ගෑලෑක්සි S5 අයිස් බකට් චෑලෙන්ජ්
“Apple iPhone 5S” හට සරදම් කරමින් “Samsung Galaxy S5″ ALS අයිස් බකට් අභියෝගයට මුහුණදෙයි
මේ දිනවල අන්තර්ජාලයේ වැඩි වශයෙන් කතාවෙන දෙයක් තමයි මේ ALS අයිස් බකට් අභියෝගය. තාක්ෂණික ශේත්‍රයේ දැවැන්තයින් මෙන්ම ලංකාවේත් විවිද ශේත්‍ර වල ප්‍රසිද්ද පුද්ගලයින් මේ ALS අයිස් බකට් අබියෝගයට මුහුණ දුන් අයුරු ඔබ හැම කෙනෙක්ම දකින්න ඇති. ALS අයිස් බකට් අභියෝගය මේ විදියට ලොව පුරා විවිද ශේත්‍රයේ පුද්ගලයින් අතරේ ව්‍යාප්ත වෙමින් පවතින මේ මොහොතේ Samsung සමාගම එය ප්‍රයෝජනයට ගනිමින් Apple සමාගමට පුංචි සරදමක් කිරීමට පසුගියදා කටයුතු කළා.
iPhone 5S, HTC One M8 හා Nokia Lumia 930 යන ස්මාර්ට්ෆෝන් ALS අයිස් බකට් අභියෝගය සදහා යෝජනා කරමින්, Samsung Galaxy S5 ස්මාර්ට්ෆෝනය ALS අයිස් බකට් අභියෝගයට මුහුණ දෙන ආකාරය සහිත වීඩියෝවක් Samsung සමාගම සිය UK YouTube channel එකේ ඊයේ පල කර තිබෙනවා. ඔබ දන්නවා S5 device එකට කිසිදු හානියක් නොවී අඩි තුනක් ගැබුරු වතුරේ විනාඩි 30 ක පමණ කාලයක් ගිල්වා තැබිය හැකියි. HTC One M8 හා Nokia Lumia 930 ස්මාර්ට්ෆෝන් වලත් water resistance විශේෂාංගය ඇති බැවින් මෙම ALS අයිස් බකට් අභියෝගයෙන් කෙසේ හෝ ගැලවිය හැකියි. නමුත් iPhone 5S ස්මාර්ට්ෆෝනයට waterproofing feature එකක් නැහැ.