ගුවන් විදුලි සංස්ථාව ඉස්ලාම් අන්තවාදයේ ත

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ගුවන් විදුලි සංස්ථාව ඉස්ලාම් අන්තවාදයේ ත

    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඉස්ලාම් අන්තවාදයේ තොටිල්ලක් – බොදු බල සේනාව ජනපතිට ලියයි

    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තුල දැනට වසර කිහිපයකට පෙර සිට මුස්ලිම් අන්තවාදීන් විසින් වහාබ් වාදය ප්‍රවර්ධනය කිරීම කරගෙන යනු බව ‘බොදු බල සේනා’ සංවිධානය පවසයි.

    ISIS පන්නයේ මානසිකත්වයක් මුස්ලිම් ජනතාව හා විශේෂයෙන් තරුණයින් හා කාන්තාවන් ඉලක්ක කර ප්‍රවර්ධනය කිරීම කාලයක සිට මෙම රජයේ ගුවන් විදුලිය විසින් සිදු කරනු බව ‘බොදු බල සේනා’ සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී, කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා විසින් ජනාධිපතිවරයා වෙත ඊයේ (11) දින යොමුකළ ලිපියක දැක්වේ.

    මේ සඳහා විදේශ ආධාර ලබා ගනු ලබන ඉස්ලාමික සංවිධාන පිටුපස සිටින අතර එක්තරා මුස්ලිම් කතක්ද මෙහිදී පුරෝගාමීව කටයුතු කරනු බවත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී හිටපු සභාපති හඩ්සන් සමරසිංහ මහතාට තර්ජනය කරමින් බියගන්වා සිය අන්තවාදී වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමට ඔවුන් සමත්වූ බවත් එහි සඳහන්වේ.

    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මුස්ලිම් අන්තවාදයේ තොටිල්ලක් …

    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තුල දැනට වසර කිහිපයකට පෙර සිට මුස්ලිම් අන්තවාදීන් විසින් වහාබ් වාදය ප්‍රවර්ධනය කිරීම කරගෙන යනු ලබයි. ISIS පන්නයේ මානසිකත්වයක් මුස්ලිම් ජනතාව හා විශේෂයෙන් තරුණයින් හා කාන්තාවන් ඉලක්ක කර ප්‍රවර්ධනය කිරීම කාලයක සිට මෙම රජයේ ගුවන් විදුලිය විසින් සිදු කරනු ලබයි.

    මේ සඳහා විදේශ ආධාර ලබා ගනු ලබන ඉස්ලාමික සංවිධාන පිටුපස සිටින අතර එක්තරා මුස්ලිම් කතක්ද මෙහිදී පුරෝගාමීව කටයුතු කරනු ලබයි.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී හිටපු සභාපති හඩ්සන් සිල්වා මහතාට තර්ජනය කරමින් බියගන්වා සිය අන්තවාදී වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමට ඔවුන් සමත් විය.

    මේ පිලිබඳ මුලින්ම හෙලිදරව් කරනු ලැබුයේ 2013 දී බොදු බල සේනා සංවිධානය විසිනි. 2013 මුල්භාගයේදී හිටපු ජනාධිපතිවරයා හමු වූ විට මේ ගැන පැමිණිලි කල අතර එහිදී මුලින් එවැන්නකට ඉඩ නොමැති බව ප්‍රකාශ කලද , හිටපු සභාපතිවරයා කැඳවා විමසීමේදී මුස්ලිම් පිරිස් වල තර්ජන හමුවේ එසේ ඔවුන්ට ඉඩ දී නිහඬ වීමට සිදු වූ බව පිළිගන්නා ලදී.

    මේ වන විට තත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතින අතර මේ තත්වය තවදුරටත් ඉදිරියට පැවතුනහොත් මේ වන විට යම් පමණකට විවෘත මනසකින් හා නිදහස්ව කටයුතු කරන මුස්ලිම් පිරිස් මුස්ලිම් වහාබ් වාදයේ ගොදුරු බවට පත් වීමත්, ISIS පන්නයේ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය වීමත් වැලැක්වීම අතිශය දුෂ්කර වනු ඇත.
    13882584_832483713518435_3466435017746123886_n.jpg

    මුස්ලිම් නොවන බහුතර පිරිසකගේ බදු මුදලින් නඩත්තු වන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මෙලෙස ඉස්ලාමික න්තවාදීන්ගේ ප්‍රචාරක නාලිකාවක් වීම ගැන අපගේ අතිශය කණගාටුව හා විරෝධය පලකරනු ලබන අතර මෙම තත්වය නැවත්වීම උදෙසා අදාළ ඇමතිවරුන්, ගුවන් විදුලියේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ට උපදෙස් ලබා දෙන ලෙසත්. පසුගිය කාලය තුල කරන ලද මෙම ප්‍රවර්ධන කටයුතු, ඒවාට සම්බන්ධ වූ දේශකයින් හා පිරිස් ISIS වැනි ත්‍රස්ත සංවිධාන සමග ඇති සම්බන්දය හා ඔවුන්ට ආධාර දෙනු ලබන දේශීය හා විදේශීය සංවිධාන පිලිබඳ සොයා බැලීමට පොලිස්පතිවරයා ඇතුළු අදාළ බලධාරීන් දැනුවත් කරන ලෙසත් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

    උපුටා ගැනීම - http://www.colombotoday.com
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,488
    8,683
    113
    රූකඩ රාජ්ජේ
    මුන් වගේ සල්ලි වලට , බලයට අම්මා උනත් ඩීල් කරන කාලකන්නි බල්ලො වගේ මෑරෙන්න ඕන.
     

    Similar threads