Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගැඹුරු මුහුදේ බොරුකාරෙයා්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැඹුරු මුහුදේ බොරුකාරෙයා්

ගැඹුරු මුහුදේ බොරුකාරෙයා්

‘සමුදුරු සුවිසැරිය’ ඩේවිඩ් ඇටන්බරෝගේ ‘බ්ලූ ප්ලැනට්’ ඇසුරිණි

ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන ‘බ්ලූ ප්ලැනට්’ වාර්තා වැඩසටහන් පෙළට පාදක ෙවන්නේ සාගරයයි. 91 හැවිරිදි ඩේවිඩ් ඇටන්බරෝ කීර්තිමත් චරිතයකි. ඔහු ස්වභාවවේදියෙකි. කෘතහස්ථ රූපවාහිනී නිවේදකයකු සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස ඔහු අපට කියාදෙන දේවල් බොහොමය. බී.බී.සී. නාළිකාවේ විකාශය වන ‘බ්ලූ ප්ලැනට්’ වාර්තා වැඩසටහන් මාලාවේ දෙවැනි කතා පෙළ නරඹන්නන් විස්මයටත් අමන්දානන්දයටත් පත් කරමින් විකාශය වෙයි. පෙර නිර්මාණය වුණු වාර්තා වැඩසටහන් මෙන් නොව, ‘බ්ලූ ප්ලැනට් 2’ නිර්මාණයේදී අතිනවීන තාක්ෂණය යොදා ගෙන ඇත. විවිධාකාරයේ කැමරා උපකරණ, ඩ්‍රෝන යානා සහ සබ්මැරීන ආදිය බී.බී.සී කණ්ඩායම භාවිතයට ගෙන තිබේ. ‘බ්ලූ ප්ලැනට් 2’ නිර්මාණය සඳහා බී.බී.සී. නිර්මාණකරුවන්ට වසර හතරකට වඩා වැඩි කාලයක් ගත වුණු අතර, සියලු දසුන් ‘එච්.ඩී’ තාක්ෂණයෙන් පටිගත කර ඇත. ඒ අනුව, අතිසුපැහැදිලි දසුනින් පිරි ‘බ්ලූ ප්ලැනට් 2’ කතාමාලාව සැබැවින්ම විස්මිතය. අප ජීවත්ෙවන මේ ලෝකය, එසේත් නැතිනම් පෘථිවිය සියයට 70ක් පිරී ඇත්තේ සාගරවලිනි. මහා සාගරය විස්මයජනකය. මිනිසා අභ්‍යවකාශය ජයගෙන සඳට පය තැබුවත්, මහ සාගරය තවමත් මුළුමනින් ගවේෂණය කර නැත. අධික පීඩනය හේතුවෙන් මිනිස් අපට සාගරයේ අඳුරු මෙන්ම ගැඹුරු පතුළට යෑම අසීරුය. සාගරයේ, රළවලට යටින් සැඟවුණු දේ බොහොමය. අපට සිතාගත නොහැකි විදියේ හරි අපූරු ජීවීහු සාගරයේ වාසය කරති. අතීතයේ මෙන් නොව, තාක්ෂණයේ දියුණුවත් සමඟ, සාගර ජීව විද්‍යාඥයන්ට මෙම අපූරු ජීවීන්ගේ වගතුග අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ.

ඇය නොවන ඔහු

උතුරු ජපානයට ඔබ්බෙන් සාගර පතුළේ ගිළුණු නැව්වල නටබුන් අතර දකින්න ලැබෙන්නේ මූදු පතුළේ වනාන්තරයකි. කොළ සහ දුඹුරු පැහැයෙන් යුත් ජලජ ශාකවලින් පිරුණු මෙම වනාන්තරය අඳුරුය. ගුප්ත පෙනුමක් දකින්න ලැබේ. මෙම සාගර වනාන්තරය, නොයෙක් නොයෙක් අපූරු, අසාමාන්‍ය පමණක් නොව වර්ණවත් මසුන්ගේ නිවහනය. සාගරයේ උණුසුම සහ සීතල ද වෙනස් වෙයි. සාගරයේ ද ඍතු භේද දකින්න ලැබේ. මේ මුහුදු වනාන්තරය ආශ්රිත පදිංචිකරුවන් බොහෝ දෙනෙක් ගිම්හානය අපේක්ෂාවෙන් සිටිති. ගිම්හානය යනු ඇතැමුන්ට වර්ගයා බෝ කිරීමේ කාලයයි.

අඳුරු මෙන්ම ගුප්ත වනාන්තරයේ ගිලුණු නැව්වල සුන්බුන් සහ කුහර අතරින් සෙමින් සෙමින් ඇදෙන දැවැන්තයෙකි. ඌ ප්‍රමාණයෙන් විශාල පිළිකුල දනවන මත්ස්‍යයෙකි. මේ මත්ස්‍යයා හැඳින්වෙන්නේ ‘කොබුඩායි’ යන නමිනි. සත්ව විද්‍යාත්මක නාමය ‘සෙමිකොසිපිස් රෙටිකියුලේටස්’ ය. මෙම මත්ස්‍යයා අයත් වන්නේ ‘ව්රාස්’ මත්ස්‍ය පවුලටය. ‘ව්රාස්’ මසුන් සිංහලෙන් හැඳින්වෙන්නේ ‘රැස් ගිරවා’ යනුවෙනි.

‘කොබුඩායි’ ආසියාවට, පැසිෆික් සාගරයට, කොරියානු අර්ධද්වීපයට ආවේණිකය. ‘කොබුඩායි’ පිරිමි මාළුවා ගැහැනු මාළුවාට වඩා ප්‍රමාණයෙන් විශාලයි. රිදී අළු පැහැතියි. ගැහැනු සත්වයා අඳුරු අළු පැහැයක් ගනී. පිරිමි කොබුඩායිට ඇත්තේ අප්‍රසන්න පෙනුමකි. හිසේ විශාල මොල්ලියකි. මේ මාළුවාට නිකටක් ඇත. එය විශාලය. ඉදිරියට නෙරාවිත් ඇත. එහෙට මෙහෙට නැමුණු දත් ද විශාල තොල් ඇති මුඛයෙන් පිටතට නෙරා පවතී. බැලූ බැල්මට අපට අප්‍රසන්න වුණත්, ‘කොබුඩායි’ ගැහැනු සතුන්ට නම්, මේ දැවැන්ත පිරිමි මාළුවා කඩවසම් හැඩකාරියෙකි.

පිරිමි ‘කොබුඩායි’ මීටරයක් දිගින් යුක්ත වන අතර, බර කිලෝ 15 කි. ප්‍රමාණයෙන් කුඩා ගැහැනු සතුන් මෙවැනි සද්දන්ත පිරිමියකු ඉදිරියේ අසරණය. වර්ගයා බෝ කිරීමට පිරිමි සතා සූදානම් වෙයි. ඔහු ගැහැනු සත්වයා සමඟ එක් වෙයි. ඔහුගේ ‘වැයික්කියේ’ වාසය කරන සියලුම ගැහැනු මාළුවන් ඔහුගේ ‘පුරුෂාධිපත්‍යයට’ යටය. කෙසේ නමුත්, අවුරුදු 10ක් වන ‘කොබුඩායි’ ගැහැනු සතුන්ට, පිරිමි මාළුවාගේ ‘ලිංගික අඩන්තේට්ටම්’ ඉවසා සිටිය නොහැකි වෙයි. අවුරුදු 10ක් ගතවෙද්දී, ඇතැම් ගැහැනු මාළුවන් මහා පෙරැළියකට ලක් වෙයි.

පිරිමි කොබුඩායි මාළුවාගේ ලිංගික හිරිහැරවලට ලක්වුණු ගැහැනු ‘කොබුඩායි’ මාළුවා, කෙසේ හෝ බේරී මුහුදු ශාකවලින් වැසුණු ගිලුණු නැවක කුහරයක් ඇතුළට රිංගා ගනී. අඳුරු ගුහාවක් වැනි මේ කුහරයේ සැඟවෙන කොබුඩායි ගැහැනු මාළුවාගේ සිරුර පරිවර්තනයකට ලක් වෙයි. මාස ගණනාවක් ඌ සැඟවුණු තැනින් පිටතට පැමිණෙන්නේ නැත. ගැහැනු මාළුවාගේ සිරුර කෙමෙන් කෙමෙන් විශාල වීමට පටන් ගනීයි. මාස කිහිපයක් ගත වෙද්දී, ඇගේ සිරුරේ ඇති එන්සයිම විශේෂයක් සක්‍රීය වී, ක්‍රියාත්මක වෙයි. දැන් ඇගේ සිරුර පුරා සංසරණය වීමට පටන් ගන්නේ පිරිමි සතුන්ගේ හෝමෝනය.

තවත් දින කිහිපයක් ගත වෙද්දී, ගැහැනු මාළුවාගේ හිස විශාල වීමට පටන් ගනී. මොල්ලියක් නිර්මාණය වෙයි. කට පළල් වී පහළට එල්ලී නිකටක් නිර්මාණය වෙයි. පිරුණු තොල් ඇති මුඛය විශාල වෙයි. පරිවර්තනය අවසන්ය. ගැහැනු මාළුවා, සැඟවී සිටි අඳුරු ගුහාවෙන් පිටතට පැමිණෙයි. ඒ, ගැහැනු මාළුවකු ලෙස නොව සද්ධන්ත ‘කොබුඩායි’ පිරිමි මාළුවකු විදියටය. ඇය ඔහු බවට පරිවර්තනය වී ඇත.

දැන් ඔහු වුණු ‘ඇය’ ප්රචණ්ඩය. ගැහැනු සතුන් සිය අණසකට නතු කරගෙන සිටින පරණ පිරිමි මාළුවාට, ඔහු බවට පත්වුණු ඇයගෙන් අභියෝගයක් එල්ල වෙයි. දෙදෙනා සටනකට මුල පුරයි. හකුපාඩා අයාගෙන මුහුණට මුහුණ දෙදෙනා ගැටෙයි. හිස වඩා විශාල නම් දිනුම හිමි ෙවන්නේ ඔහුටයි. පිරිමි මාළුවකු වුණු ගැහැනු මාළුවා සිය මුඛයෙන් පහරක් එල්ල කරයි. පැරැණි පිරිමි මාළුවාගේ මුඛය තුවාල වෙයි. අවසානයේ දී පැරැණි පිරිමි මාළුවා, අලුත් පිරිමි මාළුවාට පරදී. ඔහු පරාජය පිළිගිනිමින් පසුබසී. අලුත් මාළුවාට ජය.

දැන් වැයික්කියේ අලුත් නායකයා වන්නේ ඔහු වුණු ඇයයි. වැයික්කියේ සෙසු ගැහැනු මාළුවන් ඔහුගේ අණට කීකරු විය යුතුය. යළිත් පුරුෂාධිපත්‍යය රජ කරයි. තුවාල වී පරාජයට පත් වුණු පැරැණි පිරිමි ‘කොබුඩායි’ මාළුවා යටහත් පහත්ව සැඟවී ජීවත් වෙයි. උගේ කතාව දැන් අවසන්ය. දැන් අලුත් පිරිමියා රජ කරයි. පුරුෂාධිපත්‍යය පතුරුවමින්, ගැහැනු සතුන් වසඟයට ගනී. මේ විදියට ලිංග පෙරැළියකට ලක් වෙන්නේ ‘කොබුඩායි’ මාළුවන්ගේ ප්‍රමාණයෙන් විශාල ගැහැනු සතුන් පමණි. හැම ගැහැනු සතකුම එසේ ලිංග පෙරැළියකට ලක් වන්නේ නැත. මේ ‘පෙරැළිය’ උන්ට උදව්වක් වෙයි. ඒ, ඔවුන්ගේ ‘සුවිශේෂ ලිංග පෙරැළි ජාන’ පිරුණු පරම්පරාව දිගටම පවත්වාගෙන යෑම සඳහාය. හැම ‘කොබුඩායි’ ගැහැනු සතකුගේම සිරුරේ අලුත් පිරිමියෙක් බලා සිටී.

අපූරු මිතුදම්

සෑම වසන්ත කාලයකම, නවසීලන්ත දූපත් රාජ්‍යයට ඔබ්බෙන් සාගරයට දුර්ලභ ගණයේ අමුත්තෝ පිරිසක් පැමිණෙති. බැලූ බැල්මට ඔවුන් ‘මරු තල්මසුන්’ වැනිය. ඒත් ඔවුන් මරු තල්මසුන් නොවෙයි. ඔවුන් හැඳින්වෙන්නේ ‘බොරු මරු තල්මසුන්’ කියාය. ඉංග්‍රීසියෙන් ‘ෆෝල්ස් කිලර් වේල්ස්’ යනුවෙන් හැඳින්වෙන මොවුන්ගේ සත්ව විද්‍යාත්මක නාමය ‘සියුඩෝකා ක්රැසිඩෙන්ස්’ ය. සිංහලෙන් මොවුන් හැඳින්වෙන්නේ ‘කොමඩුවා’ කියාය. මොවුන් ‘බොරු මරු තල්මසුන්’ යනුවෙන් හැඳින්වෙන්නේ බැලූ බැල්මට මොවුන් ‘මරු තල්මසුන්’ කියා රැවටෙන නිසාය. ‘මරු තල්මසුන්’ ඉංග්‍රීසි බසින් හැඳින්වෙන්නේ ‘කිලර් වේල්ස්’ යනුවෙනි. ‘ ඕකා’ යන නමින් හැඳින්වෙන්නේ ද මරු තල්මසුන්ය. මොවුන් මෙලෙසින් හැඳින්වෙන්නේ ගොදුර අල්ලා ගන්නා සාගරයේ වෙසෙන දක්ෂ දඩයක්කාරයන් වීම නිසාය.

‘බොරු මරු තල්මසුන්’ එසේත් නැතිනම් ‘කොමඩුවෝ’ මරු තල්මසුන්ගේ ඥාතියෝය. ‘කොමඩුවෝ’ මීටර් හයක් පමණ දිගින් යුක්ත වෙති. බර ටොන් එකක් පමණය. සෑම වසන්ත කාලයකම, නවසීලන්ත දූපත් රාජ්‍යයට ඔබ්බෙන් සාගරයට කොමඩුවන් පැමිණෙන්නේ තවත් පිරිසක් සොයමිනි. කොමඩුවන් සොයන්නේ කවුරු ද? ඔවුන් සොයන්නේ ඩොල්ෆින් රංචුවකි. ඒ ඇයි ගොදුරක් විදියට අල්ලා ගන්න ද?

වෙරළට නුදුරින් සාගර ප්‍රදේශයේ ඩොල්ෆින් මසුන් බහුලව දැකිය හැකිය. ඩොල්ෆින් මසුන් යැයි කීවත්, ඩොල්ෆින් (සිංහලෙන් මුල්ලා) අයත් ෙවන්නේ මත්ස්‍ය පවුලට නොව, කිරි බී වැඩෙන්නන්ගේ පවුලට හෙවත් ක්ෂීරපායීන් අතරය. කොමඩුවෝ ද ක්ෂීරපායීන් වෙති.

බෝතල් නාස ඩොල්ෆින් රංචු සැමවිටම එකිනෙකා සමඟ සන්නිවේදනයේ යෙදෙති. ඒ, ඔවුන්ට ආවේණික ශබ්ද උපයෝගී කර ගනිමිනි. ඩොල්ෆින්ලා සිවුරුහම් බෑම කරයි. මොවුන්ගේ තියුණු හඬ මුහුදු පතුලේ සැතපුම් ගණනක් ඈතට විහිදෙයි.

කොමඩුවන්ට ඩොල්ෆින්ලාගේ හඬ ඇසෙයි. ගතවන්නේ නිමේෂයකි. කොමඩුවන් රංචුව වහා ක්‍රියාත්මක වී, ඩොල්ෆින් රංචුව සිටින දිසාවට පිහිනා යෑම ආරම්භ කරයි. කොමඩුවන් මුහුදු රළ අතරින් වේගයෙන් පිහිනා යන්නේ නොට් 10ක වේගයකිනි.

වැඩි වෙලාවක් යෑමට පෙර, කොමඩුවෝ, ඩොල්ෆින් රංචුවට කිට්ටු වෙති. එය හරියට ගොදුරක් සොයා සිංහ රංචුවක් මුවන් රංචුවක් පසුපස ලුහුබැඳ දිවයනවා හා සමානය. කොමඩුවන් රංචුව ඩොල්ෆින් රංචුව අතරට කඩා වදී. තවත් සැතපුම් කිහිපයක දුරක් දෙගොල්ලෝ තරගෙට පිහිනා යති. බැලූ බැල්මට පෙනෙන්නේ කොමඩුවන් ඩොල්ෆින් රංචුව ගොදුරු කර ගන්න සැරැසෙන අයුරුය. කොයි මොහොතේ හෝ කොමඩුවන්ගෙන් ඩොල්ෆින් රංචුවට ප්‍රහාරයක් එල්ල වේවි යැයි සිතෙයි.

හිටිහැටියේ, වේගයෙන් පිහිනා ආ දෙගොල්ලෝම නතර වෙති. එවිට සිදුෙවන්නේ අපූරු දෙයකි. ඩොල්ෆින් මසුන් ආපහු හැරී, උන් පසුපස ලුහුබැඳ ආ පිරිස හමුවට යන්නේ එම පිරිස උණුසුම් ලෙස පිළිගනිමිනි. එය පරණ යාළුවෝ පිරිසක් එකිනෙකා හමුවුණා හා සමානය. එකිනෙකට වෙනස් ජීව විශේෂ දෙකක්, මේ අයුරින් එකිනෙකා හමුවී ඔවුන්ට ආවේණික හඬවලින් සන්නිවේදනයේ යෙදෙයි. එය සැබැවින්ම විස්මිතය. මෙම ‘හමුව’ සෑම වසරක් පාසාම සිදුවෙයි. කොමඩුවන් රංචුවේ හැමෝම, ඩොල්ෆින් රංචුවේ හැම සාමාජිකයකුම හොඳින් හඳුනා ගනී. මෙය විද්‍යාඥයන් පවා මවිතයට පත් කිරීමට හේතුවක් වී ඇති අබිරහසකි. එකිනෙකට වෙනස් ජීව විශේෂ දෙකකට අයත් වුවත්, මොවුන් දොගොල්ලන් පැරැණි මිතුරන් බව පෙනී යයි. ආගිය තොරතුරු කතාබහ කිරීමෙන් පසු කොමඩු රංචුව සහ ඩොල්ෆින් රංචුව එකමුතුව දඩයමේ යෑම ද සිදු කරයි. රංචු දෙක මේ අයුරින් සාමූහිකව එක්වුණාම, මහා හමුදා බලඇණියක් වැනිය.

පියාඹන මඩුවා

උණුසුම් ගිම්හානයයේදී, ඇතැම් සාගර කලාප ජීවයෙන් පිරී යයි. මඩුවා (ඉංග්‍රීසි බසින් රේ) යනු පියාපත් බඳු ලොකු ළය වරල් සහ දිගු සිහින් වලිගයක් ඇති පැතලි සිරුරකට හිමිකම් කියන කාටිලේජ මත්ස්‍යයෙකි. මෙක්සිකෝවට අයත් කෝටේස් මුහුදට ‘මොබියුලා රේ’ මඩුවන් පැමිණෙන්නේ දහස් ගණනින් රංචු ලෙසිනි. උණුසුම් මුහුදු රළ අතරින් පිහිනා යන මොවුහු හරි අපූරු දෙයක් කරති. ඒ, ජලය මතුපිටින් පැන අඩි කිහිපයක් පියඹා යෑමට තැත් කිරීමය. මොබියුලා මඩුවන් ඔවුන්ගේ ළය වරල් සලන්නේ වවුලකු තටු ගසනා අයුරිනි. මොබියුලා මඩුවන් මෙසේ කරන්නේ ඇයි? මෙය සාගරජීව විද්‍යාඥයන්ට ප්රහේලිකාවකි. ඒ ඇයි කිසිවෙක් දන්නේ නැත.

මොවුන් කෑම සොයා යන්නේ බොහෝවිට රාත්‍රී කාලයේය. ඒ, මහා රංචු වශයෙනි. මොවුන්ගේ රාත්‍රී ආහාරය වන්නේ ප්ලාවාංගයන්ය. ප්ලාවාංග යනු ජලයේ පාවෙන කුඩා ජීවීන් විශේෂයකි. දස දහස් ගණනින්, ප්ලාවාංග, ගැඹුරේ සිට මතුපිට මුහුදු සීමාවට පැමිණෙද්දී උන් ආහාරයට ගැනීමට මොබියුලා මඩුවෝ සැදී පැහැදී බලා සිටිති. සාගර ජලයේ කැළැඹුමත් සමඟ, බොහෝ ප්ලාවාංග ජීවීන් සන්දීප්තිමත් වෙයි. එසේත් නැතිනම් සිරුරෙන් ආලෝකය විහිදීමට සලස්වයි. ප්ලාවාංග ජීවීන්ගේ සිරුරුවලින් නිකුත්වන දීප්තියෙන් අඩු ඒ ආලෝකය කැමරාවේ සටහන් කර ගැනීමට මොබියුලා මඩුවන්ගේ හැසිරීම් රටා නිරීක්ෂණය කරන විද්‍යාඥයන්ට හැකි වී ඇත. මොබියුලා මඩුවන්, නිල් පැහැයෙන් දීපිතිමත් වුණු ප්ලාවාංග ජීවීන් ආහාරයට ගන්නා අයුරු බ්ලූ ප්ලැනට් කණ්ඩායමට රූගත කිරීමට හැකිවූයේ නව තාක්ෂණයේ ආධාරයෙනි. මඩුවන්, ප්ලාවාංග ජීවීන් ගොදුරු කර ගනිමින්, උන් අතරින් පිහිනා යන්නේ, දඩයක්කරු සහ ගොදුර අතරේත්, ජීවිතයත් මරණයත් අතරේත් සොඳුරු මෙන්ම අපූරු වර්ණවත් නර්තනයක් ඉදිරිපත් කරනා අයුරිනි.

ලුසිත ජයමාන්න

බ්ලූ ප්ලැනට් ඇසුරිනි

[QUOTE="araki, post: 23102472, member: 360239"] [b]ගැඹුරු මුහුදේ බොරුකාරෙයා්[/b] [B][SIZE=4]ගැඹුරු මුහුදේ බොරුකාරෙයා්[/SIZE][/B] [SIZE=4][/SIZE] [COLOR=#B22222][B][SIZE=4]‘සමුදුරු සුවිසැරිය’ ඩේවිඩ් ඇටන්බරෝගේ ‘බ්ලූ ප්ලැනට්’ ඇසුරිණි[/SIZE][/B][/COLOR] [COLOR=#B22222][SIZE=4][/SIZE][/COLOR] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_759a32fee2.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන ‘බ්ලූ ප්ලැනට්’ වාර්තා වැඩසටහන් පෙළට පාදක ෙවන්නේ සාගරයයි. 91 හැවිරිදි ඩේවිඩ් ඇටන්බරෝ කීර්තිමත් චරිතයකි. ඔහු ස්වභාවවේදියෙකි. කෘතහස්ථ රූපවාහිනී නිවේදකයකු සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස ඔහු අපට කියාදෙන දේවල් බොහොමය. බී.බී.සී. නාළිකාවේ විකාශය වන ‘බ්ලූ ප්ලැනට්’ වාර්තා වැඩසටහන් මාලාවේ දෙවැනි කතා පෙළ නරඹන්නන් විස්මයටත් අමන්දානන්දයටත් පත් කරමින් විකාශය වෙයි. පෙර නිර්මාණය වුණු වාර්තා වැඩසටහන් මෙන් නොව, ‘බ්ලූ ප්ලැනට් 2’ නිර්මාණයේදී අතිනවීන තාක්ෂණය යොදා ගෙන ඇත. විවිධාකාරයේ කැමරා උපකරණ, ඩ්‍රෝන යානා සහ සබ්මැරීන ආදිය බී.බී.සී කණ්ඩායම භාවිතයට ගෙන තිබේ. ‘බ්ලූ ප්ලැනට් 2’ නිර්මාණය සඳහා බී.බී.සී. නිර්මාණකරුවන්ට වසර හතරකට වඩා වැඩි කාලයක් ගත වුණු අතර, සියලු දසුන් ‘එච්.ඩී’ තාක්ෂණයෙන් පටිගත කර ඇත. ඒ අනුව, අතිසුපැහැදිලි දසුනින් පිරි ‘බ්ලූ ප්ලැනට් 2’ කතාමාලාව සැබැවින්ම විස්මිතය. අප ජීවත්ෙවන මේ ලෝකය, එසේත් නැතිනම් පෘථිවිය සියයට 70ක් පිරී ඇත්තේ සාගරවලිනි. මහා සාගරය විස්මයජනකය. මිනිසා අභ්‍යවකාශය ජයගෙන සඳට පය තැබුවත්, මහ සාගරය තවමත් මුළුමනින් ගවේෂණය කර නැත. අධික පීඩනය හේතුවෙන් මිනිස් අපට සාගරයේ අඳුරු මෙන්ම ගැඹුරු පතුළට යෑම අසීරුය. සාගරයේ, රළවලට යටින් සැඟවුණු දේ බොහොමය. අපට සිතාගත නොහැකි විදියේ හරි අපූරු ජීවීහු සාගරයේ වාසය කරති. අතීතයේ මෙන් නොව, තාක්ෂණයේ දියුණුවත් සමඟ, සාගර ජීව විද්‍යාඥයන්ට මෙම අපූරු ජීවීන්ගේ වගතුග අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ. [/SIZE][/B] [SIZE=4] [/SIZE] [B][SIZE=4]ඇය නොවන ඔහු [/SIZE][/B] [SIZE=4]උතුරු ජපානයට ඔබ්බෙන් සාගර පතුළේ ගිළුණු නැව්වල නටබුන් අතර දකින්න ලැබෙන්නේ මූදු පතුළේ වනාන්තරයකි. කොළ සහ දුඹුරු පැහැයෙන් යුත් ජලජ ශාකවලින් පිරුණු මෙම වනාන්තරය අඳුරුය. ගුප්ත පෙනුමක් දකින්න ලැබේ. මෙම සාගර වනාන්තරය, නොයෙක් නොයෙක් අපූරු, අසාමාන්‍ය පමණක් නොව වර්ණවත් මසුන්ගේ නිවහනය. සාගරයේ උණුසුම සහ සීතල ද වෙනස් වෙයි. සාගරයේ ද ඍතු භේද දකින්න ලැබේ. මේ මුහුදු වනාන්තරය ආශ්රිත පදිංචිකරුවන් බොහෝ දෙනෙක් ගිම්හානය අපේක්ෂාවෙන් සිටිති. ගිම්හානය යනු ඇතැමුන්ට වර්ගයා බෝ කිරීමේ කාලයයි. [/SIZE] [SIZE=4]අඳුරු මෙන්ම ගුප්ත වනාන්තරයේ ගිලුණු නැව්වල සුන්බුන් සහ කුහර අතරින් සෙමින් සෙමින් ඇදෙන දැවැන්තයෙකි. ඌ ප්‍රමාණයෙන් විශාල පිළිකුල දනවන මත්ස්‍යයෙකි. මේ මත්ස්‍යයා හැඳින්වෙන්නේ ‘කොබුඩායි’ යන නමිනි. සත්ව විද්‍යාත්මක නාමය ‘සෙමිකොසිපිස් රෙටිකියුලේටස්’ ය. මෙම මත්ස්‍යයා අයත් වන්නේ ‘ව්රාස්’ මත්ස්‍ය පවුලටය. ‘ව්රාස්’ මසුන් සිංහලෙන් හැඳින්වෙන්නේ ‘රැස් ගිරවා’ යනුවෙනි. [/SIZE] [SIZE=4]‘කොබුඩායි’ ආසියාවට, පැසිෆික් සාගරයට, කොරියානු අර්ධද්වීපයට ආවේණිකය. ‘කොබුඩායි’ පිරිමි මාළුවා ගැහැනු මාළුවාට වඩා ප්‍රමාණයෙන් විශාලයි. රිදී අළු පැහැතියි. ගැහැනු සත්වයා අඳුරු අළු පැහැයක් ගනී. පිරිමි කොබුඩායිට ඇත්තේ අප්‍රසන්න පෙනුමකි. හිසේ විශාල මොල්ලියකි. මේ මාළුවාට නිකටක් ඇත. එය විශාලය. ඉදිරියට නෙරාවිත් ඇත. එහෙට මෙහෙට නැමුණු දත් ද විශාල තොල් ඇති මුඛයෙන් පිටතට නෙරා පවතී. බැලූ බැල්මට අපට අප්‍රසන්න වුණත්, ‘කොබුඩායි’ ගැහැනු සතුන්ට නම්, මේ දැවැන්ත පිරිමි මාළුවා කඩවසම් හැඩකාරියෙකි. [/SIZE] [SIZE=4]පිරිමි ‘කොබුඩායි’ මීටරයක් දිගින් යුක්ත වන අතර, බර කිලෝ 15 කි. ප්‍රමාණයෙන් කුඩා ගැහැනු සතුන් මෙවැනි සද්දන්ත පිරිමියකු ඉදිරියේ අසරණය. වර්ගයා බෝ කිරීමට පිරිමි සතා සූදානම් වෙයි. ඔහු ගැහැනු සත්වයා සමඟ එක් වෙයි. ඔහුගේ ‘වැයික්කියේ’ වාසය කරන සියලුම ගැහැනු මාළුවන් ඔහුගේ ‘පුරුෂාධිපත්‍යයට’ යටය. කෙසේ නමුත්, අවුරුදු 10ක් වන ‘කොබුඩායි’ ගැහැනු සතුන්ට, පිරිමි මාළුවාගේ ‘ලිංගික අඩන්තේට්ටම්’ ඉවසා සිටිය නොහැකි වෙයි. අවුරුදු 10ක් ගතවෙද්දී, ඇතැම් ගැහැනු මාළුවන් මහා පෙරැළියකට ලක් වෙයි. [/SIZE] [SIZE=4]පිරිමි කොබුඩායි මාළුවාගේ ලිංගික හිරිහැරවලට ලක්වුණු ගැහැනු ‘කොබුඩායි’ මාළුවා, කෙසේ හෝ බේරී මුහුදු ශාකවලින් වැසුණු ගිලුණු නැවක කුහරයක් ඇතුළට රිංගා ගනී. අඳුරු ගුහාවක් වැනි මේ කුහරයේ සැඟවෙන කොබුඩායි ගැහැනු මාළුවාගේ සිරුර පරිවර්තනයකට ලක් වෙයි. මාස ගණනාවක් ඌ සැඟවුණු තැනින් පිටතට පැමිණෙන්නේ නැත. ගැහැනු මාළුවාගේ සිරුර කෙමෙන් කෙමෙන් විශාල වීමට පටන් ගනීයි. මාස කිහිපයක් ගත වෙද්දී, ඇගේ සිරුරේ ඇති එන්සයිම විශේෂයක් සක්‍රීය වී, ක්‍රියාත්මක වෙයි. දැන් ඇගේ සිරුර පුරා සංසරණය වීමට පටන් ගන්නේ පිරිමි සතුන්ගේ හෝමෝනය. [/SIZE] [SIZE=4]තවත් දින කිහිපයක් ගත වෙද්දී, ගැහැනු මාළුවාගේ හිස විශාල වීමට පටන් ගනී. මොල්ලියක් නිර්මාණය වෙයි. කට පළල් වී පහළට එල්ලී නිකටක් නිර්මාණය වෙයි. පිරුණු තොල් ඇති මුඛය විශාල වෙයි. පරිවර්තනය අවසන්ය. ගැහැනු මාළුවා, සැඟවී සිටි අඳුරු ගුහාවෙන් පිටතට පැමිණෙයි. ඒ, ගැහැනු මාළුවකු ලෙස නොව සද්ධන්ත ‘කොබුඩායි’ පිරිමි මාළුවකු විදියටය. ඇය ඔහු බවට පරිවර්තනය වී ඇත. [/SIZE] [SIZE=4]දැන් ඔහු වුණු ‘ඇය’ ප්රචණ්ඩය. ගැහැනු සතුන් සිය අණසකට නතු කරගෙන සිටින පරණ පිරිමි මාළුවාට, ඔහු බවට පත්වුණු ඇයගෙන් අභියෝගයක් එල්ල වෙයි. දෙදෙනා සටනකට මුල පුරයි. හකුපාඩා අයාගෙන මුහුණට මුහුණ දෙදෙනා ගැටෙයි. හිස වඩා විශාල නම් දිනුම හිමි ෙවන්නේ ඔහුටයි. පිරිමි මාළුවකු වුණු ගැහැනු මාළුවා සිය මුඛයෙන් පහරක් එල්ල කරයි. පැරැණි පිරිමි මාළුවාගේ මුඛය තුවාල වෙයි. අවසානයේ දී පැරැණි පිරිමි මාළුවා, අලුත් පිරිමි මාළුවාට පරදී. ඔහු පරාජය පිළිගිනිමින් පසුබසී. අලුත් මාළුවාට ජය. [/SIZE] [SIZE=4]දැන් වැයික්කියේ අලුත් නායකයා වන්නේ ඔහු වුණු ඇයයි. වැයික්කියේ සෙසු ගැහැනු මාළුවන් ඔහුගේ අණට කීකරු විය යුතුය. යළිත් පුරුෂාධිපත්‍යය රජ කරයි. තුවාල වී පරාජයට පත් වුණු පැරැණි පිරිමි ‘කොබුඩායි’ මාළුවා යටහත් පහත්ව සැඟවී ජීවත් වෙයි. උගේ කතාව දැන් අවසන්ය. දැන් අලුත් පිරිමියා රජ කරයි. පුරුෂාධිපත්‍යය පතුරුවමින්, ගැහැනු සතුන් වසඟයට ගනී. මේ විදියට ලිංග පෙරැළියකට ලක් වෙන්නේ ‘කොබුඩායි’ මාළුවන්ගේ ප්‍රමාණයෙන් විශාල ගැහැනු සතුන් පමණි. හැම ගැහැනු සතකුම එසේ ලිංග පෙරැළියකට ලක් වන්නේ නැත. මේ ‘පෙරැළිය’ උන්ට උදව්වක් වෙයි. ඒ, ඔවුන්ගේ ‘සුවිශේෂ ලිංග පෙරැළි ජාන’ පිරුණු පරම්පරාව දිගටම පවත්වාගෙන යෑම සඳහාය. හැම ‘කොබුඩායි’ ගැහැනු සතකුගේම සිරුරේ අලුත් පිරිමියෙක් බලා සිටී. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_487e9690d3.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]අපූරු මිතුදම් [/SIZE][/B] [SIZE=4]සෑම වසන්ත කාලයකම, නවසීලන්ත දූපත් රාජ්‍යයට ඔබ්බෙන් සාගරයට දුර්ලභ ගණයේ අමුත්තෝ පිරිසක් පැමිණෙති. බැලූ බැල්මට ඔවුන් ‘මරු තල්මසුන්’ වැනිය. ඒත් ඔවුන් මරු තල්මසුන් නොවෙයි. ඔවුන් හැඳින්වෙන්නේ ‘බොරු මරු තල්මසුන්’ කියාය. ඉංග්‍රීසියෙන් ‘ෆෝල්ස් කිලර් වේල්ස්’ යනුවෙන් හැඳින්වෙන මොවුන්ගේ සත්ව විද්‍යාත්මක නාමය ‘සියුඩෝකා ක්රැසිඩෙන්ස්’ ය. සිංහලෙන් මොවුන් හැඳින්වෙන්නේ ‘කොමඩුවා’ කියාය. මොවුන් ‘බොරු මරු තල්මසුන්’ යනුවෙන් හැඳින්වෙන්නේ බැලූ බැල්මට මොවුන් ‘මරු තල්මසුන්’ කියා රැවටෙන නිසාය. ‘මරු තල්මසුන්’ ඉංග්‍රීසි බසින් හැඳින්වෙන්නේ ‘කිලර් වේල්ස්’ යනුවෙනි. ‘ ඕකා’ යන නමින් හැඳින්වෙන්නේ ද මරු තල්මසුන්ය. මොවුන් මෙලෙසින් හැඳින්වෙන්නේ ගොදුර අල්ලා ගන්නා සාගරයේ වෙසෙන දක්ෂ දඩයක්කාරයන් වීම නිසාය. [/SIZE] [SIZE=4]‘බොරු මරු තල්මසුන්’ එසේත් නැතිනම් ‘කොමඩුවෝ’ මරු තල්මසුන්ගේ ඥාතියෝය. ‘කොමඩුවෝ’ මීටර් හයක් පමණ දිගින් යුක්ත වෙති. බර ටොන් එකක් පමණය. සෑම වසන්ත කාලයකම, නවසීලන්ත දූපත් රාජ්‍යයට ඔබ්බෙන් සාගරයට කොමඩුවන් පැමිණෙන්නේ තවත් පිරිසක් සොයමිනි. කොමඩුවන් සොයන්නේ කවුරු ද? ඔවුන් සොයන්නේ ඩොල්ෆින් රංචුවකි. ඒ ඇයි ගොදුරක් විදියට අල්ලා ගන්න ද? [/SIZE] [SIZE=4]වෙරළට නුදුරින් සාගර ප්‍රදේශයේ ඩොල්ෆින් මසුන් බහුලව දැකිය හැකිය. ඩොල්ෆින් මසුන් යැයි කීවත්, ඩොල්ෆින් (සිංහලෙන් මුල්ලා) අයත් ෙවන්නේ මත්ස්‍ය පවුලට නොව, කිරි බී වැඩෙන්නන්ගේ පවුලට හෙවත් ක්ෂීරපායීන් අතරය. කොමඩුවෝ ද ක්ෂීරපායීන් වෙති. [/SIZE] [SIZE=4]බෝතල් නාස ඩොල්ෆින් රංචු සැමවිටම එකිනෙකා සමඟ සන්නිවේදනයේ යෙදෙති. ඒ, ඔවුන්ට ආවේණික ශබ්ද උපයෝගී කර ගනිමිනි. ඩොල්ෆින්ලා සිවුරුහම් බෑම කරයි. මොවුන්ගේ තියුණු හඬ මුහුදු පතුලේ සැතපුම් ගණනක් ඈතට විහිදෙයි. [/SIZE] [SIZE=4]කොමඩුවන්ට ඩොල්ෆින්ලාගේ හඬ ඇසෙයි. ගතවන්නේ නිමේෂයකි. කොමඩුවන් රංචුව වහා ක්‍රියාත්මක වී, ඩොල්ෆින් රංචුව සිටින දිසාවට පිහිනා යෑම ආරම්භ කරයි. කොමඩුවන් මුහුදු රළ අතරින් වේගයෙන් පිහිනා යන්නේ නොට් 10ක වේගයකිනි. [/SIZE] [SIZE=4]වැඩි වෙලාවක් යෑමට පෙර, කොමඩුවෝ, ඩොල්ෆින් රංචුවට කිට්ටු වෙති. එය හරියට ගොදුරක් සොයා සිංහ රංචුවක් මුවන් රංචුවක් පසුපස ලුහුබැඳ දිවයනවා හා සමානය. කොමඩුවන් රංචුව ඩොල්ෆින් රංචුව අතරට කඩා වදී. තවත් සැතපුම් කිහිපයක දුරක් දෙගොල්ලෝ තරගෙට පිහිනා යති. බැලූ බැල්මට පෙනෙන්නේ කොමඩුවන් ඩොල්ෆින් රංචුව ගොදුරු කර ගන්න සැරැසෙන අයුරුය. කොයි මොහොතේ හෝ කොමඩුවන්ගෙන් ඩොල්ෆින් රංචුවට ප්‍රහාරයක් එල්ල වේවි යැයි සිතෙයි. [/SIZE] [SIZE=4]හිටිහැටියේ, වේගයෙන් පිහිනා ආ දෙගොල්ලෝම නතර වෙති. එවිට සිදුෙවන්නේ අපූරු දෙයකි. ඩොල්ෆින් මසුන් ආපහු හැරී, උන් පසුපස ලුහුබැඳ ආ පිරිස හමුවට යන්නේ එම පිරිස උණුසුම් ලෙස පිළිගනිමිනි. එය පරණ යාළුවෝ පිරිසක් එකිනෙකා හමුවුණා හා සමානය. එකිනෙකට වෙනස් ජීව විශේෂ දෙකක්, මේ අයුරින් එකිනෙකා හමුවී ඔවුන්ට ආවේණික හඬවලින් සන්නිවේදනයේ යෙදෙයි. එය සැබැවින්ම විස්මිතය. මෙම ‘හමුව’ සෑම වසරක් පාසාම සිදුවෙයි. කොමඩුවන් රංචුවේ හැමෝම, ඩොල්ෆින් රංචුවේ හැම සාමාජිකයකුම හොඳින් හඳුනා ගනී. මෙය විද්‍යාඥයන් පවා මවිතයට පත් කිරීමට හේතුවක් වී ඇති අබිරහසකි. එකිනෙකට වෙනස් ජීව විශේෂ දෙකකට අයත් වුවත්, මොවුන් දොගොල්ලන් පැරැණි මිතුරන් බව පෙනී යයි. ආගිය තොරතුරු කතාබහ කිරීමෙන් පසු කොමඩු රංචුව සහ ඩොල්ෆින් රංචුව එකමුතුව දඩයමේ යෑම ද සිදු කරයි. රංචු දෙක මේ අයුරින් සාමූහිකව එක්වුණාම, මහා හමුදා බලඇණියක් වැනිය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_6afe18efd3.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]පියාඹන මඩුවා [/SIZE][/B] [SIZE=4]උණුසුම් ගිම්හානයයේදී, ඇතැම් සාගර කලාප ජීවයෙන් පිරී යයි. මඩුවා (ඉංග්‍රීසි බසින් රේ) යනු පියාපත් බඳු ලොකු ළය වරල් සහ දිගු සිහින් වලිගයක් ඇති පැතලි සිරුරකට හිමිකම් කියන කාටිලේජ මත්ස්‍යයෙකි. මෙක්සිකෝවට අයත් කෝටේස් මුහුදට ‘මොබියුලා රේ’ මඩුවන් පැමිණෙන්නේ දහස් ගණනින් රංචු ලෙසිනි. උණුසුම් මුහුදු රළ අතරින් පිහිනා යන මොවුහු හරි අපූරු දෙයක් කරති. ඒ, ජලය මතුපිටින් පැන අඩි කිහිපයක් පියඹා යෑමට තැත් කිරීමය. මොබියුලා මඩුවන් ඔවුන්ගේ ළය වරල් සලන්නේ වවුලකු තටු ගසනා අයුරිනි. මොබියුලා මඩුවන් මෙසේ කරන්නේ ඇයි? මෙය සාගරජීව විද්‍යාඥයන්ට ප්රහේලිකාවකි. ඒ ඇයි කිසිවෙක් දන්නේ නැත. [/SIZE] [SIZE=4]මොවුන් කෑම සොයා යන්නේ බොහෝවිට රාත්‍රී කාලයේය. ඒ, මහා රංචු වශයෙනි. මොවුන්ගේ රාත්‍රී ආහාරය වන්නේ ප්ලාවාංගයන්ය. ප්ලාවාංග යනු ජලයේ පාවෙන කුඩා ජීවීන් විශේෂයකි. දස දහස් ගණනින්, ප්ලාවාංග, ගැඹුරේ සිට මතුපිට මුහුදු සීමාවට පැමිණෙද්දී උන් ආහාරයට ගැනීමට මොබියුලා මඩුවෝ සැදී පැහැදී බලා සිටිති. සාගර ජලයේ කැළැඹුමත් සමඟ, බොහෝ ප්ලාවාංග ජීවීන් සන්දීප්තිමත් වෙයි. එසේත් නැතිනම් සිරුරෙන් ආලෝකය විහිදීමට සලස්වයි. ප්ලාවාංග ජීවීන්ගේ සිරුරුවලින් නිකුත්වන දීප්තියෙන් අඩු ඒ ආලෝකය කැමරාවේ සටහන් කර ගැනීමට මොබියුලා මඩුවන්ගේ හැසිරීම් රටා නිරීක්ෂණය කරන විද්‍යාඥයන්ට හැකි වී ඇත. මොබියුලා මඩුවන්, නිල් පැහැයෙන් දීපිතිමත් වුණු ප්ලාවාංග ජීවීන් ආහාරයට ගන්නා අයුරු බ්ලූ ප්ලැනට් කණ්ඩායමට රූගත කිරීමට හැකිවූයේ නව තාක්ෂණයේ ආධාරයෙනි. මඩුවන්, ප්ලාවාංග ජීවීන් ගොදුරු කර ගනිමින්, උන් අතරින් පිහිනා යන්නේ, දඩයක්කරු සහ ගොදුර අතරේත්, ජීවිතයත් මරණයත් අතරේත් සොඳුරු මෙන්ම අපූරු වර්ණවත් නර්තනයක් ඉදිරිපත් කරනා අයුරිනි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_ba23edb4c4.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]ලුසිත ජයමාන්න බ්ලූ ප්ලැනට් ඇසුරිනි [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom