ජෙරැසෙලමේ ඇමරිකානු තානාපති කාර්යාලය විවෘත කිරීමත් සමඟ ගාසා තීරයේ ඇති වුන කලබලය ලේ විලකින් අවසන් වූ අයුරැ.
සාමාන්‍යයෙන් ගාසා තීරයේ පදිංචිකරුවනගේ ආරක්ෂාව වන්නේ ඒවායේ බිත්තිවල ඉහළින් සිමෙන්ති බාධකයි. ජනගහනයකින් පිරී ඇත පෙදෙසක් වන මෙය, උතුරුදිගින් ඇති සීමාවට ඉස්සරහින් ඇති හිස් අවකාශය භාවිතා කර නොහැක්කේ, ඉලක්ක කර ඇති රොබෝටික් මැෂින් තුවක්කු ඇති නිසාය. "බෆර් කලාපය" ලෙස මෙය හඳුන්වයි. එයින් එහා වු මෙම කලාපය ඒ නිසාම ලෝකයේ වඩාත්ම ජනගහනයෙන් වැඩි පෙදෙසක් ලෙසද හඳුන්වයි.
පසුගිය දිනවල මේ සඳහා නිහඬ විරෝධයක් පැවැත්වුනේ ඊස්‍රායලය දෙසට ඇති බෆර් කලාපයට පැමිණේමෙන්. නමුත් උත්තරය ලෙස ඊස්‍රායලය දෙසින් වෙඩි තබනු ලැබීය.
ප්‍රශ්නය තේරැන්ගැනිමටනම් ඊස්‍රායලයේ හා පලස්තීනයේ අතීතය දෙස බැලිය යුතුය. දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව යුදෙව්වන්ට යුරෝපය අතඇර යන්නට සිදුවුණි. බොහෝ දෙනා නැවත ආවේ පලස්තිනයටයි. ඒ ජෙරැසෙලම පලස්තීනයේ වු නිසාය. මුස්ලිම් අරාබි නායකත්වය යුදෙව්වන්ට එරෙහි වුන නිසා යුදෙව්වන්ගේ නායකත්වය අනුව නව රාජ්‍යයක් සැදිය යුතුයැයි තීරණය කෙරිනි. ඊස්‍රායලය සෑදෙන්නෙ ඒ අයුරෙනි.
මේ තීරණයට එරෙහි වුන අරාබිවරැන් ඊස්‍රායලය ආක්‍රමනය කරන්නට විය. ඊස්‍රායල පලස්තීන ප්‍රශ්නය ආරම්භ වන්නේ ඒ අයුරෙනි. පලස්තීනය ඇත්තේ ඊස්‍රායලයට ඇත්තේ පලස්තීනයට බටහිර දෙසිනි. අද ජෙරැසෙලම අයිති ඊස්‍රායලටයි. ඇමරිකන් සම්බන්ධතා ඉතා වැඩියෙන් ඇති ඊස්‍රායලය ඉතා දියුණු රටක් බව ඔබ දන්නවා ඇති.
ඊස්‍රායලය ඇති වීමත් සමඟ එයට බටහිර දෙසින් පලස්තීනයට අයත් කොටසක් වෙන්වුනි. මෙය ගාසා තීරය ලෙස හඳුනවයි. ගාසා තීරය පලනය කරන්නේ හමාස් සංවිධානය වන අතර, එය පලස්තීන පාලනයෙන් බෙහෙවින් මිදුන පාලනයක් වී ඇත.
පලස්තීනුවන් 1948 යුද්ධය අවසන් වීම සමරන්නේ ”අවාසනාව” Nabka මැයි 15 වනදා සැමරීමෙනි. ඊස්‍රායලය නිසා තම නිවෙස් අත හැර සංක්‍රමනය වූ ඊස්‍රායල වැසියන් මෙන්ම ඊස්‍රායලයෙන් ගාසා තීරයට සංක්‍රමනය වු පලස්තීන ද විශාල ප්‍රමාණයක් ඇත.
ඊස්‍රායලය හා පලස්තීනය සාම සාකච්ඡා වලට යෑමට එකඟතාවයක් දැක්වුවත් ඇමරිකාව නව තානාපති කාර්යාලයක් ජෙරැසෙලමේ විවෘත කරමින්, මැදිහත් කරැවා කරගනිමින් කරන සාකච්ඡාවලට ඔවුන් එකඟ නැත. බෆර් සීමාව වෙතට එමින් හමාස් සංවිධානයේ නායකත්වය අනුව නිහඬ විරෝධතාව ආරමිභ වුයේ ඒ නිසාය.
-Image copyrights go to TIME magazine -
Last edited:
