ග්රහ අපල මඟහැර ගැනීම සදහා ශාන්ති කර්ම
ග්රහයින් කරණකොට නොයෙක් අන්දමේ දුෂ්ට විපාක ඇති වෙන බව හා එය ව්යපසමනය පිණිස ඉසිවරයින් විසින් නානා ප්රතිකර්මද දක්වා තිබේ. ඒඅතර,
ස්වකීය ඉෂ්ඨ දෙවතාවන්ට පුද සිරිත් පැවැත්වීමෙන්ද, සිල්වතුන්ට ගිලනුන්ට, නැතිබැරි අසරණ දුගීදුප්පතූන්ට ආහාරපාන බෙහෙත් ඇදුම් පැළදුම් යනාදිය දන් දීමෙන් සහ ඔවුනට උපස්ථාන කිරීමෙන්ද ශීලාදී ගුණ ධර්ම වැඞීමෙන් හා කේන්ති නොගෙන ඉවසීමෙන්ද, ගුරුවර වැඩිහිටියන්ගේ අවවාද පිළිගැනීමෙන් සහ සජ්ජන සේවනයෙන්ද, තිරිසන් සතූන්ට අභයදානය දීමෙන් හා ආහාරපාන දීමෙන් ද යනාදී ධාර්මිෂ්ඨ කි්රයාවන්හි යෙදීමෙන් දුෂ්ට ඵල සිදු නොවන බව ශාස්ත්ර නියමය වේ.