Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ග්ලයිෆොසෙට් නැතිව තේ වවන්න පුළුවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ග්ලයිෆොසෙට් නැතිව තේ වවන්න පුළුවන්

තේ වගාවට ග්ලයිෆොසෙට් අත්‍යවශ්‍යයි කියන එක පට්ටපල් බොරුවක්. වසර 19ක් තිස්සේ කිසිදු රසායනිකයක් නොයොදා අක්කර 120ක කාබනික තේ වගාවක් අපි සාර්ථකව පවත්වාගෙන යනවා. අපේම කර්මාන්ත ශාලාවේ එම තේ සකසනවා. ඉතා ඉහළ මිලකට ඒවා විදේශයන්ට අපනයනය කරනවා. කවුරුහරි කියනවා නම් රසායනික සංයෝග නැතිව තේ වගාව කරන්න බෑ කියලා ඒක පට්ටපල් බොරුවක්.”

නිල්මිණී වතුයාය (පෞද්) සමාගමේ සහ අහිංසා තේ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය පියසේන අබේගුණවර්ධන මහතා මෙම අදහස් පැවැසුවේ මොරවක, ඉහළ මිල්ලව නිල්මිණී වතුයාය පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

ජාතික සංවර්ධන කාර්යෙහිලා කාබනික තේ වගාව සුවිශේෂී දායකත්වයක් දක්වන්නේ කෙසේද යන්නයි මෙම මාධ්‍ය වැඩමුළුවේදී අපි මූලික වශයෙන් සාකච්ඡාවට ලක් කරන්නේ. ජීව විද්‍යාත්මක තේ වගාව, ස්වභාවික තේ වගාව යනාදී විවිධ නම්වලින් හඳුන්වන මේ ක්‍රියාවලියේදී සිදුවන සුවිශේෂී කාර්යය වන්නේ එම නිෂ්පාදන හැකිතාක් ස්වභාවික සංඝටකවලට අනුව, නීතිරීතිවලට යටත්ව, එමෙන්ම සොබාදහමට අවම අහිතකර බලපෑමක් වන ලෙස සකස් කිරීමයි. ඒ නිෂ්පාදනවලින් අපට ලැබෙන ප්‍රතිලාභය ඒවා මිනිස් සෞඛ්‍ය පැවැත්වීමට ඉතා හිතකර වීමයි.

1999 තරම් මෑත කාලෙක තමයි මම මේ ඉඩමට එන්නේ. ඔබට මේ වම් පසින් දිස්වන කුඩා කැලෑ රොද වගේ වැඩුණු පරිසරයක් තමයි මේ ඉඩම ගත්ත මොහොතේ සිට වගා නොකර තිබුණා නම් දක්නට හැක්කේ. මෙහි ඉහළ මායිම සිංහරාජ වනාන්තරය. අපි මේ වත්ත පවත්වාගෙන යන්නෙත් හරියට ස්වභාවික වනාන්තරයත් නඩත්තු කරනවා වගේ. මෙහි ජලජ ජීවීන්, කුරුල්ලන්, ගෝනුන්, මීමින්නන් ආදී සතුන් රාශියක් ජීවත් වනවා. ඒ නිසා මේකට අමුතුවෙන් පෝර දාන්න අවශ්‍ය නෑ. ජලාශ කිහිපයක් මේ තුළ නිර්මාණය කර තිබෙනවා. පද්ධතියන් නඩත්තු වෙනවා. මේකෙ වල් ගස් කියන්න පුළුවන් දෙයක් නැති තරම්. ගොටුකොළ ගිරාපලා වගේ ආහාරයට ගන්න පුළුවන් පැළෑටි. සතුන්ට කෑමට දිය හැකි විවිධ පැළෑටි තමයි බහුලව තියෙන්නේ. මේ වගාවේ තේ ගස්, විශාල වෙන ගස්, පොල්, අඹ, කොස්, දෙල් ආදී වශයෙන් වැනිලා, කුරුඳු, ගම්මිරිස් අන්නාසි වගේ විවිධාංගීකරණය වූ ස්වභාවය දකින්න පුළුවන් හරියට ස්වභාවික වනාන්තරයක් වගේ.

ඔබ අහන්න පුළුවන් මේ වගාවේ වල් ගස් තියෙනවා නේද කියලා. ඔව් තියෙනවා. හැබැයි ඒවා අපට කිසිසේත්ම කරදරයක් නමෛයි. ආශිර්වාදයක්. අපි කවදාවත් ඒවාට ග්ලයිෆොසෙට් හෝ එම්.සී.පී.ඒ. හෝ කිසිදු වල් නාශකයක් යොදන්නේ නෑ. ඒ තණකොළ ටික හරකට කන්න දෙන්න පුළුවන්.

අනෙක් වාසිය කාබනික ගොවිතැනේදී රසායනික ද්‍රව්‍ය සඳහා වැයවන පිරිවැය කපා හැරෙනවා. ස්ප්‍රේ යන්ත්‍ර සඳහා වැයවීමක් නෑ. ඒවා ක්‍රියාකරන්නන්ට වැටුප් ගෙවිය යුතු නෑ. සේවකයන්ගේ සෞඛ්‍යයට හානියක් නෑ. වැඩ කරන අයටත් නිෂ්පාදන මිලට ගන්න අයටත් වසවිස ශරීර ගත වීමක් නෑ. සොබාදහමටත් කිසිම හානියක් නෑ. ඒ වගේම අපේ හිතට නිරාමිස සතුටක් දැනෙන වගා ක්‍රමයක් තමයි අපි අනුගමනය කරගෙන යන්නේ.

මේ වගාවට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබි තිබෙනවා. මේ නිෂ්පාදනවලට ජාත්‍යන්තර පිළිගැනීම ඉහළින්ම තිබෙනවා. සම්මාන, ඇගයීම් රාශියක් ලැබි තිබෙනවා. ව්‍යාපාරික වශයෙනුත් සාර්ථක වෙමින් මහපොළවට සොබාදහමට අවැඩක් නොකරමින් නිෂ්පාදන පරිභෝජනය කරන අයටත් අනිසි බලපෑම් නොකරමින් අපි පැමිණි ගමන්මග ගැන තෘප්තියක් විය හැකියි. අපිට ග්ලයිෆොසෙට් ගෙන්නුවත් එකයි නැතත් එකයි මොකද අපේ වත්තේ අක්කර 120කට හෝ අපේ සංගමයේ සාමාජිකයන් 110 දෙනාගේ ඉඩම්වලට හෝ ඒවා භාවිත නොකරන නිසා. නමුත් අපේ එකම ඉල්ලීම ලංකා තේවල කීර්ති නාමය විනාශ නොකර සෞඛ්‍යාරක්ෂිතව හදන කාබනික තේ ටික හරි රසායනික යෙදූ දහජරාව සමග මිශ්‍ර නොකර වෙන් වෙන්ව පිටරට යවන ලෙස අපි දැඩිව ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ පරීක්ෂා කළ හැකි පර්යේෂණාගාරයක් හදන්නෙ නැත්තෙ ඇයි? එම්.සී.පී.ඒ. නරකනම් ග්ලයිෆොසෙට් හොඳ වෙන්නෙ කොහොමද? දෙකම රසායනිකනේ. අපේ තේත් මේ ප්රශ්නය ඇතිවෙනකොට ජපානයට යවලා තිබුණා. ඔවුන් ඇසුවා තේ තොග පරීක්ෂා කරන්නද නැවත එවන්නද කියලා. අපි කීවා කමක් නෑ පරීක්ෂා කරන්න කියලා. ඔවුන් නැවත එවන්නම් කීවේ එය කළු පැල්ලමක් විය හැකි නිසා. ඒත් පරීක්ෂණයෙන් තහවුරු වුණා අපේ නිෂ්පාදන සෞඛ්යාරක්ෂිත බව. රසායනික ද්‍රව්‍ය තුළ මේ ප්‍රශ්නයට උත්තර නෑ. තේවල මෙවැනි රසායනික සංයෝග හමුවන්න ගත්තම අද ජපානය, හෙට යුරෝපය, ඇමෙරිකාව මේ සෑම රටක්ම අපේ නිෂ්පාදන තහනම් කරාවි.

ඒ රටවල අයට හොඳ නැත්නම් ඒවා අපේ මිනිස්සුන්ට ළමයින්ට හොඳ වෙන්නෙ කොහොමද? තවදුරටත් ජාත්‍යන්තරයේ අපේ තේවල කීර්තිනාමය තියාගන්න නම් අපි මේක සෞඛ්‍යසම්පන්න නිෂ්පාදනයක් ලෙස ලෝකයට දිය යුතුයි. වැවිලි සමාගම් ගහන අනිත් බොරුව සේවකයෝ නෑ කියන එක. අපිට ඕන තරම් සේවකයෝ ඉන්නවා.

කිරිවැල්ගම එක්සත්. කාබනික තේ ගොවීන්ගේ සංගමයේ සභාපති සරත් කුමාර මහතා

රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක අධික ලෙස භාවිත කරමින් කරන අපේ ගොවිතැන ගැන සෑහෙන කාලයක පටන් අප තුළ සංවාදයක් පැවැතුණා.

රජය පාර්ශ්වයෙන් මේ ක්‍රියාදාමය නැවැත්වීමට හෝ වැළැක්වීමට වැඩපිළිවෙළක් කිසිදා ක්‍රියාත්මක නොකරන බව අපි දැක්කා. මේ නිසා අපේ සේවාලංකා ආයතනයේ දකුණු පළාත් අධ්යක්ෂ අජිත් තෙන්නකෝන් මහතා සමග කළ සාකච්ඡාවකදී ජපානයේ නොසික් ආයතනය සම්බන්ධ කරගෙන කාබනික වගා ක්‍රමයක් හඳුන්වාදීමට අවශ්‍ය මූලික අඩිතාලම සැකසුණා. ඒ අනුව ජපන් නියෝජිත පිරිසක් මෙහි පැමිණියා. ඒ අනුව තේ ගොවීන් 25කගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් තෝරා ගත්තා. ඒ නීතිරීති අනුව බිමි සැකසුවා. පුරන් කළා. ජීව වැට නිර්මාණය, කාණු පද්ධතිය සැකසුවා. ඒ වනවිට රසායනික සම්පූර්ණයෙන් භාවිතය නවතා තිබුණා. කොම්පෝස්ට් නිපදවීමේ ගැටලුවක් ආවා. මොකද වෙළෙඳපොළේ තියෙන්නේ රසායනික පොහොර විතරයි. ඒ අනුව කොම්පෝස්ට් නිපදවා ගන්න කිරි ගවයන්ද මේ කණ්ඩායමට ජපන් ආයතනයෙන් ලබා දුන්නා.

ඊළඟට ගැටලුව ආවේ නිෂ්පාදන අලෙවි කරන තැන ගැනයි. මොකද කාබනික ලෙස නිපද වූ තේ මිලට ගන්නා ස්ථාන තිබුණේ නෑ. පසුව අපට ආචාර්ය අබේගුණවර්ධන ගැන දැනගන්න ලැබුණා. එහිදී මුල් කාලයේ ආචාර්ය අබේ ගුණවර්ධන අපට විශාල සහයෝගයක් ලබා දුන්නා. දෙනියාය වැනි ඉතා දුරක සිට කර්මාන්ත ශාලාවට ප්‍රවාහන පහසුකම් සපයා දෙමින්, අපේ නිෂ්පාදනවලට ඉහළ මිලක් ලබා දෙමින්. අද වනවිට අපේ සංගමයේ තේ ගොවීන් 110ක් සිටිනවා. මේ ඉඩම්වලට යාබද ඉඩම් පවා අපි සැලකිලිමත් වෙනවා. වෙනත් ඉඩමකින් පය සෝදා එන්නවත් බැහැ. ඉතා දැඩි නීති පද්ධතියක් අපි අනුගමනය කරනවා. ඒවා කඩකළ කීපදෙනකුම අපේ සංගමයේ ඉවත් කර තිබෙනවා. අද වනවිට කාබනික ලෙස නිපද වූ අමු තේ දලු කිලෝවකට රු. 140ක පමණ මිලක් ලබා දෙනවා. සාමාන්‍ය තේ දළු කිලෝවකට ලැබෙන්නේ රු 100ක්, 105ක් වැනි අඩු මුදලක්. අපි ගොවීන් ලෙස එකතු වුණොත් අනිත් අයත් අප වෙත යොමු කර ගතහොත්, මේ ක්‍රමවේදය ජනප්‍රිය කළොත් වසවිස කඩ ටික අපිට වහන්න පුළුවන්. එතකොට ආණ්ඩුවේ කවුරු රසායනික ගෙනාවත් අපිට ඒවා ඕන වෙන්නේ නෑ.”

මෙම මාධ්‍ය හමුවට අහිංසා තේ කර්මාන්ත ශාලාවේ කළමනාකාරිත්වය හා සේවකයන්, කාබනික තේ ගොවීන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

මිහිරාන් කරුණාරත්න

ඡායාරූප-ෆ්‍රෑන්ක්ද සොයිසා lakbima

[QUOTE="Iron Monger, post: 23214668, member: 349634"] [b]ග්ලයිෆොසෙට් නැතිව තේ වවන්න පුළුවන්[/b] [B] [URL="https://www.lakbima.lk/index.php/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82-%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/11246-%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B7%86%E0%B7%9C%E0%B7%83%E0%B7%99%E0%B6%A7%E0%B7%8A-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80-%E0%B6%AD%E0%B7%9A-%E0%B7%80%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A"] [/URL] [/B] [IMG]https://www.lakbima.lk/images/frontimage/2018/May/2018.05.16/Aninsa-tea.jpg[/IMG] [SIZE=5]තේ වගාවට ග්ලයිෆොසෙට් අත්‍යවශ්‍යයි කියන එක පට්ටපල් බොරුවක්. වසර 19ක් තිස්සේ කිසිදු රසායනිකයක් නොයොදා අක්කර 120ක කාබනික තේ වගාවක් අපි සාර්ථකව පවත්වාගෙන යනවා. අපේම කර්මාන්ත ශාලාවේ එම තේ සකසනවා. ඉතා ඉහළ මිලකට ඒවා විදේශයන්ට අපනයනය කරනවා. කවුරුහරි කියනවා නම් රසායනික සංයෝග නැතිව තේ වගාව කරන්න බෑ කියලා ඒක පට්ටපල් බොරුවක්.”[/SIZE] [SIZE=5] නිල්මිණී වතුයාය (පෞද්) සමාගමේ සහ අහිංසා තේ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය පියසේන අබේගුණවර්ධන මහතා මෙම අදහස් පැවැසුවේ මොරවක, ඉහළ මිල්ලව නිල්මිණී වතුයාය පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.[/SIZE] [SIZE=5] ජාතික සංවර්ධන කාර්යෙහිලා කාබනික තේ වගාව සුවිශේෂී දායකත්වයක් දක්වන්නේ කෙසේද යන්නයි මෙම මාධ්‍ය වැඩමුළුවේදී අපි මූලික වශයෙන් සාකච්ඡාවට ලක් කරන්නේ. ජීව විද්‍යාත්මක තේ වගාව, ස්වභාවික තේ වගාව යනාදී විවිධ නම්වලින් හඳුන්වන මේ ක්‍රියාවලියේදී සිදුවන සුවිශේෂී කාර්යය වන්නේ එම නිෂ්පාදන හැකිතාක් ස්වභාවික සංඝටකවලට අනුව, නීතිරීතිවලට යටත්ව, එමෙන්ම සොබාදහමට අවම අහිතකර බලපෑමක් වන ලෙස සකස් කිරීමයි. ඒ නිෂ්පාදනවලින් අපට ලැබෙන ප්‍රතිලාභය ඒවා මිනිස් සෞඛ්‍ය පැවැත්වීමට ඉතා හිතකර වීමයි.[/SIZE] [SIZE=5] 1999 තරම් මෑත කාලෙක තමයි මම මේ ඉඩමට එන්නේ. ඔබට මේ වම් පසින් දිස්වන කුඩා කැලෑ රොද වගේ වැඩුණු පරිසරයක් තමයි මේ ඉඩම ගත්ත මොහොතේ සිට වගා නොකර තිබුණා නම් දක්නට හැක්කේ. මෙහි ඉහළ මායිම සිංහරාජ වනාන්තරය. අපි මේ වත්ත පවත්වාගෙන යන්නෙත් හරියට ස්වභාවික වනාන්තරයත් නඩත්තු කරනවා වගේ. මෙහි ජලජ ජීවීන්, කුරුල්ලන්, ගෝනුන්, මීමින්නන් ආදී සතුන් රාශියක් ජීවත් වනවා. ඒ නිසා මේකට අමුතුවෙන් පෝර දාන්න අවශ්‍ය නෑ. ජලාශ කිහිපයක් මේ තුළ නිර්මාණය කර තිබෙනවා. පද්ධතියන් නඩත්තු වෙනවා. මේකෙ වල් ගස් කියන්න පුළුවන් දෙයක් නැති තරම්. ගොටුකොළ ගිරාපලා වගේ ආහාරයට ගන්න පුළුවන් පැළෑටි. සතුන්ට කෑමට දිය හැකි විවිධ පැළෑටි තමයි බහුලව තියෙන්නේ. මේ වගාවේ තේ ගස්, විශාල වෙන ගස්, පොල්, අඹ, කොස්, දෙල් ආදී වශයෙන් වැනිලා, කුරුඳු, ගම්මිරිස් අන්නාසි වගේ විවිධාංගීකරණය වූ ස්වභාවය දකින්න පුළුවන් හරියට ස්වභාවික වනාන්තරයක් වගේ.[/SIZE] [SIZE=5] ඔබ අහන්න පුළුවන් මේ වගාවේ වල් ගස් තියෙනවා නේද කියලා. ඔව් තියෙනවා. හැබැයි ඒවා අපට කිසිසේත්ම කරදරයක් නමෛයි. ආශිර්වාදයක්. අපි කවදාවත් ඒවාට ග්ලයිෆොසෙට් හෝ එම්.සී.පී.ඒ. හෝ කිසිදු වල් නාශකයක් යොදන්නේ නෑ. ඒ තණකොළ ටික හරකට කන්න දෙන්න පුළුවන්.[/SIZE] [SIZE=5] අනෙක් වාසිය කාබනික ගොවිතැනේදී රසායනික ද්‍රව්‍ය සඳහා වැයවන පිරිවැය කපා හැරෙනවා. ස්ප්‍රේ යන්ත්‍ර සඳහා වැයවීමක් නෑ. ඒවා ක්‍රියාකරන්නන්ට වැටුප් ගෙවිය යුතු නෑ. සේවකයන්ගේ සෞඛ්‍යයට හානියක් නෑ. වැඩ කරන අයටත් නිෂ්පාදන මිලට ගන්න අයටත් වසවිස ශරීර ගත වීමක් නෑ. සොබාදහමටත් කිසිම හානියක් නෑ. ඒ වගේම අපේ හිතට නිරාමිස සතුටක් දැනෙන වගා ක්‍රමයක් තමයි අපි අනුගමනය කරගෙන යන්නේ.[/SIZE] [SIZE=5] මේ වගාවට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබි තිබෙනවා. මේ නිෂ්පාදනවලට ජාත්‍යන්තර පිළිගැනීම ඉහළින්ම තිබෙනවා. සම්මාන, ඇගයීම් රාශියක් ලැබි තිබෙනවා. ව්‍යාපාරික වශයෙනුත් සාර්ථක වෙමින් මහපොළවට සොබාදහමට අවැඩක් නොකරමින් නිෂ්පාදන පරිභෝජනය කරන අයටත් අනිසි බලපෑම් නොකරමින් අපි පැමිණි ගමන්මග ගැන තෘප්තියක් විය හැකියි. අපිට ග්ලයිෆොසෙට් ගෙන්නුවත් එකයි නැතත් එකයි මොකද අපේ වත්තේ අක්කර 120කට හෝ අපේ සංගමයේ සාමාජිකයන් 110 දෙනාගේ ඉඩම්වලට හෝ ඒවා භාවිත නොකරන නිසා. නමුත් අපේ එකම ඉල්ලීම ලංකා තේවල කීර්ති නාමය විනාශ නොකර සෞඛ්‍යාරක්ෂිතව හදන කාබනික තේ ටික හරි රසායනික යෙදූ දහජරාව සමග මිශ්‍ර නොකර වෙන් වෙන්ව පිටරට යවන ලෙස අපි දැඩිව ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ පරීක්ෂා කළ හැකි පර්යේෂණාගාරයක් හදන්නෙ නැත්තෙ ඇයි? එම්.සී.පී.ඒ. නරකනම් ග්ලයිෆොසෙට් හොඳ වෙන්නෙ කොහොමද? දෙකම රසායනිකනේ. අපේ තේත් මේ ප්රශ්නය ඇතිවෙනකොට ජපානයට යවලා තිබුණා. ඔවුන් ඇසුවා තේ තොග පරීක්ෂා කරන්නද නැවත එවන්නද කියලා. අපි කීවා කමක් නෑ පරීක්ෂා කරන්න කියලා. ඔවුන් නැවත එවන්නම් කීවේ එය කළු පැල්ලමක් විය හැකි නිසා. ඒත් පරීක්ෂණයෙන් තහවුරු වුණා අපේ නිෂ්පාදන සෞඛ්යාරක්ෂිත බව. රසායනික ද්‍රව්‍ය තුළ මේ ප්‍රශ්නයට උත්තර නෑ. තේවල මෙවැනි රසායනික සංයෝග හමුවන්න ගත්තම අද ජපානය, හෙට යුරෝපය, ඇමෙරිකාව මේ සෑම රටක්ම අපේ නිෂ්පාදන තහනම් කරාවි.[/SIZE] [SIZE=5] ඒ රටවල අයට හොඳ නැත්නම් ඒවා අපේ මිනිස්සුන්ට ළමයින්ට හොඳ වෙන්නෙ කොහොමද? තවදුරටත් ජාත්‍යන්තරයේ අපේ තේවල කීර්තිනාමය තියාගන්න නම් අපි මේක සෞඛ්‍යසම්පන්න නිෂ්පාදනයක් ලෙස ලෝකයට දිය යුතුයි. වැවිලි සමාගම් ගහන අනිත් බොරුව සේවකයෝ නෑ කියන එක. අපිට ඕන තරම් සේවකයෝ ඉන්නවා.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] කිරිවැල්ගම එක්සත්. කාබනික තේ ගොවීන්ගේ සංගමයේ සභාපති සරත් කුමාර මහතා[/SIZE] [SIZE=5] රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක අධික ලෙස භාවිත කරමින් කරන අපේ ගොවිතැන ගැන සෑහෙන කාලයක පටන් අප තුළ සංවාදයක් පැවැතුණා.[/SIZE] [SIZE=5] රජය පාර්ශ්වයෙන් මේ ක්‍රියාදාමය නැවැත්වීමට හෝ වැළැක්වීමට වැඩපිළිවෙළක් කිසිදා ක්‍රියාත්මක නොකරන බව අපි දැක්කා. මේ නිසා අපේ සේවාලංකා ආයතනයේ දකුණු පළාත් අධ්යක්ෂ අජිත් තෙන්නකෝන් මහතා සමග කළ සාකච්ඡාවකදී ජපානයේ නොසික් ආයතනය සම්බන්ධ කරගෙන කාබනික වගා ක්‍රමයක් හඳුන්වාදීමට අවශ්‍ය මූලික අඩිතාලම සැකසුණා. ඒ අනුව ජපන් නියෝජිත පිරිසක් මෙහි පැමිණියා. ඒ අනුව තේ ගොවීන් 25කගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් තෝරා ගත්තා. ඒ නීතිරීති අනුව බිමි සැකසුවා. පුරන් කළා. ජීව වැට නිර්මාණය, කාණු පද්ධතිය සැකසුවා. ඒ වනවිට රසායනික සම්පූර්ණයෙන් භාවිතය නවතා තිබුණා. කොම්පෝස්ට් නිපදවීමේ ගැටලුවක් ආවා. මොකද වෙළෙඳපොළේ තියෙන්නේ රසායනික පොහොර විතරයි. ඒ අනුව කොම්පෝස්ට් නිපදවා ගන්න කිරි ගවයන්ද මේ කණ්ඩායමට ජපන් ආයතනයෙන් ලබා දුන්නා.[/SIZE] [SIZE=5] ඊළඟට ගැටලුව ආවේ නිෂ්පාදන අලෙවි කරන තැන ගැනයි. මොකද කාබනික ලෙස නිපද වූ තේ මිලට ගන්නා ස්ථාන තිබුණේ නෑ. පසුව අපට ආචාර්ය අබේගුණවර්ධන ගැන දැනගන්න ලැබුණා. එහිදී මුල් කාලයේ ආචාර්ය අබේ ගුණවර්ධන අපට විශාල සහයෝගයක් ලබා දුන්නා. දෙනියාය වැනි ඉතා දුරක සිට කර්මාන්ත ශාලාවට ප්‍රවාහන පහසුකම් සපයා දෙමින්, අපේ නිෂ්පාදනවලට ඉහළ මිලක් ලබා දෙමින්. අද වනවිට අපේ සංගමයේ තේ ගොවීන් 110ක් සිටිනවා. මේ ඉඩම්වලට යාබද ඉඩම් පවා අපි සැලකිලිමත් වෙනවා. වෙනත් ඉඩමකින් පය සෝදා එන්නවත් බැහැ. ඉතා දැඩි නීති පද්ධතියක් අපි අනුගමනය කරනවා. ඒවා කඩකළ කීපදෙනකුම අපේ සංගමයේ ඉවත් කර තිබෙනවා. අද වනවිට කාබනික ලෙස නිපද වූ අමු තේ දලු කිලෝවකට රු. 140ක පමණ මිලක් ලබා දෙනවා. සාමාන්‍ය තේ දළු කිලෝවකට ලැබෙන්නේ රු 100ක්, 105ක් වැනි අඩු මුදලක්. අපි ගොවීන් ලෙස එකතු වුණොත් අනිත් අයත් අප වෙත යොමු කර ගතහොත්, මේ ක්‍රමවේදය ජනප්‍රිය කළොත් වසවිස කඩ ටික අපිට වහන්න පුළුවන්. එතකොට ආණ්ඩුවේ කවුරු රසායනික ගෙනාවත් අපිට ඒවා ඕන වෙන්නේ නෑ.”[/SIZE] [SIZE=5] මෙම මාධ්‍ය හමුවට අහිංසා තේ කර්මාන්ත ශාලාවේ කළමනාකාරිත්වය හා සේවකයන්, කාබනික තේ ගොවීන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. [/SIZE] [SIZE=5] [/SIZE] මිහිරාන් කරුණාරත්න ඡායාරූප-ෆ්‍රෑන්ක්ද සොයිසා lakbima [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom