Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගහේ හැදෙන මාතර දෙනිපිටියේ දීකිරි පොල්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දකුණට පමණක් ආවේනික, ගහේ හැදෙන මාතර දෙනිපිටියේ දීකිරි පොල්???????

දීකිරි කීව සැණින් අපගේ මතකයට නැංවෙන්නේ, 70 දශකයේදී ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකයකු වන ලූෂන් බුලත්සිංහලයන්ගේ රතු හැට්ටකාරී වේදිකා නාට්‍යයේ අනුලා බුලත්සිංහල ගයන දීකිරි දීකිරි ගෙනාව දීකිරි යන ගීතයයි. නමුත් අප මේ කතා කරන්නට යන්නේ එළදෙනගෙන් දොවා හදා ගන්නා කිරි ගැන නොව දිවයිනේ වෙනත් කිසිම ප්‍රදේශයක හට නොගන්නා දෙනිපිටියට පමණක් ආවේණිකවූ පොල් ගස් වල දීකිරි පොල් සම්බන්ධවයි.

කුසුම් කුමාර ඩයස් දිසානායක දෙනිපිටිය ගම්මානයේ පොල් ඉඩම් හිමි වැවිලිකරුවෙකි. තම සීයාගේ බාල අවධියේදී පවා දෙනිපිටියේ දීකිරි හට ගන්නා පොල් ගස් තිබූ බව ඔහු බාල කාලයේදී පියාගෙන් අසා ඇති බව ඔහු කීවේය. ඔහු කීවේය.

‘‘අපි දන්න විදියට, අහල තියෙන විදියට දැනට අවුරුදු 200 කට වැඩි කාලයක පටන් අපේ පොල් ඉඩම්වල දීකිරි හැදෙන ගස් තිබිල තියෙන බව අපේ තාත්තා අපිට කියල තියෙනවා. ඒ වුණාට මට නම් හිතෙන්නේ ඊටත් එහා ඈත අතීතයට දීකිරි කතන්දරය ඇති කියලයි. අපි පුංචි කාලයේ ඉඩම්වල පොල් මුර කඩන කොට අපිත් තාත්තගෙ අතේ එල්ලිලා තාත්තල දීකිරි පොල් තෝරන විදිය බලන් ඉඳල තියෙනවා. අවුරුදු ගණනක්ම දැකල තියෙන නිසා දැන් පොල් කැඩුවම ලෙලි පිටින්ම ගෙඩිය සෙලෙව්වම දීකිරි ගෙඩියයි සාමාන්‍ය පොල් ගෙඩියයි හඳුනගන්න පුළුවන්. පොල් කඩන කෙනාටත් එහෙම තෝර ගන්න බැහැ. පොල් ලෙලි ගහන කෙනාට නම් පුරුද්දෙන් දැනගන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය පොල් ගෙඩිය වගේ නෙවි. දීකිරි ගෙඩිය ඉතාම ලේසියෙන් ලෙලි ගහන්න පුළුවන්. පුළුන් වගෙයි. ලෙලි පිටින් වුණත් සොලවන කොට වතුර ශබ්දයක් ඇසෙන්නේ නැහැ. සමහර ගෙඩිවල ඉටි බෝලයක් එහා මෙහා යනව වගේ දැනෙනවා. සමහර ගෙඩි බොහොම තද ගතියක් දැනෙනවා. දීකිරි ගෙඩිය ලෙලි ගහල ගෙඩියේ කටුවට තට්ටු කළාම තද ශබ්දයක් ඇසෙනවා. වතුර සෙලවන්නේ නැහැ. සමහර ගෙඩිවල ටිකක් වතුර තියෙනවා. ඒ විදියට තමයි දීකිරි ගෙඩිය හඳුන ගන්නේ. පොල් කැඩෙන වාරයට දීකිරි හොයාගෙන බොහෝ දෙනෙක් අපේ ගෙදරටම එනවා. අවුරුදු ගණනක ඉඳල එන අය නිසා දැන් අපිත් එක්ක හිතවත් වෙලා. එහෙම එන අයට දෙන්න කොහොමටත් මම දීකිරි ගෙඩි වෙන්කරල තියාගන්නවා. ගොඩාක් දුර ඉඳල එන අය ඉන්න නිසා මම එහෙම උදව් කරනවා.’’

ඒ මොහොතේ කුසුම් කුමාරගේ ඉඩමේ මුරය කඩමින් පවතින බවට කීවෙන් දෙනිපිටියේ ඔහුගේ ඉඩමට අපද ගියෙමු. ඊට හේතුව පොල් මුරය කඩා අවසන්වීමටත් පෙර දීකිරි මිලදී ගන්නට පොරකන පිරිසක් එහි සිටින බැවිනි. අප එහි යනවිටත් කලක සිට දීකිරි මිලදී ගැනීමට පුරුදුව සිටි අකුරැස්ස ප්‍රදේශයේ ලසන්ත ගාල්ලගේද පැමිණ සිටියේය. දීකිරි තෝරමින් සිටින දිසානායක මහතාගෙන් ඔහුට අවශ්‍ය කරන දීකිරි ගෙඩි ප්‍රමාණය වෙන්කර ගනිමින් සිටියේය. දීර්ඝ කාලයක් මුළුල්ලේ ඉඩමේ පොල් මුරය කැඩෙන දින බලාගෙන තමාගේ හා තම ඥාතීන්ගේ ආහාරය සඳහා දීකිරි මිලදී ගැනීමට ඔහු පැමිණෙන්නේය.

‘‘දිසානායක මහත්තයාගේ ඉඩමේ පොල් මුරය කැඩෙන කොට මම ඇවිත් දීකිරි අරගෙන යනවා. පොල් කැඩෙන කාලය දැන් මම දන්නවා. දීකිරි හරිම රසවත් ප්‍රණීත ආහාරයක්. හරිම පෝෂ්‍යදායී. අපි දීකිරි වලින් නොයෙකුත් රසවත් කෙටි ආහාර හදා ගන්නවා. දීකිරි පිහියකින් ගලවල සීනි , පැණි , වැලිහකුරු එක්ක කන්න පුළුවන්. අපේ දරුවෝ හරි ආසයි දීකිරිවලට. ඉටි බෝලයක් වගේ ගලවල ගන්න පුළුවන්. දීකිරි කඩවල් වලත් තියෙනවා. හැබැයි ගණන් දීකිරි පල ගැනෙන පොල් ගස් පිළිබඳව දිසානායකට හොඳ දැනුමක් විය. ඔහුගේ ඉඩමේ දීකිරි ගස් ගැන ඔහු හොඳින් දැන සිටියේය.

‘‘දීකිරි හැදෙන ගස් කියල අපි දැනගෙන හිටියට ඒ ගස්වල හට ගන්න පොල් වලුවල දීකිරි ගෙඩි හැදෙන්නේ සමහරවිට ගෙඩි එකයි දෙකයි. දෙනිපිටිය, වැලිපිටිය, වැළිහිඳ වටේ ගම්වල විතරයි දීකිරි හැදෙන්නේ. අපිටත් හිතා ගන්න බැහැ කොහොමද දීකිරි හැදෙන්නේ කියල. දීකිරි ගෙඩිය ඇතුළේ වතුර නැහැ. ඉටි වගෙයි. තෙල් පිරිල. හරිම රස කෑමක්.’’

ඇතැම් දීකිරි ගෙඩිවල වතුර ස්වල්පයක් ඇතත් බොහෝ දීකිරි ගෙඩිවල වතුර පවතින්නේ නැති බව දීකිරි ගෙඩි කිහිපයක් සොලවා බැලූ අපටද දැනගත හැකිවිය.

1746 දී උපත ලද දෝන ඉසබෙලා කොරනේලියා නොහොත් ගජමන් නෝනා හිටිවන කවි සීපද කීයා ඇති බැවින් දෙනිපිටියේ නුග රුක ප්‍රසිද්ධියට පත්විණි. දීකිරි හටගන්නා දිවයිනේ ඇති එකම ගම්මානයද දෙනිපිටියය. මෙයට වසර පහ හයකට පෙර පොල් කොළ මැලවීම සහ පොල් කුරුමිණි රෝගය, ගොබ කුණුවීමේ රෝගයෙන්ද පීඩා විඳින්නේත් වැලිගම ප්‍රදේශයේ දෙනිපිටිය ප්රමුඛ ගම්මානයි. මේ නිසා දෙනිපිටිය හා අවට පොල් ගස් විශාල ප්‍රමාණයක් කපා දමා ඇත. මෙම ප්‍රදේශයෙන් බැහැරට පොල් පැළ ගෙනයාමද තහනම් කර ඇත්තේ අනෙකුත් ප්රදේශවලටද මෙම රෝග බෝවීමේ ප්‍රවණතාවය නවතාලීමේ අරමුණිනි.

කෙනෙකුට හිතුණට දීකිරි පොල්ගස් වත්තේ හදා ගන්නට නොහැක. එසේම දීකිරි පොල් පැළ රෝපණය කළ යුතු වන්නේ අනිවාර්යයෙන්ම දෙනිපිටිය , වැළිහිඳ හෝ වැලිපිටිය ගම්මානයේම විය යුතුය. වෙනත් ප්‍රදේශයක පැළයක් රෝපණය කිරීමෙන් දීකිරි පොල් ලබාගැනීමට නොහැකි බව සහතික කළ හැකි බව පැරැන්නෝ කිහිප දෙනෙකුම අප හා පැවසූහ. එසේම දීකිරි පෙල් ගෙඩියක් හදන පොල් ගසෙන් සම්පූර්ණයෙන්ම දීකිරි පොල් ලැබෙන්නේද නැත. ඒව යින් දීකිරි පොල් මෙන්ම සාමාන්‍ය පොල්ද ලැබේ.

ලංකාවේ ප්‍රථමයෙන්ම පොල් පැළ සිටුවා ඇත්තේ දෙනිපිටිය ආසන්නයේ පොල්වත්ත, පැලෑන යන දෙනිපිටිය ගම්මානයට මායිම්වූ ගම්වල බව පැරැන්නෝ සඳහන් කරති.

ප්‍රධාන වශයෙන් ලංකාවේ පොල් වර්ග තුනක් ඇත. උස පොල් ගස්, කුන්දිරා සහ තැඹිලි වශයෙනි. මෙයින් දීකිරි හැදෙන්නේ උස පොල් ගසෙහි පමණකි.

දීකිරි ගෙඩි සොලවන්නේ නැතිව ප්‍රවේශමෙන් එල්ලා තැබුවහොත් සති 2 ක් පමණ නරක් නොවී තබා ගත හැකි වන අතර ශීතකරණයක නම් ඊටත් වඩා කාලයක් නිරුපද්‍රිතව තබා ගත හැකි වනු ඇත.

දීකිරි ගෙඩිය උඩින් සිහිනියට සිදුරු කර හකුරු , සූකිරි , සීනි , සාදික්කා , එන්සල් , කරාබු නැටි වැනි ද්‍රව්‍ය ගෙඩිය ඇතුළට දමා හොඳින් වසා කම්බිවලින් ගැටගසා පෝරණුවක මද රස්නයෙන් පුලුස්සා ගත්විට රසවත් කේක් සාදාගත හැකි බව දෙනිපිටිය ගම්වාසීහු බෝහෝ දෙනෙක් අප හා පැවැසූහ. ඒ කෙසේ වෙතත් දීකිරි වාජීකරණ ගුණයෙන් යුක්ත බව ඈත අතීතයේ සිටම ගම්මුන් අතර මතයක් ඇති බවටත් හෙළිවිණි.

මේ පොල් දීකිරි විශේෂය පිළිබඳව ලුණුවිල පොල් පර්යේෂණායතනයෙන් අප විමසුවෙමු.

‘‘දෙනිපිටියේ විතරයි දීකිරි ගෙඩි හට ගන්නේ. ඈත අතීතයේදී ගොඩවාය වරායවල් ඔස්සේ විදේශ රටවලින් දීකිරි ගෙඩි පාවී ඇවිල්ලද කියල අපි සැකකරනවා. මේ වගේම ගාල්ල, උණවටුන ප්‍රදේශයේ තියෙනවා බෝතල් තැඹිලි , පුවක් පොල් කියල වර්ග. ඒවගේ තමයි දෙනිපිටියේ දීකිරි ගෙඩි. දීකිරි කියන ගස්වල දීකිරි විතරක් නෙවි. සාමාන්‍ය පොල් සහ දීකිරි දෙවර්ගයම එකම පොල් වල්ලක තියෙනවා. මේ පොල්වල ජාන වල තියෙන විකෘති භාවයක් කියල අපි විශ්වාස කරනවා. අපි දෙනිපිටියේ ඉඩමකින් දීකිරි ගෙඩි ගෙනිහින් කලලය ඉවත් කරල , ටෙස්ට් ටියුබ්වල දාලා (TISSUE CULTURE) පැළ කරගත්තා.

එහෙම නැතිව දීකිරි ගෙඩි පැළ කළාට පැළ වෙන්නේ නැහැ. දැන් අපි පර්යේෂණායතනයේ දීකිරි පැළ කරල තියෙනවා. පර්යේෂණ මට්ටමේ. සාමාන්‍ය පොල් වල තන්තු 30% ක් තියෙනවා. නමුත් දීකිරි වල නැහැ. ළදරුවන්ටත් දෙන්න පුළුවන් ආහාරයක්. දිරවන්න ඉතාමත් පහසුයි. දෙනිපිටියේ පමණක් පොල් ගස්වල දීකිරි ගෙඩි හැදෙනවා කියන එක ඇත්තයි. ගම්වාසීන් විවිධ මත ඉදිරිපත් කරනවා. නමුත් දෙනිපිටියට පමණක් ආවේණිකව දීකිරි ගෙඩි හට ගන්නේ කුමන හේතුවක් නිසාද කියල සොයාගෙන නැහැ. වෙනත් පළාතක දීකිරි ගෙඩි පැළ කළාට ඒ ගස්වල දීකිරි හැදෙන්නේ නැහැ. කලලය අරගෙන රෝපණය කරල ගත්තම පමණක් දීකිරි ඵල ලබාගන්න පුළුවන්. ඒත් ඒ පැළ වෙනත් ප්‍රදේශවල රෝපණය කළොත් කෙසේ වේවිද කියල තවම අපි පරීක්ෂණ කරගෙන යනවා.

චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, පැපුවා නිව්ගිනියාව, වියට්නාමය, බ්‍රසීලය, මෙක්සිකෝව, ප්‍රංශය, ටැන්සානියා, කාම්බෝජය යන විදේශීය රටවල්වල දීකිරි හඳුන්වනුයේ මැකපූනෝ (MACAPUNO COCONUT) යනුවෙනි. දීකිරි යොදාගනිමින් මහා පරිමාණයෙන් අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන රට පිලිපීනයයි. අනෙකුත් රටවල් දීකිරි පිටි, බෝතල් කර සහ විවිධ රසවත් ආහාර පාන නිපදවති. ප්‍රථම පොල් නිෂ්පාදකයා වන්නේ පිලිපීන දූපත් සමූහයයි. වසරකට ටොන් 19,500,000 ක් පොල් නිෂ්පාදනය කරන පිලිපීනය දීකිරිවලටද ඉමහත් ප්‍රසිද්ධියක් උසුලනු ලබයි. ප්‍රධාන දීකිරි පලතුරු වෙළෙඳපොළ මැනිලා නගරයේ ස්ථාපිතව ඇත. මැකපූනෝ නොහොත් දීකිරි තාක්ෂණය දියුණු කරනු ලැබ ඇත්තේ පිලිපීන පොල් අධිකාරියේ ආචාර්ය එමිරිටා වී ද ගුස්මාන් විසින් බව සඳහන් වේ.

දෙනිපිටියේ දීකිරිවලට හොඳ කාලයක් උදාවෙන්නේ රාමසාන් උපවාස කාලයටයි. එම කාලය තුළදී මුස්ලිම් ප්‍රජාව තම නිවසේ ආහාර වට්ටෝරුවට අනිවාර්යයෙන්ම දීකිරි යොදා ගන්නා බව ඉස්ලාම් බැතිමතුන් කිහිප දෙනෙකුම අප හා පැවසූහ.

මුස්ලිම් ප්‍රජාව දීකිරිවලට තයින්තු තේංගා යනුවෙන් ව්‍යවහාර කරති. මොහොමඩ් හාසීම් වැලිගම පදිංචිකරුවෙකි. හෙතෙම තයින්තු තේංගා (දීකිරි) පිළිබඳව අප හා කතාබහට එකතුවෙමින් කියා සිටියේ දීකිරි ඉතාමත් පෝෂ්‍යදායී මෙන්ම ඉතාමත් රසවත් ආහාරයක් බැවින් තමන් හා තම පවුලේ සියලු දෙනා දීකිරිවලට ඇබ්බැහිවූ බවයි. අප එහි යන විටත් හෙතෙම දීකිරි ගෙඩි කිහිපයක් තම නිවසේ ඉතා ප්‍රවේශම් සහිතව ශීතකරණයේ තබා ඇතැයි පැවසුවේ සිනා මුසු මුහුණෙනි.

‘‘අපේ ගෙවල්වලට දෙනිපිටිය ඉතා ළඟයි. අපි කාලයක ඉඳලම දීකිරි ආහාරයට එකතු කරගන්නවා. අපේ නෝම්බු කාලයේදී අපේ ගමේ අය විශාල මුදලක් ගෙවල වුණත් දීකිරි මිලදී ගන්නවා. හරිම රසවත් ආහාරයක් වගේම පෝෂ්‍යදායී ආහාරයක් කියල මේ පළාතේ මිනිස්සුන්ගේ මතයක් තියෙනවා. ඈත අතීතයේ ඉඳලම අපේ මුතුන් මිත්තන් දීකිරිවලට පුරුදු වෙලා ඉන්න බව අපි අහල තියෙනවා. අපේ ගෙවල්වල දීකිරි වලින් නොයෙක් කෑම වර්ග හදනවා. දෝසි වගේ දේවල් හදල කල් තියාගන්න පුළුවන්. කිරි වෙනුවට දීකිරි තමයි යොදා ගන්නේ.

මේ දීකිරි පොල් ගැන දෙනිපිටිය , පොල්වත්ත , කුකුලවවත්ත තිභුම්නිකාරාම විහාරස්ථානයේ හා පානදුර , වත්තල්පොල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිපති , හිටපු විදුහල්පති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය දෙනිපිටියේ සෝමරතන ස්වාමීන්වහන්සේ කියන කතාවයි.

‘‘අපි පුංචි කාලයේ ඉඳලම අපේ වතුපිටිවල දීකිරි හට ගන්නා පොල් ගස් තිබුණා. පුංචි කාලයේ නම් අපිට දීකිරි ගෙඩි දැක්කම පුදුමයි. දැන් නම් ඒවා දැකල දැකල කිසිම අමුත්තක් නැහැ. හැබැයි අපිට තවමත් හිතාගන්න බැහැ.

ඇයි මේ දෙනිපිටිය , අල්ලපු ගම වන වැළිහිඳ විතරක් දීකිරි හට ගන්නේ කියල. හැබැයි දීකිරි හැදෙන පොල් ගසක වුණත් ගෙඩි දෙක තුනකට වැඩිය හැදෙන්නේ නැහැ. ඒක අපි අත්දැකීමෙන් දන්නවා. දැනටත් අපි පන්සල්වලට ගමන් බිමන් යනකොට තෑගි විධියට දීකිරි ගෙඩි ගිහින් දෙනවා. දැන් දීකිරි ගෙඩිවල මිල ඉහළ ගිහින් තියෙනවා. අපේ පන්සල් වත්තෙත් දීකිරි හැදෙන ගසක් තිබුණ.

දෙනිපිටිය ගමේ ගම්මුන් අතරේ මතයක් තියෙනවා, යම් කෙනෙක් දීකිරි හැදෙන ගසක් යටට ගිහින් මේ ගහේ දීකිරි හැදෙනවා කියල කිව්වොත් එදායින් පසුව එම ගසෙහි දීකිරි ගෙඩි ඵල නොදරන බවට මේ ගම්මුන්මේගේ මතයක් ඇත. වනවිට එම පන්සලේ තිබූ දීකිරි හට ගන්නා ගසෙහි දීකිරි පොල් දැන් හට නොගන්නා බව උන්වහන්සේ පැවසුවේය.

දකුණේ දෙනිපිටිය කේන්ද්‍ර කරගනිමින් වැළිහිඳ හා වැලිපිටිය යන ගම්මාන තුනට සීමාවී එම ගම්බිම්වල පොල් ඉඩම්වල ඇති

පොල්ගස්වල පමණක් දීකිරි පොල් හට ගන්නා බැවින් පොල් පර් යේෂණායතනය සහ පොල් වගාකිරීමේ මණ්ඩලය එක්ව දෙනිපිටිය හා ඒ ආශ්‍රිතව දීකිරි ඵල දරන පොල් පැළ රෝපණය කරවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්නට පුළුවන ඒ තුලින් මේ ගස් සුරක්ෂිත කරනව සේම කිරි පොල් නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම තුළින් වගාකරුවන්ගේ ආර්ථිකය වඩාත් සවිමත් කරන්නටත් පුළුවන් වන්නේය.

සටහන:-

විජිත සල්ගාදු

අකුරැස්ස

https://www.facebook.com/share/VSZkqG4ehvQVRG5z/?mibextid=oFDknk

[QUOTE="හෙළයෙක්, post: 30075817, member: 503645"] දකුණට පමණක් ආවේනික, ගහේ හැදෙන මාතර දෙනිපිටියේ දීකිරි පොල්??????? දීකිරි කීව සැණින් අපගේ මතකයට නැංවෙන්නේ, 70 දශකයේදී ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකයකු වන ලූෂන් බුලත්සිංහලයන්ගේ රතු හැට්ටකාරී වේදිකා නාට්‍යයේ අනුලා බුලත්සිංහල ගයන දීකිරි දීකිරි ගෙනාව දීකිරි යන ගීතයයි. නමුත් අප මේ කතා කරන්නට යන්නේ එළදෙනගෙන් දොවා හදා ගන්නා කිරි ගැන නොව දිවයිනේ වෙනත් කිසිම ප්‍රදේශයක හට නොගන්නා දෙනිපිටියට පමණක් ආවේණිකවූ පොල් ගස් වල දීකිරි පොල් සම්බන්ධවයි. කුසුම් කුමාර ඩයස් දිසානායක දෙනිපිටිය ගම්මානයේ පොල් ඉඩම් හිමි වැවිලිකරුවෙකි. තම සීයාගේ බාල අවධියේදී පවා දෙනිපිටියේ දීකිරි හට ගන්නා පොල් ගස් තිබූ බව ඔහු බාල කාලයේදී පියාගෙන් අසා ඇති බව ඔහු කීවේය. ඔහු කීවේය. ‘‘අපි දන්න විදියට, අහල තියෙන විදියට දැනට අවුරුදු 200 කට වැඩි කාලයක පටන් අපේ පොල් ඉඩම්වල දීකිරි හැදෙන ගස් තිබිල තියෙන බව අපේ තාත්තා අපිට කියල තියෙනවා. ඒ වුණාට මට නම් හිතෙන්නේ ඊටත් එහා ඈත අතීතයට දීකිරි කතන්දරය ඇති කියලයි. අපි පුංචි කාලයේ ඉඩම්වල පොල් මුර කඩන කොට අපිත් තාත්තගෙ අතේ එල්ලිලා තාත්තල දීකිරි පොල් තෝරන විදිය බලන් ඉඳල තියෙනවා. අවුරුදු ගණනක්ම දැකල තියෙන නිසා දැන් පොල් කැඩුවම ලෙලි පිටින්ම ගෙඩිය සෙලෙව්වම දීකිරි ගෙඩියයි සාමාන්‍ය පොල් ගෙඩියයි හඳුනගන්න පුළුවන්. පොල් කඩන කෙනාටත් එහෙම තෝර ගන්න බැහැ. පොල් ලෙලි ගහන කෙනාට නම් පුරුද්දෙන් දැනගන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය පොල් ගෙඩිය වගේ නෙවි. දීකිරි ගෙඩිය ඉතාම ලේසියෙන් ලෙලි ගහන්න පුළුවන්. පුළුන් වගෙයි. ලෙලි පිටින් වුණත් සොලවන කොට වතුර ශබ්දයක් ඇසෙන්නේ නැහැ. සමහර ගෙඩිවල ඉටි බෝලයක් එහා මෙහා යනව වගේ දැනෙනවා. සමහර ගෙඩි බොහොම තද ගතියක් දැනෙනවා. දීකිරි ගෙඩිය ලෙලි ගහල ගෙඩියේ කටුවට තට්ටු කළාම තද ශබ්දයක් ඇසෙනවා. වතුර සෙලවන්නේ නැහැ. සමහර ගෙඩිවල ටිකක් වතුර තියෙනවා. ඒ විදියට තමයි දීකිරි ගෙඩිය හඳුන ගන්නේ. පොල් කැඩෙන වාරයට දීකිරි හොයාගෙන බොහෝ දෙනෙක් අපේ ගෙදරටම එනවා. අවුරුදු ගණනක ඉඳල එන අය නිසා දැන් අපිත් එක්ක හිතවත් වෙලා. එහෙම එන අයට දෙන්න කොහොමටත් මම දීකිරි ගෙඩි වෙන්කරල තියාගන්නවා. ගොඩාක් දුර ඉඳල එන අය ඉන්න නිසා මම එහෙම උදව් කරනවා.’’ ඒ මොහොතේ කුසුම් කුමාරගේ ඉඩමේ මුරය කඩමින් පවතින බවට කීවෙන් දෙනිපිටියේ ඔහුගේ ඉඩමට අපද ගියෙමු. ඊට හේතුව පොල් මුරය කඩා අවසන්වීමටත් පෙර දීකිරි මිලදී ගන්නට පොරකන පිරිසක් එහි සිටින බැවිනි. අප එහි යනවිටත් කලක සිට දීකිරි මිලදී ගැනීමට පුරුදුව සිටි අකුරැස්ස ප්‍රදේශයේ ලසන්ත ගාල්ලගේද පැමිණ සිටියේය. දීකිරි තෝරමින් සිටින දිසානායක මහතාගෙන් ඔහුට අවශ්‍ය කරන දීකිරි ගෙඩි ප්‍රමාණය වෙන්කර ගනිමින් සිටියේය. දීර්ඝ කාලයක් මුළුල්ලේ ඉඩමේ පොල් මුරය කැඩෙන දින බලාගෙන තමාගේ හා තම ඥාතීන්ගේ ආහාරය සඳහා දීකිරි මිලදී ගැනීමට ඔහු පැමිණෙන්නේය. ‘‘දිසානායක මහත්තයාගේ ඉඩමේ පොල් මුරය කැඩෙන කොට මම ඇවිත් දීකිරි අරගෙන යනවා. පොල් කැඩෙන කාලය දැන් මම දන්නවා. දීකිරි හරිම රසවත් ප්‍රණීත ආහාරයක්. හරිම පෝෂ්‍යදායී. අපි දීකිරි වලින් නොයෙකුත් රසවත් කෙටි ආහාර හදා ගන්නවා. දීකිරි පිහියකින් ගලවල සීනි , පැණි , වැලිහකුරු එක්ක කන්න පුළුවන්. අපේ දරුවෝ හරි ආසයි දීකිරිවලට. ඉටි බෝලයක් වගේ ගලවල ගන්න පුළුවන්. දීකිරි කඩවල් වලත් තියෙනවා. හැබැයි ගණන් දීකිරි පල ගැනෙන පොල් ගස් පිළිබඳව දිසානායකට හොඳ දැනුමක් විය. ඔහුගේ ඉඩමේ දීකිරි ගස් ගැන ඔහු හොඳින් දැන සිටියේය. ‘‘දීකිරි හැදෙන ගස් කියල අපි දැනගෙන හිටියට ඒ ගස්වල හට ගන්න පොල් වලුවල දීකිරි ගෙඩි හැදෙන්නේ සමහරවිට ගෙඩි එකයි දෙකයි. දෙනිපිටිය, වැලිපිටිය, වැළිහිඳ වටේ ගම්වල විතරයි දීකිරි හැදෙන්නේ. අපිටත් හිතා ගන්න බැහැ කොහොමද දීකිරි හැදෙන්නේ කියල. දීකිරි ගෙඩිය ඇතුළේ වතුර නැහැ. ඉටි වගෙයි. තෙල් පිරිල. හරිම රස කෑමක්.’’ ඇතැම් දීකිරි ගෙඩිවල වතුර ස්වල්පයක් ඇතත් බොහෝ දීකිරි ගෙඩිවල වතුර පවතින්නේ නැති බව දීකිරි ගෙඩි කිහිපයක් සොලවා බැලූ අපටද දැනගත හැකිවිය. 1746 දී උපත ලද දෝන ඉසබෙලා කොරනේලියා නොහොත් ගජමන් නෝනා හිටිවන කවි සීපද කීයා ඇති බැවින් දෙනිපිටියේ නුග රුක ප්‍රසිද්ධියට පත්විණි. දීකිරි හටගන්නා දිවයිනේ ඇති එකම ගම්මානයද දෙනිපිටියය. මෙයට වසර පහ හයකට පෙර පොල් කොළ මැලවීම සහ පොල් කුරුමිණි රෝගය, ගොබ කුණුවීමේ රෝගයෙන්ද පීඩා විඳින්නේත් වැලිගම ප්‍රදේශයේ දෙනිපිටිය ප්රමුඛ ගම්මානයි. මේ නිසා දෙනිපිටිය හා අවට පොල් ගස් විශාල ප්‍රමාණයක් කපා දමා ඇත. මෙම ප්‍රදේශයෙන් බැහැරට පොල් පැළ ගෙනයාමද තහනම් කර ඇත්තේ අනෙකුත් ප්රදේශවලටද මෙම රෝග බෝවීමේ ප්‍රවණතාවය නවතාලීමේ අරමුණිනි. කෙනෙකුට හිතුණට දීකිරි පොල්ගස් වත්තේ හදා ගන්නට නොහැක. එසේම දීකිරි පොල් පැළ රෝපණය කළ යුතු වන්නේ අනිවාර්යයෙන්ම දෙනිපිටිය , වැළිහිඳ හෝ වැලිපිටිය ගම්මානයේම විය යුතුය. වෙනත් ප්‍රදේශයක පැළයක් රෝපණය කිරීමෙන් දීකිරි පොල් ලබාගැනීමට නොහැකි බව සහතික කළ හැකි බව පැරැන්නෝ කිහිප දෙනෙකුම අප හා පැවසූහ. එසේම දීකිරි පෙල් ගෙඩියක් හදන පොල් ගසෙන් සම්පූර්ණයෙන්ම දීකිරි පොල් ලැබෙන්නේද නැත. ඒව යින් දීකිරි පොල් මෙන්ම සාමාන්‍ය පොල්ද ලැබේ. ලංකාවේ ප්‍රථමයෙන්ම පොල් පැළ සිටුවා ඇත්තේ දෙනිපිටිය ආසන්නයේ පොල්වත්ත, පැලෑන යන දෙනිපිටිය ගම්මානයට මායිම්වූ ගම්වල බව පැරැන්නෝ සඳහන් කරති. ප්‍රධාන වශයෙන් ලංකාවේ පොල් වර්ග තුනක් ඇත. උස පොල් ගස්, කුන්දිරා සහ තැඹිලි වශයෙනි. මෙයින් දීකිරි හැදෙන්නේ උස පොල් ගසෙහි පමණකි. දීකිරි ගෙඩි සොලවන්නේ නැතිව ප්‍රවේශමෙන් එල්ලා තැබුවහොත් සති 2 ක් පමණ නරක් නොවී තබා ගත හැකි වන අතර ශීතකරණයක නම් ඊටත් වඩා කාලයක් නිරුපද්‍රිතව තබා ගත හැකි වනු ඇත. දීකිරි ගෙඩිය උඩින් සිහිනියට සිදුරු කර හකුරු , සූකිරි , සීනි , සාදික්කා , එන්සල් , කරාබු නැටි වැනි ද්‍රව්‍ය ගෙඩිය ඇතුළට දමා හොඳින් වසා කම්බිවලින් ගැටගසා පෝරණුවක මද රස්නයෙන් පුලුස්සා ගත්විට රසවත් කේක් සාදාගත හැකි බව දෙනිපිටිය ගම්වාසීහු බෝහෝ දෙනෙක් අප හා පැවැසූහ. ඒ කෙසේ වෙතත් දීකිරි වාජීකරණ ගුණයෙන් යුක්ත බව ඈත අතීතයේ සිටම ගම්මුන් අතර මතයක් ඇති බවටත් හෙළිවිණි. මේ පොල් දීකිරි විශේෂය පිළිබඳව ලුණුවිල පොල් පර්යේෂණායතනයෙන් අප විමසුවෙමු. ‘‘දෙනිපිටියේ විතරයි දීකිරි ගෙඩි හට ගන්නේ. ඈත අතීතයේදී ගොඩවාය වරායවල් ඔස්සේ විදේශ රටවලින් දීකිරි ගෙඩි පාවී ඇවිල්ලද කියල අපි සැකකරනවා. මේ වගේම ගාල්ල, උණවටුන ප්‍රදේශයේ තියෙනවා බෝතල් තැඹිලි , පුවක් පොල් කියල වර්ග. ඒවගේ තමයි දෙනිපිටියේ දීකිරි ගෙඩි. දීකිරි කියන ගස්වල දීකිරි විතරක් නෙවි. සාමාන්‍ය පොල් සහ දීකිරි දෙවර්ගයම එකම පොල් වල්ලක තියෙනවා. මේ පොල්වල ජාන වල තියෙන විකෘති භාවයක් කියල අපි විශ්වාස කරනවා. අපි දෙනිපිටියේ ඉඩමකින් දීකිරි ගෙඩි ගෙනිහින් කලලය ඉවත් කරල , ටෙස්ට් ටියුබ්වල දාලා (TISSUE CULTURE) පැළ කරගත්තා. එහෙම නැතිව දීකිරි ගෙඩි පැළ කළාට පැළ වෙන්නේ නැහැ. දැන් අපි පර්යේෂණායතනයේ දීකිරි පැළ කරල තියෙනවා. පර්යේෂණ මට්ටමේ. සාමාන්‍ය පොල් වල තන්තු 30% ක් තියෙනවා. නමුත් දීකිරි වල නැහැ. ළදරුවන්ටත් දෙන්න පුළුවන් ආහාරයක්. දිරවන්න ඉතාමත් පහසුයි. දෙනිපිටියේ පමණක් පොල් ගස්වල දීකිරි ගෙඩි හැදෙනවා කියන එක ඇත්තයි. ගම්වාසීන් විවිධ මත ඉදිරිපත් කරනවා. නමුත් දෙනිපිටියට පමණක් ආවේණිකව දීකිරි ගෙඩි හට ගන්නේ කුමන හේතුවක් නිසාද කියල සොයාගෙන නැහැ. වෙනත් පළාතක දීකිරි ගෙඩි පැළ කළාට ඒ ගස්වල දීකිරි හැදෙන්නේ නැහැ. කලලය අරගෙන රෝපණය කරල ගත්තම පමණක් දීකිරි ඵල ලබාගන්න පුළුවන්. ඒත් ඒ පැළ වෙනත් ප්‍රදේශවල රෝපණය කළොත් කෙසේ වේවිද කියල තවම අපි පරීක්ෂණ කරගෙන යනවා. චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, පැපුවා නිව්ගිනියාව, වියට්නාමය, බ්‍රසීලය, මෙක්සිකෝව, ප්‍රංශය, ටැන්සානියා, කාම්බෝජය යන විදේශීය රටවල්වල දීකිරි හඳුන්වනුයේ මැකපූනෝ (MACAPUNO COCONUT) යනුවෙනි. දීකිරි යොදාගනිමින් මහා පරිමාණයෙන් අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන රට පිලිපීනයයි. අනෙකුත් රටවල් දීකිරි පිටි, බෝතල් කර සහ විවිධ රසවත් ආහාර පාන නිපදවති. ප්‍රථම පොල් නිෂ්පාදකයා වන්නේ පිලිපීන දූපත් සමූහයයි. වසරකට ටොන් 19,500,000 ක් පොල් නිෂ්පාදනය කරන පිලිපීනය දීකිරිවලටද ඉමහත් ප්‍රසිද්ධියක් උසුලනු ලබයි. ප්‍රධාන දීකිරි පලතුරු වෙළෙඳපොළ මැනිලා නගරයේ ස්ථාපිතව ඇත. මැකපූනෝ නොහොත් දීකිරි තාක්ෂණය දියුණු කරනු ලැබ ඇත්තේ පිලිපීන පොල් අධිකාරියේ ආචාර්ය එමිරිටා වී ද ගුස්මාන් විසින් බව සඳහන් වේ. දෙනිපිටියේ දීකිරිවලට හොඳ කාලයක් උදාවෙන්නේ රාමසාන් උපවාස කාලයටයි. එම කාලය තුළදී මුස්ලිම් ප්‍රජාව තම නිවසේ ආහාර වට්ටෝරුවට අනිවාර්යයෙන්ම දීකිරි යොදා ගන්නා බව ඉස්ලාම් බැතිමතුන් කිහිප දෙනෙකුම අප හා පැවසූහ. මුස්ලිම් ප්‍රජාව දීකිරිවලට තයින්තු තේංගා යනුවෙන් ව්‍යවහාර කරති. මොහොමඩ් හාසීම් වැලිගම පදිංචිකරුවෙකි. හෙතෙම තයින්තු තේංගා (දීකිරි) පිළිබඳව අප හා කතාබහට එකතුවෙමින් කියා සිටියේ දීකිරි ඉතාමත් පෝෂ්‍යදායී මෙන්ම ඉතාමත් රසවත් ආහාරයක් බැවින් තමන් හා තම පවුලේ සියලු දෙනා දීකිරිවලට ඇබ්බැහිවූ බවයි. අප එහි යන විටත් හෙතෙම දීකිරි ගෙඩි කිහිපයක් තම නිවසේ ඉතා ප්‍රවේශම් සහිතව ශීතකරණයේ තබා ඇතැයි පැවසුවේ සිනා මුසු මුහුණෙනි. ‘‘අපේ ගෙවල්වලට දෙනිපිටිය ඉතා ළඟයි. අපි කාලයක ඉඳලම දීකිරි ආහාරයට එකතු කරගන්නවා. අපේ නෝම්බු කාලයේදී අපේ ගමේ අය විශාල මුදලක් ගෙවල වුණත් දීකිරි මිලදී ගන්නවා. හරිම රසවත් ආහාරයක් වගේම පෝෂ්‍යදායී ආහාරයක් කියල මේ පළාතේ මිනිස්සුන්ගේ මතයක් තියෙනවා. ඈත අතීතයේ ඉඳලම අපේ මුතුන් මිත්තන් දීකිරිවලට පුරුදු වෙලා ඉන්න බව අපි අහල තියෙනවා. අපේ ගෙවල්වල දීකිරි වලින් නොයෙක් කෑම වර්ග හදනවා. දෝසි වගේ දේවල් හදල කල් තියාගන්න පුළුවන්. කිරි වෙනුවට දීකිරි තමයි යොදා ගන්නේ. මේ දීකිරි පොල් ගැන දෙනිපිටිය , පොල්වත්ත , කුකුලවවත්ත තිභුම්නිකාරාම විහාරස්ථානයේ හා පානදුර , වත්තල්පොල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිපති , හිටපු විදුහල්පති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය දෙනිපිටියේ සෝමරතන ස්වාමීන්වහන්සේ කියන කතාවයි. ‘‘අපි පුංචි කාලයේ ඉඳලම අපේ වතුපිටිවල දීකිරි හට ගන්නා පොල් ගස් තිබුණා. පුංචි කාලයේ නම් අපිට දීකිරි ගෙඩි දැක්කම පුදුමයි. දැන් නම් ඒවා දැකල දැකල කිසිම අමුත්තක් නැහැ. හැබැයි අපිට තවමත් හිතාගන්න බැහැ. ඇයි මේ දෙනිපිටිය , අල්ලපු ගම වන වැළිහිඳ විතරක් දීකිරි හට ගන්නේ කියල. හැබැයි දීකිරි හැදෙන පොල් ගසක වුණත් ගෙඩි දෙක තුනකට වැඩිය හැදෙන්නේ නැහැ. ඒක අපි අත්දැකීමෙන් දන්නවා. දැනටත් අපි පන්සල්වලට ගමන් බිමන් යනකොට තෑගි විධියට දීකිරි ගෙඩි ගිහින් දෙනවා. දැන් දීකිරි ගෙඩිවල මිල ඉහළ ගිහින් තියෙනවා. අපේ පන්සල් වත්තෙත් දීකිරි හැදෙන ගසක් තිබුණ. දෙනිපිටිය ගමේ ගම්මුන් අතරේ මතයක් තියෙනවා, යම් කෙනෙක් දීකිරි හැදෙන ගසක් යටට ගිහින් මේ ගහේ දීකිරි හැදෙනවා කියල කිව්වොත් එදායින් පසුව එම ගසෙහි දීකිරි ගෙඩි ඵල නොදරන බවට මේ ගම්මුන්මේගේ මතයක් ඇත. වනවිට එම පන්සලේ තිබූ දීකිරි හට ගන්නා ගසෙහි දීකිරි පොල් දැන් හට නොගන්නා බව උන්වහන්සේ පැවසුවේය. දකුණේ දෙනිපිටිය කේන්ද්‍ර කරගනිමින් වැළිහිඳ හා වැලිපිටිය යන ගම්මාන තුනට සීමාවී එම ගම්බිම්වල පොල් ඉඩම්වල ඇති පොල්ගස්වල පමණක් දීකිරි පොල් හට ගන්නා බැවින් පොල් පර් යේෂණායතනය සහ පොල් වගාකිරීමේ මණ්ඩලය එක්ව දෙනිපිටිය හා ඒ ආශ්‍රිතව දීකිරි ඵල දරන පොල් පැළ රෝපණය කරවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්නට පුළුවන ඒ තුලින් මේ ගස් සුරක්ෂිත කරනව සේම කිරි පොල් නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම තුළින් වගාකරුවන්ගේ ආර්ථිකය වඩාත් සවිමත් කරන්නටත් පුළුවන් වන්නේය. සටහන:- විජිත සල්ගාදු අකුරැස්ස [URL]https://www.facebook.com/share/VSZkqG4ehvQVRG5z/?mibextid=oFDknk[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom