Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගහක මල් පිපිලා පිපෙන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගහක මල් පිපිලා පිපෙන්නේ

ගහක මල් පිපිලා පිපෙන්නේ

ගහක මල් පිපිලා පිපෙන්නේ

ඇයිද නොදන්නෙමී

හිතක මල් පිපිලා පිපෙන්නේ

ඇයිද නොදන්නෙමී

නුඹට සිත බඳුනේ කිමැයි මා

තවම සොයන්නේමී

නුඹට සිත බැඳී කාරණේ මා

තවම සොයන්නේමී

කතරෙ වැලිකැට හිරුට පෙම් බැඳ

ඇතත් ලෝ දහමින්

සොඳුරු වැස්සට දැවෙන කතරත්

ආදරෙයි පනමෙන්

ලොවට නොපෙනෙන අරුම සෙනෙහස

ඒවගෙයි මනරම්

කරනු බරි තහනම්

සඳට සදහට සෙනෙහෙ පෑමුත්

උදුල තරු කැටයම්

හිරුට පෙම් බැඳී එකම තරුවක්

සිටිය නොහැකිද යම්

නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය

ඒ වගේ මනරම්

පුදුම වෙයි නුඹනම්

ගී පද රචනය යමුනා මාලනී පෙරේරා

සංගීතය හා තනු නිර්මාණය ගුණදාස කපුගේ

ගායනය කරුණාරත්න දිවුල්ගනේ

ගහක මල් පිපිලා ගීතය බොහෝ දෙනකු විසින් සමලිංගික ආදරයක් හා සබැඳි යැයි ඔවුන්ගේ විචාරයන් තුළ පෙන්වා දී ඇති අයුරු මම දුටුවෙමි. ඇත්තෙන්ම ඉතා සාර්ථකව ඔවුන් විසින් එය සිදුකර තිබුණත් මෙම ගීතය අවශ්‍යයෙන්ම සමලිංගික ආදරයක් හා සබැඳිය යුතුම දැයි කරන විමසුමකි මේ.

ගහක මල් පිපිලා පිපෙන්නේ

ඇයි ද නොදන්නෙමි

හිතක මල් පිපිලා පිපෙන්නේ

ඇයි ද නොදන්නෙමි

නුඹට සිත බැඳී කාරණේ මම

තවම නොදන්නෙමි

පළවෙනි පැදියේ අර්ථය නම් කිසිවෙක් හෝ විසින් සමලිංගික ආදරයක් හා ගලපන්නට සාර්ථක ප්රයන්තයක් දරා තිබෙනු මා දුටුවේ නැත. මන්දයත් එවන් ගැලපුමක් කරන්න සමත් ව්‍යංගයක් එහි ගැබ් වී නොතිබීම යැයි යනු මගේ හැඟීමයි. මා දුටු සියලුම විචාරයන්ම පාහේ මේ පැදියේ පද්‍ය මතුපිටින් ප්‍රකාශිත අරුත ඔවුන්ගේ වහරින් සුළු සුළු වෙනස්කම් සහිතව අර්ථ ගන්වා තිබුණි.

නමුත් දෙවෙනි මෙන්ම තෙවෙනි පැදියන් තුළ ව්‍යංගයෙන් ප්රකාශිතය, සියළුම විචාරයන් වල පාහේ සමලිංගික ආදර සම්බන්ධයක් හා අමිණුමට උත්සාහ කරද්දී එම පැදි එයින් ඔබ්බට වූ වෙනස් අර්ථ කතනයක් දීමට සමත් දැයි විමසීමට කිසිවෙකුත් උත්සාහ දරා නැති සෙයකි.

කතරෙ වැලි කැට හිරුට පෙම්බැද

ඇතත් ලෝ දහමින්

සොදුරු වැස්සට දැවෙන කතරත්

ආදරෙයි පණ මෙන්

ලොවට නොපෙනෙන අරුම සෙනෙහස

ඒ වගෙයි මනරම්

කරනු බැරි තහනම්

වැලි කතරට වඩා සමීප සහසම්බන්ධයක් පවතින හිරු, වැලි කතර සමඟ පවත්නා සමීපත්වය බොහොමයක් ගීත විචාරකයන් ග්‍රහණය කර ඇත්තේ පුරුෂයන් හා ස්ත්‍රීන් අතර පවතින සම්මත ප්‍රේමීය බැඳීමක් ලෙස ය. හිරු ගෙන් දැවෙමින් පවතින වැලි කතරට කලාතුරකින් ඇද හැළෙන වැස්ස වැලි කතර සමඟ ඇති කර ගන්නා වූ බැඳීම මඟින් සම්මතයෙන් බැහැර වූ සමාජයේ විරල ව පවතින සමලිංගික ප්‍රේමීය සම්බන්ධයන් ව්‍යංගයෙන් අරුත් ගන්වන බව ඔවුන්ගේ අදහසයි. නමුත් මෙමඟින් අවශ්‍යයෙන් ම එවන් සමලිංගික සම්බන්ධයක් අරුත් ගැන් නොවේ. ගීතයක් තමන් ට රිසි පරිදි අරුත් ගන්වා ගෙන රසවින්දනය කිරීම රසිකයන් හා විචාරකයන් සතු කාරණයක් බව සැබෑ නමුත් ගීතයක් සමාජ අසම්මත කරුණක් සහ ගැලපුම ට ප්‍රථමව, අවිශේෂයෙන් ම වඩා සමීප වූ මෙන්ම සමාජ සම්මත වූ අරුත් එහි ගැබ්ව ඇත්දැයි විමසා බැලීම වටී. ඔවුන්ගේ ගීත විචාරයන් හි කිසිදු දෝෂයක් නොදක්වන මුත්, මෙම ගීතය තුළින් සමාජයේ සම්මත, වඩා සරල වූ මෙන්ම සමාජයේ නිබඳව පවත්නා වූ සංසිද්ධි නිරුපණය කළ හැකි බව මම දකිමි.

පළවැන්න නම් වැලි කතර හා හිරු අතර පවතින සමීපත්වය දරිද්‍ර පංතිය තුළ පවතින ප්‍රේම සම්බන්ධයක් ලෙසය. ස්වභාවයෙන් මෙන් ම සම්භාවිතාවෙන් වැඩි වන්නේ ද දුගී තරුණියක් එම සමාජ පංතියේම තරුණයෙකු හා පෙමින් බැඳීම යි. මන්ද දරිද්‍ර සමාජ පංතියේ තරුණියන් හා වැඩි වශයෙන්ම ගැවසීමට අවකාශ ලැබෙන්නේ පොහොසත් තරුණයන් ට වඩා දුගී තරුණයන් හට මය. එවන් දරිද්‍ර සමාජය තුළ එකම පංතියේ පෙම්වතුන් වීමෙන් ගෙවීමට සිදුවන ජීවිත ගමන හිරු රශ්මියෙන් දැවෙන වැලි කතර මෙන්ම දුෂ්කර කටුක වුවකි. නමුත් දුගී තරුණියන් හා පෙමෙන් බැඳෙන පොහොසත් තරුණයන් ද නොමැත්තේ නොවේ.එවන් සම්බන්ධයක් මඟින් දුගී තරුණියක ගේ කටුක ව පැවති ජීවන ගමන ට ලැබෙන්නේ යම් සහනයකි. කෙලෙස ද යත් අව් රශ්මියෙන් දැවුනු වැලි කතරට වැස්සක් ඇද හැලුනු සෙයිනි. දුගී තරුණිය වැලි කතර මඟිනුත්, පොහොසත් තරුණයා වැස්ස මඟිනුත් ව්‍යංගයෙන් අරුත් ගැන් වේ.

දෙවැන්න නම් හිරුත් වලි කතරත් අතර පවතින සම්බන්ධය මඟින් දරිද්‍ර සමාජයේ අසතුටු ව දැවෙමින් කල් ගෙවෙන අඹු සැමියන් අතර බැඳීමක් අරුත් ගන්වන ලෙස දැකීමයි. ඉඳහිට ඇද වැටෙන වැස්ස මඟින් හිරුත් සමඟ දිගු කාලීනව වුද ඒකාකාර ව වූද පිළිස්සෙමින් හෙම්බත්ව පවතින වැලි කතරට යම් සිසිලසක් එක් කරන්නේ ද, එලෙසම සැමියා නොමැති විටක පොහොසත් අනියම් පෙම්වතෙක් ඇසුරින් බිරිය සිය විඩාබර දිවියට ලබගන්නා වූ සහනය, මේ පැදියේ වැස්ස උපයෝගී කොටගෙන ව්‍යංගයෙන් අඟවන බවට කල හැකි විචාරයකි.

සඳට සදහට සෙනේ පෑ මුත්

උදුල තරු කැටයම්

හිරුට පෙම් බැඳී එක ද තරුවක්

සිටිය නොහැකි ද යම්

නුඹට නොහැගෙන මගේ ප්‍රේමය

ඒ වගේ මනරම්

පුදුම වෙයි නුඹ නම්

පෙර දැක්වූ පළමූ ආකාරය පිළිපදිද්දී තෙවන පැදිය අරුත් ගන්වනු හැක්කේ පොහොසත් සමාජය තුළ සාමාන්‍යයෙන් ඇතිවන එකම පංතියේ ප්‍රේමීය සම්බන්ධතා වලින් අපගමනය වී පොහොසත් තරුණියක් දුගී තරුණයෙකු හා පෙමින් බැඳීමෙන් ඇති වන සමාජයේ වඩා විරල වූ සම්බන්ධයන් ය. පෙර දහවල් අහසේ දැවෙන හිරුත් වැලි කතරත් ගෙන දරිද්‍ර සමාජය නිරුපණය කළේ ද, දැන් රාත්‍රියේ සිසිල් සෞම්‍ය සඳ හා තරු මඟින් පොහොසත් සමාජ පංතියේ තරුණයා හා තරුණිය නිරුපණය කෙරේ. සාමාන්‍යයෙන් සිදුවීමට වැඩි සම්භාවිතාවක් ඇත්තේ එවන් එකම පංතියේ ප්‍රේමීය සම්බන්ධතා වුව ද පොහොසත් තරුණියන් දුගී තරුණයන් හා පෙමින් බැඳෙන විරල අවස්ථා ද සමාජයේ නොමැත්තේ නොවේ. හිරු ලෙසින් ව්‍යංග ගැන් වෙන්නේ එම දුප්පත් තරුණයන් ය.

දෙවැනි ආකාරය අනුගමනයෙන් මෙම පැදිය අරුත් ගන් වන්නේ නම් පොහොසත් සමාජයේ කිසිදු පීඩාවකින් තොරව කල් ගෙවෙන පවුලක බිරිඳක් වුව, සැමියා නොමැති කල් හී අනියම් සුවයක් පතා දුප්පත් තරුණයෙක් හා ප්‍රේමයෙන් බැඳී ඇතිවන සම්බන්ධයක් මෙයින් ව්‍යංග වන බව දැක්විය හැක. සඳ හා තරු මඟින් පොහොසත් පංතියේ සැමියා හා බිරිඳත්, හිරු මඟින් පොහොසත් බිරිඳ සිය සැමියා නොමැති කල් හී අනියම් ලෙස පෙමින් බැඳෙන්නා වූ දුගී පෙම්වතාත් නිරුපණය කෙරේ.

මෙලෙස නිරන්තරයෙන් සිදුවන මෙන්ම වඩා බහුල ව පවතින සමාජ බැඳීම් මෙම ගීතයෙන් අරුත් ගැන්වීම ට හැකියාව තිබිය දී, ලාංකීය සමාජයේ වඩා විරල වූ මෙන්ම ලක් සමාජය ට ආධුනික වූ සමලිංගික සම්බන්ධතා කෙරේ මෙම ගීතය ඈදීම කාගේ වුවමනාවක ට සිදු වුවක් දැයි නිශ්චිත නැත. කෙසේ නමුත් එවන් අසම්මත වූ අරුතක් යම් ගීතයක් හා බැඳී ඇති බවට යමකු සිය විචාරය තුළින් සමාජ ගත කල විට, එය එම ගීතය හා සබැඳි සමාජ සම්මත සාමාන්‍ය අරුත් ගැන්වීමකට වඩා වැඩි වේගයෙන් ගීත රසිකයන්ගේ සංවාදයන් ට බඳුන් වේ. මන්ද යත් වඩා විරල වූ සමාජ අසම්මතය කෙරේ මිනිසාගේ අවධානය යොමු වීම, නිතර දිස්වෙන සමාජ සම්මතය කෙරේ අවධානය යොමුවීම ට වඩා ස්වභාවයෙන් ම වැඩිවීම යි. එවන් පසුබිමක් තුළ යම් ගීතයක් රසිකයන් අතර වඩා ප්‍රසිද්ධිය ට පත් වන්නේ සමාජ අසම්මත අර්ථයක් ගැබ්ව නම්, එය සිදුවී අවසන් වූ පසු ඇතැම් විට ගීත රචකයාත් ඔහු හෝ ඇය විසින් රචනයේ දී අදහස් කළ අර්ථය කෙසේ වෙතත්, තම ගීතය තුළින් සැබවින් ම පිළිඹිබු වන්නේ ගීතය ප්‍රසිද්ධ වීමට වැඩියෙන් බලපෑ සමාජ අසම්මතය පිළිබඳ වූ අර්ථ නිරුපණය ම බැව් පැවසීම ට ද මැලි නොවනු ඇතැයි මම සිතමි.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් සමලිංගික ප්‍රේම සම්බන්ධයක් හා මේ ගීතය සබඳන්නේ නම් තවත් බොහොමයක් ගීත සඳහා ද මේ ආකාරයෙන් ම සමලිංගික සම්බන්ධතා ඈදිය හැකි බව මෙන්ම ඒ සඳහා ගෙන ඇති උත්සාහයන් ද විරල නොවන බව පසක් කළ යුතුය.

ගත්තේ මගේ බ්ලොග් එකෙන්

[QUOTE="Sri South, post: 15786830, member: 493888"] [b]ගහක මල් පිපිලා පිපෙන්නේ[/b] [CENTER][SIZE="6"][B][COLOR="Navy"]ගහක මල් පිපිලා පිපෙන්නේ[/COLOR][/B][/SIZE] [IMG]http://1.bp.blogspot.com/-N7bgXezQBn8/Umk1dApt89I/AAAAAAAAAA0/_YMli1WDUwY/s1600/c77a.jpg[/IMG][/CENTER] [SIZE="4"][CENTER] [COLOR="SeaGreen"]ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී නුඹට සිත බඳුනේ කිමැයි මා තවම සොයන්නේමී නුඹට සිත බැඳී කාරණේ මා තවම සොයන්නේමී කතරෙ වැලිකැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින් සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පනමෙන් ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒවගෙයි මනරම් කරනු බරි තහනම් සඳට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම් හිරුට පෙම් බැඳී එකම තරුවක් සිටිය නොහැකිද යම් නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒ වගේ මනරම් පුදුම වෙයි නුඹනම් [/COLOR] [B]ගී පද රචනය යමුනා මාලනී පෙරේරා සංගීතය හා තනු නිර්මාණය ගුණදාස කපුගේ ගායනය කරුණාරත්න දිවුල්ගනේ[/B] [/CENTER] ගහක මල් පිපිලා ගීතය බොහෝ දෙනකු විසින් සමලිංගික ආදරයක් හා සබැඳි යැයි ඔවුන්ගේ විචාරයන් තුළ පෙන්වා දී ඇති අයුරු මම දුටුවෙමි. ඇත්තෙන්ම ඉතා සාර්ථකව ඔවුන් විසින් එය සිදුකර තිබුණත් මෙම ගීතය අවශ්‍යයෙන්ම සමලිංගික ආදරයක් හා සබැඳිය යුතුම දැයි කරන විමසුමකි මේ. [CENTER][COLOR="Navy"]ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයි ද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයි ද නොදන්නෙමි නුඹට සිත බැඳී කාරණේ මම තවම නොදන්නෙමි[/COLOR][/CENTER] පළවෙනි පැදියේ අර්ථය නම් කිසිවෙක් හෝ විසින් සමලිංගික ආදරයක් හා ගලපන්නට සාර්ථක ප්රයන්තයක් දරා තිබෙනු මා දුටුවේ නැත. මන්දයත් එවන් ගැලපුමක් කරන්න සමත් ව්‍යංගයක් එහි ගැබ් වී නොතිබීම යැයි යනු මගේ හැඟීමයි. මා දුටු සියලුම විචාරයන්ම පාහේ මේ පැදියේ පද්‍ය මතුපිටින් ප්‍රකාශිත අරුත ඔවුන්ගේ වහරින් සුළු සුළු වෙනස්කම් සහිතව අර්ථ ගන්වා තිබුණි. නමුත් දෙවෙනි මෙන්ම තෙවෙනි පැදියන් තුළ ව්‍යංගයෙන් ප්රකාශිතය, සියළුම විචාරයන් වල පාහේ සමලිංගික ආදර සම්බන්ධයක් හා අමිණුමට උත්සාහ කරද්දී එම පැදි එයින් ඔබ්බට වූ වෙනස් අර්ථ කතනයක් දීමට සමත් දැයි විමසීමට කිසිවෙකුත් උත්සාහ දරා නැති සෙයකි. [COLOR="Navy"][CENTER]කතරෙ වැලි කැට හිරුට පෙම්බැද ඇතත් ලෝ දහමින් සොදුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පණ මෙන් ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම් කරනු බැරි තහනම්[/CENTER][/COLOR] වැලි කතරට වඩා සමීප සහසම්බන්ධයක් පවතින හිරු, වැලි කතර සමඟ පවත්නා සමීපත්වය බොහොමයක් ගීත විචාරකයන් ග්‍රහණය කර ඇත්තේ පුරුෂයන් හා ස්ත්‍රීන් අතර පවතින සම්මත ප්‍රේමීය බැඳීමක් ලෙස ය. හිරු ගෙන් දැවෙමින් පවතින වැලි කතරට කලාතුරකින් ඇද හැළෙන වැස්ස වැලි කතර සමඟ ඇති කර ගන්නා වූ බැඳීම මඟින් සම්මතයෙන් බැහැර වූ සමාජයේ විරල ව පවතින සමලිංගික ප්‍රේමීය සම්බන්ධයන් ව්‍යංගයෙන් අරුත් ගන්වන බව ඔවුන්ගේ අදහසයි. නමුත් මෙමඟින් අවශ්‍යයෙන් ම එවන් සමලිංගික සම්බන්ධයක් අරුත් ගැන් නොවේ. ගීතයක් තමන් ට රිසි පරිදි අරුත් ගන්වා ගෙන රසවින්දනය කිරීම රසිකයන් හා විචාරකයන් සතු කාරණයක් බව සැබෑ නමුත් ගීතයක් සමාජ අසම්මත කරුණක් සහ ගැලපුම ට ප්‍රථමව, අවිශේෂයෙන් ම වඩා සමීප වූ මෙන්ම සමාජ සම්මත වූ අරුත් එහි ගැබ්ව ඇත්දැයි විමසා බැලීම වටී. ඔවුන්ගේ ගීත විචාරයන් හි කිසිදු දෝෂයක් නොදක්වන මුත්, මෙම ගීතය තුළින් සමාජයේ සම්මත, වඩා සරල වූ මෙන්ම සමාජයේ නිබඳව පවත්නා වූ සංසිද්ධි නිරුපණය කළ හැකි බව මම දකිමි. පළවැන්න නම් වැලි කතර හා හිරු අතර පවතින සමීපත්වය දරිද්‍ර පංතිය තුළ පවතින ප්‍රේම සම්බන්ධයක් ලෙසය. ස්වභාවයෙන් මෙන් ම සම්භාවිතාවෙන් වැඩි වන්නේ ද දුගී තරුණියක් එම සමාජ පංතියේම තරුණයෙකු හා පෙමින් බැඳීම යි. මන්ද දරිද්‍ර සමාජ පංතියේ තරුණියන් හා වැඩි වශයෙන්ම ගැවසීමට අවකාශ ලැබෙන්නේ පොහොසත් තරුණයන් ට වඩා දුගී තරුණයන් හට මය. එවන් දරිද්‍ර සමාජය තුළ එකම පංතියේ පෙම්වතුන් වීමෙන් ගෙවීමට සිදුවන ජීවිත ගමන හිරු රශ්මියෙන් දැවෙන වැලි කතර මෙන්ම දුෂ්කර කටුක වුවකි. නමුත් දුගී තරුණියන් හා පෙමෙන් බැඳෙන පොහොසත් තරුණයන් ද නොමැත්තේ නොවේ.එවන් සම්බන්ධයක් මඟින් දුගී තරුණියක ගේ කටුක ව පැවති ජීවන ගමන ට ලැබෙන්නේ යම් සහනයකි. කෙලෙස ද යත් අව් රශ්මියෙන් දැවුනු වැලි කතරට වැස්සක් ඇද හැලුනු සෙයිනි. දුගී තරුණිය වැලි කතර මඟිනුත්, පොහොසත් තරුණයා වැස්ස මඟිනුත් ව්‍යංගයෙන් අරුත් ගැන් වේ. දෙවැන්න නම් හිරුත් වලි කතරත් අතර පවතින සම්බන්ධය මඟින් දරිද්‍ර සමාජයේ අසතුටු ව දැවෙමින් කල් ගෙවෙන අඹු සැමියන් අතර බැඳීමක් අරුත් ගන්වන ලෙස දැකීමයි. ඉඳහිට ඇද වැටෙන වැස්ස මඟින් හිරුත් සමඟ දිගු කාලීනව වුද ඒකාකාර ව වූද පිළිස්සෙමින් හෙම්බත්ව පවතින වැලි කතරට යම් සිසිලසක් එක් කරන්නේ ද, එලෙසම සැමියා නොමැති විටක පොහොසත් අනියම් පෙම්වතෙක් ඇසුරින් බිරිය සිය විඩාබර දිවියට ලබගන්නා වූ සහනය, මේ පැදියේ වැස්ස උපයෝගී කොටගෙන ව්‍යංගයෙන් අඟවන බවට කල හැකි විචාරයකි. [COLOR="Navy"][CENTER]සඳට සදහට සෙනේ පෑ මුත් උදුල තරු කැටයම් හිරුට පෙම් බැඳී එක ද තරුවක් සිටිය නොහැකි ද යම් නුඹට නොහැගෙන මගේ ප්‍රේමය ඒ වගේ මනරම් පුදුම වෙයි නුඹ නම් [/CENTER][/COLOR] පෙර දැක්වූ පළමූ ආකාරය පිළිපදිද්දී තෙවන පැදිය අරුත් ගන්වනු හැක්කේ පොහොසත් සමාජය තුළ සාමාන්‍යයෙන් ඇතිවන එකම පංතියේ ප්‍රේමීය සම්බන්ධතා වලින් අපගමනය වී පොහොසත් තරුණියක් දුගී තරුණයෙකු හා පෙමින් බැඳීමෙන් ඇති වන සමාජයේ වඩා විරල වූ සම්බන්ධයන් ය. පෙර දහවල් අහසේ දැවෙන හිරුත් වැලි කතරත් ගෙන දරිද්‍ර සමාජය නිරුපණය කළේ ද, දැන් රාත්‍රියේ සිසිල් සෞම්‍ය සඳ හා තරු මඟින් පොහොසත් සමාජ පංතියේ තරුණයා හා තරුණිය නිරුපණය කෙරේ. සාමාන්‍යයෙන් සිදුවීමට වැඩි සම්භාවිතාවක් ඇත්තේ එවන් එකම පංතියේ ප්‍රේමීය සම්බන්ධතා වුව ද පොහොසත් තරුණියන් දුගී තරුණයන් හා පෙමින් බැඳෙන විරල අවස්ථා ද සමාජයේ නොමැත්තේ නොවේ. හිරු ලෙසින් ව්‍යංග ගැන් වෙන්නේ එම දුප්පත් තරුණයන් ය. දෙවැනි ආකාරය අනුගමනයෙන් මෙම පැදිය අරුත් ගන් වන්නේ නම් පොහොසත් සමාජයේ කිසිදු පීඩාවකින් තොරව කල් ගෙවෙන පවුලක බිරිඳක් වුව, සැමියා නොමැති කල් හී අනියම් සුවයක් පතා දුප්පත් තරුණයෙක් හා ප්‍රේමයෙන් බැඳී ඇතිවන සම්බන්ධයක් මෙයින් ව්‍යංග වන බව දැක්විය හැක. සඳ හා තරු මඟින් පොහොසත් පංතියේ සැමියා හා බිරිඳත්, හිරු මඟින් පොහොසත් බිරිඳ සිය සැමියා නොමැති කල් හී අනියම් ලෙස පෙමින් බැඳෙන්නා වූ දුගී පෙම්වතාත් නිරුපණය කෙරේ. මෙලෙස නිරන්තරයෙන් සිදුවන මෙන්ම වඩා බහුල ව පවතින සමාජ බැඳීම් මෙම ගීතයෙන් අරුත් ගැන්වීම ට හැකියාව තිබිය දී, ලාංකීය සමාජයේ වඩා විරල වූ මෙන්ම ලක් සමාජය ට ආධුනික වූ සමලිංගික සම්බන්ධතා කෙරේ මෙම ගීතය ඈදීම කාගේ වුවමනාවක ට සිදු වුවක් දැයි නිශ්චිත නැත. කෙසේ නමුත් එවන් අසම්මත වූ අරුතක් යම් ගීතයක් හා බැඳී ඇති බවට යමකු සිය විචාරය තුළින් සමාජ ගත කල විට, එය එම ගීතය හා සබැඳි සමාජ සම්මත සාමාන්‍ය අරුත් ගැන්වීමකට වඩා වැඩි වේගයෙන් ගීත රසිකයන්ගේ සංවාදයන් ට බඳුන් වේ. මන්ද යත් වඩා විරල වූ සමාජ අසම්මතය කෙරේ මිනිසාගේ අවධානය යොමු වීම, නිතර දිස්වෙන සමාජ සම්මතය කෙරේ අවධානය යොමුවීම ට වඩා ස්වභාවයෙන් ම වැඩිවීම යි. එවන් පසුබිමක් තුළ යම් ගීතයක් රසිකයන් අතර වඩා ප්‍රසිද්ධිය ට පත් වන්නේ සමාජ අසම්මත අර්ථයක් ගැබ්ව නම්, එය සිදුවී අවසන් වූ පසු ඇතැම් විට ගීත රචකයාත් ඔහු හෝ ඇය විසින් රචනයේ දී අදහස් කළ අර්ථය කෙසේ වෙතත්, තම ගීතය තුළින් සැබවින් ම පිළිඹිබු වන්නේ ගීතය ප්‍රසිද්ධ වීමට වැඩියෙන් බලපෑ සමාජ අසම්මතය පිළිබඳ වූ අර්ථ නිරුපණය ම බැව් පැවසීම ට ද මැලි නොවනු ඇතැයි මම සිතමි. කෙසේ වෙතත් මේ ආකාරයෙන් සමලිංගික ප්‍රේම සම්බන්ධයක් හා මේ ගීතය සබඳන්නේ නම් තවත් බොහොමයක් ගීත සඳහා ද මේ ආකාරයෙන් ම සමලිංගික සම්බන්ධතා ඈදිය හැකි බව මෙන්ම ඒ සඳහා ගෙන ඇති උත්සාහයන් ද විරල නොවන බව පසක් කළ යුතුය.[/SIZE] [CENTER][IMG]http://4.bp.blogspot.com/-_coZfnJwRbo/Umk2DNUY3II/AAAAAAAAAA8/7A91czhoUeg/s1600/15166322.jpg[/IMG] [URL="http://downsouthsrilanka.blogspot.com/2013/10/blog-post.html"]ගත්තේ මගේ බ්ලොග් එකෙන් [/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom