Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගී සක්විති ඔබයි සිනමා රඟ මඩලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගී සක්විති ඔබයි සිනමා රඟ මඩලේ

සැබැවින්ම ජෝතිපාල හට බලවත්ම අසාධාරණය සිදු වූයේ මෙරට ඇතැම් ඊනියා ප්රබුද්ධ විචාරකයන්ගෙනි.

සැබැවින්ම ජෝතිපාල හට බලවත්ම අසාධාරණය සිදු වූයේ මෙරට ඇතැම් ඊනියා ප්රබුද්ධ විචාරකයන්ගෙනි. එච්. ආර්. ජෝතිපාල මෙලොව හැර ගියේ විසිපස් වසකට පෙරාතුවය. දින වකවානු හරියටම කියතොත් 1987 ජූලි 07 වැනිදාය. එහෙත් ජෝතිගේ දෙවැනි උපත සිදු වූයේ ද එදිනම යැයි මම විශ්වාස කරමි. ජීවත්ව සිටි කාලයේ තමා වෙත නතු කර ගත් රසික පිරිසටත් වඩා, අලුත් රසික පරම්පරාවක් ජෝති වටා රොඳ බැඳ ගත්තේ ජෝතිගේ වියෝවත් සමඟිනි. එසේ යළි උපන් ජෝති මතු කිසි දිනෙක මිය නොයනු ඇතැයි මට සිතේ.

ජෝතිපාල මෙලොව හැර යන විට මා භද්‍ර යෞවනයකි. ආලය, ආදරය පිළිබඳ ආශ්වාදජනක හැඟීම්, දැනීම් තිබුණ ද මා එකල කිසි විටෙකත් ජෝතිපාලයන්ගේ උග්‍ර රසිකයකු නොවීමි. එසේ වූයේ මා ඔහුගේ ගී ප්‍රිය නොකළ නිසා නොව පපු කුහරයෙන් මතුව ආ ජෝතිගේ ප්‍රේමනීය, සිත හිරිවට්ටන ගී රාවය විඳ ගන්නට තරම් රමණීයත්වයක් එදා මා හට නොතිබූ නිසා වෙනැයි අද මට සිතේ.

ජෝතිපාල යනු සැබැවින්ම අපේ ගී ලොව මහා ආදරවන්තයාය. ආදරයේ විරහව, මෙන්ම සුන්දරත්වය ගැන ද ගයමින් ඔහු ‘නැත ලොවේ අන් රසඳුනා, ආදරේ සේ සුවදෙනා’ යන්න අපට සිය දහස් වර පසක් කර දුන්නේය. ජෝතිපාල වැනි කෙනකු අපේ ගී ලොවට බිහි නොවුණා නම් ඇතැම් විට එය ආදර මල් වරුසා නොලැබ වියළී ගිය පාළු කතරක් වන්නට ද ඉඩ තිබිණ.

එළිමහන් ප්‍රසංග වේදිකාවේ ජෝති කිහිප වරක් ගී ගයනු මම දැක ඇත්තෙමි. ඒ හැරුණු කොට මා කිසි දිනෙක ඔහු හමු වී නැත. මා පත්තර රස්සාවට එන විට ජෝති අයියා ජීවිතයෙන් හැර ගොසිනි. ඔහුගේ ලිපියක් ඔහු හා සංවාදගත වී ලියන්නට නොහැකි වීම පිළිබඳ අද පවා මසිත ඇත්තේ කනස්සල්ලකි. එහෙත් ජෝති අනුස්මරණ දිනයට කලෙක පටන් ‘සරසවිය’ ට මා විශේෂ ලිපියක් සම්පාදනය කරනුයේ ‘ඒ’ අඩුව යන්තමින් හෝ මකා දමා ගැනීමේ අරමුණ ද පෙරදැරිවය.

එකල ඇතැමුන්ට ජෝතිපාල පීචං ගායකයෙකි. තවත් අයෙකුට ඔහු සුරා සොඬෙකි. ස්ත්‍රී ලෝලයෙකි. එසේ ජෝතිපාලට අවමන් කළවුන් අද ජෝති පුදන්නේ දේවත්වයෙනි. ජෝතිගේ ජීවිතයේ කිසිවකුට සඟවන්නට රහසක් නොවීය. ඔහු සියල්ල කළේ විවෘත මනසකින් යුතුවය. බොරු සුචරිතවාදයක් මවා ගනිමින් ප්‍රබුද්ධයන් යැයි කියා ගන්නා ඇතැම් කලාකරුවන් ලෝකයාට වසන් වී කළ කී දෑ ජෝති කළේ එළිපිටය.

ජෝතිපාලයන්ගේ ගායන විචිත්රත්වය වඩාත් ඉස්මතු වූයේ සිනමාව ඔස්සේය. විශේෂයෙන්ම මෙරට ජනප්‍රිය සිනමා ධාරාවට ඔහුගේ දායකත්වය ලබා ගන්නට බොහෝ චිත්‍රපට නිෂ්පාදක, අධ්යක්ෂවරුන් වැඩි කැමැත්තක් දැක්වූහ. ජෝති සතුව තිබූ තිරයට මනාව ගැළපෙන හඬ (ඉජපඥඥද ඍධඪජඥ) වෙනත් කිසිදු ගායන ශිල්පියකු සතුව නොතිබීම එයට හේතුවයි.

චිත්‍රපටයක ඕනෑම අවස්ථාවක භාවයන් කුළු ගැන්වෙන අයුරින් විවිධ රස ජනනය කරමින් ගී ගැයීමේ උපන් හපන්කමක් ජෝතිට තිබිණ. එහෙත් ජෝති චිත්‍රපට පසුබිම් ගායකයකු වූයේ බොහෝ කෙනෙහිලිකම් මැද්දේය. ජෝති මුල්වරට චිත්‍රපටයක ගී ගැයීම සඳහා සිරිසේන විමලවීර වෙත කැඳවාගෙන ගියේ සංගීතඥ ටී. එෆ්. ලතීෆ්ය. කිහිප වරක්ම ගීතය ගායනා කළත් එදා තිබුණ දුර්වල තාක්ෂණිත මෙවලම් නිසා ජෝතිගේ හඬ නිසි පරිදි එළියට ගලා ආවේ නැත. ‘අයිසේ තමුසෙගේ හඬ දෙදුරුම් කනවා, හරියට ගොරවනවා වගෙයි’ විමලවීර, ජෝතිගේ ඇඟට කඩා පැන්නේය. ජෝතිගේ දෙනෙතින් කඳුළු බිඳු කඩා හැලුණේ පසුබිම් ගායකයකු වීමේ මුල්ම සිහිනය එසේ බොඳ කරමිනි. ‘මේ ලෝකේ නවාතැන’ නම් වූ එම ගීතය ගැයීම සඳහා විමලවීර පසුව සිසිර සේනාරත්න යොදා ගෙන තිබිණි.

බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න ‘මතභේදය’ චිත්‍රපටයේ ගී ගැයීමට ජෝති තෝරා ගෙන තිබුණත් අවාසනාවන්ත අයුරින් ඒ අවස්ථාව ද ජෝතිගෙන් ගිලිහී ගිය්ය. එහෙත් ජෝති සිය නොතිත් ආශාවට විරාමය තැබුවේ නැත. ඉන් පසුව සංගීතඥ බී. ඇස්. පෙරේරාගේ මග පෙන්වීම යටතේ ඔහු ‘පෙරකදෝරු බෑණා’ චිත්‍රපටයට ගීතයක් ගැයීමට උත්සාහ කළ ද එහි අධ්යක්ෂ ඒ. බී. රාජ්, ජෝතිගේ හඬට එතරම් ප්‍රිය නොකල නිසා ඒ අවස්ථාව ද ජෝතිට අහිමිව ගියේය.

‘සිරියාමේ සාරා

නැගේවි හද මෝරා

දී ප්‍රේමේ අමධාරා

ඕ . . . ප්‍රේමේ අමධාරා . . .’

අවසානයේ සියලු අභියෝගයන් ජය ගනිමින් ජෝති තම සිහිනය සැබෑ කර ගත්තේය. ආනන්ද ජයරත්න වෙනුවෙන් එකී ගීතය ගයමින් ජෝති චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසෙන්නේ එතෙක් පැවැති සම්ප්රදාය උඩු යටිකුරු කරමිනි. ජෝති චිත්‍රපට පසුබිම් ගායකයකු වීමේ ගෞරවය හිමි වන්නේ ‘සුරතලී’ චිත්‍රපටයෙන් එම අනගි අවස්ථාව ජෝතිට ලබා දුන් අධ්යක්ෂ සිරිල් පී. අබේරත්නයන්ටය. එමෙන්ම එවකට සිංහල සිනමාවේ ජනප්‍රියම පසුබිම් ගායකයාව සිටි ධර්මදාස වල්පොල, ජී. එස්. බී. රාණි පෙරේරා, ස්වර්ණා අබේරත්න සමඟ සමූහ ගායනයකට ද එක් වන්නට ඔහුට මෙහිදී අවස්ථාව උදා විණ. ‘පුදුමේකි ලෝකේ මැවුණා වූ ප්‍රේමේ’ එම ගීතයයි. ‘සුරතලී’ චිත්‍රපටයට ගීත රචනා කළේ විල්ෆ්රඩ් සිල්වාය. සංගීතවත් කළේ ටී. ආර්. පාපා විසිනි.

ජෝති චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසියේ 1956 වසෙර්ය. 1987 වසරේ ඔහු මිය යන තෙක්ම එවකට ජීවත්ව සිටි සියලුම නළුවන් හට ඔහු ගී ගැයුවේය. විශ්මයට කරුණ වන්නේ ඒ සියලුම නළුවන් හට ජෝතිගේ හඬ තිතටම ගැළපීමය. ගාමිණී ෆොන්සේකා වෙනුවෙන් ගී ගයද්දී ජෝතිගේ හඬ ඔහුගේ නොව ගාමිණීගේය. විජයට ගී ගයද්දී ඒ හඬ මැවෙන්නේ විජයගේ හදවත ඇතුලෙනි. එපමණක් නොව තිස්ස විජේසුරේන්ද්‍ර, රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ජීවන් කුමාරතුංග, ශෂි විජේන්ද්‍ර වැනි නළුවන්ට ද ජෝති හඬ එකසේ ගැළපුණේය. ජෝති විසින් අපේ සිනමාවේ නළුවන් හතළිස් හය දෙනෙකුට පසුබිම් ගී ගයා තිබීම විශේෂත්වයකි. එකී නම් ලයිස්තුව අන් තැනෙක පළ වේ.

මුල් යුගයේදී ජෝතිගේ හඬ අපේ සිනමාවේ විකට නළුවන් සඳහා ද යොදා ගැණින. 1958 වසරේ තිරගත වූ ‘වන මෝහිනී’ චිත්‍රපටයේ රිචඩ් ඇල්බට් (ටාසන්) වෙනුවෙන් ‘කොළ කඩ කඩ බොරුවට දෙනවා’ ගීතය ගැයුවේ ජෝතිය. 1960 වසරේ තිරගත වූ ‘නළඟන’ චිත්‍රපටයට ජෝති ‘පැණි වෑහෙන කතා’ ගීතය ගැයුවේ එඩී ජයමාන්න වෙනුවෙනි. එපමණක් නොව රැඟුමෙන්, ගැයුමෙන් අපේ සිනමාව විචිත්‍රවත් කළ ෆේරඩී සිල්වා හට ද ජෝතිගේ හඬ මුසුවීම කෙතරම් ආශ්චර්යක්දැයි මොහොතකට සිතන්න. ෆේරඩීට තිබුණේ අමුතුම ආකාරයේ හඬකි. ඒ හඬට මනාව එකාත්මික වෙමින් කේ. ඒ. ඩබ්ලිව් පෙරේරාගේ ‘ලසඳා’ චිත්‍රපටයේ ‘ජරමර අස්සේ මං නටමී’ ගීතය ෆේරඩී වෙනුවෙන් ගැයුවේ ජෝතිය.

ජෝති වැඩිපුරම ගැයුවේ හින්දි අනුකාරක ගී තනු බව ඇත්තකි. එහෙත් ඔහු එම ගීත ගායනයේදී එවා තමන්ගේ බවට පත්කර ගත්තේය. මොහොමද් රාෆි, කිෂෝර් කුමාර් නොඑසේ නම් මහේන්ද්‍ර කපූර් වේවා ඔහු ගැයූ සෑම අනුකාරක ගීයකම ‘ජෝති’ ලකුණ සටහන් කරන්නට ඔහු නිබඳවම වග බලා ගත්තේය. ඇතැම් විට මුල් ගායනයන් අභිබවා යන අලංකාර ජෝති විසින් යොදා ගත් අවස්ථා ද එමටය. නමුදු ජෝතිපාල යනු හුදු හින්දි ගී අනුකාරකයකු නොවේ. ස්වතන්ත්‍ර ගී ගැයීමේදී ද ඔහු පෑවේ විශ්මිත ප්රතිභාවකි. ඒ සඳහා ජෝතිගේ හඬ වැඩි වශයෙන්ම යොදා ගත්තේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් හා සරත් දසනායක යන සංගීතවේදීන් දෙපළය. මේ උදාහරණ කිහිපයකි.

කැකුළු මලක පෙති මත (ලොකුම හිනාව), ආදර මල් පවනේ (දුලීකා), මා ප්‍රාර්ථනා ආශාවෝ (ළසඳා), ගෙදර හිටිය රෝස කැකුළ (ළසඳා), ඔබ ළඟ ඉන්න (වාසනා), සීත මෝසම් ගීත නාදෙන් (ජනක සහ මංජු), මනහාරයි මනමාලයි (හිඟන කොල්ලා) වැනි ගීත කේමදාසයන්, ජෝති වෙනුවෙන් කළ ගී නිර්මාණ අතර වේ. ජෝති ප්‍රබල තිර හඬකින් යුත් ගායකයකු බව පුන, පුනා පැවසූ සංගීතවේදියා කේමදාසය.

සරත් දසනායක ජෝති වෙනුවෙන් ස්වතන්ත්‍ර ගී නිර්මාණය කළ ප්‍රමුඛතම සංගීතවේදියාය. අමර පෙම් ලතාවේ (සදහටම ඔබ මගේ), පාට පොදක් තිලකලා (කස්තුරි සුවඳ), හද විමන් දොරින් (කස්තුරි සුවඳ), සල් සපු නා (සංගීතා), ලෝකයේ වෙනස් වුණේ (සංගීතා), පායන දේදුනු (වානරයෝ), තනියේ ආවාරේ (චණ්ඩි පුතා), බඹරා වගේ (චණ්ඩි පුතා), සරා සඳේ (මිහිදුම් සිහින), සිහින අහසේ (නැවත හමු වෙමු) ඇතුළු තවත් ගී රැසක් දසනායකයන්ගේ මියුරු සත්සර රටාවෙන් ජෝතිගේ සුමියුරු හඬට මුසු විය. මෙකී ගී වැඩි ප්‍රමාණයක් යුග ගී වන අතර ඒවාට ගායනයෙන් දායක වූයේ ඇන්ජලින් ගුණතිලකය.

ෂෙල්ටන් ප්‍රේමරත්න තැනූ ‘ආලේ මිහිර පෙන්වා’ (ගැහැනු ගැට), එඩ්වින් සමරදිවාකර තැනූ ‘වාසනාව පෑදේවි’ (දස්කම), පී. වී. නන්දසිරි තැනූ ‘මුහුදු රැල්ල දිගේ’ (පිනිබිඳු) හා ආචාර්ය අමරදේව ‘තරංගා’ චිත්‍රපටයට තැනූ ‘කන්දෙන් කන්දට’ ජෝතිගේ සිනමා ගීත චාරිකාවේ සොඳුරු කඩඉම් කිහිපයකි. වික්ටර් රත්නායකයන් ‘අනුපමා’ චිත්‍රපටය වෙනුවෙන් ජෝතිට ‘රාජ කිරුළු පළන්දාපු’ ගීයත්, ‘සිහින විලේ නිලුපුලී (ලතා සමඟ) ගීතයත් නිර්මාණය කර දුනි. එය ජෝති – ලතා ගැයූ මුල්ම චිත්‍රපට යුග ගීතය ලෙස ඉතිහාසයට එක්ව තිබේ. ආර්. මුත්තුසාමි, එච්. කේ. රොක්සාමි, පී. එල්. ඒ. සෝමපාල, මොහොමඩ් සාලි, ගලගෙදර එම්. හක්, සරත් ද අල්විස් වැනි නිෂ්පාදක, අධ්‍යක්ෂවරුන්ගේ පෙළඹවීම මත ජෝතිට අනුකරණ ගී නිර්මාණය කළ සංගීතවේදීන් පවා අවස්ථාව ලත් විට ජෝති වෙනුවෙන් ස්වතන්ත්‍ර ගී නිර්මාණය කර දීමට උත්සුක වූ අයුරු පෙනේ.

අවස්ථා කිහිපයකදී ජෝති චිත්‍රපට පසුබිම් ගායනය උදෙසා සම්මානනීය වුව ද, එය දශක තුනක් පුරාවට දේශීය සිනමාවේ ඔහු පෑ දස්කම්, විස්කම්වලට අලගු තබන්නටවත් තරම් නොවේ යැයි මට සිතේ. 1972 වසරේ ‘දීපශිඛා’ සම්මාන උළෙලේ ජනප්‍රිය ගායකයා ලෙස කිරුළු පළන් ජෝති 1976 වසරේදී ‘ඔන්න බබෝ බිල්ලෝ එනවා’ චිත්‍රපටය උදෙසා හොඳම ගායනයට හිමි සම්මානයෙන් පුද ලැබුවේ ජනප්‍රිය සිනමාකරුවන් තේරීමේ තරගයෙනි. 1983 වසරේ ‘මිහිදුම් සිහින’ චිත්‍රපටයේ ‘සරා සඳේ’ හා 1986 වසරේ ‘ඔබට දිවුරා කියන්නම්’ චිත්‍රපටයේ ‘පාළු සුසානේ ප්‍රේම පුරාණේ’ ගීත වෙනුවෙන් ජෝති වසරේ හොඳම ගායකයා ලෙසින් ‘සරසවිය’ සම්මානයෙන් පිදුම් ලැබීය. තවමත් මෙරට සිනමා කර්මාන්තයේ පැවැත්ම කෙරෙහි ජෝතිගේ හඬ කෙතරම් බලපෑමක් ඇති කරන්නේදැයි කිවහොත් ඔහුගේ අභාවයෙන් පසු චිත්‍රපට පනහකට අධික සංඛ්‍යාවකට ජෝති ගැයු ජනප්‍රිය ගී ඇතුළත් කර තිබිණ. තව නොබෝ දිනකින් තිරගතවීමට නියමිත සුනිල් ටී. ප්‍රනාන්දුගේ 54 වැනි නිෂ්පාදනය වන ‘ජීවිතේ ලස්සනයි’ චිත්‍රපටයට ද ජෝති ගැයූ ජනප්‍රිය ගීත පහක් ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

තම නිර්මාණවලින් පමණක් සමාජයට බණ දෙසන මානව හිතවාදීන් යැයි කියා ගන්නා ඇතැම් කලාකරුවන්ට වඩා ජෝති සැබැවින්ම මානව දයාවෙන් පිරිපුන් අයකුª බව මා අසා තිබේ. කෙතරම් ලොකුª ලොක්කන්, කෙරුම්කාරයන් ඇසුරු කළ ද ජෝති කවදත් සිටියේ පොඩි මිනිහාගේ පැත්තේය.

කන බොන වේලාවට ජෝතිට ලොකු, පොඩි කියා බේදයක් නොතිබුණි. ඔහු තමා ද හොඳින් කා, බී අනුන්ට ද කන්නට, බොන්නට දුන්නේය. මේ කතාවෙන් කියැවෙන්නේ ද ජෝති සතුව තිබූ ඒ මිනිස් ගුණාංගයේ එක් පැතිකඩෙකි. දිනක් ජෝති මිතුරන් කිහිප දෙනෙකු සමඟ මාළිගාවත්ත මහල් නිවාසයේ තම නිවසට වී මධුවිතක රස බලමින් හුන්නේය.

‘අනේ මහත්තයෝ මට පිනට මුකුත් දෙන්න’ කිළිටි වී ගිය අණ්ඩ දැමූ කමිසයකින් හා සරමකින් සැරසී සිටි අවුරුදු හතළිහක තරම් වයසැති යාචකයකු ජෝති ගේ දොරකඩ සිට නිවෙස තුළට එබිකම් කරමින් අයැද සිටියේය.

‘මෙහාට එන්න’

ජෝති සිය ගැඹුරු හඬින් එහෙත් මිත්රශීලීව යාචකයාට නිවස තුළට එන ලෙස ආරාධනා කළේය. බයාදු ලෙස අසලට ආ යාචක තරුණයා ටීපෝව මත තිබෙන විස්කි බෝතලය දෙස මහත් කෑදර බැල්මක් හෙළනු ජෝති දුටුවේය. වීදුරුවක් ගෙන ඉන් අඩකටත් වඩා විස්කි පිර වූ ජෝති, සෝඩා ස්වල්පයක්ද එක් කොට යාචකයා දෙසට එය දිගු කළේ ‘ආ . . . බොනවා’ කියමිනි. යාචක තරුණයාගේ මුවින් ගිලිහුණේ ගුඩුස් ශබ්දය පමණකි. ජෝති තවත් විස්කි වඩියක් පුරවා දුන්නේය. අනතුරුව සිය සේවකයාට කතා කොට බුහාරි හෝටලයෙන් බුරියානි පැකැට්ටුවක් ගෙන්වා ගෙන යාචකයාට කන්නට දුන්නේය. ආපසු යද්දී රුපියල් සියයේ නෝට්ටුවක් ද යාචකයා වෙත පිරිනැමිණ. ඒ ජෝතිගේ හැටිය. ජෝති මිනිසුන්ට ආදරය කළේ එපරිද්දෙනි.

කෙතරම් මුදල් ඉපයුව ද ඔහු මිය යන විට බැංකු පොතේ තිබී ඇත්තේ රුපියල් හයසිය ගණනක් වැනි සුළු මුදලකි. ඒ බව වරෙක මට පැවසුවේ ජෝතිට ඇඳුම් නිර්මාණය කළ ඔහුගේ සමීපතම මිතුරකු වූ ස්මාර්ට් වෙස්ටන් ටේලර්ස් අධිපතිව සිටි ෂෙල්ටන් ජයසිංහය.

ජෝති මිය ගොස් විසි පස් වසරක් සපිරෙන මේ මොහොතේ පවා ජෝතිගේ ගීතවලින් මුදල් උපයන පිරිසක් තවමත් අප රටේ වෙසෙති. වෙනකක් තබා මහ මග සිඟමන් යදින යාචකයා පවා ගයන්නේ ජෝතිගේ ගීතය. ගීතයට සාධාරණයක් ඉටු කළහොත් ඔහුට ජෝතිට පින් සිදු වන්නට කීයක් හෝ වැඩිපුර අතට ලැබේ.

ඇතැමුන් ජීවත්ව සිටි කාලයේ පවා ජෝතිට නිග්‍රහ කළේ ඔහුගේ ගීත කමකට නැති ප්‍රේම අඳෙීනා යැයි පවසමිනි. ජෝතිගේ ඇතැම් ගී බොළඳ බව සැබෑය. කොයි පණ්ඩිතයාත් ආදරය ඉදිරියේ බොළඳය. ජෝති බහුලව ගායනා කළේ සුන්දර වූත්, අවිහිංසක වූත් එවන් බොළඳ ආදරයේ මහිමය ගැනය. ජෝතිගේ හඬින් බිහි වූ එම ප්‍රේම ගීතාවලිය යුගයෙන් යුගය පෙම් හදවත් සනහාලමින් ඉදිරියට ඇදෙන්නේ ගලන ගඟක් පරිද්දෙනි.

සැබැවින්ම ජෝතිපාල හට බලවත්ම අසාධාරණය සිදු වූයේ මෙරට ඇතැම් ඊනියා ප්රබුද්ධ විචාරකයන්ගෙනි. සාහිත්‍යමය පක්ෂය මුල් කොට ගනිමින් ගීතය විචාරයට ලක් කිරීමේ සම්ප්රදාය හමුවේ මෙරට වැඩියෙන්ම බැට කෑ ගායකයා ජෝතිපාල බව නොරහසකි. නමුදු ජෝතිගේ හඬෙහි තිබූ පෞරුෂය, භාව ප්රකාශනයෙහි ඔහු පෑ සංවේදිතාව සහ නිවැරැදි ස්වර ස්ථාන මත පිහිටි ගී ගැයීීමේ හැකියාව එදා බොහෝ දෙනෙකුට වැටහුණේ නැත. වටහා ගත්ත ද එය අගය කිරීමට ඔවුන් මැළි වූහ.

‘ජෝතිපාලගේ හඬේ පෞරුෂයක් හා තාරුණ්‍යක් තිබෙනවා. ඔහුගේ හඬ නම්‍යශීලීයි. ජීවය උතුරා යන බවක් ඒ හඬ තුළ පවතිනවා. මා සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට කිහිපයයකම ඔහු විශිෂ්ට ගායන ප්‍රතිභාවක් පළ කළා. ඇත්තෙන්ම පද මාලාවේ අරුත වඩාත් කුළු ගැන්වෙන අයුරින් තම කට හඬ හසුරවන්න ජෝති දැක් වූවේ පුදුමාකාර හැකියාවක්.’ වරෙක ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ජෝතිගේ ගායන හැකියාව ඇගයීමට ලක් කළේ එලෙසිනි.

ජෝති වැඩිපුරම පසුබිම් ගී ගැයුවේ විජය කුමාරණතුංගයන්ටය. ජෝතිගේ හඬ විජයට බෙහෙවින්ම ගැළපුණේය. විජයගේ ජනප්‍රියත්වයට ජෝතිත්, ජෝතිිගේ ජනප්‍රියත්වයට විජයත් අන්‍යොන්‍ය වශයෙන් තීරණාත්මක සාධකයන් වූ බව නොරහසකි.

‘ජෝතිපාල කියන්නේ අපේ සිනමාවේ බිහි වූ විශිෂ්ටතම ගායන ශිල්පියා. එයාට අභියෝග කරන්න තියා කිට්ටු වෙන්නවත් කාටවත්ම පුළුවන්කමක් නැහැ. කොටින්ම මගේ හඬට වඩා මට ගැළපෙන්නේ ජෝතිගේ හඬ. ජෝති මං වෙනුවෙන් ගී ගයද්දී මා රඟපාන චරිතයට වඩාත් ජීවයක් ලැබෙනවා වගේ. ඔහුගේ ගායනය හා මගේ රංගනය අතර ලොකුª ආත්මීය බැඳීමක් තියෙනවා කියලා මට හිතෙනවා.’ විජය සිය සුමිතුරාණන් පිළිබඳ වරෙක එසේ පැවසූ අයුරු මගේ මතකයේ රැඳී තිබේ.

ජෝති යනු ‘ආලෝකයයි’. සැබැවින්ම ජෝති අපේ ගීී ලොව ආලෝකමත් කළේය. ඒ ආලෝකය මහා පහන් ටැඹක් වී සසර පුරාවටම අප ඛ්ද සන්තානයේ අඳුර පලවා හරින්නේ සදාතනික සෙනෙහකිනි.

- අසංක දේවමිත්ර පෙරේරා

[QUOTE="sebastian show, post: 12989135, member: 388298"] [b]ගී සක්විති ඔබයි සිනමා රඟ මඩලේ[/b] [SIZE="5"][B][IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/603461_469543706390270_173590358_n.jpg[/IMG] සැබැවින්ම ජෝතිපාල හට බලවත්ම අසාධාරණය සිදු වූයේ මෙරට ඇතැම් ඊනියා ප්රබුද්ධ විචාරකයන්ගෙනි. සැබැවින්ම ජෝතිපාල හට බලවත්ම අසාධාරණය සිදු වූයේ මෙරට ඇතැම් ඊනියා ප්රබුද්ධ විචාරකයන්ගෙනි. එච්. ආර්. ජෝතිපාල මෙලොව හැර ගියේ විසිපස් වසකට පෙරාතුවය. දින වකවානු හරියටම කියතොත් 1987 ජූලි 07 වැනිදාය. එහෙත් ජෝතිගේ දෙවැනි උපත සිදු වූයේ ද එදිනම යැයි මම විශ්වාස කරමි. ජීවත්ව සිටි කාලයේ තමා වෙත නතු කර ගත් රසික පිරිසටත් වඩා, අලුත් රසික පරම්පරාවක් ජෝති වටා රොඳ බැඳ ගත්තේ ජෝතිගේ වියෝවත් සමඟිනි. එසේ යළි උපන් ජෝති මතු කිසි දිනෙක මිය නොයනු ඇතැයි මට සිතේ. ජෝතිපාල මෙලොව හැර යන විට මා භද්‍ර යෞවනයකි. ආලය, ආදරය පිළිබඳ ආශ්වාදජනක හැඟීම්, දැනීම් තිබුණ ද මා එකල කිසි විටෙකත් ජෝතිපාලයන්ගේ උග්‍ර රසිකයකු නොවීමි. එසේ වූයේ මා ඔහුගේ ගී ප්‍රිය නොකළ නිසා නොව පපු කුහරයෙන් මතුව ආ ජෝතිගේ ප්‍රේමනීය, සිත හිරිවට්ටන ගී රාවය විඳ ගන්නට තරම් රමණීයත්වයක් එදා මා හට නොතිබූ නිසා වෙනැයි අද මට සිතේ. ජෝතිපාල යනු සැබැවින්ම අපේ ගී ලොව මහා ආදරවන්තයාය. ආදරයේ විරහව, මෙන්ම සුන්දරත්වය ගැන ද ගයමින් ඔහු ‘නැත ලොවේ අන් රසඳුනා, ආදරේ සේ සුවදෙනා’ යන්න අපට සිය දහස් වර පසක් කර දුන්නේය. ජෝතිපාල වැනි කෙනකු අපේ ගී ලොවට බිහි නොවුණා නම් ඇතැම් විට එය ආදර මල් වරුසා නොලැබ වියළී ගිය පාළු කතරක් වන්නට ද ඉඩ තිබිණ. එළිමහන් ප්‍රසංග වේදිකාවේ ජෝති කිහිප වරක් ගී ගයනු මම දැක ඇත්තෙමි. ඒ හැරුණු කොට මා කිසි දිනෙක ඔහු හමු වී නැත. මා පත්තර රස්සාවට එන විට ජෝති අයියා ජීවිතයෙන් හැර ගොසිනි. ඔහුගේ ලිපියක් ඔහු හා සංවාදගත වී ලියන්නට නොහැකි වීම පිළිබඳ අද පවා මසිත ඇත්තේ කනස්සල්ලකි. එහෙත් ජෝති අනුස්මරණ දිනයට කලෙක පටන් ‘සරසවිය’ ට මා විශේෂ ලිපියක් සම්පාදනය කරනුයේ ‘ඒ’ අඩුව යන්තමින් හෝ මකා දමා ගැනීමේ අරමුණ ද පෙරදැරිවය. එකල ඇතැමුන්ට ජෝතිපාල පීචං ගායකයෙකි. තවත් අයෙකුට ඔහු සුරා සොඬෙකි. ස්ත්‍රී ලෝලයෙකි. එසේ ජෝතිපාලට අවමන් කළවුන් අද ජෝති පුදන්නේ දේවත්වයෙනි. ජෝතිගේ ජීවිතයේ කිසිවකුට සඟවන්නට රහසක් නොවීය. ඔහු සියල්ල කළේ විවෘත මනසකින් යුතුවය. බොරු සුචරිතවාදයක් මවා ගනිමින් ප්‍රබුද්ධයන් යැයි කියා ගන්නා ඇතැම් කලාකරුවන් ලෝකයාට වසන් වී කළ කී දෑ ජෝති කළේ එළිපිටය. ජෝතිපාලයන්ගේ ගායන විචිත්රත්වය වඩාත් ඉස්මතු වූයේ සිනමාව ඔස්සේය. විශේෂයෙන්ම මෙරට ජනප්‍රිය සිනමා ධාරාවට ඔහුගේ දායකත්වය ලබා ගන්නට බොහෝ චිත්‍රපට නිෂ්පාදක, අධ්යක්ෂවරුන් වැඩි කැමැත්තක් දැක්වූහ. ජෝති සතුව තිබූ තිරයට මනාව ගැළපෙන හඬ (ඉජපඥඥද ඍධඪජඥ) වෙනත් කිසිදු ගායන ශිල්පියකු සතුව නොතිබීම එයට හේතුවයි. චිත්‍රපටයක ඕනෑම අවස්ථාවක භාවයන් කුළු ගැන්වෙන අයුරින් විවිධ රස ජනනය කරමින් ගී ගැයීමේ උපන් හපන්කමක් ජෝතිට තිබිණ. එහෙත් ජෝති චිත්‍රපට පසුබිම් ගායකයකු වූයේ බොහෝ කෙනෙහිලිකම් මැද්දේය. ජෝති මුල්වරට චිත්‍රපටයක ගී ගැයීම සඳහා සිරිසේන විමලවීර වෙත කැඳවාගෙන ගියේ සංගීතඥ ටී. එෆ්. ලතීෆ්ය. කිහිප වරක්ම ගීතය ගායනා කළත් එදා තිබුණ දුර්වල තාක්ෂණිත මෙවලම් නිසා ජෝතිගේ හඬ නිසි පරිදි එළියට ගලා ආවේ නැත. ‘අයිසේ තමුසෙගේ හඬ දෙදුරුම් කනවා, හරියට ගොරවනවා වගෙයි’ විමලවීර, ජෝතිගේ ඇඟට කඩා පැන්නේය. ජෝතිගේ දෙනෙතින් කඳුළු බිඳු කඩා හැලුණේ පසුබිම් ගායකයකු වීමේ මුල්ම සිහිනය එසේ බොඳ කරමිනි. ‘මේ ලෝකේ නවාතැන’ නම් වූ එම ගීතය ගැයීම සඳහා විමලවීර පසුව සිසිර සේනාරත්න යොදා ගෙන තිබිණි. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න ‘මතභේදය’ චිත්‍රපටයේ ගී ගැයීමට ජෝති තෝරා ගෙන තිබුණත් අවාසනාවන්ත අයුරින් ඒ අවස්ථාව ද ජෝතිගෙන් ගිලිහී ගිය්ය. එහෙත් ජෝති සිය නොතිත් ආශාවට විරාමය තැබුවේ නැත. ඉන් පසුව සංගීතඥ බී. ඇස්. පෙරේරාගේ මග පෙන්වීම යටතේ ඔහු ‘පෙරකදෝරු බෑණා’ චිත්‍රපටයට ගීතයක් ගැයීමට උත්සාහ කළ ද එහි අධ්යක්ෂ ඒ. බී. රාජ්, ජෝතිගේ හඬට එතරම් ප්‍රිය නොකල නිසා ඒ අවස්ථාව ද ජෝතිට අහිමිව ගියේය. ‘සිරියාමේ සාරා නැගේවි හද මෝරා දී ප්‍රේමේ අමධාරා ඕ . . . ප්‍රේමේ අමධාරා . . .’ අවසානයේ සියලු අභියෝගයන් ජය ගනිමින් ජෝති තම සිහිනය සැබෑ කර ගත්තේය. ආනන්ද ජයරත්න වෙනුවෙන් එකී ගීතය ගයමින් ජෝති චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසෙන්නේ එතෙක් පැවැති සම්ප්රදාය උඩු යටිකුරු කරමිනි. ජෝති චිත්‍රපට පසුබිම් ගායකයකු වීමේ ගෞරවය හිමි වන්නේ ‘සුරතලී’ චිත්‍රපටයෙන් එම අනගි අවස්ථාව ජෝතිට ලබා දුන් අධ්යක්ෂ සිරිල් පී. අබේරත්නයන්ටය. එමෙන්ම එවකට සිංහල සිනමාවේ ජනප්‍රියම පසුබිම් ගායකයාව සිටි ධර්මදාස වල්පොල, ජී. එස්. බී. රාණි පෙරේරා, ස්වර්ණා අබේරත්න සමඟ සමූහ ගායනයකට ද එක් වන්නට ඔහුට මෙහිදී අවස්ථාව උදා විණ. ‘පුදුමේකි ලෝකේ මැවුණා වූ ප්‍රේමේ’ එම ගීතයයි. ‘සුරතලී’ චිත්‍රපටයට ගීත රචනා කළේ විල්ෆ්රඩ් සිල්වාය. සංගීතවත් කළේ ටී. ආර්. පාපා විසිනි. ජෝති චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසියේ 1956 වසෙර්ය. 1987 වසරේ ඔහු මිය යන තෙක්ම එවකට ජීවත්ව සිටි සියලුම නළුවන් හට ඔහු ගී ගැයුවේය. විශ්මයට කරුණ වන්නේ ඒ සියලුම නළුවන් හට ජෝතිගේ හඬ තිතටම ගැළපීමය. ගාමිණී ෆොන්සේකා වෙනුවෙන් ගී ගයද්දී ජෝතිගේ හඬ ඔහුගේ නොව ගාමිණීගේය. විජයට ගී ගයද්දී ඒ හඬ මැවෙන්නේ විජයගේ හදවත ඇතුලෙනි. එපමණක් නොව තිස්ස විජේසුරේන්ද්‍ර, රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ජීවන් කුමාරතුංග, ශෂි විජේන්ද්‍ර වැනි නළුවන්ට ද ජෝති හඬ එකසේ ගැළපුණේය. ජෝති විසින් අපේ සිනමාවේ නළුවන් හතළිස් හය දෙනෙකුට පසුබිම් ගී ගයා තිබීම විශේෂත්වයකි. එකී නම් ලයිස්තුව අන් තැනෙක පළ වේ. මුල් යුගයේදී ජෝතිගේ හඬ අපේ සිනමාවේ විකට නළුවන් සඳහා ද යොදා ගැණින. 1958 වසරේ තිරගත වූ ‘වන මෝහිනී’ චිත්‍රපටයේ රිචඩ් ඇල්බට් (ටාසන්) වෙනුවෙන් ‘කොළ කඩ කඩ බොරුවට දෙනවා’ ගීතය ගැයුවේ ජෝතිය. 1960 වසරේ තිරගත වූ ‘නළඟන’ චිත්‍රපටයට ජෝති ‘පැණි වෑහෙන කතා’ ගීතය ගැයුවේ එඩී ජයමාන්න වෙනුවෙනි. එපමණක් නොව රැඟුමෙන්, ගැයුමෙන් අපේ සිනමාව විචිත්‍රවත් කළ ෆේරඩී සිල්වා හට ද ජෝතිගේ හඬ මුසුවීම කෙතරම් ආශ්චර්යක්දැයි මොහොතකට සිතන්න. ෆේරඩීට තිබුණේ අමුතුම ආකාරයේ හඬකි. ඒ හඬට මනාව එකාත්මික වෙමින් කේ. ඒ. ඩබ්ලිව් පෙරේරාගේ ‘ලසඳා’ චිත්‍රපටයේ ‘ජරමර අස්සේ මං නටමී’ ගීතය ෆේරඩී වෙනුවෙන් ගැයුවේ ජෝතිය. ජෝති වැඩිපුරම ගැයුවේ හින්දි අනුකාරක ගී තනු බව ඇත්තකි. එහෙත් ඔහු එම ගීත ගායනයේදී එවා තමන්ගේ බවට පත්කර ගත්තේය. මොහොමද් රාෆි, කිෂෝර් කුමාර් නොඑසේ නම් මහේන්ද්‍ර කපූර් වේවා ඔහු ගැයූ සෑම අනුකාරක ගීයකම ‘ජෝති’ ලකුණ සටහන් කරන්නට ඔහු නිබඳවම වග බලා ගත්තේය. ඇතැම් විට මුල් ගායනයන් අභිබවා යන අලංකාර ජෝති විසින් යොදා ගත් අවස්ථා ද එමටය. නමුදු ජෝතිපාල යනු හුදු හින්දි ගී අනුකාරකයකු නොවේ. ස්වතන්ත්‍ර ගී ගැයීමේදී ද ඔහු පෑවේ විශ්මිත ප්රතිභාවකි. ඒ සඳහා ජෝතිගේ හඬ වැඩි වශයෙන්ම යොදා ගත්තේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් හා සරත් දසනායක යන සංගීතවේදීන් දෙපළය. මේ උදාහරණ කිහිපයකි. කැකුළු මලක පෙති මත (ලොකුම හිනාව), ආදර මල් පවනේ (දුලීකා), මා ප්‍රාර්ථනා ආශාවෝ (ළසඳා), ගෙදර හිටිය රෝස කැකුළ (ළසඳා), ඔබ ළඟ ඉන්න (වාසනා), සීත මෝසම් ගීත නාදෙන් (ජනක සහ මංජු), මනහාරයි මනමාලයි (හිඟන කොල්ලා) වැනි ගීත කේමදාසයන්, ජෝති වෙනුවෙන් කළ ගී නිර්මාණ අතර වේ. ජෝති ප්‍රබල තිර හඬකින් යුත් ගායකයකු බව පුන, පුනා පැවසූ සංගීතවේදියා කේමදාසය. සරත් දසනායක ජෝති වෙනුවෙන් ස්වතන්ත්‍ර ගී නිර්මාණය කළ ප්‍රමුඛතම සංගීතවේදියාය. අමර පෙම් ලතාවේ (සදහටම ඔබ මගේ), පාට පොදක් තිලකලා (කස්තුරි සුවඳ), හද විමන් දොරින් (කස්තුරි සුවඳ), සල් සපු නා (සංගීතා), ලෝකයේ වෙනස් වුණේ (සංගීතා), පායන දේදුනු (වානරයෝ), තනියේ ආවාරේ (චණ්ඩි පුතා), බඹරා වගේ (චණ්ඩි පුතා), සරා සඳේ (මිහිදුම් සිහින), සිහින අහසේ (නැවත හමු වෙමු) ඇතුළු තවත් ගී රැසක් දසනායකයන්ගේ මියුරු සත්සර රටාවෙන් ජෝතිගේ සුමියුරු හඬට මුසු විය. මෙකී ගී වැඩි ප්‍රමාණයක් යුග ගී වන අතර ඒවාට ගායනයෙන් දායක වූයේ ඇන්ජලින් ගුණතිලකය. ෂෙල්ටන් ප්‍රේමරත්න තැනූ ‘ආලේ මිහිර පෙන්වා’ (ගැහැනු ගැට), එඩ්වින් සමරදිවාකර තැනූ ‘වාසනාව පෑදේවි’ (දස්කම), පී. වී. නන්දසිරි තැනූ ‘මුහුදු රැල්ල දිගේ’ (පිනිබිඳු) හා ආචාර්ය අමරදේව ‘තරංගා’ චිත්‍රපටයට තැනූ ‘කන්දෙන් කන්දට’ ජෝතිගේ සිනමා ගීත චාරිකාවේ සොඳුරු කඩඉම් කිහිපයකි. වික්ටර් රත්නායකයන් ‘අනුපමා’ චිත්‍රපටය වෙනුවෙන් ජෝතිට ‘රාජ කිරුළු පළන්දාපු’ ගීයත්, ‘සිහින විලේ නිලුපුලී (ලතා සමඟ) ගීතයත් නිර්මාණය කර දුනි. එය ජෝති – ලතා ගැයූ මුල්ම චිත්‍රපට යුග ගීතය ලෙස ඉතිහාසයට එක්ව තිබේ. ආර්. මුත්තුසාමි, එච්. කේ. රොක්සාමි, පී. එල්. ඒ. සෝමපාල, මොහොමඩ් සාලි, ගලගෙදර එම්. හක්, සරත් ද අල්විස් වැනි නිෂ්පාදක, අධ්‍යක්ෂවරුන්ගේ පෙළඹවීම මත ජෝතිට අනුකරණ ගී නිර්මාණය කළ සංගීතවේදීන් පවා අවස්ථාව ලත් විට ජෝති වෙනුවෙන් ස්වතන්ත්‍ර ගී නිර්මාණය කර දීමට උත්සුක වූ අයුරු පෙනේ. අවස්ථා කිහිපයකදී ජෝති චිත්‍රපට පසුබිම් ගායනය උදෙසා සම්මානනීය වුව ද, එය දශක තුනක් පුරාවට දේශීය සිනමාවේ ඔහු පෑ දස්කම්, විස්කම්වලට අලගු තබන්නටවත් තරම් නොවේ යැයි මට සිතේ. 1972 වසරේ ‘දීපශිඛා’ සම්මාන උළෙලේ ජනප්‍රිය ගායකයා ලෙස කිරුළු පළන් ජෝති 1976 වසරේදී ‘ඔන්න බබෝ බිල්ලෝ එනවා’ චිත්‍රපටය උදෙසා හොඳම ගායනයට හිමි සම්මානයෙන් පුද ලැබුවේ ජනප්‍රිය සිනමාකරුවන් තේරීමේ තරගයෙනි. 1983 වසරේ ‘මිහිදුම් සිහින’ චිත්‍රපටයේ ‘සරා සඳේ’ හා 1986 වසරේ ‘ඔබට දිවුරා කියන්නම්’ චිත්‍රපටයේ ‘පාළු සුසානේ ප්‍රේම පුරාණේ’ ගීත වෙනුවෙන් ජෝති වසරේ හොඳම ගායකයා ලෙසින් ‘සරසවිය’ සම්මානයෙන් පිදුම් ලැබීය. තවමත් මෙරට සිනමා කර්මාන්තයේ පැවැත්ම කෙරෙහි ජෝතිගේ හඬ කෙතරම් බලපෑමක් ඇති කරන්නේදැයි කිවහොත් ඔහුගේ අභාවයෙන් පසු චිත්‍රපට පනහකට අධික සංඛ්‍යාවකට ජෝති ගැයු ජනප්‍රිය ගී ඇතුළත් කර තිබිණ. තව නොබෝ දිනකින් තිරගතවීමට නියමිත සුනිල් ටී. ප්‍රනාන්දුගේ 54 වැනි නිෂ්පාදනය වන ‘ජීවිතේ ලස්සනයි’ චිත්‍රපටයට ද ජෝති ගැයූ ජනප්‍රිය ගීත පහක් ඇතුළත්ව තිබීම විශේෂත්වයකි. තම නිර්මාණවලින් පමණක් සමාජයට බණ දෙසන මානව හිතවාදීන් යැයි කියා ගන්නා ඇතැම් කලාකරුවන්ට වඩා ජෝති සැබැවින්ම මානව දයාවෙන් පිරිපුන් අයකුª බව මා අසා තිබේ. කෙතරම් ලොකුª ලොක්කන්, කෙරුම්කාරයන් ඇසුරු කළ ද ජෝති කවදත් සිටියේ පොඩි මිනිහාගේ පැත්තේය. කන බොන වේලාවට ජෝතිට ලොකු, පොඩි කියා බේදයක් නොතිබුණි. ඔහු තමා ද හොඳින් කා, බී අනුන්ට ද කන්නට, බොන්නට දුන්නේය. මේ කතාවෙන් කියැවෙන්නේ ද ජෝති සතුව තිබූ ඒ මිනිස් ගුණාංගයේ එක් පැතිකඩෙකි. දිනක් ජෝති මිතුරන් කිහිප දෙනෙකු සමඟ මාළිගාවත්ත මහල් නිවාසයේ තම නිවසට වී මධුවිතක රස බලමින් හුන්නේය. ‘අනේ මහත්තයෝ මට පිනට මුකුත් දෙන්න’ කිළිටි වී ගිය අණ්ඩ දැමූ කමිසයකින් හා සරමකින් සැරසී සිටි අවුරුදු හතළිහක තරම් වයසැති යාචකයකු ජෝති ගේ දොරකඩ සිට නිවෙස තුළට එබිකම් කරමින් අයැද සිටියේය. ‘මෙහාට එන්න’ ජෝති සිය ගැඹුරු හඬින් එහෙත් මිත්රශීලීව යාචකයාට නිවස තුළට එන ලෙස ආරාධනා කළේය. බයාදු ලෙස අසලට ආ යාචක තරුණයා ටීපෝව මත තිබෙන විස්කි බෝතලය දෙස මහත් කෑදර බැල්මක් හෙළනු ජෝති දුටුවේය. වීදුරුවක් ගෙන ඉන් අඩකටත් වඩා විස්කි පිර වූ ජෝති, සෝඩා ස්වල්පයක්ද එක් කොට යාචකයා දෙසට එය දිගු කළේ ‘ආ . . . බොනවා’ කියමිනි. යාචක තරුණයාගේ මුවින් ගිලිහුණේ ගුඩුස් ශබ්දය පමණකි. ජෝති තවත් විස්කි වඩියක් පුරවා දුන්නේය. අනතුරුව සිය සේවකයාට කතා කොට බුහාරි හෝටලයෙන් බුරියානි පැකැට්ටුවක් ගෙන්වා ගෙන යාචකයාට කන්නට දුන්නේය. ආපසු යද්දී රුපියල් සියයේ නෝට්ටුවක් ද යාචකයා වෙත පිරිනැමිණ. ඒ ජෝතිගේ හැටිය. ජෝති මිනිසුන්ට ආදරය කළේ එපරිද්දෙනි. කෙතරම් මුදල් ඉපයුව ද ඔහු මිය යන විට බැංකු පොතේ තිබී ඇත්තේ රුපියල් හයසිය ගණනක් වැනි සුළු මුදලකි. ඒ බව වරෙක මට පැවසුවේ ජෝතිට ඇඳුම් නිර්මාණය කළ ඔහුගේ සමීපතම මිතුරකු වූ ස්මාර්ට් වෙස්ටන් ටේලර්ස් අධිපතිව සිටි ෂෙල්ටන් ජයසිංහය. ජෝති මිය ගොස් විසි පස් වසරක් සපිරෙන මේ මොහොතේ පවා ජෝතිගේ ගීතවලින් මුදල් උපයන පිරිසක් තවමත් අප රටේ වෙසෙති. වෙනකක් තබා මහ මග සිඟමන් යදින යාචකයා පවා ගයන්නේ ජෝතිගේ ගීතය. ගීතයට සාධාරණයක් ඉටු කළහොත් ඔහුට ජෝතිට පින් සිදු වන්නට කීයක් හෝ වැඩිපුර අතට ලැබේ. ඇතැමුන් ජීවත්ව සිටි කාලයේ පවා ජෝතිට නිග්‍රහ කළේ ඔහුගේ ගීත කමකට නැති ප්‍රේම අඳෙීනා යැයි පවසමිනි. ජෝතිගේ ඇතැම් ගී බොළඳ බව සැබෑය. කොයි පණ්ඩිතයාත් ආදරය ඉදිරියේ බොළඳය. ජෝති බහුලව ගායනා කළේ සුන්දර වූත්, අවිහිංසක වූත් එවන් බොළඳ ආදරයේ මහිමය ගැනය. ජෝතිගේ හඬින් බිහි වූ එම ප්‍රේම ගීතාවලිය යුගයෙන් යුගය පෙම් හදවත් සනහාලමින් ඉදිරියට ඇදෙන්නේ ගලන ගඟක් පරිද්දෙනි. සැබැවින්ම ජෝතිපාල හට බලවත්ම අසාධාරණය සිදු වූයේ මෙරට ඇතැම් ඊනියා ප්රබුද්ධ විචාරකයන්ගෙනි. සාහිත්‍යමය පක්ෂය මුල් කොට ගනිමින් ගීතය විචාරයට ලක් කිරීමේ සම්ප්රදාය හමුවේ මෙරට වැඩියෙන්ම බැට කෑ ගායකයා ජෝතිපාල බව නොරහසකි. නමුදු ජෝතිගේ හඬෙහි තිබූ පෞරුෂය, භාව ප්රකාශනයෙහි ඔහු පෑ සංවේදිතාව සහ නිවැරැදි ස්වර ස්ථාන මත පිහිටි ගී ගැයීීමේ හැකියාව එදා බොහෝ දෙනෙකුට වැටහුණේ නැත. වටහා ගත්ත ද එය අගය කිරීමට ඔවුන් මැළි වූහ. ‘ජෝතිපාලගේ හඬේ පෞරුෂයක් හා තාරුණ්‍යක් තිබෙනවා. ඔහුගේ හඬ නම්‍යශීලීයි. ජීවය උතුරා යන බවක් ඒ හඬ තුළ පවතිනවා. මා සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට කිහිපයයකම ඔහු විශිෂ්ට ගායන ප්‍රතිභාවක් පළ කළා. ඇත්තෙන්ම පද මාලාවේ අරුත වඩාත් කුළු ගැන්වෙන අයුරින් තම කට හඬ හසුරවන්න ජෝති දැක් වූවේ පුදුමාකාර හැකියාවක්.’ වරෙක ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ජෝතිගේ ගායන හැකියාව ඇගයීමට ලක් කළේ එලෙසිනි. ජෝති වැඩිපුරම පසුබිම් ගී ගැයුවේ විජය කුමාරණතුංගයන්ටය. ජෝතිගේ හඬ විජයට බෙහෙවින්ම ගැළපුණේය. විජයගේ ජනප්‍රියත්වයට ජෝතිත්, ජෝතිිගේ ජනප්‍රියත්වයට විජයත් අන්‍යොන්‍ය වශයෙන් තීරණාත්මක සාධකයන් වූ බව නොරහසකි. ‘ජෝතිපාල කියන්නේ අපේ සිනමාවේ බිහි වූ විශිෂ්ටතම ගායන ශිල්පියා. එයාට අභියෝග කරන්න තියා කිට්ටු වෙන්නවත් කාටවත්ම පුළුවන්කමක් නැහැ. කොටින්ම මගේ හඬට වඩා මට ගැළපෙන්නේ ජෝතිගේ හඬ. ජෝති මං වෙනුවෙන් ගී ගයද්දී මා රඟපාන චරිතයට වඩාත් ජීවයක් ලැබෙනවා වගේ. ඔහුගේ ගායනය හා මගේ රංගනය අතර ලොකුª ආත්මීය බැඳීමක් තියෙනවා කියලා මට හිතෙනවා.’ විජය සිය සුමිතුරාණන් පිළිබඳ වරෙක එසේ පැවසූ අයුරු මගේ මතකයේ රැඳී තිබේ. ජෝති යනු ‘ආලෝකයයි’. සැබැවින්ම ජෝති අපේ ගීී ලොව ආලෝකමත් කළේය. ඒ ආලෝකය මහා පහන් ටැඹක් වී සසර පුරාවටම අප ඛ්ද සන්තානයේ අඳුර පලවා හරින්නේ සදාතනික සෙනෙහකිනි. - අසංක දේවමිත්ර පෙරේරා [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom