ගුත්තිල නොහොත් සෝණ තෙරණුවන්

ncbrando

Member
Jan 31, 2014
838
115
0
ගුත්තිල නොහොත් සෝණ තෙරණුවන්

ගුත්තිල නොහොත් සෝණ තෙරණුවන්?

හිතුවක්කාර වයලීනයෙන්
මැවෙනා මගේ දඩබ්බරකම්
සනහාලයි බටනලාවෙන්
මවාලා මගේ ගුණදම්

සිතාරේ තත් අතර
සිර වූ උතුම් පැතුමක
ගිටාරේ වයයි හැමවිට
වෙර යොදා ගුත්තිල පඬි මෙන

ඔවා දී නෙක මා හට
කඳුලු තත් පිළිවෙළින් පිරිමැද
මවා දෙයි නුඹ මා මට
සතුටු කෙත් ඇඹලයන් නොවසන

ගුත්තිල පඬි රුවන නුඹමද
සෝණ තෙරණුවන් නුඹමද
නිවන් මග තවමත් නොලැබූ
සිතුණි නුඹ මෙලොව ඉපදුණු

-මාලන් විදානපතිරණ
 
Last edited: