Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුරුවරියට බයේ හැංගුණු මධුෂ්........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුරුවරියට බයේ හැංගුණු මධුෂ්........

ගුරුවරියට බයේ හැංගුණු මධුෂ් පාතාලයෙක් වු හැටි....

''ඒයි මදුවෝ අන්න .......... ටීචර් එනවා ඉස්සරහට.

අපොයි අපි විනාසයි. දැන් ඉතිං අද ගෙදර වැඩ දිපුවා නොකළොත් දීපංකෝ හෙට උත්තර.

මධූෂ් ටීචර්ට හසුනොවී බේරීමේ අදහසින් අහළ පහළ ගේකට රිංගන්න හැදුවත් ටීචර්ගෙන් ගැලවිල්ලක් නැත.

මධූෂ් පුතා කොහෙද මේ ගියේ? ටීචර් කතා කළත් මධූෂ් කතා නැත ඇගිල්ලෙන් පොළොව හාර හාර බිම බලා සිටියා පමණි.

මොකද බය වෙලා? බෝල ගහන්න ගියාද? හා හා ළමයි සෙල්ලම් කළාම මොකද? මම ඒවට බණිනවා යෑ. ගෙරද වැඩ ටිකත් ඒ වගේම කරලා ඇති නේ නේද? හා හා දැන් ඉතිං ඉක්මණට ගෙදර යනවලා. ආච්චි බලාගෙන ඇති.''

එහෙම කියපු සැණින් දෙකට නැවිලා ටිචර්ට වැදපු මධූෂ් සහ ඔහුගේ යාලූවෝ ටිචර්ගෙන් මිදී ඉගිල්ලූනේ මිටින් හළ කුරුල්ලන් මෙනි.

ඒ මීට වසර විසිපහකට පමණ පෙර සිටි මධූෂ් ලක්ෂිතය. එදා තමන්ගේ ගුරුවරියට බය පක්ෂපාතකම ගරු සරුව දැක්වු මධූෂ් අද ජීවිත සමඟ සෙල්ලම් කරන, අනුන්ගේ ජීවිත කාලය පිළිබඳව තීන්දු ලබාදෙන, අනුන්ගේ ජීවිතවල ඉරණම තීරණය කරන පුද්ගලයා බවට පත්ව ඇත.

එදා ටීචර් දකින විට හැංගුණේ මධූෂ්ය. අද මධූෂ් දකින විට හැංගෙන්නේ පණට ආදරේ ඇති අයය. ඔහුගේ ගිනි අවියට පුද්ගලයෙක්, තරාතිරමක්, වයස් භේදයක් නැත. ඒ ගිනි අවිය දන්නේ කොන්ත්‍රාත්තුව දුන් අයගේ ගාස්තුවේ ප්‍රමාණය පමණි. නැතහොත් තමන්ට එම පුද්ගලයාගෙන් තිබෙන බාධාව පමණි. පළිගැනීමේ විශාලත්වය පමණි.

එදා අහිංසකයෙක් ලෙස තමන්ගේ ගුරුවරිය ඉදිරියේ හැසිරුණු මධූෂ් අද කතා කරන්නේ තුවක්කු බටෙනි. තුවක්කුව පත්තු කිරීමට පෙර ඔහු අදාළ පුද්ගලයන්ට දුරකථනයෙන් කතා කරන්නේය. ඒ තර්ජනය කිරිමටය. තමන්ට අවශ්‍ය ලෙස අදාළ පුද්ගලයා හසුරුවා ගත හැකි දැයි විමසා බැලීමටය. තමන් පිළිබඳව හෝ තමන්ගේ ගෝල බාලයන් පිළිබඳව පරික්ෂණ පවත්වන පොලිස් නිලධාරින්ට ද ඔහු තර්ජනය කළ අවස්ථාව ඇත. ඒ පිළිබඳව කරන ලද පැමිණිලිද වේ.

මධූෂ්ට එරෙහිව නැගුණු පළමු ඝාතන නඩු දෙකෙන්ම ඔහු නිදහස් වූයේ ප්‍රමාණවත් සාක්කි නැතිකමිනි. ඒ අයගෙන් එක් අයෙක් වූයේ විජේතුංග ගමගේ දයානන්දය. ඔහු දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටිය මහතාගේ ඥාතියෙකි. හිත්තැටිය මහතාද ඉන් වසර කීපයකට පසු එනම් 2006 ජුනි 11 වැනි දා ඝාතනයට ලක්විය. එහි චෝදනාවද මධූෂ්ටමය. එයට හේතු පාදක වු කරුණු අප මීට පෙර කතාකර තිබේ. කෙසේ වෙතත් මෙම සිදුවීමට චෝදනා ලබන මධූෂ් ඒ වන විටත් සිටියේ වෙනත් නඩුකට අදාළව රිමාන්ඩ් බාරයට පත්වය. ඒ මංකොල්ල නඩු දෙකකට අදාළවය.

මොනවද මේ මංකොල්ල නඩු ? ඉතාමත් ලස්සනට එකම තිරපිටපත තැන් කීපයකින් සුලූවට වෙනස්කර ස්ථාන දෙකකදී රඟදක්වා ලක්ෂ විසිපහකට ආසන්න මුදලක් මංකොල්ල කෑ හැටි එකල මහත් ආන්දෝලනයකට ලක්විය. මෙය සිදුවුයේ මීට වසර දහ තුනකට පමණ පෙරය.

එය වර්ෂ 2005ක් වූ මැයි 11 වැනිදාය. එදින දහවල් 1.25ට පමණ භික්ෂූන් වහන්සේ නමක් මීගමුව කොප්පරා හංදියේ පවත්වාගෙන යනු ලැබූ ලීසිං සමාගමක් වෙත පැමිණියහ. තමන්ට වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය බැවින් එය ලීසිං කර ලබාගන්නේ කෙසේදැයි ආයතනයේ නිලධාරිනියකගෙන් විමසා සිටියහ.

ඇය එකින් එක විස්තර කළාය. සියල්ල අසා සිටි භික්ෂූන් වහන්සේ නැගිට යන්නට සූදානම් විය. ඒ අවස්ථාව මධ්‍යහන වේලාව නිසා ඒ අවස්ථාවේ වැඩි පිරිසක් ලිසිං සමාගමේ සිටියේ නැත. හාත්පසට තියුණු බැල්මක් හෙලූ භික්ෂූන් වහන්සේ හොඳමයි නෝනේ එහෙම නම් මම ගිහින් එන්නම්” යැයි පවසා පිටව ගියහ.

විනාඩි දෙක තුනක් ඇතුළත පස් දෙනෙකුගෙන් සමන්විත කල්ලියක් ආයතනයට පිවිසියහ. ගනුදෙනුවකට පැමිණෙන අය නම් මෙතරම් කලබලයක් අවශ්‍ය නැත. ඒ නිසා ලීසිං සමාගමේ නිලධාරීන් මෙන්ම සේවකයින්ද සිදුවන්නේ කුමක්දැයි විමසිලිමත් විය. මැතිඇමැතිවරු ආයතනයට ලීසිං කිරිමට පැමිණෙන්නේ නම් හෝ ඔවුන් වාහන ගන්නට එන්නේ නම් හෝ එවැනි අවස්ථාවක ඇතිවු යම් සිදුවීමක් නිසා තමන් කවුදැයි හඳුන්වා දෙන්නට එනවා යැයි සිතිය හැකිය. එහෙත් එවැනි අයකුද මතක ඇති කාලෙක මෙහි පැමිණ නැත. එසේ නම් මේ කවුද?

හිටි ගමන්ම ඔවුන් තම ජැකට්ටු තුළින් එළියට ගත්තේ වාහනයක ලියකියවිලි නම් නොවේ. හැම කෙනෙක් අතටම ආවේ ගිනි අවියකි. කව්රුත් තූෂ්නිම්භූත විය. කරන්නේ කුමක්දැයි සිතා ගැනීමටවත් නොහැකිය. ආරක්ෂක නිළධාරින්ද අසරණය. තමන් අතේ අවියක් නැතිව ඔවුන් සමඟ හැපෙන්නේ කෙසේද? ගිනි අවිය සේවකයින් හා ආරක්ෂක නිලධාරින් වෙත එල්ල කළ මොවුහු මෙසේ අණ දුන්හ.

ආරක්ෂක නිලධාරියා ඒ වන විටත් දුරකථනයෙන් පොලිසියට දැනුම් දිමට උත්සාහ කරමින් සිටියේය.

ඇති වෙන්න කෝල් ගනිල්ලා. ඕවා එකක් වත් වැඩ කරන්නේ නෑ යකෝ. දාපං ඕක බිම. හ්ම් දැන් එනවා මෙතනට. කෑ ගැහුවොත් මරණවා. එක්කෙනෙක්වත් අපි කියන දේට පිටින් වැඩ කරන්න එපා. කණ්ඩායමේ ප්‍රධානියා වැනි අයෙක් එක තැනක සිට එසේ කෑ ගැසුවේය.

ආ හරි දැන් කට වහගෙන අතේ තියෙන හෑන්ඞ් ෆෝන් ඔක්කොම අපේ කොල්ලන් අතට දෙනවා. ඒ සමගම ක්රියාක්මක වූ එක පුද්ගලයෙක් ජංගම දුරකථන එකතු කරගත්තේය.

දැන් සේරම පෙළ ගැහිලා අර කාමරයට යනවා. කොල්ලෝ මේ ඔක්කොම අර කාමරයට දාලා දොර වහපං. උන්ට එළියට එන්න දෙන්න එපා.

ඔහු කී ලෙස සේවකයින් සියලූ දෙනා ඔවුන්ගේ විවේකාගාරයට දමා දොරවසා දැමිණි. ඉන්පසු එළියෙන්ද දොර වසා හිතේ හැටියට කටයුතු කළ කණ්ඩායම කවුන්ටර්වල ඒ වන විට එකතුවී තිබුණු හා සේප්පුව කඩා එහි තිබූ මුදල් ද ලක්ෂ දහයක් එකතු කරගත්හ. එයින් සෑහීමකට පත් නොවු ඔවුන් වාහන පහක ලීසිං කළ ලියකියවිලිද එකතු කරගනු ලැබිණි. සියල්ල ඉතාමත් සුලූ වේලාවකදී එකතු කරගත් කණ්ඩායම ආයතනය ඉදිරිපිට ගෙන්වා ගත් වාහනයක නැගී පළාගියහ. පෙර පැමිණි භික්ෂුවකගේ වෙස් ගත් අයද ඒ වාහනයේ මුහුණ සඟවාගෙන නැමී සිටිනු දුටු බවද සාක්ෂිකරුවෙකු පොලිසියට පවසා තිබිණි.

මේ සිදුවිම මීගමුව ප්‍රදේශයේ කටින් කට පැතිර ගිය අතර පොලිසිය කොල්ලකරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළහ. එහෙත් කිසිවෙක් සොයා ගත නොහැකි වු අතර එවැනිම සිදුවීමක් පළමු සිදුවීමට සති දෙකකට පමණ පසු එනම් මැයි 30 වැනි දා නැවත සිදුවිය.

එයද කල්බදු සමාගමකි. මීගමුව නගරාසන්නයේම පිහිටි මෙම ආයතනයටද පෙර ලෙසම සැරසුණු කොල්ලකරුවන් සිව්දෙනෙක් පැමිණියේ දහවල් 12.45ට පමණය. එදින ගනුදෙනුකරුවන් හා සේවකයන් සියලූ දෙනා ගත්විට ආයතනයේ විසි දෙනෙක් පමණ සිටියහ. එහෙත් කොල්ලකරුවන් කලබල වූයේ නැත. ඒ සියලූ දෙනා පෙර ලෙසටම කාමරයකට දමා වසා දමනු ලැබිණි.

ඉන්පසු ආයතනයේ කවුන්ටර්වල හා සේප්පුවේ තිබු ලක්ෂ දහයක පමණ මුදල් වලින් පමණක් සෑහීමකට පත් නොවු කොල්ලකරුවෝ ලක්ෂ පහක පමණ වටිනාකමක් සහිත ගනුදෙනුකරුවන් හා සේවකයින් සතුව තිබූ මුදල් සියල්ල හා රන්භාණ්ඩද කොල්ලකනු ලැබිණි. මෙම සිදුවීමට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් අයකුගෙන් ලද තොරතුරුවලට අනුව කොල්ලකෑමට මධූෂ් සම්බන්ධ යැයි සැකයක් මතුවු අතර ඒ අනුව විමර්ශන සිදුකරනු ලැබිණි. මධූෂ් සමඟ සම්බන්ධතා පැවැත්වූ ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සමඟ එක්ව මෙම මංකොල්ලය සැලසුම් කර ඇති බව එහිදි අනාවරණය වි තිබේ.

ඒ අනුව මධූෂ් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබිණි. ඉන් ටික කලකට පසුව ඔහුට රිමාන්ඩ් බාරයේ සිටියදීම පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. එහෙත් සාධාරණ සැකයෙන් තොරව මධූෂ් මෙම සිදුවිමට සම්බන්ධ බවට ඔප්පු කරන තෙක් වසරකට පමණ පසුව ඔහුට ඇප ලැබිණ.

එහෙත් මංකොල්ල නඩුවෙන් ඇප ලැබුවද යළි ඝාතන චෝදනාවක් යටතේ ඔහු රිමාන්ඩ් බාරයට පත් කෙරිණි. ඒ ඩැනී හිත්තැටිය ඝාතන චෝදනාවය. වසර කීපයකට පසු එම නඩුවට අදාළව ඇප ලැබු ඔහු පසුව රිමාන්ඩ් බාරයට පත්වන්නේ දකුණෙන් වාහන සොරකම් කර එල්ටීටිඊය අවශ්‍ය වාහන උතුරට සැපයූ බවට වූ චෝදනාවක් අනුවය. එලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටියදී ඔහුට තවත් මනුෂ්‍ය ඝාතනයට තැත් කළැයි චෝදනාවක් එල්ල විය. ඒ රටේ ප්‍රබල දේශපාලඥයකු ඝාතනය කරන්නට සැලසුම් කළ බවටය.

එම චෝදනාව එල්ල වන්නේ 2009 වැල්ලවත්ත ප්‍රදේශයේදි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට පත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුවය. එම සැකකරු එල්ටීටීඊ සබඳතා පවත්වන අයෙක් වු අතර හමුදාවේ සේවය කරමින් සිටියදී අතුරුදන් වු තම සහෝදරයා සොයාගැනීමට එල්ටීටීඊ සාමාජිකයකුගෙන් ඔහු කර ඇත. එම ඉල්ලීම සිදුකිරිමට නම් පෙර කි දේශපාලඥයා ඝාතනය කරන ලෙස තමන්ගෙන් එම කොටි සාමාජිකයා ඉල්ලූ බවත් එම ඉල්ලීම පරිදි බන්ධනාගාර ගතව සිටි තමන්ගේ හිතවතෙකු මගින් මධූෂ්ව හඳුනාගත් බවත් සැකකරු පවසා ඇත. ඒ අනුව මධූෂ් බන්ධනාගාරයේ සිටියදී මේ පිළිබඳව ඔහු සමඟ සාකච්ඡා කළ බවත් මධූෂ්ටද කොටි සාමාජිකයන් සමඟ තිබූ සබඳතා අනුව අවශ්‍ය අවි ආයුධ උතුරෙන් ගෙන්වා ගත් බවත් සැකකරු ත්‍රස්ත විමර්ශන නිලධාරින් හමුවේ පාපෝච්චාරණය කර තිබිණ.

ඒ වන විටත් බන්ධනාගාර ගතව සිටි මධූෂ්ගෙන් ත්‍රස්ත විමර්ශන නිලධාරින් අධිකරණයෙන් අවසර මත ප්‍රශ්න කළහ. පසුව ඒ සම්බන්ධයෙන්ද මධූෂ්ට එරෙහිව නඩුවක් විභාග විය. එහෙත් 2013 වසරේ නොවැම්බර් 21 වැනිදා නීතිපති උපදෙස් මත මධූෂ් එම චෝදනා වලින් නිදහස් කර තිබේ. ඉන්පසු ඔහු මෙරට අතහැර විදෙස් ගතව ඇත. අද ඔහු සිටින්නේ ඩුබායි වලය. එහෙත් මේ වන විට ඔහු ඉතාලියට පළාගොස් ඇති බවටද මතයක් තිබේ.

උපුටාගැනීම:ලංකාදීප.lk

[QUOTE="ulta, post: 23123317, member: 327260"] [b]ගුරුවරියට බයේ හැංගුණු මධුෂ්........[/b] [SIZE="5"][B][U][COLOR="red"]ගුරුවරියට බයේ හැංගුණු මධුෂ් පාතාලයෙක් වු හැටි....[/COLOR] [/U][/B][/SIZE] [IMG]http://gossip.hirufm.lk/data/gossip_images/17463-madush-interpoll1917149837.jpg[/IMG] [COLOR="red"]''[/COLOR][B][SIZE="4"]ඒයි මදුවෝ අන්න .......... ටීචර් එනවා ඉස්සරහට. අපොයි අපි විනාසයි. දැන් ඉතිං අද ගෙදර වැඩ දිපුවා නොකළොත් දීපංකෝ හෙට උත්තර. මධූෂ් ටීචර්ට හසුනොවී බේරීමේ අදහසින් අහළ පහළ ගේකට රිංගන්න හැදුවත් ටීචර්ගෙන් ගැලවිල්ලක් නැත. මධූෂ් පුතා කොහෙද මේ ගියේ? ටීචර් කතා කළත් මධූෂ් කතා නැත ඇගිල්ලෙන් පොළොව හාර හාර බිම බලා සිටියා පමණි. මොකද බය වෙලා? බෝල ගහන්න ගියාද? හා හා ළමයි සෙල්ලම් කළාම මොකද? මම ඒවට බණිනවා යෑ. ගෙරද වැඩ ටිකත් ඒ වගේම කරලා ඇති නේ නේද? හා හා දැන් ඉතිං ඉක්මණට ගෙදර යනවලා. ආච්චි බලාගෙන ඇති.[COLOR="Red"]''[/COLOR] එහෙම කියපු සැණින් දෙකට නැවිලා ටිචර්ට වැදපු මධූෂ් සහ ඔහුගේ යාලූවෝ ටිචර්ගෙන් මිදී ඉගිල්ලූනේ මිටින් හළ කුරුල්ලන් මෙනි. ඒ මීට වසර විසිපහකට පමණ පෙර සිටි මධූෂ් ලක්ෂිතය. එදා තමන්ගේ ගුරුවරියට බය පක්ෂපාතකම ගරු සරුව දැක්වු මධූෂ් අද ජීවිත සමඟ සෙල්ලම් කරන, අනුන්ගේ ජීවිත කාලය පිළිබඳව තීන්දු ලබාදෙන, අනුන්ගේ ජීවිතවල ඉරණම තීරණය කරන පුද්ගලයා බවට පත්ව ඇත. එදා ටීචර් දකින විට හැංගුණේ මධූෂ්ය. අද මධූෂ් දකින විට හැංගෙන්නේ පණට ආදරේ ඇති අයය. ඔහුගේ ගිනි අවියට පුද්ගලයෙක්, තරාතිරමක්, වයස් භේදයක් නැත. ඒ ගිනි අවිය දන්නේ කොන්ත්‍රාත්තුව දුන් අයගේ ගාස්තුවේ ප්‍රමාණය පමණි. නැතහොත් තමන්ට එම පුද්ගලයාගෙන් තිබෙන බාධාව පමණි. පළිගැනීමේ විශාලත්වය පමණි. එදා අහිංසකයෙක් ලෙස තමන්ගේ ගුරුවරිය ඉදිරියේ හැසිරුණු මධූෂ් අද කතා කරන්නේ තුවක්කු බටෙනි. තුවක්කුව පත්තු කිරීමට පෙර ඔහු අදාළ පුද්ගලයන්ට දුරකථනයෙන් කතා කරන්නේය. ඒ තර්ජනය කිරිමටය. තමන්ට අවශ්‍ය ලෙස අදාළ පුද්ගලයා හසුරුවා ගත හැකි දැයි විමසා බැලීමටය. තමන් පිළිබඳව හෝ තමන්ගේ ගෝල බාලයන් පිළිබඳව පරික්ෂණ පවත්වන පොලිස් නිලධාරින්ට ද ඔහු තර්ජනය කළ අවස්ථාව ඇත. ඒ පිළිබඳව කරන ලද පැමිණිලිද වේ. මධූෂ්ට එරෙහිව නැගුණු පළමු ඝාතන නඩු දෙකෙන්ම ඔහු නිදහස් වූයේ ප්‍රමාණවත් සාක්කි නැතිකමිනි. ඒ අයගෙන් එක් අයෙක් වූයේ විජේතුංග ගමගේ දයානන්දය. ඔහු දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටිය මහතාගේ ඥාතියෙකි. හිත්තැටිය මහතාද ඉන් වසර කීපයකට පසු එනම් [COLOR="Red"]2006 ජුනි 11 [/COLOR]වැනි දා ඝාතනයට ලක්විය. එහි චෝදනාවද මධූෂ්ටමය. එයට හේතු පාදක වු කරුණු අප මීට පෙර කතාකර තිබේ. කෙසේ වෙතත් මෙම සිදුවීමට චෝදනා ලබන මධූෂ් ඒ වන විටත් සිටියේ වෙනත් නඩුකට අදාළව රිමාන්ඩ් බාරයට පත්වය. ඒ මංකොල්ල නඩු දෙකකට අදාළවය. මොනවද මේ මංකොල්ල නඩු ? ඉතාමත් ලස්සනට එකම තිරපිටපත තැන් කීපයකින් සුලූවට වෙනස්කර ස්ථාන දෙකකදී රඟදක්වා ලක්ෂ විසිපහකට ආසන්න මුදලක් මංකොල්ල කෑ හැටි එකල මහත් ආන්දෝලනයකට ලක්විය. මෙය සිදුවුයේ මීට වසර දහ තුනකට පමණ පෙරය. එය වර්ෂ [COLOR="red"]2005ක් වූ මැයි 11[/COLOR] වැනිදාය. එදින දහවල් [COLOR="red"]1.25[/COLOR]ට පමණ භික්ෂූන් වහන්සේ නමක් මීගමුව කොප්පරා හංදියේ පවත්වාගෙන යනු ලැබූ ලීසිං සමාගමක් වෙත පැමිණියහ. තමන්ට වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය බැවින් එය ලීසිං කර ලබාගන්නේ කෙසේදැයි ආයතනයේ නිලධාරිනියකගෙන් විමසා සිටියහ. ඇය එකින් එක විස්තර කළාය. සියල්ල අසා සිටි භික්ෂූන් වහන්සේ නැගිට යන්නට සූදානම් විය. ඒ අවස්ථාව මධ්‍යහන වේලාව නිසා ඒ අවස්ථාවේ වැඩි පිරිසක් ලිසිං සමාගමේ සිටියේ නැත. හාත්පසට තියුණු බැල්මක් හෙලූ භික්ෂූන් වහන්සේ හොඳමයි නෝනේ එහෙම නම් මම ගිහින් එන්නම්” යැයි පවසා පිටව ගියහ. විනාඩි දෙක තුනක් ඇතුළත පස් දෙනෙකුගෙන් සමන්විත කල්ලියක් ආයතනයට පිවිසියහ. ගනුදෙනුවකට පැමිණෙන අය නම් මෙතරම් කලබලයක් අවශ්‍ය නැත. ඒ නිසා ලීසිං සමාගමේ නිලධාරීන් මෙන්ම සේවකයින්ද සිදුවන්නේ කුමක්දැයි විමසිලිමත් විය. මැතිඇමැතිවරු ආයතනයට ලීසිං කිරිමට පැමිණෙන්නේ නම් හෝ ඔවුන් වාහන ගන්නට එන්නේ නම් හෝ එවැනි අවස්ථාවක ඇතිවු යම් සිදුවීමක් නිසා තමන් කවුදැයි හඳුන්වා දෙන්නට එනවා යැයි සිතිය හැකිය. එහෙත් එවැනි අයකුද මතක ඇති කාලෙක මෙහි පැමිණ නැත. එසේ නම් මේ කවුද? හිටි ගමන්ම ඔවුන් තම ජැකට්ටු තුළින් එළියට ගත්තේ වාහනයක ලියකියවිලි නම් නොවේ. හැම කෙනෙක් අතටම ආවේ ගිනි අවියකි. කව්රුත් තූෂ්නිම්භූත විය. කරන්නේ කුමක්දැයි සිතා ගැනීමටවත් නොහැකිය. ආරක්ෂක නිළධාරින්ද අසරණය. තමන් අතේ අවියක් නැතිව ඔවුන් සමඟ හැපෙන්නේ කෙසේද? ගිනි අවිය සේවකයින් හා ආරක්ෂක නිලධාරින් වෙත එල්ල කළ මොවුහු මෙසේ අණ දුන්හ. ආරක්ෂක නිලධාරියා ඒ වන විටත් දුරකථනයෙන් පොලිසියට දැනුම් දිමට උත්සාහ කරමින් සිටියේය. ඇති වෙන්න කෝල් ගනිල්ලා. ඕවා එකක් වත් වැඩ කරන්නේ නෑ යකෝ. දාපං ඕක බිම. හ්ම් දැන් එනවා මෙතනට. කෑ ගැහුවොත් මරණවා. එක්කෙනෙක්වත් අපි කියන දේට පිටින් වැඩ කරන්න එපා. කණ්ඩායමේ ප්‍රධානියා වැනි අයෙක් එක තැනක සිට එසේ කෑ ගැසුවේය. ආ හරි දැන් කට වහගෙන අතේ තියෙන හෑන්ඞ් ෆෝන් ඔක්කොම අපේ කොල්ලන් අතට දෙනවා. ඒ සමගම ක්රියාක්මක වූ එක පුද්ගලයෙක් ජංගම දුරකථන එකතු කරගත්තේය. දැන් සේරම පෙළ ගැහිලා අර කාමරයට යනවා. කොල්ලෝ මේ ඔක්කොම අර කාමරයට දාලා දොර වහපං. උන්ට එළියට එන්න දෙන්න එපා. ඔහු කී ලෙස සේවකයින් සියලූ දෙනා ඔවුන්ගේ විවේකාගාරයට දමා දොරවසා දැමිණි. ඉන්පසු එළියෙන්ද දොර වසා හිතේ හැටියට කටයුතු කළ කණ්ඩායම කවුන්ටර්වල ඒ වන විට එකතුවී තිබුණු හා සේප්පුව කඩා එහි තිබූ මුදල් ද ලක්ෂ දහයක් එකතු කරගත්හ. එයින් සෑහීමකට පත් නොවු ඔවුන් වාහන පහක ලීසිං කළ ලියකියවිලිද එකතු කරගනු ලැබිණි. සියල්ල ඉතාමත් සුලූ වේලාවකදී එකතු කරගත් කණ්ඩායම ආයතනය ඉදිරිපිට ගෙන්වා ගත් වාහනයක නැගී පළාගියහ. පෙර පැමිණි භික්ෂුවකගේ වෙස් ගත් අයද ඒ වාහනයේ මුහුණ සඟවාගෙන නැමී සිටිනු දුටු බවද සාක්ෂිකරුවෙකු පොලිසියට පවසා තිබිණි. මේ සිදුවිම මීගමුව ප්‍රදේශයේ කටින් කට පැතිර ගිය අතර පොලිසිය කොල්ලකරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළහ. එහෙත් කිසිවෙක් සොයා ගත නොහැකි වු අතර එවැනිම සිදුවීමක් පළමු සිදුවීමට සති දෙකකට පමණ පසු එනම් [COLOR="red"]මැයි 30 [/COLOR]වැනි දා නැවත සිදුවිය. එයද කල්බදු සමාගමකි. මීගමුව නගරාසන්නයේම පිහිටි මෙම ආයතනයටද පෙර ලෙසම සැරසුණු කොල්ලකරුවන් සිව්දෙනෙක් පැමිණියේ දහවල් [COLOR="red"]12.45ට [/COLOR]පමණය. එදින ගනුදෙනුකරුවන් හා සේවකයන් සියලූ දෙනා ගත්විට ආයතනයේ විසි දෙනෙක් පමණ සිටියහ. එහෙත් කොල්ලකරුවන් කලබල වූයේ නැත. ඒ සියලූ දෙනා පෙර ලෙසටම කාමරයකට දමා වසා දමනු ලැබිණි. ඉන්පසු ආයතනයේ කවුන්ටර්වල හා සේප්පුවේ තිබු ලක්ෂ දහයක පමණ මුදල් වලින් පමණක් සෑහීමකට පත් නොවු කොල්ලකරුවෝ ලක්ෂ පහක පමණ වටිනාකමක් සහිත ගනුදෙනුකරුවන් හා සේවකයින් සතුව තිබූ මුදල් සියල්ල හා රන්භාණ්ඩද කොල්ලකනු ලැබිණි. මෙම සිදුවීමට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් අයකුගෙන් ලද තොරතුරුවලට අනුව කොල්ලකෑමට මධූෂ් සම්බන්ධ යැයි සැකයක් මතුවු අතර ඒ අනුව විමර්ශන සිදුකරනු ලැබිණි. මධූෂ් සමඟ සම්බන්ධතා පැවැත්වූ ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සමඟ එක්ව මෙම මංකොල්ලය සැලසුම් කර ඇති බව එහිදි අනාවරණය වි තිබේ. ඒ අනුව මධූෂ් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබිණි. ඉන් ටික කලකට පසුව ඔහුට රිමාන්ඩ් බාරයේ සිටියදීම පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. එහෙත් සාධාරණ සැකයෙන් තොරව මධූෂ් මෙම සිදුවිමට සම්බන්ධ බවට ඔප්පු කරන තෙක් වසරකට පමණ පසුව ඔහුට ඇප ලැබිණ. එහෙත් මංකොල්ල නඩුවෙන් ඇප ලැබුවද යළි ඝාතන චෝදනාවක් යටතේ ඔහු රිමාන්ඩ් බාරයට පත් කෙරිණි. ඒ ඩැනී හිත්තැටිය ඝාතන චෝදනාවය. වසර කීපයකට පසු එම නඩුවට අදාළව ඇප ලැබු ඔහු පසුව රිමාන්ඩ් බාරයට පත්වන්නේ දකුණෙන් වාහන සොරකම් කර එල්ටීටිඊය අවශ්‍ය වාහන උතුරට සැපයූ බවට වූ චෝදනාවක් අනුවය. එලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටියදී ඔහුට තවත් මනුෂ්‍ය ඝාතනයට තැත් කළැයි චෝදනාවක් එල්ල විය. ඒ රටේ ප්‍රබල දේශපාලඥයකු ඝාතනය කරන්නට සැලසුම් කළ බවටය. එම චෝදනාව එල්ල වන්නේ [COLOR="red"]2009[/COLOR] වැල්ලවත්ත ප්‍රදේශයේදි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට පත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුවය. එම සැකකරු එල්ටීටීඊ සබඳතා පවත්වන අයෙක් වු අතර හමුදාවේ සේවය කරමින් සිටියදී අතුරුදන් වු තම සහෝදරයා සොයාගැනීමට එල්ටීටීඊ සාමාජිකයකුගෙන් ඔහු කර ඇත. එම ඉල්ලීම සිදුකිරිමට නම් පෙර කි දේශපාලඥයා ඝාතනය කරන ලෙස තමන්ගෙන් එම කොටි සාමාජිකයා ඉල්ලූ බවත් එම ඉල්ලීම පරිදි බන්ධනාගාර ගතව සිටි තමන්ගේ හිතවතෙකු මගින් මධූෂ්ව හඳුනාගත් බවත් සැකකරු පවසා ඇත. ඒ අනුව මධූෂ් බන්ධනාගාරයේ සිටියදී මේ පිළිබඳව ඔහු සමඟ සාකච්ඡා කළ බවත් මධූෂ්ටද කොටි සාමාජිකයන් සමඟ තිබූ සබඳතා අනුව අවශ්‍ය අවි ආයුධ උතුරෙන් ගෙන්වා ගත් බවත් සැකකරු ත්‍රස්ත විමර්ශන නිලධාරින් හමුවේ පාපෝච්චාරණය කර තිබිණ. ඒ වන විටත් බන්ධනාගාර ගතව සිටි මධූෂ්ගෙන් ත්‍රස්ත විමර්ශන නිලධාරින් අධිකරණයෙන් අවසර මත ප්‍රශ්න කළහ. පසුව ඒ සම්බන්ධයෙන්ද මධූෂ්ට එරෙහිව නඩුවක් විභාග විය. එහෙත් [COLOR="red"]2013[/COLOR] වසරේ [COLOR="red"]නොවැම්බර් 21[/COLOR] වැනිදා නීතිපති උපදෙස් මත මධූෂ් එම චෝදනා වලින් නිදහස් කර තිබේ. ඉන්පසු ඔහු මෙරට අතහැර විදෙස් ගතව ඇත. අද ඔහු සිටින්නේ ඩුබායි වලය. එහෙත් මේ වන විට ඔහු ඉතාලියට පළාගොස් ඇති බවටද මතයක් තිබේ.[/SIZE][/B] උපුටාගැනීම:ලංකාදීප.lk [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom