Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගහන්න ලේසිම සංගීත භාණ්ඩේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Violin - කලින් කෙනෙක් කියල තියෙනව වගේ Bow එක අල්ලන එකේ ඉඳල වෙන තත් වල නොගෑවී Strings 4 හරියට වාදනය කිරීම වගේම Frets නැති නිසා හරියට ස්වර තියෙන තැන් අඳුර ගන්නත් පුහුණු වෙන්න ඕනෙ.නමුත් වයලින් වාදනය ඉගෙනීමේ වාසිය තමයි නිතරම කණ අසලම තියාගෙන වාදනය කරන නිසා ස්වර ඇසීමෙන් හඳුනා ගැනිමේ හැකියාව වැඩි වෙනවා වගේම පසු කාලීනව ගායන හැකියාව වර්ධනය කර ගන්නත් ඒක උදව් වෙනවා.මාස්ටර් අමරදේව, අමරසිරි පීරිස් මහත්මය වගේ අය වයලින් වාදනයෙන් ආරම්භය ගත් අය

Guitar - විවේකයට විනෝදයට ගායනය හා වාදනය හදාරන්න ලංකාවෙ වගේම ලෝකෙම තියෙන සුලබම සංගීත භාණ්ඩයක් තමයි.ලොව බොහෝ පිරිසක් වාදනය කරන වාද්‍ය භාණ්ඩයක් කිව්වත් හරි.විනෝදයට මිතුරන් එක්ක ගීතයක් කියන්න නං රිදම් ගිටාර් වාදනයට අයත් Major,Minor,dominant 7th Chords ටික ඉගෙන ගෙන ඒ කෝඩ්ස් ඉක්මනින් එකිනෙක මාරු කරමින් 3/4 , 4/4 සග 6/8 Strumming patterns ටිකක් වාදනය කරන්න ඉගෙන ගත්ත නං ප්‍රමාණවත්. Professionally guitar වාදනය කරනව නං Chord families වගේම Suspended,Diminished,Augmented,Added වැනි Advanced chords වර්ග ගැන හදාරන්න වෙනවා .පසු කාලීනව ගීතයක Melody lines සහිතව ලීඩ් ගිටාර් වාදනය කරන්න බලාපොරොත්තු වෙනව නං Scales වර්ග (Major,Minor, Blues,Jazz ආදී ) සහ Lead guitar techniques ( Hammer on , Pull off වැනි) ඉගෙන ගන්න වෙනව.මුලදි කෝඩ්ස් වාදනය ඉගෙන ගනිත්දි නං Strings වලට අත ටිකක් කැපිල ඇඟිලි වල සියුම් වලවල් හෑරිලා කෙලවර ඝණකම් වෙලා පදම් වෙලා එන්න මාස කීපයක් යයි. නමුත් ඒක පුරුදු උනාම හරියනවා.ලීඩ් ගිටාර් වාදනයට එන්න නං රිදම් ගිටාරය හැදෑරුවට පස්සෙ Fret board එකේ තනි ස්වරය බැගින් වේගයෙන් වාදනය කරන්න අවශ්‍ය තවත් Fingering exercises කරල හුරු වෙන්න ඕනෙ.Classical හෝ Fleminco වැනි වෙනත් Advanced guitar styles වලට යනව නං වෙනම හැදෑරීම් කරන්න වෙනවා

Bass Guitar - ගිටාර් පවුලෙ ලොකු අයියා මෙයා තමයි.බේස් ගිටාර් එක සාමාන්‍ය ගිටාරයට වඩා බරයි සහ ප්‍රමාණයෙන් විශාලයි. අනිත් ගිටාර් වලට වඩා Fret Board එක දිගයි. බේස් ගිටාර් වාදනයෙදි වෙන්නෙ Drums හෝ Percussion වාදනයට සමගාමීව සංගීත නිර්මාණයට අදාල කෝඩ්ස් තනි ස්වර වශයෙන් කිසියම් රටාවකට වාදනය කරන එක.බේස් ගිටාරයෙන් වයන්නෙ පහල සංඛ්‍යාත වල ස්වර නිසා Strings සැලකිය යුතු තරම් ඝණකම් හා විශාලයි.බේස් පුරුදු වෙන මුල් කාලෙදි නං Strings වල තියෙන Gauge එකට ඇඟිලි වල හම පොතු ගැලවිලා දිය පට්ටා දාල පොඩි තුවාල වීම් වෙන්න ඉඩ තියෙනවා.පස්සෙ පුරුදු උනාම ගානක් නෑ.සංගීතමය අවශ්‍යතාවයක් නැතිව බේස් ගිටාරය විනෝදයට වාදනය කරන්න යොමු වෙන අය නං තරමක් අඩුයි

Keyboard (Organ) - අනික් Instrument වලට සාපේක්ශව ඇඟිලි වලට පීඩාව අවම වාද්‍ය භාණ්ඩයක්.කී බෝඩ් එකකින් හරිම ලේසියෙන් Music theory වල එන (Intervals,Notes, Chords,Scales,Harmonies ) ආදිය ඉගෙන ගන්න පුලුවන්. දකුනතින් Melody වාදනය විතරක් වගේම හොඳ කී බෝඩ් වාදකයෙක් වෙන්න නං වමතින් කෝඩ්ස් මාරු කරන ගමන්ම දකුනතින් Melody ,Counters, Harmonies වාදනය කරන්න ඉගෙන ගන්න ඕනෙ.මේක ලේසි වගේ පෙනුනට එකවර දෙඅතින් කාර්රයන් දෙකක් වෙන නිසා සෑහෙන පුහුණුවක් අවශ්‍යයි හොඳ වාදකයෙක් වෙන්න.One-man keyboard වාදනයකදි Beats,Chords,Melody මේ සියල්ලම Programme කර නොවරද්දවා සජීවීව හසුරුවමින් වාදනය කරන්න පුලුවන් වෙන්න ඕනෙ.කී බෝඩ් වාදකයෙක්ට සංගීත නිර්මාණයක Chords, Main Melody Counter parts,Bits,Harmony parts පිලිබඳ ඉතා ඉහල මට්ටමේ Theory දැනුමක් තියෙන්න ඕනෙ.කී බෝඩ් එකෙන් බොහෝ වෙලාවට වාදනය කරන්නෙ වෙනත් Instrument එකක හඬක් නිසා (Strings,Flute,Saxophone,Trumpet) ඒ වාද්‍ය භාණ්ඩ වල මුල් හඬ ගැන, Tones, Beats, Tone programming වගේ දේවල් ගැනත් පොඩි දැනුමක් තියෙනවනං හොඳයි. කී බෝඩ් වාදකයෙක් වඩා හොඳයි ටික කලක් හෝ පියානෝ වාදනය හදාරනව නං.මොකද වමතින් Chords Patterns වාදනය කරන ගමන් දකුනතින් Melody වාදනයට අවශ්‍ය Chord progressions දැනුම, Hand coordination, dexterity එක සහ Muscle memory එක හදා ගන්න ඒක සෑහෙන්න උදව්වක් වෙනවා.ස්වර ප්‍රස්තාර බලා වාදනය කිරීම හා ස්වර ප්‍රස්තාර සකසා ගැනීමට හැකිවීම දක්ශ විදුලි ඕගන් වාදකයෙකුට හොඳ අමතර සුදුසුකමක්

Drums - අත් දෙක ආ කකුල් දෙක කියන අවයව හතරම එක වර වාදනය වෙන වාද්‍ය භාණ්ඩයක්. සජීව වාදනයකදි අනික් සියලුම සංගීත භාණ්ඩ වාදනය විය යුතු Tempo එක Rhythm එක එක දිගට පවත්වා ගන්නා ප්‍රධානම සංගීත භාණ්ඩය මේක තමයි.හොඳ දක්ශ වාදකයෙක් වෙන්න නං Acoustic drums වාදනයට යොමු වෙලා Drum Rudiments, Beats, Time signatures, Rollings ආදිය නිරන්තර පුහුණු වෙලා ඉගෙන ගන්න ඕනෙ.හොඳ ඩ්‍රමර් කෙනෙක් වෙන්න Tempo ස්ථාවරව පවත්වා ගෙන වාදනය කිරීමේ හැකියාව අන් සියල්ලටම වඩා විශේශයි.දකුනත Hi hats මත, වමත Snare Drums මත, දකුණු කකුල Bass pedal මත වගේම වම් කකුල Hi hat pedal උඩ තියා ගෙන එකවර මේ සියල්ලම ක්‍රියාත්මක වෙමින් තමයි වැඩේ වෙන්නෙ.

Tabla - දෙඅතේ ඇඟිලි වලට වෙන වෙනම අක්ශර ස්වර වාදනය කරන්න ඉගෙන ගන්න ඕනෙ,මුලදි නං තරමක් අමාරු වැඩක් තබ්ලාවේ එන ප්‍රධානම කොටස් දෙක දායන් සහ බායන් කියන කොටස් වල එක එක ස්ථාන වලට වාදනය කලාම එකිනෙකට වෙනස් අක්ශර (ශුද්ධ අක්ශර හා මිශ්‍ර) වාදනය කරන්න පුලුවන්. මේ සඳහා මුලදි භායදා ,පල්ටා වගේ වෙන වෙනම අභ්‍යාස ඇඟිලි වලට කරන්න ඕනෙ. හින්දුස්ථානී සංගීතය ආශ්‍රිතව වාදනය වෙන නිසා පෙරදිග රාග මෙන්ම ත්‍රී තාල් , කෙහෙර්වා වැනි වාදන ශිල්ප ක්‍රම රාශියක් තියෙනව හදාරන්න

Flute- ඉතාම සැහැල්ලු වගේම මිහිරි හඬක් තියෙන වාද්‍ය භාණ්ඩයක්. එක එක සප්තක වලට ගැලපෙන බට නලා තියෙනවා ( උදා: C scale flute ) කටින් පිඹින හුලං නිසි පරිදි අඩු වැඩි කරමින් හා ඇඟිලි වලින් බටනලාවේ සිදුරු විවර කිරීම පාලනයෙන් හොඳ මනස සුවපත් වෙන හඬක් ගන්න පුලුවන්.

Saxophone - වර්ග කීපයක් තිබුනත් ලංකාවේ මම දන්නා තරමින් ප්‍රධාන සැක්ෆෝන් වර්ග 2 භාවිතා වෙනවා Alto Sax හා Tenor Sax වශයෙන්.හොඳ සැක්සෆෝන් එකක් තරමක් මිලාධිකයි වගේම ආරම්භය පහසු උනත් වාදනයේදි හොඳ හඬක් එලියට එන වාදකයෙක් වෙන්න වසර කීපයක් අඛන්ඩව පුහුනු වෙන්න වෙනවා

ඉහත බොහෝ සංගීත භාණ්ඩ වල කිසියම් ප්රවීනත්වයක් ගන්න නං නිරන්තර පුහුණුව සමග හොඳ වැඩි දියුණු කල සංගීතමය කණක් තියෙන්න ඕනෙ. සංගීත නිර්මාණ සෑගෙන්න ප්‍රමානයක් අහල නිර්මාණශීලී හැකියාව වර්ධනය කර ගෙන තියෙන්න ඕනෙ. ඒ වගේම පෙරදිග හා බටහිර Music theory දැනුම වැඩි දියුනු කර ගන්න ඕනෙ. Guitars,Drums,Keyboards,Saxophone වගේ Western instruments වලට හොඳ හැදෑරීමක් කරල London trinity exams වගේ විභාග වලට ඉදිරිපත් වෙලා Professional qualification එහෙම ගන්නත් පුලුවන්.

[QUOTE="kabba123, post: 26121462, member: 377118"] Violin - කලින් කෙනෙක් කියල තියෙනව වගේ Bow එක අල්ලන එකේ ඉඳල වෙන තත් වල නොගෑවී Strings 4 හරියට වාදනය කිරීම වගේම Frets නැති නිසා හරියට ස්වර තියෙන තැන් අඳුර ගන්නත් පුහුණු වෙන්න ඕනෙ.නමුත් වයලින් වාදනය ඉගෙනීමේ වාසිය තමයි නිතරම කණ අසලම තියාගෙන වාදනය කරන නිසා ස්වර ඇසීමෙන් හඳුනා ගැනිමේ හැකියාව වැඩි වෙනවා වගේම පසු කාලීනව ගායන හැකියාව වර්ධනය කර ගන්නත් ඒක උදව් වෙනවා.මාස්ටර් අමරදේව, අමරසිරි පීරිස් මහත්මය වගේ අය වයලින් වාදනයෙන් ආරම්භය ගත් අය Guitar - විවේකයට විනෝදයට ගායනය හා වාදනය හදාරන්න ලංකාවෙ වගේම ලෝකෙම තියෙන සුලබම සංගීත භාණ්ඩයක් තමයි.ලොව බොහෝ පිරිසක් වාදනය කරන වාද්‍ය භාණ්ඩයක් කිව්වත් හරි.විනෝදයට මිතුරන් එක්ක ගීතයක් කියන්න නං රිදම් ගිටාර් වාදනයට අයත් Major,Minor,dominant 7th Chords ටික ඉගෙන ගෙන ඒ කෝඩ්ස් ඉක්මනින් එකිනෙක මාරු කරමින් 3/4 , 4/4 සග 6/8 Strumming patterns ටිකක් වාදනය කරන්න ඉගෙන ගත්ත නං ප්‍රමාණවත්. Professionally guitar වාදනය කරනව නං Chord families වගේම Suspended,Diminished,Augmented,Added වැනි Advanced chords වර්ග ගැන හදාරන්න වෙනවා .පසු කාලීනව ගීතයක Melody lines සහිතව ලීඩ් ගිටාර් වාදනය කරන්න බලාපොරොත්තු වෙනව නං Scales වර්ග (Major,Minor, Blues,Jazz ආදී ) සහ Lead guitar techniques ( Hammer on , Pull off වැනි) ඉගෙන ගන්න වෙනව.මුලදි කෝඩ්ස් වාදනය ඉගෙන ගනිත්දි නං Strings වලට අත ටිකක් කැපිල ඇඟිලි වල සියුම් වලවල් හෑරිලා කෙලවර ඝණකම් වෙලා පදම් වෙලා එන්න මාස කීපයක් යයි. නමුත් ඒක පුරුදු උනාම හරියනවා.ලීඩ් ගිටාර් වාදනයට එන්න නං රිදම් ගිටාරය හැදෑරුවට පස්සෙ Fret board එකේ තනි ස්වරය බැගින් වේගයෙන් වාදනය කරන්න අවශ්‍ය තවත් Fingering exercises කරල හුරු වෙන්න ඕනෙ.Classical හෝ Fleminco වැනි වෙනත් Advanced guitar styles වලට යනව නං වෙනම හැදෑරීම් කරන්න වෙනවා Bass Guitar - ගිටාර් පවුලෙ ලොකු අයියා මෙයා තමයි.බේස් ගිටාර් එක සාමාන්‍ය ගිටාරයට වඩා බරයි සහ ප්‍රමාණයෙන් විශාලයි. අනිත් ගිටාර් වලට වඩා Fret Board එක දිගයි. බේස් ගිටාර් වාදනයෙදි වෙන්නෙ Drums හෝ Percussion වාදනයට සමගාමීව සංගීත නිර්මාණයට අදාල කෝඩ්ස් තනි ස්වර වශයෙන් කිසියම් රටාවකට වාදනය කරන එක.බේස් ගිටාරයෙන් වයන්නෙ පහල සංඛ්‍යාත වල ස්වර නිසා Strings සැලකිය යුතු තරම් ඝණකම් හා විශාලයි.බේස් පුරුදු වෙන මුල් කාලෙදි නං Strings වල තියෙන Gauge එකට ඇඟිලි වල හම පොතු ගැලවිලා දිය පට්ටා දාල පොඩි තුවාල වීම් වෙන්න ඉඩ තියෙනවා.පස්සෙ පුරුදු උනාම ගානක් නෑ.සංගීතමය අවශ්‍යතාවයක් නැතිව බේස් ගිටාරය විනෝදයට වාදනය කරන්න යොමු වෙන අය නං තරමක් අඩුයි Keyboard (Organ) - අනික් Instrument වලට සාපේක්ශව ඇඟිලි වලට පීඩාව අවම වාද්‍ය භාණ්ඩයක්.කී බෝඩ් එකකින් හරිම ලේසියෙන් Music theory වල එන (Intervals,Notes, Chords,Scales,Harmonies ) ආදිය ඉගෙන ගන්න පුලුවන්. දකුනතින් Melody වාදනය විතරක් වගේම හොඳ කී බෝඩ් වාදකයෙක් වෙන්න නං වමතින් කෝඩ්ස් මාරු කරන ගමන්ම දකුනතින් Melody ,Counters, Harmonies වාදනය කරන්න ඉගෙන ගන්න ඕනෙ.මේක ලේසි වගේ පෙනුනට එකවර දෙඅතින් කාර්රයන් දෙකක් වෙන නිසා සෑහෙන පුහුණුවක් අවශ්‍යයි හොඳ වාදකයෙක් වෙන්න.One-man keyboard වාදනයකදි Beats,Chords,Melody මේ සියල්ලම Programme කර නොවරද්දවා සජීවීව හසුරුවමින් වාදනය කරන්න පුලුවන් වෙන්න ඕනෙ.කී බෝඩ් වාදකයෙක්ට සංගීත නිර්මාණයක Chords, Main Melody Counter parts,Bits,Harmony parts පිලිබඳ ඉතා ඉහල මට්ටමේ Theory දැනුමක් තියෙන්න ඕනෙ.කී බෝඩ් එකෙන් බොහෝ වෙලාවට වාදනය කරන්නෙ වෙනත් Instrument එකක හඬක් නිසා (Strings,Flute,Saxophone,Trumpet) ඒ වාද්‍ය භාණ්ඩ වල මුල් හඬ ගැන, Tones, Beats, Tone programming වගේ දේවල් ගැනත් පොඩි දැනුමක් තියෙනවනං හොඳයි. කී බෝඩ් වාදකයෙක් වඩා හොඳයි ටික කලක් හෝ පියානෝ වාදනය හදාරනව නං.මොකද වමතින් Chords Patterns වාදනය කරන ගමන් දකුනතින් Melody වාදනයට අවශ්‍ය Chord progressions දැනුම, Hand coordination, dexterity එක සහ Muscle memory එක හදා ගන්න ඒක සෑහෙන්න උදව්වක් වෙනවා.ස්වර ප්‍රස්තාර බලා වාදනය කිරීම හා ස්වර ප්‍රස්තාර සකසා ගැනීමට හැකිවීම දක්ශ විදුලි ඕගන් වාදකයෙකුට හොඳ අමතර සුදුසුකමක් Drums - අත් දෙක ආ කකුල් දෙක කියන අවයව හතරම එක වර වාදනය වෙන වාද්‍ය භාණ්ඩයක්. සජීව වාදනයකදි අනික් සියලුම සංගීත භාණ්ඩ වාදනය විය යුතු Tempo එක Rhythm එක එක දිගට පවත්වා ගන්නා ප්‍රධානම සංගීත භාණ්ඩය මේක තමයි.හොඳ දක්ශ වාදකයෙක් වෙන්න නං Acoustic drums වාදනයට යොමු වෙලා Drum Rudiments, Beats, Time signatures, Rollings ආදිය නිරන්තර පුහුණු වෙලා ඉගෙන ගන්න ඕනෙ.හොඳ ඩ්‍රමර් කෙනෙක් වෙන්න Tempo ස්ථාවරව පවත්වා ගෙන වාදනය කිරීමේ හැකියාව අන් සියල්ලටම වඩා විශේශයි.දකුනත Hi hats මත, වමත Snare Drums මත, දකුණු කකුල Bass pedal මත වගේම වම් කකුල Hi hat pedal උඩ තියා ගෙන එකවර මේ සියල්ලම ක්‍රියාත්මක වෙමින් තමයි වැඩේ වෙන්නෙ. Tabla - දෙඅතේ ඇඟිලි වලට වෙන වෙනම අක්ශර ස්වර වාදනය කරන්න ඉගෙන ගන්න ඕනෙ,මුලදි නං තරමක් අමාරු වැඩක් තබ්ලාවේ එන ප්‍රධානම කොටස් දෙක දායන් සහ බායන් කියන කොටස් වල එක එක ස්ථාන වලට වාදනය කලාම එකිනෙකට වෙනස් අක්ශර (ශුද්ධ අක්ශර හා මිශ්‍ර) වාදනය කරන්න පුලුවන්. මේ සඳහා මුලදි භායදා ,පල්ටා වගේ වෙන වෙනම අභ්‍යාස ඇඟිලි වලට කරන්න ඕනෙ. හින්දුස්ථානී සංගීතය ආශ්‍රිතව වාදනය වෙන නිසා පෙරදිග රාග මෙන්ම ත්‍රී තාල් , කෙහෙර්වා වැනි වාදන ශිල්ප ක්‍රම රාශියක් තියෙනව හදාරන්න Flute- ඉතාම සැහැල්ලු වගේම මිහිරි හඬක් තියෙන වාද්‍ය භාණ්ඩයක්. එක එක සප්තක වලට ගැලපෙන බට නලා තියෙනවා ( උදා: C scale flute ) කටින් පිඹින හුලං නිසි පරිදි අඩු වැඩි කරමින් හා ඇඟිලි වලින් බටනලාවේ සිදුරු විවර කිරීම පාලනයෙන් හොඳ මනස සුවපත් වෙන හඬක් ගන්න පුලුවන්. Saxophone - වර්ග කීපයක් තිබුනත් ලංකාවේ මම දන්නා තරමින් ප්‍රධාන සැක්ෆෝන් වර්ග 2 භාවිතා වෙනවා Alto Sax හා Tenor Sax වශයෙන්.හොඳ සැක්සෆෝන් එකක් තරමක් මිලාධිකයි වගේම ආරම්භය පහසු උනත් වාදනයේදි හොඳ හඬක් එලියට එන වාදකයෙක් වෙන්න වසර කීපයක් අඛන්ඩව පුහුනු වෙන්න වෙනවා ඉහත බොහෝ සංගීත භාණ්ඩ වල කිසියම් ප්රවීනත්වයක් ගන්න නං නිරන්තර පුහුණුව සමග හොඳ වැඩි දියුණු කල සංගීතමය කණක් තියෙන්න ඕනෙ. සංගීත නිර්මාණ සෑගෙන්න ප්‍රමානයක් අහල නිර්මාණශීලී හැකියාව වර්ධනය කර ගෙන තියෙන්න ඕනෙ. ඒ වගේම පෙරදිග හා බටහිර Music theory දැනුම වැඩි දියුනු කර ගන්න ඕනෙ. Guitars,Drums,Keyboards,Saxophone වගේ Western instruments වලට හොඳ හැදෑරීමක් කරල London trinity exams වගේ විභාග වලට ඉදිරිපත් වෙලා Professional qualification එහෙම ගන්නත් පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom