ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සඳහා ගුවන් තොටුපලට පනවා තිබුණු තහනම අද ඉවත් කර තිබුණා.
මෙසේ ගුවන් තොටුපල යළි විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවට පැමිණි පළමු ගුවන් යානය වූයේ කටාර් ගුවන් සේවයට අයත් යානයක්.
කිව්.ආර්. 668 දරණ මෙම යානය අද (01) අලුයම 2.15 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙනවා.
එම යානයෙන් මගීන් 53 දෙනෙකු සිට ඇති අතර, විදේශීය ගුවන් මගීන්ද ඒ අතර වන බවයි කටුනායක ගුවන් තොටුපල කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ.
එමෙන්ම අලුයම 4.05 ට දෝහා සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 218 දරණ යානයද කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියා.
එම යානයෙන් මගීන් 116 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.. මොවුන් දින 14 ක නිරෝධායන කාලයකට යොමුකළ බවයි කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ..
කෙසේ වෙතත් ගුවන් තොටුපල විවෘත වුවද ඉන්දියාව සහ වියට්නාමය යන රටවල සිට පැමිණෙන්නන්ට මෙරටට ඇතුලුවීම තවදුරටත් තහනම් වනවා.
ඒ, එම රටවල පැතිර යන කොරෝනා තත්වයත් සමඟයි.