද ද දුටු අතර සමනල කන්ද මතට ගවරවිල දුටු ආකාරය එහිදී අපට සිහිවිය. ගවරවිලට තරමක් නුදුරින් ගාඩ්මෝර් කන්ද ආශ්‍රිතව තවත් දිගැටි ලෙස පිහිටි පතනක් ඇති අතර එහි යම් යම් නායයෑම් සිදුවුණු බවට සාධක අපට ගූගල් චන්ද්‍රිකා සිතියම් මගින් දැකගත හැකි විය. තවද පළාත් දෙකක් යා කරන ගවරවිල සිට අතීතයේ දෙහෙනකන්ද යාමට වනගත මාර්ගයක් තිබී ඇත. එලෙසම එම මාර්ගය මෑතක් වනතුරු ඇතැම් ගම්වැසියන් භාවිත කළ ද වර්තමානය වන විට රක්ෂිතයේ වන ව්‍යාප්තිය හා අවදානම හේතුවෙන් එය වල් බිහි වී ඇත. එලෙසම බලංගොඩ මාරතැන්න සහ ඉහළ ගලගම ආශ්රිත ජනයා සමනල කන්ද වන්දනා කළ ඉපැරණි දීර්ඝතම මාර්ගය වැටී ඇත්තේ ද ගවරවිල හරහාය. එය වලවේ ගඟ ගලන නිම්නය ඔස්සේ රාස්සගල හරහා රක්ෂිතයට ඇතුළු වී මරිය කොටේ සහ මගමුණි කන්ද හරහා ගවරවිලට පැමිණ එතැන් සිට ගාඩ්මෝර්කන්ද, දෝතුරුගල හරහා දෙහෙන කන්දේ සිට සිරිපාදයට යන මුක්කුවත්ත මාර්ගයට පැරඩයිස් නැවතුම්පොළට පෙර සම්බන්ධව තිබී ඇත. මේ වන විට සාම්ප්‍රදායික සහ නොනිල මාර්ග තුන බැගින් සිරිපා වන්දනාවට පැවතිය ද අතීතයේ මෙම මාර්ගය, සප්තකන්‍යා සිට යකාඇඬූ කන්ද හරහා මාර්ගය, රත්ගඟ දුල්ගල හරහා මාර්ගය ආදී ලෙස තවත් මාර්ග තිබුණේ ඒ ඒ ගම්වල ගැමියන් හට සිරිපා කරුණාවට පහසු වන ලෙසය. අලි, කොටි, වල් ඌරා, ගෝනන් බහුල සමනල අඩවියේ කඳු, දියඇලි, ගුහා හා ගංගා සේම පතන කිහිපයක් ද පිහිටයි. සමස්ත රක්ෂිතයම ජෛව විවිධත්වය අතින් ඉතා ඉහළ වටිනාකමක් ගන්නා අතර ඒකදේශීය ශාක සහ පැළෑටි සේම සත්වයින් කිහිපදෙනෙක් ද මෙහි වාසය කරති. තවද මෙහි සැඟවුණු කතා වගේම රසබර සිද්ධි බොහෝමයක් ඇති අතර මේ අවට ජීවත් වන දමිළ ගම් වැසියෝ ඉතා සහයෝගයෙන් සහ අවබෝධයෙන් මෙහි වාසය කරති. එලෙසම පසුගිය කාලවල දී සමනල කන්ද ආශ්‍රිතව ජාන විකෘතියකට ලක්වුණු කළු කොටියෙකු (දිවියෙකු) සිටින බවට සාධක සේම ඇසින් දුටු සාක්ෂි හමුවූ අතර මෙහි සිටිනා කොටින් හෝර්ටන්තැන්න සහ පිදුරුතලාගල ආදී රක්ෂිතවල මාරු වෙමින් කල් ගෙවනු ලැබේ. අපගේ ගමන නිමා කරමින් නැවතත් යතුරුපැදි වෙත පැමිණි අප වෙනත් මාර්ගයකින් ගවරවිල වතුයාය හරහා මස්කෙළියට පැමිණියේ සුවිසල් ගවරවිල කඳුවැටියේ සුන්දරත්වය විඳිමිනි. Sunday Lankadeepa - 06.10.2019[/SIZE] [IMG]https://scontent.fcmb10-1.fna.fbcdn.net/v/t1.0-9/71832862_2328009453993413_2480362618670284800_o.jpg?_nc_cat=107&_nc_oc=AQnQgew1hjSMYHEa2bBN1eNuHvmKzQncdgT3sulXhx3zKSwUJbsX68beisukpRSdJ28&_nc_ht=scontent.fcmb10-1.fna&oh=b1ccd84a89cef754aba8434230a961a7&oe=5DF094D6[/IMG][IMG]https://scontent.fcmb10-1.fna.fbcdn.net/v/t1.0-9/72480663_2328007327326959_8148987002847494144_n.jpg?_nc_cat=100&_nc_oc=AQldWWxe6mgctOcfP1if91l6TblXbebhMB8kgpKEZxMMNZNgk3lS3IB7EQHXSmLRRFc&_nc_ht=scontent.fcmb10-1.fna&oh=d0fee24ed7721f66af454e293858eb85&oe=5E3A7D18[/IMG][IMG]https://scontent.fcmb10-1.fna.fbcdn.net/v/t1.0-9/72086366_2328009677326724_337688900250107904_o.jpg?_nc_cat=105&_nc_oc=AQll8z-OjNUt1al5hHOFkMtU2cgIl5MQvRk5c0OfPy2fhfNKam3Xr_puqXMvM1A9xqY&_nc_ht=scontent.fcmb10-1.fna&oh=89985ce0af15c14aebc3e8a4d201a640&oe=5DF08E9C[/IMG][IMG]https://scontent.fcmb10-1.fna.fbcdn.net/v/t1.0-9/72082816_2328009360660089_9158068953199673344_o.jpg?_nc_cat=105&_nc_oc=AQlwV1Tb3BvJ82YPNcHD-50cjMEWO202Oi7lybng5xAf6DKypM3BtwRrlERT_EDj3TA&_nc_ht=scontent.fcmb10-1.fna&oh=3f6fa28a568e34dac5dde29408820ed9&oe=5E3ABEF9[/IMG][IMG]https://scontent.fcmb10-1.fna.fbcdn.net/v/t1.0-9/71639417_2328009600660065_587142005256093696_n.jpg?_nc_cat=103&_nc_oc=AQnNH6NaBMAlEO2M5qx5SkoJgQdVkg5LHuZGiXKrhNXJQYXm-mZKB3ae20SSZrrxKUk&_nc_ht=scontent.fcmb10-1.fna&oh=fba7929af1f6f168656c7511a4bf2636&oe=5E1D458C[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom