Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ගාල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

: පෘතුගීසීන්ට පෙර ඓතිහාසික ගාල්ල

ගාල්ල ශ්‍රී ලංකාව තුළ පිහිටි සොඳුරුතම නගරවලින් එකකි. ඓතිහාසික නගරයක් ලෙස එකී සොඳුරු බවට ගාල්ලේ පිහිටීම හේතු විය. මුහුදු ගමනාගමනය තුළින් ඕනෑම අයකුට පහසුවෙන් ප්‍රවේශවිය හැකි පරිසරයක ගාල්ල පිහිටීම නිසා එය ඓතිහාසික වශයෙන් වැදගත් වෙළෙඳ වරාය නගරයක් ලෙස හඳුනා ගත හැකිය. ගාල්ල දක්ෂිණ ලංකාවේ අගනුවර ලෙස සලකනු ලබයි. ගාල්ලේ ඓතිහාසික පසුබිම පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීමේදී ඓතිහාසික ගාල්ල වරාය පිළිබඳව තොරතුරු ගාල්ල කොටුව සමග සබැඳි පැවතුණු බැව් පෙනී යයි. ගාල්ල කොටුව පිහිටි භූමි ප්‍රදේශය පිළිබඳව ඓතිහාසිකමය වශයෙන් වැදගත් ලි�ත මූලාශ්රවල සඳහන් නොවුවද ගාල්ල නගරය පිළිබඳවත් ඓතිහාසික රුහුණු පුරවරය පිළිබඳවත් වැදගත් තොරතුරු සඳහන් වන මූලාශ්‍ර සොයා ගත හැකිය. ගාල්ල පිළිබඳව අපට හමුවන තොරතුරු අතර වඩාත් පැරණිම තොරතුරු හමුවන්නේ පොළොන්නරු රාජධානිය පාලනය කළ මහා පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153 - 1186) රජුගේ පාලන කාලය තුළයි. මේ පිළිබඳව තොරතුරු සමුවන මහාවංශයේ කිසිදු ස්ථානයක ගාල්ල නම පිළිබඳව සඳහන් නොවේ. එසේම ගාල්ල නම් ප්‍රදේශයක් පිළිබඳව ද තොරතුරු නොදැක්වේ.

එහෙත් ගිම්හතිත්ථ ගලහ නදී (ගාලු නදී) වාලුකා ගාම හෙවත් වැලිගම යනාදී වශයෙන් ගාල්ල ප්‍රදේශය ආශ්රිත විවිධ ගම් ප්‍රදේශ පිළිබඳව තොරතුරු සඳහන් වෙයි. ඓතිහාසික ගාල්ල පිළිබඳ තොරතුරු ප්‍රමාණයක් අනාවරණය කරගැනීමට ප්රමාණවත්ය. දොළොස්වන සියවසේ පොළොන්නරු රාජධානි සමයේ ලංකාව රජ රට දක්�ණ දේශය රුහුණු රට වශයෙන් ප්‍රධාන පාලන ප්‍රදේශ තුනකට බෙදා තිබුණු බව සී. ඩබ්ලිව්. නිකොලොස් මහතා උපුටා දක්වමින් කේ. ඩී. පරණවිතාන සඳහන් කරයි. තවදුරටත් එම විස්තරයේ රුහුණු ප්‍රදේශයේ දොළොස්දාස් රට අටදාස් රට වශයෙන් කොටස් දෙකකට බෙදා තිබිණි. දොළොස්දාස් රටේ අගනුවර වූයේ උද්ධනද්වාරයයි. එය වර්තමානයේ ඌව ප්‍රදේශය විය හැකි යෑයි සලකනු ලැබේ. කෙසේ වෙතත් පරාක්‍රමබාහු රජුගේ පාලන සමය ආරම්භ වනුයේ විවිධ දේශපාලනික කැරළි කෝළාහල මධ්‍යයේය.

පොළොන්නරු ප්‍රදේශයේ බලය පරාක්‍රමබාහු රජුට ලබාගැනීමට හැකියාව ලැබුණ ද රටේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රාදේශීය මට්ටමෙන් බලවත්ව සිටී. "පසුව රක්ඛ කංචුකි නායක තෙමේ පස්යොදුන් රට මහ වැසි දේවරාජ නම් කොස්දානාවන්ද මහසෙන්ද යවා එහි සිටි බොහෝ සතුරන් විනාශ කරවා පසුව ගිම්තොට නම් ගම රාජධානියක් කරන්නට කරනා ලද බලකොටුවල වාඩිලා හුන් සතුරන් කතා කොට..."

වර්තමානයේ ගිංතොට ලෙස හඳුන්වනුයේ ගිං ගඟ මුහුදට ගලා බසින ස්ථානයයි. ගාල්ල නගරයට එළඹීමට පෙර හමුවන නගරයකි. අතීතයේ ලංකාව වටා ජාත්‍යන්තර වරායන් පිහිටා තිබිණි. ගාල්ල ආශ්‍රිතව පිහිටි වරාය ගිම්හතිත්ථ ලෙස හැඳින්වූහ. එහෙත් ගිම්හතිත්ථ යනු වාච්‍යාර්ථයෙන් ගිංතොට යන්නයි. එය සැබවින්ම වර්තමාන ගිංතොට ද එසේත් නැත්නම් වර්තමාන ගාලු වරාය හඳුන්වන පැරණි නම ද යන්න ගැටලුවක්ව පවතී. කෙසේ වෙතත් වර්තමාන ගාල්ල වරාය අනාදිමත් කාලයක සිට විවිධ මට්ටමේ ජාත්‍යන්තර සබඳතා ගොඩනැඟුණු ප්‍රචලිත වරායකි. ලංකාවේ පිහිටි ඉපැරණි වරාය අතුරින් ගාල්ල වරායට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. කෙසේ වෙතත් මහා වංශයේ සඳහන් වන ගිම්තොට ප්‍රදේශයට වර්තමාන ගාල්ල මහ නගර සභා බලප්‍රදේශයේ භූමි භාගයෙන් වැඩි කොටසක්ම අයත්ව තිබිණි. මෙම කරුණුවල සත්‍යතාවයක් ඇති බව පෙනී යයි. වර්තමාන ගිංතොට ප්‍රදේශයේ වෙරළ කලාපීය භූගෝලීය ලක්ෂණ පිරික්සීමේදී වරායකට සුදුසු පරිසරයක් තිබූ බවට සාධක හඳුනාගත නොහැකිය. භෞතික පිහිටීම අතින් පැරණි සමස්ත ගිංතොට යෑයි සලකන ප්‍රදේශයේ වරායක භූගෝලීය ලක්ෂණ හඳුනාගත හැකි වනුයේ වර්තමාන ගාල්ල වරාය පිහිටි මාගාල්ල වෙරළ කලාපය තුළිනි. එහි ස්වභාවික පිහිටීම වරායක ලක්ෂණ ඉස්මතු කරයි. ඒ අනුව මහා වංශයේ සඳහන් ගිංතොට යනු වර්තමාන ගිංතොට ප්‍රදේශය පමණක් නොව වර්තමාන ගාල්ල නගරයට අයත් භූමිය යෑයි සැලකිය හැකි අතර සුගලා ඇතුළු රුහුණු පාලකයින් ස්වකීය රාජධානිය පවත්වාගෙන යනු පිණිස බලකොටුවක් නිර්මාණය කර රැකවල් ලා සිටියේ වර්තමාන ගාලු කොටුව පිහිටි ස්ථානයේ යෑයි අනුමාන කළ හැකිය.

පෘතුගීසි ජාතිකයන්ට පෙර වකවානුවේ ඇතැම් ප්‍රාදේශීය පාලකයින් ගාලු කොටුව භූමිය පිහිටි ප්‍රදේශය ස්වකීය බල කඳවුර තැනීමට භාවිත කරන්නට ඇත. යම් කිසි ඉදිකිරීමකට භූමියක් තෝරා ගැනීමේදී ඓතිහාසික වශයෙන් එම භූමියේ පෙර භාවිතය විසින් ඇති කරනු ලබන්නේ ප්‍රබල බලපෑමකි. කුමන ජන කණ්ඩායමක් වුවත් ඉදිකිරීම් කටයුතු සඳහා කාලයක් භාවිත කළ භූමියක් සංවර්ධනය කිරීමට වැඩි පෙළඹවීමක් ඇති කරයි. "සියලු ප්‍රසිද්ධ මහා මාර්ගයන්ගෙන් ද යා නොගනු කොට බොහෝ පෙර මාර්ගයනුදු කොට රට දුෂ්ප්රවේශ බවට ගිය කළ රැස්ව ගෙන යුධ කරම්හ (මන්ත්‍රණය කොට) පසුව සියලු දාමරිකයෝ තුමූ එක් වරම ගාලු නදියේ මුවදොරට යුධ කැමතිව පැමිණියාහ."

මෙහි ගාලු නදිය හෙවත් ගලහ ගංගාව යනු වර්තමානයේ ගොන්ගල කන්දේ සිට ගලා බසිනා සුන්දර ගිං ගඟයි. "ගලහ ගංඟා" යන නාමය ගාල්ල නම සකස් වීමට හේතුවී ඇති බව බන්දුසේන ගුණසේකර මහතා සඳහන් කරයි. ජනශ්රැතිවල එන ඇතැම් විස්තරවලට අනුව ගිං ගඟට එම නම ව්‍යවහාර වනුයේ ගඟ දෙපස ගිං ගස් පිහිටීම නිසාය. එසේ හෙයින් ගිංතොට ගිම්හතිත්ථ ව්‍යවහාරයට සැකසුනු බැව් පවසා ගිම්හතිත්ථ ගිංතොට යෑයි පැවසීම විවාදසම්පන්නය.

ගිං තොට දැක නැව දුවන තැනේයා

උන්හට සොඳ උණවටුන පෙනේයා

යන්නට ගොඩකට දැක එදිනේයා

එන්නට ආපහු නැව බිඳුනේයා

(මල් යහන් කවියකි)

මෙම කවිය අනුව ගිං තොට වරායකි. ගිංතොටට පැමිණෙන කල උණවටුන දිස්වෙයි. වරායට ගොස් ආපසු එන කල්හි නැව බිඳුනි. ගාල්ල වරාය ස්වභාවිකව නිර්මාණය වූ වරායක් වුවත් නැව් විනාශ කරන ගල් කුළු රැසක් පිහිටා ඇත. විවිධ වකවානුවල මෙම ගල් පරවල ගැටී නැව් මුහුදුබත් විය. මෙම කවියේ සඳහන් ගිංතොට වරාය ගාලු වරාය නොවේද?

යොදුන් ගණන් දඹදිව හැර නැව් නැගෙමින් ආ කාරිය

ළඳුන් හැමට නියත පතිනි දෙවිඳු එතැන කළ වීරිය

එගිං තොටට ගලින් පවුරු පැද දෙවොලේ සැම වීරිය

හඳුන් පතේ ළමැද දෙතන කුස උවදුරු අද දුරුවිය

දෙවොල් දෙවියන් දඹදිව සිට ගල්පවුරකින් ගිංතොට වරායට පැමිණි ආකාරය මෙම කවියේ සඳහන් වෙයි. මෙහි ගිංතොට යනු වරායකි. අතීතයේ ගිම්හතිත්ථ ලෙස ද ගින්තොට ගිංතොට යන නම් වලින් හඳුන්වන්නට ඇත්තේ මෙම ගාලු වරායයි මෙම සාහිත්‍යමය කරුණු භෞතිකව විශ්ලේෂණය කිරීමේදී ගාල්ල වරාය සහ ඒ ආශ්රිත ප්‍රදේශය විදේශ සබඳතා ගොඩනැංවූ තෝතැන්නක් බව සනාථ කරනු පිණිස සාධක වලින් යුක්තය.

ගාල්ල කොටුව පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීමේදී ගාලු වරායට පැමිණි විදේශීය සංක්‍රමණිකයින් විසින් ඉදිරිපත් කළ කරුණු සිහිපත් කිරීම වැදගත්ය. ඒ අතර හමුවන ඉපැරණි සාධකය වනුයේ ක්‍රි.ව. 545 දී ගී්රක ජාතික කොස්මාස් ඉන්ඩිකැප්ලියුටස් (COSMAS INDICOPLEUSTES) විසින් ගාල්ල වරාය සහ ගාල්ල නගරය පිළිබඳව සඳහන් කරනු ලැබූ තොරතුරුය. හෙතෙම වෙළෙඳ කටයුතු සඳහා නැව් නැඟ ලංකාවට පැමිණියේය. ලංකාව පිළිබඳ සටහන් කරන තොරතුරුවල ලංකාවේ සෑම දිශාවකම පැවති වෙළෙඳ වරායන් වලට විවිධ රටවල සිට පැමිණි නැව් පිළිබඳව තොරතුරු දක්වයි එසේම එකල ලංකාවේ පාලකවරු දෙදෙනෙක් සිටි බවත් දකුණු පළාතේ වෙළෙඳ නගරය පාලනය කරන වෙනම රජ කෙනෙකු සිටි බවත් විස්තර කරයි. ඉංගී්රසි ජාතික එමර්සන් ටෙනන්ට් සඳහන් කරන අන්දමට කොස්මාස්ගේ තොරතුරුවල සඳහන් වනුයේ ඓතිහාසික ගාල්ල නගරය සහ වරායයි.

ගාල්ල පිළිබඳ වැදගත් තොරතුරු හෙළි කරන විදේශීය සංක්‍රමණිකයකු ලෙස අරාබි ජාතික ඉබන් බතුතා හඳුන්වා දිය හැකිය. ක්‍රි.ව. 1344 දී ඉබන් බතුතා ලංකාවට පැමිණියේය. දෙවුන්දර සිට කොළඹ දක්වා යාත්‍රා කරන අතරතුර හෙතෙම ගාල්ල නගරයට පැමිණියේය. ගාල්ල ඔහු විසින් හඳුන්වා දෙනු ලැබූයේ කාලි Quali ලෙසිනි. ඉබන් බතුතා විසින් ඔහුගේ ගමන් විස්තරයේ ලංකාව වටා පිහිටි විවිධ වෙළෙඳ වරායන් සහ වෙළෙඳ නගරවල ස්වභාවය පිළිබඳව අපූරු විස්තරයක් ඉදිරිපත් කරයි. දෙවිනුවර හෙවත් දෙවුන්දර පිළිබඳව ඔහුගේ විස්තරවල වැඩි වශයෙන් සඳහන් වෙයි. එකල ගාල්ල නගරයේ බහුල වශයෙන් ජීවත් වූයේ මුස්ලිම්වරු නිසා අරාබි ජාතික ඉබන් බතුතාට එම ප්‍රදේශය අමුත්තක් නොවිණි. ඉබ්‍රහිම් නම් මුස්ලිම් වෙළෙන්දකුගේ නිවසේ ඉබන් බතුතාට ඉතා උසස් අන්දමින් ආගන්තුක සත්කාර කරනු ලැබූ බව විස්තර වෙයි.

ගාල්ල විශිෂ්ට වෙළෙඳ නගරයක් ලෙස බොහෝ ලේඛකයෝ වාර්තා කළහ. එමර්සන්ට් ටෙනන්ට් ස්වකීය වාර්තාවල ගාල්ල අතිශය ආකර්ෂණීය පුරයක් ලෙස වර්ණනා කර ඇත. බයිබලයේ සඳහන්වන සොලමන් රජුගේ අවධියේ සුප්‍රකට ටාශිෂ් නගරය ගාල්ල වන්නට ඇතැයි ඔහු පවසයි. ගාල්ල පිළිබඳව ඔහු ඉදිරිපත් කරන විස්තරයේ ගාල්ල නගරය ගාල්ල, වරාය ගාල්ල, කොටුව පිළිබඳ තොරතුරු ඇතුළත් වෙයි.

ගාල්ල ඓතිහාසික තොරතුරු හෙළි කරන මූලාශ්‍ර අතර සංදේශ කාව්‍යවලට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. සංදේශ කවියා විසින් වර්ණනා කරනු ලැබුවේ තත්කාලීන සමාජයේ සැබෑ ස්වරූපයයි. එම තොරතුරු පිළිබඳ අවධානය යොමු කිරීමේදී වෙළෙඳ වරායක් ලෙස ගාල්ලේ ක්‍රියාකාරී ස්වභාවය පැහැදිලි වෙයි. ගාල්ල නගරයේ පසුකාලීන සංවර්ධනයට බලපෑ ඊට පෙර පැවැති සමාජ තත්ත්වයන්හි සාධනීය ස්වභාවය හඳුනා ගැනීමට මෙම තොරතුරු මහෝපකාරී වනු ඇත.

ක්‍රි. ව. 1385 - 1391 අතර කාලයේ රචිත මයුර සංදේශයේ ගාල්ල පිළිබඳව විස්තර දැක්වෙයි. ගම්පොළ සිට දෙවිනුවර උපුල්වන් දේවාලයට සංදේශයක් රැගෙන යන මයුර පක්ෂියාට සංදේශ කරු විසින් ගාල්ලේ ශ්‍රී විභූතිය හෙළිදරව් කරයි.

බාල්ලේ පුරුදු කවි නළු සියල්ලේ

ඊල්ලේ වදන් දුන් ලඳුනුදුල්ලේ

නෑල්ලේ කොතැනකවත් ලොව මුළුල්ලේ

ගාල්ලේ සිරි දකිනොව පැකිල්ලේ

(මයුර සංදේශය - 81 කවිය)

ඉතා කුඩා අවධියේ පටන් කාව්‍ය නර්තනාදි කලා නිර්මාණවලට හුරු පුරුදු වූ සෞම්‍ය ප්‍රිය වදන් තෙපලන ස්ත්‍රීන් සිටින පුරවරයක් ලෙස ගාල්ල ලොව ප්‍රචලිතය. නොපැකිළිව මෙම ශ්‍රී විභූතිය බලා පියාසර කරව. එකල සමාජයේ ස්ත්‍රීන් පුරුෂයන් විෂමතාවකින් තොරව සමාජයේ විවිධ කටයුතුවල නිරත වූ බවට මෙම කවිය නිදසුන් සපයයි. ගාල්ල සුප්‍රකට වෙළෙඳ නගරයක් වීම මෙම සමාජ තත්ත්වය නිර්මාණය වන්නට හේතු වූවා විය හැකිය.

අනුව පිය බඳුන් පිය රැව් ඇකිල්ලේ

පයෑද යා නොහී මහ වේ මුළුල්ලේ

සිටිති සැලළු මුළු රති කෙළිය මුල්ලේ

බලනුව ඔවුන් කල් නොයවන් ගාල්ලේ

(තිසර සංදේශය - 55 කවිය)

තිසර සංදේශය ක්‍රි. ව. 1410 -1415 කාලයේ කෝට්ටේ සවන පැරකුම්බා රාජ සමයේ ලියෑවුණු පද්‍යාවලියකි. සවන පැරකුම්බා රජ දවස ලංකාව එක්සේසත්ව පැවතිණි. චීනයේ චෙං හෝ වැනි සෙනවියන් ලංකාවට පැමිණියේ මීට ආසන්න කාල සීමාවකය. චෙං හෝ පැමිණි සමයේ ගාල්ලේ තිබූ අසිරිය එම කවියෙන් විස්තර වන්නේ යෑයි පැවැසීම උචිතය.

මෙම කවියේ අර්ථයට අනුව සුවිශාල වෙළෙඳ නගරයක් වූ ගාල්ලේ තැන් තැන් හි සලෙළු ජනයා රති කෙළියේ ආශාව ඉපිද වීදි පුරා සැරි සරමින් සිටිති. විවිධ සල්පිල්වල වෙළෙ¹ම් කටයතුවල නිරතවන ස්ත්රීන්ගේ කෝමල බස්වලට ඔවුහු වශී වී ඇත. මෙම සිදුවීම් දෙස බලමින් ගාල්ලේ අසිරිය වින්දත් ඔබ මදක් හෝ ප්‍රමාද නොවී ගමනාන්තය බලා ගමන් කරනු. ස්ත්‍රීන් පුරුෂයන් ගාල්ල නගරයේ එකිනෙකාට නොදෙවෙනි වෙමින් වෙළෙ¹ම්හි නිරත වුණු බවට නිවැරැදි නිදර්ශන මෙම කවියෙන් මතු කරයි.

සරා සොඳින් මහ සයුර තැ මුළුල්ලේ

සරා රැගෙන රන් මිණි මුතු සියල්ලේ

සරා තිබූමෙන් සල් පිල් උදුල්ලේ

පුරා මෙසිරි දැක යාගන් ගාල්ලේ

(පරෙවි සංදේශය - 88 කවිය)

ගාල්ල ප්‍රදේශයේ ජීවත් වූ යතිවරයකු ලෙස තොටගමුවේ සිරි රහල් හිමියන් විසින් රචිත පරෙවි සංදේශයේ ගාල්ල නගරය පිළිබඳව ඉදිරිපත් කරනු ලැබූ තොරතුරු සමකාලීන සමාජ තත්ත්වය පිළිබඳව ජනමතය වඩාත් තහවුරු කරයි.

මහා සමුද්රාන්තය දක්වා සියලු ස්ථානයන්හි යහපත් සේ සංචාරය කරමින් කිමිදෙමින් රන් මිණි මුතු සහ සියලු මාහැඟි වස්තු ,බේරා රැගෙන සරසා තැබුවාක් මෙන් සුලක්ෂිත වූ ආපන ශාලාවන්ගෙන් යුක්ත වූ ගාලු පුරවරයේ අසිරිය දැක බලා සම්පූර්ණ කොට යාත්‍රා කරනු.

මෙහිදී සංදේශකරු ගාල්ලේ වෙසෙන ජනතාවගේ කෙළිලොල් ජීවිතය පිළිබඳ තොරතුරු ඉස්මතු නොකරන අතර ඊට වඩා වැඩි අවධානයක් යොමු කරනුයේ එහි තිබූ ආහාරපාන සපයන ස්ථාන පිළිබඳවයි. ගාල්ල වරායට විදේශ රටවලින් නැව් මගින් පැමිණෙන ජනයාත් ඔවුන් සමග විවිධ වෙළෙ¹ම් කටයුතු පිණිස වරායට පැමිණෙන ජනයාත් නිසා ගාල්ල නගරය විශාල වශයෙන් ජනාකීර්ණව තිබෙන්නට ඇත. ඔවුන් වෙනුවෙන් සැකසුණු හෝටල්, ආපනශාලාවල පිරුණු ආහාර වර්ග සිරිරහල් හිමියන් රන් මිණි මුතු වලට උපමා කරයි.

මන් තුටුවන බිඟු තඹරෙව් සඳැල්ලේ

වන් තන යුග රන් පට නොව ලීල්ලේ

වන් සුරඟන ලිය රූ දුට ගාල්ලේ

දුන් රසඳුන් මෙන් දෙනුවන් සියල්ලේ

(කෝකිල සංදේශය - 71 වන කවිය)

සුන්දර කාන්තාවන් ස්වකීය වල්ලභයන් සමග ප්‍රීතියෙන් කෙළිදෙළෙන් වෙසෙමින් ස්වකීය උන්මාදය නිවාලනු පිණිස ගෘහ මත්තකයන්හි වූ සඳළුතලවල සැරිසරන කල්හි ඔවුන්ගේ ශරීරයෙන් විහිදෙන්නා වූ පද්ම සුගන්ධය බඳු වූ එක්තරා සුගන්ධයක් ස්වකීය තන යුග්මය රන් පටින් බැඳගත් දිවගනන් බඳු වූ කතුන් දැකීමෙන් නෙතට ඇති කරනුයේ කිව නොහැකි සිසිලසකි. කෝකිල සංදේශකරු ගාල්ලේ ස්ත්‍රී පුරුෂයන්ගේ කාමභෝගී ජීවිතය තදින් වර්ණනා කළ කවියෙකි. නගරයේ විවිධ ස්ථානවල ඔවුනොවුන් හා කාම මතින් වෙළී සිටින ජනයා ගාල්ලට අරුමයක් නොවේ. මේ දර්ශන නෙත් පිනවන්නේය.

පෘතුගීසීන් පැමිණීමට පෙර ගාල්ලේ ඓතිහාසිකත්වය පිළිබිඹු කරන සිතුවම් හෝ සිතියම් අපට හමු නොවේ. පැරැණි ගාල්ල පිළිබඳ සිත්තමක් මවාගත හැකි වනුයේ මෙකී තොරතුරු වලිනි. 12, 13, 14, 15, ශතවර්ෂවල දියුණු නගරයක් ලෙස පැවැති ගාල්ල පෘතුගීසීන් පැමිණීමත් සමග විවිධ වෙනස්කම්වලට භාජනය වූ අතර එම වෙනස් කම් අධ්‍යනය කිරීමේදී පූර්ව තොරතුරු පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට හැකිවනු ඇත.

තරංගා ලියනාරච්චි

Divaina 03-04-2011

[QUOTE="sooppuwa, post: 19857660, member: 556336"] [SIZE="6"][COLOR="DarkSlateGray"]: පෘතුගීසීන්ට පෙර ඓතිහාසික ගාල්ල ගාල්ල ශ්‍රී ලංකාව තුළ පිහිටි සොඳුරුතම නගරවලින් එකකි. ඓතිහාසික නගරයක් ලෙස එකී සොඳුරු බවට ගාල්ලේ පිහිටීම හේතු විය. මුහුදු ගමනාගමනය තුළින් ඕනෑම අයකුට පහසුවෙන් ප්‍රවේශවිය හැකි පරිසරයක ගාල්ල පිහිටීම නිසා එය ඓතිහාසික වශයෙන් වැදගත් වෙළෙඳ වරාය නගරයක් ලෙස හඳුනා ගත හැකිය. ගාල්ල දක්ෂිණ ලංකාවේ අගනුවර ලෙස සලකනු ලබයි. ගාල්ලේ ඓතිහාසික පසුබිම පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීමේදී ඓතිහාසික ගාල්ල වරාය පිළිබඳව තොරතුරු ගාල්ල කොටුව සමග සබැඳි පැවතුණු බැව් පෙනී යයි. ගාල්ල කොටුව පිහිටි භූමි ප්‍රදේශය පිළිබඳව ඓතිහාසිකමය වශයෙන් වැදගත් ලි�ත මූලාශ්රවල සඳහන් නොවුවද ගාල්ල නගරය පිළිබඳවත් ඓතිහාසික රුහුණු පුරවරය පිළිබඳවත් වැදගත් තොරතුරු සඳහන් වන මූලාශ්‍ර සොයා ගත හැකිය. ගාල්ල පිළිබඳව අපට හමුවන තොරතුරු අතර වඩාත් පැරණිම තොරතුරු හමුවන්නේ පොළොන්නරු රාජධානිය පාලනය කළ මහා පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153 - 1186) රජුගේ පාලන කාලය තුළයි. මේ පිළිබඳව තොරතුරු සමුවන මහාවංශයේ කිසිදු ස්ථානයක ගාල්ල නම පිළිබඳව සඳහන් නොවේ. එසේම ගාල්ල නම් ප්‍රදේශයක් පිළිබඳව ද තොරතුරු නොදැක්වේ. එහෙත් ගිම්හතිත්ථ ගලහ නදී (ගාලු නදී) වාලුකා ගාම හෙවත් වැලිගම යනාදී වශයෙන් ගාල්ල ප්‍රදේශය ආශ්රිත විවිධ ගම් ප්‍රදේශ පිළිබඳව තොරතුරු සඳහන් වෙයි. ඓතිහාසික ගාල්ල පිළිබඳ තොරතුරු ප්‍රමාණයක් අනාවරණය කරගැනීමට ප්රමාණවත්ය. දොළොස්වන සියවසේ පොළොන්නරු රාජධානි සමයේ ලංකාව රජ රට දක්�ණ දේශය රුහුණු රට වශයෙන් ප්‍රධාන පාලන ප්‍රදේශ තුනකට බෙදා තිබුණු බව සී. ඩබ්ලිව්. නිකොලොස් මහතා උපුටා දක්වමින් කේ. ඩී. පරණවිතාන සඳහන් කරයි. තවදුරටත් එම විස්තරයේ රුහුණු ප්‍රදේශයේ දොළොස්දාස් රට අටදාස් රට වශයෙන් කොටස් දෙකකට බෙදා තිබිණි. දොළොස්දාස් රටේ අගනුවර වූයේ උද්ධනද්වාරයයි. එය වර්තමානයේ ඌව ප්‍රදේශය විය හැකි යෑයි සලකනු ලැබේ. කෙසේ වෙතත් පරාක්‍රමබාහු රජුගේ පාලන සමය ආරම්භ වනුයේ විවිධ දේශපාලනික කැරළි කෝළාහල මධ්‍යයේය. පොළොන්නරු ප්‍රදේශයේ බලය පරාක්‍රමබාහු රජුට ලබාගැනීමට හැකියාව ලැබුණ ද රටේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රාදේශීය මට්ටමෙන් බලවත්ව සිටී. "පසුව රක්ඛ කංචුකි නායක තෙමේ පස්යොදුන් රට මහ වැසි දේවරාජ නම් කොස්දානාවන්ද මහසෙන්ද යවා එහි සිටි බොහෝ සතුරන් විනාශ කරවා පසුව ගිම්තොට නම් ගම රාජධානියක් කරන්නට කරනා ලද බලකොටුවල වාඩිලා හුන් සතුරන් කතා කොට..." වර්තමානයේ ගිංතොට ලෙස හඳුන්වනුයේ ගිං ගඟ මුහුදට ගලා බසින ස්ථානයයි. ගාල්ල නගරයට එළඹීමට පෙර හමුවන නගරයකි. අතීතයේ ලංකාව වටා ජාත්‍යන්තර වරායන් පිහිටා තිබිණි. ගාල්ල ආශ්‍රිතව පිහිටි වරාය ගිම්හතිත්ථ ලෙස හැඳින්වූහ. එහෙත් ගිම්හතිත්ථ යනු වාච්‍යාර්ථයෙන් ගිංතොට යන්නයි. එය සැබවින්ම වර්තමාන ගිංතොට ද එසේත් නැත්නම් වර්තමාන ගාලු වරාය හඳුන්වන පැරණි නම ද යන්න ගැටලුවක්ව පවතී. කෙසේ වෙතත් වර්තමාන ගාල්ල වරාය අනාදිමත් කාලයක සිට විවිධ මට්ටමේ ජාත්‍යන්තර සබඳතා ගොඩනැඟුණු ප්‍රචලිත වරායකි. ලංකාවේ පිහිටි ඉපැරණි වරාය අතුරින් ගාල්ල වරායට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. කෙසේ වෙතත් මහා වංශයේ සඳහන් වන ගිම්තොට ප්‍රදේශයට වර්තමාන ගාල්ල මහ නගර සභා බලප්‍රදේශයේ භූමි භාගයෙන් වැඩි කොටසක්ම අයත්ව තිබිණි. මෙම කරුණුවල සත්‍යතාවයක් ඇති බව පෙනී යයි. වර්තමාන ගිංතොට ප්‍රදේශයේ වෙරළ කලාපීය භූගෝලීය ලක්ෂණ පිරික්සීමේදී වරායකට සුදුසු පරිසරයක් තිබූ බවට සාධක හඳුනාගත නොහැකිය. භෞතික පිහිටීම අතින් පැරණි සමස්ත ගිංතොට යෑයි සලකන ප්‍රදේශයේ වරායක භූගෝලීය ලක්ෂණ හඳුනාගත හැකි වනුයේ වර්තමාන ගාල්ල වරාය පිහිටි මාගාල්ල වෙරළ කලාපය තුළිනි. එහි ස්වභාවික පිහිටීම වරායක ලක්ෂණ ඉස්මතු කරයි. ඒ අනුව මහා වංශයේ සඳහන් ගිංතොට යනු වර්තමාන ගිංතොට ප්‍රදේශය පමණක් නොව වර්තමාන ගාල්ල නගරයට අයත් භූමිය යෑයි සැලකිය හැකි අතර සුගලා ඇතුළු රුහුණු පාලකයින් ස්වකීය රාජධානිය පවත්වාගෙන යනු පිණිස බලකොටුවක් නිර්මාණය කර රැකවල් ලා සිටියේ වර්තමාන ගාලු කොටුව පිහිටි ස්ථානයේ යෑයි අනුමාන කළ හැකිය. පෘතුගීසි ජාතිකයන්ට පෙර වකවානුවේ ඇතැම් ප්‍රාදේශීය පාලකයින් ගාලු කොටුව භූමිය පිහිටි ප්‍රදේශය ස්වකීය බල කඳවුර තැනීමට භාවිත කරන්නට ඇත. යම් කිසි ඉදිකිරීමකට භූමියක් තෝරා ගැනීමේදී ඓතිහාසික වශයෙන් එම භූමියේ පෙර භාවිතය විසින් ඇති කරනු ලබන්නේ ප්‍රබල බලපෑමකි. කුමන ජන කණ්ඩායමක් වුවත් ඉදිකිරීම් කටයුතු සඳහා කාලයක් භාවිත කළ භූමියක් සංවර්ධනය කිරීමට වැඩි පෙළඹවීමක් ඇති කරයි. "සියලු ප්‍රසිද්ධ මහා මාර්ගයන්ගෙන් ද යා නොගනු කොට බොහෝ පෙර මාර්ගයනුදු කොට රට දුෂ්ප්රවේශ බවට ගිය කළ රැස්ව ගෙන යුධ කරම්හ (මන්ත්‍රණය කොට) පසුව සියලු දාමරිකයෝ තුමූ එක් වරම ගාලු නදියේ මුවදොරට යුධ කැමතිව පැමිණියාහ." මෙහි ගාලු නදිය හෙවත් ගලහ ගංගාව යනු වර්තමානයේ ගොන්ගල කන්දේ සිට ගලා බසිනා සුන්දර ගිං ගඟයි. "ගලහ ගංඟා" යන නාමය ගාල්ල නම සකස් වීමට හේතුවී ඇති බව බන්දුසේන ගුණසේකර මහතා සඳහන් කරයි. ජනශ්රැතිවල එන ඇතැම් විස්තරවලට අනුව ගිං ගඟට එම නම ව්‍යවහාර වනුයේ ගඟ දෙපස ගිං ගස් පිහිටීම නිසාය. එසේ හෙයින් ගිංතොට ගිම්හතිත්ථ ව්‍යවහාරයට සැකසුනු බැව් පවසා ගිම්හතිත්ථ ගිංතොට යෑයි පැවසීම විවාදසම්පන්නය. ගිං තොට දැක නැව දුවන තැනේයා උන්හට සොඳ උණවටුන පෙනේයා යන්නට ගොඩකට දැක එදිනේයා එන්නට ආපහු නැව බිඳුනේයා (මල් යහන් කවියකි) මෙම කවිය අනුව ගිං තොට වරායකි. ගිංතොටට පැමිණෙන කල උණවටුන දිස්වෙයි. වරායට ගොස් ආපසු එන කල්හි නැව බිඳුනි. ගාල්ල වරාය ස්වභාවිකව නිර්මාණය වූ වරායක් වුවත් නැව් විනාශ කරන ගල් කුළු රැසක් පිහිටා ඇත. විවිධ වකවානුවල මෙම ගල් පරවල ගැටී නැව් මුහුදුබත් විය. මෙම කවියේ සඳහන් ගිංතොට වරාය ගාලු වරාය නොවේද? යොදුන් ගණන් දඹදිව හැර නැව් නැගෙමින් ආ කාරිය ළඳුන් හැමට නියත පතිනි දෙවිඳු එතැන කළ වීරිය එගිං තොටට ගලින් පවුරු පැද දෙවොලේ සැම වීරිය හඳුන් පතේ ළමැද දෙතන කුස උවදුරු අද දුරුවිය දෙවොල් දෙවියන් දඹදිව සිට ගල්පවුරකින් ගිංතොට වරායට පැමිණි ආකාරය මෙම කවියේ සඳහන් වෙයි. මෙහි ගිංතොට යනු වරායකි. අතීතයේ ගිම්හතිත්ථ ලෙස ද ගින්තොට ගිංතොට යන නම් වලින් හඳුන්වන්නට ඇත්තේ මෙම ගාලු වරායයි මෙම සාහිත්‍යමය කරුණු භෞතිකව විශ්ලේෂණය කිරීමේදී ගාල්ල වරාය සහ ඒ ආශ්රිත ප්‍රදේශය විදේශ සබඳතා ගොඩනැංවූ තෝතැන්නක් බව සනාථ කරනු පිණිස සාධක වලින් යුක්තය. ගාල්ල කොටුව පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීමේදී ගාලු වරායට පැමිණි විදේශීය සංක්‍රමණිකයින් විසින් ඉදිරිපත් කළ කරුණු සිහිපත් කිරීම වැදගත්ය. ඒ අතර හමුවන ඉපැරණි සාධකය වනුයේ ක්‍රි.ව. 545 දී ගී්රක ජාතික කොස්මාස් ඉන්ඩිකැප්ලියුටස් (COSMAS INDICOPLEUSTES) විසින් ගාල්ල වරාය සහ ගාල්ල නගරය පිළිබඳව සඳහන් කරනු ලැබූ තොරතුරුය. හෙතෙම වෙළෙඳ කටයුතු සඳහා නැව් නැඟ ලංකාවට පැමිණියේය. ලංකාව පිළිබඳ සටහන් කරන තොරතුරුවල ලංකාවේ සෑම දිශාවකම පැවති වෙළෙඳ වරායන් වලට විවිධ රටවල සිට පැමිණි නැව් පිළිබඳව තොරතුරු දක්වයි එසේම එකල ලංකාවේ පාලකවරු දෙදෙනෙක් සිටි බවත් දකුණු පළාතේ වෙළෙඳ නගරය පාලනය කරන වෙනම රජ කෙනෙකු සිටි බවත් විස්තර කරයි. ඉංගී්රසි ජාතික එමර්සන් ටෙනන්ට් සඳහන් කරන අන්දමට කොස්මාස්ගේ තොරතුරුවල සඳහන් වනුයේ ඓතිහාසික ගාල්ල නගරය සහ වරායයි. ගාල්ල පිළිබඳ වැදගත් තොරතුරු හෙළි කරන විදේශීය සංක්‍රමණිකයකු ලෙස අරාබි ජාතික ඉබන් බතුතා හඳුන්වා දිය හැකිය. ක්‍රි.ව. 1344 දී ඉබන් බතුතා ලංකාවට පැමිණියේය. දෙවුන්දර සිට කොළඹ දක්වා යාත්‍රා කරන අතරතුර හෙතෙම ගාල්ල නගරයට පැමිණියේය. ගාල්ල ඔහු විසින් හඳුන්වා දෙනු ලැබූයේ කාලි Quali ලෙසිනි. ඉබන් බතුතා විසින් ඔහුගේ ගමන් විස්තරයේ ලංකාව වටා පිහිටි විවිධ වෙළෙඳ වරායන් සහ වෙළෙඳ නගරවල ස්වභාවය පිළිබඳව අපූරු විස්තරයක් ඉදිරිපත් කරයි. දෙවිනුවර හෙවත් දෙවුන්දර පිළිබඳව ඔහුගේ විස්තරවල වැඩි වශයෙන් සඳහන් වෙයි. එකල ගාල්ල නගරයේ බහුල වශයෙන් ජීවත් වූයේ මුස්ලිම්වරු නිසා අරාබි ජාතික ඉබන් බතුතාට එම ප්‍රදේශය අමුත්තක් නොවිණි. ඉබ්‍රහිම් නම් මුස්ලිම් වෙළෙන්දකුගේ නිවසේ ඉබන් බතුතාට ඉතා උසස් අන්දමින් ආගන්තුක සත්කාර කරනු ලැබූ බව විස්තර වෙයි. ගාල්ල විශිෂ්ට වෙළෙඳ නගරයක් ලෙස බොහෝ ලේඛකයෝ වාර්තා කළහ. එමර්සන්ට් ටෙනන්ට් ස්වකීය වාර්තාවල ගාල්ල අතිශය ආකර්ෂණීය පුරයක් ලෙස වර්ණනා කර ඇත. බයිබලයේ සඳහන්වන සොලමන් රජුගේ අවධියේ සුප්‍රකට ටාශිෂ් නගරය ගාල්ල වන්නට ඇතැයි ඔහු පවසයි. ගාල්ල පිළිබඳව ඔහු ඉදිරිපත් කරන විස්තරයේ ගාල්ල නගරය ගාල්ල, වරාය ගාල්ල, කොටුව පිළිබඳ තොරතුරු ඇතුළත් වෙයි. ගාල්ල ඓතිහාසික තොරතුරු හෙළි කරන මූලාශ්‍ර අතර සංදේශ කාව්‍යවලට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. සංදේශ කවියා විසින් වර්ණනා කරනු ලැබුවේ තත්කාලීන සමාජයේ සැබෑ ස්වරූපයයි. එම තොරතුරු පිළිබඳ අවධානය යොමු කිරීමේදී වෙළෙඳ වරායක් ලෙස ගාල්ලේ ක්‍රියාකාරී ස්වභාවය පැහැදිලි වෙයි. ගාල්ල නගරයේ පසුකාලීන සංවර්ධනයට බලපෑ ඊට පෙර පැවැති සමාජ තත්ත්වයන්හි සාධනීය ස්වභාවය හඳුනා ගැනීමට මෙම තොරතුරු මහෝපකාරී වනු ඇත. ක්‍රි. ව. 1385 - 1391 අතර කාලයේ රචිත මයුර සංදේශයේ ගාල්ල පිළිබඳව විස්තර දැක්වෙයි. ගම්පොළ සිට දෙවිනුවර උපුල්වන් දේවාලයට සංදේශයක් රැගෙන යන මයුර පක්ෂියාට සංදේශ කරු විසින් ගාල්ලේ ශ්‍රී විභූතිය හෙළිදරව් කරයි. බාල්ලේ පුරුදු කවි නළු සියල්ලේ ඊල්ලේ වදන් දුන් ලඳුනුදුල්ලේ නෑල්ලේ කොතැනකවත් ලොව මුළුල්ලේ ගාල්ලේ සිරි දකිනොව පැකිල්ලේ (මයුර සංදේශය - 81 කවිය) ඉතා කුඩා අවධියේ පටන් කාව්‍ය නර්තනාදි කලා නිර්මාණවලට හුරු පුරුදු වූ සෞම්‍ය ප්‍රිය වදන් තෙපලන ස්ත්‍රීන් සිටින පුරවරයක් ලෙස ගාල්ල ලොව ප්‍රචලිතය. නොපැකිළිව මෙම ශ්‍රී විභූතිය බලා පියාසර කරව. එකල සමාජයේ ස්ත්‍රීන් පුරුෂයන් විෂමතාවකින් තොරව සමාජයේ විවිධ කටයුතුවල නිරත වූ බවට මෙම කවිය නිදසුන් සපයයි. ගාල්ල සුප්‍රකට වෙළෙඳ නගරයක් වීම මෙම සමාජ තත්ත්වය නිර්මාණය වන්නට හේතු වූවා විය හැකිය. අනුව පිය බඳුන් පිය රැව් ඇකිල්ලේ පයෑද යා නොහී මහ වේ මුළුල්ලේ සිටිති සැලළු මුළු රති කෙළිය මුල්ලේ බලනුව ඔවුන් කල් නොයවන් ගාල්ලේ (තිසර සංදේශය - 55 කවිය) තිසර සංදේශය ක්‍රි. ව. 1410 -1415 කාලයේ කෝට්ටේ සවන පැරකුම්බා රාජ සමයේ ලියෑවුණු පද්‍යාවලියකි. සවන පැරකුම්බා රජ දවස ලංකාව එක්සේසත්ව පැවතිණි. චීනයේ චෙං හෝ වැනි සෙනවියන් ලංකාවට පැමිණියේ මීට ආසන්න කාල සීමාවකය. චෙං හෝ පැමිණි සමයේ ගාල්ලේ තිබූ අසිරිය එම කවියෙන් විස්තර වන්නේ යෑයි පැවැසීම උචිතය. මෙම කවියේ අර්ථයට අනුව සුවිශාල වෙළෙඳ නගරයක් වූ ගාල්ලේ තැන් තැන් හි සලෙළු ජනයා රති කෙළියේ ආශාව ඉපිද වීදි පුරා සැරි සරමින් සිටිති. විවිධ සල්පිල්වල වෙළෙ¹ම් කටයතුවල නිරතවන ස්ත්රීන්ගේ කෝමල බස්වලට ඔවුහු වශී වී ඇත. මෙම සිදුවීම් දෙස බලමින් ගාල්ලේ අසිරිය වින්දත් ඔබ මදක් හෝ ප්‍රමාද නොවී ගමනාන්තය බලා ගමන් කරනු. ස්ත්‍රීන් පුරුෂයන් ගාල්ල නගරයේ එකිනෙකාට නොදෙවෙනි වෙමින් වෙළෙ¹ම්හි නිරත වුණු බවට නිවැරැදි නිදර්ශන මෙම කවියෙන් මතු කරයි. සරා සොඳින් මහ සයුර තැ මුළුල්ලේ සරා රැගෙන රන් මිණි මුතු සියල්ලේ සරා තිබූමෙන් සල් පිල් උදුල්ලේ පුරා මෙසිරි දැක යාගන් ගාල්ලේ (පරෙවි සංදේශය - 88 කවිය) ගාල්ල ප්‍රදේශයේ ජීවත් වූ යතිවරයකු ලෙස තොටගමුවේ සිරි රහල් හිමියන් විසින් රචිත පරෙවි සංදේශයේ ගාල්ල නගරය පිළිබඳව ඉදිරිපත් කරනු ලැබූ තොරතුරු සමකාලීන සමාජ තත්ත්වය පිළිබඳව ජනමතය වඩාත් තහවුරු කරයි. මහා සමුද්රාන්තය දක්වා සියලු ස්ථානයන්හි යහපත් සේ සංචාරය කරමින් කිමිදෙමින් රන් මිණි මුතු සහ සියලු මාහැඟි වස්තු ,බේරා රැගෙන සරසා තැබුවාක් මෙන් සුලක්ෂිත වූ ආපන ශාලාවන්ගෙන් යුක්ත වූ ගාලු පුරවරයේ අසිරිය දැක බලා සම්පූර්ණ කොට යාත්‍රා කරනු. මෙහිදී සංදේශකරු ගාල්ලේ වෙසෙන ජනතාවගේ කෙළිලොල් ජීවිතය පිළිබඳ තොරතුරු ඉස්මතු නොකරන අතර ඊට වඩා වැඩි අවධානයක් යොමු කරනුයේ එහි තිබූ ආහාරපාන සපයන ස්ථාන පිළිබඳවයි. ගාල්ල වරායට විදේශ රටවලින් නැව් මගින් පැමිණෙන ජනයාත් ඔවුන් සමග විවිධ වෙළෙ¹ම් කටයුතු පිණිස වරායට පැමිණෙන ජනයාත් නිසා ගාල්ල නගරය විශාල වශයෙන් ජනාකීර්ණව තිබෙන්නට ඇත. ඔවුන් වෙනුවෙන් සැකසුණු හෝටල්, ආපනශාලාවල පිරුණු ආහාර වර්ග සිරිරහල් හිමියන් රන් මිණි මුතු වලට උපමා කරයි. මන් තුටුවන බිඟු තඹරෙව් සඳැල්ලේ වන් තන යුග රන් පට නොව ලීල්ලේ වන් සුරඟන ලිය රූ දුට ගාල්ලේ දුන් රසඳුන් මෙන් දෙනුවන් සියල්ලේ (කෝකිල සංදේශය - 71 වන කවිය) සුන්දර කාන්තාවන් ස්වකීය වල්ලභයන් සමග ප්‍රීතියෙන් කෙළිදෙළෙන් වෙසෙමින් ස්වකීය උන්මාදය නිවාලනු පිණිස ගෘහ මත්තකයන්හි වූ සඳළුතලවල සැරිසරන කල්හි ඔවුන්ගේ ශරීරයෙන් විහිදෙන්නා වූ පද්ම සුගන්ධය බඳු වූ එක්තරා සුගන්ධයක් ස්වකීය තන යුග්මය රන් පටින් බැඳගත් දිවගනන් බඳු වූ කතුන් දැකීමෙන් නෙතට ඇති කරනුයේ කිව නොහැකි සිසිලසකි. කෝකිල සංදේශකරු ගාල්ලේ ස්ත්‍රී පුරුෂයන්ගේ කාමභෝගී ජීවිතය තදින් වර්ණනා කළ කවියෙකි. නගරයේ විවිධ ස්ථානවල ඔවුනොවුන් හා කාම මතින් වෙළී සිටින ජනයා ගාල්ලට අරුමයක් නොවේ. මේ දර්ශන නෙත් පිනවන්නේය. පෘතුගීසීන් පැමිණීමට පෙර ගාල්ලේ ඓතිහාසිකත්වය පිළිබිඹු කරන සිතුවම් හෝ සිතියම් අපට හමු නොවේ. පැරැණි ගාල්ල පිළිබඳ සිත්තමක් මවාගත හැකි වනුයේ මෙකී තොරතුරු වලිනි. 12, 13, 14, 15, ශතවර්ෂවල දියුණු නගරයක් ලෙස පැවැති ගාල්ල පෘතුගීසීන් පැමිණීමත් සමග විවිධ වෙනස්කම්වලට භාජනය වූ අතර එම වෙනස් කම් අධ්‍යනය කිරීමේදී පූර්ව තොරතුරු පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට හැකිවනු ඇත. [/COLOR][/SIZE] තරංගා ලියනාරච්චි Divaina 03-04-2011 [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom