Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගැස්ට්‍රයිටිස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැස්ට්‍රයිටිස්

නියපොත්තෙන් කඩන්න පුළුවන් ගැස්ට්‍රයිටිස් පොරොවෙන් කපන්න ඉඩ තියන්න එපා

කොළඹ මහ රෝහලේ වෛද්‍ය රනිල් ජයසේන

මහතද? කෙට්ටු ද

තිස්සෙම බඩගිනි ද? නැත්නම් කන්නම බැරිද?

බඩ පපුව දැවිල්ල ද? සැරින් සැරේ වැසිකිළියන්න ඕන වගේ ද?

ඒ මුකුත් ම නැත්නම් නිතරම ‘ගුඩුස්’ යනවාද?

මේ දේවල් ගැන නොසැලකිලිමත් විදිහට හිතනවා නම් පුංචි කතාවක් කියන්නම්.

හැබැයි ඒ ගැන හිතට අරන් බයවෙන්න නම් ඔට්ටු නෑ.

දවසක් දොස්තර කෙනෙක් ළඟට හදිසියෙන් පැමිණි රෝගියෙක් කීවාලු”

“අනේ ඩොක්ටර් මට බයයි.”

වෛද්‍යවරයා බැරෑරුම් හඬින් ඇහුවලු “හ්ම් මොකද?”

“අනේ ඩොක්ටර් මට බයයි මටත් මැරෙන්න හිතෙයි කියලා”

“මොනවා” වෛද්‍යවරයා පුදුමයට පත් වුණාලු.

“අනේ ඔව් ඩොක්ටර්... මගේ යාළුවෙක් ගැස්ට්‍රයිටීස් ඉවසගන්න බැරුව

සියදිවි නහගන්න හැදුව, මටත් එහෙම හිතෙයිද?”

වෛද්‍යවරයාට කාරණය පැහැදිලි වුණේ එවිටයි. ඔහු ඉතා කරුණාවෙන් ඒ රෝගියාට ගැස්ට්‍රයිටිස් නියපොත්තෙන් කඩා ගත හැකි ක්‍රමය ගැන කියා දුන්නා. පොරොවෙන් කපන කල් හිටියොත් ගැස්ට්‍රයිටිස් මාරාන්තිකයි. ඒ නිසා අපිත් අහමු ඒ මොනවගේ ලෙඩක් ද කියා කොළඹ මහ රෝහලේ වෛද්‍ය රණිල් ජයසේන මහතාගෙන්.

ග්‍රීක භාෂාවෙන් ‘ගැස්ට්‍රිස්’ කියන්නේ ආමාශය. ‘අයිටිස්’ කියන්නේ ප්‍රදාහය. අපි ගැස්ට්‍රයිටිස් නැත්නම් ආමවාතය ලෙස හඳුන්වන්නේ ආමාශ බිත්තියේ ශ්ලේෂ්මල පටලයේ ඇතිවන ප්‍රදාහ Inflammation තත්ත්වයයි. සරලව කීවොත් ඉදිමීමක්, දැවිල්ලක්, තුවාල තත්ත්වයක් ඇතිවීමයි.

“සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට ආමාශයේ හෝ උදර කුහරයේ හෝ ඊට ඉහළින් ඇති උරස් කුහර ප්‍රදේශයේ අපහසුවක් ඇති වුණාම “මට ගැස්ට්‍රයිටිස්” කියන්න පුරුදුවෙලා ඉන්නවා. ඒත් සමහරවිට එය ගලනාලයේ ප්‍රදාහයක් (Oesophagitis) වෙන්නත් පුළුවන්. එයට අපි ‘රිෆ්ලක්ස්’ කියාත් කියනවා.

එහෙමත් නැතිනම් ග්‍රහණියේ මුල් කොටසේ ඇතිවන ප්‍රදාහ තත්ත්වයක් වෙන්නත් බැරි නැහැ. එය අපි හඳුන්වන්නේ ඩුවොඩිනයිටිස් (Duodinitis) යනුවෙන්.

ගැස්ට්‍රයිටීස් වැරදියට තේරුම් ගැනීම නිසා වැඩ වරද්දා ගන්න අයත් ඉන්නවා. මොකද ගලනාලයේ කෙළවර ඇතිවන ආසාදන තත්ත්වය නිසා සමහරවිට පපුවේ දැවිල්ලක් මෙන් ම හිරවීමක් ඇතිවෙනවා වගේ දැනෙනවාලු. මෙය හෘදය වස්තුවේ ඇතිවන වේදනාවට යම් දුරකට සමානයිලු. රෝගීන් කලබල වෙලා ‘හාට් ප්‍රොබ්ලම්’ කියලා හිතන්නත් පුළුවන්ලු.

ඒකෙම අනෙක් පැත්ත තමයි, ඇත්තටම හෘදය රෝගයක් තියෙන කෙනෙක් වුණත් “මට ගැස්ට්‍රයිටිස් නිසා වෙන්නැති” කියා සැබෑ හෘද රෝග අවස්ථාවක් මග ඇර ගැනීම. එය නම් අනෙක් අවස්ථාවට වඩා භයානක වෙන්නත් පුළුවන්. ඒ නිසා වයස අවුරුදු 40 න් ඉහළ අය මෙවැනි වේදනාවකදී පරීක්ෂණයකට භාජනය වෙලා වේදනාව කුමක් නිසා ඇති වුණා දැයි දැනගැනීම ඇඟට ගුණයි.

ආමාශයේ තුවාල නැත්නම් ගැස්ට්‍රයිටිස් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව ආහාර පානය. සමහර වෙලාවට හන්දි ආබාධ , කොන්ද කැක්කුම්වලට ගන්නා ස්ටෙරොයිඩ නොවන වේදනා නාශක නිසාත් ගැස්ට්‍රයිටිස් ඇතිවෙන්න පුළුවන්.

වැඩියෙන් ම අගුණයි කියලා වෛද්‍යවරයා කියන්නේ නම් මද්‍යසාරයි දුම්පානයයි. මොකද ආමාශයේ ඇතුළත බිත්තියේ ශ්ලේෂ්මල පටලයට ඍජුව හානි කිරීමට ප්‍රධාන හේතු දෙක එයයි.

දුම්පානයේ දී සිගරට්වල තිබෙන කාබන් මොනොක්සයිඩ් නිසා ලේ නහර හීනි වීමෙන් රුධිර නාලවල ඇතිවන අවහිරතා නිසා ඒවා හානි වෙනවා. ආමාශයේ රුධිර නාලවලට එහෙම හානි වුණා ම ගැස්ට්‍රයිටිස්වලට හොඳ ඉල්ලමක් පෑදෙනවා.

මද්‍යසාර නිසා ශ්ලේෂ්මල පටලයට සිදුවන හානිය වැඩි කරන්න හේතුවෙන්නේ බොන කොට කන ‘බයිට්’ වර්ගයි. ඒවායේ තිබෙන තෙල් මිරිස් වලින් මද්‍යසාර නිසා ආමාශ බිත්තිවල ඇතිවන තුවාල තවත් හොඳට පැතිරෙන්න උදව් දෙනවා.

ඒ වගේ ම මද්‍යසාර හා සිගරට්වලින්. ආමාශය ආරම්භයේ ඇති කපාට දුර්වල වෙලා ආමාශයේ ඇති හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හෝ ආහාර ආපසු ගලනාලයට ආවොත් නැත්නම් ආමාශයට යන පිත උඩට ආවොත් මුලින් ම කියු රිෆ්ලක්ස් හෙවත් බඩපපුව දැවිල්ල තත්ත්වය දැනෙන්න ගන්නවා. ඒ වෙලාවට ආමාශයේ එකතුවන වායුවක් උඩට ඇවිත් ගුඩුස් ගාමින් පිට වුණාම තමයි අපි කියන්නේ රාමතෙල් කියලා.

මේ රාමතෙල් යන්නේ කපාට බුරුල්වීම නිසා කියලා වෛද්‍ය ජයසේන තේරුම් කර දුන්නහ. ඒ සඳහා කැෆේන් වර්ග අධික පාන, තේ, කෝපි, කොකෝවා සහිත ආහාර පාන වගේ ම විශේෂයෙන් ‘මයිට්’ වර්ග ගැනීම ද හේතුවන බවයි වෛද්‍යවරයා පැවසුවේ.

ග්‍රහණියේ Helicovacter pylori නම් බැක්ටීරියාව නිසාත් ගැස්ට්‍රයිටීස් ඇතිවෙනවා. අපිරිසුදු ආහාර හා ජලය නිසා මේ බැක්ටීරියාව ශරීරගත වෙන බව මෑතකදී සොයාගෙන තිබෙනවා.

වෛද්‍ය රණිල් ජයසේන විශේෂයෙන් අවධාරණය කළ කරුණක් තමයි ‘කඩ කෑම’. ඔහුගේ වචනවලින් කීවොත් ‘ටේක් අ වේ කෑමවලට අපේ ජනතාව හොඳට පුරුදු වෙලා. නමුත් කෑමවල සෞඛ්‍ය තත්ත්වය ගැන වගකීමක් නැහැ. ගැස්ට්‍රයිටිස් රෝගීන් වැඩිවෙන්න එක හේතුවක් තමයි මේ කෑම.”

“පොඩි ළමයින්ටත් කෑමකන්න වෙලාවක් නැතිවීම නිසා හෝ විෂබීජ ආමාශගත වීම නිසා ගැස්ට්‍රයිටිස් හැදෙන්න පුළුවන්. විශේෂයෙන් ම ආහාර හොඳින් හපන්නේ නැතිව කෑවාමත් ආමාශයේ ක්‍රියාකාරිත්වය වැඩිවෙලා ඒ සඳහා වැඩිපුර අම්ල නිකුත් වෙලා ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇතිවෙන්න පුළුවන්” වෛද්‍යවරයා පැහැදිලි කළා.

අධික මානසික ආතතිය අධිකව හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිපදවන්න හේතුවෙන නිසා එයත් ගැස්ට්‍රයිටිස්වලට මුලක්. පිළිස්සුම් තුවාල, හදිසි අනතුරු නිසා සිරුරේ බොහෝ තැන්වල තුවාල ඇතිවීම ගැස්ට්‍රයිටිස්වලට හේතුවක් වකුගඩු නරක් වීම නිසා ඇතිවන ‘යුරිනියා’ තත්ත්වයත් ආමාශ බිත්තියට රුධිරය සැපයීම අඩු කරලා තුවාල හැදෙන්න හේතුවක්. ඒ වගේ ම ඕනෑම බෙහෙත් වර්ගයත් අධිකව හෝ දිගු කාලයක් තිස්සේ ගැනීමෙනුත් ගැස්ට්‍රයිටිස් හැදෙනවා.

නිතර නිතර බඩගිනි හැදෙනවා නම් ඒකට හේතුවත් ගැස්ට්‍රයිටිස්. මොකද ආමාශයේ තුවාල නිසා ‘කුසගිනි සංකෝචන’ ඇති කරන්න කම්මැලි වෙනවා. ඒ නිසා නිතර නිතර කෑම ගන්න කොට ස්ථුලතාව ඇතිවෙනවා. ඒ එක පැත්තක්. අනෙක් අතට ආමාශයට එන පිත ආපස්සට ශ්‍රාවය වුණාම කෑම අරුචිය හැදෙනවා. කෑම කනවිට වේදනාව දැනෙද්දී කෑමට බිය වෙනවා. ඒ නිසා දිගටම නොකා හිටියොත් කෙට්ටු වෙනවා. ඒ තවත් පැත්තක්.

කෑම අරුචිය ඇතිවන්නේ ඇයි දන්නවාද? ආමාශයේ ඇති කපාට බුරුල් වීම නිසා කුඩා බඩවැලට යා යුතු පිත ආපස්සට එනවා. මෙය ආහාර දිරවීමට බාධාවක්. එසේ නොදිරවූ ආහාර මහ බඩවැලට ගියාම මහ බඩවැලේ පේශිවලට ‘කේන්ති’ එනවා. එතකොට මහ බඩවැල් පේශීන් තද වෙනවා. ඒකට කියන්නේ “ඉරිටබල් බවල් ඩිසීස්” කියලයි.

කොහොම වුණත් වෛද්‍ය රණිල් පවසන්නේ ඒ ගැන ටිකක් හොඳින් තේරුම් ගත යුතුයි කියලයි. “සමහර වෙලාවට ඉහත තත්ත්වයට සමානව උදරයේ පැත්තක වේදනාවක් හෝ අපහසුතාවක් ඇතිවෙන්න පුළුවන්, ආමාශයේ පිළිකා වැනි දේවල් නිසා. ඉතින් ආහාර අරුචිය හා කෘෂවීමක් තිබෙනවා නම් ගැස්ට්‍රයිටිස් කියා ඉන්නේ නැතිව සොයා බලා සැක හැර දැන ගැනීම ඉතා වැදගත්.”

විශේෂයෙන්ම කාන්තාවන්ට පිත්තාශයේ ගල් නිසාත් එසේ වේදනා ඇතිවිය හැකි බැවින් ස්කෑන් පරීක්ෂණයක් කර ගැනීම හොඳයි කියලයි වෛද්‍යවරයා උපදෙස් දුන්නේ.

මිරිස්, තෙල් අඩු ආහාර ගැනීමත්, හොඳින් ජලය පානය කිරීමත්, වරින්වර ස්වල්ප වශයෙන් ආහාර ගැනීමත් මගින් යන්තම් හැදීගෙන එන ගැස්ට්‍රයිටිස් හොඳ කර ගන්න පුළුවන්ලු. බැරිවෙලාවත් මේ වනවිට ඔබ ගැස්ට්ර්රයිටිස්වලින් විඳවනවා නම් ඒ වේදනාවට තවත් බය විය යුතු නෑ. ඉතාම පහසු ක්‍රමවලින් දැන් රෝගය හඳුනගන්න පුළුවන් කියලා වෛද්‍ය ජයසේන මහතා කියා දුන්නා.

”ඉස්සර වගේ ගැස්ට්‍රයිටිස් ද නැද්ද කියා අනුමාන කරමින් සිටිය යුතු නැහැ. අවශ්‍ය පරීක්ෂණ කිරීමේ පහසුව තියෙනවා. එන්ඩොස් කොපි පරීක්ෂණයකින් විදුලිය ධාරාවක් සහ කාචයක් සහිත නම්‍යශීලී බටයක් ගලනාලය ඔස්සේ යැවීමෙන් ආමාශය ඇතුළත බලාගත හැකියි. බෙහෙත් ලබා දීමෙන් රෝගය සුව කරන්න පුළුවන්. වැඩිදියුණු කළ ප්‍රතිකාර ක්‍රම තිබෙනවා.

එන්ඩොස්කොපි මගින් සමහර අයගේ සංකුලතා, රුධිර වහනයවීම් පවා නැවැත්වීමට හැකියාව තිබෙනවා. වේදනාවක් අපහසුවක් නැති ප්‍රතිකාරයක් නිසා අපහසුවක් නැතිව එදාම ගෙදර යන්නත් පුළුවන්.

පිළිකා තත්ත්වයක් කියා සැකයක් ඇති වුණොත් ඒ පටක වැඩිපුර පරීක්ෂණ සඳහා යවනවා.”

ගැස්ට්‍රයිටිස් තත්ත්වය උග්‍ර වුණාම නම් ඉවසගන්න හරි අමාරුයි. ඒකට හේතුව ආමාශයේ ශ්ලේෂ්මල පටලවලට විතරක් හානිවෙලා නතර නොවී සෛල පවා ජීර්ණය කරගෙන තුවාල ගැඹුරට විහිදීමයි. කොපමණ ගැඹුරට ද කියතොත් ආමාශ පතුලේ රුධිර වාහිනී පුපුරා අධික ලේ වහනය වන තරමට ඒවා ගැඹුරට යනවා. එහෙම වුණාම හඳුනගන්න ලෙහෙසිම ක්‍රමය තමයි මළපහ සමඟ ලේ පිටවීම. මෙලීනා නමින් හඳුන්වන මේ තත්ත්වයේදී මළ පිටවෙන්නේ කළු පැහැයටයි.

එසේ ඇතිවන තුවල තවදුරටත් ගැඹුරට විහිදි, බිත්තිය සිදුරු වී, ආමාශයේ ඇති ආහාරත්, හයිඩ්‍රොක්ලෝරික් අම්ලයත් පරිතාන කුහරයට එනම් අපි දන්නා ආකාරයට උදර කුහරයට ශ්‍රාවය වීම නිසා ඉතා අසාධ්‍ය රෝග තත්ත්වයක් වන පෙරිටනයිටිස් ඇති වෙන බව වෛද්‍ය ජයසේන මහතා කීවා. ඒ අවස්ථාවේදී තමයි අර වගේ සියදිවි නහගන්න හිතෙන තරමට වේදනාව දැනෙන්නේ. මේ තත්ත්වය කලාතුරකින් ඇතිවන්නක්.

අධික ස්ථූලතාවය ආමාශයේ තුවාල හැදෙන්න හේතු වෙන්න පුළුවන්. මොකද ආමාශ බිත්තියේ ගනකම වැඩි වීමෙන් උදර කුහරයේ අභ්‍යන්තර පීඩනය වැඩි වී ආමාශය උරස් කුහරයට තල්ලුවී යන්නත් පුළුවන්. එවිට කලින් කී කපාට බුරුල් වී බඩ පපුව දැවිල්ලට එන රිෆ්ලික්ස් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ආමාශය ඉහළට තල්ලු වී පෙනහලු තෙරපීම නිසා නිදා ගැනීමේත්, හුස්ම ගැනීමේත් අපහසුතා ඇති වෙන්නත් පුළුවන්.

සමහරු මේ වගේ වෙලාවට කරන්නේ කොට්ට දෙක තුනක් තියලා නිදා ගන්න එකයි. ඒත් ඒකෙන් වෙන්නේ ඇඟ දෙකට නැවෙන නිසා තවත් අපහසුව වැඩිවීමයි.

ඒ වගේ අපහසුවක් තිබෙනවා නම් කළ යුතු හොඳම දෙය ඇෙඳ් ඉහත්තාව එනම් ඔළුව තියන පැත්ත අඟල් 8 ක් පමණ උස්වන පරිදි ඇඳ ඇල කර ගැනීමයි.

මහත මෙන්ම අධික කෘෂ ශරීරවලටත් ප්‍රශ්න ඇතිවනවා. එයට හේතුව උදර කුහරයේ රුධිර ආශි‍්‍රත මේද ස්ථරයේ ගනකම අඩුවීමෙන් සමහර රුධිර වාහිනීවල බර කුඩා බඩවැල මත පැටවී පිත ගලා යෑමට බාධාවීමලු. එවිට පිත ආපස්සට ගමන් කිරීමෙන් ආමාශය හා ගලනාල තුවාල වෙනවා.

මේ වගේ තත්ත්වයකදී නිඳා ගන්න හොඳම ක්‍රමය කලින් කියූ පරිදිම ඇඳේ ඉහත්තාව උස්සා ඇඳමත මුනින් අතට හැරීගෙනයි.

ආමාශයේ ව්‍යුහමය පිහිටීම අනුව ආමාශයෙන් ඉක්මනින් ආහාර පිටවීමට පහසුවීම සඳහා දකුණු ඇලයට නිඳා ගැනීමත් හොඳ බවයි වෛද්‍යවරයා කීවේ.

ගර්භණී මව්වරුන්ගෙන් සමහරුන්ටත් ආමාශය ඉහළට තල්ලුවීමෙන් සහ ආහාර ජීර්ණය කිරීමේ වේගය අඩු වීමෙනුත්, ආමාශය හිස් වීමෙනුත් ගැස්ට්‍රයිටිස් ඇතිවෙන්න පුළුවන්. හැබැයි මෙහෙම වෙන්නේ ප්රාචීරයේ පටකවල දුර්වලතා ඇති අයට පමණයි. ඒ අයත් ඇඳ ඉහත්ත උස්සා නිදා ගැනීම, හොඳින් ජලය පානය කිරීම වගේම වරින්වර ආහාර ටිකටික ගැනීම හොඳයිලු.

සමහරුන්ට කෑම කන වාරයක් පාසා වැසිකිළි යන්න සිදු වන්නේ සංකෝචනය වූ මහබඩවැල එකවර බුරුල් වී අවශ්‍යතාව මතුවන නිසයි. ඇතැම් අයට ආහාර නොගත්තත් සමහරුන්ට අවශ්‍යතාව ඇති වෙන්න පුළුවන්. ආමාශයේ තුවාලවල බැක්ටීරියා ආසාදන ඇතිවුවහොත් උණ, හන්දිපත් රුදාව ඇති වෙන්න පුළුවන්. පිතට කැරකැවිල්ල සමඟ වමනය ඇති වෙන්න පුළුවන්. ගලනාලය හිරවීමෙනුත් වමනයට එන්න පුළුවන්.

සමහර කාන්තාවන්ට ඔසප් කාලෙදී ගැස්ට්‍රයිටිස් වගේ දැනෙන්නේ ඒ කාලෙට ඇතිවන වේදනාව සහ ඒ ගැන සිතමින් කනස්සල්ලට පත්වීම වගේම වේදනා නාශක අධිකව භාවිත කිරීම නිසා.

තවත් වැදගත්ම කතාවක් වෛද්‍යවරයා කීවා. ඒක නම් වැඩිපුරම වටින්නේ නිතර සෙනග අතර ගැවසෙන අයටයි. කපාට සවිමත් අයගේ ආමාශයේ පිරෙන වායුව ඉහළින් නැතිව පහළ මාර්ගයෙන් පිටවෙන්න උත්සහ කරනවා. ඒ වගේ වේලාවට සෝඩා ටිකක් බිව්වාම අපහසුව අඩුවී, වායු දෙකේම බලය යෙදී ඉහළ කපාට ඇරෙන නිසා ගුඩුස් හැටියට පිට කර ගන්න පුළුවන්.

ඊළඟ කාරණේ තමයි විවිධ ආහාර නිසා ගැස්ට්‍රයිටිස් ඇති වෙනවාය කියන එක. ඒ ගැනනම් වෛද්‍ය රනිල් ජයසේන කියන්නේ මෙහෙමයි. “මිරිස් තුනපහ තෙල් අධිකව ඇති ආහාරත්, බුලත්විට, මද්‍යසාර, දුම්වැටිත්, වේලාවට ආහාර නොගැනීමත්, අඩුවෙන් වතුර බීමත් ගැස්ට්‍රයිටිස්වලට හේතු වෙනවා. ආහාර දිරවීම පහසු කරන්න පලතුරු ගත්තට අන්නාසි, තක්කාලි හා ඇඹරැල්ලා වැඩිපුර ගැනීමත් අහිතකර වෙන්නත් පුළුවන්.

කෙනෙකුට ගැස්ට්‍රයිටිස්වලට ගුණ හෝ අගුණ ආහාර තවත් කෙනෙකුට එලෙසම බලපාන්නේ නැහැ. ඒ නිසා තමන්ට සුදුසු නුසුදුසු මොනවාද කියා අත්දැකීමෙන්ම තේරුම් ගෙන අගුණ ඒවායින් වැළැකීම තමයි හොඳම ක්‍රමය. තවත් එකක් කිව යුතුයි. ආමාශගත තුවාල සාමාන්‍යයෙන් පිළිකා බවට හැරෙන්නේ නැහැ. ඒ නිසා අනියත බියක් ඇති කර ගන්න අවශ්‍ය නැහැ. මොකද ආමාශයේ ඇතිවන බෙනිජින් නමින් හඳුන්වන “අහිංසක තුවාල” ඇත්තෙන්ම අහිංසකයි.

ගැස්ට්රයිටිස්වල ඇති සමහර රෝග ලක්ෂණ පිළිකා වලටත් ඇතිවිය හැකි නිසා නිශ්චිතව දැන ගැනීම හොඳයි.

මේ හැම දෙයකින්ම අවබෝධ වන්නේ තමන්ගේ මට්ටම් තම්මට්ටම් බව තම තම නැණ පමණින් දැනගෙන සිටීමත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා නොගෙන මැදුම් පිළිවෙතට අනුව ජීවන රටාව හැඩගස්සවා ගන්නවා නම් අනියත බියකින් නොපෙළී පරම ලාභය වූ නීරෝගිකම අප වෙත ළඟාකර ගත හැකි බව නොවේද?

ඉස්සුවෙ බුකියෙන්.. වැදගත් දෙයක් නිසා කට්ටිය එක්ක බෙදා ගත්තා

Family Doctor (පවුලේ වෛද්‍යවරයා)

[QUOTE="Sam Rock, post: 19388894, member: 527616"] [b]ගැස්ට්‍රයිටිස්[/b] [SIZE="3"]නියපොත්තෙන් කඩන්න පුළුවන් ගැස්ට්‍රයිටිස් පොරොවෙන් කපන්න ඉඩ තියන්න එපා කොළඹ මහ රෝහලේ වෛද්‍ය රනිල් ජයසේන මහතද? කෙට්ටු ද තිස්සෙම බඩගිනි ද? නැත්නම් කන්නම බැරිද? බඩ පපුව දැවිල්ල ද? සැරින් සැරේ වැසිකිළියන්න ඕන වගේ ද? ඒ මුකුත් ම නැත්නම් නිතරම ‘ගුඩුස්’ යනවාද? මේ දේවල් ගැන නොසැලකිලිමත් විදිහට හිතනවා නම් පුංචි කතාවක් කියන්නම්. හැබැයි ඒ ගැන හිතට අරන් බයවෙන්න නම් ඔට්ටු නෑ. දවසක් දොස්තර කෙනෙක් ළඟට හදිසියෙන් පැමිණි රෝගියෙක් කීවාලු” “අනේ ඩොක්ටර් මට බයයි.” වෛද්‍යවරයා බැරෑරුම් හඬින් ඇහුවලු “හ්ම් මොකද?” “අනේ ඩොක්ටර් මට බයයි මටත් මැරෙන්න හිතෙයි කියලා” “මොනවා” වෛද්‍යවරයා පුදුමයට පත් වුණාලු. “අනේ ඔව් ඩොක්ටර්... මගේ යාළුවෙක් ගැස්ට්‍රයිටීස් ඉවසගන්න බැරුව සියදිවි නහගන්න හැදුව, මටත් එහෙම හිතෙයිද?” වෛද්‍යවරයාට කාරණය පැහැදිලි වුණේ එවිටයි. ඔහු ඉතා කරුණාවෙන් ඒ රෝගියාට ගැස්ට්‍රයිටිස් නියපොත්තෙන් කඩා ගත හැකි ක්‍රමය ගැන කියා දුන්නා. පොරොවෙන් කපන කල් හිටියොත් ගැස්ට්‍රයිටිස් මාරාන්තිකයි. ඒ නිසා අපිත් අහමු ඒ මොනවගේ ලෙඩක් ද කියා කොළඹ මහ රෝහලේ වෛද්‍ය රණිල් ජයසේන මහතාගෙන්. ග්‍රීක භාෂාවෙන් ‘ගැස්ට්‍රිස්’ කියන්නේ ආමාශය. ‘අයිටිස්’ කියන්නේ ප්‍රදාහය. අපි ගැස්ට්‍රයිටිස් නැත්නම් ආමවාතය ලෙස හඳුන්වන්නේ ආමාශ බිත්තියේ ශ්ලේෂ්මල පටලයේ ඇතිවන ප්‍රදාහ Inflammation තත්ත්වයයි. සරලව කීවොත් ඉදිමීමක්, දැවිල්ලක්, තුවාල තත්ත්වයක් ඇතිවීමයි. “සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට ආමාශයේ හෝ උදර කුහරයේ හෝ ඊට ඉහළින් ඇති උරස් කුහර ප්‍රදේශයේ අපහසුවක් ඇති වුණාම “මට ගැස්ට්‍රයිටිස්” කියන්න පුරුදුවෙලා ඉන්නවා. ඒත් සමහරවිට එය ගලනාලයේ ප්‍රදාහයක් (Oesophagitis) වෙන්නත් පුළුවන්. එයට අපි ‘රිෆ්ලක්ස්’ කියාත් කියනවා. එහෙමත් නැතිනම් ග්‍රහණියේ මුල් කොටසේ ඇතිවන ප්‍රදාහ තත්ත්වයක් වෙන්නත් බැරි නැහැ. එය අපි හඳුන්වන්නේ ඩුවොඩිනයිටිස් (Duodinitis) යනුවෙන්. ගැස්ට්‍රයිටීස් වැරදියට තේරුම් ගැනීම නිසා වැඩ වරද්දා ගන්න අයත් ඉන්නවා. මොකද ගලනාලයේ කෙළවර ඇතිවන ආසාදන තත්ත්වය නිසා සමහරවිට පපුවේ දැවිල්ලක් මෙන් ම හිරවීමක් ඇතිවෙනවා වගේ දැනෙනවාලු. මෙය හෘදය වස්තුවේ ඇතිවන වේදනාවට යම් දුරකට සමානයිලු. රෝගීන් කලබල වෙලා ‘හාට් ප්‍රොබ්ලම්’ කියලා හිතන්නත් පුළුවන්ලු. ඒකෙම අනෙක් පැත්ත තමයි, ඇත්තටම හෘදය රෝගයක් තියෙන කෙනෙක් වුණත් “මට ගැස්ට්‍රයිටිස් නිසා වෙන්නැති” කියා සැබෑ හෘද රෝග අවස්ථාවක් මග ඇර ගැනීම. එය නම් අනෙක් අවස්ථාවට වඩා භයානක වෙන්නත් පුළුවන්. ඒ නිසා වයස අවුරුදු 40 න් ඉහළ අය මෙවැනි වේදනාවකදී පරීක්ෂණයකට භාජනය වෙලා වේදනාව කුමක් නිසා ඇති වුණා දැයි දැනගැනීම ඇඟට ගුණයි. ආමාශයේ තුවාල නැත්නම් ගැස්ට්‍රයිටිස් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව ආහාර පානය. සමහර වෙලාවට හන්දි ආබාධ , කොන්ද කැක්කුම්වලට ගන්නා ස්ටෙරොයිඩ නොවන වේදනා නාශක නිසාත් ගැස්ට්‍රයිටිස් ඇතිවෙන්න පුළුවන්. වැඩියෙන් ම අගුණයි කියලා වෛද්‍යවරයා කියන්නේ නම් මද්‍යසාරයි දුම්පානයයි. මොකද ආමාශයේ ඇතුළත බිත්තියේ ශ්ලේෂ්මල පටලයට ඍජුව හානි කිරීමට ප්‍රධාන හේතු දෙක එයයි. දුම්පානයේ දී සිගරට්වල තිබෙන කාබන් මොනොක්සයිඩ් නිසා ලේ නහර හීනි වීමෙන් රුධිර නාලවල ඇතිවන අවහිරතා නිසා ඒවා හානි වෙනවා. ආමාශයේ රුධිර නාලවලට එහෙම හානි වුණා ම ගැස්ට්‍රයිටිස්වලට හොඳ ඉල්ලමක් පෑදෙනවා. මද්‍යසාර නිසා ශ්ලේෂ්මල පටලයට සිදුවන හානිය වැඩි කරන්න හේතුවෙන්නේ බොන කොට කන ‘බයිට්’ වර්ගයි. ඒවායේ තිබෙන තෙල් මිරිස් වලින් මද්‍යසාර නිසා ආමාශ බිත්තිවල ඇතිවන තුවාල තවත් හොඳට පැතිරෙන්න උදව් දෙනවා. ඒ වගේ ම මද්‍යසාර හා සිගරට්වලින්. ආමාශය ආරම්භයේ ඇති කපාට දුර්වල වෙලා ආමාශයේ ඇති හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හෝ ආහාර ආපසු ගලනාලයට ආවොත් නැත්නම් ආමාශයට යන පිත උඩට ආවොත් මුලින් ම කියු රිෆ්ලක්ස් හෙවත් බඩපපුව දැවිල්ල තත්ත්වය දැනෙන්න ගන්නවා. ඒ වෙලාවට ආමාශයේ එකතුවන වායුවක් උඩට ඇවිත් ගුඩුස් ගාමින් පිට වුණාම තමයි අපි කියන්නේ රාමතෙල් කියලා. මේ රාමතෙල් යන්නේ කපාට බුරුල්වීම නිසා කියලා වෛද්‍ය ජයසේන තේරුම් කර දුන්නහ. ඒ සඳහා කැෆේන් වර්ග අධික පාන, තේ, කෝපි, කොකෝවා සහිත ආහාර පාන වගේ ම විශේෂයෙන් ‘මයිට්’ වර්ග ගැනීම ද හේතුවන බවයි වෛද්‍යවරයා පැවසුවේ. ග්‍රහණියේ Helicovacter pylori නම් බැක්ටීරියාව නිසාත් ගැස්ට්‍රයිටීස් ඇතිවෙනවා. අපිරිසුදු ආහාර හා ජලය නිසා මේ බැක්ටීරියාව ශරීරගත වෙන බව මෑතකදී සොයාගෙන තිබෙනවා. වෛද්‍ය රණිල් ජයසේන විශේෂයෙන් අවධාරණය කළ කරුණක් තමයි ‘කඩ කෑම’. ඔහුගේ වචනවලින් කීවොත් ‘ටේක් අ වේ කෑමවලට අපේ ජනතාව හොඳට පුරුදු වෙලා. නමුත් කෑමවල සෞඛ්‍ය තත්ත්වය ගැන වගකීමක් නැහැ. ගැස්ට්‍රයිටිස් රෝගීන් වැඩිවෙන්න එක හේතුවක් තමයි මේ කෑම.” “පොඩි ළමයින්ටත් කෑමකන්න වෙලාවක් නැතිවීම නිසා හෝ විෂබීජ ආමාශගත වීම නිසා ගැස්ට්‍රයිටිස් හැදෙන්න පුළුවන්. විශේෂයෙන් ම ආහාර හොඳින් හපන්නේ නැතිව කෑවාමත් ආමාශයේ ක්‍රියාකාරිත්වය වැඩිවෙලා ඒ සඳහා වැඩිපුර අම්ල නිකුත් වෙලා ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇතිවෙන්න පුළුවන්” වෛද්‍යවරයා පැහැදිලි කළා. අධික මානසික ආතතිය අධිකව හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිපදවන්න හේතුවෙන නිසා එයත් ගැස්ට්‍රයිටිස්වලට මුලක්. පිළිස්සුම් තුවාල, හදිසි අනතුරු නිසා සිරුරේ බොහෝ තැන්වල තුවාල ඇතිවීම ගැස්ට්‍රයිටිස්වලට හේතුවක් වකුගඩු නරක් වීම නිසා ඇතිවන ‘යුරිනියා’ තත්ත්වයත් ආමාශ බිත්තියට රුධිරය සැපයීම අඩු කරලා තුවාල හැදෙන්න හේතුවක්. ඒ වගේ ම ඕනෑම බෙහෙත් වර්ගයත් අධිකව හෝ දිගු කාලයක් තිස්සේ ගැනීමෙනුත් ගැස්ට්‍රයිටිස් හැදෙනවා. නිතර නිතර බඩගිනි හැදෙනවා නම් ඒකට හේතුවත් ගැස්ට්‍රයිටිස්. මොකද ආමාශයේ තුවාල නිසා ‘කුසගිනි සංකෝචන’ ඇති කරන්න කම්මැලි වෙනවා. ඒ නිසා නිතර නිතර කෑම ගන්න කොට ස්ථුලතාව ඇතිවෙනවා. ඒ එක පැත්තක්. අනෙක් අතට ආමාශයට එන පිත ආපස්සට ශ්‍රාවය වුණාම කෑම අරුචිය හැදෙනවා. කෑම කනවිට වේදනාව දැනෙද්දී කෑමට බිය වෙනවා. ඒ නිසා දිගටම නොකා හිටියොත් කෙට්ටු වෙනවා. ඒ තවත් පැත්තක්. කෑම අරුචිය ඇතිවන්නේ ඇයි දන්නවාද? ආමාශයේ ඇති කපාට බුරුල් වීම නිසා කුඩා බඩවැලට යා යුතු පිත ආපස්සට එනවා. මෙය ආහාර දිරවීමට බාධාවක්. එසේ නොදිරවූ ආහාර මහ බඩවැලට ගියාම මහ බඩවැලේ පේශිවලට ‘කේන්ති’ එනවා. එතකොට මහ බඩවැල් පේශීන් තද වෙනවා. ඒකට කියන්නේ “ඉරිටබල් බවල් ඩිසීස්” කියලයි. කොහොම වුණත් වෛද්‍ය රණිල් පවසන්නේ ඒ ගැන ටිකක් හොඳින් තේරුම් ගත යුතුයි කියලයි. “සමහර වෙලාවට ඉහත තත්ත්වයට සමානව උදරයේ පැත්තක වේදනාවක් හෝ අපහසුතාවක් ඇතිවෙන්න පුළුවන්, ආමාශයේ පිළිකා වැනි දේවල් නිසා. ඉතින් ආහාර අරුචිය හා කෘෂවීමක් තිබෙනවා නම් ගැස්ට්‍රයිටිස් කියා ඉන්නේ නැතිව සොයා බලා සැක හැර දැන ගැනීම ඉතා වැදගත්.” විශේෂයෙන්ම කාන්තාවන්ට පිත්තාශයේ ගල් නිසාත් එසේ වේදනා ඇතිවිය හැකි බැවින් ස්කෑන් පරීක්ෂණයක් කර ගැනීම හොඳයි කියලයි වෛද්‍යවරයා උපදෙස් දුන්නේ. මිරිස්, තෙල් අඩු ආහාර ගැනීමත්, හොඳින් ජලය පානය කිරීමත්, වරින්වර ස්වල්ප වශයෙන් ආහාර ගැනීමත් මගින් යන්තම් හැදීගෙන එන ගැස්ට්‍රයිටිස් හොඳ කර ගන්න පුළුවන්ලු. බැරිවෙලාවත් මේ වනවිට ඔබ ගැස්ට්ර්රයිටිස්වලින් විඳවනවා නම් ඒ වේදනාවට තවත් බය විය යුතු නෑ. ඉතාම පහසු ක්‍රමවලින් දැන් රෝගය හඳුනගන්න පුළුවන් කියලා වෛද්‍ය ජයසේන මහතා කියා දුන්නා. ”ඉස්සර වගේ ගැස්ට්‍රයිටිස් ද නැද්ද කියා අනුමාන කරමින් සිටිය යුතු නැහැ. අවශ්‍ය පරීක්ෂණ කිරීමේ පහසුව තියෙනවා. එන්ඩොස් කොපි පරීක්ෂණයකින් විදුලිය ධාරාවක් සහ කාචයක් සහිත නම්‍යශීලී බටයක් ගලනාලය ඔස්සේ යැවීමෙන් ආමාශය ඇතුළත බලාගත හැකියි. බෙහෙත් ලබා දීමෙන් රෝගය සුව කරන්න පුළුවන්. වැඩිදියුණු කළ ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. එන්ඩොස්කොපි මගින් සමහර අයගේ සංකුලතා, රුධිර වහනයවීම් පවා නැවැත්වීමට හැකියාව තිබෙනවා. වේදනාවක් අපහසුවක් නැති ප්‍රතිකාරයක් නිසා අපහසුවක් නැතිව එදාම ගෙදර යන්නත් පුළුවන්. පිළිකා තත්ත්වයක් කියා සැකයක් ඇති වුණොත් ඒ පටක වැඩිපුර පරීක්ෂණ සඳහා යවනවා.” ගැස්ට්‍රයිටිස් තත්ත්වය උග්‍ර වුණාම නම් ඉවසගන්න හරි අමාරුයි. ඒකට හේතුව ආමාශයේ ශ්ලේෂ්මල පටලවලට විතරක් හානිවෙලා නතර නොවී සෛල පවා ජීර්ණය කරගෙන තුවාල ගැඹුරට විහිදීමයි. කොපමණ ගැඹුරට ද කියතොත් ආමාශ පතුලේ රුධිර වාහිනී පුපුරා අධික ලේ වහනය වන තරමට ඒවා ගැඹුරට යනවා. එහෙම වුණාම හඳුනගන්න ලෙහෙසිම ක්‍රමය තමයි මළපහ සමඟ ලේ පිටවීම. මෙලීනා නමින් හඳුන්වන මේ තත්ත්වයේදී මළ පිටවෙන්නේ කළු පැහැයටයි. එසේ ඇතිවන තුවල තවදුරටත් ගැඹුරට විහිදි, බිත්තිය සිදුරු වී, ආමාශයේ ඇති ආහාරත්, හයිඩ්‍රොක්ලෝරික් අම්ලයත් පරිතාන කුහරයට එනම් අපි දන්නා ආකාරයට උදර කුහරයට ශ්‍රාවය වීම නිසා ඉතා අසාධ්‍ය රෝග තත්ත්වයක් වන පෙරිටනයිටිස් ඇති වෙන බව වෛද්‍ය ජයසේන මහතා කීවා. ඒ අවස්ථාවේදී තමයි අර වගේ සියදිවි නහගන්න හිතෙන තරමට වේදනාව දැනෙන්නේ. මේ තත්ත්වය කලාතුරකින් ඇතිවන්නක්. අධික ස්ථූලතාවය ආමාශයේ තුවාල හැදෙන්න හේතු වෙන්න පුළුවන්. මොකද ආමාශ බිත්තියේ ගනකම වැඩි වීමෙන් උදර කුහරයේ අභ්‍යන්තර පීඩනය වැඩි වී ආමාශය උරස් කුහරයට තල්ලුවී යන්නත් පුළුවන්. එවිට කලින් කී කපාට බුරුල් වී බඩ පපුව දැවිල්ලට එන රිෆ්ලික්ස් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ආමාශය ඉහළට තල්ලු වී පෙනහලු තෙරපීම නිසා නිදා ගැනීමේත්, හුස්ම ගැනීමේත් අපහසුතා ඇති වෙන්නත් පුළුවන්. සමහරු මේ වගේ වෙලාවට කරන්නේ කොට්ට දෙක තුනක් තියලා නිදා ගන්න එකයි. ඒත් ඒකෙන් වෙන්නේ ඇඟ දෙකට නැවෙන නිසා තවත් අපහසුව වැඩිවීමයි. ඒ වගේ අපහසුවක් තිබෙනවා නම් කළ යුතු හොඳම දෙය ඇෙඳ් ඉහත්තාව එනම් ඔළුව තියන පැත්ත අඟල් 8 ක් පමණ උස්වන පරිදි ඇඳ ඇල කර ගැනීමයි. මහත මෙන්ම අධික කෘෂ ශරීරවලටත් ප්‍රශ්න ඇතිවනවා. එයට හේතුව උදර කුහරයේ රුධිර ආශි‍්‍රත මේද ස්ථරයේ ගනකම අඩුවීමෙන් සමහර රුධිර වාහිනීවල බර කුඩා බඩවැල මත පැටවී පිත ගලා යෑමට බාධාවීමලු. එවිට පිත ආපස්සට ගමන් කිරීමෙන් ආමාශය හා ගලනාල තුවාල වෙනවා. මේ වගේ තත්ත්වයකදී නිඳා ගන්න හොඳම ක්‍රමය කලින් කියූ පරිදිම ඇඳේ ඉහත්තාව උස්සා ඇඳමත මුනින් අතට හැරීගෙනයි. ආමාශයේ ව්‍යුහමය පිහිටීම අනුව ආමාශයෙන් ඉක්මනින් ආහාර පිටවීමට පහසුවීම සඳහා දකුණු ඇලයට නිඳා ගැනීමත් හොඳ බවයි වෛද්‍යවරයා කීවේ. ගර්භණී මව්වරුන්ගෙන් සමහරුන්ටත් ආමාශය ඉහළට තල්ලුවීමෙන් සහ ආහාර ජීර්ණය කිරීමේ වේගය අඩු වීමෙනුත්, ආමාශය හිස් වීමෙනුත් ගැස්ට්‍රයිටිස් ඇතිවෙන්න පුළුවන්. හැබැයි මෙහෙම වෙන්නේ ප්රාචීරයේ පටකවල දුර්වලතා ඇති අයට පමණයි. ඒ අයත් ඇඳ ඉහත්ත උස්සා නිදා ගැනීම, හොඳින් ජලය පානය කිරීම වගේම වරින්වර ආහාර ටිකටික ගැනීම හොඳයිලු. සමහරුන්ට කෑම කන වාරයක් පාසා වැසිකිළි යන්න සිදු වන්නේ සංකෝචනය වූ මහබඩවැල එකවර බුරුල් වී අවශ්‍යතාව මතුවන නිසයි. ඇතැම් අයට ආහාර නොගත්තත් සමහරුන්ට අවශ්‍යතාව ඇති වෙන්න පුළුවන්. ආමාශයේ තුවාලවල බැක්ටීරියා ආසාදන ඇතිවුවහොත් උණ, හන්දිපත් රුදාව ඇති වෙන්න පුළුවන්. පිතට කැරකැවිල්ල සමඟ වමනය ඇති වෙන්න පුළුවන්. ගලනාලය හිරවීමෙනුත් වමනයට එන්න පුළුවන්. සමහර කාන්තාවන්ට ඔසප් කාලෙදී ගැස්ට්‍රයිටිස් වගේ දැනෙන්නේ ඒ කාලෙට ඇතිවන වේදනාව සහ ඒ ගැන සිතමින් කනස්සල්ලට පත්වීම වගේම වේදනා නාශක අධිකව භාවිත කිරීම නිසා. තවත් වැදගත්ම කතාවක් වෛද්‍යවරයා කීවා. ඒක නම් වැඩිපුරම වටින්නේ නිතර සෙනග අතර ගැවසෙන අයටයි. කපාට සවිමත් අයගේ ආමාශයේ පිරෙන වායුව ඉහළින් නැතිව පහළ මාර්ගයෙන් පිටවෙන්න උත්සහ කරනවා. ඒ වගේ වේලාවට සෝඩා ටිකක් බිව්වාම අපහසුව අඩුවී, වායු දෙකේම බලය යෙදී ඉහළ කපාට ඇරෙන නිසා ගුඩුස් හැටියට පිට කර ගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි විවිධ ආහාර නිසා ගැස්ට්‍රයිටිස් ඇති වෙනවාය කියන එක. ඒ ගැනනම් වෛද්‍ය රනිල් ජයසේන කියන්නේ මෙහෙමයි. “මිරිස් තුනපහ තෙල් අධිකව ඇති ආහාරත්, බුලත්විට, මද්‍යසාර, දුම්වැටිත්, වේලාවට ආහාර නොගැනීමත්, අඩුවෙන් වතුර බීමත් ගැස්ට්‍රයිටිස්වලට හේතු වෙනවා. ආහාර දිරවීම පහසු කරන්න පලතුරු ගත්තට අන්නාසි, තක්කාලි හා ඇඹරැල්ලා වැඩිපුර ගැනීමත් අහිතකර වෙන්නත් පුළුවන්. කෙනෙකුට ගැස්ට්‍රයිටිස්වලට ගුණ හෝ අගුණ ආහාර තවත් කෙනෙකුට එලෙසම බලපාන්නේ නැහැ. ඒ නිසා තමන්ට සුදුසු නුසුදුසු මොනවාද කියා අත්දැකීමෙන්ම තේරුම් ගෙන අගුණ ඒවායින් වැළැකීම තමයි හොඳම ක්‍රමය. තවත් එකක් කිව යුතුයි. ආමාශගත තුවාල සාමාන්‍යයෙන් පිළිකා බවට හැරෙන්නේ නැහැ. ඒ නිසා අනියත බියක් ඇති කර ගන්න අවශ්‍ය නැහැ. මොකද ආමාශයේ ඇතිවන බෙනිජින් නමින් හඳුන්වන “අහිංසක තුවාල” ඇත්තෙන්ම අහිංසකයි. ගැස්ට්රයිටිස්වල ඇති සමහර රෝග ලක්ෂණ පිළිකා වලටත් ඇතිවිය හැකි නිසා නිශ්චිතව දැන ගැනීම හොඳයි. මේ හැම දෙයකින්ම අවබෝධ වන්නේ තමන්ගේ මට්ටම් තම්මට්ටම් බව තම තම නැණ පමණින් දැනගෙන සිටීමත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා නොගෙන මැදුම් පිළිවෙතට අනුව ජීවන රටාව හැඩගස්සවා ගන්නවා නම් අනියත බියකින් නොපෙළී පරම ලාභය වූ නීරෝගිකම අප වෙත ළඟාකර ගත හැකි බව නොවේද? [/SIZE] [B][SIZE="4"]ඉස්සුවෙ බුකියෙන්.. වැදගත් දෙයක් නිසා කට්ටිය එක්ක බෙදා ගත්තා Family Doctor (පවුලේ වෛද්‍යවරයා)[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom