Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ගුවන් නැවේ අබිරහස - S.H
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන් නැවේ අබිරහස - S.H

ගුවන් නැවේ අබිරහස

සිත් ඇදගන්නා සුළු පරීක්ෂණයක් ලැබෙන බව පෙනේ. අද රාත්‍රී 7.00 ට බේකර් වීදියට පැමිණෙන්න.

-- S.H.

රෝගියෙක් පරීක්ෂා කර නිවසට පැමිණි මට ෂර්ලොක් හෝම්ස් එවූ විදුලි පුවත ලැබුණේ සවස් වරුවේය.

විවාහයෙන් පසු බේකර් වීදියේ නවාතැනෙන් සමුගත් මා ලන්ඩන් හංදිය අසල නිවසක බිරිඳත් සමඟ පදිංචිව සිටි බව පාඨකයන්ට මතක ඇතැයි සිතමි. එහෙත් වැදගත් පරීක්ෂණයක් ලැබුණු හැම විටෙකම එයට මා හවුල් කරගැනීමට මගේ මිත්‍රයා අමතක නොකළේ ය.

දිගින් දිගටම රෝගීන් බැලීමෙන් වෙහෙසට පත්ව සිටි මම හෝම්ස් ගේ ආරාධනයෙන් මහත් සතුටට පත්වුණෙමි. එහෙයින් තේ පානයෙන් පසුව නිවසින් පිටවුණු මම හය හමාර වෙද්දී බේකර් වීදියේ අප නිවහනට පැමිණියෙමි.

"සුබ සැන්දෑවක් වොට්සන්. මම දැනන් හිටියා ඔබ එන බව." හෝම්ස් පැවසුවේ ස්තුති පූර්ව හඬිනි.

" එසේම වේවා හෝම්ස්. ඔබ මේ හදිස්සියේම මට කතාකළේ වැදගත් හේතුවක් නිසා විය යුතුයි."

"අනිවාර්යයෙන්ම මිත්‍රයා" පැවසූ හෝම්ස් මේසය උඩ තිබුණු විදුලි පණිවුඩයක් මා අතට පත්කළේ ය.

□ ඉතා වැදගත් ගැටළුවක් හිටං විසඳාගැනීමට ඔබතුමා හමුවීමට බලාපොරොත්තු වෙමි. අද සවස 7 ට බේකර් වීදියේ හිටං ඔබතුමා මුණගැසීමට බලාපොරොත්තු වෙමි.

-- M.S.

"ඕක මට ලැබුණෙ අද දවල්. ඒ වෙලාවෙම තමා මම ඔබටත් විදුලි පුවතක් යැව්වෙ වොට්සන්. බලන්න ඔබට මොනවද මේ ලිපියෙන් කියන්න පුලුවන් කියලා"

මම ලිපිය ගෑස් ලාම්පුව අසලට අල්ලා එළිය වැඩිකර බැලුවෙමි. බාල රෝනියෝ කොළයක ලියා තිබූ ලිපිය තැපැල් කර තිබුනේ හිඟුරක්ගොඩ තැපැල් කාර්යාලයෙනි. පිරිමියෙකු ගේ අත් අකුරු බව විනා වෙනත් යමක් සොයාගැනීමට මා හට හැකියාවක් ලැබුණේ නැත.

"ලිපිය ලියල තියෙන්නේ පිරිමියෙක්. ඊට වැඩි දෙයක් නම් ඕකෙන් හොයාගන්න බෑ හෝම්ස්."

මා පැවසුවේ ලිපිය නැවතත් ඔහු අතට පත් කරමිනි.

ලිපිය අතට ගත් මගේ මිත්‍රයා උත්තල කාචය ගෙන නැවතත් ලිපිය සියුම්ව පරීක්ෂා කළේ ය.

"මේක ලියල තියෙන්නෙ සරල බෝල්පොයින්ට් පෑනකින් වොට්සන්. කොළයත් බොහොම බාල එකක්. බොහෝ වෙලාවට ලිපිය ලියූ පුද්ගලයා දුප්පතෙක්. අත්අකුරුවල ස්වභාවය අනුව එතරම් උගත් පුද්ගලයෙක් කියල කියන්න අමාරුයි."

"ඔව් ඔබ කිව්වට පස්සෙ නම් මටත් පැහැදිලි වුණා."

"ඔහු බොහොම කළබලෙන් ඉන්නෙ. අත් අකුරු අපැහැදිලි වීමෙන් පේන්නෙ ඒකයි."

හෝම්ස් පැවසුවේ ලිපිය මේසය මතට විසිකරමිනි.

" දැන් වෙලාව 7යි. මගේ අනුමානය නිවැරදි නම් ඔය එන්නේ අපි අනුග්‍රාහකයා."

නිවස ඉදිරිපිට කුලීරියක් නැවැත්වූ හඬත් අමුත්තා හඩ්සන් මහත්මියගෙන් යමක් විමසන අයුරුත් යන්තමින් ඇසිණි. ඉන්පසු අමුත්තා සැහැල්ලු හඬින් තරප්පු පෙළ නැගීමට පටන් ගත්තේය.

"මිනිහ සපත්තු දාල නෑ වගේ හෝම්ස්." මා පැවසුවේ විමතියට පත්වයි.

"විශිෂ්ඨයි වොට්සන්. ඔබේ හැකියාව එන්න එන්නම දියුණු වෙනවා.. ඔන්න එනවා ඔහු."

අමුත්තා දොරට තට්ටු කළ පසු මම දොර විවෘත කළෙමි. සුදු පැහැති ජාතික ඇඳුමෙන් සැරසී සිටි අමුත්තා ඉන්දියානු මෝස්තරයේ හැට්ටයක් ඇඳ සිටියේය. ස්වල්ප වේලාවකින් ඔහු මුහුණ වසාගෙන සිටි ආවරණය ඉවත් කළ අතර දුටු දර්ශනයෙන් ඉමහත් පුදුමයට පත්වූ අපි අමුත්තා දෙස ඇසිපිය නොහෙළා බලා සිටියෙමු. හේ අන් කවරෙකුවත් නොව මුළු මහත් යුරෝපා මහද්වීපයේම සුපතල රාජ්‍ය නායකයෙකු වූ සිරි ලංකා ජනාධිපති #හිස්_එක්සලන්සි මෛත්‍රීපාල සිරිසේන මහතාය !

මුළු ලෝකයටම යහපාලනය හඳුන්වා දුන් මහ රැජිනගෙන් අත් මේස් ගලවා අතට අත ලැබීමට තරම් වාසනාවන්ත වූ ඒ විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයාට අපි හිස නමා ආචාර කළෙමු.

"සුබ සැන්දෑවක් අතිගරු ජනාධිපතිතුමනි. ඔබතුමා දැකීමෙන් අප ඉතා පුදුමයට පත්වුණා. ඔබ වැන්නෙක් අප නිවහනට පැමිණීම අපට විශාල ගෞරවයක්."

මමද හිසවනා හෝම්ස් ගේ අදහස අනුමත කළෙමි.

"බොහොම ස්තුතී හිටං. ඔයා ෂර්ලොක් හෝම්ස්. ඒ කියන්නෙ මේ ඩොක්ට වොට්සන් වියයුතුයි."

"ඔව් මැතිතුමනි." මගේ විමතිය එවිටත් පහව ගොස් තිබුනේ නැත.

"මගේ හොඳම යාලුවත් දොස්තර කෙනෙක්. ඕගොල්ලො අහලත් ඇති ඩොක්ට රාජිත ගැන."

සිරිසේන මහතා සිනාවෙමින් විමසුවේ මගේ මිත්‍රයාගෙනි.

"අපොයි ඔව් ජනාධිපතිතුමා. ඔය කියන්නෙ දත් ගලවා නැව් ගත්තු වෛද්‍යවරයා වියයුතුයි. ඔහු මෙහෙත් බොහොම ජනප්‍රියයි."

"හහා ඒක තමයි. ඒත් මං අද ආවේ ගොඩාක් වැදගත් මගේ හිතට වදදෙන ගැටලුවක් ගැන ඔබතුමාගෙන් උපදෙස් ගන්නයි හිටන්. "

"ඔබතුමාගෙ කතාව මුල ඉඳලම අපට කියන්න මැතිතුමනි" හෝම්ස් පැවසුවේ අපේ සුවිශේෂී අමුත්තාට ගිනි උඳුන අසලම ආසනය ලබාදෙමිනි.

"මේකයි..දැන් ඔයාල දන්නව ඇතිනෙ ජනවාරි 8 විප්ලොවය ගැන. එදා මන් මිනීමරු මැදමුලන මුර්ගයව පරාජය කරල හිටං විසාල ජයක් ලබාගත්තා. අපි රටේ පජාතන්තවාදෙ ඇතිකලා. මාජ්ජ නිදහස ඇතිකරා..සහජීවනය..."

" ඔව් ඔව් ජනාධිපතිතුමනි ඒක එංගලන්තෙත් ඒ දිනවල සෑහෙන කතාබහට ලක්වුණා" හෝම්ස් පැවසීය.

"ඔබතුමා මොනවද බොන්නේ? විස්කි බීර බ්‍රැන්ඩි ?"

"එපා එපා...මට කහට කෝප්පයක් ගේන්න හකුරු එක්ක හිටං. අපේ ජයන්ති මැණිකේ දවල් බත් එක හිටං කෙහෙල් කොලේ ඔතලා දුන්නා" එතුමාගේ හඬ ආදරණීයය.

හඩ්සන් මහත්මිය ගෙන ආ කහට කෝප්පය අතට ගත් ජන නායකයා නැවතත් කතාව ඇරඹීය.

" එදා ඡන්දෙන් පැරදුණු මුර්ගයා මැදමුලන ගියේ ගුවන් හමුදාවේ හෙලිකොප්පරේකින්. මට දැනගන්න ඕන ජනතා මුදල් අවහාවිත කරල මිනිහට හෙලිකොප්ටරයක් දුන්නෙ කව්ද කියල හිටං" සිරිසේන මහතා ගේ කඩහඬන් කියවුනො ඔහු අධික ලෙස කෝපවී ඇති බවයි.

"මගේ මතකය නිවැරදි නම් හෙලිකොප්ටරය දුන්නෙ ඔබතුමාමයි. රැස්වීමක ඔබතුමා එහෙම සඳහන් කරල තියනවා" හෝම්ස් පැවසුවේ දුම් වළලු අහසට පිටකරමිනි

" ඒව නිකං කියන කතා...පණ්ඩිතකම් නැතුව හෙලිකොප්පරේ දුන්න එකා හොයල දෙනවා"

ජනාධිපති උතුමා ගුගුළේය.

"සමාවෙන්න ජනාධිපතිතුමනි. මට අවශ්‍ය උනේ සියළු තොරතුරු දැනගැනීම පමණයි. දැන් මේකට ඔබතුමා කාවද සැක කරන්නේ ? "

"ඔව් ඔව් අරකා තමා මට සැක. අර අගමැතිකාරයා...ඕක #ලුකාරයා. මට ගේම දෙන්න තමා ඌ ඉන්නේ හිටං" සිරිසේන මහතා අත් මිට මොලවා හාන්සි පුටුවට පහර දුන්නේය.

" මේක මම ස්කොට්ලන්ඩ්යාඩ් එකටත් දැනුම් දුන්නා හිටං. ඇතන්ලි ජෝන්ස් කියල පොලිස්කාරයෙක් තමයි පරීක්ෂණය බාර ගත්තේ. මිනිහ මේ ගැන හොයන්න අද උදේ මූදමුලනට පිටත් උනා. හැබැයි ඕකත් ඇලෝසියස් ගෙන් සල්ලි ගත්තු එකෙක් ද දන්නෑ."

"අපෝ නැහැ ජනාධිපතිතුමා...ස්කොට්ලන්ඩ්යාඩ් නිළධාරීන් එතරම් දක්ෂ නැති එක ඇත්තයි. ඒත් ඔවුන් අවංක නිළධාරීන්."

ලොවක් දිනූ නායකයෙක් ඉදිරියේ පවා තම රට හෑල්ලුවට පත්වනු හෝම්ස් නොරිස්සුවේ ය.

"එහෙනං හෝම්ස් මහත්තයො මේක මට විසඳලා දෙන්න ඕන. ඔබතුමාගෙ ගාස්තුව ඩඩ්ලි මල්ලි චෙක් එකකින් ගෙවයි."

"මේක මුලදි සංකීර්ණයි වගේ පෙනුනට දැන් නම් එච්චර අමාරුවක් නෑ වගෙයි පේන්නේ. මේක විසඳීම මම බාරගන්නවා"

"ලොකු දෙයක් හෝම්ස් මහත්තයා. මේකෙන් මන් හරි පීඩනයට පත්වෙලා ඉන්නේ හිටං. දන්නවනෙ මීඩියා කාරයන්ගෙ හැටි. උන් ඉන්නෙ මාවම කන්න බලාගෙන. අනික පේස්බුක් කොලුගැටව්. උන් හිටං මාව කනවා දොස්තර මහත්තයා"

එතුමාගේ වදන් අසා මමත් කම්පාවට පත්වුනෙමි. තමන්ගේ ජනාධිපතිතුමාට මෙතරම් අපහාස කරන්නට ලාංකිකයන් කෙතරම් සැහැසි විය යුතුද !

"එහෙනං ජනාධිපතිතුමනි අපි පරීක්ෂණය පටන් ගමු. ගැටළුව විසඳන්න මට එක්තරා

ග්රන්ථයක් උවමනා වෙනවා. එය ලන්ඩන් නගරයෙන් සොයාගත යුතුයි"

"ඔබතුමා මාත් එක්කම ලංකාවට යන්න එන්නෙ නැද්ද හිටං ? මේක විසඳන්න නම් මහින්දය හම්බෙලා ඕකගෙන් ප්‍රශ්න කරන්න ඕන නේද ? අම්මප මන් ඔය මුර්ගයව පාරක් පාරක් ගානේ ඇවිද්දනවා හිටං"

ජනාධිපතිතමා කෝපයෙන් රතුවිය.

"මම හිතන්නෙ ලංකාවට යන්න ඕන වෙන එකක් නෑ. ලන්ඩන් නගරයේදිම මේක විසඳමු"

හෝම්ස් පැවසුවේ බලාපොරොත්තු සහගත බැල්මෙනි.

නිවසින් පිටවී පහලට ආ අප ජනාධිපතිතුමා පැමිණි රථයට නැග්ගෙමු. කුලියාපිටියේ නිශ්පාදිත වොක්ස්වැගන් වර්ගයේ රෝද හතරේ රථයක් වූ එහි අප තිදෙනාට පහසුවෙන් ගමන් කළ හැකිවිය

රථය පිටත්වූ පසු මම කල්පනා කිරීමට පටන් ගත්තෙමි. මගේ මිත්‍රයා පැවසූ අන්දමට ඔහු ලන්ඩන් නගරය තුළදීම මෙම අබිරහස විසඳන බව ජනාධිපතිතුමාට පොරොන්දු වී තිබේ. ලෝක බලවතුන්ට පවා අභියෝග කළ මේ අසහාය නායකයා වටා ඇති අබිරහස විසඳීමට හෝම්ස් සමත්වේද ? සිරිසේන මහතාට නොදන්වා ගුවනින් ගමේ ගිය මැදමුලන ගං කබරයා කෙරෙහි මට ඇතිවුණේ පිළිකුලකි.

අප රැගත් රථය බේකර් වීදියෙන් ඔක්ස්ෆඩ් වීදියට හරවා ටික වේලාවකින් රථය නවත්වන ලෙස හෝම්ස් අණකළේ ය. එතනින් බැසගත් අපි ඇතුල්වුණේ ලන්ඩන් මහජන පුස්තකාලයටයි. කියවීම් ශාලාවේ සිටි පාසල් දරුවන් ජනාධිපති තාත්තා ග්‍රන්ථය කියවමින් සිටිනු සිරිසේන මහතා බලා සිටියේ ආඩම්බරයෙනි. ඉහළ මහලට පිවිසුණු අප දුටුවේ දින 100 න් අළුත් රටක් පොත් පිංච කියවමින් සිටි සරසවි සිසුන් පිරිසකි.

"ඔබ දන්නවද හෝම්ස්..ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන්ට ඔය පොත අනිවාර්ය කරල තියනවා."

"ඇත්තෙන්ම ඔය පොත ලිව්ව ලේඛකයා හොයාගන්න පහුගිය ටිකේ ලෙස්ට්රේඩ්ල පවා උත්සාහ කළා. මගේ අනුමානය ඔය පොතට මේ සැරේ නොබෙල් තෑග්ග ලැබෙනවා වොට්සන් ."

ජනාධිපතිතුමා ඇස කරකවා හෝම්ස් දෙස බැලුවා විනා වචනයක් හෝ පිටකළේ නැත. පොත් රාක්කයක් අසල නැවතුනු හෝම්ස් එහි උඩම තිබූ පොත අතට ගත්තේය.

සිරි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

"මෙන්න තියනවා මට අවශ්‍ය පොත. මට විනාඩි 10 ක් දෙන්න මහත්වරුනි." පැවසූ මගේ

මිත්‍රයා විනාඩි කිහිපයක් පොත පෙරළා බැලීය.

"ගැටළුව විසඳුවා ජනාධිපතිතුමනි." හෝම්ස් පැවසුවේ සිරිසේන මහතා දෙසට හැරෙමිනි. එය ඇසෙත්ම මාද ඉමහත් පුදුමයට පත්වුවා කිවහොත් නිවැරදිය.

"ඔබ නම් පුදුමාකාර දක්ෂයෙක් හෝම්ස් මහත්තයා. ලංකාවට නොගිහින් මේ ගැටලුව විසඳුවේ කොහොමද? "

"ඇත්තෙන්ම මෙතනදි මට ලංකාවට යන්න උවමනාවක් තිබුනෙ නැහැ. විසඳුම තිබුනේ මේ පොතේ බව මා මුල සිටම අනුමාන කළා ! "

හෝම්ස් පැවසුවේ ජයග්‍රාහී ලීලාවෙනි.

"ඉතින් ෂර්ලොක් හෝම්ස් මහත්තය තාම කිව්වෙ නෑනේ අර මහින්දයට ගමේ යන්න හෙලිකොප්ටරේ දීල තියෙන්නෙ කව්ද කියල හිටං. අර රනිල නේද ? "

"නෑ නෑ මෙතන තියෙන්නෙ එහෙම දෙයක් නෙමෙයි"

" ඔය ප්ලේන් එක දුන්න එකාව මන් පාරක් පාරක් ගානෙ ඇවිද්දවනවා මේ සැරේ...කියන්න කව්ද ඕක දුන්න එකා ?"

ජනාධිපතිතුමා කෝපයෙන් පවසද්දී මම පසෙකට වූවෙමි.

" මේකයි ජනාධිපතිතුමනි...ඇත්තටම මහින්දට ප්ලේන් එකක් කව්රුත් දුන්නෙ නෑ."

" මොකා...ක්"

"හරියට ඔබතුමාගේ දින 100 පොත ලිව්ව කෙනෙක් නෑ වගේ" හෝම්ස් මා දෙස බලමින් ඉඟිමැරීය. ආසියාවේ මහා බලවතා ගේ උදහසට ලක්වීමට අකමැති වූ මම බිම බලා ගතිමි..

" මේ තියෙන්නෙ සිරි ලංකා පජාතන්තවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව."

මේකට අනුව නව ජනාධිපතිවරයෙක් දිව්රුම් දෙන තෙක් බලය ඇත්තේ හිටපු ජනාධිපතිවරයාටම යි ! ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාට මැදමුලන යාමට කාගෙන් හෝ යානයක් ඉල්ලීමට අවශ්‍ය වන්නේ නැහැ. ඔහුට කෙලින්ම හෙලිකොප්ටරයක් ලබා දෙන ලෙස ගුවන් හමුදාවට දැනුම් දිය හැකියි. වී ඇත්තේ එයයි ජනාධිපතිතුමනි."

මාගේ මිත්‍රයා සිය දීර්ඝ පැහැදිලි කිරීම අවසන් කළේය.

"විශිෂ්ඨයි හෝම්ස්. මට නම් මුල ඉඳලම කිසි දෙයක් තේරුම් ගන්න බැරුවයි හිටියේ. මමත් හිතුවේ අපට මැදමුලනට යන්න වෙයි කියලා....ඕහ්...හෝම්ස් කෝ අපේ ජනාධිපතිතුමා? "

"ඒක එච්චර ගණන් ගන්න එපා වොට්සන්. එතුමා හෙමීට ලිස්සල යන්න ඇති. කොහොමත් අමරබංදු තුමා ඕවට දක්ෂයි නේ"

හෝම්ස් පැවසුවේ සිනාසෙමිනි.

"ඒක නෙමයි මගේ මිත්‍රයා... අද වික්ටෝරියා රංග ශාලාවෙ තියනවා ජිප්සීස්ලගේ සංගීත ප්‍රසංගයක්. ප්‍රවීණ සංගීතවේදී සුනිල් පෙරේරා අද සැන්දෑව වර්ණවත් කරන්නට වේදිකාවට පිවිසෙන්නේ කාන්තාවක් ද සමගයි. ඔබත් කැමති නිසා මම ටිකට්පත් දෙකක් ම වෙන් කරවා ගත්තා වොට්සන් "

ෂර්ලොක් හොම්ස් කුලීරියකට අත දැමීය....

Source FB

[QUOTE="hiranrulez, post: 23294327, member: 73860"] [b]ගුවන් නැවේ අබිරහස - S.H[/b] ගුවන් නැවේ අබිරහස ==================== සිත් ඇදගන්නා සුළු පරීක්ෂණයක් ලැබෙන බව පෙනේ. අද රාත්‍රී 7.00 ට බේකර් වීදියට පැමිණෙන්න. -- S.H. රෝගියෙක් පරීක්ෂා කර නිවසට පැමිණි මට ෂර්ලොක් හෝම්ස් එවූ විදුලි පුවත ලැබුණේ සවස් වරුවේය. විවාහයෙන් පසු බේකර් වීදියේ නවාතැනෙන් සමුගත් මා ලන්ඩන් හංදිය අසල නිවසක බිරිඳත් සමඟ පදිංචිව සිටි බව පාඨකයන්ට මතක ඇතැයි සිතමි. එහෙත් වැදගත් පරීක්ෂණයක් ලැබුණු හැම විටෙකම එයට මා හවුල් කරගැනීමට මගේ මිත්‍රයා අමතක නොකළේ ය. දිගින් දිගටම රෝගීන් බැලීමෙන් වෙහෙසට පත්ව සිටි මම හෝම්ස් ගේ ආරාධනයෙන් මහත් සතුටට පත්වුණෙමි. එහෙයින් තේ පානයෙන් පසුව නිවසින් පිටවුණු මම හය හමාර වෙද්දී බේකර් වීදියේ අප නිවහනට පැමිණියෙමි. "සුබ සැන්දෑවක් වොට්සන්. මම දැනන් හිටියා ඔබ එන බව." හෝම්ස් පැවසුවේ ස්තුති පූර්ව හඬිනි. " එසේම වේවා හෝම්ස්. ඔබ මේ හදිස්සියේම මට කතාකළේ වැදගත් හේතුවක් නිසා විය යුතුයි." "අනිවාර්යයෙන්ම මිත්‍රයා" පැවසූ හෝම්ස් මේසය උඩ තිබුණු විදුලි පණිවුඩයක් මා අතට පත්කළේ ය. □ ඉතා වැදගත් ගැටළුවක් හිටං විසඳාගැනීමට ඔබතුමා හමුවීමට බලාපොරොත්තු වෙමි. අද සවස 7 ට බේකර් වීදියේ හිටං ඔබතුමා මුණගැසීමට බලාපොරොත්තු වෙමි. -- M.S. "ඕක මට ලැබුණෙ අද දවල්. ඒ වෙලාවෙම තමා මම ඔබටත් විදුලි පුවතක් යැව්වෙ වොට්සන්. බලන්න ඔබට මොනවද මේ ලිපියෙන් කියන්න පුලුවන් කියලා" මම ලිපිය ගෑස් ලාම්පුව අසලට අල්ලා එළිය වැඩිකර බැලුවෙමි. බාල රෝනියෝ කොළයක ලියා තිබූ ලිපිය තැපැල් කර තිබුනේ හිඟුරක්ගොඩ තැපැල් කාර්යාලයෙනි. පිරිමියෙකු ගේ අත් අකුරු බව විනා වෙනත් යමක් සොයාගැනීමට මා හට හැකියාවක් ලැබුණේ නැත. "ලිපිය ලියල තියෙන්නේ පිරිමියෙක්. ඊට වැඩි දෙයක් නම් ඕකෙන් හොයාගන්න බෑ හෝම්ස්." මා පැවසුවේ ලිපිය නැවතත් ඔහු අතට පත් කරමිනි. ලිපිය අතට ගත් මගේ මිත්‍රයා උත්තල කාචය ගෙන නැවතත් ලිපිය සියුම්ව පරීක්ෂා කළේ ය. "මේක ලියල තියෙන්නෙ සරල බෝල්පොයින්ට් පෑනකින් වොට්සන්. කොළයත් බොහොම බාල එකක්. බොහෝ වෙලාවට ලිපිය ලියූ පුද්ගලයා දුප්පතෙක්. අත්අකුරුවල ස්වභාවය අනුව එතරම් උගත් පුද්ගලයෙක් කියල කියන්න අමාරුයි." "ඔව් ඔබ කිව්වට පස්සෙ නම් මටත් පැහැදිලි වුණා." "ඔහු බොහොම කළබලෙන් ඉන්නෙ. අත් අකුරු අපැහැදිලි වීමෙන් පේන්නෙ ඒකයි." හෝම්ස් පැවසුවේ ලිපිය මේසය මතට විසිකරමිනි. " දැන් වෙලාව 7යි. මගේ අනුමානය නිවැරදි නම් ඔය එන්නේ අපි අනුග්‍රාහකයා." නිවස ඉදිරිපිට කුලීරියක් නැවැත්වූ හඬත් අමුත්තා හඩ්සන් මහත්මියගෙන් යමක් විමසන අයුරුත් යන්තමින් ඇසිණි. ඉන්පසු අමුත්තා සැහැල්ලු හඬින් තරප්පු පෙළ නැගීමට පටන් ගත්තේය. "මිනිහ සපත්තු දාල නෑ වගේ හෝම්ස්." මා පැවසුවේ විමතියට පත්වයි. "විශිෂ්ඨයි වොට්සන්. ඔබේ හැකියාව එන්න එන්නම දියුණු වෙනවා.. ඔන්න එනවා ඔහු." අමුත්තා දොරට තට්ටු කළ පසු මම දොර විවෘත කළෙමි. සුදු පැහැති ජාතික ඇඳුමෙන් සැරසී සිටි අමුත්තා ඉන්දියානු මෝස්තරයේ හැට්ටයක් ඇඳ සිටියේය. ස්වල්ප වේලාවකින් ඔහු මුහුණ වසාගෙන සිටි ආවරණය ඉවත් කළ අතර දුටු දර්ශනයෙන් ඉමහත් පුදුමයට පත්වූ අපි අමුත්තා දෙස ඇසිපිය නොහෙළා බලා සිටියෙමු. හේ අන් කවරෙකුවත් නොව මුළු මහත් යුරෝපා මහද්වීපයේම සුපතල රාජ්‍ය නායකයෙකු වූ සිරි ලංකා ජනාධිපති #හිස්_එක්සලන්සි මෛත්‍රීපාල සිරිසේන මහතාය ! --------------------------------- මුළු ලෝකයටම යහපාලනය හඳුන්වා දුන් මහ රැජිනගෙන් අත් මේස් ගලවා අතට අත ලැබීමට තරම් වාසනාවන්ත වූ ඒ විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයාට අපි හිස නමා ආචාර කළෙමු. "සුබ සැන්දෑවක් අතිගරු ජනාධිපතිතුමනි. ඔබතුමා දැකීමෙන් අප ඉතා පුදුමයට පත්වුණා. ඔබ වැන්නෙක් අප නිවහනට පැමිණීම අපට විශාල ගෞරවයක්." මමද හිසවනා හෝම්ස් ගේ අදහස අනුමත කළෙමි. "බොහොම ස්තුතී හිටං. ඔයා ෂර්ලොක් හෝම්ස්. ඒ කියන්නෙ මේ ඩොක්ට වොට්සන් වියයුතුයි." "ඔව් මැතිතුමනි." මගේ විමතිය එවිටත් පහව ගොස් තිබුනේ නැත. "මගේ හොඳම යාලුවත් දොස්තර කෙනෙක්. ඕගොල්ලො අහලත් ඇති ඩොක්ට රාජිත ගැන." සිරිසේන මහතා සිනාවෙමින් විමසුවේ මගේ මිත්‍රයාගෙනි. "අපොයි ඔව් ජනාධිපතිතුමා. ඔය කියන්නෙ දත් ගලවා නැව් ගත්තු වෛද්‍යවරයා වියයුතුයි. ඔහු මෙහෙත් බොහොම ජනප්‍රියයි." "හහා ඒක තමයි. ඒත් මං අද ආවේ ගොඩාක් වැදගත් මගේ හිතට වදදෙන ගැටලුවක් ගැන ඔබතුමාගෙන් උපදෙස් ගන්නයි හිටන්. " "ඔබතුමාගෙ කතාව මුල ඉඳලම අපට කියන්න මැතිතුමනි" හෝම්ස් පැවසුවේ අපේ සුවිශේෂී අමුත්තාට ගිනි උඳුන අසලම ආසනය ලබාදෙමිනි. "මේකයි..දැන් ඔයාල දන්නව ඇතිනෙ ජනවාරි 8 විප්ලොවය ගැන. එදා මන් මිනීමරු මැදමුලන මුර්ගයව පරාජය කරල හිටං විසාල ජයක් ලබාගත්තා. අපි රටේ පජාතන්තවාදෙ ඇතිකලා. මාජ්ජ නිදහස ඇතිකරා..සහජීවනය..." " ඔව් ඔව් ජනාධිපතිතුමනි ඒක එංගලන්තෙත් ඒ දිනවල සෑහෙන කතාබහට ලක්වුණා" හෝම්ස් පැවසීය. "ඔබතුමා මොනවද බොන්නේ? විස්කි බීර බ්‍රැන්ඩි ?" "එපා එපා...මට කහට කෝප්පයක් ගේන්න හකුරු එක්ක හිටං. අපේ ජයන්ති මැණිකේ දවල් බත් එක හිටං කෙහෙල් කොලේ ඔතලා දුන්නා" එතුමාගේ හඬ ආදරණීයය. හඩ්සන් මහත්මිය ගෙන ආ කහට කෝප්පය අතට ගත් ජන නායකයා නැවතත් කතාව ඇරඹීය. " එදා ඡන්දෙන් පැරදුණු මුර්ගයා මැදමුලන ගියේ ගුවන් හමුදාවේ හෙලිකොප්පරේකින්. මට දැනගන්න ඕන ජනතා මුදල් අවහාවිත කරල මිනිහට හෙලිකොප්ටරයක් දුන්නෙ කව්ද කියල හිටං" සිරිසේන මහතා ගේ කඩහඬන් කියවුනො ඔහු අධික ලෙස කෝපවී ඇති බවයි. "මගේ මතකය නිවැරදි නම් හෙලිකොප්ටරය දුන්නෙ ඔබතුමාමයි. රැස්වීමක ඔබතුමා එහෙම සඳහන් කරල තියනවා" හෝම්ස් පැවසුවේ දුම් වළලු අහසට පිටකරමිනි " ඒව නිකං කියන කතා...පණ්ඩිතකම් නැතුව හෙලිකොප්පරේ දුන්න එකා හොයල දෙනවා" ජනාධිපති උතුමා ගුගුළේය. "සමාවෙන්න ජනාධිපතිතුමනි. මට අවශ්‍ය උනේ සියළු තොරතුරු දැනගැනීම පමණයි. දැන් මේකට ඔබතුමා කාවද සැක කරන්නේ ? " "ඔව් ඔව් අරකා තමා මට සැක. අර අගමැතිකාරයා...ඕක #ලුකාරයා. මට ගේම දෙන්න තමා ඌ ඉන්නේ හිටං" සිරිසේන මහතා අත් මිට මොලවා හාන්සි පුටුවට පහර දුන්නේය. " මේක මම ස්කොට්ලන්ඩ්යාඩ් එකටත් දැනුම් දුන්නා හිටං. ඇතන්ලි ජෝන්ස් කියල පොලිස්කාරයෙක් තමයි පරීක්ෂණය බාර ගත්තේ. මිනිහ මේ ගැන හොයන්න අද උදේ මූදමුලනට පිටත් උනා. හැබැයි ඕකත් ඇලෝසියස් ගෙන් සල්ලි ගත්තු එකෙක් ද දන්නෑ." "අපෝ නැහැ ජනාධිපතිතුමා...ස්කොට්ලන්ඩ්යාඩ් නිළධාරීන් එතරම් දක්ෂ නැති එක ඇත්තයි. ඒත් ඔවුන් අවංක නිළධාරීන්." ලොවක් දිනූ නායකයෙක් ඉදිරියේ පවා තම රට හෑල්ලුවට පත්වනු හෝම්ස් නොරිස්සුවේ ය. "එහෙනං හෝම්ස් මහත්තයො මේක මට විසඳලා දෙන්න ඕන. ඔබතුමාගෙ ගාස්තුව ඩඩ්ලි මල්ලි චෙක් එකකින් ගෙවයි." "මේක මුලදි සංකීර්ණයි වගේ පෙනුනට දැන් නම් එච්චර අමාරුවක් නෑ වගෙයි පේන්නේ. මේක විසඳීම මම බාරගන්නවා" "ලොකු දෙයක් හෝම්ස් මහත්තයා. මේකෙන් මන් හරි පීඩනයට පත්වෙලා ඉන්නේ හිටං. දන්නවනෙ මීඩියා කාරයන්ගෙ හැටි. උන් ඉන්නෙ මාවම කන්න බලාගෙන. අනික පේස්බුක් කොලුගැටව්. උන් හිටං මාව කනවා දොස්තර මහත්තයා" එතුමාගේ වදන් අසා මමත් කම්පාවට පත්වුනෙමි. තමන්ගේ ජනාධිපතිතුමාට මෙතරම් අපහාස කරන්නට ලාංකිකයන් කෙතරම් සැහැසි විය යුතුද ! ------------------------------ "එහෙනං ජනාධිපතිතුමනි අපි පරීක්ෂණය පටන් ගමු. ගැටළුව විසඳන්න මට එක්තරා ග්රන්ථයක් උවමනා වෙනවා. එය ලන්ඩන් නගරයෙන් සොයාගත යුතුයි" "ඔබතුමා මාත් එක්කම ලංකාවට යන්න එන්නෙ නැද්ද හිටං ? මේක විසඳන්න නම් මහින්දය හම්බෙලා ඕකගෙන් ප්‍රශ්න කරන්න ඕන නේද ? අම්මප මන් ඔය මුර්ගයව පාරක් පාරක් ගානේ ඇවිද්දනවා හිටං" ජනාධිපතිතමා කෝපයෙන් රතුවිය. "මම හිතන්නෙ ලංකාවට යන්න ඕන වෙන එකක් නෑ. ලන්ඩන් නගරයේදිම මේක විසඳමු" හෝම්ස් පැවසුවේ බලාපොරොත්තු සහගත බැල්මෙනි. නිවසින් පිටවී පහලට ආ අප ජනාධිපතිතුමා පැමිණි රථයට නැග්ගෙමු. කුලියාපිටියේ නිශ්පාදිත වොක්ස්වැගන් වර්ගයේ රෝද හතරේ රථයක් වූ එහි අප තිදෙනාට පහසුවෙන් ගමන් කළ හැකිවිය රථය පිටත්වූ පසු මම කල්පනා කිරීමට පටන් ගත්තෙමි. මගේ මිත්‍රයා පැවසූ අන්දමට ඔහු ලන්ඩන් නගරය තුළදීම මෙම අබිරහස විසඳන බව ජනාධිපතිතුමාට පොරොන්දු වී තිබේ. ලෝක බලවතුන්ට පවා අභියෝග කළ මේ අසහාය නායකයා වටා ඇති අබිරහස විසඳීමට හෝම්ස් සමත්වේද ? සිරිසේන මහතාට නොදන්වා ගුවනින් ගමේ ගිය මැදමුලන ගං කබරයා කෙරෙහි මට ඇතිවුණේ පිළිකුලකි. අප රැගත් රථය බේකර් වීදියෙන් ඔක්ස්ෆඩ් වීදියට හරවා ටික වේලාවකින් රථය නවත්වන ලෙස හෝම්ස් අණකළේ ය. එතනින් බැසගත් අපි ඇතුල්වුණේ ලන්ඩන් මහජන පුස්තකාලයටයි. කියවීම් ශාලාවේ සිටි පාසල් දරුවන් ජනාධිපති තාත්තා ග්‍රන්ථය කියවමින් සිටිනු සිරිසේන මහතා බලා සිටියේ ආඩම්බරයෙනි. ඉහළ මහලට පිවිසුණු අප දුටුවේ දින 100 න් අළුත් රටක් පොත් පිංච කියවමින් සිටි සරසවි සිසුන් පිරිසකි. "ඔබ දන්නවද හෝම්ස්..ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන්ට ඔය පොත අනිවාර්ය කරල තියනවා." "ඇත්තෙන්ම ඔය පොත ලිව්ව ලේඛකයා හොයාගන්න පහුගිය ටිකේ ලෙස්ට්රේඩ්ල පවා උත්සාහ කළා. මගේ අනුමානය ඔය පොතට මේ සැරේ නොබෙල් තෑග්ග ලැබෙනවා වොට්සන් ." ජනාධිපතිතුමා ඇස කරකවා හෝම්ස් දෙස බැලුවා විනා වචනයක් හෝ පිටකළේ නැත. පොත් රාක්කයක් අසල නැවතුනු හෝම්ස් එහි උඩම තිබූ පොත අතට ගත්තේය. සිරි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව "මෙන්න තියනවා මට අවශ්‍ය පොත. මට විනාඩි 10 ක් දෙන්න මහත්වරුනි." පැවසූ මගේ මිත්‍රයා විනාඩි කිහිපයක් පොත පෙරළා බැලීය. "ගැටළුව විසඳුවා ජනාධිපතිතුමනි." හෝම්ස් පැවසුවේ සිරිසේන මහතා දෙසට හැරෙමිනි. එය ඇසෙත්ම මාද ඉමහත් පුදුමයට පත්වුවා කිවහොත් නිවැරදිය. "ඔබ නම් පුදුමාකාර දක්ෂයෙක් හෝම්ස් මහත්තයා. ලංකාවට නොගිහින් මේ ගැටලුව විසඳුවේ කොහොමද? " "ඇත්තෙන්ම මෙතනදි මට ලංකාවට යන්න උවමනාවක් තිබුනෙ නැහැ. විසඳුම තිබුනේ මේ පොතේ බව මා මුල සිටම අනුමාන කළා ! " හෝම්ස් පැවසුවේ ජයග්‍රාහී ලීලාවෙනි. "ඉතින් ෂර්ලොක් හෝම්ස් මහත්තය තාම කිව්වෙ නෑනේ අර මහින්දයට ගමේ යන්න හෙලිකොප්ටරේ දීල තියෙන්නෙ කව්ද කියල හිටං. අර රනිල නේද ? " "නෑ නෑ මෙතන තියෙන්නෙ එහෙම දෙයක් නෙමෙයි" " ඔය ප්ලේන් එක දුන්න එකාව මන් පාරක් පාරක් ගානෙ ඇවිද්දවනවා මේ සැරේ...කියන්න කව්ද ඕක දුන්න එකා ?" ජනාධිපතිතුමා කෝපයෙන් පවසද්දී මම පසෙකට වූවෙමි. " මේකයි ජනාධිපතිතුමනි...ඇත්තටම මහින්දට ප්ලේන් එකක් කව්රුත් දුන්නෙ නෑ." " මොකා...ක්" "හරියට ඔබතුමාගේ දින 100 පොත ලිව්ව කෙනෙක් නෑ වගේ" හෝම්ස් මා දෙස බලමින් ඉඟිමැරීය. ආසියාවේ මහා බලවතා ගේ උදහසට ලක්වීමට අකමැති වූ මම බිම බලා ගතිමි.. " මේ තියෙන්නෙ සිරි ලංකා පජාතන්තවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව." මේකට අනුව නව ජනාධිපතිවරයෙක් දිව්රුම් දෙන තෙක් බලය ඇත්තේ හිටපු ජනාධිපතිවරයාටම යි ! ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාට මැදමුලන යාමට කාගෙන් හෝ යානයක් ඉල්ලීමට අවශ්‍ය වන්නේ නැහැ. ඔහුට කෙලින්ම හෙලිකොප්ටරයක් ලබා දෙන ලෙස ගුවන් හමුදාවට දැනුම් දිය හැකියි. වී ඇත්තේ එයයි ජනාධිපතිතුමනි." මාගේ මිත්‍රයා සිය දීර්ඝ පැහැදිලි කිරීම අවසන් කළේය. "විශිෂ්ඨයි හෝම්ස්. මට නම් මුල ඉඳලම කිසි දෙයක් තේරුම් ගන්න බැරුවයි හිටියේ. මමත් හිතුවේ අපට මැදමුලනට යන්න වෙයි කියලා....ඕහ්...හෝම්ස් කෝ අපේ ජනාධිපතිතුමා? " "ඒක එච්චර ගණන් ගන්න එපා වොට්සන්. එතුමා හෙමීට ලිස්සල යන්න ඇති. කොහොමත් අමරබංදු තුමා ඕවට දක්ෂයි නේ" හෝම්ස් පැවසුවේ සිනාසෙමිනි. "ඒක නෙමයි මගේ මිත්‍රයා... අද වික්ටෝරියා රංග ශාලාවෙ තියනවා ජිප්සීස්ලගේ සංගීත ප්‍රසංගයක්. ප්‍රවීණ සංගීතවේදී සුනිල් පෙරේරා අද සැන්දෑව වර්ණවත් කරන්නට වේදිකාවට පිවිසෙන්නේ කාන්තාවක් ද සමගයි. ඔබත් කැමති නිසා මම ටිකට්පත් දෙකක් ම වෙන් කරවා ගත්තා වොට්සන් " ෂර්ලොක් හොම්ස් කුලීරියකට අත දැමීය.... Source FB [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom